Monday, December 27, 2010

නළ තාත්තලා පිරිමින්ට තර්ජනයක්ද?


ජිවයේ අකණ්ඩත්වය හා ජන්මාණු අතර ඇත්තේ අපූර්ව සම්බන්දයකි. එවන් වූ එම ජන්මාණු සොබාදහමේ නිර්නයන් අභිබවා කෘතීම ලෙස නිර්මාණය මල හැකියැයි අපි සිහිනෙකින් වත් නොසිතුවෙමු. නමුත් පසුගියදා නිව්කාසාසල විශ්වවිද්‍යාලයෙහි මාහාචාර්ය කරීම් නයෙ(ර්)නියා විසින් මානව පුං ජන්මාණුවක් විද්‍යාගරයේ නොහොත් නළයක් තුල කෘතීමව නිර්මානය කරමින් මුලුමහත් ජිව විද්‍යා ක්ෂෙත්‍රයෙහි නව සන්දිස්තානයක් සනිටුහන් කරන ලදී. මෙසේ වූ එම කෘතීම ශුක්‍රානුව පිලිබද විවිධා කරයෙ මතිමතාන්තර අතර දොශ දර්ශනද නැතුවාම නොවේ. ඒ පිළිබද කෙටි විවරනයක් කිරීමට මම කැමැත්තෙමි.
මෙම අරුම පුදුම ශුක්‍රාණුව දුටු ඇතැමුන් කීවෙ මෙය මුලුමහත් පිරිමි සන්හතීයේම අවසානය බවය. තවද ඇතැම් සාමාජ විද්‍යාඥයන්ගේ මතය වූයේ මෙම තාක්ෂනය ස්ත්‍රීන් සමලිංගිකත්වයට පෙලබවීමට අනියම් ආකාරයෙන් දායක වන බවය.මෙම ගැටළුවලට නයෙර්නියා පිලිතුරු දුන්නේ මෙසේය.

"මෙම බහිර්‍රෝපණ ක්‍රමය කිසිසේත්ම පිරිමින්ගේ අවසානය වෙන්නේ නැහැ. මෙ IVD (invitro derived) තාක්ෂණයේදී පිරිමියෙක් අත්‍යාවශ්යයි. එනම් මෙම IVD ශුක්‍රානුවක් නිපැදීම ශහා Y සෛල සහිත හෙවත් පිරිමි මූලික සෛල අතිශයින් අවශ්‍යයි. ඒ විතරක් නෙමේයි, මේ ක්‍රමය කිසිම අයුරකින් මානවයා සම ලිංගිකත්වයට උසි ගන්වන්නේ නැහැ. මේම ක්‍රමයේදී කොහෙත්ම කියන්නෙ නැහැ ගැහැනු දෙන්නෙකුටවත්
පිරිමි දෙන්නෙකුටවත් ජනිතයක් බිහිකර හැකි බව. දෙදෙනාම අත්‍යාවශ්‍යයි."

තවද එතුමා මෙහි ප්‍රායොගිකත්වය පිලිබද අදහස් දැක්වුවේ මෙසේය;

"IVD පුරුශ බීජයොදාගෙන දරුවන් බිහිකරන්න දැම්ම අපිට බැහැ. හැබැයි ඒකින් කියන්නෙ නැහැ මේ ශුක්‍රානු වලට ජනිතයන් බිහිකල නොහැකි බවක්. සෛදාන්තිකව සැලකූවිට මේවාට නව ජනිතයන් බිහිකිරීමෙ පුර්න හැකියාව තියෙනවා"
යනුවෙනි.

තවද මෙම ක්‍රමය ප්‍රයෝගිකව යොදා නොගැනිමාට හේතු වශයෙන් නයෙනියා තවදුරටත් අවදාරනය කරේ එක්සත් රාජදානියේහි නිතිමාලාව සම්බන්දවය. එනම බ්‍රිතාන්‍ය නීතිය අනුව මේ ආකාරයේ ජනිතයන් බිහිකිරීම තහනම්. නමුත් ඔහු මෙම ප්‍රික්ෂන ප්‍රයෝගිකව සිදුකිරීම සම්බන්දයෙන් තවමත් බ්‍රිතාන්‍ය රජය සමග සාකචාඡා කරමින් පවතිනවා. මහාචාර්ය නයෙ(ර්)නියාගේ බලාපොරොත්තුවනම් ඉදිරි දශකය තුල නීතිමය හා සමාජීය ගැටලු මග හැරුන හොත් එම කාලය වඳ පිරිමින්ට සුබ කලයක් වන බවය.

