හපොයි අද ඔන්න මකුණුදැල් කඩලා අහක් කරලා ආවා ඔන් පොස්ට් කෑල්ලක් දාන්ට.. අදනම් බල්ලො කැත කරලා නැති හැඩයි... :D
මුල්ගල් තැබිමේ මෙව්වා එකක් කිව්වාම ඉතින් වැදගත් වැඩක් නෙව.. මෙන්න මෙහෙම පටන් ගමු..
ඇත්තටම කියනවනම් මේක මගේ හය හතර තේරෙන්න පටන් ගත්තු කාලෙ ඉදන් තිබුණු ආසවක්.. මොකෙක් හරි සතෙක්ගේ ඇට කෑලි එක්කහු කරලා ඇට සැකිල්ලක් හදා ගන්න එක.. :D
පුංචිම කාලෙ ඉස්සරහා ඉඩමක් සුද්ද කරද්දි ලස්සනට කුණකට්ටෙක්(ගෙයැයි සැක කරපු) ඇට සැකිල්ලක් හම්බ උනා... අත්තක එතිලා මැරිලා තියෙන්නේ.. ඇඟේ කොටස් කොටස් අඩු උනාට ලස්සනට ඌ හිටියා.. පිය තුමන්ගෙත් උපකාර ඇතිව ඒක ගෙදරට ගෙනල්ල පොඩි පෙට්ටි කෑල්ලක දමාලා කාමරෙන් තියන් හිටියා ආසවට.. ඒත් ඉතිං මවුතුමිය පොඩි එකාගැන දක්වන සෙනෙහස් වැඩි කමට ඌගේ දත් වල විස ඇතයි කියාලා ඒක පහුව දා වීසික් කර්ලා තිබුනා.. :(
ඔන්න ඒ දවස්වල තමයි මේ ඇට සැකිළි ඇට කටු එක්කාහු කරන මේනියාව පොඩි එකාගෙ හිතට එන්නේ.. සිග්මන් ෆ්ලොඩ් උන්නැහෙත් කියාලා තියෙනවනේ කුඩා කාලෙදි හිතට කාවැදුනු එව්වා වැඩි හිටියා වෙනකොට එළියට දාන්න උත්සහ ගන්නවයි කියලා.. මෑන් කිව්වා කෙසේ වෙතත් මිනිහට අවුරුදු 2450ට විතර උඩදි අපේ බුදුහාමුදුරුවොත් එක ගැන ලස්සනට කියලා තියෙනවා.. හැක් හැක් දැන් කියයිද දන්නේ නෑ අර ඇඟිලි සළෑකුණත් අල්ලහ් මැව්වා වගේ අවුරුදු 1000කට විතර උඩදිත් හිනෙන් ඇවිදින් මේ කතාවම කිව්වයි කියාලා.. ලොල්.. හා හා ඔය කවුරු මොනවා කිව්වත් ඒක නෙව ලොක දර්මතාවය! කොහොම හරි අද ඇඟිල්ලාට මාරම හැපි දිනයක් වෙන්නෙ අන්න ඒ පොඩි කාලේ යතාර්තයක් නොවුනු හිනය අද යතාරතයක් උණු හන්ද.. :D
ඉදින් බිදවැටුනු පොඩි එකාගේ හිනෙත් හිතේ තියාගෙන ඉදිදි තමයි මිනිහට ගෙදරට ඇවිත් අභාවප්‍රාප්ත කරණලද ගෝණුස්සෙක් හම්බ වෙන්නේ.. ඔය දවස් වල පොඩි එකා පත පොත කියවලා ලබාගත් දැණුමින් ගෝණුස්සගේ හම දියකරලා ඇට සැකිල්ල ගන්නයි ලෑස්ති වෙන්නේ.. බොහෝම තනුක ක්‍රෝස්ටික් සෝඩා ද්‍රාවනයක මෘත දේහය ගිල්වලා නැටෙව්වාම පොතේ හැටියට ඇට සැකිල්ල ඉතුරු වෙලා මස් දිව වෙලා යනට ඔනෑ.. ඒත් ඔය මැද්දට පැනපු අක්කා තුමිය "ගොනුස්සන්ට කොහෙන්ද මොඩයො ඇට සැකිලි?" යනුවෙන් අහපු ප්රස්නය තාමත් දොන්කාර දෙනවා.. ඒ දවස්වල හය හතර ඉගන ගත්තට ආත්‍රපෝඩාවො කියන්නේ අපෘශ්ටවංශීන් කියාල දැනන් උන්නේ නෑනේ.. කොහොමොන් හරි කඩ උනු බලාපොරොත්තුත් එක්කලා මම ඉගන ගත්තා ගොනුස්සන්ගෙ ඇට සැකිළි කෙසේවෙතත් රත්කරන්න ගන්න ඇලුමිනියම් හට්ටිය ක්‍රොස්ටික් සෝසාවල දිය වෙනවයි කියල ඉගන ගත්තා!
