Friday, March 7, 2014

නිවසෙදීම සජීවීව duck hunt ගහන්න | නවනිපයුමක්

මට කොහොමත් මෙ කෘමි සත්තුත් එක්කලා එකාලෙ ඉදන් පොඩි තරහක් තිබා! කලින් පාර නව නිපැයුමත් මදුරුවන් මර්දනය කරන්න හදපු එකක්නේ!.. :D

මෙදාපාර ඊටවඩා සැහෙන්න වැඩි දියුනු වුන නව නිපයයුමක්... කාලෙකට කලින් හොයාගත්තට තක-හනියක් අදම ලියන්න හිතුන හේතුවත් කියලා ඉන්නම්කො... 

පොඩි කාලෙ මන්දපොසනෙට මට ත්‍රිපොසා කන්න දිලා තාමත් එව්වා නැතුවම බෑ.. ඔන්න හැමදාම උදේට ත්‍රිපොසා කකා කොම්පියුටරෙ ඉදිද්දි කිබොඩ් එක උඩට එහෙම සිනි ඇට පොල් කුඩු කෑලි ත්‍රිපොස කැලි එහෙම වැටෙන්නෑ කියන්නම බෑනේ... :D මිටකලින් දවසකත් ඔහොම වැටිලා එව්වා කන්න ආපු රතු කූබි කලා යන්නෙ නැතුව කීබෝඩ් එක ඇතුලෙම ජනාවසා හදාගෙන සැර ගේමක් දිලා එවුන්ව එලෝ  ගත්තෙ.. ඇයි අවුරුදු කොච්චරක්ද පදිංචිය තහවුරු කරාම සින්නකරවම ලියොගන්න පුලුවනේ! එවුන් කිබොඩ් එකෙ බොත්තන් ඇතුලු පැත්තෙ බිත්තරත් දාලා! එවා අයින් කළේ ඉරටු කෑල්ලකින්... කොහොම හරි එදා එහෙම එලොලා දැම්මා.. මෙන්න අද බලද්දි ආයෙමත් ලට්ට ලොට්ට අරගෙන ඇවිත් ආයෙ පැල පදියම් වෙලා.. මෙව්වා කාට කියන්නද.. ඔහොම ඉද්දි කල්පනා උනෙ ජිවකට උනත් හොද කරන්න බැරි කර්ම රෝග කියලා ජාතියක් තිබ්බ විත්තිය.. 

ඇත්තටම මෙක මං පෙර කර කරුමයක් වෙන්නැති කියලා හිත හිත ඉද්දි ඔන්න මට මතක් වෙනවා කාලෙකට කලින් මම හොයාගත්තු අද කියන්න යන නව නිපැයුම... 

මෙ නවනිපැයුම හිතුනෙ මෙහෙමයි.

දවසක් කොමඩ් එකෙ ඉදගෙන වැඩෙ කරද්දි මෙන්න අර ඇරලා තිබ්බ පැන්ලයිට් එකෙන් කොහෙදො යන අසම්ජ්ජාති මැස්සෙක් ඇතුලට ඇවිත් එහෙ මෙහෙ පියාඹනවා.. මං ඉතින් ක්‍රියෙටුවු මිනිහනේ... මැස්සා දැක්ක ගමන් හිතෙ කොළ පාට බලුප් එක පත්තු උනා! කොමඩ් එකෙ ඉදලා අතෙ දුරින් එයර්ෆ්‍රෙශ්නර් එක තියෙන්නේ... එක ගත්තා අතට. ඔන්න තරගෙට නිතියකුත් දාගත්තා.. කොමඩ් එකෙන් නැකිටින්නැතුව වෙඩි තියන්න ඔනෑ කියලා.. නැතුව මැස්සට අසාදාරනයිනේ.. වෙඩි තියනවා කිව්වෙ එයර්ෆ්රෙශ්නර් ඉහිනවට හොදේ.. අර වටෙටම ඉහෙන පැත්තට නොසල් එක හදලා ඔන්න මං මැස්සට ඉලක්ක කරලා වෙඩි තියනවා.. :D ඔහොම ඔහොම වෙඩි 5ක් 6ක් තියද්දි මැස්සා බිමට වැටුනා.. ඔන්න ඔහොම වැසිකිළිය තුලදි තමයි මගෙ නව නිපැයුමට අඩි තාලම වැටුනේ..  


ඔන්න හෝදගෙන කරගෙන එලියට ඇවිල්ලා කල්පනා කරද්දි මට මතක් උනේ ඩක් හන්ට් ගේම් එක.. අර චුටි කාලේ ටිවි එකට ගහලා තාරාවන්ට වෙඩි තියන්නේ. ඉතිං ඉස්සර මං ඔක ගහද්දි තාත්ත බනිනවා මොනාද ඔය පවුකාර වැඩ කියලා.. මං එක ඇත්තටම ගැහුවෙ ගෙම් එකට තිබ්බ ආසාවටමත් නෙවේ.. මට හෙන අවුලකට තිබ්බෙ කොහොමද එලියෙ ඉදන් වෙඩි තිබ්බාම විදුරුව හරහා ගිහින් තාරවට වදින්නෙ කියලා.. එත් තාත්තා තුවක්කුව කියන්නෙ ළමා මනස මෙව්වා කරන සෙල්ලන් බඩුවක් නිසා එක හන්ගලා තිබ්බා.. -_- 

කොහොම හරි ඒ ඇරියස් එකටමද මං දන්නෑ මම ලයිවු ඩක් හන්ට් ගේම් එකක් හැදුවා.. 