මෙම කරුනු කෙසේ වෙතත් ඇතැම් විද්‍යාඥය මතය වන්නේ මෙම "නළ ශුක්‍රානු" කිසිසේත්ම ශුක්‍රානු ලෙස හැදින්විය නොහැකි බවයි. ඒ අනුව ඔව්න්ගෙ මතය මේවා වෛරස් සෛල බදු ජිවයත් අජීවයත් අතර දොලනය වන ද්‍රව්‍යයක් යන්නයි.මේ අයුරින් නිතිමය හා සදාචාරත්මක ගැටළු මග හරුනු විට තවත් ක්ශේත්‍රයෙ විද්වතුන්ගේ විවෙචනවලට මුහුණදෙමින් මෙම "නල පියවරුන්" යන දුර සම්බන්දව පෙරයිම ලකුණුකර හැක්කේ කාලයට පමණි.

(*විදුසර පුවත්පත හා වෙනත් මූලාශ්‍ර ඇසුරිනි)

Friday, December 24, 2010

පද්ම මාල හංස තුඩින් තැලෙන ලියේ..

























හැමදාම ගද්‍ය ලිපි ලිපි ලියල ලියල එපා වෙලා තියෙන්නෙ... ඊයෙන් උදාඋනු වසන්තයෙ අලුත් විදියෙ පොස්ට් 1ක් ලියන්න හිතුව. අලුත් කියුවට අලුත්ම නැ. මගෙ බ්ලොග් 1ට අලුත්...


ඔබේ නමින් සැය බදිමි
විමානයෙන් බසිනු මැනැවි
ස්වර්නමාලියේ.. රූබර ස්වර්ණමාලියේ
ස්වර්නමාලියෙ..//

ඔබේ නමින් සැය බදිමි....


උනා නීල වර්ණ වරල
දැලේ මල් ගැවැසි ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම
ඇසින් විදුලි මවන ලියේ
වනා ලැමැද කිනිහිරි පෙති
රත්න තිලක පැලැදි ලියේ
සිනාසිසී විමානයෙන්
බසින්න.. ස්වර්නමාලියේ
රූබර ස්වර්න මාලියේ.....

අතේ ගිගිරි නාද සලබ
නරා හඩින් හදන ලියේ
කරේ පද්ම කැකුලු මාල
හන්ස තුඩින් තැලෙන ලියෙ
කනේ තෝඩු මිණි ඝන රන්
මූණ ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන්
බසින්න.. ස්වරන මාලියේ...

බාල චන්ද්‍ර පටු නලලට
කලක අඳුන් අඳින ලියේ
ආලවඩන දන්ත කැකුළු
කුන්ඩ සමන් පිපෙන ලියේ
දැල දැල ස්වර්ණදාම
තාල හඩට කනන ලියේ
කෝල නොවී විමානයෙන්
බසින්න ස්වර්ණමාලියේ....

ඔබේ නමින් සැය බදිමි....



මේ සින්දුව ඇත්තටම කියන්නෙ ඩබ්. ඩි. අමරදේව මහතා උනාට, දුටු ගැමුණු රජ්ජුරුවො රුවන් වැලි මහා සැය බදින්න කලින් එතන අරක් අරන් හිටපු දේවතාවියට තමයි මෙහෙම කියල තියෙන්නෙ. ඇත්තටම කියනවනම් මේ සිංදුවෙන් ඇය ගැන පූර්න වර්නනාවක් කරල තියෙනව.!!

Thursday, December 23, 2010

වසන්තය

හ්ම්ම්ම්ම්, සාපෙත් ඉවරයි... දැන් ඉතින් අඩවසක වසන්තයක් ඇවිල්ලනෙ තියෙන්නෙ... මොනා කරන්නද කියල හිතා ගන්නත් බැ.. ඒත් ඉස්සර ඉදන්ම තිබිච්ච බලාපොරොත්තුවක් විදියට බ්ලොග් 1ක වෙනස් කර. නම, තීම් 1ක ගොඩක් දෙවල්... කොහොමින් කොහොමින් වසන්තයත් ආවනෙ....!!!



