Wednesday, June 11, 2014

මෝචරියක වැඩ කිරීමට සුදුසුකම් ඇත.

කොහොම හරි නිකම වගේ නිකාං ඉන්න කොට ඉදලා හිටලා හරි මොනවා හරි ලියලා යන්ටෙපැයි.
පටන් ගන්න කලින් තවත් දෙයක් මතක් උනා.. දවසක් මයෙ යාළුවෙක් මට කියපු කතාවක්.. මිනිහා මගෙන් ඇහැවා ඇයි උබ දැන් බ්ලොග් එක ලියන්නැත්තෙ කියාලා. මයෙ "වෙලාවක් නෑ බං සහ කම්මැලී" කියන උත්තරේට මිනිහාගෙ ප්‍රතිඋත්තරේ උනේ "අනේ නිකන් පලයං බං. පඩයක් ගියත් පේස් බුක් එකේ ස්ටේටස් අප්ඩේට් කරනවා. බ්ලොග් ලියන්න වෙලාවක් නෑ?" කියන එක... ඇත්තම කියනවනං පේස් බුක් ස්ටේටස් එකකුයි බ්ලොග් පෝස්ට් එකකුයි අතරේ ලොකූවෙනසක් තියෙනවා.. බ්ලොග් පොස්ට් එකක් උනාම හරවත්, නැනවත් හොඳ මං කලින් ලියපුවා වගේ ගුණාත්මක බාවයෙන් යුතු වෙන්ඩ ඔනෑ.. හා නැද්ද..
කොහ්මින් හරි ඒ කතාව ඉවරයි..

ඕං මෙට්ටේ අස්සේ කැරපොත්තො වගයක් බෝවෙලා නිසා පොඩ්ඩක් අස්පස් කරන්ඩ හිතාගෙන ඇඳ යට තියෙන බඩු ටික අදිද්දි පැන්සල් පෙට්ටියක් හම්බුනා.

මං පොඩිම කාලෙන් පස්සෙ 6, 7, පන්තිවලට එනකොට පැන්සල් පෙට්ටි පාච්චිය නැවැත්තුවා. අන්තිමටම පාවිච්චි කලේ ටයිටෙනික් නැව ඇඳලා තියෙන තට්ටු දෙකේ නිල්පාට පැන්සල් පෙට්ටියක්. එකත් 5 වසරටත් කලිං. පස්සෙ 5, 6 පන්ති වලදි අම්මා මහලා දුන්න "පෙන්සිල් කේස්" තමා ඉස්කොලෙ ගෙනිච්චේ.. පස්සෙ 7 පන්තියට එනකොට යෞවනෝදයත් එක්කලා  වටේ පිටේ ඉන්න එවුන් විහිළුකරන්න ගත්තා ගෑණු පර්ස් පාවිච්ච් කරනවා කියලා.. ඒක තමයි මං ඉස්කොලෙට "පෑන් පැන්සල් රදවන ආදාරකයක්"  ගෙනිච්ච අවසානය. (පස්සෙ වරින් වර කව කටු පෙට්ටි අනම් මනං වයෙ ගෙනිච්චට එවා වැඩි කාලයක් තිබුනෙ නෑ.) පෙට්ටි ගැන කතා කලේ අද අස්පස් කරද්දි හම්බුන පෙට්ටිය මං පාවිච්චි කරපු එකක් නොවන නිසා.. :D

අපේ ඉස්කෝලේ ළමයි ගහනය වගේ දෙගුණයක් කාක්කෝ ඉන්නවා.. ඒ වගේ දෙගුනයක් මීයෝ ඉන්නවා. කොළඹ තදාසන්න ප්‍රදේශයක තියෙන හැම ඉස්කොලේකම තත්වය ඕක වෙන්නැති මට හිතෙනේ..

කොහොම හරි අපි ඉස්කොලෙට ඇතුල් වුනායින් පස්සේ මීයන්ගේ මළ කුණු කියන්නෙ එච්චර දුර්ලඹ දර්සනයක් නෙවෙයි අපිට. :D ඒත් දවසක් 7 හරි  8 හරි පන්තියෙ ඉන්දිද්දි මගේ ඇහැ ගැටුනා ලස්සන මී කුණක්. :D ඇත්තම කියනවන්ම් ඌ මොන හේතුවක් නිසාද කියන්න බෑ (සමහර විට පෑගිලා වෙන්ටැති) ඌ කරෝල වෙලා.. අර හූණො ජනේලේට තියලා තදකරාම වගේ ඇට සැකිල්ල ඉතිරි වෙන විදියට ඌ චප්ප වෙලා මමී කරණය වෙලා. මට තාමත් ඒකේ ලස්සන ඇස් පියාගත්තාම හිතේ මවාගත්තෑකි.  ඉතින් මට ඔනෑ උනා මූව ගෙදර එක්කරගෙන යන්ඩ. ඒ වෙලාවෙ හැටියට වෙන හිතට අදහසක් ආවේත් නෑ. ටග්ගලා මීයව අරගෙන පන්තියට ගියා. ඇත්තම කියනවනම් ග්‍රවුන්ඩ් එකේ දි තිබ්බ ප්‍රස්සන භාවය ඌව පන්තියට අරන් යනවත් එක්කම නැති උනා. පන්තියට යන පඩිපෙළ නගින්න නගින්න ගඳ වැඩි උනා.. ග්‍රවුන්ඩ් එකේ විවෘත අවකාසෙ ගඳ හොදට පැතිරිලා ගියාට පංතිය ඇතුලෙ එහෙම පැතිරිලා තුනීවෙලා යන්ඩ ඉඩක් නැති නිසා වෙන්ටැති. කොහොඅ හරි මට ආයෙ විසික් කරන්නත් හිත දුන්නෑ. මං කලේ ඌව පොඩ්ඩකට පැත්තකින් තියලා අල්ලපු පන්තියෙ මේසයක් උඩ තිබ්බ පැන්සල් පෙට්ටියක පෑන් පැන්සල් ටික හලලා ඒ පෙට්ටියට මීයව දාල බෑග් එකට දාපු එක. එතනින් පස්සෙ සාමකාමීව පාසල් වැඩ නිම උනා.

ඊගාවට ඉතිං වෑන් එකේ ගෙදර එන වෙලාව.. මටත් ඉතින් නිකා ඉන්න බැරි කමට අර පංසල් පෙට්ටිය එලියට ගත්තා..
මුලින්ම පෙට්ටිය උස්සපු එක මාට්ටු.. අල්ලපු පංතියෙහිටියට වෑන් එකෙ මගෙත් එක්ක ම හිටපු එකාගෙයි පැන්සල් පෙට්ටිය. :D
අරූ පෙට්ටිය ඉල්ලුවාම මං මීයාව අතට අරන් පෙට්ටිය ඌට දුන්නා.. මිනිහා තොම තියා ගනින් කියලා අයෙ මට පෙට්ටිය දුන්නා.. කොහොම උනාත් ඒත් එක්කම වෑන් අංකල් මහ සද්දෙන් බෙරිහන් දෙන්න ගත්තාමයි මට මතක් උනේ, පන්තිකාමරේට වඩා වෑන් එක ගොඩක් පුන්චී කියලා..  මුලු වෑන් එක ඇතුලම එකම ගන්දස්කාරයයි.. :3


https://www.flickr.com/photos/33572408@N00/8598700057/
https://www.flickr.com/photos/33572408@N00/8598700057


ප.ව.
වෑන් කාරයා බනිද්දි මෝචර්යක වැඩකරන්ඩද ආසා කියලා ඇහුවා මතකයි.. අර එදා අරූ එපා කියපු පෙට්ටිය තමයි අද මට ඇඳ යට තිබිලා හමුබුනේ.. ^_^

සැ. යු.
මං කැමරාවක් ගත්තු දවසකට මේක ඇතුලු අනික් පොස්ට් වලටත් ඇත්ත පින්තුර දානං. එතකං ඉන්ඩ බැරි එකක් ඉන්නවනම් කැමරාවක් අරදියං. ඇයි යකෝ මුන් චුල්ලසෙට්‌ටි ජාතකේ මී කුණ විකුණලා පොහොසත් වුනා කියද්දි ආනේ සාදු කියනවා. අපි දෙයක් ලිවාම තමා මුන්ට පොටො ඔනෑ. මේ බලව කැමරාව තිබ්බ කාලෙ ලිව පොස්ට්.! (ටු දෙමල 'න' යන්නා, නලීන් අයියා)

Thursday, May 8, 2014

දකුණ තියෙන්නෙ ලංකාවේ නෙවේ ලංකාවෙ අතන...

ඔන්න මිත්‍ර වරුනි පොරොන්දු විච්ච විදියටම මං ආවා.. වෙසක් ළඟ ළඟ එන හන්දා ඒකටත් ලෑස්ති වෙන්ට තියේ.

පහු ගිය ටිකේ මං දැක්ක ඔය බුකි පැත්තෙ ඉද්දි ඉහත නමට සමාන නමක් තියෙන පේජ් කෑල්ලක්. ඒත් එක ගැන නෙවෙ පොස්ට් එක ලියන්නෙ. ඒත් එක නිසා තමයි මට අද කියනවා වගේ කාරණා ටිකක් හිතුණේ.

විනෝදෙටත් එක්ක අදාළ පේජ් එක පොඩ්ඩක් බලමුකො..

ඉස්සර රේඩියො එකට ලිවුන් දැම්මා. (ඉස්සරම ටෙලි ග්‍රෑම් වගේ එව්වා පාවිච්චි කරාද දන්නෑ.) පස්සෙ පෝන් එක පොදු පරිහරන්යට ආවායින් පස්සෙ ලිවුන් පොස්කාඩ් ටික ටික පැත්තකට යන කොට රේඩියො ටිවි වල වැඩසටහන් වලට පොන් කෝල් දෙන සිස්ටම් එකක් ආවා.. දැන් දැන් ෆේස් බුක් එකෙන් එව්වාට අදහස් දක්වන අතරේ ලියුං පොස්ට් කාඩ් වලට විච්ච දෙයක් නෑ...
ටිවි රේඩියො උදාහරණෙට ගත්තෙ මේ දවස්වල පේස්බුක් එකෙත් හොඳ ජනප්‍රිය මාතෘකාවක් හන්දා.
කොහොම හරි පේස් බුක් කියන එක දැන් මිනිසුන්ගේ මේවා එකක් නේ.. ඒ අතරින් පේජ් ගෲප් එහෙම ගත්තාම යුදමය වටිනාකමක් හිටං තියෙනවා..

දැන් මං කලින් කිව්ව පේජ් එකේ නම ගැන කියනවනම් මට මතක "දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි ලංකාවෙ පුකේ" කියලායි... ඒත් ලංකාවෙ හරියටම පුක හරියෙ තියෙන්නෙ හම්බන්තොට වගේ. ඔව් මාගම්පුර අර කැට ඇරිලා වගේ තියෙන්නෙ ගුද මාර්ගෙ වගේ හරිය. එතකොට ගාල්ල හරිය තියෙන්නෙ ඉස්සරහට වෙන්න... මුත්‍ර මාර්ගය හරිය විවෘත වෙන්නෙ ඒ හරියෙන්.

අදාළ පේජ් එකේ අන්තර්ගතය බැලුවාමත් ඒ නමට හොඳට ගැල පෙනවා. ඇතුළෙ තියෙන එව්වා හරියට මොනාද කියලා දාන්න මං අද ඒ පේජ් එක හෙව්වා මට ඒක හොයාගන්න නම් බැරුව ගියා.. කොහොම හරි ඕකේ තිබ්බා ඔය කවුද අපේ මහින්ද මමා වගේ ශ්‍රේෂඨ පාලකයෝ එහෙන් බිහි උනාය කියලා.. බලන්න ඒ කතාව කොච්චර හරිද කියලා. ඒ වගේ නායකයො බිහි වෙන්නෙ එහෙන් තමයි.. මොකද කියනවනම් අපේ ලංකාව හාන්සි වෙලා නෙවේනෙ ඉන්නේ හිටගෙන.. ඉතින් ඔක්කොම සාරය බහින්නෙ පල්ලෙහාට. එකනේ අර ලංකාවෙ යට හරිය හොඳ පෘෂ්ටිමත්ව වැඩිලා තියෙන්නේ.

ඒ පේජ් කෑල්ල ගැන කිව්වා හොදටම වැඩී. එහෙනම් ප්‍රස්තාවනාව දැන් අපි ඇත්ත කතාව දිහාට හැරෙමුකෝ.

කියවන ඔබ ලියන මම ඇතුලුව අපි හැමොම මොකක් හරි බෙදුම් වාදියො. හෝව්.. කැති මන්නා ගන්නෙපා සේපෙ හිතලා බලන්න. අපි හැම තිස්සෙම බලනවා මොන විදියකින් හරි බෙදෙන්න.. හැබැයි ඒකත් හෙන ආතල් සහ ගත වැඩක්...

මම දැක්ක උදාහරණ ටිකක් කියන්නම්,
දැන් ඔන්න අලියෙක් ගහක් පෙරළලා කඩලා දානවා. මනුස්සේක් ගහක් කපනවා..
ම්ම් කුරුල්ලෙක් ගහක කූඩුවක් හදනවා. මනුස්සෙක් කොහෙ හරි ගෙයක් හදනවා..
අලියෙක් පෙරළන ගහයි කුරුල්ලෙක් හදන කූඩුවයි ස්වාභාවිකයි. මනුස්සෙක් කපන ගහයි හදන ගේයි කෘතීමයි. මනුෂයා කියන්නෙත් මනසෙන් උසස් සතෙක් නම් ඌ කරන වැඩ කෘතිම වෙලා අනික් එව්වා ස්වාභාවික වෙන්නයි හේතුව මොකද්ද. මිනිස්සු ගාව තියෙන බෙදුන්වාදය නැත්තන් වෙන මොකද්ද.
මං කියන්න ගියෙ එහෙමයි කියලා අපි ගස්කපන එක හොදයි කියලා නෙවෙ... එතන තියෙන බෙදුන්වාදේ නැත්තන් එක්කො අපිත් තාම ගෙවල් නැතුව කූඩු හදනවා. :D

දැන් ගොඩක් ප්‍රසිද්ද සීං එකක් ගැන බලමු.
ජාතිවාදේ. මිනිස්සු තමන්ගේ ජාතිය හොඳම එකයි කියලා කියලා බෙදෙනවා.. තමන්ට හොදම එක නෙවෙයිනම් තමන් තව දුරටත් ඒ ජාතිකයෙක් විදියට ඉන්නෑනේ.
ඔය අතරෙ ජාතිවාදෙ එපයි කියලා කට්ටියක් කෑගහනවා. හොදට බැලුවොත් ඒගොල්ලොත් බෙදිලා.

මේක නිකනක් පොකුරු බෝම්බයක් වගේ.. නැත්තන් ඡේදන කුලක, තුල්‍ය කුලක, කුලක මේලය ඔය වගේ සිය දහස් ගනන් කුලක ජාතිවලට බෙදිලා බෙදිලා දයනවා මේ බෙදුන් වාදයක්..

ජාති වාදී ආගම්වාදී, (ගොඩක් වෙලාවට මේ දෙකම එකකට එකක් උපකුලක) සර්වාගමික,  රාජපක්ෂ වාදී, රාජපක්ෂවිරෝදී, යූඇම්පී, වාමාන්ශික, එතකොට හේතුවාදි, නලීන් වාදී දකුණු වාදි කොළබ වාදි, ග්‍රාමීය, නාගරික, උගත් නූගත්.... ඔහොම ඔහොම ඇදිලා යනකොට...



