Tuesday, May 1, 2012

මා ඔබ පසුකලා නොවේ ඔබ මා පසුකලා.....!

හැක් හැක්... ඕන් කාරියා අයෙත් හුග දවසකට පස්සෙ මේකට ආවා.. බ්ලොග් එකක් තියෙයි කියලා අමතක කරලා පුලුවනෑ.. සයිබර් බක් මහ උළලත් ඕන් අහවර උනායි කියමුකො.. ඒකනම් පට්ටය.. ඒක ගැන හැමොම වගේ පොස්ට් දාලා තිබ්බ හන්දා අපි එක ගැන කතා නොකර අද පොස්ටුවට බහිමුකො... 

ඊයේ ඕන් විභාග කෑල්ලක්  තිබිලා අහවර උනා.. ඒ පේපරේ මං තමයි ඕන් මුලින්ම ඉවර කරේ.. එක පන්තියකට ළමයි 15 ගානෙ දාල තියෙද්දි 14 දෙනෙක්ම පේපරේ ලියන කොට මං මොකටද ඔක ලියන්න මහන්සි වෙන්නෙ... එකෙක් මගේ එක ප්‍රස්නෙට උත්තරේ ගානෙ ලිව්වත් මට 'ඒ' එකක් ගතෑකි නොවැ... ඒත් ඉතින් මේක මහ විභාගෙ නෙවේ හින්ද මං කාටවත් කරදර කරේ නෑ.. ඇහැ ටීක් කරලා ප්‍රස්නෙකට දෙකට උත්තර ලියලා කාරිය මං මගේ ආතල් එක ගත්තා.... වෙසක් සතියත් ලඟ එන හන්දා මං ආතල් එක ගනට "සේදවත්තේ ටීක් ලමා සමාජය විසින් ඉදිරිපත් කරනු ලබන අන්ගුලිමාල දමනය" ඔඩියො බුලූ එක හඬ කැව්වා.. ;) මෙව්ව ඉතින් ආගම් වලට අපහාස කෙරෙන වැඩ හන්දා මං කොටසයි දාන්නේ... ගොඩක් උන්දැලා අහලා ඇතිනේ ඉතින්..

෴සේදවත්තේ ටීක් ලමා සමාජය විසින් ඉදිරිපත් කරන අන්ගුලිමාල දමනය෴
(අරින්න අනේ තිරේ විගහට අරින්න...)
බුද්ධ, නවතින්න බුද්ධ.. ඇයි ඔබ දුවන්නේ? 
මම නෙවෙයි දුවන්නේ ඔබයි දුවන්නේ! 
අහ් එහෙනම් මට ඇඟිල්ලක් දෙන්නකෝ.. 
#%#&^%$*(*)(*%^&%$^$#%&*^($# 

ඔන්න ඔහොම නාට්ටිය පංන්තියෙ අනික් ලමයින්ටත් ඇහෙන නොඇහැන ගානට කඬ කවද්දි අපූරු මෙව්වා එකක් මතක් උනා...

අර ත්‍රීවීල් වල බස් වල එහෙම කාරිය ගහලා තියෙන වැකියක්...

මා ඔබ පසුකලා නොවේ ඔබ මා පසුකලා.....!

කස්ටිය ගොඩාක් දැකලා ඇතිනේ... හැබෑට මෙතන මොකද්ද මේ කියන්නේ... වල් කතා සිරියස් එකේදි අපි අර කතා කරපු ගැලීලියොගෙ සාපේක්ෂ චලිතය කට්ටියට මතකද දන්නෙ නෑ... හැක් හැක්.. අන්න ඒ වගේ තමා මෙකත් ඔන්.. සාපේක්ෂ චලිතය කියන්නෙ අමුතුම ජාතියෙ මෙව්වා එකක්නේ..

