Friday, June 10, 2011

කොල්ලට 25යි, කෙල්ලට 95යි.........

"ඈ බං... 95හේ කෙල්ලොත් ඉන්නවද???" කියල දැන් බොල මයෙන් අහයි. කන්‍යාභාවයට හානියක් වෙලා නැත්නම් වයස කීය උනත් ඒකි කෙල්ල තමා... හැක් හැක්.. මං මේ කියන්න යන්නෙ කලින් කිවුව වගේ ක්‍රිපු බරගනන් වල එකක් නෙවේ. මේ මෑතක උනු සත්‍යය සිද්දියක්...

මයෙ අතිජාත මිතුරු අය්යිය කෙනෙක්. මෑන්ස් ට අවුරුදු 25ක් විත්‍ර.. හොද නාබර වයස. දැන් මිනිහ කෙල්ලෙක් හොයනව බඳින්න... :D :D ඉතින් අපිත් එකතුවෙලා දැන් මංගල සේවය අතිරේක කියොනවා... මෙන්න බොලේ වැඩක්...

බොදු ගොවි අසූකෙලක් දනය ඇති වයස අවුරුදු 95ක තරුන යුවතියකට සුදුසු මනාලයෙක් හොයනු ලැබේ. විමසීම්:07xxxxxxxx
මාත් ඉතින් කින්ඩියට වගේ ඔය අතිරේකෙ අරූට පෙන්නුව. අප්පට සිරි. මූ ගෑණු ප්‍රේතයට වඩා සල්ලි ප්‍රේතයා... මූ අනික් පත්තර ඔක්කොම විසික් කොරල කෑ ගැහුවෙ නැතෑ. මූට ඇවිත් ටොප් අයිඩියා එකක්. :D :D ඒ තරුන යුවතියට අවුරුදු 95යි. ඒ කිඅය්න්නෙ වලපයයි ගොඩපයයි. ඉතින් අප්පේ ඔය ගෑනි නොබැද මැරිල ගියොත් නිකන් අර අසූකෙලක් දනය රාජ සන්තකවෙනව. අපරාදෙ නොවැ. අරූට ආපු ටොප් අයිඩියා එක තමා ඒ ආච්චිව බැඳල ටික කාලයක් ඉන්නව. කොහොමත් අවුරුදු 2කක් 3ක් යන්න කලියෙන් මැරෙන බව දන්නවනේ. අන්තිම ටිකේ සල්කගෙන ඉදල මැරුනම අර දේපල ඔක්කොමත් අරගෙන වෙන කසාඳයක් බැද ගන්නව... :D කොහොමද අයියගෙ ටිකිරි මොලේ...? ;)

දැන් ඉතින් අපිල මෑන්ස්ට මගුල් කතා කොරන්න ගියයි කියමුකෝ ආච්චිලාගෙ ගෙදරට. :D අඩෙ අප්පේ.. ඒ ක ඇවිල්ල ගෙයක් නෙවේ මෙවුව එකක්. මෙවුව එකක් කිවුවෙ මේ මාලිගාවකට.. :D :D ඒ ආච්චි බල්ලෙක් දැක්කම ගහන්නෙත් සල්ලි කොල ගුලිකොරලලු. දැන් වගේ නෙවේ ඒදවස් වල. 5000 කුරුලු කොළැ හේමත් නෑ නොවැ. තිබුනෙ මොනර විත්‍රයි. කොක හරි දැන් වෙඩිම තීන්දුත් කොරගෙන ඉවරයි.

ඔන්න වෙඩින් දවසත් ආව. :D :D එතනදි ඉතින් දෑඟිලි බැදල එවුව මෙවුව කොරල හෙන විකාරයක් නටල ඔන්න ආව අපි ආසාවෙන් බලන් උන්නු විසේසාංගෙට.. ඔවු බං ඒ හනිමුන්... :D :D :D ආ..........ශයි නෙහ්.. ;)

ඉතින් කස්ටිය ප්‍රසිද්ද හොටලේක කාමරයක් අරගෙන දැන් ගියා හනිමුන් (හොටලේ නම කියන්න බෑ. විසේශ හේතුවක් නිසා) ඉතින් ඊට පස්සෙ කමරේ ඇතුලෙ උන දේවල්නම් මට නිස්චිතව කියන්න බෑ ඔන්.. මොකො අපි ඔය යතුරු හිල්වලට ඇස් තියන්න යන එකක් යෑ.. :D :D :D


