Monday, May 30, 2011

කවුද වැඩි පුරම වල්....???

හක් හක්.. ඕන් දත් ආව වල් කතාවක් අරගේන. දැන් ඉතින් කස්ටියම දන්නව ඇතිනේ කුණුහබ්බ බිහිවෙන්නෙ කොහින්ද කියල. අද ඔන් කියන්න යන්නෙත් මෙවුව කතාවක්ම තමා.. :D :D මං මෙහෙම කතාවක් ඉතින් කියන්න කියල හිතන් නම් උන්නේ නෑ. මං හිතන් උන්නෙ කස්ටිය Sigmund Freud තුන්වෙනි වර්ගී කරණයට අයිති වෙන අය කියල. බැලින්නම් එහෙම නෑනෙ. එක නිසා ඉතින් අද පොස්ට් එකටත් මට මුකුත් කියන එකක් නෑ.. :D :D ලොල්ය. ඕන් එහෙනම් අපි පටා......න් ගමු.


ඕන් එහෙනම් අද පොස්ට් එකට බය ගහන්නෙත් බලු කතාවකින්. අපි ට නිතර අහන්න ලැබෙන දෙයක්නේ වල් බල්ල කියන්නේ.. මං මේ කියන්නෙ ඔය ගස් කොලන් වලට දාල තියෙන වල් දර්ශකය ගැන හේම නෙවේ... ඉතින් ඇයි මේ බල්ලට වල් කියන විශේශන පදේ දාල තියෙන්නෙ..?? හිච්චක් හිතල බැලුවොත්... සමහරක් විට උගේ චාරයක් නැති කම වෙන්ඩෑ. චාරයක් නෑ කිවුවෙ අර මං කලින් දා කිවුව වගේ දෙනෝදාහක් ඉස්සරහ තමංගෙ පෞද්ගලික කටයුතු කරන එකනෙ.. ඒත් අපි හිතමු අපි කාට හරි "නරකයි" කියනව කියල. මෙතනදි ගැලීලියොගෙ සාපේක්ෂ චලිතය වගේ මූලධර්මයක් නෙ භාවිත වෙන්නෙ... මෙහෙමයි. අපි කාට හරි නරකයි කියනකොට කියන්නෙ අපිට සාපේක්ෂවනේ. (අද ගොඩක් ඒක වෙන්නෙ නෑ..) කොක හරි අර බල්ලට වල් කියනවනම් ඒත් සාපේක්ෂවනේ. ඒ කියන්නෙ අපිට සාපේක්ෂව බල්ල වල් කියන එක.
දැන් අපි බලමු ඇත්තටම අපිද වල් අරූද වල් කියල.
ඔහ් ඊටකලින් මට මතක් වෙන්නෙ කලින්දා පොස්ට් එකට ප්‍රසා දාල තිබුනු කමෙන්ට් එක. Sigmund Freud මහත්තයා ඒකාලේ කියනකොට අද මගේ බ්ලොග් එක කියවන ජාතියේ කස්ටිය ඒ හැටි ඉදල නෑ. මාත් හිතුවෙ එයාගෙ කාලෙ වගේ කස්ටිය අදත් ඉදන් මට බනී කියල. මේකයි සිද්දිය. ප්ලොයිඩ් මාම කියලතියෙනව අපි පුංචිකාලෙ ඉදලම ලිංගිකව විදින විධි.
ඉපදුනු දවසෙ ඉදන් කිරි බීල ඉවර වෙන දවස වෙනකන් අපි ජීවිතේ විදින්නෙ කටින්. ඊටපස්සෙ තවත් අවුරුදු කීපයක් යනකන් අපි විදින්නේ ගුද මාර්ගෙන්ලු. ම්ම් පස්සෙ යවුවනෝදයට පත් උනාම තමයි අදාල අදාල විදියට විද ගන්නේ. ඔහොම කියල තියෙන්නෙ ප්ලොයිඩ්.. ඉතින් මේ එයාගෙ කතාව මිනිස්සුන්ගෙ ගොඩාක් විවේචන වලට බදුන් උනා. මොකො කියනවනම්, එයා අර අපි කටින් ලිංගිකව විදිනව කියපු කතාවට. එකට කිවුවට ඒකටම නෙවේ. ඒයා තව කියල තියෙනව අපි පොඩි කාලෙ උක්කුන්බොන්නේ තියෙන බඩකින්නටම නෙවේ ලිංගික ආශාවක් සන්සිදව ගන්න කියල. හැබැයි එකතාවෙ වැරැද්දක්නම් මං දක්කින්නේ නෑ. මොකද Desmond Morris ගෙ සාක්ෂිත් අරන් බැලුවම කතාව ඇත්ත.


ඕන් ආයෙත් වල් කතාවට ප්ලග් වෙන්න යන්න.
ලොකේ තියෙන උතුම්ම පදවිය කියනවලුනේ මවු පදවිය. ඉතින් කාන්තාවට නෙ ඔයික හම්බෙන්නෙ. කොක වෙතත් බස් එකකක උනත් කියන්නෙ කන්තාහින්සනය වලක්වා ගන්න තමන්ගෙ අම්මට උපමා කොරන්න කියලනෙ කාන්තාව. :D :D ඒත් මට හිතෙනව මෙහෙම දෙයක්.

අපි විහිලුවට වගේ හිතමුකො ලොකෙ මවපු දෙයියෙක් ඉන්නව කියල. ඒත් නැත්නම් ස්වාභාවධර්මය මැවුව කියල හිතමුකො. කවුරු හරි ඔය මනුශ්‍යය කාන්තාව මැව්වෙ මාතෲත්වයක් ඉස්මතු කොරලද? නැත්නම් කාමුකත්වයක් ඉස්මතු කරලද...??? ප්ලොයිඩ්ට විවේචන එල්ල කරපු ඒකලෙ ඈයො හිටියනම් කියයි මාතෲත්වයක් කියල. එත් මං දන්න මයෙ බ්ලොගියට එන අය එහෙම නෙවෙ කියල. (එහෙමනම් කලින් ලියපු පොස්ට් එක වැඩිම හිට්ස් ප්‍රමානයක් ගයි දෑ..) ඔව්.. උත්තරේ මනුශ්‍යකාන්තාව මැවිල තියෙන්නෙ මාතෲත්වයට වඩා කාමුකත්වයක් ආරොපනය කොරගෙන. ඒ මෙහෙමනේ. එයාගේ පියයුරුයි බැල්ලියෙක්ගේ පියයුරුයි ගමුකො. මනුශ්‍යය කාන්තාවගෙ තියෙන්නෙ වක්‍රා කාර එහෙමත් නැතන්ම් අර්ද ගෝලාකාර පියයුරු. ඒත් බැල්ලිගේ.. සූප්පුවක් වගේ... :D :D කාට හරි පුලුවන් තර්කයක් ගේන්න බැල්ලිගෙන් බලු පැටවු කිරි බොන්නෙ සිරස් තයක ඉදන්. ඒත් අපේ එහෙම නෑ. තිරස් ටහලයක් ඉදන් කිරි බොන්නෙ කියල. ඒකටත් උත්තරයක් මං ගාව තියේ. හ්ම්ම්.. බැල්ලිව ආයින් කරල අපි වදුරු දේනුවක්ව ගමුකො... එයා ඉතින් කිර්දෙන්නෙ තිරස් තලයක පැටවුව තියාගෙනනේ. ඒත් එයාගෙත් පියයුරු එහෙම අර්ධ ගෝලාකාර හැඩයක් නෑ. එයාගෙත් සාමාන්‍ය බැල්ලියකගෙ වගේ තියෙන්නෙ සූප්පු හැඩේ පියයුරු.
දැන් මොක්ද හිතෙන්නෙ...?? අහ් තව එකක්. ළමයෙක්ට කිරි බොන්න පහසු අර සූප්පුවෙ හැඩේට තමා. අර ව්අගේ ගෝලාකර හැඩයකට තියෙන කොට කටට වඩා ඇඟිලිපුරුකක් උඩින්තියෙන නාහේ පියයුරු වල වැදිල උස්ම හිරවෙන්න වැඩි ඉඩකඩක් තියෙනව. ඒක කිරි බොන ළමයට අපහසුවක්. ඉතින් මාතෲත්වය කියන්නෙ වඩා දරුවාට හිතකර වෙන්න ඔනි මෙවුව එකක් නොවැ. මක්කටෙයි ගොලාකාර පියයුරු..??? හිතල බලන්න ඔයාලට භාරයි. (හිච්චි ඉඟියක් දෙන්නම්. වඩා අතට සනීප ගොලයක්ද පිරමීඩයක්ද...??.. වඩා චිත්තාකර්ශනීය ගොලයක්ද පිරමීඩයක්ද.??)

දැන් ඒ කතාවත් පැහැදිලීනේ.
 දැන් කෙනෙක් කියයි  බල්ල ඇදුම් අදින්නේ නැතුව හෙලුවෙන් ඉන්න නිසා ඌ අපිට වඩා වල් කියල. හ්ම්ම්ම්.. ඔය කියනවිදියට බලු ඇදුම් කියල දෙයක්  නෑනේ. තියෙන්නෙ මිනිස්සුන්ට ඇදුම්. අපිට ඇදුම් තියෙද්දිත් අපේ හෙලුව පෙන්නම් යද්දි බල්ලන්ට ඇදුම් නැතුව උන් හෙලුව පෙන්නනෙ එකේ වල් කම මොක්ද්ද..?? මෙහෙම කිවුවට තේරෙන්නෙ නෑ.
උදාහරනයක්ම අරගමුකො. සෞඛ්‍යාරක්ෂාව තකා අපි නානව. ඇඟේ තියෙන ඔක්කොම ලිංගික සුවදවල් හොදල දානව. හැබැයි පිටතින් ලිංගික ස්වදවල් තියෙන සෙන්ට් ගහ ගන්නව. ඒ වල් කම නෙවේද..?? හරි කෙනෙක් කියයි ඉතින් සෙන්ට් ගහන්නෙ ගඳයන්න කියල. ලොල්ය. එකත් පැත්තකින් තියල අපි වෙන උදාහරනයක් ගමුකො. ඇදුම් වල සන්වර බව කතා කරද්දි මතක් වෙන්නෙ කාන්තාවනේ. ඉතින් අපි එයාවම ගමුකො උදාහරනෙට. මුලු ඇඟම වැහෙන්න ඇදුම් ඇදිනවා.. :D :D ඒක හරි ඒත්, පියයුරු වල නියම හැඩය පවත්වගන්න තනපොටක් භාවිතා කොරනවා. ඉතින් හත්දෙයියනේ.. ඔකේ තියෙන සුවිශේෂි හැඩය අනික් අයට පෙන්නන්න ඔනි නම් ඔච්චර අමාරුවෙන් යටට එවුව මෙවුව දින්න ඔනිද...?? එහෙමත් කර කර අනික් තිරිසන් සත්තුන්ට වල් කියනවා.
මෙතනදි කියන්න ඔනි කාව්‍යශේකරේ "නො පා තන සක්වා" කියලත් කියල තියෙනව කියල. :D :D :D