සාපෙ ගැන කියද්දි මතක් උනෙ... හැම වැඩිහිටියෙක්ගෙම බලාපොරොත්තුව තමන්ගෙ ළමයි සතුටින් තියෙන එකනෙ.. ඒත් ඇයි ඒ ගොල්ලන්ට බැරි ළමයින්ගෙ හිත තේරුම් ගන්න.. අද(23 OL ඉවර උන දවස) හැම ඉස්කොලයක් ලගම කොච්චියො දාල.. අනෙ මන්ද අපෙ රටෙ පොලිසියට ගිය කල... අවෘදු 11ක් කට්ටකාල ඒ කට්ටට මාස කීපයකට තිත තියන්න හදන අපි පාරෙ පොඩි පිස්සුවක් කෙලින 1ක අකැපයි. පාරෙ ලොකු ලොකු එව්න් කරන ඔක්කොම කුපාඩි වැඩ කැපයි... අනෙ මෙහෙම රටක්...
මොනා උනත් අද ඉස්කොල ලඟට පොලීසියෙන් දාල කරපු වැඩේනම් කැතයි. කැතම කැතයි...
මම දුක් වෙනව මෙ ආපු වසන්තයේදිම කැත වඩක් ගැන ලියන්න වීම ගැන්.. නමුත් මේව නොලියත් බැ...!


එහෙනම් මම අද ලිපියත් ඉවර කරනවා... සැමදෙනාට විශ්වාසනීය වෙනසකින් යුතු සුබ අනාගතයක්...

Tuesday, October 26, 2010

සිංහල එපා කියන පොත

මෙ බ්ලොග් එක හදනකොටනම් හිතුවෙ තාක්ෂනය , කාලීන පුවත් වගේ හැමෝන්ටම පොදු දෙවල ලියන්න කියල! ඒත් දැන් මෙ අබුද්දස්ස කාලෙ ලබුත් තිත්තයි කියල එදිනෙදා සිදුවන පෞද්ගලික දෙවල් ගැනත් නොලියත් බැ!

ඉතින් ඒකනිසා මම හිතුව අද , මීට ටික දවසකට කලින් මට උනු සීන් එකක් ගැන කෙටියෙන් කියන්න... සමහරක් විට මේ වගෙ දෙයකට ඔය ගොල්ලන්ටත් මූන දෙන්න වෙල ඇති..
මගෙ මෙ බ්ලොග් එකට එන යන හැමකෙනෙක්ම වගෙ ඉන්නවනෙ ෆෙස්බුක් එකෙ. ඉතින් මම ත් ඔකෙ ඉන්නවා (...) මෙ දැන් දවසකට කලින් මම සුපුරුදු විදියට කොම්පියුටරෙ ඉස්සරහ ඉදගත්තෙ ඉතින් IT ප්‍රැක්ටිකල් වගයක් කරන්න හිතාගෙන.. අවසනාවක මහත් එදත් උනෙ වෙනද වෙන දේමයි. නිකමට වගෙ නිකම්ම මුහුනු පොත පැත්තෙ ගිය. ගියාකියල කියුවට ගියේම නැ ඉබේ යැව්නා. ඉතින් ඔන්ලයින් ගිහිල්ල ටික වෙලවක් යන්න හම්බ උනෙ නැ භාග්‍ය අයිය චැට් කරන්න සෙට් උන! හැබැයි වෙනද වගෙ නෙවේ! එය පටන් ගත්ත ගමන් ඇහුවෙ මල්ලියෙ අර නොටිෆිකේට්ශන් එක දැක්කද කියල! ඉතින් මම ත් හොයල බැලුව! කිරි අප්පට කපුටො කොටපි~ හැබැ නෙන්නන්! එක්කක් තිබුන fb එකෙන් එවපු! ඉතින් මමත් උඩින් පල්ලෙන් කියවල බලල ටග්ගල භාග්‍යයගෙන්ම ඇහුව මොකක්ද සීන් එක කියල. ඊට පස්සෙ එයතම සෙරම විස්තරෙ තෙරුම් කරල දුන්නේ. මෙන්න එහෙනම් ඔයගොල්ලොත් බලන්නකො.....
"
Please Update Your Name on Facebook
To help reduce spam and increase authenticity in the Facebook community, please take a moment to:
  • Make sure your profile name does not include characters from more than one alphabet
  • Remove any special symbols (e.g., $#@!✩ℂ) used in your name on Facebook
If you'd like to list your name in a second language, please use the Alternate Name field in your Account Settings."

