Friday, June 3, 2011

ඇයි අපි මෙච්චර වල්???

අපෙ අප්පේ..... ඔලුව බේරගත්තෙ බොහොම අමාරුවෙන්... :D :D :D ඕන් වල් ලිපි පෙලේ ඇට්‍රික් එක ගහන්න යන්නෙ.. (අම්බෝ... ආයෙනම් ලියන්නෙ නෑ වල් ලිපි. නෑයි කිවුවට නැත්තෙත් නෑ, කොහොමත් ඉතින් අපි වල් නොවැ) කොකටත් කියල කලින් ලිපි කෑලි ටිකේ සාරාංසෙකුත් කියල ඉන්නම්කො... මෙහෙමයි. මං පටන් ගත්තෙ කුණු හරුප බිහිවන්නෙ ස්වාසරාලෙන්ද? කර්ණකටහ පටලෙන්ද? කියල ප්‍රශ්නයක් අහගෙන. අන්තිමේ කර්ණකටහපටලේ කියල සත්‍යාපනය කොරගෙනම දෙවිනි පොස්ට් එකට ගියා. හැබැයි ඉතින් පලවෙනි එකට ආපු තරම් හිතකාමි ප්‍රතිචාරනම් දෙවැනි එකට ආවෙ නෑ ඔන්.  කොක වෙතත් අනික් සත්තුන්ට සාපේක්ෂව මිනිසා වඩා වල් කියල සත්‍යාපනය කොරගෙන තමා අද මේ පොස්ට් එකට බහින්නෙ.  ඊට කලින් කවුද වඩා වල් කියන පොස්ට් එකට කමෙන්ට් කරපු; ජයශ්‍රී, චතූ යන දෙපලටත් ගොඩාක් ස්තූතියි මට ඒ පොස්ට් එකේ මග ඇරුනු දෙයක් මතක් කරමින් විවේචනයක් දැම්මට. :D :D දැන් අපි බලමු මක්කෙයි මග ඇරුනෙ කියල.

මං කලින් ලිපියෙදි කිවුවනෙ අපි හිච්චි කාලේ උක්කුන් බොන්නෙ තියෙන බඩකින්ටමත් නෙවේ, තියෙන ලිංගික ආසාවකුත් තෘප්තිමත් කොර ගන්න කියල. මාත් ගොබ්බය කියන්නෙ ඔයිටික විත්‍රනෙ කියල තියෙන්නෙ. ඉතින් මවු ගුන දන්න කෙනෙක්ට මල පනින එක අහන්නත් දෙයක් නෙවේ. හැබැයි ඉතින් අර පලවෙනි පොස්ට් එක කියෙවුවනම් ඒ හැටි මල පනින එකකුත් නෑ. මොකද දෙයක් හොද හො නරක විදියට ඉදිරිපත් කරනවට වඩා වෙන්නෙ ඒ විදියට දකින එක. :D මම යට කියපු කතාව එහෙම අහිතක් හිතන්න ඉදිරිපත් කොරේ නෑ. මොකද මේ ලිපි පෙල පටන් ගනිද්දිම මං කිවුව vog ඩොකෙක් ගානට මනස හදාගන්න ඔනි කියල. :D එහෙම නැති උනොත් පොඩි අවුලක් තියෙනව. මොකද මනස සන්වර නැති උනාම "ලිංගික" කියන වචනෙ ඇහුනම කස්ටියට නිකන් කිතිකැවෙනව වගේ. ඕකේ මහලොකු කුනුහබ්බයක් නෑ. ඒක ඔයාල, මම හැමොම විදින දෙයක්. ඉතින් ඔකෙ මොකද්ද කුනුහරුපෙ...?? ඒක ඉතින් මයෙ වරදකටවත් ඔයාලගෙ වරදකටවත් වඩා තියෙන්නෙ සදාචාරාත්මක ගැටලුවක්. කොක වෙතත් මං අර වගේ කතාවක් කිවුවෙ ජීව විද්‍යාත්මක විදියට හිතල මිසක් වෙන මගුලකින් හිතල නෙවේ. තේරුම් ගැනීම තමාට බාරයි. :D :D :D
ඒ කතාවටම තවත් දෙයක් එකතු කොරන්නම්, අපි දැකල ඇතිනේ හිච්චි ළමයි ඇඟිලි සූප්පනව. ඉතින් ඔය සූප්පන එකේ තේරුම මොකද්ද?? එහෙමත් නැත්නම් අඬන ළමයින්ගෙ කටේ ගහන අර සූප්පුව( බෝතල් සූප්පුව නෙවේ). ඒක ගැහුවම ඒ ළමය අඬන එක නවත්තන්නෙ බඩකින්න අඩු වෙන නිසාද?? ඒ වගේ අවස්තාවකදිත් ඇඬිල්ල නතර වෙන්නෙ බඩකින්නේ අඩුවක් නිසා නෙවේ, ලිංගික තෘප්තියක් ලැබෙන නිසා. (ලිංගික කියන වචනෙ ඇහෙන කොට ඇගේ කටු ඇනෙනව ඇනෙනව වගෙනම් එවචනෙම ලොප් කොරල දාගන්නකො..) හක් හක්.. ඉතින් මං තවත් ඔය කතාව දුර දිග ගෙනියන්නෙ නෑ. කැමැති අය පිළිගන්න. :D :D :D