නන්දාමාලනීට උමාරා එක්ක හැරෙන්න පුලුවන් බැරි, නර්ස්ලාට සූතිකා පුහුනුව දෙන්ඩ ඔනෑ එපා ඔය වගේ බෙදුම් ටිකකුත් තියෙනවා...

ප.ව.
දැන් මං පොඩ්ඩක් මඩෙන් එලියට ආපු නෙළුම වගේ එලියෙ ඉදන් පොස්ට් එක ලිව්වාට ඔය අතරින් පතර මඩ ගෑවුන තැන් එහෙමත් ඇති.. කොහොම කරත් අපේ අභිමතය මත අර උඩ කියපු ලයිස්තුවෙන් කැමති කැමති බෙදීම් ටිකක් කැමති ප්‍රමාණෙන් අරගෙන හොඳ සංකලනයක් කරලා පට්ට වාදියෙක් වෙන්න පුළුවන්.

ප.ප.ව.
දකුණ ගැන ගොඩක් ගොඩක් දේවල් වර්ණනා කළ හන්දා අනික් පැතිවල කට්ටිය තරහා ගන්නෙපා.. මං ඉතින් එහෙම කිව්වෙ අපේ ඥාති හිතාදින් ගොඩක් ඒ පැත්තෙ ඉන්න නිසා..නැතුව මගේ ගම අමතක වෙලා නෙවේ. අපි ඉන්නෙ ලංකාවෙ අක්මාව හරියෙනේ. :D මං කිව්වනේ මාත් අර ඉහත ලයිස්තුවෙන් කෑලි කෑලි අරන් හදාගත්තු පට්ට වාදියෙක්..
------------------------------------------------

ප්‍රේක්ෂක ප්‍රතිචාර හා පසුව මතක් වුන කරුණු අනුව ඉහත බෙදුම් ලයිස්තුවට එක් කර යුතු වෙනත් බෙදුම්,

ඕපන් සෝස් වාදී-කෝකත් එකයි වාදී, බොලිවුඩ් වාදි, හොලිඋඩ් වාදී,
PMC ඔනෑ කියන කට්ටිය එපා කියන කට්ටිය, කැසිනෝ හරි ශෝක්,
එතකොට ගනිකා වෘතිය නීති ගත කරන්ට ඔනෑ/එපා
බ්ලා බ්ලා..  (2014.05.10)





Saturday, April 26, 2014

පොස්ට් එකක් නෙවේ!

කලින් මාස 4කින් පහකින් මුණ ගැහෙමු කිවට ඔන්න අද තමයි එන්ට පුලුවන් උනේ. ඒකත් පොස්ටුවක් දන්ට නෙවේ.. නිකන් ඉන්නවා කියලා මතක් කරලා යන්න. :D

මෙහෙම එකක් දාන්ට ලොකුම හෙතුව, අහවල් අවුරුදු උත්සවේදි "I AM A BLOGGER" කියලා ටී ශර්ට් එකක් ඇඳන් ඉද්දි එකියෙක් ඇවිත් පිටට ගහලා ඇහුවා මල්ලි ඔයා ඔහොම ලියං හිටියට අන්තිමට බ්ලොග් එක අප්ඩේට් කලේ කවද්ද කියලා... කවුරුත් එහෙම හිතන්න හරි නෑනේ.. වෙලාවක් තියෙන වෙලාවට අපි ඇවිත් මේ වගේ හරවත් නැනවත් ගුණාත්මක පල දායී පොස්ට් එකක් දෙයියනේ කියලා දාලා යනවා... නැද්ද!

ප. ව.
හෙට අනිද්දට මීට වඩා දිග එකක් දානවා හොඳේ! 

Friday, March 7, 2014

නිවසෙදීම සජීවීව duck hunt ගහන්න | නවනිපයුමක්

මට කොහොමත් මෙ කෘමි සත්තුත් එක්කලා එකාලෙ ඉදන් පොඩි තරහක් තිබා! කලින් පාර නව නිපැයුමත් මදුරුවන් මර්දනය කරන්න හදපු එකක්නේ!.. :D

මෙදාපාර ඊටවඩා සැහෙන්න වැඩි දියුනු වුන නව නිපයයුමක්... කාලෙකට කලින් හොයාගත්තට තක-හනියක් අදම ලියන්න හිතුන හේතුවත් කියලා ඉන්නම්කො... 

පොඩි කාලෙ මන්දපොසනෙට මට ත්‍රිපොසා කන්න දිලා තාමත් එව්වා නැතුවම බෑ.. ඔන්න හැමදාම උදේට ත්‍රිපොසා කකා කොම්පියුටරෙ ඉදිද්දි කිබොඩ් එක උඩට එහෙම සිනි ඇට පොල් කුඩු කෑලි ත්‍රිපොස කැලි එහෙම වැටෙන්නෑ කියන්නම බෑනේ... :D මිටකලින් දවසකත් ඔහොම වැටිලා එව්වා කන්න ආපු රතු කූබි කලා යන්නෙ නැතුව කීබෝඩ් එක ඇතුලෙම ජනාවසා හදාගෙන සැර ගේමක් දිලා එවුන්ව එලෝ  ගත්තෙ.. ඇයි අවුරුදු කොච්චරක්ද පදිංචිය තහවුරු කරාම සින්නකරවම ලියොගන්න පුලුවනේ! එවුන් කිබොඩ් එකෙ බොත්තන් ඇතුලු පැත්තෙ බිත්තරත් දාලා! එවා අයින් කළේ ඉරටු කෑල්ලකින්... කොහොම හරි එදා එහෙම එලොලා දැම්මා.. මෙන්න අද බලද්දි ආයෙමත් ලට්ට ලොට්ට අරගෙන ඇවිත් ආයෙ පැල පදියම් වෙලා.. මෙව්වා කාට කියන්නද.. ඔහොම ඉද්දි කල්පනා උනෙ ජිවකට උනත් හොද කරන්න බැරි කර්ම රෝග කියලා ජාතියක් තිබ්බ විත්තිය.. 

ඇත්තටම මෙක මං පෙර කර කරුමයක් වෙන්නැති කියලා හිත හිත ඉද්දි ඔන්න මට මතක් වෙනවා කාලෙකට කලින් මම හොයාගත්තු අද කියන්න යන නව නිපැයුම... 

මෙ නවනිපැයුම හිතුනෙ මෙහෙමයි.

දවසක් කොමඩ් එකෙ ඉදගෙන වැඩෙ කරද්දි මෙන්න අර ඇරලා තිබ්බ පැන්ලයිට් එකෙන් කොහෙදො යන අසම්ජ්ජාති මැස්සෙක් ඇතුලට ඇවිත් එහෙ මෙහෙ පියාඹනවා.. මං ඉතින් ක්‍රියෙටුවු මිනිහනේ... මැස්සා දැක්ක ගමන් හිතෙ කොළ පාට බලුප් එක පත්තු උනා! කොමඩ් එකෙ ඉදලා අතෙ දුරින් එයර්ෆ්‍රෙශ්නර් එක තියෙන්නේ... එක ගත්තා අතට. ඔන්න තරගෙට නිතියකුත් දාගත්තා.. කොමඩ් එකෙන් නැකිටින්නැතුව වෙඩි තියන්න ඔනෑ කියලා.. නැතුව මැස්සට අසාදාරනයිනේ.. වෙඩි තියනවා කිව්වෙ එයර්ෆ්රෙශ්නර් ඉහිනවට හොදේ.. අර වටෙටම ඉහෙන පැත්තට නොසල් එක හදලා ඔන්න මං මැස්සට ඉලක්ක කරලා වෙඩි තියනවා.. :D ඔහොම ඔහොම වෙඩි 5ක් 6ක් තියද්දි මැස්සා බිමට වැටුනා.. ඔන්න ඔහොම වැසිකිළිය තුලදි තමයි මගෙ නව නිපැයුමට අඩි තාලම වැටුනේ..  


ඔන්න හෝදගෙන කරගෙන එලියට ඇවිල්ලා කල්පනා කරද්දි මට මතක් උනේ ඩක් හන්ට් ගේම් එක.. අර චුටි කාලේ ටිවි එකට ගහලා තාරාවන්ට වෙඩි තියන්නේ. ඉතිං ඉස්සර මං ඔක ගහද්දි තාත්ත බනිනවා මොනාද ඔය පවුකාර වැඩ කියලා.. මං එක ඇත්තටම ගැහුවෙ ගෙම් එකට තිබ්බ ආසාවටමත් නෙවේ.. මට හෙන අවුලකට තිබ්බෙ කොහොමද එලියෙ ඉදන් වෙඩි තිබ්බාම විදුරුව හරහා ගිහින් තාරවට වදින්නෙ කියලා.. එත් තාත්තා තුවක්කුව කියන්නෙ ළමා මනස මෙව්වා කරන සෙල්ලන් බඩුවක් නිසා එක හන්ගලා තිබ්බා.. -_- 

කොහොම හරි ඒ ඇරියස් එකටමද මං දන්නෑ මම ලයිවු ඩක් හන්ට් ගේම් එකක් හැදුවා.. 

අපෙ අල්ලපු ගෙදර හතු වගාවක් තියෙනවා... එකෙ අයින් කරන ද්‍රව්‍ය විධිමත් ආකරයට බැහැර කරන නිසා අපෙ ගෙදර මුදුලෙ එක කෙළවරක මැස්සො හෙන බහුලයි... කොහොමින් හරි අවශ්‍ය ද්‍රව්‍ය ගෙදරින් සපයගෙන ඒ මුල්ලට ගේම් එක ගහන්න තියෙන්නෙ දැන්.. අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියනවනම්, හෙයර්ස්පේරෙ එකක්. ( ආදේශකයක් විදියට නිකන් ස්ප්‍රේ මැශින් එකකට තිනර්, ටර්වන්ටයින් බ්ලා බ්ලා බ්ලා ඇවිලෙන ද්‍රවයක් දාලා හදාගන්න පුලුවන්. කොහොම උනත් වැඩෙ පිළිවලට කරගන්නනම් සීල් ටයිප් ස්ප්‍රේ එකක් ගන්න එක තමයි හොද.. wd-40ක් උනත් කමක් නෑ.) ලාන්පුවක් හෝ ලයිටරයක් වගෙ දෙයක්.. අර මම හදපු ලයිටරෙ වගෙ එකක් බෑ. 

ඉතින් කරන්න තියෙන්නෙ මැස්සො ගහන තැනට ගිහින් ලාම්පුව පත්තු කරලා එකට ස්ප්‍රේ එක අල්ලන එක මැස්සන්ට ඒම් කරලා.. :) ඉලක්කෙ හරිනම් කිසි කතාවක් නෑ මැස්ස බිම! *මැස්සො ගහන තැන කිව්වෙ බහුල ප්‍රදේශය කියන අර්ථයෙන් හොදේ!
ඔන්න ඔකයි නිපැයුම. කොම වෙතත් ඔය කරපුවා දැන් පඩිසම් දෙනවා කියලා තමයි දැන් හිතෙන්නේ...


ප.ව.
පවු වැඩ රස කර කර කියැවිමෙන් ඔබත් එම පවම අනුමොදන් වූ වගයි.. ආයෙත් මාසා 4කින් 5කින් හම්බෙමු.. (y)  

Tuesday, December 17, 2013

ගෙදරදීම ලයිටරයක් සදාගන්නේ මෙහෙමයි..

වෙනදා වගේ නෙවෙයි ඕන් ඉඔක්මනටම ඊලඟ පොස්ටුවත් අරගෙන ආවා... නාකිවෙලාවත්දෝ කියලා හිතුනාට තාම අත්දැකීම් කියලා තියෙන්නෙ ඒලෙවල් ඕලෙවල් කාලෙ අත්දැකීම් විතරයි... එවගෙනුත් බහුතරයක් කියන්නෙ ඔක්කොම වගෙ ඉස්කොලෙදි හම්බුවිච්චා...


මෙහෙම ඉන්න කොට එක පාට්ට හිනත් යනවා කරපුවා මතක් වෙලා... ගිය අවුරුද්දෙ  මුල හරියෙ කාරිය තිබ්බා ඉස්කොලෙ මෙව්වා අභිමන් කියලා එක්සිබිශන් එකක්.. උත්සවස්‍රීයෙන් හෙන යජට එහෙම කෙරුවා... ඔයිකට තමයි මං අර කේවලව "මදුරු මර්ධණයට නව නිපැයුමක්" ඉදිරිපත් කළේ.

ප්‍රදර්ශනේ තිබුනු සතියෙ විතරක් නෙවෙයි ඊට මාසෙකට කලින් විතර ඉදලා නයිට් ගහලා නොසෑහෙන්න අපි මහන්සි උනා.. ඔය අතරෙ ඉතිං අපිත් බොන කන මිනිස්සු විච්චි අපිටම කියලා දෙයක් කරගත්තෙ නැත්තෙමත් නෑ!

අපෙ පන්තියේ උන්ගෙන් වැඩකරපු සෙට් එකෙන් මම විතරයි කියමුකො ඒවගෙ වැඩවලට හිටියේ... :3

කොහොම උනත් අපෙ පන්තියෙ උන්ට තිබ්බා හෙන..ම අමධ්‍යප අමාරුවක්... මං අර දවසක් කිව්වෙ බෝඩ් කෑල්ලි ඉදන් එල්ලලා තියෙනවායි කියලා පන්තියේ. ඉතිං ඔන්න ඔහොම නයිට් ගහද්දි එහෙම මම පන්තියෙ උන්ට හොරා ඈක්කා වැඩ නොකරේම නෑ...

අපේ සෙට් එකේ ප්‍රබල සාමාජිකයෙක් තමයි මයෙ හොදම මිත්‍රයා.. මිනිහා දැන් නැති උනාට මිනිහා කරලා ගිය වැඩ මිනිහව අමතක වෙන්න දෙන්නෙම නෑ. කොහොම උනත් ඌත් හෙන අමධ්‍යපයා.. මයෙ වැඩ වලට සෑහෙන්න අකුල් හෙලනවා.

කොහොම හරි දවසක් රෑ මං දාගෙන ලයිටරේ හොයනවා... එකෙක්වත් සද්ද නෑ.. පන්තියෙ අහලකවත් ගිනි පෙට්ටියක් නෑ. මටත් දැන් හෙන බර අවුල...

වයරින් වැඩ සදහා විමසන්න!
ටික වෙලාවක් කල්පනා කොරන කොට මට වැඩේ තේරුනා.. අපෙ මිත්‍රයා ලයිටරේට වැඩේ දීලා කියලා.. පන්තියෙ කිප දෙනෙක්ට කරන්ට් එක වදින කෑල්ලකින් ආතල් දෙනවත් මම හවස් වරුවෙ දැක්කා.. :D

ඔය අතරෙ තමයි මයෙ මොලෙට ක්‍රියෙටිවු අයිඩියර් එකක් ආවේ... කට්ටිය අතේ තියෙන එකෙන් මොළේ තරම පේනවා කියලා කිව්වාට තාම මයෙ මොළේ කුරොල්ලු වෙලා නැති නිස්සා එහෙන් මෙහෙන් ක්‍රියෙටිවු අයිඩියාස් එනවා..