මෙහෙමයි අපි ඔය බස් වල එහෙම යද්දි අපිට පේනවනේ ඕන් බස් හෝල්ට් වල ඉන්න ගෑණු ළමයි/ පිරිමි ළමයි ආදි විවිද වස්තු අපිව පහු කරන් යනවා... කට්ටියට මතකද දන්නෙ නෑ.. දැනට අවුරුදු 4 පහකට කලියෙන් ටීවී එකේ මැලිබන් එකේ ගිය ඇඩ් එකක්... :D යහගුනයෙන් ඉදිරියට කියලා මාරි ඇඩ් එක!.. අන්න ඒකෙ මතකද අර පොඩි පිරිමි ළමයා කාර් එකේ පිටි පස්සෙන් බලන් ඉදිද්දි අර කෙල්ල එයාව පහු කරන් ඈතට යනවා පේන්නේ... :D


අන්න ඒ ඇඩ් එක ඩිසයින් කරපු මනුස්සය 2004 හොදම වෙළෑද දැන්වීම් සම්මානේ ගත්තට මොකො සාපේක්ෂ චලිතය හොයා ගත්තු ගෞරවය ඒයැයිට දෙන්න බෑ නොවැ.. කොටින්ම එ මනුස්සයා එක දැනන් හිටියද කියලා අපි දන්නෙත් නෑ... ඒත් ඒ ඇඩ් එක ගැඹුරින් හිතුවොත් තියෙන්නෙ ගැලීලියොගෙ සාපේක්ෂ චලිතය සීන් එකනේ... මේක ඇවිල්ල පිසිස් බ්ලොග් එකක් නොවෙන හන්දා ඔය  නිරපේක්ෂ රාමු, ඊතර් හුලඟ එව්වා මෙව්වා ගැන කතා කරන්නේ නෑ ඕන්... කොව්වා උනත් මටනම් හිතෙන්නෙ අර ඇඩ් එකට යහ ගුනයෙන් ඉදිරියට කියලා නොදා ඔබ මා පසු කලා නොවේ මා ඔබ පසු කලා කියලා දැම්ම නම් පිසිස් සම්බන්ද තරගෙකින් ඔයිට වඩා ලොකු මෙව්වා එකක් ගත හැකියි කියලා... 

අපේ සෙලබ්ස් එක ලියපු අයට අනුවනම් ඕන් මුලින්ම ඔය සාපේක්ෂ චලිතය හදුන්වා දුන්නේ ගැලීලියො ගැලිලි සීයා.. ඒකනම් එහෙම කියන එක අහන්නත් දෙයක්ය.. අපිට ජීව විද්‍යාවෙ ආහාර ජීරන පද්දතියට පඩ ය ගැන ඇතුලත් නොකරපු එකේ භෞතිකේ ඔහොම විච්ච එක අහන්ට දෙයක් නෑ...

ම්ම් එතකොට අපේ නලීන්ද සිල්වා මාමාට අනුව නම් සාපේක්ෂ චලිතේ හදුන්වා දීලා තියෙන්නෙ නාගර්ජුනකියලා මෑන් කෙනෙක්... මාත් ඔය අන්තයේ කාලයක් හිටියා නොවැ...

දැන් හැබැයි ඕන් පොස්ට් එක පටන් ගද්දිම කිව්වා වගේ මං වෙසක් සතියට පෙහෙවත් සමාදන් වෙනවා.. මං දැන් අනුගමනය කොරන්නෙ මඥ්ඥිම පටිපදාව! මෙහෙමනේ..

ගැලිලියො එද්දාස් හයසිය ගනන් වල සාපේක්ශ චලිතය ගැන ගස් වල ගෙඩි වැටීම ඇසුරෙන් කිව්වා.. ( පටලෝ ගන්න එපා නිව්ටන්ගෙ ඇපල් වැටිම නෙවේ...) මෙයා කිව්වෙ ගහකින් ගෙඩියක් වැටුනාම ඒ ගෙඩිය හරියට ගහ මුලටම වැටෙන්න හේතුව පොළවට සාපේක්ෂවම ඒ ගෙඩියත් චලනය වෙන එක කියලා.. ඒ කතාවත් ඇත්ත.. නැත් නම් අපි මෙහෙ ඉදන් උඩ පැන්නාම එහා පොළව භ්‍රමනය වෙන හන්දා එහා ගෙදර බිමට වැටෙන්න එපෑය... එතකොට අර මං නලීද සිල්වා මමා කියන විදියෙ නාගර්ජුන සෘශිවරයා කොහොම විස්තර කරාද කියලා මට නම් ඒ හැටි තේරෙන්නෙ නෑ... තාම පොඩි එකා හන්දා එව්වා මට චින්තන පර්ශදයෙනුත් අහ ගත්තට ඒ හැටි තේරුමක් ගියේ නෑ... කොහොම හරි ඒ සෘශිවරය ඉදලා තියෙන්නෙ අවුරුදු 1000ට විතර කලින්... දැන් මගේ මෙව්වා එක...