දැන් බහිමු අද පොස්ට් එකට. ඇත්තටම ගොඩක් දෙනක්ට හිතෙන්න ඇති කලින් ලිපිය ලිවුවම ඇයි අපි මෙච්චර වල්?? කියල. සමහරක්ට ජීවිතෙත් කල කිරුනද මං ද, අයියෝ අපි වල් කියල.. හක් හක්.. එහෙම කලකිරෝගන්න එපා... ඉතින්, අපි අර විහිලුවට වගේ හිතපු දෙයය එහෙමත් නැත්නම් ස්වභාවදර්මය අපිට මේ වල් කම දීල තියෙන්නෙ පදනමක් ඇතුව. මොකද්ද ඒ පදනම???

ඒක ගැන කතා කොරන්නනම් ඉතින් දඩයම් යුගයට යන්න වෙනවා. ඒ කියන්නෙ අපි වැද්ද කාලේ. (ඊටත් කලින් අහ්) අපි කවුරුත් දන්නවනෙ අපි වානරයො කියල. ඉතින් ඉස්සරම උන්නු වානරයො කස්ටියක් මාංශ්බස්සක විදියටත් තවත් කට්ටියක් ශාකබස්සක විදියටත් පරිනාමය වෙලා තියෙනව. ගොඩ දෙනෙක්ගෙ මතයනම් අපි පරිනාමය උනේ අර මාන්ශබක්ෂකයන්ගෙන් කියල. ඒක කොක වෙතත් අපේ ගාව තියෙන ඔය ලිංගික ලක්ෂන බහුතරයක්ම තියෙන්නෙ මාංශභක්ෂක වානරයො ගාවට වඩා පළෑතුරු බුදින වානරයො ගාව.  ඒවලට හේතු කතාකොරන්න තම මං පොඩි එකා. ;) ඔනිම කරන ටික විත්‍රක් කතා කරමු.

