Sunday, April 24, 2011

බාල ගිරි අද නොවේ, හෙටයි෴



මේ කෝ අප්පේ, බබෙක් වත් හම්බෙලද? කියල කස්ටිය බලන ඇති. හික්ය. මේකත් එක්තර ගනේ අලුගුත්තේරු පෝස්ට් එකක් නම් නෙවේ ඕන්.. බබෙක් ලැබිල නෙවේ.. අනේ... අද ලියන්න යන්නෙ වැඩ කල් දැමීමේ රෝගය ගැන. :D ලොල්ය. මේකයි මේ පෝස්ට් එක මම ලියන්න උන්නෙ මීට මාස 6කටත් උඩ දි. ඒත් සාපෙ වැඩ නිසා පස්සෙ ලියනව කියල උන්න. සාපෙත් ඉවර වෙලා, ප්‍රති පලත් ඇවිල්ල, ඒ පදිවට මහ විභාගෙටත් සූදනම් වෙන්න ඔනිලු. ලොල්ය. ඔන්න ඔව්ව නිසා හැමදාම මේක ලියන එක මිස් වෙනව. ලොල්ය. ඒයෙ ලියනව කියල හිටිය; ධන කිරණ කතන්දරේ නිසා ඒකත් ලියන්න බැරි උනා... ඕන් අදනම් කොහොම හරි ලියනව. :D

අපි ගොඩක් දුරට මේ වගේ මානසික තත්වයක් ඒ හැටි ගනන් ගන්නෙ නෑ නෙ. ඒත් ඇත්තටම ගත්තොත් මේක ඇවිල්ල මානසික රෝගයක්.දානික් එක මේ ලෙඩේ හෙම්බිරිස්සාවක් කැස්සක් වගේ නිකන් ගනනකට නොගෙන ඉන්න බෑ. අපිට මේක සුලුවට පෙනුනට වැඩ කල් දැමීමෙන් වෙන පාඩුව සමහරක් විට මිල කරන්නත් බැරි වෙන්න පුලුවන්.. ඉස්සර කෘශිකර්මය ජිවන උපාය කර ගත්තු ගොවිය්ව්ක් නම්, එක සුලුදෙයක් කල්දැම්මොත් සමහරක් විට ඒ පවුලකටම හාමතේ ඉන්න වෙනව. දඩයම් කරගෙන ජිවත් වෙන කෙනෙක්ටත් ඒක ඒ විදියමයි. සමහරක් විට ආරක්ෂාව සම්බන්දෙනුත් මේ වැඩ කල්දැමීම බල පෑවොත් ජීවිතයෙන් උනත් වන්දි ගෙවන්න වෙනව. ක්‍රි පු 800 හිටපු හෙසිඔඩ් කියනල දාර්ශනිකයෙකුත් කියල
තියෙනවලු මේ වැඩකල් දැමීම රෝගයකට වඩා පවක් කියල. හැබැයි ඉතින් ග්‍රිසියෙ උන් දනගාන කොට අපිත් ඔව කියන්න ඇති. ඒත් හට වහර ඒ හැටි සාර්තක ක්‍රමයක් නෙවේ නිසා අපි එහෙම කිවුවයි කියල පර සුද්දො පිලි ගන්න කැමති නෑ. ලොල්ය. අද මාතෘකාව ඒක නෙවේ නිසා මම මේ කතාව නවත්තනව. නැත්නම් ඔයැයිල මට කියයි මේකත් කලින් එක වගේ කක්කා පෝස්ට් එකක් කියල. :D

