Monday, September 30, 2013

HRM පොත් තියෙනවද?

මේක ඇවිල්ලා කෙටි කතාවක්.. පරිසමාප්ත මෙව්වා එකෙන්ම කෙටියි!

කලින් බුෆෙයාර් කතාවටම අල්ලලා ලියන්න තිබ්බට මට අමතක වෙලා. මං හිතන් හිටියෙ බුක්ෆෙයාර් එකෙ දි සිද්ද විච්ච රසම කෑල්ල මං මුලින්ම ලියන්නටැති කියාලා... කොහොමින් හරි මඟ ඇරුනු කෑල්ල කියලා ඉන්නම්කො!

ඕන් අපි බුක්ෆෙයාර් එකේ වැඩ. කලින් කිව්වත් වගේ පට්ටන් ගහපු කරත්ත රෝද දැකලාම මෙව්වා වෙලා හිටියේ...

ඔය අතරෙ මං පුරුදු උනා දන්නැති පොතක් ගැන ඇහැව්වාම උනත් ඒක දන්නෑ කියන්නැතුව පොර ටෝකක් දෙන්න.

ඒලෙවල් මැත්ස් බයෝ කරන උන්, රශියන් ට්‍රාන්ස්ලේට් හොයපු උන්, එහෙන් ගියාම අට්ටකතා, ටීකා ටිප්පටි වගෙ පොත් හොයපු උන් තමයි මගේ ප්‍රධාන ඉලක්කය උනේ... ඒලෙවල් පොත් හොයපු කට්ටියව කෙලින්ම යැව්වේ සරසවි, ගොඩගේ වගේ එව්වට! රශියන් එව්වා හොයපු කට්ටියව යැව්වා රුසියාව ප්‍රකාශන එකටයි B එකෙ තිබ්බ කොමියුනිස්ට් පාර්ටි එකෙ ස්ටොල් එකටයි.(අපේ ස්ටොල් එකෙත් දැදිගම රොද්‍රිගූගෙ එහෙම පොත් තිබ්බා... එත් රුසියානු පොත් හොයන් ආපු මිනිස්සුන්ව හරවල යැව්වෙ එතන වැඩකරපු අපිට 50%ටවඩා අඩුකරලා පොත් දෙන්න බෑකිව්ව එකට! :3 ) අට්ටකථා අනම් මනම් හොයපු වයෝවෘද කට්ටියව සමයවර්ධන එකටයි කුණ්සේන එකටයි යැව්වා!

ඔයවගෙ හරඹ දක්වන්න බුක්ෆෙයාර් පටන් අරන් දවසක් දෙකක් ගියා.. මොකද අපිත් බුක්ෆෙයර් එකෙ එහෙමෙහෙ ඩිංගක් ඇවිදලා බැලුවාමනෙ අනික් ස්ටොල් ගැන අවබෝදයක් ලැබ්බෙන්නේ...

ඒලෙවල් පොත් වලනම් ලියපු මෑන්ගෙ නම කිව්වම මොකද්ද විශය මොකද්ද පොත කියලා කියන්න පොඩි අවබොදයක් තිබ්බා! රශියන් ට්‍රන්ස්ලෙට්වලටත් එහෙම්මමයි... අහලා නැති නමක් උනත් නම ඇහුනාම මෙහෙ වෙන්නැති කියලා හිතාගන්න පුලුවන්නේ...සිංහල හර බැර පොත්, එව්වයෙ කතෘ වරු ගැන නම් ලොකු අවබොදයක් තිබ්බෙ නෑ.

ඕං සූ ගාලා සෙනග!

මැක්සිම් ගෝර්කි?
                -අරහේ
එනිඩ් බ්...
                -මෙහේ
ඔන්න ඔහොම අරයගෙ මෙයාගෙ පොත් තියෙන්නෙ කොහෙද කියලා අහනවා... මාත් ඉතින් අරහෙ මෙහෙ කියලා උත්තර දෙනව. ඔය අතරෙ ඉතිං කන්නිමහර සුමංගල හාමුදුරුවන්ගෙ, ඩෙස්මන් මොරිස් උන්නැහේගෙ පොත් ගැන එහෙම අහපු උදවියත් නොහිටියෙම නෑ! එවගෙ කට්ටියටනම් අරහෙ මෙහෙ කියලා කියන්නැතුව සාක්කුවෙ දාන් හිටපු මැප් එකෙන් තියෙන තැන පෙන්නලත් දුන්නා.. ඉගන ගන්න උදවියට අපි උදවු කරන්න එපෑය!


ඔය අතරෙ ලස්සන මිස් අක්කා කෙනෙක් මගෙන් අහනවා

එක්ස්කියුස් මී. HRM පොත් තියෙනවද?

කොටිංම කියනවනම් මං හෙන සමීකරනෙකට එන්ටර් වෙලයි හිට්යේ...