ඉතින් අපි මහ ලොකු අඩාම්බරෙන් කියන කාරනේනෙ අපි උසස්ම සත්වයා කියන එක. එහෙම කියන්නෙ ඉතින් ශරීරයට සාපේක්ෂ විශාල මොලේ, පිළිමල් හැකියාව තියෙන මාපට ඇඟිල්ල වගේ දේවල් නිසානේ. ඉතින් ඔය විශාල මොලයක් තිබුනට වැක නෑ. ඒක දියුනු වෙන්න ඔනි. එහෙම වෙන්න තමා අපි හැඩ ගැහිල තියෙන්නෙ. අපිට දීර්ග ළෑමාකාලය්ක් තියෙනව. (ඔය කාලෙ කොරන ව්ඇඩ ළමා නොවුවනට ඒක ළමා කියල තමා ලේබල් කොරල තියෙන්නෙ.. ) ඉතින් ඔය වගේ ළමාකාලයක් තියෙන්නෙ අපිට නිශ්චිත අම්ම තාත්ත කියල දෙන්නෙක් ඉන්න නිසා. දැන් අහයි අනික් සත්තු ස්වයන් ජාතද කියල. එහෙම නෙවේ. අපිට ළමාකාලය ගත කොරන්නෙ වැඩි හිටියෙක් ලඟ. ගොඩක් දුරට අම්ම තාත්තනේ. ඒත් සත්තුන්ගේ එහෙම අම්ම තාත්ත කියල දෙන්නෙක් උන්නට ඒ දෙන්න පවුල් ජීවිතයක් ගත කොරන්නෙ නෑනෙ. ඉතින් එහෙම පවුල් ජීවිතයක් ගත නොකරන්න හේතුව උන් අපි තරම් වල් නැති නිසා. උන් උගේ සහවාසකටයුතු කොර ගත්ත. එතනින් එහාට දෙයක් නෑ. සාමාන්‍යවිදියට ජීවත් වෙනව. ඒත් අපේ මනුශ්ය පවුල කියන්නෙ ඔය ව්ඇඩේට විතරක් සීම උනු දෙයක් නෙවේනේ. ජීවවිද්‍යාත්මකව බැලුවොත් ඉතින් යුගල  හැදීම, පූර්වසංසර්ගය... ඔහොම ඔහොම එන සීන් ගොඩායි. ඒත් සන්ස්කෘතිකව බැලුවම පවුල් ඒකකය කිඅය්න්නෙ ඔය ක්‍රියාවලියට එහා ගිය දෙයක්. ඉතින් ඒවාගේ සාර්තක පවුලක් බිහිවෙන්න  නම් කාමුකත්වය ඔනි. ඒක නිසා තමයි මනුශ්‍ය පිරිමින්ට ශරීරයට සාපේක්ශ විශාල ශිශනයකුයි, කාන්තාවට බෝල හැඩේ පියයුරුයි ලැබිල තියෙන්නෙ. :D :D :D

දැන් ඉතින් හරිනෙ කස්ටිය. හඳ ප්‍රකම්පිත උනානම් ඔන් සමා වෙන්න. දැන් එහෙම කම්පිත් උන කස්ටියගෙ හිත් ටික හැදෙන් ඩෑති. :D :D

ප. ව.
මේකෙත් අඩුපාඩු තියෙනවනම් නොපමාව කමෙන්ට් එකකින් දන්නවන්න. :D :D .. ආ.. අයෙත් කියනව මං ඔන්. ඔය ප්‍රොයිඩ්ල, මොරිස්ල, ඇඟිල්ලා කිවුවට විස්වාස කොරන්න එපා. අර ලොකු මෙවුව දුන්නු දෙයියම තමා අපිට ලොකු මොලෙත් දිල තියෙන්නෙ. ඒකින් පොඩ්ඩක් හිටහ්ල බලන්න. :D :D මං එහෙම කියන්නෙ ඔය ප්‍රොයිඩ් කටින් විදින එක ගැන කියද්දි බොරුත් කියවිලා තියෙනවා. එයා පොඩි එකෙක් කිරි උරා බීමෙන් ලිංගිකව විදිනව කියල විත්‍රක් නෙවේ කියල තින්නෙ. එයා කියල තියෙනව එහෙම පොඩි කාලෙ නොවිදපු අය ලොකුකාලෙ සිගරට් වගේ එවුව බොන්න පුරුදු වෙනවලු. එයාට සාපේක්ෂව ඇත්ත වෙන්ඩෑ. එත් මටනම් එක බොරු. මොකද මං අම්මගෙන් අවුරුදු 9 වෙනකන් කිරි බිව්ව. ඒත්@#%$#$^&

ප. ප. ව.
වල් ලිපි පෙල මෙතනින් ඉවර කරන්න හිතෙනව. :D :D බලමු. අනාගතේදි තවත් වල් කතා හම්බ උනොත් ලියන්නම්.... ඔහ්... තව පොඩ්ඩෙන් අමත වෙනව. වල් කියන්නෙ මේ කුනුහබ්බයක් නෙවේ. වල්, වනචර, ඒ කියන්නෙ වනයේ හැසිරෙන... තේරුමක් මිසක්, මේ සල්ලාල වගේ තේරුමක් හේම නෙවේ... :D


෴මතු සම්බන්දයි෴

29 comments:

  1. වල් කමත් ඕන මිනිස්සුන්ට ඒත් සුලගිල්ලා තරම්ම.........

