Monday, February 13, 2012

ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්.....|විත් වැලැන්ටයින්

ඕන් හුගදාසකින් වල් කැටගරියට පොස්ටුවක් ගෙනාවෙ නැති හන්දම හෙට වැලැන්ටයින් එකත් ඈදලා හෙට දවසට ප්‍රයොජනවත් වෙන කරුනු කාරනා ටිකක් තමයි අද පොස්ටුවෙන් කියනට හදන්නේ... කොකටත් කලියෙ කණ සුද්ද කරන් ඉමුකෝ... :D

ඕන් තව සුලු මොහොතකින් එළබෙන මැදියම් රැයේ හෙට දවස ගැන වචිකව ප්ලෑන් ඔය කවුරු කවුරුත් ගහවි නොවැ.. එව්වා ඉතිං ඒ ඒ අයගේ හැකියා... හැබෑ රෑට මං අලගලවන්නම් අල තම්බන්නම් කියනවා වගේ නෙවේ පහුවදාට ඇත්තටම අල ගලවන්ට ගියාම... සමහර ඈයො ඔයා අලගලවන්නම් අල තම්බන්නම් ආදි වශයෙන් කියන එකට කියන්නෙ මොල් කරනව කියලලු ඕන්... අපේ එකෙක් ගඟ හත්ගවුවක් තියාගෙන මොල් කරන්ට ගොහින් ඇණ ගත්ත කලින් සැරයක් කිව්වේ... ;) කොක කොහොම වෙතත් ඉංග්‍රීසියෙත් Moll කියල කියන්නෙ චාටර් වචනයක් නිසා අපි මෝල් කියන එකේ නිසි අරුත් එන්ට විජ්ජාත්මක නාමයෙන්ම කතා කරමුකෝ.. ලිංගික උච්චාවස්තාව කිව්වොත් ප්‍රාදේශීය ගැමි වහරෙ තියෙන මොල් කියන වචනෙට ගොඩක් දුරට ගැල පෙනවා... ඔය වචන හරුපෙ කියා දුන්නෙ මෙතනින් එහාට කියාගෙන යන මාතෘකාවත් මොල් (ලිංගික උජ්ජාවස්තාවට) සම්බන්ද නිසයි...  :D


දැන් මං ඩෙස්මන් මොරිස්ට අනුව මිනිස්සුන්ගෙ ලිංගික උච්චාවස්තාවට පමුනුවන වඩා සංවේදි ඉස්තාන ගැන කියන්නම්.... සැර වැඩි වෙන පිලිවලට ගෑණූ ඈයන්ගෙ අදාල ඉස්තාන ටික කියාගෙන ගියොත්,
  • ඇඟිලි තුඩු
  • කම්මුල්
  • කන් පෙති
  • නාහේ
  • ගෙල අවට සම
  • තොල් පෙති
  • දිව
  • තල්ල
  • කලව (ගල)
  • පියයුරු
  • තනපුඬු
  • නිතඹ/ ලිංග ප්‍රදේශය
  • ගරීය ඕෂ්ඨය*
  • භගමණිය*
  • %#&%^(&^
ඔන්න ඔහොමයි ගෑණූ ඈයන්ගෙ සංවේදි ඉස්තාන ටික... මෙවයෙ අනුපිලිවලේ කෙනාගෙන් කෙනාට පොඩි පොඩි වෙනස් කම් තියෙනට ඉඩ තියේ... මේ තියෙන්නෙ සාමාන්‍යය... :D මේ බ්ලොග් කෑල්ල යුනිසැක්ස් එකක්නේ.. දැන් ගෑණු ළමයි මාත් එක්කලා තරහා වෙයි පිරිමි අයගෙ සංවේදි ඉස්තාන කිව්වෙ නෑයි කියලා.. කල බල වෙනට එපා දැන් ඒ ටික තමයි කියනට යන්නේ.. ඕන්
  • (ඇඟිලි තුඩු, කම්මුල්, කන් පෙති, නාහේ, ගෙල වලට පිරිමි ඈයො නම් ඒ හැටි සංවේදි බවක් දවන්නෙ නෑ හරි)
  • ලය මඩල ( අර ජේසුගේ හාර්ට් එක තියෙන්නෙ)
  • තොල් පෙති
  • දිව
  • තල්ල
  • ලිංග ප්‍රදේශය
  • ශිශ්නයේ පිට සම
  • වෘශන කොෂවල පිට සම
හරිය... යකො ගෑනු කස්ටියට වඩා පිරිමි ඈයන් ගේ තැන් අඩුයිනේ මොල් වෙන.. :O එව්ව නම් මං දන්නෙ නෑ... පතේ පොතේ දැනුමින් හෙට දවසට අත් වැලක් තමයි මං සැපයුවෙ හරිය... මං ගැන අක්කා විදියට හිතනට එපා ඕන්... :D