ප. ව.
මේ පොස්ට් නම් කොරන්න හිටියේ ගෑණුද වල්, පිරිමිද වල්? කියල. හක් හක්. එහෙම කරොත්  මයේ බ්ලොගිය කියවන්න එන්නෙත් ගණු ඈයො කීපදෙනයි. එයැයිලත් නැතිවෙනවනේ. ඒක නිසා මේ මාතෘකාව දාල මං රැවුලයි කැදයි දෙකම බේර ගත්තේ. :D
කෝක වෙතත් කලින් ලිපියේ අකුරු අඩුපාඩු එමටයි කියල ගොඩදෙනෙක් කිවුව. සමහරක් ඉංග්‍රීසි වචන මං සිංහලෙන් ලියන්න ගොහින් වරද්දලත් තිබ්බ . ඒක නිසා මේ ලිපිඉයේ ඒ ඔක්කොම නම් ඉංග්‍රීසි අකුරෙන්ම ලිවුව. මොකද මයේ ඉංග්‍රීසි උච්චාරනය ගොඩක් දුර්වලයි. :D
කෝක වෙතත් ඔන් ද පොස්ට් එක ඉවර කොරන්න කලියෙන් කවියක් කියන්න හිතුව... :D :D (උපුටා ගැනීම කාව්‍යශේකරය)

පෙකනිය                          නො දක්වා
සළු ඇඳ බොලට                       දක්වා 
නො පා තන                            සක්වා
සිනා නො ම සෙන් දසන් ‍        දක්වා



ප. ව.
ඔහ්.ශැබැයි ඉතින් සිග්මන්ඩ් ප්ලොයිඩ් ලා ඩෙස්මඩ් මොරිස් ල කියපු පලියට එපා ඔන් මේව පිලිගන්න. මොකො කියනවනම් ප්ලොයිඩ් කියපු ගොඩක් ව කියල තියෙන්නෙ යම් ප්‍රතිශතයකට විත්‍රයි. ;) තමන්ගෙ නුවනින් විමසලාම බලන්න.. :D :D කවුද හැබෑටම වල් කියල

Friday, May 27, 2011

කුණුහරුප බිහිවෙන්නෙ ස්වාසරාලෙද? කර්ණකටහ පටලේදීද?

මේ පොස්ට් එක පබ්ලිශ් කොරල ඉවර වෙනකොට මාව සින්ඩි වලිනුත් අයින් කොරල තියෙයි කුණු හබ්බ තියේ කියල. අනික් එක ඉතින් හිච්චි උන් බැලුවත් කමක් නෑ. එපා කිවුවත් ඉතින් හොරෙන් හරි බලන එකනෙ. හික් හික්. කොහොම හරි මේක බැලුවෙ මොකා උනත් vog ඩොකෙක්ගෙ ගානට මනස හදාගෙන බැලුවනම් තමා වඩා හොද. මොකද තමන්ගෙ තියෙන පහත් මානසික පට්ටමක් නිසා මං කුනුහබ්බ කිවුවයි කියල අභූත මෙවුව අහන්න කැමැති නෑ හරිය...??

ඕන් ඉතින් අපි පොස්ට් එකට පය ගහමුකො.. ;)

•අක්කිය ඩූ ලංකාදරණිතලයට සැපත් වෙලා හින්ද එයැයිගෙ හිච්චි  හිච්චි වැඩ වලට එහෙ මෙහෙ දුවන්න උනා. ඉතින් අදත් ඕන් මං හංදිය පැත්තෙ යන කොට හරියටම දෙනොදාහක් ඉන්න තැන බලු පූට්ටුවක් .කාවුරු හරි ඒ වචනෙ සභ්‍යත්වයට විරුද්දයි කියල හිතනවනම් එතෙනට "සහවාසය" කියල ආදේශ කොර  ගන්නකෝ. සමහරක් අමාරුවෙන් අහක බලාගෙන යනව. තවත් කට්ටිය හොරෙන් බලනව. එක එක අරුමොසම් ගොඩායි. මාත් ඉතින් දැක්ක. මං ආයාසයෙන් අහක බලන්න ගියෙත් නෑ. මං මයෙ ගමන ගියා..
දැන් හරි, ඒ කතාව හිච්චකට පැත්තකින් තියන්නකො..
•මේ මාස ගනනකට උඩදි. ඔය පේස්බුකියේ ඉතින් මාත් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවැ. ඉතින් ඔකේ ඔය එක එක විකාර වැඩ තියෙනව. සාස්තර අහනව කියයි. දවසේ ආදර ප්‍රතිශත බලනව කියයි. මැරෙන විදිය බලනව කියයි. එක එක අරුමෝසන් ගොඩායි. ඔන් ඉතින් මාත් දවසක් සාස්තරයක් අහන්න ගියා.(මගුල් සාස්තරයක්) ඕකෙන් තියෙන්නෙ මට අනාගතේ ළමයි 4ක් හම්බෙනව කියල. හක් හක්. නිකමට වගේ මාත් ඔක පබ්ලිශ් කොරා. ඒක නෙවේනෙ වැඩේ. ඔක දැකපු කෙල්ලෙක් මයෙන් අහනව "අම්බො.. ඔයා ළමයි 4ක් හදනවද...?? ඊයා හලො..." කියල. ඇයි වදේ. ඔක මේ අමුතු ම කුණුහබ්බයක්ද..?? අනේ මන්ද මාත් ඉතින් නිකන් උන්නෙ නෑ. මාත් කිවුව, "මං ළමයි 4ක් නෙවේ 16ක් හැදුවත් ඔයාට මොකො..? මක්කෙයි ඒකෙ ඊය ??" කියල මාත් ඔන් ඇහුව. ඉතින් කතාව ඔහොම ඇදිල ගියායි කියමුකො...

ඉතින් මාත් දැන් පොස්ට් එකට බහින්නම්,
ඔය සිද්දි දෙකේම තියරිය එකයි. කුණුහරුපයක් නොවන දේ කුණුහරුපයක් විදියට දකිනව. ඕක ඉතින් යටකියපු කීපදෙනාගෙ විත්‍රක් නෙවේ. ලොකේම පිළිගත්තු විද්‍යාඥයො අතරෙත් ඔය දුර්වල තාව තියෙනව.
හික් හික්. අපි අහල තියෙන එකනෙ ශරීරයට සාපේක්ෂව ලොකුම මෙවුව එක තියෙන්නෙ අපිට කියල. මෙවුව එක කිවුවෙ මොලේට. :D :D හැබැයි ඉතින් ඔය මෙවුව එක මොලේ විත්‍රක් මත් නෙවේ. සියලුම වානරයො(පිරිමි) අතරින් සරිරයට සාපේක්ෂව විශාලතම ලිංග ඉන්ද්‍රිය තියෙන්නෙත් මනුශ්‍ය පිරිමින්ට. ඒත් කිසිම පොතක පතක ඔයික කියන්නෙ නෑ. විශාලතම මොලේ තියෙනව කියල මහලොකුවට කෑ ගහුවට කවුරුත් අපිට ලොකුම ශීශ්නය තියෙනව කියල පිලිගන්න නම් ටිකක් අකමැති. ඇයි ඒ විත්‍රක්දෑ.. ගනු කස්ටියවත් අමතක කොරන්න පුලුවනෑ. කාන්තා පියයුරු. වෙන කිසිම ක්ෂීරපායී ගෑණුසතෙක්ට මනුශ්‍ය  ගෑණු අයගෙ වගේ අර්ධ ගෝලාකාර පියයුරු නෑ. අනික එක අනික් ක්ෂීරපායීනෙගෙ මනුශ්‍ය ගෑණු අයගෙ  තරම් විශාලත් නෑ. ඒත් අපි කිසිම තැනක ඔය කතාව ප්‍රස්ද්දියේ කතා කරන්නෙ නෑ. ඩෙස්මන්ඩ් මොරිස්[1] ලියපු නිරුවත් වානරයා[2], මනුසත් උයන[3] වගේ පොත් කීපයක ඇරුනම මේ වගේ දේවල් ගැන ප්‍රස්ද්දියේ කතා කොරලත් නෑ.

හැබැයි සිග්මන් ෆ්ලොයිඩ්[4] කියන විදියට ඔය මනෝ භාවයනම් මිනිස්සු 100 කින් 30ට වගේ තියෙන්නෙ. ඒත් මේ වෙන සිද්දිත් එකක් බැලුවම ඒ 30%, 90% දක්වාම වැඩි වෙලාදත් කියල මට හිතෙනව. සිග්මන් ෆ්ලොයිඩ්[4] ඒ මනෝභාවය විස්තර කොරන්න ගත්තු උදාහරනෙත් පොඩි අවුලක් නම් තියෙනව. ඒයා ඔය මනෝභාව විස්තර කරල තියෙන්නෙ ප්‍රසිද්ද ස්තානයක අම්මකෙනෙක් අතදරු ළමයෙක්ට තමන්ගෙ පියයුරු එලියට අරන් කිරිදෙන සිද්දියක් එක්ක.  එයා කියන විදියටනම් ඒ සිද්දි දිහා මිනිස්සු 3න් ආකාරයකට බලනව. කෙනෙක් ඒක මාතෲ ස්නේහය නිසා තමන්ගෙ පෞද්ගලිකත්වය  නැතිකොරන් කිරි දෙනව කියල අනුකම්පාවෙන් බලනව. තවත් කෙනෙක් ඒ දිගා තමන්ගේ රාගී හැගීම් වලින් බලනව. හැබැයි 3 වෙනි අවස්තාව නම් වෙනස්. කෙනෙක් ඒ දිහා රාගී නොවන වැරැදි විදියකට බලනව. ඒ කියන්නෙ ඒ අම්ම කරන දේ වැරැදි, එහෙම කරන එක සබ්‍යත්වයට පටහැනී, වගේ හැගිමකින් බලනව. :D :D :D ඉතින් කියවන ඔයාලට භාරයි තමන් කොතන ඉන්නෙ කියල හිතන එක.