බුදු හාමුදුරුවො අන්ගුලි මාලව දමනය කරේ සාපේක්ෂ චලිතය ගැන කියලා දිල නෙවෙයිද.. හැබැයි ඉතින්  එතනදි බුදු හාමුදුරුවො දිශාව සලකලා නෑ... ඒක වෙනම කතාවක්.. ඒත් අන්ගුලිමාලට සාපේක්ෂව බුදුහාමුදුරුවො දුවනවා වගේ පෙනුනේ අන්ගුලිමාල දුව දුව හිටපු හන්දා නොවැ... 

ප.ව.
භෞතික විද්‍යා පඩම අදට අවසානයි... :) තෙරුනේ නැති උදවියට කියන්නෙ තියෙන්නෙ දැනුම කියන්නෙ පද්දතියක්.. අපි අපි කට්ටියගෙ දැනුම් පද්දති එකිනෙකට වෙනස් කියලා තමා... ගිහින් එනා......න්....!


12 comments:

  1. මං ටාම සූටි නිසා වෙන්ටැති අයියෝ......මටනම් මෙලෝ හසලක් ටේලුනේ නෑ.......:‘(

    ReplyDelete
    Replies
    1. හෙ හෙ තෙරෙන්නෙ නැති අය ගැනත් කිව්වනෙ ඉතිං මං.. :)

      Delete
  2. //සයිබර් බක් මහ උළලත් ඕන් අහවර උනායි කියමුකො.. ඒකනම් පට්ටය..//

    සිරාවටම උඹට ඒක මතකද මල්ලි...?

    ReplyDelete
    Replies
    1. :D ඇයි බොලා මොකක් කියලද හිතුවෙ... මට හොදට මතකයි... :P කිණ්ඩියට ගන්නෙපා!

      Delete
    2. මුකුත් නොකියමි..

      සුලැගිල්ල සමග කතා කලා වගේ මතකයි.. අනේ මන්දා..
      ඔබා මාමලා එක්ක නේද හිටියේ !

      Delete
  3. මැලිබන් ඇඩ් එක මම බලපු සුපිරිම ඇඩ් එකක්.

    ReplyDelete
    Replies
    1. ඒක නෙව 2004 මෙව්වා එක ලැබිලා තියෙන්නේ.. :D

      Delete
  4. මම දන්නෙ නැත... උඹේ එව්වාට කමෙන්ට් කිරීමෙන් මට මෙව්වා වේ..

    ReplyDelete
    Replies
    1. ඬොහොම කියන කොට මටද මෙව්වා වේ...

      Delete
  5. ඒ කතාවත් ඇත්ත.. නැත් නම් අපි මෙහෙ ඉදන් උඩ පැන්නාම එහා පොළව භ්‍රමනය වෙන හන්දා එහා ගෙදර බිමට වැටෙන්න එපෑය..

    මෙව්වා එකෙන් මට තේරුන එකම මෙව්වා එක මේ මෙව්වා එක විතරය.. හික් හික්.. හයියූ.. තේරෙන්නේ නෑ අෆ්ෆා..

    ReplyDelete
  6. //අපි මෙහෙ ඉදන් උඩ පැන්නාම එහා පොළව භ්‍රමනය වෙන හන්දා එහා ගෙදර බිමට වැටෙන්න එපෑය..//

    ඇත්තටම මම ඒ කාලේ හරියට කල්පනා කරපු පුරස්නයක්..

    ඒ වගේ ගැටලු කීපයක් මට තිබ්බා.. එකක් මෙන්න..

    *අපිට කරන්ට් එක ගියාම කෝමද වාහන වල විතරක් ලයිට් පත්තු වෙන්නේ..*

    ReplyDelete
  7. තොටයි මටයි දෙන්නටම මඤ්ඤං

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...