මම කරයි අප්ඩෙට්! පස්සෙ තම දැනගත්තෙ fb එකෙන් මෙවගෙ නීති දාල spam කරුවන්ව ආයින් කරන්න යනව කියල! එතකොට අපි අපෙ භාශාවෙන් නම ලිවීම ස්පැම් ක්‍රීයාවක් හුහ්!!!!
කොකින් කොහොමහරි මමනම් නම වෙනස් කරන්නෙ නැ.. මම හිතන්නෙ සින්හලෙන් නම ලියල තියෙන අය හැමෝන්ටම මේවගෙ fb එකෙන් කියන්න ඇති! මාක් ගෙ ආච්චිට හාල්ගරන්න කියල එහෙම වොරින් මැසෙග් ආපු මම වගෙ හැමෝම නම වෙනස් නොකර හිටියනම් වැඩෙ ගොඩ!

ඔන්න මම එහෙන්ම් නවතිනව. මම හිතන්නෙ මෙ මම OL ට කලින් ලියන අන්තිම පොස්ට් එක වෙන්න ඇති. මම අයි හමුවෙන්නෙ මගෙ සයිට් එකෙ තවත් වෙනස් කම රැසක් එක්කක! හැමදෙනාටම විශ්වාසනීය වෙනසකින් යුතු සුබ අනාගතයක් පතනව~~~~~~
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනව.. මම Jආලය අතර සැරිසරද්දි මාක් ශූකර් ගැන ලියල තිබුනු පැදිපෙලක් මට හම්බ උනා ( උපුටා ගත්තෙ http://nirapeksha.wordpress.com එකෙන්)

අඳුනන නාඳුනන

හැමෝම එකතුවෙන

හැමෝගෙම කාලය

අනුභවයට

උදව් දෙන

හැමෝම බලන නිසා

මාක් ගේ සාක්කුව

බර වෙන

වැඩිම පි‍ටු ගනන ඇති

මාක් පෙරලූ

ලෝකයම යටවූ

ලෝකයේ ලොකුම පොත

මාක් ගේ

“මූනු පොත”




නවතම වෙනස් කම් රැසකින් පස්සෙ නැවත් හමු වෙමු-
මීට් කඩවත නියුටන් (පවිත්‍ර)

Friday, September 3, 2010

දිනකට ගබ්සා 10000ක් සිදුවන දර්මද්වීපය

දවස් ගනන්ක් තිස්සෙ FOSS ගැන ලියුවනේ .ඉතින් වෙනසකටත් එක්ක අද මම ටිකක් ඇඩෙන මතෘකාවක් කතකරන්න යන්නෙ!

මම හිතනව ඔය ගොල්ලො ගබ්සාව කියන්නෙ මොකක්ද කියල දන්න ව ඇති! කමක් නැ චුට්ටක් ඉගනගමුකො- ගබ්සාවක් කියන්නෙ ස්වභාවිකව හො කෘතීමව මවු කුස තුල සිටින කලලය හො භෘනය විනාශ වීමයි! එහෙම බැලුවහම ඉතින් ගබ්සාව ප්‍රදාන කොටස් 2යි.
1.ස්වභාවික ගබ්සා
2.කෘතීම ගබ්සා