මේකට හේතුව මොනාද කියල අපි බලමුකො.. මොකක් හරි වැඩක් අපිට භාර වෙනකොට ඒත් එක්කම අපිට ඒක ඉවර කරන්නත් කලායක් ලැබෙනව. ඒකට පර භාසවෙන් කියන්නෙ dead line කියල. ඉතින් මේ වෙලාව වැඩි වෙනතරමට මිනිහෙක් වැඩක්ල්දැමීමට වැඩිපුර පෙලබෙනව. ඒකට temporal delay කියල කියනව. ඉතින් dead line එක අඩුවෙන තරමට මිනිස්සු කලින්ට සාපෙක්ශව වැඩ කල් දාන්නෙ අඩුවෙන්. ඒකට හේතුව ඉතින් "අපි දෙයක් කරන්නෙ ප්‍රතිලාබ බලාගෙන" කියන දේම තමා. (ඒ ගැන රොබට් නොක්ස් කාරයත් කියල තියෙනවනෙ.) ඒ කියන්නෙ අපිට ඉක්මන් ප්‍රතිලාබ ලැබෙන කොට ඒ වැඩේ කල්නොයවා කරනවා. ප්‍රතිලාභ පරක්කුනම් වැඩෙ කල් දානව. ඒත් මේ මතය අපේ සින්හල බෞද්ද ජීවිතයට විරුද්දයි. ඒත් මේ මතේ පරිනාමික සත්‍යතාවයකුත් තියෙනව. මොකද අපි වද්ද කාලෙ අපිට තුබුනෙ නෑනෙ අනාගතේ ගැන හැගීමක්. ඒකනිසා අද ලැබෙන දේ වෙනුවෙන් මහන්සි වෙනව මිසක් අනාගතේ ගැන මහන්සි වෙන පුරුද්දක් අපි වැද්ද කාලෙ තිබුනෙ නෑ. "අතේ ඉන්න කුරුල්ල පදුරෙ ඉන්න කුරුල්ලො දෙන්නට වඩා වටිනව" කියල කතාවකුත් තියෙනවනෙ. ඒත් අපි අමතක කරන්න හොද නැති දේ තමා අපි තාමත් වැද්දො නිවේ කියන එක.
දැන් අපි බලමු මේ ප්‍රතිලාබ තකා වැඩ කල් දැමීමට අදාල හෝමෝන් ක්‍රියාකාරිත්වය. මේකේදි ඩොපැමින් කියන හෝමෝන්ය. මේක ගැන මම මීට කලින් ලිපියකදි කුවුව. ඒතනදි මම මේ හෝමෝනෙ ගැන කිවුවෙ අපිට හිනාව යනව විදිහ විස්තර කරන්න. මේතනදිත් මේ හෝමෝන් එක වැඩකරන්නෙ සතුට කියන උත්තේජයත් එක්ක. ඒ කියන්නෙ අපිට මොනව හරි ලැබෙනවනම් අපි ඒකට ලබාගන්න උනන්දුයි. ඕනිම තමන් කැමති දෙයක් ලැබෙන වනම් ඒක සතුටක්. ඒ විදියට වක්‍රාකාරව dopamine මේකට දායක වෙනව. :D ලොල්ය... ඒකට මගෙනුත් අදහසක් එකතු කොරොත් වැඩ කල්දැමීමට බෙහෙතක් විදියට අපිට ඩොපැමින් බොන්න පුලුවන්. ඒක අදහසක් විත්‍රයි හොදේ. මොකද ඔය ඩොපැමින් කියන්නෙ එක්තරා විදියක මත්ද්‍රව්‍යක්. මදන මෝදක කියන්නෙත්, ටොපිය කියන්නෙත් මේ හෝමෝන් එක අඩන්ගු මත්ද්‍රව්‍ය තමා. ඒක ගත්තම හිනා යනව.. :D :D :D :D :D :D :D :D :D :D ඒත් ඒ හිනාව තාවකලීකයි. ඒ වගේ මද්‍රව්‍යක් පාවිච්චි කරන එකෙන් තාවකාලික මේනියා රෝගියක් එක්ක සදාලික විශාද රෝගියෙකුත් වෙනව කියල කියන්න ඔනි. මම ඉතින් මේ ඩොපැමීන් වලින් හිනා යන කතාව කිවුවෙ අමතර දැනුමට. හරිය..??
මේ විදියට මේ වැඩ කල් දැමීමෙ රෝගයට අපේ මොළෙ බලපනව. අපේ මොලේ පූර්ව ලලාට බාහික ප්‍රදේශය තමයි ලු වැදගත් වෙන්නෙ. මොකද ඒ හරියෙන්නෙ අපේ සැලසුම් කිරීම, ආවේග පාලනය, අවධානය වගේ ක්‍රියා පාලනය කොරන්නෙ. :D