ඉතිං කොහොමින් හරි 8, 9 පංතියට එනකොට යමක් කමක් ඉගනගෙන තිබ්බ හන්දා ඊලග ඉලක්කය උනේ බල්ලක් අල්ලපු ගෙම්බෙක්ව! ඔක්කොම ආම්පන්න ලැස්ති කරන් වැඩේට බැස්සට අත්දැකිම් අල්ප නිසා කොච්චර ක්‍රොස්ටික සොඩා සාන්ද්‍රනයක් ඔනෑද කියලා හිතාගනට බැරුව හිටියේ...කොකටත් කියලා යහමින් දාලා වැඩේ කරා.. ඒත් අවාසනාවක මහත අන්තිමට ඉතිරු උනු ඇට කෑලි අතින් තියා ටුවිසරෙන් අල්ලදිත් පිටි වෙන තරමට දියවෙලා.. එතකොට තමයි තේරුනේ ඇළුමිනියම් දිය උනු එකෙ ඇටසැකිලි ඉතුරුවෙයිද කියලා හිතුනේ.. ඒත් පොතේ තිබුනේ එහෙමනේ.. o.O
ඊලඟ ඉලක්කය උනේ පූසා අල්ලපු කුරුළුපැටියෙක්... නැටවිමට ලොහ නොවන හට්ටියක් හොයලා හොයල බැරිම තැන අවුරුද්දට කිරි උතුරපු මුට්ටිය ගත්තා.. :D ලිප්ගල් බැදගෙන කාරියට ලැස්ති වෙලා බොහොම සුළු ක්‍රොස්ටික් සොඩා සාන්ද්‍රනයක් යටතේ වැඩේ කොරා... ඒත් වැඩේ ඒ හැටි සාර්තක උනේ නැත්තේ මූ පැටියෙක් නිසා ඇස්ති එච්චර හයිය නැති විම කියලා හිතන් හිටියට පහු කාලිනව තේරුන් ගියේ පියාබන්න පක්ෂීන්ගෙ අස්ති ගොඩාක් සැහැල්ලු වෙන්න අරයා මවල තියෙන්නෙ කියලා.
ඉතින් මේක අසන්තතික කාලසිමවක් නෙවෙයි ඔය අතරේ කුරුල්ලො කටුස්සො ගෙම්බො මීයෝ මගේ ලිප තුල තැම්බුනා.. හැබැයි එකෙක්වත් මං ඇටසැකිලි ගැනිම අරබයා මැරුවේ නෑ හරිය! මැරිච්ච උන් ගත්තේ.. එව්වත් විවිද මට්ටමින් සාර්තක උනේ නෑ...
ඒත් මේ ලගදි දවසක පවුලේ පොදුසුසාන භූමිය අස්පස් කරද්දි මං ශේපට එතන හැරුව.. :D අන්න එතනින් ගොඩගත්තු අපේ පවුලේම සාම්ජිකයො තෙපළකගෙ ඇට කොටස් මෙන්න මේවිදියට එක්කහු කරගත්තා!
ඉතින් මේකට විශේශ ඉස්තූතිය හැදුවැඩූ දෙමාපියන්ට පිරි නමන අතර විශේෂ එකෙත් හොදම එක පියතුමන්ට තමයි ඉතින්... :D (අම්මත් ඉතින් සහයෝග දැක්කුවා... මේක ඉතින් විසබීජ එක්කලා කරන සෙල්ලමක් හන්ද.. ලයිට් බෝයි කෑල්ලකුයි හෑන්ඩ් ග්ලවුස් පෙට්ටියකුයි ගෙනත් දුන්නා..)
එහෙනම් මං ගියා.. මගේ වැඩ්ට ජය වේවා! :D

ප.ව..
ඔන්න ඉතින් මේ ඇට සැකිළි එකතුව සුළා-Bones Park™ කියලා නමකින් අන්තර්ජාලය තුල ඇද ඉදන් රෙජිස්ටැර් කොරා ඕන්.. ෆ්ලොයිඩ් කිව්වා වගේ තාම ගෙඩි පිටින් වැදිටියෙක් වෙලා නෑනේ.. පොඩි එකානේ ඉතින් තාමත්.. මේ එක පියවරක් විතරයි ඕන්.. අනාගතයේදි සත්තු ගොඩාරියකගෙ ඇට සැකිළි එක්කහු කරලා ලොකූ...... මෙව්වා එකක් හදන්නයි හිතන් ඉන්නේ... :D :D :D :D
එහෙනම් මං ගියා.. මගේ වැඩ්ට ජය වේවා! :D
onna palaweni comment eka...ela ela..ehenam digatama apahu gal mul ekka api liyamu ape blog tika..!!!! :D jaya wewa kakka patiyoo
ReplyDeleteහැක් හැක්... අනේද කියන්නෙ බං.. අපි ඉතින් පැරැණි උනත් අලුත් වගෙ බ්ලොග් කාරයො නෙව! :D
Deleteඔව් බන් ගොඩක් උන්ට අපි අලුත් උන් බන්
Deleteඅඩේ පට්ට ආතල් වැඩක් නේ ...
