Thursday, August 30, 2012

මිශන් ඉන්පොසිබල් වෝස් ශ්‍රේක් | ඇඟිල්ලාගේ විචාරය | පවුලේ සැමට නැරබිය හැක!


හපෙ අප්පේ... ජිවිතකාලෙටම ලැබුනු අවාසනාවන්ත නිවාඩු කාලෙ ඕන් ඉවර විගෙන යනවා... ඕන් යන්තන් යන්තන් වෙලාව ගැට ගහන් ආව මගේ හකුර රැක ගන්න... තියෙන්නෙත් මෙක විතරයිනෙහ් සන්තකේටම...
වෙලාවක් හම්බෙන වෙලාවට පොටුවක් ලියන්න පටන්ගත්තට භාගෙට ලියනකොට වෙලාව අහවර වෙනවා නෙව.. පොස්ට් භාග කෑලි අම්බානෙට... කොමත් දෙසැරයක් ලියලා දැම්මාම බොලෑ ඔලුව ඔල්මොරොන්දන් වෙනවා නෙවැ.. ඒක හන්ද බහුතරයක්ගෙ ඉල්ලීම පිට (තුන්දෙනයි ඈ) පොස්ටුවක් උනු උනුවෙන් ලියන්න පටන් ගත්තා...

කතාවට කට්ටිය කොහොම කැමැති වෙයිද දන්නෙ නෑ මේ සැරේ... මට අද හැන්දෑවෙ හිතුනු දෙයක් ඕන් කියන්නේ...

මිශන් ඉන්පොසි බල්.. අද හැන්දෑවෙ තමයි පිල්ම් එක බලලා ඉවර කොරේ.. පට්ටා ෆිල්ම් එක.. බොලා දැන් කිණ්ඩියට ගන්නෙපා ඉතිං දැනුයි ඕක බලලා තියෙන්නෙ කියලා... වෙලාවක් ලැබුනු වෙලේ බලලා දැම්මා... ගොඩ දෙනෙක් කාරිය බලලා ඇතිනේ...

පිල්ම් එක පැය දෙකක් පුරාවට විහිදුනාට මට හිතට ඇල්ලුව හොදම කෑල්ල තමයි අර හිරෙන් පැනාලා යන කෑල්ල.

කතාව සැකවින:
ඊතන් එහෙමත් නැත්නම් කතානායකයා (මට හිතුනුවිදිය ඈ) හිරේ.. කතාව පටන්ගන්නෙ එහෙමයි.. බෙන්ජි කියන්නෙ එයාගෙ කල්ලියෙ යාලුවෙක්.. බෙන්ජි හිරගෙයි කොම්පියුටර් පද්දතියට මෙව්වා වෙලා ඊතර්ව බේරගන්නයි යන්නේ.. ඒත් ඊතර් එලියට යන්නෙ නැතිව ඇතුලට යනවා... බෙන්ජිට තියා මුලින්ම බලන අපිටත් හිතාගන්න බැරි උනා. බොග්ඩෑන් කියලා වෙනින් හිර කාරයෙක්ව බේර ගන්ට තමයි එයැයි ඇතුලට යන්නේ.. නිකන් ඇදුනුම් කමක් විතරයි. අඩු ගානෙ ඒ කල්ලියටවත් සම්බන්ද කෙනෙක් නෙවේ... එයාවත් අරන්ම තමයි හිරෙන් පනින්නේ....

දැන් කියමු බලන්න ඒ ෆිල්ම් එකේ කොතනකටවත් වැඩක් නොවුනු සුළු චරිතයක් රගපාන බොග්ඩෑන් ව බේර ගන්න ඇයි ඊතන් කට්ට කාන් ගියේ...? හිරෙ ඉන්න කාලෙ අල හිටොලා අල තැම්බුවද දන්නෙ නෑ... එව්ව අපිට අදාල නෑනේ. ;) කොහොම හරි ඒ ෆිල්ම් එකෙ ආයෙ පුන්චි තැනකට විතරක් පෙනි ඉන්න සුළු ජරිතයක් එච්චරටම හයි ලයිට් කරලා පෙන්නුවෙ ඇයි කියන පොඩි ප්‍රස්නයක්... කඩ්ඩ නම් එච්චරම බෑ ඕන්.. තේරුනු විදියට ෆිල්ම් එක අතුලෙ කොහෙදිවත් ඒ වැඩේට හේතුව කාගෙවත් කටින් කියවුනේ නෑ මන් හිතන්නේ...

