Friday, May 27, 2011

කුණුහරුප බිහිවෙන්නෙ ස්වාසරාලෙද? කර්ණකටහ පටලේදීද?

මේ පොස්ට් එක පබ්ලිශ් කොරල ඉවර වෙනකොට මාව සින්ඩි වලිනුත් අයින් කොරල තියෙයි කුණු හබ්බ තියේ කියල. අනික් එක ඉතින් හිච්චි උන් බැලුවත් කමක් නෑ. එපා කිවුවත් ඉතින් හොරෙන් හරි බලන එකනෙ. හික් හික්. කොහොම හරි මේක බැලුවෙ මොකා උනත් vog ඩොකෙක්ගෙ ගානට මනස හදාගෙන බැලුවනම් තමා වඩා හොද. මොකද තමන්ගෙ තියෙන පහත් මානසික පට්ටමක් නිසා මං කුනුහබ්බ කිවුවයි කියල අභූත මෙවුව අහන්න කැමැති නෑ හරිය...??

ඕන් ඉතින් අපි පොස්ට් එකට පය ගහමුකො.. ;)

•අක්කිය ඩූ ලංකාදරණිතලයට සැපත් වෙලා හින්ද එයැයිගෙ හිච්චි  හිච්චි වැඩ වලට එහෙ මෙහෙ දුවන්න උනා. ඉතින් අදත් ඕන් මං හංදිය පැත්තෙ යන කොට හරියටම දෙනොදාහක් ඉන්න තැන බලු පූට්ටුවක් .කාවුරු හරි ඒ වචනෙ සභ්‍යත්වයට විරුද්දයි කියල හිතනවනම් එතෙනට "සහවාසය" කියල ආදේශ කොර  ගන්නකෝ. සමහරක් අමාරුවෙන් අහක බලාගෙන යනව. තවත් කට්ටිය හොරෙන් බලනව. එක එක අරුමොසම් ගොඩායි. මාත් ඉතින් දැක්ක. මං ආයාසයෙන් අහක බලන්න ගියෙත් නෑ. මං මයෙ ගමන ගියා..
දැන් හරි, ඒ කතාව හිච්චකට පැත්තකින් තියන්නකො..
•මේ මාස ගනනකට උඩදි. ඔය පේස්බුකියේ ඉතින් මාත් ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවැ. ඉතින් ඔකේ ඔය එක එක විකාර වැඩ තියෙනව. සාස්තර අහනව කියයි. දවසේ ආදර ප්‍රතිශත බලනව කියයි. මැරෙන විදිය බලනව කියයි. එක එක අරුමෝසන් ගොඩායි. ඔන් ඉතින් මාත් දවසක් සාස්තරයක් අහන්න ගියා.(මගුල් සාස්තරයක්) ඕකෙන් තියෙන්නෙ මට අනාගතේ ළමයි 4ක් හම්බෙනව කියල. හක් හක්. නිකමට වගේ මාත් ඔක පබ්ලිශ් කොරා. ඒක නෙවේනෙ වැඩේ. ඔක දැකපු කෙල්ලෙක් මයෙන් අහනව "අම්බො.. ඔයා ළමයි 4ක් හදනවද...?? ඊයා හලො..." කියල. ඇයි වදේ. ඔක මේ අමුතු ම කුණුහබ්බයක්ද..?? අනේ මන්ද මාත් ඉතින් නිකන් උන්නෙ නෑ. මාත් කිවුව, "මං ළමයි 4ක් නෙවේ 16ක් හැදුවත් ඔයාට මොකො..? මක්කෙයි ඒකෙ ඊය ??" කියල මාත් ඔන් ඇහුව. ඉතින් කතාව ඔහොම ඇදිල ගියායි කියමුකො...