කොහොමත් පන්තියෙ ඉලෙට්‍රික්‍ බාස් මම! :D
ගත්තා තිනර් පොගොලා අත පිහ පිහ උන්නු රෙදි කැල්ල.. ගැහුවා ප්ලග් එකට මල්ටි මීටරේ ප්‍රොබ් දෙකේ ජැක් දෙක... රෙදිකෑල්ල බිම තියලා ප්‍රොබ් දෙක එකට ගෑව්වා විතරයි මෙන්න ගින්දර! 



ප.ව..
තාම මොළේ නං පොඩ්ඩක්වත් කුරවල්ලු වෙලා නැති උනාට  ඒවා මේවා පානය සෞක්‍යට අහිත කරයි කියලා කියන්නෙ කට කහනවට නෙවෙයිනේ.. :)

මල්ටි මිටරේ ප්‍රොබ්ස් කියන්නෙ මෙව්වට

Friday, December 13, 2013

RIP ඉංගිරීසි...

යක්කු ගස් නගින්නටත් කිට්ටු වෙන වෙලාවේ නිදි මතක් තැපෑලෙවත් එන්නැති හංදා මේ පැත්ත මතක් උනා.. :3

 හර බර එව්වා තේරෙන්නැති එව්වා අර කතා මේකතා නානාක්ප්‍රකාරේ කතා ලියද්දි අතරින් පතර සුවිට් මෙමරියක් බෙදා හදා ගන්න කොටත් පොඩි ගතියක් තියෙනවා නෙවැ.. :D අනික ඉතිං කිවන උන්දගෙ ඉදන් ලියන උන්ද වෙනකන් කොයි කවුරුත් කැමතිනෙ ඔය මසබාල්දි හෝදන්න!

දැන් කතාවට බහිමු ඔන්න... අර කතාවට කියනවනේ ඕලෙවල් කාලෙ තමයි සුංදරම කාලෙ කියලා.. මටනම් ඉතිං ඉදපු හැම කාලයක්ම සුදරයි.. :D කොහොමින් හරි මෙ ඔලෙවල් කාලෙ විච්ච ස්ටෝරියක්..

බ්ලොග් පොස්ට් කීපයකම කාරිය මං මයෙ කඩ්ඩෙ මුවහත් බාවය ගැන කියලා ඇතිනේ.. කොටින්ම කියනවන්ම් මගෙ ඉංගිරිසි දැනුම 0යි.. :D කොව්වා කොහොම උනත් අනිත් විශයන් කෑලි ටික යන්තන් ගැටගහන් හිටියා ඒ දවස් වල... ඒ දවස් වල අපේ සෙට් එකේ අපි ශ්‍රම විභජනයක් කරන් තමයි උන්නේ.. ඒ කියන්නෙ මොකක් හරි පන්තියෙ වැඩක් හදන්න දුන්නාම අපේ පුලුවන් එකා කරලා අනික් උන් එක්ක ශෙයර් කරගන්නවා... ඕක ඉතිං දැන් ප්‍රාථමික පංතියේ ඉදං ළමයි කරන දෙයක්නේ..

ඔන්න අපේ සෙට් එකේ හිට්යා මාර බුවෙක්.. මිනිහට කඩ්ඩ නතින්... අනික් එව්වා නැත්තටම නතින්... :3 කොහොමද කියනවනම් මිනිහාගෙ පහු කාලීන ඔලෙවල් රිසාල්ට් එක A එකයි Fවා අටයි... A එක කඩ්ඩට. ඉංග්‍රීසි වලට  A එකක් තිබ්බාට මහා ප්‍රාග්ඥයෙක් නෙවෙයි වෙන්නැති! ඒත් කොහොමින් හරි කඩ්ඩ මටවඩා සෑහෙන්න මුවහත්...

ඕන් දවසක් දා ඉංග්‍රීසි පාඩම...

ඉංවිටේශන් කාඩ් ගැන කියලා දෙනවා... මාත් ඉතිං ටීචර් කියන එව්වා අතරින් පතර අහන් ඉන්නවා... කොහොම හරි ඔය අතරින් පතර කන වැකුනා "පැමිණීම දන්වන්න" ද "එන්නැත්තන් කියන්නද" කොහෙද අන්තිමට ලියනවා වෙනුවට ලියන කෙටි යෙදුමක් ගැන.. කෙටි යෙදුම මට ඇහුනට ඔලුවට ගියේ නෑ අර වාක්‍ය කෑල්ල විතරයි මතක හිට්ටේ...
ඔන්න අපිට ඉන්විටේශන් එකක් හදන්න අපිට ටීචර් පැවරුවයි කියමුකෝ.. මං ලොවෙත් පොත් පෙන්නනේ නෑ ඒත් ඉතින් නිකන් ආතල් එකට වගෙ ඉංවිටේශන් එකක් හැදුවා පොතේ.. :D අර මගෙ කඩ්ඩ පුළුවන් මිතුරු තෙමේ ගෙන් උදවු අරගෙන! ඇත්තටම මම කලේ ඌ ලියන එක එබි එබි බල බලා මාත් ලිවීමයි.. යමක් කමක් තේරෙන ක්‍රීයෙටිවු මෙව්වා එක දාලා වාක්‍ය සෙන්ටර් කරලා බෝල්ට් කරලා ඉටලික් කරලා පාට පෑන් වලින් ලියලා උගේ එකම නව මුද්‍රණයක් ලෙස එලි දක්කොපු එක...

අන්තිමේදි අරූට වඩා ටිකක් වෙනස් වෙන්නත් එපැයි කියලා අර "පැමිණිම දන්වන්න" කියලා ලියන කෙටි යෙදුමත් දාන්න හිතුවා.. එක දන්නෙ නැති නිසා අරූගෙන්ම අහගෙන දැම්මයි කියමුකෝ...

ඔන්න ඉතින් දැන් මාත් කියො කියො විකාර කර කර කර ඉන්නවා.. මව පොඩ්ඩක් මැඩම් ට නෝට්ද කොහෙද.. මයෙ වොලිවුම් කොන්ට්‍රෝල් එකත් සෑහෙන්න අවුල්නේ.. එහෙමයි කියලා කියවිල්ල නවත්තන එකක් යෑ! ඔන්න මැඩම් පුළුටු මූණ දාගෙන මයෙ ලඟට ආවා... වැඩේ ඉවරද ඇහැව්වා.. මාත් ඉතිං කිංඩි හිනාවක් දාලා පොත දුන්නා.. :D මෙන්න ගෑණි මූණ පුක කරගෙන පොත විසික් කරා කියාහංකෝ...

කනින් අල්ලලා පොඩ්ඩක් හෙලෙව්වා..  එයාගෙන් මං පහුකාලිනවා ගුටිත් කාලා තියෙන නිසා දැන් කනෙන් ඇල්ලිල එච්චර ගානක් නෑ! :D

මං ඒ පීරියඩ් එක ඉවර වෙනකන් අරූගෙන් මොකො උනේ අහන්න බලන් හිටියෙ, මාව ඉස්සරහට ගත්තු නිසා... නැතුව කතා කරන්න බයකට නෙවෙයි... ඕන් පීරියඩ් එක ඉවර උනත් හරි පන්තියෙම හූ එකයි.. :D අනික් ඔක්කොම ළමයි මයෙ පොත ඇහිදන් කියො කියො එකිනෙකට පාස් කරනවා.. අර ඉස්සර අපි වැල මගසින් පාස් කරනවා වගේ :D

පහු පහු වෙනකොට වැටහුනේ අරූ ආතල් එකටත් එක්ක ඉන්විටේශන් එක හදනවා කියලා හදලා තියෙන්නේ ඉංග්‍රීසි වැල පත්‍රීකාවක්.. ඒ මදිවට අන්තිමේදි අර අහපු පැමිණීම දන්වන්න කියන එකට මොකද්ද කියන්නෙ කියලා උගෙන් ඇහුවාම ඌ ජොගියට කියලා තියෙන්නේ RSVP වෙනුවට RIP කියලා!



ප.ව.

කොටින්ම කියනවනම් මං මේ මෑතක තමයි ඉංග්‍රීසියෙන් Paul ලියන්න ඉගන ගත්තෙත්.. ඉතිං මයෙ කඩුවෙ මුවහත ආයෙ කියන්න ඔනෑ නෑනේ... අනික ඔලෙවල් වලින් පස්සෙ ඒලෙවල් වලදි ඉංගිරිසි පිරියඩ් එකක ඉන්නවා තියා ඒ මැඩම් මාව අදුරන්නෙවත් නැති ගානට (කොටින්ම කියනවනම් ඉදලා හිටලා පන්තියට ගියාම යන්න කියනවා අල්ලපු පන්තියෙ කියලා හිතලා) ඉංග්‍රිසි විශයෙන් ඈත් වෙලා උන්නු නිසා දැන් ඒ කාලෙ තරන්වත් දැනුමක් නෑ.. :3 ආයෙ මුල ඉදං පටන් ගන්න ඔනේ -_-


ප.ප.ව.

මට මේ කියපු පොත මෑතකදි හම්බුනා.. ඒලෙවල් ඉවර කරලා ඒ පොත් ටික රාක්ක ගත කරද්දි ඒ රාක්කවල අහුමුළුවල තිබ්බ ඕලෙවල් පොත් අයින් කරද්දි තමයි හම්බුනේ.. කැරපොතු බෙටි වලින් හොදටම ජරාජීරනය වෙලා තිබ්බ පොතේ ඒ ඉන්විටේශන් එක පොටො එකක් ගත්තෙම බ්ලොග් එකට දානවයි කියලා.. අවාසනාවන්තලෙස පොත විසික් කරා.. පොන් එකේ තියෙන නිසා.. පෝන් එක මේ ඊයෙ පෙරෙදා නැති වෙලා නෙව.. :3 මට දුක ඒම සුවිට් මෙමරියක් නැත්තටම නැති වෙලා ගිය එක..





Sunday, December 8, 2013

දෙකෙලැවරවල් මැදින් තව කෙලැවරවල් තියෙනවද?

ඒලෙවල් ලියනකන් උන්නේ ඉවර කරලා බ්ලොග් ලියනවා... අරවා කරනවා මේවා කරනවා කියලා. අන්තිමේ ඒලෙවලුත් ඉවරයි. ක්ලාස් ගිහිල්ලත් ඉවරයි. ඒත් ලියපු බ්ලොග් පොස්ට් එකකුත් නෑ කරපු අරකකුත් නෑ කරපු මේකකුත් නෑ! ගෙදෙට්ටම නාකි උනා කියලත් හිතෙනවා...

කොහොමින් හරි තටමලා තටමලා කාලෙ කන්න ක්‍රමයක් නැතිම තැන තමයි මේ දිහාවට අවිත් මේ පෝස්ටුව ලියන්නේ.. ලිව්වට මොකද මේක වෙනදා ලියන හැමොම ආසකරන කැටගරිවලට අයිති පොස්ට් එකක් නෙවෙයි.. කොටින්ම කියනවනම් බෝරින් ටොපික් එකක් ගැන ලියන්නේ.. ඒත් මේ දවස් ටිකේම හිතේ කැකෑරි කැකෑරි තිබුණු ටොපික් එකක් තමයි මේක...



මට මේක මතක්වුණේ නිවාඩු කාලේ ඇවටාර් ටිවි සෝ එක බලද්දි... ඇත්තටම එක කාර්ටූන් එකක් උනාට මොකො මොළේ නිවුරෝනයක් නිවුරෝනයක් ගානෙම හිතන්න වටින කාරණා එහෙමත් තියෙනවා. යින්-යැන්ග් සංකල්පය ගැන එහෙම :D  

යින් යැන්ග් කිව්වාම ඉතින් ඔනම කෙනෙක්ට කියන්න පුළුවන් කළු - සූදු කියලා... ඒත් ඒකේ ගැබුරට ගියොත් අපිට පේනවා කළුපාට තීරුව ඇතුළේ සුදු පාට තිතකුයි සුදු පාට තීරුව ඇතුළේ කළු පාට තිතකුයි තියෙනවා. හැමතිස්සෙම වගේ අපි කළුපාටින් කියන්නේ නරක, ඈක්කා, චීය, දුක, කළුවර බ්ලා බ්ලා බ්ලා වගේ එව්වනේ.. එතකොට සුදු පාටින් කියන්නේ හොඳ, ආලොකය අනම් මනම්...
යින් යැන්ග් එකේදි කියවෙන්නෙ ඇත්තටම ඈක්කා, චීයා ඔය අතරින් හොද කියන එකත් සුදුපාට මැද්දෙන් කළුපාටත් ටිකක් හරි මුසු වෙලා තියෙනවයි කියලා වගේ සංකල්පයක්...
එතනින් එහාට ගියාම තවත් කියන්න පුලුවන් ඒ යින් යැන්ග් රවුම හැදෙන්න කළු සහ සුදු දෙකම ඔනෑ! ඒකත් කලින් කිව්ව උපමේය වලට ආදේශ කරගන්ට...

ඔය මං කිව්වෙ සම්පූර්ණ වචයෙන් මගේ හිතේ ඇඳුණු කරුණු ටික! කොටින්ම කියනවනම් යින් යෑන්ග් කියන චයිනිස් වචන දෙකේ තේරුන් වත් මං දන්නෑ. ඒක නිසා ඔය රවුම හදපු උදවිය ඕකට දුන්නු තේරුම මං කිව්වාට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්.. ඒක නිසා ඒ කිව්ව ටිකෙ වැරැද්දැක් තිබ්බොත් දන්න කෙනෙක්ට නිවැරැදි කරන්න බාරයි!

ඒත් මෙච්චර වෙනකන් අපි කතා කරේ කෙළවරවල් දෙකක් ගැන නේ.. අපි සමාන්‍යයෙන් කතා කොරද්දි එහෙම නිතරම කෙළවරවල් දෙකක් ගැන තමයි කතා කරන්නේ.. උදාහරණෙකට කිව්වොත් සැප- දුක, කළු- සුදු, එළිය- අඳුර.... ඕම ඕම නානාප්‍රකාරෙ මතෘකා ගැන කෙළවරවල් දෙකක් තියලා අපි කතා කරනවා... අපි කිව්වෙ මම ඇතුළුව හැමොම වගේ දන්නවා ඔය දෙක අතර මැද තවත් සංක්‍රාණ්ති තියෙන විත්තිය!
හරියට වැස්ස වෙලාවට අඳුරුයි. ඒත් රෑට ඊට වඩා අඳුරුයි. රෑට වහිනවනම් අමාවකනම් ඊටත් වඩා අඳුරුයි... ඔහොම ඔහොම අඳුරේ ප්‍රබේද තියෙනවා.. ඒළියෙත් එහෙම්මමයි... ඔය වගේ තමයි මේ ලෝකෙ තියෙන ගොඩක් වා මායිම් ලකුණු කරන්න බැ මහේක්ෂිය වියට බැලලා. ඒකට කමක් නෑ ඉතින් අපිට දැනට ඒ මකේක්ෂිය අන්වීක්ෂීය කතන්දර වැඩක් නෑ!