ඒ කතාව ඔහොම්මම පැත්තකින් තියලා අපි යමු ස්‍රේක් දිහාට. ස්‍රේක් කියන්නෙත් පට්ටා ෆිල්ම් එකක්... ඒකනම් ඉතිං අපි සිරසෙ කාර්ටූන් වලින් හඬ කැවිම් සහිතව බැලුවනේ.. :) ඒක ගැන මුකුත් විස්තරයක් ඔනෑ නෑ... කට්ටියටම මතකද ස්‍රේක් අර මයාකාරිගේ මායා බඩු ස්ටොක් එක කඩලා බෙහෙත් කුප්පියක් ඉස්සුවා...? ආන් ඒ ඉස්සුවෙ එක බෙහෙත් කුප්පියයි! අර රූපේ වෙනස් වෙන බෙහෙත.. ඒ සැරෙ මායා කරී මොකද කරේ.. එයාගෙ ඩේටාබේස් එක බලලා පට් ගාල අඩු බෙහෙත හොයලා ඒකට අදාල උපක්‍රමයක් යෙදුවා... ඒදා ශේකුත් ඊතන් වගේ පොඩ්ඩක් මොළෙ කල්පනා කරලා බෙහෙත් කුප්පි කීපයක් ඉස්සුවානම් සුරන්ගනා කතාවක් උනත් එක බලපු පුන්චි ළමයට ආදර්ශයක් වෙන්න තිබ්බා.. ;) මොනවා උනත් මට නම් සිරසෙ ශ්‍රෙක් බලද්දි එකපාරටම හිතට ආවේ, මූ මහ මොඩයෙක් ය කියලා..

දැන් තේරෙනවනේ ඊතර් බොග්ඩෑන්ව බේර ගත්තෙ ඇයි කියලා... එයා එහෙම කරා කියලා පැහැදිලි වෙනසක් කතාවෙ ඉස්මතු කරලා නැති උනාට එවෙලෙ ඊතන් විතරක් පැනලා ගියානම් කතාවෙ ලොකු වෙනසක් වෙන්න ඉඩ තිබ්බා...

කතාවනම් ඔච්චරයි ඈ... දැන් පුංචි ළමයින්ට මිශන් ඉන්පොසිබල් කියන චිත්‍ර පටයෙන් ගතහැකි ආදරශටකත් සැකවින් ගත්තොත්...
අපි හැම වෙලේම හොරකමක්/ අපරාදයක් (හෝ හොදවැඩක්) කරනවනම් අපි හැම තිස්සෙම ඒකට අකුල් හෙළන පාර්ශවය නොමග ඇරිමට උපාය ශීලි වෙන්න ඔනෑ... 

පසුවදන:

ළමා මනස විකෘති කොරා කියන්නෙපා ඈ නරක ආදර්ශ දීලා... ;) අද ටිකක් වෙනස් විදියකට  පොස්ට් එක දැම්මෙ පුංචි හේතු ඉපයකටත් එක්කලා... (ඊයෙ ලියන්න පටන් ගත්තේ..)
එක තමයි හුදී පාඨක ජනයාගේ ඉල්ලිම... මුන් ඇෆ් බී එකට මැසේජ් දාලා දැන් හිච්චි ඇඟිල්ල ඉදිමුනොත් තොපි වගකියපන් ඈ.. :P
දෙවෙනි එක තමයි ප්‍රදානම කාරනේ... පියෙහි විප්පයෝගෝ දුඛ්කෝ කියලා බුදු හාමුදුරුත් කියලා තිබ්බට සියළු දේ නැසෙන සුළු නිසා ඒ දුකත් කෙටි කාලීන වෙන්න ඔනෑ.. සාමාන්‍ය මිතුරෙක් නැති උනාම  කෙටිකාලින දුකක් උනාට එහෙම දීර්ඝ කාලින දුක් ඇතිකෙරෙන යාලුවොත් අපිට ඉන්නවනේ... මැරුන එකා මැරුනා කියලා ඉන්න තිබ්බා කරන කියන කිසිම වැඩකදි ඌව මතක් වෙනැත්නම්.. මම කොහොමත් එහෙම විනොදෙන් ඉන්න ඩයල් එක.. ඒත් කිසිම වෙලාවක මට මගේ යලුවා නැති උනු එක අමතක කරන්න බෑ.. මෙ කතාව පොස්ට් එකට අදාල වෙන්නෙ නම්,
ඌ තමයි මාව ෆිල්ම් බැලිලට පුරුදු කරේ.. ඌ බලපු විල්ම් එකක් ඌ කටින් කියනවා ඊ ෆිල්ම් එක අපි ඇත්තටම බලනවට වඩා පට්ට විදියට... අපි දෙන්නගෙ පුරුද්දක් උනේ බලපු ෆිල්ම් අපේ මනස් වලට සාපේක්ෂව විචාරයක් කරපු එක... දැන් මට තනියෙන් තමයි ඒ විචාරය කරන්න වෙන්නේ.. ඒ තනි කම යන්නත් කියලා තමයි මගෙ පිස්සු විකාර අදහස් ටික "මචං" කියලා කැටගරියක් හදලා අද ඉදං දන්නේ...එහෙට ඉන්ටර් නෙට් තියෙද දන්නෙ නෑ කාරිය.. කොහොම හරි ඌ කියෙව්වොත් ගොඩ.. අනික් යාලුවන්ට නම් මට එන අදහස් කිව්වාම මට හිනා වෙනවා.. උබලත් හිනාවෙයි.. :D අවුලක් නෑ.. මනුස්සෙක්ව හිනස්සන්න එකත් අමාරු කාරියක්නේ... ඒකටත් පින තියෙන්ටෝනේ...

අහ් තව ජෙනරේටරයක් වගේ අපිට ෆිල්ම් සපයන බයිස්කෝප් සයිට් එකටයි මට උඩින් යන්න හරි ලියාපිඅ කියලා දිරි ගන්නපු කට්ටියටයි කොයොන ඔක්කොලාටමයි හද පිරි බක්කිය!

Tuesday, August 7, 2012

මාත් මැරුණෙ නෑ ඕං...

සුබ උදෑසනක් කිව්වා ඕන්.. හැපෙ අප්පේ... බ්ලොගර් එකෙ තියෙන අනම් මනම් කෑලිත් දැන් අමතකයි ඕන්.. මාස දෙකටත් වැඩියෙන් මෙ පැත්තෙ ආවෙ නෑ.. ඔක්කොලාටම කාරිය දැන් අපිව අමතකත් වෙලා ඇතිනේ දැන්.... උන්නාද මලා ද නැති හන්දා මේ ඉන්නවා කියලා යනට පෝස්ට් කෑල්ලක් ලියලා යන්නෙ.. වැදගත් යමක් නම් නෑ ඉතිං...

මේ නිවාඩු කාලෙ උනාට උදේ ඉදන් ක්ලාස් නොවැ.. කොගෙ බ්ලොග් ලියනටද.. එත් හෙට අනිද්දාම පොස්ටුවක් දානවා ඕන්.. මේ ආවෙ සුද්ද පවිත්‍ර කරලා යන්න... මලා වගෙ උනත් වල් කතා කැටගරිය නම් තාමත් ඇවිත් අවිත් කොයොලා යනවා මට පෙන්නෙ.. කොක වෙතත් වැඩිය කියවන්ට වෙලාවක් නෑ.. සුළු පටු විභාගයක් නෙවෙයිනෙ මං කොරන්නේ.. :D හවස ක්ලාස් එකෙ වැඩ කට යුතු බලා ගනට තියේ...

හෙට අනිද්දාම පොස්ට් එකක් දානවාමයි..



ප.ව.

මේ ලෝකෙ වැඩකට නැති ටෙස්ටින් පොස්ටුවක් දැම්මෙ සින්ඩි වලි දොට්ට දායි කියලා බයට ලොල්ය.. :P
Related Posts Plugin for WordPress, Blogger...