ඉතින් මාත් දැන් පොස්ට් එකට බහින්නම්,
ඔය සිද්දි දෙකේම තියරිය එකයි. කුණුහරුපයක් නොවන දේ කුණුහරුපයක් විදියට දකිනව. ඕක ඉතින් යටකියපු කීපදෙනාගෙ විත්‍රක් නෙවේ. ලොකේම පිළිගත්තු විද්‍යාඥයො අතරෙත් ඔය දුර්වල තාව තියෙනව.
හික් හික්. අපි අහල තියෙන එකනෙ ශරීරයට සාපේක්ෂව ලොකුම මෙවුව එක තියෙන්නෙ අපිට කියල. මෙවුව එක කිවුවෙ මොලේට. :D :D හැබැයි ඉතින් ඔය මෙවුව එක මොලේ විත්‍රක් මත් නෙවේ. සියලුම වානරයො(පිරිමි) අතරින් සරිරයට සාපේක්ෂව විශාලතම ලිංග ඉන්ද්‍රිය තියෙන්නෙත් මනුශ්‍ය පිරිමින්ට. ඒත් කිසිම පොතක පතක ඔයික කියන්නෙ නෑ. විශාලතම මොලේ තියෙනව කියල මහලොකුවට කෑ ගහුවට කවුරුත් අපිට ලොකුම ශීශ්නය තියෙනව කියල පිලිගන්න නම් ටිකක් අකමැති. ඇයි ඒ විත්‍රක්දෑ.. ගනු කස්ටියවත් අමතක කොරන්න පුලුවනෑ. කාන්තා පියයුරු. වෙන කිසිම ක්ෂීරපායී ගෑණුසතෙක්ට මනුශ්‍ය  ගෑණු අයගෙ වගේ අර්ධ ගෝලාකාර පියයුරු නෑ. අනික එක අනික් ක්ෂීරපායීනෙගෙ මනුශ්‍ය ගෑණු අයගෙ  තරම් විශාලත් නෑ. ඒත් අපි කිසිම තැනක ඔය කතාව ප්‍රස්ද්දියේ කතා කරන්නෙ නෑ. ඩෙස්මන්ඩ් මොරිස්[1] ලියපු නිරුවත් වානරයා[2], මනුසත් උයන[3] වගේ පොත් කීපයක ඇරුනම මේ වගේ දේවල් ගැන ප්‍රස්ද්දියේ කතා කොරලත් නෑ.

හැබැයි සිග්මන් ෆ්ලොයිඩ්[4] කියන විදියට ඔය මනෝ භාවයනම් මිනිස්සු 100 කින් 30ට වගේ තියෙන්නෙ. ඒත් මේ වෙන සිද්දිත් එකක් බැලුවම ඒ 30%, 90% දක්වාම වැඩි වෙලාදත් කියල මට හිතෙනව. සිග්මන් ෆ්ලොයිඩ්[4] ඒ මනෝභාවය විස්තර කොරන්න ගත්තු උදාහරනෙත් පොඩි අවුලක් නම් තියෙනව. ඒයා ඔය මනෝභාව විස්තර කරල තියෙන්නෙ ප්‍රසිද්ද ස්තානයක අම්මකෙනෙක් අතදරු ළමයෙක්ට තමන්ගෙ පියයුරු එලියට අරන් කිරිදෙන සිද්දියක් එක්ක.  එයා කියන විදියටනම් ඒ සිද්දි දිහා මිනිස්සු 3න් ආකාරයකට බලනව. කෙනෙක් ඒක මාතෲ ස්නේහය නිසා තමන්ගෙ පෞද්ගලිකත්වය  නැතිකොරන් කිරි දෙනව කියල අනුකම්පාවෙන් බලනව. තවත් කෙනෙක් ඒ දිගා තමන්ගේ රාගී හැගීම් වලින් බලනව. හැබැයි 3 වෙනි අවස්තාව නම් වෙනස්. කෙනෙක් ඒ දිහා රාගී නොවන වැරැදි විදියකට බලනව. ඒ කියන්නෙ ඒ අම්ම කරන දේ වැරැදි, එහෙම කරන එක සබ්‍යත්වයට පටහැනී, වගේ හැගිමකින් බලනව. :D :D :D ඉතින් කියවන ඔයාලට භාරයි තමන් කොතන ඉන්නෙ කියල හිතන එක.