හ්ම්ම්ම්... දැන් නම් හිනා උන්නා ඇති වගේ... කොහොමත් හිනාවක් එක්කම කදුලකුත් එනවලුනේ.... දැන් ඊට පහුවෙනිද....  හරිම කාල ගොට්ටිය... හොටලේට පොලිසියෙන් ඇවිල්ල. කාමරේ වටේ රිබන් පටිත් ඇඳල... හරියට කවුරු හරි මැරිල වගේ... වගේ නෙවේ ඒකතමා වෙලා තියෙන්නෙ... (එහෙම මලගෙයක් උන හින්ද තමයි මං හොටලේ නම කිවුවෙ නැත්තේ.. පස්සෙ හොටලේට සෙනග නැතිවෙනවනේ) හැබැයි ඒක දැනගත්තම නම් මට ලාවට සිනහ පහල උනා. මටත් වඩා අර අයියගේ දෙමාපියො පස්වනක් ප්‍රීතියෙන් පිනායන්න ඇති. ඇයි ඉතින් අසූ කෙලක් දනය එක දවසින් උටනේ...
ඒත් ඒ හිනව ටිකකින් නැති වෙලා ගියා.. අර ආච්චි වැලහින්නක් වගේ අඬාගෙන එනව. මල කෙලියයි අයිය මැරිල....
ඉතින් දැන් අර අයියලගෙ අම්මලා අක්කල අර ආච්චිව කන්න හදනව.. අයියව මරාගත්ත කියල. ඒ මදිවට තව කීපදෙනෙක් මයෙ ඇඟටත් කඩා පාත්වෙනව මං අර මංගල දැන්වීම පෙන්නුවයි කියල. 
ඔය අතරේ තමා අයියගෙ මරන සහතිකේ එන්නෙ... :D :D 
මරණයට හේතුව: කල් ඉකුත්වූ කිරි වර්ගයක් පානය කිරීම හේතුවෙණි෴

30 comments:

  1. ඇයි එයා මැරුනේ?මොන උනත් කතාවට හිනා :D :D

    ReplyDelete
  2. ඇයි බොල, කල් ඉකුත් ඌ කිරි (පිටි නෙමේ කියලා කියන්න බැරිද, පරණයිනෙ) බීලා,

    එල එල

    ReplyDelete
  3. දැන් මේක දිහා බලන්න ඕනෙ මොන විදිහ‍‍ටද?

    ReplyDelete
  4. මචන් ඔහොම Joke කතාවකුත් තියනවා. උඹ මේ කලේ Joke එකක්ද ? නැත්නම් ඇත්ත කතාවක්ද ?

    ReplyDelete
  5. නොදකිං.. අහවල් එකට බොන්න ගියාද මන්ද? :D

    ReplyDelete
  6. හැක් හැක්...
    @හාමිනේ-- කියවා තේරුම්ගනු මැනවි.. ;)
    @ඇම් කේ-- ඇයි බං බැරි..? පිටි., කෑලි කෑලි.. ඔනි විදියක්.. :P
    @කුඩ්ඩ-- උබට මේක පේන්නෙ කොයි විදියටද..??
    @කලු පූස-- නෑ බං පිස්සුද මේක අඑත්ත කතාවක්.. ඔය ජෝක් එකක් විදියට කියන්නෙත් මේ ඇත්ත කතාව වෙන්ඩෑ... :D :D :D
    @චන්දික-- අනේද කියන්නෙ බං.. මං දැන්වීම පෙන්නුවට කිරි බොන්න කිවුවෑ... ;)

    ReplyDelete
  7. අඩෝ....තෝ මහා මිනී මරුවෙක් යකෝ...
    මොන කිරිද දන්නේ නෑ බීලා තියෙන්නේ නේ

    ReplyDelete
  8. හුටා.....යකෝ උඹත් මල මගුල් නේ සෙට් කොරන්නේ,පව් අර අහින්සක කොල්ලා.

    ReplyDelete
  9. අඩෝ.. මොකො මේ..? මං කිරි පෙවුව වගෙනේ... උගේ තියෙන කුප්පකමට උ කිරි බොන්න ගියා කියල මං පලියෑ.. ;)

    ReplyDelete
  10. ෂැහ් ...
    මහ චාටර් වැඩක්නෙ වෙලා තියෙන්නෙ ..........