ප.ව.
ගරීය ඕශ්ඨයටයි භගමණියටයි තරු දෙකක් දාලා තිබ්බ දකිනැති... ඔව් ඔය ගැන අපි කලින් කතාකරානේ.. මං දන්න තරමින් ප්‍රාදේශීය ගැමි වහරේ ගරීය ඕශ්ටයට කියන්නෙ මෑ මල කියලා.. භගමණියට කියන්නෙ මෑ ඇටේ කියලා....
අහ්,
 අල ගලවන්නම් අලතම්බන්නම් කියන ආත්තෝපදේශය උපුටා ගත්තෙ අවජාත කතෲ වරයෙකු විසින් රජිචිත "කුමටද සොබනියෙ කදුලු සලන්නෙ.."  යන ගීතයේ අඩන්ගු "ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්.." ආදි ගීත කණ්ඩයන්ගෙන් බව සැලකුව මනාය. 
එතනින් අද පොස්ටුවත් අහවරයි... 

 හැපි වැලැන්ටයින්.....

Saturday, February 11, 2012

යොහෝවා වෝස් හැරී පොටර්....

ඕන් ආමි බර කාලෙකට පසුව... තැන තැනැ කැත බල්ලො කැත කරලා අම්බානෙට... එව්වා අහක් කරනවා තියා වැලි ටිකක් උඩින් දාන්ටවත් වෙලාවක් නෑ අප්පා... උඩින් පල්ලෙන් වැලි ටිකක් දාලා ආව ඕන් පෝස්ටුවක් දාන්ට...
යොහෝවා කියද්දි ඉතින් මනුශ්‍යත්වාරෝපනය උනු චරිත කාට කාටත් මතක් වෙනවනේ... ;) ඉතිං කොහොමෙන් කොහොම හරි  අද කියනට යන්නෙ වෙනින් සිද්දියක්....

ඔය කවුරු කවුරුත් ඉස්පැල් බයිඩර් බලල ඇති නොවැ... ඒකෙ ඔයැ කියවෙනවනෙහ් සමාන්තර ලෝක ගැන... ඔය සමාන්තර ලෝක ගැන දැන ගන්න ඉස්පැල් බයින්ඩර් කියවන්ට ඔනි නෑ...ඥානවිමල හාමුදුරුවන්ගෙ පෙනෙන ලොව තුල නොපෙනෙන්අ ලොවක් වගේ පොත් වලත් ඔය සමාන්තර ලොක ගැන සඳහන් වෙනවා... හැක් හැක්... එක ඉතින් බෞද්ද දර්ශනේට අනුව ලියපු එකක් නොවැ... විශ්වීය දැනුම තියෙන්නෙ අහවල් ආගමේනේ.. ;) අන්න ඒ හින්ද අහවල් ආගමේ ඇත්තියෙක් සමාන්තර ලොක ගැන කියලා තියෙන විදියට මං කියන්නම් ඕන්... :D  බෙටී* කියලා ගෑනු කෙනෙක්.. එයා කියලා තියෙන විදියට ඔය සමාන්තර ලොක තියෙන්නෙ අපේ ලොකේත් එක්කමයි.... ඒත් ඒවා එකිනෙකට සාපේක්ෂව මාර වේගෙකින් බ්‍රමනය වෙන නිසාලු.... එයා කියන්නෙ හයියෙන් කැරැකැවෙන පෑන් එකකින් එහා මෙහා පැත්ත පේනව වගේ ඒ ලොකත් විනිවිද යනවයි කියලා... හැක් හැක්...  අයිස්ටයිනුත් කියලා තියේනෙ හයියෙන් යනට යනට ඒක ශක්තියක් වගේ වෙනවය  කියලා... ඔව් ඒ කියන්නෙ හයියෙන් ගියාම දෙයියො වගේ වෙනවා... ඒකෙත් පොඩි ගතියත් කියෙනවා නේ... අන්න ඒක හින්ද්ද දන්නෙ නෑ ටී ඇම් ජයරත්න මාමා පාර හදන තැන කුඹුරු කොටන තැන ගිනියම් අවුවේ දෙවියො වැඩ ඉන්නේ කියලා කියන්නේ..
ඔන්න ඔකයි සමාන්තර ලොක කතාව.. 