කලින් දුන්නෙ ප්ලොයිඩ්[4] ගෙ මෙවුව එකනෙ. දැන් මයෙ මෙවුව එකත් දෙන්නම්. මං මේකට ගන්නෙ ප්ලොයිඩ් ගත්තට වඩා වෙනස් උදාහරනයක්. අපි ප්ලොයිඩ් ගත්තු උදාහරනෙ අම්මකෙනෙක් කිරි දෙනව වෙනුවට XXX එකක් ගමු. :D :D (මං මේ යන්නෙ අම්මකෙනෙක් කිරිදීම ත්‍රිබලක් කොරන්න හේම නෙවේ...) ඉතින් ඒ වගේ දෙයක් දිහාත් මිනිස්සු බලන තුන් ආකාරයක් තියෙනව නොවැ. කෙනෙක් රාගී විදියටත්, තවත් කෙනෙක් විවේචනාත්මක විදියටත් බලයි. හැබැයි ඔතන ඉදි ත්වත් විදියකට බලන කෙනෙක්. ඌ ඇස් වහන් හොරෙන් බලන්නෙ. උට බලන්නත් ඔනි, හැබැයි මෑන්ස්ගෙ තියෙන ආකල්පයක් නිසා ඒක බලන්න නෑ. හක් හක්. එහෙම ඩයලුත් ඉන්නවනෙ. ඉතින් ඒ අයගෙ ක්‍රියාකලාපයයි, ස්ග්මන් ෆ්ලොයිඩ්ගෙ උදාහරනෙ තුන්වෙනි පාර්ශවයේ  ක්‍රියාකලාපයයි, මං මුලින්ම කියාපු බලු පූට්ටුව දිහාත්, ළමයි හම්බෙන එක දිහාත් බලපු අයගෙ ක්‍රියාකලාපයයි බැලූ බැල්මට අසමාන වෙන්න පුලුවන්. ඒත් මට හිතෙන හැටියට ඒ හැමෝන්ගෙම මානෝභාවයන් සමානයි. :D :D :D  පොඩි අවුලකට තියෙන්නෙ ෆ්ලොයිඩ් හිස්ටීරියා රෝගි ප්‍රතිශත, පි පි රෝගි ප්‍රතිශත මැන්න වගේ මේ මනෝභාවයේ ප්‍රතිශත මනින්න බැරි එක තමා. :D :D :D

ඔය කොක වෙතත් ඩෙස්මන් මොරිස් කියන විදියට මිනිසා තමයි මේ මිහිමත ඉන්න උපරිම රාගිකයො. ඉතින් එහෙම තියෙද්දි අපි,
බල්ලො දෙන්නෙකෙගෙ සහවාසයට ඊයත්, අපේම ප්‍රජනනයට ඊයත්, විශාලත ශිශ්නයට හා විශාලතම පියයුරු ගැන කතා කොරද්දි ඊයත් තියන එක කොච්චර දුරට හරිද කියල හිතල බලන එක කියවන ඔයාලට බාරයි.

ප. ව.
මේ ප්‍රශ්නෙ කොච්චර දුරදිග ගිය එකක්ද කිවුවොත් දැන් දැන් නගරවල නම් වෙනස් කොරන්නත් පෙලඹිලා. කලුතර පැත්තෙ තියෙන "පයියාගල" කියන ස්තානය දැන් "පයාගල" කියලත් වෙනස් කොරල. සුනාමි කාලෙ ටි වි එකේ පෙන්නපු විදියට "පයියාගල" කියල තමා ස්ටේශන් එකේ ගහල තිබ්බෙ. මං හිතන්නෙ දැන් වෙනස් කොරල අඑති. හැබැයි ඉතින් ස්ටේශමක තිබ්බ පලියට ඒ නම පිලිගන්නත් බෑ. මොකද "කැළණිය" කියල ලියල තියෙනව ස්පෙලින්ස් වැරැදි. හක් හක්..

ප. ප. ව.
ඉතින් මං කියන්න ආවෙ,
අද මේ සමාජයේ කුණුහරුප කියන එක උපදින්නෙ ස්වාසරාලෙදිවත් වෙන තැනකවත් නෙවේ, ඒක ග්‍රහනය කොරගන්න කෙනාගෙ කර්ණකටහ පටලයේදි හරි ඇහේ දෘශ්ටිවිතානෙදි හරි තමා...

-3.ව.
  1. Desmond Morris
  2. The Naked Ape
  3. The human Zoo
  4. Sigmund Freud

Tuesday, May 24, 2011

මුලු ලොවම නැති උනත් එකම වචනයක් | අවසාන ලොල් ලිපිය...

:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

හික් හික්.. මට අද මෙවුව එක පටන් ගන්න විදියක් හිතා ගන්න නම් අමාරුයි. මොකො කියනවනම් මයෙ ඩිජිටල් සිග්නේචර් කෑල්ල අයේ මං නොලිය ඉන්න හිතුව. හිතුව කිවුවට ඒක ඇවිල්ල හිතුවෙමත් නෑ. කීප දෙනෙක් ම මට කිවුව ඒක කියන්න එපා කියල. :D :D ඒකයි නොලිය ඉන්නෙ. හැබැයි අද මං මේ පොස්ට් එක ලියන්නෙ ඒ අය කිවුවටම නෙවේ.. මයෙ හිච්චි මොළ කල්ලෙන් මං හිතල බලල තමා මේ තීරනේ ගත්තෙ... :D :D :D

මට ශිරෝශි අක්ක ඒක කියන්න එපැයි කිවුවම මට මතක් උනේ පරන සිද්දියක්...
;) මේ සිද්දිය උනේ මං සාපෙ කාලෙ ඉතිහාසය පංතියෙදි.


ඉස්සර බදාද තමයි ක්ලාස් එක තිබුනෙ. මං ඉස්කෝලෙ ඇරිල තමා ක්ලාස් එකට වාර්තා කොරන්නෙ සාමාන්‍යයෙන්. එදා කස්ටිය ලාවට විත්‍ර සෙට් වෙන්න කියල හිතාගෙන ක්ලාස් කට් කොරන්න කතා කොර ගත්ත. යුනිපොම් එකෙන් කොහොමෙයි සෙට් වෙන්නෙ. ඇද ගන්න පහසුවට හා රස්ත පෙනුම ගන්න මං ශෝටක් තමා ගෙනිච්චෙ...

දැන් කට්ටිය සෙට් වීමට නියමිතයි. මාත් ඉතින් ඇදුම් මාරු කොරගෙන දැන් කස්ටිය එනකන් ඉන්නව ඉන්නවා.. ම්ම්ම්ම්හු.. එතකොට ජන්ගමයා රින් වෙනව.. (දැන් අහන්න එපා ඉස්කෝලෙ පොන් ගෙනියනවද කියල.. :D :D අපි හේම තමා) අහෝ කේදයකි. සෙට් වීම කැන්සල්... දැන් මොකො කොරන්නෙ.?? ගෙදර යන්නත් බෑ. තියෙන්නෙ ශෝට ගහන් ක්ලාස් යන එක තමා... ;)

කියන්න ඔනි අපේ සර් කොල්ල වගේ එකා. ඉතින් සර්ට කින්ඩියක් දානත් හිතාගෙන මං ඇදි වත පිටින්ම ක්ලස් එකට ගියා. ඔහ්.. කියන්න අමතක උනා.. ක්ලාස් එකේ කින්ඩි දැමීමෙහි ලා අග තැම්පත් මං තමා ඉතින්... කොහොමත් ක්ලාස් එකට පය ගහද්දි සර්ගෙ මූන බැලුවම ඒ ඇස් වලින් "ආපෝ.. මූ අදත් ක්ලාස් ආවද??" වගේ හැගීමක් ප්‍රකාස වෙනව. :D :D :D දැන් ඕන් ක්ලාස් එකට ගියා. ටිකක් පරක්කුත් වෙලා. සර් පංතියටත් ඇවිත්. ඉතින් මං ගිහින් ඉදගත්ත විත්‍රයි මෙන්න මූ මයෙ ඇඟට කඩන් පැන්න..  

සර්: අඩෝ... අපවිත්‍රයො.... මොකො මේ ශොටක් ගහන්?? (අපිත් එක්ක මෑන්ස් කතා කොරන්නෙ ඔහොම තමා)
මම: සර්ට මොකො.. මට ඔනි නම් මං ඇඳන් එනව...
සර්: ඈ යකෝ.. උබට ඔනි ඒව මෙතන ඇඳන් එන්න..?? එහෙනම් උබ ඊලඟ දවසෙ හෙලුවෙන් එන්න හිතුනොත් එහෙමත් ඒවිනේ..
මැදෑ සර් ට කින්ඩි දාන්න ගිහින් මට වැටුනු කින්ඩිය. මාත් ඉතින් ඇති උනු බයිට වහ ගන්න කතාව ශේප් එකේ වෙන පැත්තකට ගෙනියන්න හැදුව.
මම: මේක ප්‍රජාත්‍රාන්ත්‍රික රටක්නෙ සර්..  හෙළුව මගේනෙ. මං ආවම සර් ට මොකො...??
මෑන්ස් මුකුත් නොකිය හිනාවක් දාල කතාව පටන් ගත්ත. මෙන්න සර් ගෙනාපු තර්කය.

සර්:හෙලුව උබෙ බව ඇත්තයි. බොට හෙළුව පෙන්නන අයිතියක් තියෙනව වගේම අපිටත් ආයිතියක් තියෙනව ඖබේ  හෙළුව නොබල ඉන්න.
  අපේ සර් කාරය ඒලෙවල් ලොජිකුත් උගන්නන  නිසා උත් එක්ක තර්ක කොරන්න මට බෑ. ඒමදිවට ඔක ගැන තියෙන නිතියකුත් 2007 අංක... කියලත් කිවුව. බොක්ක කොර වෙනවනෙ බොල... :D :D මං කට වහගෙන ශේප් උනා...