අපෙ අල්ලපු ගෙදර හතු වගාවක් තියෙනවා... එකෙ අයින් කරන ද්‍රව්‍ය විධිමත් ආකරයට බැහැර කරන නිසා අපෙ ගෙදර මුදුලෙ එක කෙළවරක මැස්සො හෙන බහුලයි... කොහොමින් හරි අවශ්‍ය ද්‍රව්‍ය ගෙදරින් සපයගෙන ඒ මුල්ලට ගේම් එක ගහන්න තියෙන්නෙ දැන්.. අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියනවනම්, හෙයර්ස්පේරෙ එකක්. ( ආදේශකයක් විදියට නිකන් ස්ප්‍රේ මැශින් එකකට තිනර්, ටර්වන්ටයින් බ්ලා බ්ලා බ්ලා ඇවිලෙන ද්‍රවයක් දාලා හදාගන්න පුලුවන්. කොහොම උනත් වැඩෙ පිළිවලට කරගන්නනම් සීල් ටයිප් ස්ප්‍රේ එකක් ගන්න එක තමයි හොද.. wd-40ක් උනත් කමක් නෑ.) ලාන්පුවක් හෝ ලයිටරයක් වගෙ දෙයක්.. අර මම හදපු ලයිටරෙ වගෙ එකක් බෑ. 

ඉතින් කරන්න තියෙන්නෙ මැස්සො ගහන තැනට ගිහින් ලාම්පුව පත්තු කරලා එකට ස්ප්‍රේ එක අල්ලන එක මැස්සන්ට ඒම් කරලා.. :) ඉලක්කෙ හරිනම් කිසි කතාවක් නෑ මැස්ස බිම! *මැස්සො ගහන තැන කිව්වෙ බහුල ප්‍රදේශය කියන අර්ථයෙන් හොදේ!
ඔන්න ඔකයි නිපැයුම. කොම වෙතත් ඔය කරපුවා දැන් පඩිසම් දෙනවා කියලා තමයි දැන් හිතෙන්නේ...


ප.ව.
පවු වැඩ රස කර කර කියැවිමෙන් ඔබත් එම පවම අනුමොදන් වූ වගයි.. ආයෙත් මාසා 4කින් 5කින් හම්බෙමු.. (y)  

12 comments:

  1. මාස පහක් මදි නේද අවුරුද්දකින් එන්නං

    ReplyDelete
    Replies
    1. -_- ඔව් අවුරුද්දකින් ආවොත් එක පොස්ට් එකයි නැත්තන් දෙකයි මඟ ඇරෙන්නේ

      Delete
  2. මේවා දානකොට 18+ ලේබලේ ගහලා දාපන් ..නැත්නම් පොඩිවුන් මේවා කරන්න ගිහින් පුච්ච ගනී ..

    ReplyDelete
    Replies
    1. 18+ කියන්නෙ කුණුහරුප වලටනේ බං

      Delete
  3. උඹ ඉතින් කියලා දෙන්න ගියොත් මෙහෙම එකක් තමා.. හා එහෙනම් තව කාලෙකින් සෙට් වෙමුකෝ..

    ReplyDelete
    Replies
    1. -_- හිත හැදෙන්නවත් ඉක්මනට ලියපං කියලා කියහංකො

      Delete
  4. යකෝ බලාගෙන යනකොට මේක මහ බයානක එකෙක්නෙ.
    නරකද කී බෝඩ් එකටත් ඔය ක්‍රමේම අත්හදා බැලුවොත්.

    එහෙනං අායෙ මාස 4 කින් එඤ්ඤං කොල්ලො. :D

    ReplyDelete
    Replies
    1. ෆයර් පෲෆ් එකක් නේවෙයි කිබොඩ් එක.. මං එකට කිබොඩ් එකට කලෙ වෙනම වැඩක්.. එකත් නව නිපැයුමක්.. පස්සෙ රසකරලා කියන්නම් :D

      Delete
  5. ඊට වඩා ලේසියිනෙ බං මැස්සට වොන්ඩ් එක අල්ලල අවාඩ කඩාව්‍ර.. :) ඇඟ ගිණි අරං වේදනා විඳීන්නෙත් නෑ.. එක ස්පෙල් එකයි මැස්ස බිම..

    ReplyDelete
    Replies
    1. මගෙ වොන්ඩ් එක කැඩිලා බං.. ඔය වගෙ භයානක ස්පෙල් කියන්න බයයි ආයෙ මගෙ පැත්තටම එයි කියලා..

      Delete
  6. හදනවනම් හදපංකො වැඩක් ඇති නිපැයුමක්.. හරියට මකුළුවො මර්ධනය කරන්න පුළුවන් එකක් වගේ :D මැස්සො මරල කන්නද ඕයි !

    ReplyDelete
  7. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...