මේ කරුනු වලට අමතරව තවත් ගොඩාක් දේවල් මේ වැඩ කල් දැමීමේ අසනීපයට හේතුවෙනවා...
සුපරික්ෂාව අඩු බව, අවේග ශීලී බව, අදිසන්වේදිබව වගේ දේවල් මේකට හේදුවෙනව. අදිසංවේගී අයගෙ දකින්න පුලුවන් දෙයක් තමා සාන්කාව කියන්නෙ. ඒ වගේ තත්වයකදි වැඩ කල් දාන එක ගොඩක් වෙලාවට වෙනවා.
සමහරු අදාල වැඩේ තමන්ට හරියට කරගන්න පුලුවන් වෙයිද කියල බයවෙලා වැඩේ කල්දානව. ඒ ආත්ම විශ්වාසයක් නැති කම. තවත් කෙනෙක් "මම මේ වැඩේ හොදට කොරොත් අනික් අය මගෙන් මීටත් වඩා දේවල් බලාපොරොත්තු වෙවි" කියා හිතල වැඩේ කල්දනාව.

ඉතින් මේකින් මිදෙන්න අපි මක්කෙයි කරන්න ඔනි..???

ඒක ගැන කියන්න තමා අද මම ආවෙ. ඒත් වැඩකල් දැමීම හදුන්වන්න ගියාම තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා.
මේකයි..
  1. මුලින්ම අපි හිතන්න ඔනි තමා වැඩ කල්දමන රෝගියෙක් ද කියල.
  2. ඊලඟට හිතන්න ඇයි "මම ඒ වැඩේ කල් දමන්නෙ?" කියල. ඒ හේතුව සාදරනද කියලත් පොඩ්ඩක් හිතල බලන්න. :D
  3. ගොඩක් දුරට එහෙම කල්දාන්නෙ අපිට අප්‍රසන්න ව්ඇඩනෙ. ඒක නිසා එහෙම අප්‍රසන්න ව්ඇඩක් කරන්න මුලින්ම දාගන්න. හැම අනු වැඩක් ම ඉවර වෙලා තමා තමාටම තෑග්ගක් දීගන්න. හිච්චි විවේකයක්, සිංදුවක් අහනව වගේ දෙයක් කමක් නෑ.
  4. අපි ඒ කරන වැඩේ ප්‍රතිලාභය ගැන හිතන්න. ඒකියන්නෙ මුදල් ගැන විත්‍රක්ම නෙවේ. උදාහරනයක් කිවුවොත්, මම මේ බ්ලොග් පෝස්ට් එක ලියල ඒකට වැටෙන කමෙන්ට් මට ප්‍රතිලාභයක්. :D ඒ වගේ..
  5. කාල සටහනක් හදාගන්න (ලු) [එකනම් එහෙම කරොත් හරියයිද දන්නෙ නෑ. මකද මම තාමත් කාල සටහන හදල නෑ. ඒකත් හැමදාම හදන්න හිතන් ඉන්නෙ. තාම හදා ගන්න බැරි උනා. හික්ය. ඒක නිසා මම ඒ කරුනට නම් මුල් තැනක් දෙන්න කියන්නෙ නෑ. මොකද ඒක හරියට අල්ලෙන් හෙලුව වහගෙන අනික් අයගෙ හෙලුවට හූ කියනව වගේ වැඩක් නේ...
ප. ව.
ඉතින් මේවගේ මාතෘකාවක් අඩු ගානෙ බ්ලොග් පෝස්ට් 5ක්වත් අරගෙන විස්තර කාන්න ඔනි දේවල්. :D එක තැනකදි මම රොබට් නොක්ස්ට කාරය කියල තියෙනව. කාගෙ හරි හිතකම්පිත උනානම් ඒක ප්‍රමාද දෝශයක් නොවන බව සලකන්න. මම උට බැන්නෙ හිතලමයි.
ආ තව එකක්... මේ ඔක්කොම ඒ හැටි ඔලුවට ගත්තෙ නැතත් අර අන්තිමට ලියල තියෙන උපදෙස් ටිකවත් ඔලුවට ගන්න. නැත්නම් ඉතින් මම මේ පනදාගෙන කොටපු එකේ වැඩක් නෑ නොවැ. ඒවත් පස්සෙ ඔලුවට ගන්නම් කියල කල්දානව හේම නොවේ.. හරිය...??

Saturday, April 23, 2011

Positive ray | ධන කිරණ

*හුදෙක් ප්‍රතිචාර තකා නොව, විද්‍යාව සිංහලෙන් භාවිතාකරන්නන් තකා පමණි.
_____________________________________

මේ පෝස්ට් එක ඒ හැටි දිග වෙන එකක් නෑ. මේ අත්දැකීම ඔයාලටත් තියෙද දන්නෙ නෑ. මටනම් මේ අඩුපාඩුව හොදට දැනිල තියෙනව.