    අවුලක් නෑ මල්ලි.

    ReplyDelete
  2. අපි වල්... ඒත් සුලගිල්ලා වනචරයි.... එල මචං

    ReplyDelete
  3. හුඟක් අය ඔය කියන කඩතුරාවෙන් එලිය බලන්න ලැජ්ජයි මලයා. ඒකයි ඔය " ලිංගික " කියන වචනේ ඇහුණ ගමන් ඇඹරෙන්නේ.
    මට නම් මේ ලිපි පෙල වැදගත් ලිපි පෙලක්.
    නියමයි

    ReplyDelete
  4. බෝම ස්තූතියි.. හැමෝන්ටම... :D :D :D

    ReplyDelete
  5. ජයශ්‍රී kiyana Lama wadihitiya ta kiyala denna puluwan da kiri bonne badaginnatama nam kiri warunu pasu lamai payodara wqala elli sitinne ai?

    ReplyDelete
  6. හිචිචා නියමයි මචං....කාලෙකට කලින් මමත් ඔය මාතෘකාව ප්‍රතික්ෂේප කරා...හැබැයි දැන් තේරෙනවා මේක තමා යථාර්තය කියලා...නියම ලිපි සෙට් එක....පට්ට....

    ReplyDelete
  7. ලිංගික කියන වචනෙට අපේ මිනිස්සු උද්දීපනය වෙන්නේ නිසි ලිංගක අධ්‍යාපන ක්‍රමයක් හරියට නොමැති නිසා. බිරිඳ සැමියා එක්ක පවා ලිංගිකත්වය සම්බන්ධව කතාකරන්න පසුබට වෙනවා. ඒ ලිංගිකත්වය පිළිබඳ යහපත් සමිබන්ධතාවක් නැති නිසාම ලිංගික රෝග වැනිදේ පැතිරීමත් වැඩියි..බොහෝ රටවල ප්‍රාථමික අවධියේ සිට ලිංගික අධ්‍යාපනය විෂයක් වශයෙන් පියවරෙන් පියවර න්‍යායාත්මකව ඉගැන්වීම කරනවා..ඒක නිසා ලිංගික අපරාධ අඩුවෙනවා වගේම යහපත් සබදතා නිර්මාණය වෙනවා..අපේ රටේ සංස්කෘතියට පටහැනි නොවන ආකාරයට එවැන්නක් ක්‍රියාත්මක නොවීමේ අඩුව තියනවා

    ReplyDelete
  8. ලිපිය වල් කිව්වට ඒකෙනුත් නොදන්න දේවල් ඉගනලත්තා බන්....

    ReplyDelete
  9. ඇනෝට මුකුත් කියන්නෙ නෑ. කමෙන්ට් එක මටනෙවේනේ.. :D :D
    ජනරඟ විජඉදු දේවසුරේන්ද්‍ර.. ඇත්ත... අපේ අයට වෙලා තියෙන්නෙ ඔක තමා. නිසියා කාර ලිංගික අද්‍යාපනයක් ඇත්තෙත් න. හැබැයි ඒ අද්‍යාපනය දෙන්න යනකොට ඒ දෙන එකාට වල් කියල බනිනව.. :D :D

    ReplyDelete
  10. වල් කියලා කිව්වට මමනම් මේ ලිපි පෙලේ එහෙම කිසිම දෙයක් දැක්කේ නෑ.. මේවා ලියන එක ප්‍රශ්ණයක් වෙයි කියලා හිතලා නොලියා ඉන්නෙ නැතුව මේ ගැන ලියන්න පටන්ගත්ත එක නම් ගොඩක් වටිනවා..