දැන් පොඩ්ඩක් තර්ක ශාත්‍රය පැත්තට හැරුනොත් අපිට හම්බෙනවා තර්ක ක්‍රම කිහිපයක්... ද්වීකෝටික තර්ක ක්‍රමය, ත්‍රිකෝටික තර්ක ක්‍රමය, චතුර්කොටික තර්ක ක්‍රමය. (ත්‍රිකොටික කියලා එකක් නම් ඇත්තටම තියෙද දන්නෑ.. මං හැදුවේ ) ද්විකොටික තර්ක තමයි ගොඩක් වෙලාවට පවිච්චි වෙන්නෙ අපි අතරෙ.. ඔව් නම් ඔව් නැත්තන් නෑ, සිං නම් සිං දොං නම් දොං ඔය වගේ.. ඒක සරළව පැහැදිළි කරන්න පුළුවන්... චතුර්කොටික් තර්ක ක්‍රමය නම් එහෙම සරළව විස්තර කරන්න අමාරුයි.. කාලෙකට කලින් ඔය එක එක පොස්ට් දාද්දි මං අඩවන් කරපු දුරක් ගැන එහෙම කතා කලා මතකද?
මෙහෙමයි. අඩවන් කරපු දොරක් තියෙනවා.. දැන් දොර ඇරලාද.. නෑ. ඒත් දොර වහලත් නෑ.. ගොඩක් කට්ටිය පාවිච්චි කරාට උඩ කියපු ද්වීකෝටික තර්ක කරමයෙන් මෙව්වට උත්තර දෙන්න බෑ! ඒවගෙ වෙලාවකට යන්න වෙනවා චතුර්කෝටික තර්ක ක්‍රමයට!
දොර ඇරලා ඇත.
දොර වසා ඇත.
දොර ඇරලා සහ වහලා ඇත.
දොර ඇරලවත් වහලවත් නැත. 
මුල් කාලෙ මාත් නිතරම හිතුවෙ අන්තිමට කියලා තියෙන කරුණු දෙකම එකයි කියලා. ඒකයි මං අර උඩින් ත්‍රීකොටික කියලා එකක් මංම හදාගත්තා කියලා කිව්වේ... ඒත් තවට් ටිකක් පතුලට හිතුවොත් ඔප්ශන්ස් 4ක්ම තියෙනවා කියලා පේනවා. පෙනුනට මොකො ඒක තේරුම් ගන්න සහ තේරුම් කරන්න හෙනම අමාරුයි... අපිට එහෙම උනාට ඒදවස් වල මුවා පස්සෙ ගිය දේවානම් පිය තිස්ස රජ්ජුරුවොනම් ඒක සුටුස් ගාලා තේරුම් අරන් තියෙනවා... මිහිදු හාමුදුරුවන්ගේ අඹ ප්‍රස්නය නෑදෑ ප්‍රශ්ණය ඔය ඔක්කොම කොන් තුනද 4ද කෙසේ වෙතත් ද්වීකොටිකයෙන් එහාට ගිය එව්වා...

ඇත්තටම අපි තාමත් පාවිච්චි කරණ නීතිය හැම දෙයක්ම වගේ ද්විකොටික තර්කය පදනම් විච්චා.. මේ 21 සියවස.. කියන්න ඔනෑ උනේ   අපිත් එකමත් එක කාලෙක් ඔයිට වඩා දිවුණු තර්ක ක්‍රම පාවිච්චි කාලා තියෙනවයි කියලා.. :3

ප.ව.
කොහොමින් හරි අන්තිමට පුරුදු විදියට මං වන්සේකබල්ගාන තැනට ආව... අඹ ප්‍රශ්ණය නෑදෑ ප්‍රශ්ණය එව්වා අමුතුවෙන් කියන්න ඔනෑනේ හැමදාම කාලීන බණට හාමුදුරුවො කියන්නෙ ඕකනේ.. :D

අවසාන වශයෙන් යිං යැං වන්දනා කරුවන්ගෙන් මං ප්‍රශ්ණයක් අහන්නම්...

කළුසුදු හැර වෙනත් පාටවල් තිබේද? :)

Monday, September 30, 2013

HRM පොත් තියෙනවද?

මේක ඇවිල්ලා කෙටි කතාවක්.. පරිසමාප්ත මෙව්වා එකෙන්ම කෙටියි!

කලින් බුෆෙයාර් කතාවටම අල්ලලා ලියන්න තිබ්බට මට අමතක වෙලා. මං හිතන් හිටියෙ බුක්ෆෙයාර් එකෙ දි සිද්ද විච්ච රසම කෑල්ල මං මුලින්ම ලියන්නටැති කියාලා... කොහොමින් හරි මඟ ඇරුනු කෑල්ල කියලා ඉන්නම්කො!

ඕන් අපි බුක්ෆෙයාර් එකේ වැඩ. කලින් කිව්වත් වගේ පට්ටන් ගහපු කරත්ත රෝද දැකලාම මෙව්වා වෙලා හිටියේ...

ඔය අතරෙ මං පුරුදු උනා දන්නැති පොතක් ගැන ඇහැව්වාම උනත් ඒක දන්නෑ කියන්නැතුව පොර ටෝකක් දෙන්න.

ඒලෙවල් මැත්ස් බයෝ කරන උන්, රශියන් ට්‍රාන්ස්ලේට් හොයපු උන්, එහෙන් ගියාම අට්ටකතා, ටීකා ටිප්පටි වගෙ පොත් හොයපු උන් තමයි මගේ ප්‍රධාන ඉලක්කය උනේ... ඒලෙවල් පොත් හොයපු කට්ටියව කෙලින්ම යැව්වේ සරසවි, ගොඩගේ වගේ එව්වට! රශියන් එව්වා හොයපු කට්ටියව යැව්වා රුසියාව ප්‍රකාශන එකටයි B එකෙ තිබ්බ කොමියුනිස්ට් පාර්ටි එකෙ ස්ටොල් එකටයි.(අපේ ස්ටොල් එකෙත් දැදිගම රොද්‍රිගූගෙ එහෙම පොත් තිබ්බා... එත් රුසියානු පොත් හොයන් ආපු මිනිස්සුන්ව හරවල යැව්වෙ එතන වැඩකරපු අපිට 50%ටවඩා අඩුකරලා පොත් දෙන්න බෑකිව්ව එකට! :3 ) අට්ටකථා අනම් මනම් හොයපු වයෝවෘද කට්ටියව සමයවර්ධන එකටයි කුණ්සේන එකටයි යැව්වා!

ඔයවගෙ හරඹ දක්වන්න බුක්ෆෙයාර් පටන් අරන් දවසක් දෙකක් ගියා.. මොකද අපිත් බුක්ෆෙයර් එකෙ එහෙමෙහෙ ඩිංගක් ඇවිදලා බැලුවාමනෙ අනික් ස්ටොල් ගැන අවබෝදයක් ලැබ්බෙන්නේ...

ඒලෙවල් පොත් වලනම් ලියපු මෑන්ගෙ නම කිව්වම මොකද්ද විශය මොකද්ද පොත කියලා කියන්න පොඩි අවබොදයක් තිබ්බා! රශියන් ට්‍රන්ස්ලෙට්වලටත් එහෙම්මමයි... අහලා නැති නමක් උනත් නම ඇහුනාම මෙහෙ වෙන්නැති කියලා හිතාගන්න පුලුවන්නේ...සිංහල හර බැර පොත්, එව්වයෙ කතෘ වරු ගැන නම් ලොකු අවබොදයක් තිබ්බෙ නෑ.

ඕං සූ ගාලා සෙනග!

මැක්සිම් ගෝර්කි?
                -අරහේ
එනිඩ් බ්...
                -මෙහේ
ඔන්න ඔහොම අරයගෙ මෙයාගෙ පොත් තියෙන්නෙ කොහෙද කියලා අහනවා... මාත් ඉතින් අරහෙ මෙහෙ කියලා උත්තර දෙනව. ඔය අතරෙ ඉතිං කන්නිමහර සුමංගල හාමුදුරුවන්ගෙ, ඩෙස්මන් මොරිස් උන්නැහේගෙ පොත් ගැන එහෙම අහපු උදවියත් නොහිටියෙම නෑ! එවගෙ කට්ටියටනම් අරහෙ මෙහෙ කියලා කියන්නැතුව සාක්කුවෙ දාන් හිටපු මැප් එකෙන් තියෙන තැන පෙන්නලත් දුන්නා.. ඉගන ගන්න උදවියට අපි උදවු කරන්න එපෑය!


ඔය අතරෙ ලස්සන මිස් අක්කා කෙනෙක් මගෙන් අහනවා

එක්ස්කියුස් මී. HRM පොත් තියෙනවද?

කොටිංම කියනවනම් මං හෙන සමීකරනෙකට එන්ටර් වෙලයි හිට්යේ...

මං- අනේ එයාගෙ පොත් නම් නෑනෙ මිස්...
මිස් අක්කා- හි.. හි... මං කිව්වෙ හිවුමන් රිසෝස් මැනේජ්මන්ට් බුක්ස්...
මට කට උත්තර නැති උනා!

මට තියෙන තරහා මේකි එතනින් නවතින්නැතුව,
හෙන අමාරුවෙන් සිංහල අමුණ අමුණ 'මානව...සම්පත් කළමනා...කරණය!' කියලා කියාපු එකට...

පව.
එක අතකට මගෙ වැරැද්ද.. මගෙ නෙවෙයි.. මං හදාගත්තු සමීකරනේ වැරැද්ද.
පොතෙ නම කියලා අහන කට්ටියට ඒවිදිඅයට උත්තර දුන්නා
කතෲගෙ නම කියලා අහන උන්ට, දන්න එකෙක්නම් ඒවිදියට උත්තරදුන්නා.
දන්නැති සිංහල නමක් නම් අදාල සබ්ජෙක්ට් එක අහගත්තා. ඉංග්‍රිසිනම් එයාගෙ පොත් නෑ කියලා හරෝලා යැව්වා..
මගෙ සමීකරනෙ ඇතුලෙ කෙටියෙදුම් කියලා එකක් තිබ්බෙ නෑනේ!

Tuesday, September 24, 2013

මර දූවරු වගෙද බුක්ෆෙයාර් එක!

රෙස්ට් කරනවා කියාපු සතිය ඉවරායි... දැන් ඉතින් සුපුරුදු විදියට වැඩේ පටාන් ගමු...

ඒලෙවල් ඉවර කරලා ට්‍රිප් ගියා! රස්තියාදු ගැහුව්වා... ඔක්කොමත් කාරිය ඉවර කරලා ටෙම්පරි ජොබ් කට්ටකුත් කරා... බුක් ෆෙයාර් එකේ සේල්ස් වැඩක්... 
සේල්ස් කිව්වාට සේල්ස් ඇර අනික් හැම දෙයක්ම කරා... පොත් ඇද්ද. බැනර් එල්ලුවා. ලයිට් දැම්මා... අතුගෑවා.. ඔයිට අමතරවා බිල් ගහන උන් කන්ට ගියාම බිලුත් දැම්ම... සේල්ස් ඇරෙන්න කියාල කිව්වෙ මේකයි... 
කස්ටමස්ලා අහන ප්‍රශ්න සහ මගේ පිළිතුරු

-අහවල් පොත තියෙනවද? 
           නෑ සාර්.. සරසවි එකෙ බැලුවෙ නැද්ද?
-මේව්වා ගැන පොත් නැද්ද?
           නෑ මිස් ගුණසේන එකේ බලන්ට.
-පුතා මේ පොත දෙන්න.
           ම්ම්ම් සර් අපි සුරස නෙවෙයි. අකුරු පැටලිලා... :)

ඔය අතරෙ...
-අයියෙ මේ පොත් කොහෙද තියෙන්නෙ?
           [පැණි හිනාවක් දාලා] අනේ නංගියො අපි ඒලෙවල් පොත් නම් කරන්නෙ නෑනේ... ;)

ඒත් ඉතින් ඔය එකියෙක්වත් අපිව පඩේකට ගනන් ගත්තෙ නෑ..... මොකද ඉතින් අපි සේල්ස්ලානේ.. එයාලා කස්ටමර් නොනලයි මහත්තුරුයිනේ... :D

කොහොමින් කොහොමින් හරි අපි පොත් නොවික්කෙමත් නෑ...

ඇන්ටි පාරක්- මේ රේන්ද පොත් නැද්ද?
           මිස් රේන්ද පොත්නං නෑ... ම්ම්ම් ලස්සන වැසිලිස්සා දෙන්නද.. :P
එනවා මෙතන ඒයි මේයි ගාන්ට!

නානාප්‍රකාරෙ සිද්දි අතරෙ හොඳම සිද්දිය ඒකමත් නෙවේ.. ඒ කලින් කියපු ඇන්ටි පාර ඇතුලු ඇන්ටි, අක්කා, නංගි, ආච්චි ආදි කන්තා පාරවල් ගැනයි කියන්ට තියෙන්නෙ...


පෝය දවසෙ පංසලකට යන්නැතුව කරත්ත රෝදෙට පට්ටම ගැහුව්වා වගේ ඇඳන් එනවා කාරිය... එහෙන් සැම්න් ටින් එක වගේ හිර වෙනවා... මර දූවරු ආවත් ඉවසන්නම්. ඒත් මෙව්වා! අයි දෙයියනෙ අපිත් මස්-මාළු කනවනේ....

ප.ව.

බුක් ෆෙයාර් එකෙන් විච්ච හොදම දේ කාලයක් තිස්සෙ හොයාපු 'නිරුවත් ගැහැණිය' හම්බුනා.
තව එකක්...

 ජිවිතෙට කරපු පළවෙනි රස්සව සහ පළවෙනි පඬිය... :D

Sunday, August 18, 2013

පටාන් ගන්නයි යන්නේ...

හප්පෙ මාස තුනකින් විතර ඩශ්බෝඩ් එක දැක්කේ... බල්ලෝ පූසො කැත කරපුව අහක් කරලා යතා තවෙකට ගන්නත් එපැයි....

ඕන් දැන් පටන් ගන්න යන්නෙ අයෙත් මේක...

සතියක් විතර රෙස්ට් කරලා මොනා හරි ලියන්නම්කො කාරිය...

මෙහෙම පෝස්ටුවක් දැම්මේ මැරිලා නෑ කියලා කියන්ට හොදේ.. :D

Sunday, April 14, 2013

පංසලත් බලං ගියාම ලොකු Souvenir එකක් නෙව...

දෙයියො වගෙ ඉන්න බ්ලොග් කෑල්ලට එන්න විදිය දැක්කාම මං පංසල් යන විදිය ගැනත් අමුතුවෙන් කියන්ට ඔනෑ නෑනේ.. කාලෙක්ට කලින් පංසල් ගිහින් කතාන්දරයක් ලිව්වා නෙව.. අද වෙනින් කතාවක්...


මට අද පංසලේ ඉන්නගමන් හිතුනේ ඊකත් ගොඩාරියක් ලොකු සොනියර් එකක් වගේය කියලයි.. 

දැන් බලන්ට අපි ඩේ එකක් කාරිය කරන්ට ගියාම ගහන සුවනියර් එකක්... 
 Inner back තියෙනවා, front back තියෙනවා, Color page, color half වගෙම b/w එව්වත් තියෙනවා...


දැන් බලන්ටකො පංසලකට ගියාම..

අසූ මහා ශ්‍රාවකයො ඉන්නවා.. අටවිසි බුදු ගොල්ලො ඉන්නවා පහන් වැටවල් තියෙනවා එක එක එව්වා.. හරියට නිකන් සුවනියර් එකක ඇඩ්වර්ටිස්මන්ට් වගේ.. ඒ අතරෙ ඉතින් පැන් කළ වගේ b/w එව්වත් නැත්තෙමත් නෑනේ.... 
තම තම හැකි පමනින් බැක් පෙජ් එකේ ඉදන් බ්ලැක් ඇන්ඩ් වයිට් එකක් වෙනකන් බාරගත්තෑකි...