හැබැයි සර් කතාව එතනින් නැවැත්තුවෙ නෑ. මාවම උදාහරන වලට අරගෙන එක එක කතා ගොඩාක් කිවුව..
මට ඉතින් හිතුන ශෝටගහන් ආවට ව්අඩා හොදයි හෙලුවෙන් ආවනම් කියල.. ;)

ඉතින් මට මේ කතාව මතක් උනේ මේ ඊයෙ පෙරේද බ්ලොග් අවකාසෙ ඇතුලෙ උනු සිද්දිය නිසා. එවෙල උන්නු කට්ටිය නම් දන්නවත් ඇතිනේ. :D :D :D

ඉතින් මේ කතාව වගේ තමා ඔය ලොල්ය කතාවත්. මට ලොල්ය කියන්න අයිතිය තියෙනව වගේම අනික් අයටත් ඒක නොඅහ හිටීමේ අයිතියක් තියෙනව. :D :D  ඉතින් ඒකයි මං ඒ වචනෙ කියන එකට තිත තිබ්බෙ.. :D :D වැරැදිල හරි ඊලඟට පල කරන පෝස්ට් එකක ඒක තිබ්බොත් මට සමා වෙන්න කියලත් ඕන් කිවුව.. :D :D :D

ප. ව.
මේ ලොල්ය කතාවටත් අමතර කස්ටියට මතක ඇති මයෙ කක්ක පෝස්ට් එක. මම ලියපු ලිපි වලින් වැඩි පුරම මම බැනුම් අහවේ ඒකින්නෙ. :D :D  ඒකටත් මේ ඉතිහාස පංතියෙ උනු කතාන්දරේ අදාලයි. :D
මට කක්කා කතා කියන්න අයිතියක් තියෙනව වගේම අනික් අයට ඒව අහන්නෙ නැතුව ඉන්න අයිතියකුත් තියෙනව.

ප. ප. ව.

මං මෙ තීරනය ගත්තෙ කිසිම දුකකින් නෙවේ. මම ලොල්ය නොකීවට තව කීයක් දෙනෙක් ඒ වචනෙ කියනවද... ඉතින් ඒ අය හැම කෙනෙක්ම ඒ වචනෙ කියනව වාරයක් පාස මමත් එතන ඉන්නව වගේනෙ. ඉතින් ඒක ගැන මට දුකට ව්අඩා සතුටක් තියෙන්නෙ. මොකො ඉතින් අපි අශ්ඨ ළොක මෙව්ව එකෙන් කපා වෙන එකක් යෑ... ;)
 

Sunday, May 22, 2011

පිළිවෙතියෙන් පෙළෑ ගැහෙමු... ලොක විනාසයට!!!

දැන් බොල මට බනිනව ඇති මූසල කතා කියන්න එපා කියල. ලොල්ය. එහෙම නෙවෙ මං මේ කියන්නෙ සිරාවට. 2012ත් ලග එනවනෙ.. ;) ලෝක විනාසෙ අතලග නොවැ. මේකනම් මම තරයේම පිළිගන්න දෙයක්. 2012 වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒත් අනිව ලෝක විනාසෙ අත ලඟ.

මං හේම කියන්නෙ මෙ ඉන්කාවරුන්ගෙ මෙවුව එක 2012හෙන් ඉවර වෙන නිසාම නෙවේ. අනික උන් මස් අමුවෙන් කාපු කාලෙ අපි e= mc2 ගනන් හැදුවෙ. ලොල්ය. එහෙවු එකේ කොහොමද රෙද්දක් ඇඳගෙන උන්ගෙ මගුල් කැලැන්ඩරයක් ගැන කියවන්නෙ?? මං මෙහෙම කියන්නෙ පදනමක් ඇතුව. අපි මේ යන්නෙ හරි පාරෙ නෙවේ. මේ තාක්ෂණික දියුනුව, එව්ව මෙවුව හින්ද තමා දවසක ලොක විනාසෙ වෙන්නෙ. මම මේ තාක්ෂණික දියුනුව හරි නෑ කියල කියනව නෙවේ. ඒත් ඔනිවට වඩා ඔනිමදෙයක් ඔනිම නෑ.

ඇල්බට් අයිස්ටයින් පරමාණු බෝම්බෙ හැදුව. එයැයි ඒකින් මිනිස්සු මරන්න හිතපු නැති එක වෙනම දෙයක්. ඒත් ඒකින් උනේ ඒකනෙ. ඒ ඔක්කොමත් කෙරුව මදිවට තව 4වෙනි ලෝක යුද්දෙ ගැන මෑන්ස්
අනාවැකිත් කියනව.
1 වෙනි ලෝක යුද්දෙ ජලකර බෝම්බ වලින් උනාවගෙ 2ක පරමානු බෝම්බ වලින් උනා වගේ 3 වෙනි ලොක යුද්දෙ වෙන්නෙ කොහොමද කියල එයාට කියන්න බෑලු. ඒත් 4 වෙනි එක වෙන්නෙ කඩු කිනිසි වලින් කියල ඇල්බට් අයිස්ටයින් කියල තියෙලු. හික්ය. ඔය යටින් කියල තියෙන්නෙ තුන්වෙනි ලොක යුද්දෙන් මුලු ලොකෙම විනාස වෙනව කියලනෙ. :D :D ඕන් මං අද කිවුව කියල මත තියා ගන්න. 3 වෙනි ලොක යුද්දෙ වෙන්නෙ ඔය පුපුරනද්‍රව්‍යය වලින් වත් තුවක්කු වලින්නවත් නෙවේ. හික්ය. නිකන් ටෙස්ට් ටියුබ් එකක් ඒ පැත්තට විසි කොරයි. අනික් පැත්තෙන් ටෙස්ට් ටියුබ් එකක් මේ පැත්තට විසි කරයි. මුලු ලොකෙම ඉවරයි. ;) ජාන තාක්ෂනේ නව ප්‍රවනතා තමා.. ජීව විද්‍යා අවි. :D :D බර අවි කැලේ.

දැන් ආව හොද මාතෘකාවකට. ජාන තාක්ෂනේ. මේක තාක්ෂනේ නෙවේ මේක තමා හෙනේ.. ලොල්ය. අපි ජීව විද්‍යා අවි පැත්තකින් තියමු. ඒව නැතත් මේ හෙනේන් තමා අපිව නැතිවෙන්නෙ.

නික්න් විහිලුවට වගේ හිතන්න අපිව මැවුවයි කියල දෙවි කෙනෙක්. හරි ඒ නැතත් ස්වාභාවධර්මය ගැන හිතන්න. ඒයා රොස මල රෝස් පාට කරල කඩරොඩු මල නිල් පාට කරේ ඇයි.??? මොක්ක හරි යටි අරමුනක් තකානෙ. අපිට උපකල්පනය කරන්න පුලුවන් එහෙම කරේ ඒ මල් වලට කෘමියන් ගෙන්න ගැනීමෙ තරගය පාලනය කරන්න කියල. ඒ මයෙ උපකල් පනයක්. [වෙන උපකල්පන තියේනම් කියල යන්නකො] ඉතින් මේ අපේ සමහරක් ජාන විද්‍යාඥයො මොකො කොරන්නෙ?? ස්වාභාවධර්මයට හොදනම් අපිට
මොකො කියල කටරොඩු මලේ නිල් පාට දානව රොස මලට. දැන් අවජාතක රොස මලක්. ඇයි දෙයියනෙ නිල් පාට රොස මල්?? පිස්සු නැත්නම් ශෝක්... (මෙතනදි කටරොඩු කිවුවට කටරොඩුම නෙවේ... බ්ලූඅයිරිශ් කියල මලක්. ඒකත් කටරොඩු වගේ තමා..)

තව වැඩක්... ගන්නව කලා මැදිරියව. උගේ ඇගේ තියෙන ජෛව සන්දීප්ත ද්‍රව්‍ය වලට අදාල ජානෙ අරගෙන හයි කරනව දුම් කොල ගහට. දැන්.. මේ දුම් කොල වලින් හදන සුරුට්ටු ටෝච් වලට.. :P :P

එක එක විකාර කෝටියයි. සමහරක් විට අහලත් ඇති ඇන්ඩි ගැන. (Inserted Deoxy-ribo Nucleic Acid කියන වචනෙ මුල් අකුරු ටික අනික් පැත්තට ලිවුවම ANDI) බහුසෛලිකයන් අතර පහත්ම මට්ටමක ඉන්න සීලන්ටරේටා වංශයේ ජෙලි පිශ් කෙනෙක්ගෙ විනිවිද යෑමට අදාල ජාන බහුසෛලිකයන් අතර ඉහලම මට්ටමක ඉන්න මමාලියාවෙකුට සම්බන්ද කරල. මෙහෙම කිවුවට තේරෙන්නෙ නෑ.
අපි ඔක්කොම සත්තු අහුවෙන්නෙ ඇනිමාලියා කියන රාජදානියට. ඒකෙත් පහත්ම මට්ටමේ ඉදන් උසස්ම මට්ටමට දූරාවලියක් හැදුවොත්,
සීලන්ටරෙටා ---► ප්ලැටිහෙල්මින්තේස් ---► නෙමටොඩා---► ඇනලිඩා---► මොලුස්කා---► ආත්‍රොපෝඩා---► එකිනොඩර්මාටා---► කොඩෙටා...
කොඩෙට තමා උසස්ම වංශය. හැබැයි එතනිනුත් නතර වෙන්නෙ නෑ.. කොඩෙටා වංශෙත් උප වංශ වලට බෙදෙනවා මෙහෙම,
කොන්ඩ්‍රික්තියේස්---► ඔස්ටෙයික්තියේස්---► ඇම්පිබියා---► රෙප්ටීලියා---► ආවෙස්---► මමාලියා...
ඉතින් හිච්චක් බලන්න... අපිත් ඔය මමාලියානෙ. උසස්ම ජීවීන් ඉන්නෙ මමාලියා උපවංශෙ තමා. ඒ සිලන්ටරෙටා වංශෙ ඉදන් මමාලියාවලට කොච්චර පරිනාමික අවදි තියෙද..?? ඉතින් අපේ නිර්මාන කාරයට තිබුනනෙ ඔය වංශ බෙදන්නෙ නැතුව සැමට සමානාත්මතාවය කියල ඔක්කොම එක විදිය කරන්න. එහෙම නොකර කලින් කිවුව වගේ වංශ, උප වංශ ඔව්ව මෙවුව වර්ගී කරන හැට හුටාමාරක් දාල මේ ලොකෙ හැදුවෙ මොක්ක හරි පදනමක් ඇත්වනෙ. මේව වෙනස් කොරන තාක්ෂනේ අපි ගාව තියෙනව. ඒත් මේ වගේ පිස්සු විකාර වැඩ වලට ඒක යොදාගන්න බැරි ඇයි. ඔය ප්‍රවේනික රෝග වලට සාර්තකම ප්‍රතිකාරයක් විදියට ඔය ජාන තාක්ෂනේ යොදාගන්න පුලුවන්. ඒත් එහෙම නොකරන්නෙ මේ වගේ පිස්සු විකාර නිසා.