ඉතිං ඔය සමාන්තර ලොකෙන් ලොකෙට ඉන්න කස්ටිය එකෙනෙකට වෙනස් වෙනවලු...  දැන් අපේ ලොකේ ඈයො ත්‍රිමානත්වය ප්‍රමුක විච්ච ඈයො... දැන් ත්‍රිමාන කියන්නෙ මොකද්ද කියලා බලමුකො... අර ප්ලෙමින් ගෙ දකුණු අතයි වම් අතයි දෙක හැදිලා තියෙන්නෙ ත්‍රිමාන විදියට කියලා චුටි කාලෙ විජ්ජාවට ඉගන ගත්තා... මෙහෙමනේ.. මොකක් හරි අතේ මාපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි මැදැගිල්ලයි එකිනෙකට ලම්බක වෙන විදියට  දික් කොරාම පේනවනේ... ඕන් මං කියනවා ඒ ඇගිලි තුනටම ලම්බක වෙන විදියට සුළැඟිල්ලත්  දික් කොරන්ට කියලා... කාට හරි ඇහැකිද? අන්න එකයො උපරිම තල තුක් විතරයි එකිනෙකට ලම්බකව අපිට බලන්ට පුලුවන් වෙන්නේ... අන්න ඔකයි ත්‍රිමානත්වය ප්‍රමුක වෙලැයි කියලා කියන එකෙ තේරුම... දැන් අපි අනික් සමාන්තර ලොක ගැන හිතුවොත් සුපර් මාරියො ලා ඇත්තටම හිටියනම් ඒ ද්වීමානතවය ප්‍රමුක විච්ච ලොකයක්... හැක් හැක්... අපිට අර කාණු බටේකට රිංග ගත හැකිනම් ඔන් ඒ සමාන්තර ලොකෙටත් යත හැකි...



ඒත් හැරී පොටර්... ඒ අය මොන ලොකෙද? ද්වීමාන ලොකේ ප්‍රමුක කර ගත්තු ඈයොද ත්‍රිමාන ලොකෙ ප්‍රමුක කර ගත්තු ඈයොද... ඔව් ෆිල්ම් එක ගැන කතා කරොත් ඩැනියල් ලා  එමා ලා එක්කලා බැලුවාම ඒ අයත් අපේම ත්‍රිමානත්වය  ප්‍රමුක උනු ලොකෙම තමා... ඒත් එතකොට සුපර් මාරියො එකේ කාණුවෙන් ගියා වගේ අර හැරීපොටර් එකේ 9¾ ප්ලැට්පෝම් එකෙන් යන්නෙ කොහාටද? හැක් හැක්... ඒකෙ ගැටලුවක් නෑ.. අපි මේ කතා කරන්නෙ හැරි පොටර් ල ගැනනේ... එතකොට ඒ අය සිවු මාන පංචමාන වගේ ලොකවලට අයත් ඈයො වෙන්ට ඔනි... ඕන්  දැන් ආවා පොයින්ට් එකට...