ඒ තමා අපි ඉගන ගන්න විද්‍යාව කියනනෙ මහ බොරුවක් නේ. අපි ඉතින් ඒක බොරු බවත් දැන දැන ඉගන ගන්නෙ ඒ අපේ පවක් නිසා වෙන්ඩෑ. කොහොමින් හරි ඒ විශය ගොඩක් දුරට පදනම් වෙලා තියෙන්නෙ බට හිර ආරයට. ඒ වගේම ගොඩක් වචන තියෙන්නෙත් පර භාශාවෙන්. ඉතින් අපි සිංහල මාද්‍යයෙන් ඉගන ගන්න කස්ටිය හැටියට ඒක අපිට වෙන අසාදාරනයක්. අපි දන්න සින්හල වචනයක් ගැන නෙට් එකේ හෙවුවොත් ගොඩක් දුරට ඒක නිශ්ඵල කර්යයක්. ඒක තමා මට ඇති උනු ගැටලුව. ඒකට විසදුමක් විදියට අද හිච්චි ඇඟිල්ල ප්‍රජා සත්කාරයක් පටන් ගන්න හිතුව. කලින් ලියපු ලිපි වලට මට නොසෑහෙන්න බැනල තිබ්බනෙ. අද ඉදන් එහෙම වැරදි මගේ අතින් නොවෙන්න මම වග බලා ගන්නම්. :D

මෙ ප්‍රජාසත්කාරෙන් වෙන්නෙ ඉන්ග්‍රීසියෙන් තියෙන විද්‍යා පරීකශන විඩියෝ, චායාරූප වගේ දේවල් එකතු කරල ඒවා සිංහලෙන් රීනේම් කරල මම ජන්ජාලෙට දන්නව. තවත් දෙයක් මෙතනදි වෙනව. ඒ තමා සමහරක් ඉන්ග්‍රීසි වචන ගහල හෙවුවත් හම්බ වෙන්නෙ නැති විඩියෝ, චායරුප ත් මම හොයල අදාල ඉන්ග්‍රීසි නමින් හා සින්හල නමින් ජන්ජාලෙට දනව. ඒකෙ පල වෙනි පියවර තමා අද මම තියන්නෙ...

Positive ray එහෙමත් නැත්නම් ධන කිරන මේ ගැන මම යූටිබ් එක පීරුවා. ඒත් එක විඩියෝ එකක්වත් හම්බ උනේ නෑ. අහම්බෙන් අයියකෙනෙක් කිවුවට Canal ray ඒ කියන්නෙ නළ කිරණ කියල සච් කරාම එකම එක විඩීයෝ එක හම්බ උනා ධන කිරන ගැන තියෙන. ඒත් ඒකත් කොටස් කීපයක් කරල තිබ්බෙ. මට හම්බ උනේ අදාල විඩියෝ එකේ කොටස් දෙකයි. මම අද ඒ ක තනි කොටසක් විදියට ඕන් ජන්ජාලෙට මුදා හරිය. :D පහල තියෙනෙ ඒ විඩියෝ එක හා චායා රූප කීපයක්. දැන් ජන්ජාලෙ positive ray tube කියල හෙවුවත් ධන කිරණ කියල හෙවුවත් මේ විඩියෝ එක ඒවි. :D ඒක මේදේවල් ගැන වැඩි දුර උනන්දුවක් දක්වන ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි. :D

ධන කිරණ පරීක්ෂණය සිදුරුකර කැතෝඩය සහිත නළය





Wednesday, April 20, 2011

කොරන්න හොදනම් කිවුවම මොකෝ...??