කලින් දුන්නෙ ප්ලොයිඩ්[4] ගෙ මෙවුව එකනෙ. දැන් මයෙ මෙවුව එකත් දෙන්නම්. මං මේකට ගන්නෙ ප්ලොයිඩ් ගත්තට වඩා වෙනස් උදාහරනයක්. අපි ප්ලොයිඩ් ගත්තු උදාහරනෙ අම්මකෙනෙක් කිරි දෙනව වෙනුවට XXX එකක් ගමු. :D :D (මං මේ යන්නෙ අම්මකෙනෙක් කිරිදීම ත්‍රිබලක් කොරන්න හේම නෙවේ...) ඉතින් ඒ වගේ දෙයක් දිහාත් මිනිස්සු බලන තුන් ආකාරයක් තියෙනව නොවැ. කෙනෙක් රාගී විදියටත්, තවත් කෙනෙක් විවේචනාත්මක විදියටත් බලයි. හැබැයි ඔතන ඉදි ත්වත් විදියකට බලන කෙනෙක්. ඌ ඇස් වහන් හොරෙන් බලන්නෙ. උට බලන්නත් ඔනි, හැබැයි මෑන්ස්ගෙ තියෙන ආකල්පයක් නිසා ඒක බලන්න නෑ. හක් හක්. එහෙම ඩයලුත් ඉන්නවනෙ. ඉතින් ඒ අයගෙ ක්‍රියාකලාපයයි, ස්ග්මන් ෆ්ලොයිඩ්ගෙ උදාහරනෙ තුන්වෙනි පාර්ශවයේ  ක්‍රියාකලාපයයි, මං මුලින්ම කියාපු බලු පූට්ටුව දිහාත්, ළමයි හම්බෙන එක දිහාත් බලපු අයගෙ ක්‍රියාකලාපයයි බැලූ බැල්මට අසමාන වෙන්න පුලුවන්. ඒත් මට හිතෙන හැටියට ඒ හැමෝන්ගෙම මානෝභාවයන් සමානයි. :D :D :D  පොඩි අවුලකට තියෙන්නෙ ෆ්ලොයිඩ් හිස්ටීරියා රෝගි ප්‍රතිශත, පි පි රෝගි ප්‍රතිශත මැන්න වගේ මේ මනෝභාවයේ ප්‍රතිශත මනින්න බැරි එක තමා. :D :D :D

ඔය කොක වෙතත් ඩෙස්මන් මොරිස් කියන විදියට මිනිසා තමයි මේ මිහිමත ඉන්න උපරිම රාගිකයො. ඉතින් එහෙම තියෙද්දි අපි,
බල්ලො දෙන්නෙකෙගෙ සහවාසයට ඊයත්, අපේම ප්‍රජනනයට ඊයත්, විශාලත ශිශ්නයට හා විශාලතම පියයුරු ගැන කතා කොරද්දි ඊයත් තියන එක කොච්චර දුරට හරිද කියල හිතල බලන එක කියවන ඔයාලට බාරයි.

ප. ව.
මේ ප්‍රශ්නෙ කොච්චර දුරදිග ගිය එකක්ද කිවුවොත් දැන් දැන් නගරවල නම් වෙනස් කොරන්නත් පෙලඹිලා. කලුතර පැත්තෙ තියෙන "පයියාගල" කියන ස්තානය දැන් "පයාගල" කියලත් වෙනස් කොරල. සුනාමි කාලෙ ටි වි එකේ පෙන්නපු විදියට "පයියාගල" කියල තමා ස්ටේශන් එකේ ගහල තිබ්බෙ. මං හිතන්නෙ දැන් වෙනස් කොරල අඑති. හැබැයි ඉතින් ස්ටේශමක තිබ්බ පලියට ඒ නම පිලිගන්නත් බෑ. මොකද "කැළණිය" කියල ලියල තියෙනව ස්පෙලින්ස් වැරැදි. හක් හක්..

ප. ප. ව.
ඉතින් මං කියන්න ආවෙ,
අද මේ සමාජයේ කුණුහරුප කියන එක උපදින්නෙ ස්වාසරාලෙදිවත් වෙන තැනකවත් නෙවේ, ඒක ග්‍රහනය කොරගන්න කෙනාගෙ කර්ණකටහ පටලයේදි හරි ඇහේ දෘශ්ටිවිතානෙදි හරි තමා...