එහෙනම් ආයෙ මාස 4,5ට මෙච්චරයි.. අපි ගියා සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

පව. නොනගතෙ පොස්ටුව ලිව්වා කියලා වස් වදිද දැන්නෑ.. කොක වෙතත් මගේ ඉදිරි වැඩකට යුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙවා කියලා ප්‍රර්තනා කරනවා. ගිහින් එන්නාම්...

Saturday, December 22, 2012

සිදු වූ ලෝක විනාශය පිළිබද වියත් ඇඟිල්ලාගේ අදහස..

ම්ම්ම්හු... ඕන් ආවා...

‍*

මේ ටික දොහේ වැඩි පුරම කතා බහ වුනු ටොපික් කෑල්ල ගැන මං කතා නොකර හිටියොත් හරි නෑනේ.. මේක සරලයි කෙටී සුගමයි.. :D බහුතරයක් දෙනා 21 වෙනිදාට කලියෙන් එක එක බයිලා ගැහුවා.. එනවයම කියපු උදවිය 21 වෙනිදා චාටර් වුනා! එන්නෑම කියපු උදවිය 20 වෙනිද ටිකක් බය වුනා.. අපිනම් හිට්යේ මඣ්ඣිම මතයේ!

කොටින්ම කියනවනම් මං කියන්නෙ එකෙන්ම ලොක විනාසයක් වුනා! ඒත් ඒක අපි හිතන විදියේ එකක් නෙවෙයි කියලා.. ඔයිට කලියෙන් වියත් ඇඟිලි තුමා ඒ වෙන්න පුලුවන් ආකාර ගැන අදහස් දැක්කුවා නෙව... මේ මේ ඒවගේ ලිපි කිහිපයක්... ඒ අනුව මගේ මතය අනිවා ලොක විනාසයක් වෙලායි කියලා...

ඒ දවස් වල ලොක විනාසයක් උනේ නැත්නම් තමන්ගෙ කනකපාගන්නවයි කියලා හිටපු උන්නැහේලත් අද හැන්ගෙද්දි මං මෙහෙම කියන එක ටිකක් කොයිල් වගේ නෙද..?

ඇත්තටම කියනවනම් ඊයෙ ලොක විනාසෙ උනා... :)



දැන් ටික දොහකට ඉස්සෙල්ලා කට්ටියට අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු සාපේක්ෂ ප්‍රවේග පාඩම මතකද? අර අංගුලි මාලාට දේශනා කරේ!

මේකයි කතන්දරේ එක එකා විස්වාස තියෙන ඈයො ඉන්න හන්ද අපි මෙහෙම කියමුකො.. ඇල්බට් අයිස්ටයින් උන්නැහෙත් මේ විශ්වයේ සිද්ද වෙනෙ විවිද දේවල් අල්ලලා සාපේක්ෂතා වාදය කියලා එකකුත් කියලා තියෙනවා.. කොටින්ම කියනවනම් මං කියන්න යන්නේ ලෝක විනාසයත් සාපේක්ෂව සිද්ද වෙන දෙයක් කියලා!

ඔන්න අපි බස් එකේ යනවා... එහා පැත්තෙන් තවත් බස් එකක් එනවා! දෙකම එකම වේගෙන් එකම පැත්තට එනවනම් අපිට අපේ ජනේලෙන් ඔලුව දාලා එහා බස් එකේ පොකැට් එකක් උනත් පික්පොකැට් ගහාතැකි...! ඒත් හදිස්සියෙම ඒ බස් එක නැවැත්තුවොත්? අන්න එතකොට බෙල්ල කඩාගන්න වෙන්නෙ පික්පොකැට් ගහන්න ගිහින්! ඔන්න ඔකටයි සාපේක්ෂ චලිතය කියන්නේ...

ඔන්න සුනාමි ආවා... ඉතිං අපි ඒක ආවයි කියලා කියන්නෙ නාපු තැනට සාපේක්ෂව.. කවුරු හරි මැරුනොත්? ඒත් එහෙම්මමයි.. ජීවත් වෙලා ඉන්න අයට සාපේක්ෂව මැරුනා කියලා කියනවා.. ඔන ඔකයි කතන්දරේ...

අන්න ඒ පදනමේ ඉදන් තමයි මං ලොක විනාසය උනාමයි කියලා මං ටක්කෙටම කියන්නේ! ලෝක වෙනසය බල පෑවේ ඔබටවත් මටවත් විතරක් නෙවෙයි! වටේ ඉන්න මිනිස්සු බල්ලො සත්තු ගහ කොල ඉදන් වැලි ඇටේට වෙනකන් ලොක විනාසෙ උනා නෙව..! ඉතින් අපි කාට සාපේක්ෂවද විනාසෙ පෙන්නන්නේ.. ඔන්න පිටසක් වල ජීවීන්ගෙන් ඇහැව්වොත් කියයි පෘතුවිය විනාස විච්ච විදිය!

ප.ව.
ඇහැ... කියන්ට අමතක උනා.. විනාසෙ වෙන්නෙ නෑමයි කියලා කට්ටිය වැඩි පුරම වගෙ කිව්වෙ 21 වෙනිදයින් පස්සෙ ඈ.. ;)
දැන් අල්ලපු ඔට්ටු වලින් මං දිනුම්..! දෙනවා කියපු එව්වා මට දිය!

ප.ප.ව
* උඩින්ම දාලා තියෙනවා දැක්කද දන්නෙත් නෑ..අද ඉදන් ඔහොම තරුවක් පටන් ගද්දි දානවනම් ඒකේ තේරුම හප්පා හුග කාලෙකින් මේ පැත්තේ ආවා කියන එක! :D

ගිහින් එන්නාම්

Friday, November 2, 2012

ඇන්නා පැන්න තියරිය සහ ඇන ඇනා සිටීමේ තියරිය | ඇයි අපි මෙච්චර වල්? දෙවැනි කොටස

හප්පා හුග දවසකින්... :D බ්ලොග් එක එහෙන් පාලුවට යද්දි වල් කතා සීරියස් එක ගරා වැටිලා... ඕන් හුගදවසකින් අපෙ වල් කතාවක් ලියපු නැති හන්දා කට්ටියට අපේ ධූරාවලිය අමතක වෙලත් ඇති නෙව... හා ඒවා නොකියවපු අයටත් දැන ගන්ටත් එක්කලා පොඩි සමරියක් දීලා ඉමු...


මුළින්ම අපි දහසක් මඩ මැද්දෙ ඔය කාගෙ කාගෙත් කන් ටික සුද්ද කරගන්ට කියලා කුණුහරුප බිහිවෙන්නෙ කොහෙන්ද කියලා ලිව්වා.. එහෙන් ගියාම කවුද වැඩි පුරම වල් කියලා සත්‍යාපනය කොරගෙන ඇයි අපි එච්චරම වල් කියලාත් කිව්වා.. ඔය කාලෙ ඇඟිල්ලගෙ ස්වර්ණමය කාලයක් උනාට මොකො දෝශාරෝපණ නම් එමටව තිබ්බා.. ;) එහෙන් ගියාම අපි විවිද ඉන්ද්‍රීන්වල ලිංගික පදනම ගැන කතාකරමින් තමයිනේ හිට්යේ..  එතැන ඉදන් අද පොස්ට් එකට එන්ටර් වෙමු...

ක්ලියොපැට්ටගෙ නාහෙ ගැන කතා කරලා අද ඇහැ ගැන කතා කරටයි උන්නේ.. ඒත් ඒ ටොපික් කෑල්ල පස්සට තියලා අද ලියනවා ඇයි අපි මෙච්චර වල් කියන එකේ තවත් කෑල්ලක් එක්කරමින් ඒකෙ දෙවෙනි කොටහ!.. :D

ඒ කාලෙ ලිව්ව එව්ව නම් ඉතින් මතකත් නෑ.. කොහොමෙන් හරි මට මේ ටොපික් කෑල්ලට මෙව්ව එක ගහන්ට හිතුනෙ නම් මෙන්න මෙහෙමයි.

ඈලියවට ගිය මගේ බ්ලොග් කෑල්ලෙ පොස්ට් එකක් දාගන්න වෙලාවක් නැති උනාම තටම තටම ඉස්ටේටස් කවුන්ටරේ බල බල හූල්ල හූල්ල ඉන්න අතරෙ තමයි මේක කැමරාවට අසුකරගත්තේ.. මේතියේන්නේ ගූග්ලේ සර්ච් කරලා බ්ලොග් කෑල්ලට ආපු ඈයො.. බලාහල්ලකො ඒකෙත් හැටි!

පින්තුරේ උඩ ඔබලා ලොකුකරලා බල්තැකි..

එහෙන් ගිහිල්ල වැඩිපුරම හිට් විච්ච පොස්ටු බැලුවාම මේන්...



Entry Pageviews
2538
1634
1597
1344
1343
1272
714
Mar 25, 2011, 18 comments
631
564
533


ඕකනේ වැඩේ කියන්නේ... ඔව්ව ටික සැලැකුවම හිතෙනේ අපි මෙච්චර වල් කියන එකට නැවත්ත් හේතු දක්වන්ට ඔනෑයි කියලා... එහෙනම් පටන් ගමු...

ම්ම්ම් මෙහෙම පටන් ගමු.. අපි කියන්නෙ කාටද... :D පරිණාමය පිළිගත්තා හෝ නොගත්තා (කවුද දන්නෙ යොහෝවා උන්දා අපිව මෙ ඉන්න විදියටම මැව්වද කියලා... ) අපෙයි වදුරගෙයි පෙනුමෙන් හරි සමාන කමක් තියෙනවා නෙව...පෙනුම විත්‍රක් නෙවේ ජිව විජ්ජත්මකව බැලුවාමත් ලොකු කිට්ටු කමක් තියෙනවා.. ඔරන්හොටන්ව එහෙම ගත්තාම උගේ වර්ණදේහ 48ක් කාරිය තියෙනවා..(http://en.wikipedia.org/wiki/Orangutan#Genomics) අපේ 46ක් තියෙනවා නෙව!ඒවා තව චර්යාත්මකවත් නෑකම් කියනවා නෙව! ඔයවගේ බැදීම් අපි උන් අතරෙ තියෙන නිසා අපි ඩිංගකට හිතමු ලිංගික ජිවිතය ගැනත්... ඔන්න ඔතනදි තමයි මෙව්වා වෙන්නේ.. එතනදි පොඩි පරස්පරතාවයක් මතුවෙනවා... හේතුව අපේ ගාව තියෙන ජෝඩු සෑදිම පූර්ව අහවල් එක සහ අහවල් එක කියන එව්වගෙන් උන්ගාව අහවල් එකට මුල් තැනක් ලැබිලා තිබ්බට මොකද මං මේ මොර දුන්නට අපේ අහවල් එකට අමතරව අනිකුත් කාරිය තුනටත් සමතැන ලැබෙනවා...කවුරුහරි කියයි අහවල් එකට මුල්තැන දිම හෙවත් ඇන්නා පැන්නා තියරිය තමයි ගොඩක් වල් කියලා.. තම තම නැන පමනින් තෙරුන් ගනටකො.. ;)

මනුස්සෙක්ට ඔක්කොන්ටම වඩා ලොකු මොළෙත් එක්කලා එවගේම ඇගට සාපේක්ෂව ලොකුම ශිෂ්නෙකුත් ලබාදීමේ හෝ ලැබීමේ අරමුණ මොකද්ද? ව්‍යුහ විද්‍යාඥ අංකල්ලනම් කියන්නේ ඕකට හෙතුවත් ඉතින් අර නාහේ වගේ ඉතුරුවිච්ච කෑල්ලක් කියලා ( ඒ කතාවෙන් ඉතින් ඒ ඒ අංකල්ලාගේ ගැන අපිට හිතාගත්තෑකිනෙව.. ලොල් :D ) අපි ඉතින් කොහෙත්ම ඕක ඉතුරු විච්ච කෑල්ලක්ය කියලා අහක දමන්නෙ නැති හන්දා මේ පුරස්නෙටත් උත්තරයක් සොයන් ඉමුකො කාරිය... කොම්පියුටරයක් කියලා හාර්ඩ් වෙයාර් කෑලි ටික විතරක් තිබිලා මදි නෙව. සොෆ්ට්වෙයර් එහෙමත් තියෙන්ට ඔනෑ... (ලයිව් වෙයර් එකත් ඔනෑ) ඉතින් අපේ මොළේ කියන්නෙත් හාර්ඩ් වෙයර් එකක් වගේ දෙයක්.. ඒක අයි 7 එකක් උනත් වැඩක් නෑ.. කොටින්ම කියනවනම් කොච්චර ලොකු උනත් වැඩක් නෑ ඒකට හරියන සොෆ්ට් වෙයර් හෙවත් ආක්ල්ප අනම් මනම් තියෙන්ට ඔනෑ නිසි විදියට! i7 එකට DOS සෙට් වෙන්නෑ වගේ ඒ විශාල මොළයට හොද ඇඩ්වාන්ස් ආක්ලප එන්ට නම් ඒ ඒ අයගෙ ළමා කාලේ සංවර්දනය ගොඩාක් වැඩගත් වෙනවා... මං මෙතන ආකල්ප කියලා කිව්වේ අර කාලීන බණ දේශනාවල කියන ආකල්ප ගැනම නෙවෙයි!

ඇත්තටම කියනවනම් පූසෙක්ට උපතින්ම ලැබුනු දඩයම් කිරිමේ හැකියාවක් තියෙනවා... ටොම් ඇරෙන්න වෙන කිසිම පූසෙක් මියො අල්ලන්න මී කතුරු පාවිච්චි කරන්නේ නෑනේ... හැම සතෙක්ම වගේ එහෙමයි නෙව.. අපිත් ඉතින් සතෙක් නෙව! අපිට විතරක් විශෙෂයක් මොකෑ...? ඒක ගැන මට තියෙන අදහස නම් මෙහෙමයි.. ඔය මවපු උන්දෑ ඕලෙවල් වලට කොමස් කරපු එකෙනෙක්! ව්‍යාපාරයක සාර්තකවත්වය තිරනය වෙන්නෙ තරගයට සාර්තකව මුහුන දීම මත. පිපාසෙන් ඉන්න මිනිසු ගැවසෙන තැනකට සරුවත් කඩයක් තිබ්බොත් අන්න ව්‍යාපාරික අවස්තා හදුනා ගැනිමක්... ඔන්න ඒ මිනිහවම කොපි කරපු තවත් මිනිස්සු සරුවත් කඩ දාගන්නවා.. ඒ ඒ අයගේ තරගය අස්සෙ මනුස්සෙක් තැඹිළි කඩයක් දාගන්නවා! අන්න ලස්සනට උරෙන් උර ගැටෙනැතිව තරගය ජය ගැනීම... ඕක තමයි දෙයියන්ගෙත් ටෙක්නික් එක!  හැම සතෙක්ම උරෙන් උර ගැටෙමින් දඩයම් කරද්දි මිනිස්සු වෙනස් විදියකට පරිනාමය වෙලා තියෙනවා.. අලුත් අලුත් දේ නොතකන ජාතිය ලොව නොනගී කියලා කතන්දරයක් තියෙනවනේ... :D සිංහයො පස්සෙන් එලෝල ගොදුරු අල්ලද්දි අපි උගුල් අටොලා ගොදුරු අල්ලුවා! කොහොමද දෙයින්ගේ මොළේ. ;)

මේ ඔකොන්ටම ටික වෙන්ට අපිට හොද මොළේකුත් එක්කලා ඒකේ දියුනුවත් අත්‍යවශ්‍ය දෙයක් කියලා තේරෙනවා නෙව...මේ දියුනුවේ රහස තමයි අපේ දීර්ඝ ළමා කාලය. කොටින්ම කියනවනම් මාත් තාම ළමා වියේ...ඒවගේ ළමා කාලයක් අපිට කොයින්ද කියලා අහුවොත් ඒකනම් දෙයියො දුන්නු එකක් නෙවේ ඕන්.. ඒක ලැබෙන්නෙ අපේ අම්මගෙන් තාත්තගෙන්...දැන් හිතෙනවා ඇති අපි කලින් කියපු පුසන්ට ළමාකාලයක් නැද්ද? අම්මෙක් තාතෙක් නැද්ද කියලා.. එතන තියෙන්නෙ භාශාහරබයක්! කලින් කිව්වා මතකද අවජාතක හා සුවන්ජාත කියන එකේ වෙනස කතන්දරේ!  එන්න එතනදි යම් ජීවියෙක්ගේ මොළෙ දියුනුවට අනුරූපව මාතෲ පීතෲ ජීවීන්ට අම්මා තාත්තා යන තත්ව ආරෝපණය වෙන විදිය කිව්වා මතකයිද.. :D

අන්න ඒ විදියට මොළෙ/මනස දියුනු වීම නිසා අම්ම තාත්තා ඇතිවෙලා දීර්ග ළෑමාකාලයක් එනවා වගේම දීර්ග ළමාකාලය නිසා මොලේ දියුනු වෙනව කියලත් කියන්ට ඔනෑ.. :D බිත්තරෙයි කිකිළි වගෙ තමයි...