ඉති ඔවලින් පළවෙනි 1 කමක් නැ කියමුකො! මොකද ඒක ස්වාබාවිකයි. නමුත් මෙ කෘතීම ගබ්සාව! මනව සන්හතියෙ කෲරතම ක්‍රියාවක් බව ඔය ගොල්ලන්ට තේරෙනව නේද? නමුත් මේ සියලු පපිශ්ඨ ක්‍රිය සිදුකරන්නෙ මෙ මිනිස් සත්වයා නොවෙද?
මොහොතකට සිතන්න , ලොකයෙ උත්තරීතර පදවිය වන මව් පදවිය ලබන ඒ කාන්තාවට මෙවන සාහසික ක්‍රියාවක් කල හැකිද?නමුත් ඇතමුන්ගෙ මතය වන්නෙ මෙවැනි අපරාද සිදුවන්නෙ අගහිග කම් නිසා කියාය! එය කෙසෙ වම්ද? එසෙ අගහිග කම් මැද මෙවන් දරු ගැබක් සාදාගත්තෙ කිමකටද?තමන් ගෙ කාමුක ආශාවන් වලට කුඩා දරුවෙකු පලිද?නැත කිසිදිනක නැත! මෙසෙ මෙලොව එලිය දැකීමටත් පෙර ජීවිතයක් ගාතනය කිරීම සුදුසුද? නමුත් යතාර්තය එයයි!ඔව් මෙ ලක්දෙරන තුල දහසක් බුදුන් බුදුවන හිමිදිරි උදැසනි ඇරබ රාත්‍රෙය වනවිට මෙසෙ අහින්සක් ජීවිත 10000ක් පමන නැතිවීයනවා!මෙසෙ විනාශ වීයන්නෙ අනාගතය බාර ගැනීමට සිටින දරුවන් නොවෙද?

එක් අතකින් මෙම ක්‍රියවෙන් ජීවිත නැතිවී යයි!

තවද,

  • ඇතැම් විට මවට ජීවිත හනිසිදුවෙ! නැතහොත් සදාකාලික වදබවට හො නැවත ඉපෙදෙන දරුවන් අංග විකල විය හැක.
  • මිනිස් ජීවිතයක් විනාශ කිරීමක් බදුය!
  • සදාචාරයත පටහැනිය.
  • වයිද්යවිද්යා මුල දර්ම වලට පටහැනිය!
මෙසෙ විවිද අකාරයෙ සමාජීය ගැටලු ඇතිවන මෙම දුස්ගීල ක්‍රියවෙන් රටත් ජාතියත් ආගමත් පිරිහෙන බව අපි සැවම මතක තබාගත යුතු කරුනකි!



Monday, August 23, 2010

Soft ware piracy 90% සිදුවන ධර්මද්වීපය

ලොකය කියන්නෙ මාර පුදුම දෙයක්!!!
අපි හැමෝන් ගෙම ඇගෙ දුවන්නෙ එකම රතු ලේ!! නමුත් විද්‍යාවෙදිනම් එහෙම නෑ! (A,B,AB,C)
අපි ලන්කිකයො හැටියට 90% කගෙම ඇගේ දුවන්නෙ සින්හ භාහු පර පුරේ ලේ...
මමත් එහෙමයි! ඔයත් එහෙමයි! මොහොතකට හිතන්න ...
සින්හ භාහු එයාගෙ තාත්තව මැරුව.
එතකොට විජය! ලන්කාවෙ මුල් පුරුක !! ඔහු තමන්ට අච්චර උදව් කරපු කුවේනුව පැන්නුව!![මම අපෙ සින්හල සන්හතියට අඵාස කරනව කියල හිතන්න එපා!] නමුත් අපි අද මෙහෙම සින්හල ලියන්නෙ ඔහු නිසා... මට හොදට මුල මත්කයි!
ඔවුන් කොච්චර වැරදි කරත් සින්හල නමැත් උතුම් ජාතියට පදනම දැම්මෙ එතුමන්ලා! ඔව්න් පහුවෙනකොට තමන් කරපු වැරදි තෙරුම් ගත්ත!


අද තියෙන කේද වාචකය ඒක නෙමේ! අද සින්හලයා ඔව්න් ගෙ ඇති සියලු දුශීල වැඩසියල්ල කරනවා මදිනොකියන්න..එත් හොද දෙ කිසිම දෙයක් නැ!!