-3.ව.
  1. Desmond Morris
  2. The Naked Ape
  3. The human Zoo
  4. Sigmund Freud

34 comments:

  1. ඒක නම් ඈත්ත අපරාදෙ උබට බලු පුට්ටුවකුත් දාන්න තිබ්බේ

    ReplyDelete
  2. කතාවනං ඇත්ත බං.... උබත් මරු පොරක් කෙල්ලො ඊයා කියන පෝස්ට් මයි දාන්නෙ කක්ක පොස්ට් එක වගේ හි හි.... පට්ට (ගස් පට්ට එහෙම නෙවේ..)

    ReplyDelete
  3. සිග්මන් ෆ්‍රරොයිඩ් ..ඔන්න එයා කියන තර්ක නම් ඇත්ත

    ReplyDelete
  4. අනේ බොල.. මං බලු පැටවු දාන්න බල්ලෙක්ද?? :P ඔන් මනුස්ස පැටවුනම් එකට 10ක් දාන්න තිබ්බ.. :D :D :D

    ReplyDelete
  5. සොරි වෙන්න අනික් දෙපලව දැක්කෙ නෑ. ඔවු බන් කුඩ්ඩො.. ලොල්ය කියන එකත් කෙල්ලෙක් කියපු ඊය කතාවක ප්‍රතිපලයක්.. :D :D

    ReplyDelete
  6. තාම 18 උනේ නෑ නේද?

    ReplyDelete
  7. මෙන්න මූ ඉදලා ඉදලා වටින දෙයක් කියලා තියෙනවා. :D

    ReplyDelete
  8. හැබැයි උඹට සිංහල ස්පෙලින්ස් ගැනනම් අමුතුවෙන් කියලා දෙන්න ඕන... :D

    ReplyDelete
  9. ඔව් ඔව් මූ විතර කියල කියන්නෙ විත්‍ර කියල ප්‍රින්ටිං මිස්ටේක්ස් ගොඩයි.. යකෝ තොග් නම ත්‍ර වලින් ඉවරවුනාට හැම සිංහල වචනයක්ම ත්‍ර වලින් ඉවරවෙන් නෑ... දැන්වත් ඕක හදාගනින්

    ReplyDelete
  10. අම්මපා පට්ටයි පෝස්ට් එක.මාත් කියෙව්ව ඕන්.උබට කොහෙන්ද බන් ඔය සබ්‍ය වචන කටට එන්නෙ? ලොල්ය කියලා මාත් කැපුනා එහෙනම්

    ReplyDelete
  11. ඩෙස්මන්... හෝව් හෝව්

    කියල නේද? :D

    මොනව කරන්නද? කියවීම මිනිසා සම්පූර්ණ කරයි වගේම නොකියවීම මිනිසා සම්පූර්ණ නොකරයි කියන එකත් හරි.

    ReplyDelete
  12. හික්ය.
    @ගවිඳු- මචන් ෆ්ලොයිඩ් කියපු දේ විත්‍රක් නෙවේ ඉතින් හරි. ඩෙස්මන් මොරිස් කියපු ඒවත් තියෙනවනෙ මේ ප්ඔස්ට් එකේ. :D :D :D
    @රත්ගමයා-
    ලොල්ය.. අඩෙ හිරිඔතප් බිදින්න එපා බොල මයෙ..
    @අනුරාද & කිඩො
    ස්පෙලින්ස් මිස්ටේක් නම් තියේ.. හක් හක්.. ඒත් මචන් මන් "ත්‍ර" කියල යූස් කොරන්නෙ නම් හිතල. හරි සරල "ර" තියෙන වචනෙක මුල අකුරෙ ස්වරය ලොප් කොරන එක මයෙ "ලොල්ය" වගේම නිර්මානයක්. :D :D :D
    @නිශාන්-- බොම ස්තූතියි ඔන්.. ;)
    @පිටස්තරයා-- ඔවු මං වැරැදි. ඩෙස්මන් නෙවේ ඩෙස්මන්ඩ් වෙන්න ඔනි..

    ReplyDelete
  13. ඊයා....

    ඇත්ත මලයා. කතාව ඇත්ත.

    ReplyDelete
  14. නෑ මම අදහස් කලේ මේ මාතෘකාවට එද්දි හොඳම විද්‍යාත්මක පර්යේෂණ පැහැදිලි කිරීම් ලිවීම් කරපු කෙනෙක් ඩෙස්මන්ඩ් මොරිස්. ඉතිං ඕනෙම කෙනෙකුට මුලින් මතක් වෙන්න පුලුවන් ඒ නම.