ReplyDeleteපට්ට වැඩේ බන්.කීප් ඉට් අප්.අපිටත් අනාගතේ එන්න බැරියැ සුලා බෝන් පාක් එකට :) nice work
ReplyDeleteබොහොම අප්පිරිය ජනක පෝස්ට් එකක්..!
ReplyDeleteකොහොමොන් හරි කඩ උනු බලාපොරොත්තුත් එක්කලා මම ඉගන ගත්තා ගොනුස්සන්ගෙ ඇට සැකිළි කෙසේවෙතත් රත්කරන්න ගන්න ඇලුමිනියම් හට්ටිය ක්‍රොස්ටික් සෝසාවල දිය වෙනවයි කියල ඉගන ගත්තා!
මේකට නම් මට මැරෙන්න හිනහයි.. :D
ලෝගො එකත් මාර ගති! :D
අස්ති කොටස් වල මදි පාඩු හදන්න ප්ලාස්ටොප් පැරිස් ගන්නො නේද?
දවසක්දා තොපපි මට කිව්වා මතකද මිනුස්සෙක්ගෙ වැරැදි වලට කොලොප්පන් කරන්නෙපා කියලා.. යකො මම හය හතර යන්තන් ඉගන ගත්තු කාලෙ ඔය සිද්දි උනේ..! දැන් එතන වෙන ප්‍රතික්‍රියාවත් ලියන්න දන්නවා හරි!
Deleteඔව් ප්ලාස්ටොපැරිස් වලින් ඉලැ ඇට කූඩුව හදන්න තමයි හිතන් ඉන්නේ... :)
හොඳ ආරම්භයක්... දිගටම කරගෙන ගියොත් පසුකාලීනව බිස්නස් එකක් බවට පරිවර්තනය කර ගන්නත් බැරි වෙන එකක් නැහැ.
ReplyDeleteහෙ හෙ බලමුකො බලමුකො... මෙව්වා එක බලන්න එන කට්ටියගෙන් ටිකට් එකක් ගත්තනම් හරි :D
Deleteහොඳ ආරම්භයක්... දිගටම කරගෙන ගියොත් පසුකාලීනව බිස්නස් එකක් බවට පරිවර්තනය කර ගන්නත් බැරි වෙන එකක් නැහැ.
ReplyDeleteඅම්මෝ... මට නම් බය හිතෙනවා...ඒත් ඉතින් පොඩි කාලෙ අදහස් ලොකු වෙලා හරි ක්‍රියාත්මක කරන එක හොඳ දෙයක් තමයි... keep it up :D
ReplyDeleteලොකු වෙලා කිව්වට ඕන් තාම සුළු ඇඟිල්ල හරිය!
Deleteඑල ඈ! මමත් ඔය පරණ අයිටම් එකතු කරන වැඩේ... සත්තුන්ගේ කෑලි එකතු කරන වැඩේ කරගෙන යනවා...හැබැයි මෙච්චර සංවිධානාත්මක විදිහට නම් කරලා නෑ!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅඩේ මාත් හච්චි කොල්ල කාලෙ මැරිච්ච ලේනෙක් පොලේ යට කොරල ටික දවසක් තියල අස්ති අරං පොඩි පොදස්සනයක් තියල තියේ.. මාර පතිචාර ඇ ඒකට.. මට තාම මතකයි.... අනේ ඉතිං මාත් ලේනව මැරුවෙ නෑ... මැරිච්ච එකෙක් යට කරා මිසක්....
ReplyDeleteපට්ටා... අඩෝ මට VIP පාස් එකක් ඕන ඕක බලන්න ඈ.... එලාස්...
හෙන කාලෙකින්නෙව මේ පැත්තෙ ආවෙ.. :D මාත් ආසයි උඹේ ඇටසැකිල්ල ඔය වගේ එහෙක තම්බන්න.. සිරාවට එහෙම කල්ල බලහං.. ඇට දිය වෙන එකක් නෑ :D උඹේ තියෙන්නෙත් ඇට සැකිල්ල විතරනෙව :D
ReplyDelete