Tuesday, October 26, 2010

සිංහල එපා කියන පොත

මෙ බ්ලොග් එක හදනකොටනම් හිතුවෙ තාක්ෂනය , කාලීන පුවත් වගේ හැමෝන්ටම පොදු දෙවල ලියන්න කියල! ඒත් දැන් මෙ අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි කියල එදිනෙදා සිදුවන පෞද්ගලික දෙවල් ගැනත් නොලියත් බැ!

ඉතින් ඒකනිසා මම හිතුව අද , මීට ටික දවසකට කලින් මට උනු සීන් එකක් ගැන කෙටියෙන් කියන්න... සමහරක් විට මේ වගෙ දෙයකට ඔය ගොල්ලන්ටත් මූන දෙන්න වෙල ඇති..
මගෙ මෙ බ්ලොග් එකට එන යන හැමකෙනෙක්ම වගෙ ඉන්නවනෙ ෆෙස්බුක් එකෙ. ඉතින් මම ත් ඔකෙ ඉන්නවා (...) මෙ දැන් දවසකට කලින් මම සුපුරුදු විදියට කොම්පියුටරෙ ඉස්සරහ ඉදගත්තෙ ඉතින් IT ප්‍රැක්ටිකල් වගයක් කරන්න හිතාගෙන.. අවසනාවක මහත් එදත් උනෙ වෙනද වෙන දේමයි. නිකමට වගෙ නිකම්ම මුහුනු පොත පැත්තෙ ගිය. ගියාකියල කියුවට ගියේම නැ ඉබේ යැව්නා. ඉතින් ඔන්ලයින් ගිහිල්ල ටික වෙලවක් යන්න හම්බ උනෙ නැ භාග්‍ය අයිය චැට් කරන්න සෙට් උන! හැබැයි වෙනද වගෙ නෙවේ! එය පටන් ගත්ත ගමන් ඇහුවෙ මල්ලියෙ අර නොටිෆිකේට්ශන් එක දැක්කද කියල! ඉතින් මම ත් හොයල බැලුව! කිරි අප්පට කපුටො කොටපි~ හැබැ නෙන්නන්! එක්කක් තිබුන fb එකෙන් එවපු! ඉතින් මමත් උඩින් පල්ලෙන් කියවල බලල ටග්ගල භාග්‍යයගෙන්ම ඇහුව මොකක්ද සීන් එක කියල. ඊට පස්සෙ එයතම සෙරම විස්තරෙ තෙරුම් කරල දුන්නේ. මෙන්න එහෙනම් ඔයගොල්ලොත් බලන්නකො.....
"
Please Update Your Name on Facebook
To help reduce spam and increase authenticity in the Facebook community, please take a moment to:
  • Make sure your profile name does not include characters from more than one alphabet
  • Remove any special symbols (e.g., $#@!✩ℂ) used in your name on Facebook
If you'd like to list your name in a second language, please use the Alternate Name field in your Account Settings."

මම කරයි අප්ඩෙට්! පස්සෙ තම දැනගත්තෙ fb එකෙන් මෙවගෙ නීති දාල spam කරුවන්ව ආයින් කරන්න යනව කියල! එතකොට අපි අපෙ භාශාවෙන් නම ලිවීම ස්පැම් ක්‍රීයාවක් හුහ්!!!!
කොකින් කොහොමහරි මමනම් නම වෙනස් කරන්නෙ නැ.. මම හිතන්නෙ සින්හලෙන් නම ලියල තියෙන අය හැමෝන්ටම මේවගෙ fb එකෙන් කියන්න ඇති! මාක් ගෙ ආච්චිට හාල්ගරන්න කියල එහෙම වොරින් මැසෙග් ආපු මම වගෙ හැමෝම නම වෙනස් නොකර හිටියනම් වැඩෙ ගොඩ!

ඔන්න මම එහෙන්ම් නවතිනව. මම හිතන්නෙ මෙ මම OL ට කලින් ලියන අන්තිම පොස්ට් එක වෙන්න ඇති. මම අයි හමුවෙන්නෙ මගෙ සයිට් එකෙ තවත් වෙනස් කම රැසක් එක්කක! හැමදෙනාටම විශ්වාසනීය වෙනසකින් යුතු සුබ අනාගතයක් පතනව~~~~~~
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව.. මම Jආලය අතර සැරිසරද්දි මාක් ශූකර් ගැන ලියල තිබුනු පැදිපෙලක් මට හම්බ උනා ( උපුටා ගත්තෙ http://nirapeksha.wordpress.com එකෙන්)

අඳුනන නාඳුනන

හැමෝම එකතුවෙන

හැමෝගෙම කාලය

අනුභවයට

උදව් දෙන

හැමෝම බලන නිසා

මාක් ගේ සාක්කුව

බර වෙන

වැඩිම පි‍ටු ගනන ඇති

මාක් පෙරලූ

ලෝකයම යටවූ

ලෝකයේ ලොකුම පොත

මාක් ගේ

“මූනු පොත”




නවතම වෙනස් කම් රැසකින් පස්සෙ නැවත් හමු වෙමු-
මීට් කඩවත නියුටන් (පවිත්‍ර)
Related Posts Plugin for WordPress, Blogger...