ඇයි ඉතින් මේ වදුරෙක්ටවත් ඉන්න දෙන්නෙ නැති අසම්ජ්ජාති ඔය ප්‍රවේනික රොග නැති කරන මුවාවෙන් වෙන වෙන කැත වැගක් කොරොත්....?? ඒකනෙ මේ හෙනේ. කොවුව කොහොම උනත්... මම එක දෙයක් දන්නව. ඔය එක එක කස්ටිය මොක මොක කිවුවත් උලකා පාතයක් කඩන් වැටිල වත්, සුනාමියක් ඇවිල්ලවත්, ඉරවල් 7ක් පායලවත් නෙවේ ලෝකෙ විනාසෙ වෙන්නෙ. එහෙම ලොකෙ විනාස වෙනවනම් ඒක සුරන්ගනා ලෝක විනාසයක් විත්‍රයි. හැබෑ ලොක විනාසෙ වෙන්නෙ උස්ම ගන්න බැරුව ගිහින්. ;)


ප. ව.

මීට සමාන ලිපියක් මං කලියෙන් ලිවුව. ලෝක විනාසෙ අතලඟයි කියල. ඉතින් මේව ලේ කෝප කොරන මාතෘකා. මේ මාතෘකාව ගැන ආයෙ ලියන්න හිතුනෙ හිරේ විසිට් එක දාපු වෙලාවෙ දැක්ක පෝස්ට් එකක් නිසා... :D :D

Thursday, May 19, 2011

අයියේ... ඔයාට සුබ රාත්‍රියක්...


අද දවස ගොඩාක් මූසලයි. ඒත් ඒකතමා මේ ලෝකෙ හැටි. අපි දවසක් අතුටුවෙනකොට තවත් කට්ටියකට මේවගේ මූසලයි. ඒ අය හිනා වෙද්දි අපිට මූසලයි. ඒකතමා ලෝක දර්ම තාවය.




දිලුම් අයියේ... මම ඔයාව දැකලත් නෑ. කතා කොරලත් නෑ. අවුලක් නෑ. ඔයා මාව නොදැන ගත්තට මං ඔයාව දැනන් උන්නනේ... :D :D ඒත් දැන් ඔයාට මාව අදුන ගන්න කාලයක් නෑ. ඔය දැන් ඇත්තෙ අන්තරා භවයක. කමක් නෑ. ඔයාට නිවන් සුව ..!!!



ප.ව
මේ සයිබර් අවකාසෙ නම් හරීම පුදුමාකාරයි. ඒ බව මට පළවෙනි යට තේරුනේ රත්ගමයගෙ ව්‍යාජ මරනය දවසෙ. දෙවැනි දවස අද..................

Saturday, May 14, 2011

නෙතඟ රැදි කදුලේත් මුවඟ රැදි සිනහාවේවත් විද්‍යාත්මක වෙනස෴

හුහ්.. බ්ලොගර් එක හිතන් ඇති අපි උගේ අතපල්ලෙන් වැටිල කියල. ඇයි වදේ.. අපි අමාරුවෙන් තටමල තටමල පෝස්ට් එකක් දැම්ම ම තමා උන්ට මතක් වෙන්නෙ අප්ඩේට් කොරන්න. ඔය කොරල තියෙන්නෙ අප්ඩේට්.. හුහ්.. මම ගිහින් බ්ලොගර් කාර්යය මණ්ඩලයට කනේ ඇඟිලි ගහ ගන්න කිවුවෙ නැත්නම් අද මට මේ පෝස්ට් එක දාන්න වෙන්නෙත් නෑනෙ... :D :D :D ලොල්ය කොහොම හරි උන් මයෙ කටට බය උනා... :D :D බයනොවුනනම් මම ඕකුන්ව යවන්නෙ අවුස්විට්ස් වලට... :D :D කාතාව ඇති. දැන් බහිමු පෝස්ට් එකට.. :D :D


අද කියන්න ආවෙ බොහෝම වැදගත් මාතෘකාවක් ගැන. මමට හිච්චිම කාලෙ ඉදල තිබුනු ප්‍රශ්නෙකට උත්තරේ.. :D :D මම බෝහෝම මහන්සියෙන් හොයාගත්තු උත්තරේ.. මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.. මේකයි පුරශ්නෙ.. කෙනෙක් අඬනව.. තව එකෙක් හිනා වෙනව.. දැන් කියන්න එපා කවුරු හරි අඬද්දි හිනා වෙන එක වැරදී කියල. ලොල්ය... මේදෙක එකිනෙකට පරායත්ත සිද්ධි දෙකක්නම්...??? කෙනෙක් අඩද්දි අනිකා හිනාවෙන්න හේතුව මොක්ද්ද කියල මමට ප්‍රශ්නයක් තිබුන.. ඒ ප්‍රශ්නෙට මම තරමක උත්තරයක් කලින් මට උනු ඇබැද්දිය කියන පෝස්ට් එකෙන් දැම්මනේ.. ඒත් මට හිතුන ඒ දැම්ම මදි කියල. ඒක නිසා එදා කියපු කතාව වැඩි දියුනු කරල ඕන් ද කියනෝ... ලොල්ය.. :D :D :D

මයේ බ්ලොගිය ඉස්සර ඉදන් කියවන කෙනෙක් නම් දන්නව ඩොපැමීන් ( dopamine- ඩොපමයින් කියලත් උච්චාරනය කරනව) කියන හෝමෝනෙ ගැන දන්නව ඇතිනේ... නොදන්න කස්ටියටත් දැන ගන්න මම ආයෙ පහදල දෙන්නම් කො... අපේ ඇග ඇතුලෙ තියෙන්නෙ රාසායනික සංනිවේදනයක් නොවැ. ඒකියන්නෙ අපි ඇඟ ඇතුලෙ හෑන් පෝන් හෝපි ටෝකි වගේ එවුව නෑ. ඒවල කාර්ය තමා මේ හෝමෝන වලින් කරන්නෙ.. අඟේ සීනි මට්ටම පාලනය කරන්න ඉන්සියුලින්, පිරිමි අයගෙනම් ඔය ලිංගික හැගීම් පාලනය කරන ටෙස්ටෙස්ටරෝන් ඔය වගේ එක එක නානාක්ප්‍රකාරේ හෝමෝන තියෙනව. ඒ වගේ එක් තමා ඩොපැමීන් කියන්නෙ. ඒකින් වෙන්නෙ අපේ හිනහව උත්තේජනය කරන්න එක. අර කලින් කියපු ඉන්සියුලීන් නම් මෙව්ව කරන්නෙ අග්න්‍යාසෙ. මෙව්ව කිවුවෙ නිපදනවට. ලොල්ය. එතකොට ටෙස්ටෙස්ටරෝන්, ඊස්ට්‍රජන්, පෙජෙස්ට්‍රෝන් වගේ ලිංගික හෝමෝන නිපදවන්නෙ පිටියුටර්ඉය කියන මොළේ තියෙන ග්‍රන්තියෙ. ඒත් මේ ඩොපැමීන් කියන හෝමෝනෙ නිපදවන්න විශේශ ග්‍රන්තියක් නම් නෑ. ගොඩාක්ම සතුට සම්බන්දව ක්‍රියාකරන මොළෙ පූර්ව ලලාට බාහික ප්‍රදේශයේන් තමයිලු වැඩි පුරම මේ ඩොපැමීන් ස්‍රාවය වෙන්නෙ. ඉතින් අපිට හිනා වෙන්න උත්තේජක් ලැබුනම ඒ හරියෙ නියුරෝන සයිල ක්‍රියාත්මක වනව.


නියුරෝනයක් කියන්නෙ ඉතින් සරලව කිව්වොත් මෙලේ තියෙන සෛල වලට. එවා ඇතුලෙ මේ ඩොපැමීන් වගේ හෝමෝන හදල එලියට දෙනව. ඊලගට ඊලග සයිලය උත්තේජනය වෙනව. එහෙම එහෙම ඔය ඩොපැමීන් වලින් පූර්ව ලලාට බාහිකකයම උත්තේජනය වෙල අදාල ඉන්ද්‍රිය වලට දෙනව පනිවිඩේ සතුට ප්‍රකාශ කරන්න ඔනි කියල. කෙනෙක් සතුට ප්‍රකාශ කරන්නෙ හිනා වෙලානම්, බිම පෙරලි පෙරලිනම්, ඒ ඒ විදියට සතුට ප්‍රකාශ වෙනව.


දැන් කියන්නම් නෙතඟ රැදි කදුල ගැනත්. නැත්නම් හොද නෑ නොවැ. ලොල්ය. කලින් කියපු කතන්දරේම තමා.. වෙනස් වෙන්නෙ හෝමෝනෙ නම. දුක සම්බන්දව කටයුතු කරන්නෙ ඩොපැමීන් නෙවේ ගැබා... (GABA- Gamma-Amino Butyric Acid) ගැබා කියන හෝමෝනෙන් තමයි දුක ඇති කරන්නෙ..

දැන් අපි බලමු මේ හෝමෝන සම්බන්ද මානසික ලෙඩ කීපයක් ගැන. එතකොටම මට මතක් වෙන්නෙ විශාදය ගැන. අද මිනිස්සු 5ක් ගත්තොත් ඒ අයගෙන් එක්කෙනෙක් විශාදයෙන් පෙලීමේ ඉඩකඩ තියෙලු. ලොල්ය. ඉතින් මේ විශාදය රෝගයටත් හේතු වෙන්නෙ ඩොපැමීන් හෝමෝමෙ තමයි. ඒ හෝමෝනෙ ස්‍රවය කරන සෛල වලට හිතුනම ඒවා ස්‍රාවය කරන එක නවත්තල දානව. හිතුනම කියන්නෙ නිකන්ම හිතෙන්නෙ නෑ. ඒකට ආරෙන් එන ලෙඩ, බොන එක (පමණට වඩා) , මානසික ආතතිය වගේ දේවල් බල පනව. ඉතින් කොහොමින් හරි ඩොපැමීන් ස්‍රාවය කරන එක නැවතුනාම තමා විශාදය එන්නෙ. විශාදයේදි වෙන්නෙ අහේතුක දුක. කිසිම හේතුවක් නෑ. දුක් වෙනව. ඒකෙ භායනකම ප්‍රතිපලේ තමා අන්තිමට සිය දිවි නසා ගන්න හිතෙන එක. ඒත් මේ විශාදය නිටාවටම සුව කරන්න පුලුවන් කියල නම් අහල තියෙනව. ඒක නිසා ඔයාලටත් එහෙම හිතිල තියෙනවනම් ඉක්මනටම මනෝවෛද්‍ය උපදෙස් පතන්න. මොකද අද සිද්ඩ වෙන සියදිවි නසා ගැනීම් 100කින් 60ක්ම වෙන්නෙ මේ විශාදය නිසා ලු. බෙහෙතක් කියල ඉතින් දෙන්නෙ ඩොපැමීන් හෝමෝනෙම තමා..