දැන් බලන්ටෝනේ කොහොමද අම්ම තාත්තෙක් ඇතිවෙන්නෙ කියලා.. ඒකනම් සරළ දෙයක්... මාතෲ පීතෲජීවීන්ගේ බැදීම වැඩි කරාම හරි! ඒක වැඩි වෙලා තියෙන්නෙ මාර ලස්සන විදියකට.. ඒ තමයි ලිංගිකත්වයෙන්... ඇන්න පැන්න තියරියෙන් පරිබාහිරව ලිංගික විදීමක් දක්වා මිනිස්සු ගිහින් තියෙනවා.. අන්න එකයි කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ.. මාතෲජීවියා පිතෲජීවියා කෙරෙහිත් පීතෲජීවියා මාතෘජිවියා කෙරෙහිත් බැදිලා ඉන්න කොට එ ඒ අයගෙ පවුල් එකකය දියුනු වෙනවා.. ඒකින් සාර්තක පවුලක් හැදෙන නිසා ළමයින්ටත් අම්මෙක් තාත්තෙක් ඉන්නවා.. ඒ අයගෙ මොළේ දියුනුවට ඒක වැදගත් වෙනවා.. දෙයක් නෑ ඉතින් ඔතන!.. අන්න එකයි කියන්නෙ ඇණලා පනිනවාට වඩා ඇණ ඇණ ඉන්න එක වඩා වල් උනාට ඒකම තමයි අපිව අද මෙ ඉන්න තත්වෙට ගෙනත් තියෙන්නේ... :)


ප.ව.
වල් කම කියලා මං නම් කරලා තියෙන ලිංගිකත්වය රාගයත් එක්ක පටලෝ ගන්න එපා ඕන්... කාමයෙ හැසිරිමයි කාමයෙ වරදවා හැසිරිමයි දෙක අතර ලොකු පරස්පර තාවයක් තියෙනවා... අපි මේ කතාකරන්නෙ කාමයේ හැසිරිමෙන් උනු උන්නතිය ගැන මිසක් කාමයෙ වරදවා හැසිරිම ගැන නෙවෙයි ඕන්...

ප.ප.ව.. පොස්ටෙකේ අකුරු අතරෙ වෙනම කතාවක් තියෙනවා ඕන්..
ඒක සම්බන්ද වෙනින් ලිපිවලට, මෙතනින් යන්ට!

Wednesday, October 31, 2012

එතකොට අර හාදයා...? | ඇඟිල්ලා සහ පොඩි එකා ඉන් මියුසියම්...

වෙනසකටත් එක්කලා කතන්දර පොඩ්ඩක් කියනටෙයි යන්නේ.. ක්‍රියෙටිවු මෙව්ව එක ගැන ලියපු කතන්දරේ මතකයි නේ.. :D අද ලියන්නෙ එහෙම එකක් නෙවෙයි.. අර 2050, 2100 ගැන කිව්ව වගේම මෙදා පරා ඇඟිල්ලාට අනාගතේ දවසකට යනට ලැබිලා... :D


ඔන්න ඇඟිල්ලා, මිනිහාගේ පොඩි එකාවත් එක්කගෙන යනවලු මියුසියම් එක පෙන්නන්න.

ඉතිං ඇඟිල්ලත් ඔතන තියෙන විවිද බඩු මුට්ටු ආදිය පෙන්න පෙන්න විග්‍රහ කරනවලු...

පුතේ අර තියෙන්නෙ ස්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ නෝනා ඇඳපු හැට්ටේ.. එහෙන් ගියාම පුතේ මේ තියෙන්නෙ අවුරුදෙ ගොඩක් පැරැනි කඩුවක්... ඒ දවස් වල අපි පොඩි කාලේ මේක කවුද කට්ටිය උස්සලාත් තිබිලා මේ ලඟදි තමයි හම්බුනේ.. 

ඔන්න ඔහොම ජයටම වැඩේ නැගලා යද්දි අර කඩුවත් අතේ තියන් ඉන්න අහ්වල් රජතුමාගේ පින්තුරෙයක් එල්ලලා තියෙනවා බිත්තියේ...


ඇඟිල්ලත් ඉතිං උගුර පාදලා මේ රජතුමා ගැන විතර කරල දෙන්වලු ඕන්..

පුතේ මේ ඉන්නේ අපේ කාලෙ හිටපු පට්ටාම රජතුමා.. එතුම තමයි තුන්සිංහලයම එක්සේසත් කරේ. එතුමාගේ කාලෙ ගැන නම් කියලා නිම කරන්න බෑ පුතේ.. 
බර විස්තරයක් කරගෙන ගියාලු ඕං..

දැන් පුතාට තේරෙනවා නේද මේ අපේ අහවල් රජතුමා අපිට කොච්චර නම් වැදගත්ද කියලා..?

කතාව ඇඟිල්ලා ඉවර කරාට මොකද ඇඟිල්ලගෙ පොඩි එකත් ඉතිං මාර ඥානවන්තයා.. ඌ අනික් පැත්තට අහාපි,

එතකොට අර එයාගේ පිට උඩ නැගලා ඉන්න හාදයා කවුද තාත්තේ...


ප.ව. ඔන්න බලන්නකො අද කාලෙ හැදෙන ළමයි...

ප.ප.ව. වැඩ රාජකාරි බහුල හින්ද පුංචියට කතා කෑල්ලක් දැම්මා.. ඇහැ මේ අහවලා නෙවෙයි එහෙමනම් ඉතින් රිබන් පටිය තියෙන්ට එපැයි!


Sunday, October 28, 2012

අවජාතක සහ ස්වයංජාත කියන එකේ ලොකු වෙනසක් තියෙනවා!

ඔන්න අදත් ආව සති අන්තේ වචන අන්තරයක් ගැන මෙව්ව එකක් අරන්... :D ලොබ කමෙයි අර-පිරිමැස්මෙයි වෙනස ගැන අපි කතා කරා මතකයි නෙව!


අද මේ කියනට යන කතාවනම් වෙනින් අතුරු වල් කතාවකට පය ගැහිමක් ඕන්.. ;) ඒක අනගතේට තියලා අද මෙව්වා එකට එන්ටර් වෙමු..

මේ වචන කෑලි දෙක ගත්තාම ඉතිං කාලිනව ලොකු වැදගත් කමක් තියෙනවා නෙව.. ආගමික මතවදත් එක්කලා බැලුවාම ඉටත් වඩා වැඩී!

උදාහරණෙකට මහා සිහනාද සූත්‍රේ විදියට බුදුහාමුදුරුවො උප්පත්ති ක්‍රම 4ක් කියනවා...

  • අණ්ඩජයෝනි
  • ජලාභුජයෝනි
  • සංසේදජ යෝනි
  • ඕපපාතික යෝනි.

අණ්ඩජ කිව්වාම බිත්තර වලින් ඉපදෙන! එහෙම ගත්තාම මාතෲ ජීවියෙක් ඉන්නවා නෙව. ජලාභුජ කිව්වාම ඉතිං අපි වගේ තමයි.. ගර්බාශය එහෙමත් නැත්නම් පිළව කෝශයක් වගේ දෙයක් බිදගෙන උපදින ඈයො ජලාබුජ. ඒ අයටත් මාතෲ පීතෲ ජීවියෙක් ඉන්නවා නෙව. සංසේදජ කියන එක ගැන නම් ඉතින් මට කතාකරන්න දැනුම මදි.. :) ඒකින් කියන්නෙ කුණු දියෙහි ආදියේ ඇතිවන ජීවින් ගැන.. මට හිතෙන විදියනම් ඉතින් ඔය කියන්නේ බැක්ටිරියා ඇමිබා වගේ ඒක සෛලිකයන් ගැන. ඒ අයටත් මාතෲ ජීවියෙක් වගේ එක්කෙනෙක් ඉන්නවා නෙව! ඒත් ඕපපාතික කිව්වාම වෙනස් වර්ගයක්. දේව යක්ෂ ප්‍රේත් ආදී පසැදුරන්ට ගෝචර නොවෙන ජීවීන් තමයි ඔය ගණේට වැටෙනෙ. මොකක් හරි කර්ම විපාකයක් හේතුකරගේන මාතෲ පීතෲ ජීවියෙක් නැතිව ජනිත වෙන ඈයො ඕපපාතිකයි!

ඕන් අද දවසේ බණ කතාව අහවරයි.. ඒතනින් තමයි පොස්ට් එකට මෙව්වා එක ගත්තේ.. මුල් තුන්දෙනා අතැරලා දැම්මාම ඕපපාතික ඈයනට මාතෲ පීතෲ කවුරුත් නෑ... අහ් ඒ කියන්නෙ ස්වයං ජාත.. දැන් ස්වයං ජාත කියලා කියන්නෙ මොකටද කියලා පැහැදිලිනේ... ඔන්න දැන් අවජාත කියන්නෙ මොකද්ද කියලා අපිට බලන්ට වෙනවා... මොකද ගොඩක් ඈයො හිතන් ඉන්නේ කලින් කිව අඩවන් කරපු දොරකට බාගෙට වසා ඇත හා බාගෙට ඇර අත කියලා කියනවා වගේ සම්බන්දයක් මේදෙක අතරෙත් තියෙනවයි කියලා...

ඒක ගැන කතාකරන්ට කලියෙන් අපේ පෝස්ට් එකට අලුතෙන්  වචන කුළකයක් ආවා!

මාතෲ පීතෲ ඔව්ව මෙව්වා මොනාද? අම්මා තාත්තා කියන්නෙත් ඔව්වට පර්යාය පදද...? ඔන්න ඔතනනම් කිව්වත් වගේ තියෙන්නෙ අර අඩවන්කරපු දොර න්‍යායම තමයි.. :D එක අතකට බැලුවොත් සර්වසමයි.. ඒත් මටනම් පොඩි පරහක් තියෙනවා! දැන් බලන්ට මදුරුවො සැට් එකක්...

මාතෲ හා පීතෲ  ජීවීන් දෙදෙනෙක්ට දුහිතෘවෙක් (පිරිමි ඈයොත් ඇතුලත්ව) ලැබෙනවා.. බොහො විට වෙන්නෙ එකනේ.. ඒත් මේ මාතෲ ජීවියා අම්මත් පීතෲ ජීවියා තාත්තත් වෙන්නෙ නෑ එහෙම ළමේක් හදපු පළියට! මදුරු ගෑනූ පිරිමි සත්තු දෙන්නෙක් එක්කාහු වෙලා ළමයි ගොඩාරියක් හදනවා.. ඒ මදුරුවන්ට මාතෲ හා පීතෲ ජීවින් හිටියට අම්මෙක් තාත්තෙක් කියලා කියන්න තරන් කවුරුවත් නෑනේ... එන්න එන්න මොළෙ දියුනු උනු ජීවීන් ගත්තාම ඒ අයගේ මාතෲ පීතෲ ජීවීන්ට ඒ ඒ දියුනු වුනාට අනුරූපව අම්මා තාත්තා ගුණ ආරෝපණය වෙනවා... කුරුළු පැටියෙක් ගත්තොත් මාතෲ පීතෲ ජිවින් ඉන්න අතර ම ලාවට ඒ අය අම්මා තාත්තා ගුණ පෙන්නනවා. මම මෙතන මොළෙ කියලා සදහන් කරාට එතෙන්ට වඩාත්ම ගැලපෙන වචනෙ තමයි මනස කියන එක නැද්ද.. ඉපදෙන්ටත් කලියෙන් ළමයව මරන මනුස්ස ලොකේට සාපේක්ෂව එදා නැට්ටෙන් මුහුද ඉහින්න ගිය ලේනගේ මාතෲ කමට අමතරව අම්මා තත්වය ආරෝපණය වෙලා තියෙන්නෙ මනසේ දියුනු කම හන්ද නෙ.. :)

දැන් ඇහැකි අලුතෙන් එකතු උනු වචන කෑලිත් එක්කලා අවජාත කියන එකට තෙරුමක් හොයන්ට!

සුජාත කියන්නේ නිශ්චිත අම්මෙක් තාත්තෙක් සිටින! එතකොට ස්වයං ජාත කියන්නෙ අර කලින් කියපු ඕපපපාතිකයන්.. එතකොට අවජාත කවුද?  ඕපපාතික කියන එකට මං කිව්වෙ මාතෲක් පීතෘවෙක් නැති කියලා මිසක් අම්මෙක් තාත්තෙක් නැති කියලා නෙවෙයි නේ.. ඇත්තටම අවජාත කියනෙ නම් ඉතින් අම්මෙක් තාත්තෙක් නැති කියන එක නෙව.

කොහොමද වචන හරබේ... අන්තිමට ඔක්කොම කරුනු අනුව අපිට මේ විස්තර ටික මෙන්න මේවිදියට වෙන් (venn) රූප සටහනකින් දක්කෝතැකි!
£= අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපපාතික ආදී වශයෙන් උපත ලබන සියලුම සචේතනික ජීවීන්... (සත්වයන් කියලා කියන්නේ)

ඔතනින් A කියන්නේ ස්වයං ජාත.. (රතුපාට ගාලා තියෙන්නේ)
B කියන්නේ ඉතිරිය.  අණ්ඩජ, ජලාභුජ, සංසේදජ කියන ඈයො. හෙවත් මාතෲජීවියෙක් සිටින ඈයෝ..
C කියන්නෙ ඉතින් සුජාත ඈයෝ.. මාතෲජීවියට අම්මා ආදී වියෙ තතවයන් ආරෝපණය විච්ච ඈයෝ..
එහෙන් ගියාම  තැබිළිපාට ගාලා තියෙන්නෙ සමාජයේ කෙනෙහිළිකම් වලට ලක්විච්ච අවජාත ඈයෝ...