බයිබලේ උප්පත්තිය 1 කතාවෙ මෙන්න මෙහෙම තියේ....
27 දෙවියන් වහන්සේ
තම ස්වරූපය අනුව
මිනිසා මැවූ සේක;...
මේ කෑල්ල ගැන නම් අපි කලිනුත් කතා කොරා.. අවුලක් නෑ අයෙම කතා කරමු ඉතිං... මිනිස්සුන්ගෙන් දෙවියන්ට උනු මනුශ්‍යතවාරෝපණය හරි බයිබලේ කියනවිදියට උනු දෙවියන්ගෙන මිනිස්සුන්ට දේවත්වාරෝපණය හරි කොක වෙතත් දැන් අපිට පැහැදිලි යොහොවාගෙ හැඩ හුරු කම් මිනිසාට සමානයි කියලා... අයෙම මට මතක් වෙන්නෙ අපි චූටිකාලේ විද්‍යාවට කන ගැන ඉගන ගත්තා... ඔය අභ්‍යන්තර කන කියන කොටහේ තියේනෙ අර්ධ චක්‍රාකාර නාල තුනක්... ඒව්ව තියෙන්නෙත් අර ප්ලෙමින් උන්දැගේ අතේ ඇඟිලි වගේ කියලා තමා මං නම් මතක තියා ගත්තෙ ඕන්... ඒ කියන්නෙ එකිනෙකට ලම්බකව... යොහොවා මොකො අපි මොකො... අර කියලා තියෙන්නෙ අපුරුවට ඒයත් අපිවගේමය කියලා.... ඔන්න ඉතින් ඔක ඔහොමයි කියමුකො.... දැන් අපිට ප්‍රශන් කරත හැකි....
යොහොවගේ කනේ අර්ධ චක්‍රාකාර නාල එකිනෙකට ලම්බකව තුනක් විතරක් තිබ්බේ ඒයාට අනික් මාන පේන්නෙ නැති හින්ද නෙවේද? හැක් හැක්... ඉතිං අපේ ත්‍රිමාන ලොකයටත් වඩා දියුනු චතුර් මාන පංචමාන වගේ ලොක වල ඈයො න්ට ඇඟිලි තුන එකිනෙකට ලබ්කව දික් කරලා එව්වා අස්සට තමතමන්ට සාපේකශව තවත් ලම්බක අදින්ට හැකියාව තියෙද්දි ඇයි සර්වබලදාරි යොහොවට ඒක කොර ගනට බැරි උනේ.... ඉතින් අප්පේ අරෙන්ම ඇඟිඋලි ගහන්ට පුලුවන් ඈයො ඉන්න මේ විස්වයේ පාලනය යොහොවා බාරගෙන ඉන්න එක සුදුස්සාට සුදුසු තැන නොලැඊමේ කේද වාචකය  ගැන කියන අනුවේදනීය කතා පුවතක් නේහ් බොලෑ.... :( :( :(

ප.ව.
ඕන් ඒ පොස්ටුවත් අහවරයි... අහිංසක විදියට විහිළුවක් කරලා නිකා හිටියාම එනවා මෙතන අභූත චොදනා කරනට... ඕන් ඉතිං මතක් වෙන මතක් වෙන සැරේට අයෙම දානව මෙව්වා... හිටුකො.... මෙන්න මේවටයි විචාරය කරනවා කියලා කියන්නෙ හරිය...? අහ් අර * ක් දාල තියෙන්නෙ බෙටී (betty) ඒයා බෙටී බුක් කියලා පොතක් ලියලත් තියේලු.... මං නම් ඔය විස්තර හොයාගත්තෙ   පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් පොතෙන් හරිය... අර වගේ හර බර පොත් කියවන්න මට කඩ්ඩ බෑ.. :D

ප.ප.ව..
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. හරී පොටර් විතරක්ය.. අපේ හෙලයන්ගෙ මුල් පුරුක දසිස් නැත්නම් රාවනා රජ්ජුරුවන්ටත් ඒ කාලෙ පංචමාන ලොක වල ඈයොත් එක්ක කලෙක්සන් තිබිලා තියෙනවනේ... :)
Related Posts Plugin for WordPress, Blogger...