    ඒත් ඒ ලියවිලි දැන් හොයාගන්නත් අමාරුයි. මම සරසවියෙ මේ ඉංග්‍රීසි පොත් හොයන්න ගියා. මොන! ඕලු නෙලුම් බොඳ මීඳුම් නං තියෙනව.

    ReplyDelete
  15. හ්ම්ම්.. ඔව් එකනම් ඇත්ත තමා. ඒත් දැන්නම් ඒ ද නෙකඩ් එයිප් පොතේ සිංහල එක ගොඩක් තැන්වල තියෙනව. :D :D :D

    ReplyDelete
  16. බන්දුසීල මහත්තයගෙ පරිවර්තනේද? පොඩි පොඩි වචන අවුල් වගේ හිතුනා.. අනේ මන්ද :)

    කොහොම වුනත් සිරා ලිපිය. දිගටම ලියන්න.

    ReplyDelete
  17. නියමයි මල්ලි... වෙල් ඩන්... ආයේ මුකුත් කියන්න ඉතුරු කරල නෑ... පර්ෆෙක්ට්...

    අපේ අම්මා මනෝ විද්‍යා උපදේශක වරියක්.. ඒ නිසා ඔය කිව්ව පොත් පත් සෑහෙන්න අපේ ගෙදර තියනවා... අම්මා උපදේශනය කරන නිසා ඕවා ගැන කතා කරන එක මට නම් සාමාන්‍ය දෙයක්.. ඔය කේස් දෙමව්පියන් එක්ක කතා කරන්න පුලුවන් නම් ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ..

    ප.ලි - මල්ලි ඔයා "සිග්මන් ෆ්‍රරොයිඩ්" කියන නම කීප තැනක කීප විදියකටම ලියල තියනවා... ඒ වගේ ඒවා ගැනත් පුලුවන් නම් පොඩ්ඩක් සැලකිලි මත් වෙන්න ඔයාගෙ බ්ලොග් එකේ වටිනාකම වැඩිවෙන්න...

    පයියාගල තියෙන්නේ කලුතර කිට්ටුව.. ගාල්ලෙ නෙවෙයි.. ඒක තාමත් පයියාගලම තමයි.. ඒකට හේතුව මට ආරංචි වෙච්ච විදියට පිරිමයෙකුගේ ශිෂ්ණයක හැඩයෙන් යුත් ගලක් තියනවලු මුහුදේ....

    ReplyDelete
  18. මම හිතාගන හිටියෙ ලොකුම මෙව්ව එක තියෙන්නෙ අස්සයන්ටයි හරකුන්ටයි කියල

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. මේකෙ කිසිම කුණුහරුපයක් නැහැ.ඒත් ඔයා වචන වල අකුරු වලට දීල තියෙන සැලකිල්ල නිසාම මේක කියවන අපේ කනීනිකාවේ තමයි කුණුහරුප හටගන්නේ.

    ReplyDelete
  21. මමත් අහම්බෙන් මේ බ්ලොගය දැක්කෙ, ඔතන තව පොඩි සීන් එකක් තියනව මචන්, සිග්මන් ගොය්ය කිව්වෙ අපි උපන්දා ඉඳල ලිංගිකත්වය විඳිනව කියල නේද, ඒ කියන්නෙ බුවා කියනවා, අපි පොඩිම කාලෙ කිරි උරා බොන කොටත් අපි ඒක විඳිනව කියල, ඊට පස්සෙ 3-4 වෙද්දි අපි කක්ක පාර දාන කොට ඒක විඳිනව, ඔන්න ඔහොම අපි පිලිවෙලකට යනව. සරලවම මනුශ්‍ය කියන්නෙ එක්තරා විදියක සෙක්ස් ප්‍රොෆිල් එකක්, ඉතින් ඕන වෙලාවක බුවාට ෆීලින්ග්ස් එනව/ගන්න පුලුවන්. ඔය ජාතියෙ තව එක සතයි ඉන්නෙ, ඒ ඩොල්පින්. ඔන්න ඔය සාමන්‍ය දේට අපි සදචාරය, බය, ආසාව, ඉරිසියාව වගෙ මගුල් එකතු උනාම තමා ප්‍රොයිඩ් ගොය්ය කියන සීන් වෙන්නෙ. අපිට තියෙන්නෙ ඔය නොර්මල් ට්‍රැක් එකෙන් ගොඩාක් එලියට පනින උන් ගැන පොඩි අනුකම්ප පාරක් දාල, ලාවට ට්‍රක් පනින උන් හොයල බලන්න, මොකද කවුද දන්නෙ ඌද අපිද ට්‍රැක් පැන්නෙ කියල.. මතක හැටියට කිව්වෙ ඕන්, වැරදිනම් දාපන්,