ඇත්තටම කියනවනම් මේක කුලක පාඩමට ගණ්න බෑ.. 6 පන්තියෙදිද කොහෙද ඉගන ගත්තා මතකයි මිනිස්සුන්ගෙ උසවගේ නිශ්චිත සිමාවකින් බෙදා වෙන් කරන්න බැරි එව්වා කුළක ලියන්න ගන්නෙ නෑයි කියලා.. කොටින්ම කියනවනම් තැබිලි කහ අතරෙ වෙනස/ සුජාත අවජාත කියන එකේ වෙනස සංතතිකයි... හරියටම කළු ඉරක් ගහල වෙන් කරන්න බෑ.. ඒත් අපේ මාතෘකාව සවයං ජාත කියන එකත් එක්කලා තියෙන වෙනසනේ.. ඒ දෙක අතරෙනම් ලොකු වෙනසක් තියෙනවා ඕන්.. නැත්නම් සමහරක් කියයි අහවලා අවජාත නෑ ස්වයංජාතයි කියලා... ලොල්...

ප.ව.

මේ විදියට කඩි මුඩියෙ වචන හරුපයක් ලිව්වෙ එච්චර හොදකට නම් නෙවෙයි... වල් කතාවකට මුල පුරන්න!
මනුස්සෙක්ට ඔක්කොන්ටම වඩා ලොකු මොළෙත් එක්කලා එවගේම ඇගට සාපේක්ෂව ලොකුම ශිෂ්නෙකුත් ලබාදීමේ හෝ ලැබීමේ අරමුණ මොකද්ද? රැදිසිටින්න... :D





Friday, October 19, 2012

සුළා-Bones Park™ මුල්ගල් තැබීමේ උත්සවය..

හපොයි අද ඔන්න මකුණුදැල් කඩලා අහක් කරලා ආවා ඔන් පොස්ට් කෑල්ලක් දාන්ට.. අදනම් බල්ලො කැත කරලා නැති හැඩයි... :D

මුල්ගල් තැබිමේ මෙව්වා එකක් කිව්වාම ඉතින් වැදගත් වැඩක් නෙව.. මෙන්න මෙහෙම පටන් ගමු..

ඇත්තටම කියනවනම් මේක මගේ හය හතර තේරෙන්න පටන් ගත්තු කාලෙ ඉදන් තිබුණු ආසවක්.. මොකෙක් හරි සතෙක්ගේ ඇට කෑලි  එක්කහු කරලා ඇට සැකිල්ලක් හදා ගන්න එක.. :D

 පුංචිම කාලෙ ඉස්සරහා ඉඩමක් සුද්ද කරද්දි ලස්සනට කුණකට්ටෙක්(ගෙයැයි සැක කරපු) ඇට සැකිල්ලක් හම්බ උනා... අත්තක එතිලා මැරිලා තියෙන්නේ.. ඇඟේ කොටස් කොටස් අඩු උනාට ලස්සනට ඌ හිටියා.. පිය තුමන්ගෙත් උපකාර ඇතිව ඒක ගෙදරට ගෙනල්ල පොඩි පෙට්ටි කෑල්ලක දමාලා කාමරෙන් තියන් හිටියා ආසවට..  ඒත් ඉතිං මවුතුමිය පොඩි එකාගැන දක්වන සෙනෙහස් වැඩි කමට ඌගේ දත් වල විස ඇතයි කියාලා ඒක පහුව දා වීසික් කර්ලා තිබුනා.. :(

ඔන්න ඒ දවස්වල  තමයි මේ ඇට සැකිළි ඇට කටු එක්කාහු කරන මේනියාව පොඩි එකාගෙ හිතට එන්නේ.. සිග්මන් ෆ්ලොඩ් උන්නැහෙත් කියාලා තියෙනවනේ කුඩා කාලෙදි හිතට කාවැදුනු එව්වා වැඩි හිටියා වෙනකොට එළියට දාන්න උත්සහ ගන්නවයි කියලා.. මෑන් කිව්වා කෙසේ වෙතත් මිනිහට අවුරුදු 2450ට විතර උඩදි අපේ බුදුහාමුදුරුවොත් එක ගැන ලස්සනට කියලා තියෙනවා.. හැක් හැක් දැන් කියයිද දන්නේ නෑ අර ඇඟිලි සළෑකුණත් අල්ලහ් මැව්වා වගේ අවුරුදු 1000කට විතර උඩදිත් හිනෙන් ඇවිදින් මේ කතාවම කිව්වයි කියාලා.. ලොල්.. හා හා ඔය කවුරු මොනවා කිව්වත් ඒක නෙව ලොක දර්මතාවය! කොහොම හරි අද ඇඟිල්ලාට මාරම හැපි දිනයක් වෙන්නෙ අන්න ඒ පොඩි කාලේ යතාර්තයක් නොවුනු හිනය අද යතාරතයක් උණු හන්ද.. :D

ඉදින් බිදවැටුනු පොඩි එකාගේ හිනෙත් හිතේ තියාගෙන ඉදිදි තමයි මිනිහට ගෙදරට ඇවිත් අභාවප්‍රාප්ත කරණලද ගෝණුස්සෙක් හම්බ වෙන්නේ.. ඔය දවස් වල පොඩි එකා පත පොත කියවලා ලබාගත් දැණුමින් ගෝණුස්සගේ හම දියකරලා ඇට සැකිල්ල ගන්නයි ලෑස්ති වෙන්නේ.. බොහෝම තනුක ක්‍රෝස්ටික් සෝඩා ද්‍රාවනයක මෘත දේහය ගිල්වලා නැටෙව්වාම පොතේ හැටියට ඇට සැකිල්ල ඉතුරු වෙලා මස් දිව වෙලා යනට ඔනෑ.. ඒත් ඔය මැද්දට පැනපු අක්කා තුමිය "ගොනුස්සන්ට කොහෙන්ද මොඩයො ඇට සැකිලි?" යනුවෙන් අහපු ප්‍රස්නය තාමත් දොන්කාර දෙනවා.. ඒ දවස්වල හය හතර ඉගන ගත්තට ආත්‍රපෝඩාවො කියන්නේ අපෘශ්ටවංශීන් කියාල දැනන් උන්නේ නෑනේ.. කොහොමොන් හරි කඩ උනු බලාපොරොත්තුත් එක්කලා මම ඉගන ගත්තා ගොනුස්සන්ගෙ ඇට සැකිළි කෙසේවෙතත් රත්කරන්න ගන්න ඇලුමිනියම් හට්ටිය ක්‍රොස්ටික් සෝසාවල දිය වෙනවයි කියල ඉගන ගත්තා!

ඉතිං කොහොමින් හරි 8, 9 පංතියට එනකොට යමක් කමක් ඉගනගෙන තිබ්බ හන්දා ඊලග ඉලක්කය උනේ බල්ලක් අල්ලපු ගෙම්බෙක්ව! ඔක්කොම ආම්පන්න ලැස්ති කරන් වැඩේට බැස්සට අත්දැකිම් අල්ප නිසා කොච්චර ක්‍රොස්ටික සොඩා සාන්ද්‍රනයක් ඔනෑද කියලා හිතාගනට බැරුව හිටියේ...කොකටත් කියලා යහමින් දාලා වැඩේ කරා.. ඒත් අවාසනාවක මහත අන්තිමට ඉතිරු උනු ඇට කෑලි අතින් තියා ටුවිසරෙන් අල්ලදිත් පිටි වෙන තරමට දියවෙලා.. එතකොට තමයි තේරුනේ ඇළුමිනියම් දිය උනු එකෙ ඇටසැකිලි ඉතුරුවෙයිද කියලා හිතුනේ..  ඒත් පොතේ තිබුනේ එහෙමනේ.. o.O

ඊලඟ ඉලක්කය උනේ පූසා අල්ලපු කුරුළුපැටියෙක්... නැටවිමට ලොහ නොවන හට්ටියක් හොයලා හොයල බැරිම තැන අවුරුද්දට කිරි උතුරපු මුට්ටිය ගත්තා.. :D ලිප්ගල් බැදගෙන කාරියට ලැස්ති වෙලා බොහොම සුළු ක්‍රොස්ටික් සොඩා සාන්ද්‍රනයක් යටතේ වැඩේ කොරා... ඒත් වැඩේ ඒ හැටි සාර්තක උනේ නැත්තේ මූ පැටියෙක් නිසා ඇස්ති එච්චර හයිය නැති විම කියලා හිතන් හිටියට පහු කාලිනව තේරුන් ගියේ පියාබන්න පක්ෂීන්ගෙ අස්ති ගොඩාක් සැහැල්ලු වෙන්න අරයා මවල තියෙන්නෙ කියලා.

ඉතින්  මේක අසන්තතික කාලසිමවක් නෙවෙයි ඔය අතරේ කුරුල්ලො කටුස්සො ගෙම්බො මීයෝ මගේ ලිප තුල තැම්බුනා.. හැබැයි එකෙක්වත් මං ඇටසැකිලි ගැනිම අරබයා මැරුවේ නෑ හරිය! මැරිච්ච උන් ගත්තේ.. එව්වත් විවිද මට්ටමින් සාර්තක උනේ නෑ...

ඒත් මේ ලගදි දවසක පවුලේ පොදුසුසාන භූමිය අස්පස් කරද්දි මං ශේපට එතන හැරුව.. :D අන්න එතනින් ගොඩගත්තු අපේ පවුලේම සාම්ජිකයො තෙපළකගෙ ඇට කොටස්  මෙන්න මේවිදියට එක්කහු කරගත්තා!

ප.ව..
 ඔන්න ඉතින් මේ ඇට සැකිළි එකතුව සුළා-Bones Park™  කියලා නමකින් අන්තර්ජාලය තුල  ඇද ඉදන් රෙජිස්ටැර් කොරා ඕන්.. ෆ්ලොයිඩ් කිව්වා වගේ තාම ගෙඩි පිටින් වැදිටියෙක් වෙලා නෑනේ.. පොඩි එකානේ ඉතින් තාමත්.. මේ එක පියවරක් විතරයි ඕන්.. අනාගතයේදි සත්තු ගොඩාරියකගෙ ඇට සැකිළි එක්කහු කරලා ලොකූ...... මෙව්වා එකක් හදන්නයි හිතන් ඉන්නේ... :D :D :D :D
ඉතින් මේකට විශේශ ඉස්තූතිය හැදුවැඩූ දෙමාපියන්ට පිරි නමන අතර විශේෂ එකෙත් හොදම එක පියතුමන්ට තමයි ඉතින්... :D (අම්මත් ඉතින් සහයෝග දැක්කුවා... මේක ඉතින් විසබීජ එක්කලා කරන සෙල්ලමක් හන්ද.. ලයිට් බෝයි කෑල්ලකුයි හෑන්ඩ් ග්ලවුස් පෙට්ටියකුයි ගෙනත් දුන්නා..)

එහෙනම් මං ගියා.. මගේ වැඩ්ට ජය වේවා! :D

Saturday, September 8, 2012

ලෝබ කමයි අරපිරි මැස්මයි අතර ලොකු වෙනසක් තියෙනවා....

දැන් ඉතින් ප්‍රොපිශනල් පුරවැසියෙක් උනාම අපිත් පොඩි ඈයන්ට ආදර්ශයක් වෙන්ට එපෑය...! ඒක හන්දා අද ආදර්ශමත් කතන්දරයක් ඔන්න... :) අදම උනු සිද්දිය උණු උණුවේ ගෙනාවේ...

ලෝබකම කිව්වාම අපිට මතක් වෙන්නෙ ඇත්තටම ඈක්කා සිතුවිල්ලක්... පොඩි කාලෙ ඉදන්ම ගුණ යහපත් ළමයි විදියට හැදුනු අපිටනම් ලෝබ කම කිව්වාම මතක් වෙන්නෙ මට්ටකුණ්ඩලී කතාව, සුච සාමණේර කතාවෙ බත්ත භත්තික සිටණෝ කතාව එහෙම තමයි මතක් වෙන්නේ... එහෙන් ගියාම දස අකුසල ක්‍රියා වලිනුත් එකක් තමයි ලෝබ කම කියන්නේ! ඒ විතරක්යෑ ලෝබ දෝස මෝහ කියන ප්‍රදාන පාප චෛතසිකයන්ගෙන් එකකුත් නෙව තස්නාව හෙවත් ලෝබ කම කියන්නේ.. එහෙම ගත්තාම මටත් අදමගේ මාතෘකාවෙ වටිනා කම වැඩි වැඩියෙන් තේරෙනවා...

ලෝබයේ ප්‍රතිවිරුද්ද කෑල්ල, අලෝබ! අපේ බුදු හාමුදුරුවො නම් නිර්ලෝබී කම සමාන කරලා තියෙන්නෙ සරත් සෘතුවට! එයා සැහැල්ලු කෙනෙක්.. :) කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රහක්මණෝ කියලා දේශනා කරලා තියෙන්නෙත් බුදු හාමුදුරුවොනේ.. ඒක නිසා එහෙම ගත්තාම ලොබ නැති එක්කෙනා බ්‍රහක්මන හෙවත් උසස් තැනැත්තෙක්... පුංචි අපි කවුරුත් කැමති නෙව උඅසත් තැනැත්තෙක් වෙන්න.. ඉතිං අපි අද ඉදන් ප්ලෑන් කරගන්ට ඔනෑ ලෝබකම දුරු කරගන්න... දැන් කට්ටියම සාදුකාරයක් දීල අද පෝටුවට එන්ටර් වෙමු... :D බණ ටික අහවරයි..

ලෝබ කම ගැන කතා කරද්දි අපිට මතක් වෙන්නෙ රත්ති ඇන්ටිගෙ අරපිරිමැස්ම! අර ලෝකෙ මැව්ව දෙයියා මෙයමයි කියලා පඩ ශෝ දාන අපෙ කොන කට් කට් ඈයො නම් කියයි මට්ට කුන්ඩලීගෙ තාත්තා දේව කැමැත්තට එයාට බෙහෙත් අරන්දුන්නෙ නැත්තේ.. ඒක තමයි අරපිරිමැස්ම කියාලා.. ලොල්ය... එව්ව බුදු හාමුදුරුවොත් කියලා තියෙනේ සමහරක් පවු ගෙවලාම ඉවර කරන්න ඔනෑ කියලා.. උන් ඉතින් ලිං මැඩියො රැල වගේ අහස වෘතාකාරයි කියලා තර්ක කර කර හිටපුවාවේ... එව්වා අපිට අදාල නෑ ඕන්... ඇත්තටම ඒ අදින්නපුබ්බකත් රත්ති ඇඩ් එක බලලා තිබ්බද දන්නෙ නෑ..

කොව්වා කොහොම උනත් අපි ලෝබ කම තුරන් කරන්ට කලියෙන් බලන්ට ඕනෑ ලෝබ කමෙයි අරපිරිමැස්මෙයි වෙනස මොකද්ද කියාලා...