    ReplyDelete
  11. ශුවර්ද කිරි කියල :P

    ReplyDelete
  12. දැන් සිරාවටම ඔය කිරි කල් ඉකුත්වෙලමද තිබිල තියෙන්නේ?

    ReplyDelete
  13. හැක් හැක්.. කල් ඉකුත් වෙන්නෙ නැද්ද බං.. අවුරුදු 95ක් ගියාම.. ;)

    ReplyDelete
  14. ඉකේ. චා මැක්ස්. මේවට තමා "නමට පෝස්ට්" කියන්නේ.

    ReplyDelete
  15. දන්න කවුරුවත් සුළගිල්ලට කියලා මගුල් කපුකම් කරගන්නේ පරිස්සමින්.. මේකා කිරි මොකට බොන්න ගියාද මන්දා..

    ReplyDelete
  16. දෑන් ඔය කතාවෙ කොයි හරියට ද අපි හිනාවෙන්න ඕන?

    ReplyDelete
  17. හෙ හෙ..
    @ අනෝ.. මටත් උබ කියාපු කතාව කියන්න තිබ්බ නමට කමෙන්ට් කියල.. ඒත් ඉතින් නමක්වත් නෑනෙ අප්පා

    @දිනේශ්-- ඇයි අයියටත් ඔනිද හොද එකක් හොයල.. :P

    @රංග-- උබ කැමති හලියකට හිනා වෙයන් මචො... :D :D :D

    ReplyDelete
  18. හිනාවෙන්න දෙයක් නෙමෙනේ වෙලා තියෙන්නේ අර කියන්නේ තණ්හාය ජායති සොකෝ කියලා

    ReplyDelete
  19. @දේවා.. :D සමහරක් අයට මේව නමට පොස්ට් උනාට මේකතාවෙ ඇත්ත තේරුම් ගත්ත එකට ගොඩාක් ස්තූතියි.. :D :D ඒවගේම එහෙම තෙරුම් අරගන්න පුලුවන් වීම ගැනත් සතුටුයි.

    ReplyDelete
  20. ඇත්තටම මරු....
    පට්ටම පට්ට....කතාව.
    හිනාවෙන්න වගේම ඉගෙන ගන්න දේකුත් තියෙනවා.

    ReplyDelete
  21. පව් යකෝ අර කොල්ලා :පී

    ReplyDelete
  22. මෙ තම එ අච්‍චි කෙල්ල ඉන්නවාද
    ඉන්නවානම්‍ මට සෙට්‍ කරලා දේනවාකො.

    කපු ගාස්තුව 25./. දේන්නම්‍

    te:0713402033

    ReplyDelete
  23. හැක් හැක්... ඕකේ මං සෙට් කොරල දෙන්නම් ප්‍රස්සන්න.. :D හැබැයි ඉතින් දැන් නම් මං ආච්චිගෙ කන්‍යාභාවය ගැන වග කියන්නෙ නෑ...

    ReplyDelete
  24. ඕක තමයි කිරි බොන්න කලින් කල් ඉකුත්වීමේ දිනය බලන්න කියලා කියන්නේ.දැන් හරිනේ !!!!

    ReplyDelete
  25. බොරු කතාවක් උනත් ඇත්ත වගේ කියලා තියනවා... :D :D :D

    ReplyDelete
  26. ඉහි ඉහි.. එදයින් පස්සෙ මාත් කල් ඉකුත්වීමේ දිනේ බල තමා මදුරංග කිරි බිවුවෙ.. ;)
    ඈ මරියො... මේක බොරු කතාවක් දෑ...

    ReplyDelete
  27. නැත්තම්.. මම නම් හිතන්නේ නෑ කල් ඉකුත් වෙන්න හරි කිරි තිබ්බා කියලා.. :D :D :D

    ReplyDelete
  28. ඕකනේ කියන්නේ ඔක්කොටම කලින් වල් කම එළියට එනවා කියලා.අරූට සල්ලිත් අමතක වෙන්න ඇති ආච්චි කිරි බොන්න දුන්නාම.

    ReplyDelete
  29. apoo mekata nikan inna bari unaane...

    ReplyDelete
  30. ඕකනෙ.අපි වගෙ එක්ස්පර් ඩේට් බලල බොන්නොනෙ ;) :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...