    ReplyDelete
  11. ඕන් මාත් කියෙව්වා.ඔය මනුෂ්‍යන්ගෙ මෙව්වා එක ලොකු වුනෙ(සිරුරට සාපේක්ෂව )එව්වා කොරන්ඩම නෙමේ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  12. හක් හක්.. ඔව් නිශාන්.. ඔනිනම් කෙක්කක් වගෙත් ගන්න පුලුවන්.. :P

    ReplyDelete
  13. වටිනා ලිපි පෙලක්..දිගටම කරගෙන යන්න... :D

    ReplyDelete
  14. මරු මල්‍ලියා මේ විද්‍යාත්මක ලිපි පෙල නම් ඇත්තටම සිරා..

    //පිළිමල් හැකියාව තියෙන මාපට ඇඟිල්ල// මේක තේරුනේ නෑ..

    //වල්, වනචර, ඒ කියන්නෙ වනයේ හැසිරෙන... තේරුමක් මිසක්, මේ සල්ලාල වගේ තේරුමක් හේම නෙවේ../// කතාව ඇත්ත.. ඒකනෙ දැන් වල් අලි වෙනුවට වන අලි කියලා රජයෙන්ම Rename කරල තියෙන්නේ...

    සුබ පැතුම්... තවත් සාර්ථක පෝස්ට් එකක්..

    ReplyDelete
  15. නියමයි මචන් වැදගත් ලිපිය
    එක එකා අකමැතියි කියල උබ උබේ වල් කතා සිරිස් 1ක නවත්තන්න එපා බන්
    මොකද එහෙම උනොත් මේකත් love ගැන කියල අඩාවැටෙන බ්ලොග් 1කක් වෙනවනේ
    එහෙම කරන්නෙ නැතුව මෙවගේ වැදගත් ඩෙයක් කියපන් කෝ
    මම නම් දිගටම කියවනව.

    ReplyDelete
  16. මම පිලිගන්නවා මේ කතාව. ඇත්තටම මේක මාර පුදුම දෙයක් පොඩි ළමයටත් ලිංගික හැඟීම් එනවිදිය. ඒ වගේම මම අහල තියනවා කුඩා කාලයේ පිරිමි ළමයෙකු නම් පියාටත් ගැහැණු ළමයෙකු නම් මවටත් ඉරිසියා කරනවා කියල. ඒ කතාව ඇත්තද ?

    ReplyDelete
  17. @Anonymous ඔබට පිළිතුර කලින් post එකේ comment කර ඇත.එකම දේ නැවත නැවත අහන්න එපා.

    @Kalu Pusa ඔබත් පිරිමි ළමයෙකු හෝ ගැහැණු ළමයෙකු නේ? ඒ කතාව ඇත්ත ද බොරු ද කියල ඔයා දන්නවා ඇතිනේ.

    ReplyDelete
  18. ලිංගිකත්වය (හෝ වල්කම) මිනිසාගේ අනිවාර්ය ප්‍රමුඛ අවශ්‍යතාවන්ගෙන් එකක් ම පමණයි.
    මම දන්නවිදියට මිනිසාගේ ප්‍රමුඛ අවශ්‍යතාවන් 3ක් තියෙනවා.
    1.ආර්ථීක ස්වාධීනත්වය
    2.ලිංගිකත්වය ස්වාධීනත්වය
    3.බලය

    මිනිසාට, සාපේක්ෂව විශාල ළමා කාලයක් තිබීම මිනිසා වඩා දියුණු සත්වයෙක් වීමට එක හේතුවක්.මිනිස් පැටවෙකුට වයස 18-20 සමහරවිට ඊටත් වඩා තම ආහාර වේල ගැන වදවෙන්න අවශ්‍යය නැති නිසා තමයි ඔහු එම කාලය තම කලින් පරම්පරා වල අත්දැකීම් ඉගෙන ගන්න යොදවන්නේ.ඒ විදියට පරපුරෙන් පරපුරට (ටිකටික වර්ධනය වන්නාවූ) දැනුම් පද්ධතිය (තාක්ෂණය) ගමන් කරන නිසා තමයි මිනිසා අනෙක් සතුන්ට වඩා දියුණු. ඇත්ත විධීමත්ව හෝ අවිධීමත්ව ලබන ලිංගික අධ්‍යාපනයත් මේකාලයේ ලබනවා තමයි.මිනිසා හැර සියලු සතුන්ට තම ආහාර වේල සපයාගන්නා ආකාරය සහ තම අනාගත පරපුර බෝකරනා අකාරය පමණක් ම දැන සිටීම හොදටම ප්‍රමාණවත් වූවාට මිනිසාට එසේ නැහැ.