හැබැයි පොඩි අවුලක් තියෙනව. ඔය බෙහෙත කස්ටිය නිකන් බොනව. ඒකියන්නෙ විශාදය නැතුව. අර බෙහෙත් බඩු කඩේ මදන මෝදක කියල තියෙන්නෙ. අපේ භාසාවෙන් කියනවනම් ටොපිය කියන්නෙ. බ්‍රෑන්ඩ් එකත් එක්කම කියනවනම් ලාබ සහ ප්‍රසිද්දම මදන මෝදකේ තමා "අශ්වයා". හික් ය. ඒවල තියෙන්නෙත් තරමක් තනුක කරපු ඩොපැමීන්ම තමා. :D :D :D :D ඒත් අවුල තියෙන්නෙ එතන නෙවේ... ඕක ගත්තම ඉතින් හිනා ය්නාව්නෙ නවත්ත ගන්න බැරුව. ගැහුවත් හිනා වෙනව. බැන්නත් හිනා වෙනවා. එක විකාරයයි. ඕක දිගටම ගන්න පුරුදු උනු කස්ටියගෙ මොලේ සෛල ව්ලට මල පනිනව. ඇයි වදේ. තමන් ඉපදිච්ච දවසෙ ඉදන් කරන වැඩේ තව කෙනෙක්ට කියල ඊට ව්අඩා හොදට කරගද්දි කාටද මල නොපැන තියෙන්නෙ. හික් ය. පෘතග්ජන සෛලනෙ බොල. ඉතින් එහෙම මල පැන්නම උන් ඩොපැමීන් හදන එක නවත්තල දානව. එතකොට විශාදය. :D :D ඔන්න ඕකයි තත්වෙ..

දැන් කස්ටියට හිතෙනව ඇති හැම දේකටම ප්‍රතිවිරුද්ද දෙයක් තියෙනව වගේ මේකටත් එහෙම නැද්ද කියල..?? ඇයි නැත්තෙ.. තියෙනව. අහේතුක සතුට... එකට සයිකොලොගි වලදි කියන්නෙ මේනියාව කියල. අර කලින් කිවුව ටොපිය ගත්තමත් තාව කාලික මේනියා රෝගියෙක් විදිට තමා හැසිරෙන්නෙ. ඉතින් මේ මේනියා රෝගයටත් හේතුවෙන්නෙ අර හෝමෝනෙම තමා... ඩොපැමීන්.. :D :D :D මම දන්න විදියටනම් විශාදය තරම් ඉක්මනට මේක හොඳ කරන්න බෑ. ප්‍රාතමික අවදියෙදි ලෙඩේ හොයා ගත්තොත් නම් හොද කරන්න පුලුවන්. ඒත් ද්වීතීක අවදියට ගියොත් ශුවර් නෑ. ත්‍රිතීක අවදියට ගියොත් කොහෙත්ම හොද කරන්න බෑ. ඒ අතින් බලන කොට විශාදය හොදයි කියල කස්ටියට හිතෙයි. ඒත් ඉතින් බුම්මගෙන ඉන්නවට වඩා හිනා වෙන එක සිරා නැද්ද...??? :D :D :D :D

ප.ව. ඕන් මම චන්ද පොරොන්දුව ඉශ්ට කරා, ඡන්දෙ දිනන්නත් කලියෙන්..

Saturday, May 7, 2011

කුමරියක පා සලඹ සැලුනා෴


ලොල්ය.. අද කවද්ද...??? හත් වෙනිද... :D මිනිස්සු තමන්ට දෙයක් උනාම ඒකින් පාඩමක් ඉගන ගන්න ඕනි ලු. ඒත් මම...?? අනේ මන්ද.. ජීවිතේම ලොල් ය. දැන් ඒව මේව ඕනි නෑ.. අද කස්ටියට හවස පාර්ටියකුත් ඉල්ලල තියෙන්නෙ... හික් ය. ග්‍රීන් ඇපල් වලට පහල ඕනි බීමක්, අද මන්ගානෙ.. ඒත් ඒක නෙවේ අද කියන්න ආවෙ... මොකද මේ කතාව මම මීට කලින් කිවුවනෙ.. බැලුවෙ නැත්නම් බලන්න. ඒ අවුරුදු දෙකකට උඩදිනෙ.. මේ කියන්නෙ මේ දෙතුන් දොහකට උඩදි උනු කතාවක්.
හරියටම දවස අඟහරුවාද. ඉතින් අපේ හිසැල්ල සර්ගේ කලාස්. මමයි තව එකෙකුයි යනව දැන් ක්ලාස්. කොටුවට ගොහින් මහර ගම බස් එකේ තමා යන්න ඕනි. අපි දෙපල දැන් කොටුවෙන් බැහැල මහරගම බස් එකට ගොඩ වෙලා ඉදගෙන ඉන්නව. ඉදකින්... අපේ ක්ලාස් එන කෙල්ලෙක් බස් එකට නැග්ග.
අරූ- අඩෝ... අරකි බන්..
මම- කෝකිද හරකො..???
අරූ- කෑගහන්න එපා බන්.. තොගෙ කට... ඒකි තමා මම උබට කිවුවෙ..
ලොල්ය.. දැන් ඉතින් වැඩේ හරි. දැන් මට මූ ඒකි ගැන කියනව කියන.. අඩෝ ටෝක් කරල දීපන්කො ටෝක් කරල දීපන්කො කියකිය මට වද දෙනව. ඌ දැන්නෙ නෑනෙ.. මට තියෙන අසනීප ගැන. කෙල්ලෙක් එක්ක කතා කරද්දි අත වෙවුලනව.. උට කියන්න පුලුවනෑ ඔවුව... දැන් ඉතින් ඕන් මම කොහොම හරි ක්ලාස් එකේදි ටෝක් කරල දෙන්නම් කියල උගෙන් ශේප් උනා.
ඕන් අපි හතේකණුවටත් ආවයි කියමුකො.... මේකි බස් එකේ ඉස්සරහින් බැහැල ඉස්සරහින් යනව. අපි පිටි පස්සෙන් බැහැල එයැයිගෙ පස්සෙන් යනව.
මම- අඩෝ.. ඒකි මොකියෙක් උනත් සුසයිඩ් බලිකාවෙ බන්...
අරූ- උබ කොහොමද එහෙම කියන්නෙ..?? උබ ඒකිව දන්නවද..?? අඩෝ ඇත්ත කියපන්
මම- ඇයි බන්.. එකිගෙ පස්ස දැක්කම කියන්න බැරිද ඒකි මියුසියස් කියල..?? ඕක උන්ගෙ අනන්‍යතාවය. දන්කුඩ කාල වගේ බලපන්කො...
අරූ- හ්ම්ම්.. අනේ බන් උබනම්.. දැන් බලුවට කමක් නෑ.. හැබැයි.....
මම- ඕකුන් කන්නද බන්..?? හරි උබ හිතහන් උබ බීල පාරෙ වැටිල උන්න. ඒකි වත් වෙන කෝකියෙක්වත් එනවද උබව උස්සන් යන්න..?? නෑනෙ..
අරූ- අනේ උබේ ප්‍රති පත්තිය... එකියෙක් බෑ කිවුව කියල ඔච්චර කෙල්ලන්නට වෛරකරන්නෙ ඇයි බන්..?? පොඩ්ඩක් ධනාත්මකව හිතහන්කො... මතක තියා ගනින්, සෑම සාර්තක මිනිහෙක් පිටුපස ගෑනියෙක් ඉන්නව කියල... ඒ වගේම අපිට එන හැම සතුටක් පිටි පස්සෙනුත් කෙල්ලෙක් ඉන්නව..
මම- ලබ්බ..!! නිවුටන් සාර්තක උනේ ගෑනියෙක් පිටි පස්සෙ හිටපු නිසාද..?? එතකොට හිට්ලර්....
අරූ-- ඇති ඇති.. නවත්ත ගනින්... මතක තියා ගනින් අපි සාපේක්ෂව වෙනස්...
කොහොම හරි කියව කියව අපි දෙපල යනකොට ඒකිව අපිට මග ඇරුන. ලොල් ම තමා. එතකොට තම මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. ඇයි බොල මගේ කාර්ඩ් එක බේර ගන්නත් එපැයි. දැන් අපි සසිප් පරිශ්‍රය ඇතුලට ආවයි කියමුකෝ... ඕන් සුපුරුදු විදියට දැන් පිටිපස්සට වෙන්න අපි ඉදගත්ත. අරූ නාහෙන් අඩනව.. අරකි මග ඇරුන කිය කිය. මම ඉතින් උඩින් ඔව් බන් අපරාදෙ කිය කිය යටින් සතුටු උනා. මම සාමාන්‍යයෙන් ඉද ගන්නෙ කෙල්ලන්නෙගෙ පෝලිම පැත්තෙ. මොකද මම වමත් කාරය නිසා මට ඒ පැත්තෙ තමා ඉද ගන්න වෙන්නෙ. දන්නෝ දනිතිනේ... හිස්ඇල්ල සර් ක්ලාස් එකට එනව කිව්වෙ 2.30ට නම් එනකොට 3.15වත් වෙනව කියල. ලොල්ය. එදත් ඉතින් එහෙමයි. ඒ මදිවට එදා හෝල් එකේ ඉඩ මදි වෙලා අපිව වෙනින් හෝල් එකකටත් දැම්ම. ඉදගෙන හිටපු තැන් වලින් නැකිටල ඊලග හෝල් එකට ගිහින් ඉදගෙන එහා පැත්ත බැලුව විත්‍රයි... අහෝ දුකකි.. ! කාර්ඩ් කුඩු වෙති..!! අරකිගෙ එහා පැත්තෙන් මම ඉදගෙන තියෙන්නෙ. දැන් ඉතින් මක්ක කරන්නද... ආයෙ අරූ මට ව්අද දෙනව අහපන් අහපන් කියල. මෝනා උනත් මම ඒකිගෙ මේසෙ උඩ තිබ්බ බෙලි කටු මල්ල පුරා ගහල තිබ්බ බැජ් වලින් මගේ කලින් නිගමනය සත්‍යාපනය කොර ගත්ත. එයා සුසයිඩ් බාලිකාවෙ තමා.