ඔව් දැන් අපි මාතෘකාවට බහිමු!
මමත් අතීතයෙදි හොර මෘදුකාන්ග භාවිත කරා.. එ නොdaන්න කමට! මට ඔන වුන ඔරිජිනල් භාවිත් කරන්න.. එත් මම ගාව ප්‍රමානවත් මුල්‍ය ත්ත්වයක් නැති නිසා වැඩෙ අසාර්ත්කයි! නමුත් මෙ 2010 !! දැන් කාටවත් නිකම් අනාරක්ශිත හොර කොපි උඩ යැපෙන්න ඔනෙ නැ! දැන් FOSS තියෙනවනෙ[FOSS ගන දන්නැත්තන් මම ලියපු පරන ලිපි මෙතනින් කියවන්න]මම විත්‍රක් නෙමෙ පන්චසීලයට අකමැති මම වගෙම FOSS lovers la ගොඩක් මෙFOSS ගන ලියල තියෙනව!මෙ FOSS ගැන දැනුවත් කරන්න ගියමාසෙ FOSS user magazine කියල අලුත් තර්කික මගසින් 1කුත් ආවා[මැගසින් 1කෙ අගෝස්තු කලාපය මෙතනින් බාගන්න පුලුවන්]ඉතින් මෙවගෙ කවලව හො සන්විදානාත්මකව අපි FOSS ගැන දැනුවත් කරන්නෙ අපට මුල්‍ය්මය වාසි බලාගෙන නෙමෙ! සොරකමින් තොර සදාචාරමත් ශ්‍රී ලන්කාවක් බිහි කිරීමෙ අරමුනින් තමා අපි මෙවගෙ ලිපිලියන්නෙ!
ඔබ දන්නවද අපෙ ලන්කාව මෘදුකාන්ග මන්කොල්ලය වැඩිපුරම සිදුවන 2nd රට! ඉතින් මෙවගෙ නිකම් දෙනව කියla ඇදහිය නොහැකි තරම් විශිශ්ට මෘදුකාන්ග නොමිලයෙ ලැබෙද්දි ඇයි අපි මෙ හොර මෘදුකාන්ග පස්සෙ දුවන්නෙ? වෙන කිසිවක් නොවෙ අපි තුලම පවතින පාපිශ්ට බව...(ඩවින්ගෙ නව පරිනාම වාදයට අනුව )

බලන්න ! හොදට හිතල බලන්න ! ඔබ සිතට අවන්කව සිතලබලන්න !! ඔබ වරක් හොර මෘදුකාන්ග හොදයි කියා සිතනවිට ඔබ තුල ඇති පාපිශ්ට බව දස වරක් පෙනෙ !!!!!


ව්‍යාකරන දෝශ තියෙනවනම් සමාවෙන්න!!!
මගෙ අතින් සින්හල සන්හතියට අපහාසයක් උවානම් 1000 වාරයක් සමාවෙන්න!

Thursday, July 29, 2010

Full නිදහස අත්විදින්න

දැන් ඔබ කියන්නෙ මොකක්ද කියල දන්නව ඇති.මගේ කලින් ලිපිය කියෙව්වෙ නැත්තන් මෙතනින් කියවන්න.!

මම හිතනවා ඒක කියවලා ඔයගොල්ලො FOSS ගැන පැහැදිලා ඇති කියල.
එහෙනම් ඔය ගොල්ලොත් කැමති ඇති නිදහස බුක්ති විදින්න!
කරන්න තියෙන්නෙ හරි චූටි දෙයයි!
නිදහස් හා විවෘත්ත මෘදුකාන්ග භාවිත කරාම ඔක්කොම හරි!
අපි හිතමු Windows අතහරින්න බැරිතරම් ඔය පුරුදු වෙලා කියලා..ප්‍රශ්නයක් නෑ ඔයාට පුලුවන් අනිකුත් සොෆ්ට් වෙයර් , FOSS කරගන්න. FOSS කිසිම ප්‍රශ්නයක් නැතුව ජනේලෙ උඩ දුවනවා!
ඔයාටත් ජාතික FOSS බල කායට බැදෙන්න ඕනම් කරන්න තියෙන්නෙ 1 විතරයි.
ඒසදහා ඕන වෙන්නෙ මූලික දැනුම විතරයි.
  • - ඔයාට සොෆ්ට් වෙයාර් 1 ස්ථාපනය කරන්න පුලුවන්ද?
  • - අවශ්‍යය__ටිකක් හොයගන්න පුලුවන්ද?(මම උදව් කරන්නම්)
එහෙනම් එච්චරයි.....!!!



ඔයත් FOSS Lover කෙනෙක් වෙලා බලන්න. මට දැනෙන ආතල් නිදහස ඔයාටත් දැනෙයි!

Monday, July 26, 2010

හොරෙන් ගන්න නිදහසට වඩා FOSS නිදහස හොඳා

මාගේ මිතුරනි,
මෙතෙක් කල් අප බොහෝමයක් භාවිතකර ජනේලයට සමුදීමට දැන් කාලයයි...