මං- අනේ එයාගෙ පොත් නම් නෑනෙ මිස්...
මිස් අක්කා- හි.. හි... මං කිව්වෙ හිවුමන් රිසෝස් මැනේජ්මන්ට් බුක්ස්...
මට කට උත්තර නැති උනා!

මට තියෙන තරහා මේකි එතනින් නවතින්නැතුව,
හෙන අමාරුවෙන් සිංහල අමුණ අමුණ 'මානව...සම්පත් කළමනා...කරණය!' කියලා කියාපු එකට...

පව.
එක අතකට මගෙ වැරැද්ද.. මගෙ නෙවෙයි.. මං හදාගත්තු සමීකරනේ වැරැද්ද.
පොතෙ නම කියලා අහන කට්ටියට ඒවිදිඅයට උත්තර දුන්නා
කතෲගෙ නම කියලා අහන උන්ට, දන්න එකෙක්නම් ඒවිදියට උත්තරදුන්නා.
දන්නැති සිංහල නමක් නම් අදාල සබ්ජෙක්ට් එක අහගත්තා. ඉංග්‍රිසිනම් එයාගෙ පොත් නෑ කියලා හරෝලා යැව්වා..
මගෙ සමීකරනෙ ඇතුලෙ කෙටියෙදුම් කියලා එකක් තිබ්බෙ නෑනේ!

Tuesday, September 24, 2013

මර දූවරු වගෙද බුක්ෆෙයාර් එක!

රෙස්ට් කරනවා කියාපු සතිය ඉවරායි... දැන් ඉතින් සුපුරුදු විදියට වැඩේ පටාන් ගමු...

ඒලෙවල් ඉවර කරලා ට්‍රිප් ගියා! රස්තියාදු ගැහුව්වා... ඔක්කොමත් කාරිය ඉවර කරලා ටෙම්පරි ජොබ් කට්ටකුත් කරා... බුක් ෆෙයාර් එකේ සේල්ස් වැඩක්... 
සේල්ස් කිව්වාට සේල්ස් ඇර අනික් හැම දෙයක්ම කරා... පොත් ඇද්ද. බැනර් එල්ලුවා. ලයිට් දැම්මා... අතුගෑවා.. ඔයිට අමතරවා බිල් ගහන උන් කන්ට ගියාම බිලුත් දැම්ම... සේල්ස් ඇරෙන්න කියාල කිව්වෙ මේකයි... 
කස්ටමස්ලා අහන ප්‍රශ්න සහ මගේ පිළිතුරු

-අහවල් පොත තියෙනවද? 
           නෑ සාර්.. සරසවි එකෙ බැලුවෙ නැද්ද?
-මේව්වා ගැන පොත් නැද්ද?
           නෑ මිස් ගුණසේන එකේ බලන්ට.
-පුතා මේ පොත දෙන්න.
           ම්ම්ම් සර් අපි සුරස නෙවෙයි. අකුරු පැටලිලා... :)

ඔය අතරෙ...
-අයියෙ මේ පොත් කොහෙද තියෙන්නෙ?
           [පැණි හිනාවක් දාලා] අනේ නංගියො අපි ඒලෙවල් පොත් නම් කරන්නෙ නෑනේ... ;)

ඒත් ඉතින් ඔය එකියෙක්වත් අපිව පඩේකට ගනන් ගත්තෙ නෑ..... මොකද ඉතින් අපි සේල්ස්ලානේ.. එයාලා කස්ටමර් නොනලයි මහත්තුරුයිනේ... :D

කොහොමින් කොහොමින් හරි අපි පොත් නොවික්කෙමත් නෑ...

ඇන්ටි පාරක්- මේ රේන්ද පොත් නැද්ද?
           මිස් රේන්ද පොත්නං නෑ... ම්ම්ම් ලස්සන වැසිලිස්සා දෙන්නද.. :P
එනවා මෙතන ඒයි මේයි ගාන්ට!

නානාප්‍රකාරෙ සිද්දි අතරෙ හොඳම සිද්දිය ඒකමත් නෙවේ.. ඒ කලින් කියපු ඇන්ටි පාර ඇතුලු ඇන්ටි, අක්කා, නංගි, ආච්චි ආදි කන්තා පාරවල් ගැනයි කියන්ට තියෙන්නෙ...


පෝය දවසෙ පංසලකට යන්නැතුව කරත්ත රෝදෙට පට්ටම ගැහුව්වා වගේ ඇඳන් එනවා කාරිය... එහෙන් සැම්න් ටින් එක වගේ හිර වෙනවා... මර දූවරු ආවත් ඉවසන්නම්. ඒත් මෙව්වා! අයි දෙයියනෙ අපිත් මස්-මාළු කනවනේ....

ප.ව.

බුක් ෆෙයාර් එකෙන් විච්ච හොදම දේ කාලයක් තිස්සෙ හොයාපු 'නිරුවත් ගැහැණිය' හම්බුනා.
තව එකක්...

 ජිවිතෙට කරපු පළවෙනි රස්සව සහ පළවෙනි පඬිය... :D
Related Posts Plugin for WordPress, Blogger...