අරූ මාව කන්න හදනව.... ඌ එතන ඇඬුව නැති එක විත්‍රයි. මොනා කරන්නද යාළුව නොවැ. මම බැරිම තැන,
මම- ස්ස්.. මේ ඔයාගෙ නම මොකද්ද..??
එයැයි- ඇයි අහන්නෙ...??
මම- නෑ දැනගන්න.. :D :D
එයැයි- (සද්ද නැතුව ටිකවෙලාවක් ඉදල නම කිවුවා)
අරූ- (මට රහසින්) කොල්ලෙක් ඉන්නවද අහපන්..
මම- ශුහ්.. ලස්සන නමක් නෙ.. මෙ ඔයා මියුසියස් නෙද..?? මෙ ඒක නෙවේ......
එයැයි- මේ මාත් එක්ක කතා කරන්න ඔනි ඔයාටද..?? නැත්නම් ඔයාගෙ එහා පැත්තෙ ඉන්න කෙනාටද..??
දැන් මක්කෙයි කොරන්නෙ.. මමත් ඉතින් නිකන් උන්නෙ නෑ.. මාත් ගත් කටටම කිවුව,
මම- ඇයි..?? ඔයා කැමති අපි දෙන්නගෙන් කාත් එක්ක කතා කරන්නද...??
එයැයි- (අන්පේක්ෂිත ලෙස) ඔයත් එක්ක...
එහෙම කියල ඉස්සර බලා ගත්තමයි.. අයේ මේ පැත්ත බැලුවෙත් නෑ. මට කර කියා ගන්න දෙයක් නෑ. පොඩ්ඩක් වුත්‍ර සතුටක් ආව... කාර්ඩ් එක කුඩු නොවුනු එකට. ලාවට හිනාවක් දාල අරූ දිහා බැලුව විත්‍රයි.. මෙන්න ඌ මූන බුම්මගෙන.. "මහ ලොකු ප්‍රතිපත්තිය.. කැත වැඩ කරන්න එපා බන්...." අනේ මන්ද මම අහවල් එකක් කරාටද.. මූ ගෑනියෙක්ට අන්තයි නොවැ.

කොම හරි ඒකි යන ගමන් මම දැක්ක මාත් එක්ක හිනාවක් දාගෙන යනව. ඒත අරූ දැක්ක. ඉතින් හත්දෙයියනේ.. මම එකිත් එක්ක කතා කොරේ උට හොද කරන්නනෙ.. අන්තිමේ උත් මා එක්ක තරහ උනා...

ලොල්ය.. දැන් ඊලඟ දවස.. ඒකියන්නෙ බදාද.. තිස්ස සර්ගෙ බයෝ පන්තිය. ඒකටත් ඒකි එනව. ඒ කලාස් එකෙත් ඉතින් වෙන්නෙ කලින් එකේ උනු සන්තෑසියම තමා.. මට හැමදාම සෙට් වෙන්නෙ කෙල්ලන්ගෙ පෝලිම පැත්ත. අරූ ඉතින් මා එක්ක තර උනු නිසා මාත් එක්ක නෙවේ ක්ලාස් ආවෙ. ඌ තනියම ඉදගෙන ඉන්නව. මට ඉද ගන්න ඉඩක් අල්ලලත් නෑ. අවුලක් නෑ කියල මම ටිකක් ඉස්සරහට ගිහින් ඉදගත්ත. වෙලාවකට හිතෙනව ඇයි මටම මෙහෙම වෙන්නෙ කියල. ඒ පාර ඉදගෙන තියෙන්නෙත් අරකි ලගමයි. දැන් අරූට තවත් මාත් එක්ක මල ඇති.
මේ පාර කතාව පටන් ගත්තෙ ඒකි. කතාකරපුව නම් මතක නෑ. මොනා උනත් ඉතින් තිස්සය කියනව වගේ ඒව අයත් වෙන්නෙ අල්ලාප සල්ලාප, සම්පප්ප ලාප.. ගොඩට... එක එක ඒව සර් එකනක් අපි කියව කියව උන්න. මට ඒ වෙලාවෙනකොටත් තේරිල තිබ්බෙ ගොනා එන්නෙ පොල් පැලේ කන්න කියල.

දෙපාරක් හිතුවෙ නෑ. මගේ හිතේතියෙන ඔක්කොම කියන්න කට ඇරිය. නොදකින් සර් ආව පන්තියට. ක්ලාස් එක ලැබුනු ලැබුනු වෙලාවෙදිත් එයා මා එක්ක කතා කොර. දැන්නම් හොදටම ඇති. මම කිවුව ක්ලාස් එක ඇරිල කතාකරමු. දැන් හිච්චක් කටවහන් ඉන්න කියල. ලොල්ය. ඇයි වදේ..

දැන් ක්ලාසෙක ඇරුනයි කියමුකෝ... ඕන් ඒකි ආයෙ කතාව පටන් ගත්ත. ලොල්ය.. මලම ඇනයක්. උගුර පාදල මම කිවුව ඉතින් මයෙ ප්‍රති පත්තිය ගැන. ඒකි නිසා නැති උනු මගේ යාලුව ගැන. කියන්න ඉතුරු වෙලා තිබුනු හැම දේම කියල මම ආව එන්න.

මම දන්නව එයාට ඒ කතාව ඇහුනම දුක හිතෙන්නත් ඇති. මම ඒ මගේ ප්‍රතිපත්තිය ගැන කියද්ඩි මම දැක්ක එයැයිගෙ ඇස් දිලිහෙනව. මක්ක කරන්නද..!! මගේ මතය එකනෙ.

සෑම සාර්තක මිනිසෙක් පිටුපසම ප්‍රතිපත්තියක් තියෙන්න ඔනි.

Wednesday, May 4, 2011

දොස්තර ඇදුම


ලොල්ය..මේක මට හිතුනු දෙයක්.. කලින් හිතිල තිබ්බෙ. ඒත් ලියන්න ඕනි දෙයක් කියල හිතුනෙ ඊයෙ අම්ම පපඩම් බැදල දාල තිබුනු පත්තර පිටුව දැක්කම. ඒ පත්තර පිටුවෙ මාතෘකාව උනේ "ඇඳුම හරස් වීම නිසා වෙද කම අහිමිවේ..." කියල. O_o ඇස් උඩයන කතාවක් නිසා පපඩම් ටික මම අයින්කරල(කාලා) පත්තර කෑල්ල කියවන්න ගත්ත. ඒත් කියවන්න බෑ. ඒකෙ තෙල්. ඒත් ඉතින් අර ඒකෙ සාර්න්සයක් ලොකු අකුරින් දාල තියෙනවනෙ. :D අන්න ඒක නම් කියෝගන්න පුලුවන් උනා. ඒකෙ තිබුනෙ, වෛද්‍ය සිසුන්ට පතීවීම් ලිපි දෙන දවසෙ උනු සිද්දියක්. ඒ ගොල්ලන්ට පත්වීම ගන්න අත්දිග කමීසයි, ටයි, ඔවුව මෙවුව ඇඟේ පටලවගෙන එන්න කියල. ඒත් ඒ වෛද්‍ය සිස්සයො ඒව ගන් ගන්නෙ නැතු කැමති කැමති ඒවා ඇඳන් ගිහිල්ල. එතන හිටපු උන්ට මල පනල.. පත්වීම නොදී කස්ටියව ගෙදර යවල. ඒකයි සිද්දිය. ඒත් මට ඇතිවුනු ගැටළුව නම් ඒක නෙවේ... වෛද්‍ය වෘතියට ඇඳුම මේතරම් බල පානවද කිය. ඔව් ඇඳුම අනිවාර්යයෙන්ම බල පානව. ඒත් අර පත්තරේ තිබ්බ වෙදියටනම් නෙවේ.....

ඒ පත්තරේ තිබුන විදියට ඩොකෙක් උනාම අත්දික ශ'ට් එකක් ඇදල, ටයි දාල එක විකාරයි. ඒ ඉතින් බටහිර ඇදුමනෙ. ඒ ඇදුම් කලාව අපිට කියල දුන්නෙ සුද්දො.. දැන් ඒක අපි අපේ කමක් විදියට අරගෙන. අදටත් අපිට ටයි එකක් නොදාපු, අත්කොට ශ'ට් එකක් ඇදගෙන ඉන්න ඩොකෙක් දැක්කම "ආපෝ ඌ ඩොකෙක්ද?? " කියල ඇහෙන තත්වෙකට වැටික තියෙන්නෙ එක නිසා වෙන්න ඇති. එතනදි දොස්තර කෙනෙක් කියන්නෙ කවුද කියල පොඩ්ඩක් හිතල බලන්න වෙනවා. දොස්තරකෙනෙක් කියල ලෝකෙට පෙන්න ඔනිමද..??? ඒකත් ඉතින් හිච්චක් විත්‍ර ඕනි තමා. ඒත් මුල්තැන දෙන්න ඔනි ඒකට නෙවේනෙ. දොස්තර කෙනෙක් හැම අතින්ම වගේ තමන්ගෙන් උපකාර ලබන රෝගියට සහය දක්වන්න ඔනි. අනික එක අමතක කරන්න හොද දෙයක් නෙවේ ඒ ලෙඩාකියන්නෙ තමන්ගෙ සේවාදායකයෙක් විත්‍රක්ම නොවෙන විත්තිය.

ඒකියන්නෙ දොස්තර අඳින ඇඳුමෙ ඉදන් එයාගෙන් උපකාර ලබන රෝගියාට හිතකර වෙන්න ඔනි. හරි අපි හිතමු බට හිර ඇඳුම ඇද ගත්තු ඩොස්තර කෙනෙක් කියල. එයාගෙ ශ'ට් එක නම් දින පතා හොදනව කියමු. ඒත් ටයි එක??? මාස ගානකටවත් හෝදනවද..?? ඒකියන්නෙ දොස්තරගෙ ටයි එක කියන්නෙ විශබීජ පාරදීසයක් මිසක් රෝගියාව සුවපත්කරන්න දෙයක් නෙවේ කියන එක. :D අනික් එක ටයි එකෙන් වෙන්නෙ ලෝකෙට බොරු පෞරුශත්වයක් පෙන්නන එක මිසක් වෙන අහවල් එකක්ද.. අනික් එක තමා අත්දික ශර්ට් එක. ඒකෙ කතාවත් එහෙමයි. රෝගියාට හිතකාමී දොස්තර කෙනෙක්නම් සාමාන්‍යයෙන් එක ලෙඩෙක් බලල අනික් කෙනා බලද්දි තමන්ගෙ අත පිරිසිදු කර ගන්නව. :D ඒ වගේ වෙලාවකට අත්දිග ශර්ට් එකක් ඇදන් හිටියොත්...?? එක අතකින් අත හෝදන්න කරදරයි. අනික අතනම් හෝදන්න පුලුවන්. ඒත් ඇඳූම ලෙඩ්ඩු බල බල හෝදන්න පුලුවන්ද..? ඒක ප්‍රායෝගික නෑනෙ. අත්කොට ශර්ට් එකක් ඇදන් හිටියනම් ඒ මුකුත් කරදර නෑ. විශබීජ වලට අතනිරාවරනය වෙනවා. ඉතින් මුලු අතම උනත් හෝදල පිහිද ගන්න පුලුවන්නෙ. ඒත් අත්දිග ඇදුමෙදි අත හේදුවත් කමීසෙ ගෑනු විශබීජ අයින් කරන්න විදියක් නැතුව යනව.