නිත්‍යානුකුල මෘදුකාංගයක මිල අදවන විට රු:20000 ඉක්මවන්වා.නමුත් බොහෝමයක් දෙනා දැන හො නොදැන එවායෙ හොර පිටපත් මිලදි ගන්නෙ රු: 100 ට ය. මෙසේ හොර පිටපතක් මිල දී ගැනීමෙන් සිදුවන දෙ බොහෝමයි;
  • පන්සිල් කැඩීයම
  • නීතිමය වශයෙන් "බුද්ධිමය දේපල සොරා ගැනිමෙ" වරදට හසුවීම
  • වයිරස් ගහනයට නතුවීම
ආදිය ඉන් සමහරක්.
මෙවනි මිලාදික මෘදුකාග වලට වඩා හොඳ විසදුමක් අපට තියෙනවා. ඒ තම FOSS.FOSS කියන්නෙ බොහොවිට ඔපන් සෝස් මදිලියෙ මෘඩුකාන්ග.
එකියනෙත් අපි නිතර භාවිත කරන "software" තමා! විශේෂත්වය වෙන්නෙ මේව නිකන් දෙන 1ත් ඒව ඕන විදියකට වෙනස් කරන්න පුලුවන් 1ත් තමා....
අද වනවිට අපි එදිනෙද පාවිච්චිකරන ගොඩාක් software වලට ආදෙශ කරල මෙම FOSS හදල තියෙනව.
උදාහරන ලෙස:-
ප්‍රමාද නොවන්න..... අප වැනි අසරන පාරිබෝගිකයන් ට GAS පෙන්නමින් රුපියල් දහ-දොලොස්දාහට අලවිවෙන වානිජ මෘදුකාන්ග පිටුදකිමු!!!


FOSS රැල්ලට එකතුවෙමු!!

Thursday, July 15, 2010

ඔබ සතුද?

ඔබටත් 1ක් තියෙන්වා;
මටත් 1ක් තියෙනවා;
ඔබගේ මව පාවිච්චි කරනනෙ
ඔබේ තාත්තගෙ 1
ඔබේ නැන්දත් පාවිච්චි කරනනෙ ඔබෙ මාමගේ 1
විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි;
නමුත් දික්කසාදවෙන කාන්තාවන්ට එය නැතිව යාවි;
ආනල් සුරෙන්ද්‍රප්පෙරුමට දිග.. 1ක් ඇත
මයිකල් පෙරෙරට කොට 1ක් ඇත
නිහාල්ට 1ක් නැත
චීනෙන්ට සාමන්‍යයෙන් 1ක් නැත
බට් ලාන්කිකයන්ට ඇත...
ඔබටත් 1ක් තිබේද?
එය කොච්චර දිගද?

මම මේ කියන්නෙ මොකක් ගැනද?
වාසගම (සර් නේම්)

Monday, July 12, 2010

දර්ශනන් චිත්‍ය වෛකලනන්
ස්පර්ශන් ධන නාසිකන්
සයනේ මරණන් තූර්‍යයන්
ස්ත්‍රී පරමත්ත රාක්ෂණී!!!



දර්ශ්නයෙන් පවා සිත වියරු කරවන
ස්පර්ශයකින් පවා ධනය නැතිකරවන
යහන් ගතවීම මරණය බදු වු ඇය
ස්ත්‍රිය හෙවත් යක්ශනියයි!!!
...

Thursday, July 1, 2010


ලෝකයා මා කුමන අයුරකින් දකින්නෙදැයි මම නොදනිමි;
නමුත්
මම නම් මා දකින්නෙ
සත්‍යය නමැති සාගරය ඉදිරියෙ වඩාත් මනරම්වු බෙලිකටුවක් සොයමින්
කෙලිදෙලින් ගතකරන කුඩා දරුවෙකු මෙනි!

ලැබී හා නොලැබීම


මේ ලෝකයේ ඇති වේදනා කාරීම දෙය
තමන්ට
නොලැබීම නොව,
අන් අයට ලැබී තමන්ට නොලැබීමය......
!

Sunday, June 27, 2010

නයන

මගෙ ඇසෙ කළු ඉංගිරියාවේ
ඔබේ දෑස සිතුවම්ව තිබේ
මගේ දෑස කැඩපතින් බැලන විට
ඔබේ දෑස ඒ මතින් පෙනේ
Related Posts Plugin for WordPress, Blogger...