අපි ගමුකො වතුර බෝතලයක්.. ඒකෙ පාරිමාවෙන් හරි අඩක් වතුර පිරිලා තියෙනවා.. හරිය!
දැන් කෙනෙක් කියයි මං කිව්වා වගේ මේ බොතලේ බාගයක් වතුර පිරිලා තියෙනවයි කියලා...
ඒත් තවත් කෙනෙක් කියයි මේ වතුරබෝතලේ බාගයක් හිස් කියලා...
අඩවන් කරපු දොරක් වගේ තමයි..! දොර භාගෙට වසා ඇත.. දොර බාගෙට ඇර ඇත... අපිට ඔයදෙකෙන් මේකයි හරි කියලා තර්ක කරන්න නම් අමාරුයි... මෙව්වාට කියන්නෙ ද්වීඵල ස්‍රිත කියලා.. :D
ඉතින් මයෙ ප්‍රස්නෙනම් ලෝබ කම සහ අරපිරිමැස්ම අතර තියෙන්නෙ ඔය වගෙ සම්බන්දයක්ද කියන එක...

මං හිතන් හිටියෙ ඒ විදියට තමයි ඒකාලේ.. මතකයි නෙ මං බස් එකේ රජවෙන්න කියලා හිතන් නැතත් හොරෙන් ගිය විදිය.. ලොල්.... එහෙම ගත්තොත් රත්ති ඇන්ටි කියනෙ එකේ පොඩි පරහක් තියෙනවා!

ඒත් අද මට මෙහෙම හිතෙනවා... අපිට ද්වීඵල ශ්‍රිතයක් ඒකඵල ස්‍රිතයක් කරගත්තෑකි අක්ෂදෙකට ලඝු අගයන් අරගෙන! මම අද ක්ලාස් ඇරිලා එන ගමන් හිත හිතා ආවෙ එක ගැන! චේතනාහන් භික්කවේ කම්මන් වදාමී කියල බුදු බණෙ සදහන් වෙන්නෙ කට කහනවට නෙවෙයිනේ... අපි අරපිරිමැස්මේ චේතනාවේන් දෙයක් කරනවනම් ඒක අකුසල ක්‍රියාවක් වෙන්නෙ නෑ.. ඒත් ලෝබ කියන චේතනාවෙන් අදාල දේ කරොත් ඒක අකුසල කර්මයක් වෙනවා... මේ දේ මොන්ටි සෝරි ලමේක්ට උනත් තෙරුන්ගත්තෑකි උනාට මට නම් තෙරුනේ අද ඕන්.. :D

ඇත්තටම අද පෝස්ටුවෙ වස්තු බීජයනම් ඒක නෙවෙයි..!

ක්ලාස් එකේදි මයෙ සෙරෙප්පුව කැඩුනා! :D  කොහොමෙන් හරි මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපිට කියාලා සැට් එකම මට හිනා උනේ... ක්ලාස් ඇරිල සෙරප්පුව අතේ තියන් මං සෙරෙප්පු කඩේට ගොහින් අලුත් සෙරෙප්පු කූට්ටමක් ගන්නවා බලන්ට!  අපි ඉතින් වෙඩි වැස්සට සැලෙන්නෑ.. පිටි පස්සට හැරෙන්නෑ...අඩිපස්සට තියන්නෑ නොවැ... අඩිය පස්සට තියන්නෙ කොහොමද සෙරෙප්පුව කැඩුනානේ.. :D පරිකල්පිත චින්තනය කියලා මෙව්වා එකක් මිනිස්සු විච්ච අපිට තියෙද්දි අහවල් එකකටද අපි කඩේකට ගොහින් සල්ලි පුදන්නේ..? අනික අපි නව නිපැයුම් කරන්න දස්සයිනේ..විනාඩි කීපයක් මනස වෙහෙසෝලා විනාඩියෙන් සෙරෙප්පුව යතාතත්වයට පත් කරගත්තා! මගේ වැඩමල්ල කොයිවෙලෙත් ලඟතිබ්බට මෙදා පාර ඒකෙ තිබ්බ එව්ව ප්‍රොයොජනවත් උනේ නෑ.. ඊයන් කොළ කෑල්ලක්.. කතුරක්.. පේපර් සර්වියට් කෑල්ලක් වගේ දේවල් වලින් මොනවද ඉතින් කරන්න පුලුවන් මේවගේ වෙලාවට.. ;) එහා පැත්තෙ එකාගේන් ෆයිල් කට්ටක් ඉල්ලාගත්තා... ඒකින් මං සියල්ලට විසදුමක් සොයා ගත්තා...



මෙන්න මෙහෙමයි අපි අරපිරිමස්මෙන් වැඩ කරන්නේ.... ක්ල්සා යවලා ඉස්කොලෙ යවලා ලස්ස ගනන් අම්මලා අපිට වියදන් කරද්දි අපි කොහොමද හිත හදාගෙන සෙරෙප්පු කූට්ටමකට සල්ලි වියදන් කරන්නේ... :) මේක මගේ ලොබකමද අරපිරිමැස්මද ඈ...? 
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා...
නංගියෙ නොහොඹිනා කම් හුරුවෙන්නෙපා....
 කියලා උපදෙස් දෙන්න තරන් ඕන් මං සමාජයේ කෙළපැමිනිලා නෑ ඕන්... ඒත් ඉතින් ප්‍රොපිශනල් බ්ලොග් කරුවෙක් විදියට මං අවසාන වශයෙන් කියන්න කැමතී... ම්ම්හු..
මාව ආදර්ශයට අරන් හරි අරපිරිමැස්මට පුරුදු වෙන්ට... ගොහින් එන්නාම්... :D




Thursday, August 30, 2012

මිශන් ඉන්පොසිබල් වෝස් ශ්‍රේක් | ඇඟිල්ලාගේ විචාරය | පවුලේ සැමට නැරබිය හැක!


හපෙ අප්පේ... ජිවිතකාලෙටම ලැබුනු අවාසනාවන්ත නිවාඩු කාලෙ ඕන් ඉවර විගෙන යනවා... ඕන් යන්තන් යන්තන් වෙලාව ගැට ගහන් ආව මගේ හකුර රැක ගන්න... තියෙන්නෙත් මෙක විතරයිනෙහ් සන්තකේටම...
වෙලාවක් හම්බෙන වෙලාවට පොටුවක් ලියන්න පටන්ගත්තට භාගෙට ලියනකොට වෙලාව අහවර වෙනවා නෙව.. පොස්ට් භාග කෑලි අම්බානෙට... කොමත් දෙසැරයක් ලියලා දැම්මාම බොලෑ ඔලුව ඔල්මොරොන්දන් වෙනවා නෙවැ.. ඒක හන්ද බහුතරයක්ගෙ ඉල්ලීම පිට (තුන්දෙනයි ඈ) පොස්ටුවක් උනු උනුවෙන් ලියන්න පටන් ගත්තා...

කතාවට කට්ටිය කොහොම කැමැති වෙයිද දන්නෙ නෑ මේ සැරේ... මට අද හැන්දෑවෙ හිතුනු දෙයක් ඕන් කියන්නේ...

මිශන් ඉන්පොසි බල්.. අද හැන්දෑවෙ තමයි පිල්ම් එක බලලා ඉවර කොරේ.. පට්ටා ෆිල්ම් එක.. බොලා දැන් කිණ්ඩියට ගන්නෙපා ඉතිං දැනුයි ඕක බලලා තියෙන්නෙ කියලා... වෙලාවක් ලැබුනු වෙලේ බලලා දැම්මා... ගොඩ දෙනෙක් කාරිය බලලා ඇතිනේ...

පිල්ම් එක පැය දෙකක් පුරාවට විහිදුනාට මට හිතට ඇල්ලුව හොදම කෑල්ල තමයි අර හිරෙන් පැනාලා යන කෑල්ල.

කතාව සැකවින:
ඊතන් එහෙමත් නැත්නම් කතානායකයා (මට හිතුනුවිදිය ඈ) හිරේ.. කතාව පටන්ගන්නෙ එහෙමයි.. බෙන්ජි කියන්නෙ එයාගෙ කල්ලියෙ යාලුවෙක්.. බෙන්ජි හිරගෙයි කොම්පියුටර් පද්දතියට මෙව්වා වෙලා ඊතර්ව බේරගන්නයි යන්නේ.. ඒත් ඊතර් එලියට යන්නෙ නැතිව ඇතුලට යනවා... බෙන්ජිට තියා මුලින්ම බලන අපිටත් හිතාගන්න බැරි උනා. බොග්ඩෑන් කියලා වෙනින් හිර කාරයෙක්ව බේර ගන්ට තමයි එයැයි ඇතුලට යන්නේ.. නිකන් ඇදුනුම් කමක් විතරයි. අඩු ගානෙ ඒ කල්ලියටවත් සම්බන්ද කෙනෙක් නෙවේ... එයාවත් අරන්ම තමයි හිරෙන් පනින්නේ....

දැන් කියමු බලන්න ඒ ෆිල්ම් එකේ කොතනකටවත් වැඩක් නොවුනු සුළු චරිතයක් රගපාන බොග්ඩෑන් ව බේර ගන්න ඇයි ඊතන් කට්ට කාන් ගියේ...? හිරෙ ඉන්න කාලෙ අල හිටොලා අල තැම්බුවද දන්නෙ නෑ... එව්ව අපිට අදාල නෑනේ. ;) කොහොම හරි ඒ ෆිල්ම් එකෙ ආයෙ පුන්චි තැනකට විතරක් පෙනි ඉන්න සුළු ජරිතයක් එච්චරටම හයි ලයිට් කරලා පෙන්නුවෙ ඇයි කියන පොඩි ප්‍රස්නයක්... කඩ්ඩ නම් එච්චරම බෑ ඕන්.. තේරුනු විදියට ෆිල්ම් එක අතුලෙ කොහෙදිවත් ඒ වැඩේට හේතුව කාගෙවත් කටින් කියවුනේ නෑ මන් හිතන්නේ...

ඒ කතාව ඔහොම්මම පැත්තකින් තියලා අපි යමු ස්‍රේක් දිහාට. ස්‍රේක් කියන්නෙත් පට්ටා ෆිල්ම් එකක්... ඒකනම් ඉතිං අපි සිරසෙ කාර්ටූන් වලින් හඬ කැවිම් සහිතව බැලුවනේ.. :) ඒක ගැන මුකුත් විස්තරයක් ඔනෑ නෑ... කට්ටියටම මතකද ස්‍රේක් අර මයාකාරිගේ මායා බඩු ස්ටොක් එක කඩලා බෙහෙත් කුප්පියක් ඉස්සුවා...? ආන් ඒ ඉස්සුවෙ එක බෙහෙත් කුප්පියයි! අර රූපේ වෙනස් වෙන බෙහෙත.. ඒ සැරෙ මායා කරී මොකද කරේ.. එයාගෙ ඩේටාබේස් එක බලලා පට් ගාල අඩු බෙහෙත හොයලා ඒකට අදාල උපක්‍රමයක් යෙදුවා... ඒදා ශේකුත් ඊතන් වගේ පොඩ්ඩක් මොළෙ කල්පනා කරලා බෙහෙත් කුප්පි කීපයක් ඉස්සුවානම් සුරන්ගනා කතාවක් උනත් එක බලපු පුන්චි ළමයට ආදර්ශයක් වෙන්න තිබ්බා.. ;) මොනවා උනත් මට නම් සිරසෙ ශ්‍රෙක් බලද්දි එකපාරටම හිතට ආවේ, මූ මහ මොඩයෙක් ය කියලා..

දැන් තේරෙනවනේ ඊතර් බොග්ඩෑන්ව බේර ගත්තෙ ඇයි කියලා... එයා එහෙම කරා කියලා පැහැදිලි වෙනසක් කතාවෙ ඉස්මතු කරලා නැති උනාට එවෙලෙ ඊතන් විතරක් පැනලා ගියානම් කතාවෙ ලොකු වෙනසක් වෙන්න ඉඩ තිබ්බා...

කතාවනම් ඔච්චරයි ඈ... දැන් පුංචි ළමයින්ට මිශන් ඉන්පොසිබල් කියන චිත්‍ර පටයෙන් ගතහැකි ආදරශටකත් සැකවින් ගත්තොත්...
අපි හැම වෙලේම හොරකමක්/ අපරාදයක් (හෝ හොදවැඩක්) කරනවනම් අපි හැම තිස්සෙම ඒකට අකුල් හෙළන පාර්ශවය නොමග ඇරිමට උපාය ශීලි වෙන්න ඔනෑ... 

පසුවදන:

ළමා මනස විකෘති කොරා කියන්නෙපා ඈ නරක ආදර්ශ දීලා... ;) අද ටිකක් වෙනස් විදියකට  පොස්ට් එක දැම්මෙ පුංචි හේතු ඉපයකටත් එක්කලා... (ඊයෙ ලියන්න පටන් ගත්තේ..)
එක තමයි හුදී පාඨක ජනයාගේ ඉල්ලිම... මුන් ඇෆ් බී එකට මැසේජ් දාලා දැන් හිච්චි ඇඟිල්ල ඉදිමුනොත් තොපි වගකියපන් ඈ.. :P
දෙවෙනි එක තමයි ප්‍රදානම කාරනේ... පියෙහි විප්පයෝගෝ දුඛ්කෝ කියලා බුදු හාමුදුරුත් කියලා තිබ්බට සියළු දේ නැසෙන සුළු නිසා ඒ දුකත් කෙටි කාලීන වෙන්න ඔනෑ.. සාමාන්‍ය මිතුරෙක් නැති උනාම  කෙටිකාලින දුකක් උනාට එහෙම දීර්ඝ කාලින දුක් ඇතිකෙරෙන යාලුවොත් අපිට ඉන්නවනේ... මැරුන එකා මැරුනා කියලා ඉන්න තිබ්බා කරන කියන කිසිම වැඩකදි ඌව මතක් වෙනැත්නම්.. මම කොහොමත් එහෙම විනොදෙන් ඉන්න ඩයල් එක.. ඒත් කිසිම වෙලාවක මට මගේ යලුවා නැති උනු එක අමතක කරන්න බෑ.. මෙ කතාව පොස්ට් එකට අදාල වෙන්නෙ නම්,
ඌ තමයි මාව ෆිල්ම් බැලිලට පුරුදු කරේ.. ඌ බලපු විල්ම් එකක් ඌ කටින් කියනවා ඊ ෆිල්ම් එක අපි ඇත්තටම බලනවට වඩා පට්ට විදියට... අපි දෙන්නගෙ පුරුද්දක් උනේ බලපු ෆිල්ම් අපේ මනස් වලට සාපේක්ෂව විචාරයක් කරපු එක... දැන් මට තනියෙන් තමයි ඒ විචාරය කරන්න වෙන්නේ.. ඒ තනි කම යන්නත් කියලා තමයි මගෙ පිස්සු විකාර අදහස් ටික "මචං" කියලා කැටගරියක් හදලා අද ඉදං දන්නේ...එහෙට ඉන්ටර් නෙට් තියෙද දන්නෙ නෑ කාරිය.. කොහොම හරි ඌ කියෙව්වොත් ගොඩ.. අනික් යාලුවන්ට නම් මට එන අදහස් කිව්වාම මට හිනා වෙනවා.. උබලත් හිනාවෙයි.. :D අවුලක් නෑ.. මනුස්සෙක්ව හිනස්සන්න එකත් අමාරු කාරියක්නේ... ඒකටත් පින තියෙන්ටෝනේ...

අහ් තව ජෙනරේටරයක් වගේ අපිට ෆිල්ම් සපයන බයිස්කෝප් සයිට් එකටයි මට උඩින් යන්න හරි ලියාපිඅ කියලා දිරි ගන්නපු කට්ටියටයි කොයොන ඔක්කොලාටමයි හද පිරි බක්කිය!

Related Posts Plugin for WordPress, Blogger...