හැබැයි ඉතින් ඔච්චරම තමන්ගෙ මෙවුව එක පෙන්නන ඔනි නම් එන ගමන් ඔක්කොම විකාර ඇඳුම් පටලවගෙන ඇවිල්ල ලෙඩ්ඩු බලන වෙලාවට ගලවල දානව. :P ඒ මුකුත් නෑනෙ බොරු පෞරුශ පෙන්නනෙ නැතුව සාමන්‍ය අත්කොට කාමීසෙ ඇදගෙන ආවනම්. එතකොට ලෙඩාගෙ ලෙඩේ හොදවෙන්න මානසික සහනෙකුත් එනවා. මොකද එ ලෙඩාට එයයි, ඩොස්තරයි අතර තියෙන වෙනස්ක් පේන්නෙ නෑනෙ. :D :D

ප. ව.

මේ කතාව කිවුවෙ ඩොක්ටර් අන්කල්ලා ගැන. දැන් අහයි අයි ඇන්ටිලට ප්‍රශ්නයක් නැද්ද කියල... :D ඒ අයත් ඉතින් රෝගියාට හිතකාමි වෙන විදියෙම, තව සබ්‍යත්වයත් ආරස්ස කොරන ඇදුමක් ඇදන් ගියානම් හරි.. :D

Sunday, May 1, 2011

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය෴

ලොල්ය... ඔව් අප්පා.. දැන්නම් සිරාවටම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලොල් වෙමින් තමා තියෙන්නෙ.. මම මේ අද මැයි දිනේ දවසෙ අපේ ලංකාවට අපහාස කරන්න යනව කියල හේම හිතන්නෙ නෑ ඕන්.. මම ඒ හැටි දේශපාලන විද්‍යාවනම් ඉගනගෙන නෑ. ඒත් සාපෙ කාලෙ ඉතිහාසයට ලාවට වගේ ඔය සමාජ වාදය ධන වාදය ගැන හේමනම් කියල දුන්න මතකයි. ඉතින් සමාජවාදී රාජ්‍යක් නම් තියෙන්නෙ ඒ රටේ සමානාත්ම තාවය වගේ සන්කල්ප ඉස්මතු වෙලා පේන්න ඔනි. ඒත් මට තියෙන ගැටලුව අපේ රටේ ඒක තියෙනවද කියල. මම කොහොමත් පෞද්ගලිකව සමානාත්ම තාවය නම් පිලිගන්න ආස නැ තමා... ඒත් රටේ තියෙන්නෙ ඒකනම් ඒක ඒ විදියට තියෙන්න ඔනි නේ. හික් ය. මම ආවෙ මේ දේශපාලනයක් ගැන කතා කරන්න නෙවේ... සාමාජවාදය ධනවාදය ඔවුව මෙවුව කියවන්න ගියොත් මට මගේ කතාව කියන්න වෙන්නෙ නෑ. අද මම මේ කියන්න ආවෙ රටේ තියෙන ඉස්කෝල ප්‍රශ්නෙ ගැන. ඒ කියන්නෙ එක ඉස්කෝලයක් හොඳ වෙන්නත් අනික් එක ඊට වඩා නරක් වෙන්නත් හේතුව. මම නම් මේ බෙදීමට හරීම විරුද්දයි. මොකද මමත් ඉගන ගන්නෙ ඔය නරකයි කියන ඉස්කෝලෙක නිසා.

සාපෙනුත් ඉතින් මම ලාවට ගොඩ ගිය නිසා ගෙදර කස්ටිය දැන් දගලන්නෙ මාව වෙන ඉස්කෝලෙකට දාන්න. ඇල් පෙරේද දිහා ඉන්ටෙවු ඇවිල්ල තිබ්බ හොදයි කියල කියන ඉස්කෝලෙකින්. හික් ය. මගේනම් පොඩිම මනාපයක් වත් නෑ මාව හැදු අම්මව දාල තවත් කුඩම්මෙක් ගාවට යන්න. ඒත් ඉතින් ගෙදර කස්ටියගෙ බල කිරීම මත නොගිහින් බෑ නොවැ. ගියා ඉන්ටවිවු. හික්ය. ගියා.. මම පේල් ඉන්ටවිවු එකෙන්. :D :D :D ඒක මම හිතල ක්‍රපු වැඩක්. හිච්චි උප්පර ව්ඇට්ටියක් දැම්ම ඉන්ටවිවු එකෙන් පේල් වෙන්න. ඇයි ඩි එක යි රිසාල්ට් ශීට් එකයි මම දාල ගියා.. අපෙ අම්මටත් තිබ්බ කලොබොලේට ඒක බලන්න් අමතක උනා මම ගත්තද කියල. මම ඒක ශේප් එකෙ දාල ආව. අපේ.. ගෙදර එනකොට අම්මගෙ මූන් බලන්න එපැයි. හික් ය. මම ඉතින් තනියම හිනා වෙවී ආව. :D :D :D :D :D :D
දැන් පෙරේද. අපේ ඉස්කොලෙට මොන ඉන්ටවිවු දෑ.. ඒත් ඉතින් නීතියක් කියල දේකුත් තියෙනව නොවැ. තමන්ගෙ ඉස්කොලෙ කරත් ඒකට ඉන්ටවිවු එකක් තියන්න ඔනි ලු. මාත් ඉතින් පෙරේද ගියා අපේ හැදු අම්මව බලන්න. නමින් සුසමයවර්දන විද්‍යාලෙ.. :D ඒත් එතකොට තමා තේරුනෙ කලින් දවසෙ කරපු උප්පර වැට්ටියෙ බර පතල කම. :'(
අපේ ඉස්කෝල බයෝ කරන්න ඉතුරු වෙලා උන්නෙ මම විත්‍රයි. ඔක්කොම පාහර බල්ලො වෙන ඉස්කොලවලට යනවලු. අපිත් එක්ක එකට ඉගන ගත්තු එකට පිස්සු කෙලපු අයට මෙහෙම බනින්න උනු එක ගැන බොහොම කනගාටුයි. ඒත් එය ක්‍රන වැඩ වලට නොබැන බෑ. අපි ඉස්කෝලෙන් ඉගනගෙන මොකක් හරි රිසාල්ට් එකක් ගත්තෙ තම්නට කියල හිතන්න තරම් ආත්මාර්තකාමී වෙන්න පුලුවන්ද..?? මොකක් හරි ඒ ලැබුනු ප්‍රති පලේ තමන් ඉගන ගත්තු ඉස්කෝලෙටත් ආයිතියි. ඒ වෙනුවෙන් කරන්න ඔනි යුතුකමක් තියෙනව. ඒ තම උපෙ ගොඩ දමා ගැනීමෙ ගෞරවයත් තන්ගෙ ම ඉස්කෝලෙට දෙන එක.
හරි අපි හිතමු තමන්ගෙම ඉස්කෝලෙ ඉගනීම අතින් ඒ ච්චර හොද ඉස්කෝලයක් නෙවේ කියල. එහෙමෙයි කියල අපිත් ඒ ඉස්කෝලෙ දාල ගියොත්...??? කවදාවත් ඒ ඉස්කෝලෙ හොද ඉගනුම් මට්ටමකට ඒවිද..??

එහෙම ඉස්කෝලෙකින් අයින් වෙන කස්ටියගෙ පත්තෙන් හිතුවොත් ඒ අයගෙත් යම් සාදරනයක් තියෙනව. මොකද ජාතික පාසල්, නවෝද්‍යා පසල් කියල ඔවුව මෙවුව නම් ක්‍රගෙන තියෙන්නෙ අපි නෙවේනෙ. එක ඉස්කෝලයක් "හොදයි" නම් ඒ ඉස්කෝලෙටමයි සියලුම පහසුකම්... ඒ වගේ වෙලාවකදි කෙනෙක්ට තමන්ගෙ ඉස්කොලෙ දාල ය්නන්න හිතෙන එකත් සාදාරනයි. මොනා උනත් අපිට බෑ දැන් මේ ඇති වෙලා තියෙන ආකල්ප වෙනස් ක්‍රන්න. වෙන්න ඔනි තමන් හැදෙන එකනෙ. ඒත් කොහෙද තමන් හැදෙන්නෙ. අපේ ඉස්කෝලෙත් මම විත්‍රක් බයො කරන හින්ද කරන්න දෙන්න බෑලු. දැන් මටත් වෙන කුඩම්මෙක් ගාවට ගාටන්න වෙනව. මේකට කවුද වග කියන්න ඔනි....??? රජයද..?? රටද..?? මම නම් හිතන්නෙ මේකට වග කියන්න ඔනි වෙන කවුරුත් නෙවේ තමන්ගෙ ඉස්කොලෙට වඩා අනික් එක හොදයි කියල හිතන.. අපේ ම උන්... තනගෙ ඉස්කෝලෙට නැති ගෞරවයක් තමන්ගෙ අම්මට තාත්තට ලැබෙයි කියල හිතන්න බෑනෙ..


ප. ව.
මේකට මාතෘකාව විදියට මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල දැමෙ සමාජ වාදිරටක තත්වය මේකද කියන ප්‍රශ්නෙ අහන්න.. අනික් එක ඉස්කෝලවල විනය ගැන කතා නොකරෙ මමත් හොද විනය ගරුක ශිෂ්‍යයෙක් නොවන නිසා.. තව එකක් ඉස්කෝලවලින් අයින් වෙන අයට මම බැන්නට මටත් අපේ ඉස්කොලෙන් අයින් වෙන්න වෙනව. මොකද මම ක්‍රන විශය මේ කරන්න අපේ ඉස්කෝලෙ බැරි නිසා.. ඒත් තවත් කීපදෙනෙක් හරි කරන්න ඉදිරිපත් උනානම්.... තව අවුරුද්දක්වත් අපේ ඉස්කෝලෙ ජීව විද්‍යාව තියෙන්න තිබුන. මක්ක කොරන්නද එක අතකින් අපේම උන්ගෙ පව...
Related Posts Plugin for WordPress, Blogger...