    ReplyDelete
  22. අනේ මන්දා බොටත් හිතෙන එව්වා

    ReplyDelete
  23. @ඔක්කොමල-- මං මේ ලිපිය ආයෙ එඩිට් කොරා. සමාවෙන්න මට ඒකට. අකුරු අඩුපාඩු කීපයක් හා අර කලුතර- ගාල්ල මිස්ටේක් එක වෙනස් කොරා.. :D :D
    @සුපර්මාරියො-- පයියාගල ගැන වැඩි විස්තර දුන්නට බොම ස්තූතියි. :D :D :D
    @ප්‍රසා-- අහම්බෙන් හරි බ්ලොගියට ඇවිත් මට මග ඇරුනු අදහසක් කියල ඉදන් කියල ගිය එකට ගොඩාක් ස්තූතියි. :D :D සිග්මන් ප්ලොයිඩ්ගෙ ඔය කතාවට මං නම් එකඟයි. ඒත් ගොඩදෙනෙක් ඔකට විරුද්දයිලු. :D :D

    ReplyDelete
  24. ඕනෙම දෙයක් ගැන කෝන කිහිපකින් බල්න්න ඕනේ එතකොට ඔය කියන මෙව්වා එක එච්චර දරුනු නෑ

    ReplyDelete
  25. fatta ලිපිය බන් සම්පුර්ණ ඇත්ත...!!!
    ජය වේවා...!!!

    ReplyDelete
  26. ඔවු ඉශාර අයියෙ.. බලන්න පුලුවන් කෝණනම් කීපයක් තියේ. එත් ඒ කීපයෙන් හරි එක තොරගන්න ඔනිනේද?? වැඩේ කියන්නෙ අද බහ්තරයක් තොරන් ඉන්නෙ හරි කොණෙ කියල වැරැදි කෝණයක්නෙ.. :D :D :D

    @aiddami ස්තූතියි :D :D

    ReplyDelete
  27. මොකෑ මේ කුඩු කතාව ?

    ReplyDelete
  28. උබට සිංහල නම් බැ වගේ.. කමක් නැ..ලොකුම මෙව්වා එක අලින්ට නෙද බං තියෙන්එන ? මං නම් දැකලා තියෙනවා හොඩ වැල වගේ දාන ඉන්නවා එළියට.. ඔක අහන්න ගීහිල්ලා හෙන විච්ජුම්බරයක් උනේ :D

    ReplyDelete
  29. එල එල..මගෙ එකටත් ගිහින් බලන්න
    www.sabithl.blogspot.com

    ReplyDelete
  30. හක් හක්... කවුදෑ වත් අක්කෙ කුඩු කතා කීවෙ...??

    බනියො.. සිරුරට සාපේක්ෂව විසාලතම මෙවුව එක. සිරුරට සාපේක්ශව කියන වචනෙ අමතක කොරන එපා. අලියගෙ ඇඟි හැටියට උගේ මෙවුව එක සයිස් මදි. ;)

    ReplyDelete
  31. සභ්‍යත්වය පැත්තකින් තබා සභ්‍යත්වය වෙනුවෙන් සටන් කිරීමත් හොඳ වැඩක්

    ReplyDelete
  32. අපෝ බොලව්. කියවන්න පුළුවන් ලිපියක් දාපංකො

    ReplyDelete
  33. අනේ ඇට්ටර මල්ලියේ.... ම උබ අරබයාමයි මේ පොස්ට් එක දැම්මේ.. හරි.... මොකද්දමෙකෙ කියවන්නට බැරි කියල කියන්ටකො...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...