    කොටින් ම කිව්වොත් "ජීවත්වෙන්නේ කන්ටද? කන්නේ ජීවත්වෙන්ටද?" යන ප්‍රශ්නයට මිනිසාගේ පිලිතුර "කන්නේ ජීවත්වෙන්ට" යන්නයි.ලිංගිකත්වය (හෝ වල්කම) මිනිසාගේ අනිවාර්ය ප්‍රමුඛ අවශ්‍යතාවන්ගෙන් එකක් ම පමණයි.නමුත් කලාතුරකින් කෙනෙක් මෙම සිද්ධාන්තයෙන් පිට පනින්න පුලුවන්.සමාජය විසින් "මහ වල් මිනිහෙක්" යන (අ)ගෞරවය දෙන්නේ එහෙම අයටයි.ලිංගිකත්වයට ම පමණක් මුල්තැන දුන්න හුගදෙනෙක් ගේ ජීවිත අසාර්ථක බවත් කියන්න ඕනි.ලිංගිකත්වය වෙනුවෙන් අන් සියලු දේ කැප කිරීම අනවශ්‍යයි.

    ReplyDelete
  19. සියලු දෙනාටම ස්තූතියි... ම්ම් මරියො අයිය කියනව වගේ ගොඩාක් පරන නම් රීනේම් කොරල නම් තියෙනව. වැඩිවියට පැමිනීම--> යවුවනෝදය, වගේත් ඒවා. ඒකනම් කමක් නෑ. ඒත් ඔය වල් කියන එක අයින් කරනවටනම් මං විරුද්දයි. :D :D මොකද ඔය කියවන උන්ගේ අසිකිතකමට ඒ වචනෙ පලි නෑනේ... :D :D :D

    @කලු පූසා--> ඔය කතාවනම් නිරුවත් වානරයා පොතෙත් තිබුන. ඒත් ඉතින් මං නම් විශ්වාස කොරන්නෙ නෑ. මොකද ලිංගික ආශාව කියන්නෙ පාක් නොවුවනට, ඉරිසියා කොරනව කියන්නෙ පවක්.

    @ජය ශ්‍රී--> මාත් කියන්නෙ නෑ, අපි ජීවත් වෙන්නෙ ලිංගිකව විදින්න විත්‍රක්ම කියල. හැබැයි අපි ජීවත් වෙන්නෙ ඔය විදීම නිසා.. :D :D :ඬ්

    ReplyDelete
  20. $$@ක් නිසා නහින නැහිල්ලක්..

    ReplyDelete
  21. @රත්ගමයා.. කවුද ඩො වලත්තයා.. ??
    @බනි.. ලොල්ය.. $$@ මොකෑ??? කවද්ද ඩො ඇඟිල්ල නැහුනෙ... ;)

    ReplyDelete
  22. @ජයශ්‍රී

    මට නම් එහෙම මතකයක් නැහැ. ඒත් ළමයෙකු ගේ ඉතා කුඩා කාලයේ හැංගීම් හැම එකක්ම මතක හිටින්නෙත් නැනේ ?

    ReplyDelete
  23. එල එල, සිරාටම වදුරා ස්ව්‍යං ජාත ද?

    ReplyDelete
  24. seeye pawulak hadenne kamyenma nam tattakenekta duwek laga inna wennema nadda??

    ReplyDelete
  25. @E_
    ethakota leliyekta mamndi kenek ekka inna bane neda seeye??

    ReplyDelete
  26. ම්ම්ම්ම්.... ඇනෝ.. මේක කියොල එහෙම දෙයක් හෙතෙන්වද?? එහෙම දෙයක් ගම්‍ය කරන්ට හිතල මේ පොස්ට් එක ලිව්වෙ නෑ..

    ReplyDelete
  27. සුලගිල්ල හරි මොක හරි, මචං මෙ පොස්ට් එක නං super!!! mara wadagath
    hondata කරන යමන් palayan! :)

    ReplyDelete
  28. වල් සුලගිල්ලා

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...