අදත් ඕන් ලියන්න යන්නෙ කලියෙන් ලිවුව වගේ වැඩක් නැති පෝස්ට් එකක් ද මන්ද.. ගොඩක් දුරට මේක ලියන්න හිතුනෙ කතන්දරයගෙ බ්ලොග් එකේ පුක යනු කුනු හරුපයක්ද? කියන පෝස්ට් එක දැක්කම. ඒ විත්‍රක්ම නෙවේ.. දැන් මේ ඇෆ් බී එකෙ කස්ටිය මට නමකුත් හදලා ගෲප් හි කක්ක කරන්න කියල. ඒක නිසා ගොඩාක් හිත රිදිල ඕන් ඉන්නෙ.. අසූචි, නැත්නම් මල පහ ඔය ඔක්කෝන්ටම වඩා අපිට සමීප වදන තමයි කක්ක කියන්නෙ.. පුක කියන එක අපි කුනුහරුපයක් කියමුකෝ.. ඒත් මේ කක්ක කියන ව්අචනෙ කොහොමද කුනුහරුපයක් වෙන්නෙ.. අනේ ඒකනම් මට තේරෙන්නෙ නෑ. මම දන්න තරමින් අසූචි, මල පහ කියනවට වඩා ලස්සන ඒවලට කක්ක කියන එක. :D

ලොල්ය.. ඉතින් මට මුලින් ම ඔය කක්ක කියන වචනෙ ජන්ජාලෙ ඇතුලෙ කියවුනේ අහම්බෙන් වගේ. එහෙම කිය උනාම ඒක අහන් හිටපු කෙනා ඊයා.. කියල කිවුව.. ඇයි හත් දෙයියනේ.. කක්ක වල මෝනාද ඊයා...?? අපිට කරන්න හොදනම්. අනික ඊය කියන කක්ක අපේ ඇඟ ඇතුලෙන් එනව කියල ඒ අයට මත
වෙලා වෙන්ඩෑ... ඒ කෝක වෙතත් ඉතින් කක්ක වලට කක්ක නොකිය වෙන අහවල් එකක් කියන්නෑ..?? කක්ක කියන්නෙ කුනුහරුපය, එහෙමත් නැත්නම් ඒක සභ්‍යත්වයට පට හැනි වචනයක් කියල කියන අය ගැනනම් මට දුකත් හිතෙනව. මොකද ඒ අය ජීවිතේ නොවිදපු කස්ටිය. අහවල් එකකකට බොරුකියන්නද..? ඕන් මමනම් හිච්චිකාලෙ ඉදන්ම හොදට ජීවිතේ වින්ද.. දැනටත් එහෙමයි. ඉස්සර මම හිච්චි කාලෙ ඇඳ උඩ කක්ක දන්න හරි ආසයි ලු. ඒවා අතින් අල්ලල අඟිලි පුරුක් අස්සෙන් එලියට ක්‍රීම් එක වගේ වැක්කෙරෙනකන් මිරිකන්න ඊත් වඩා ආසයි ලු. ඊ ඉස්සර. දැනටත් පාරෙ යමින් ගමන් බිමතියෙන කක්ක බෙට්ටක් නිරීක්ෂනය මම අමතක කරන්නෙ නෑ. නිරික්ෂනය කරල විත්‍රක් යෑ.. ඒක දාපු සතාගෙ අදාල ආහර වේල ගැන අනාවැකියක් කියන්නෙත් මම දස්සයි. :D ඒ ඉතින් මගේ හිච්චිකාලෙ විනෝදාන්ශ්යෙන් වෙන්ඩෑ.. :P හප්පෙ කතාව දුර ගියා ව්ඇඩිද මන්ද.. ඉතින් මම කියන්න උන්නෙ ඒක ගැන නෙවේ. අර කක්ක කියන වචනෙට ඊයකියන කස්ටිය ගැනනෙ...

:D මම ගොඩාක් අස දෙයක් තමා අනික් කස්ටියට අප්‍රසන්න විදියට හැසිරෙන එක. අපේ සාපේ කාලෙ
ඉතිහාසය සර්නම් ඒකට කිවුවෙ පී පී කියල මානසික ලෙඩක් කියල. හික් ය. එවුව නම් මම ඒ හැටි දන්නෙ නෑ. ඉතින් අර මමම් කක්ක කියල කියන කොට කස්ටිය ඊය කියනවනම් මම ඒ වචනෙ තවතවත් කියනව. ඒක කාටවත් වලක් වන්න බෑ. ඒ කක්කා කතාව.. දැන් අපි කතන්දරය කියල තිබ්බ පුක ගැන කතා කරමු.

මමත් හැබැයි ඉස්සර ඉදන්ම ඒකට කිවුවෙ කක්කා පැත්ත කියලා.. පස්සෙ ඉස්කෝලෙ දි තමා පුක කියන වචනෙ ඉගන ගත්තෙ. ඒ මොන්ටි සෝරි කාලෙ. ඒත් මම ඒක යොදාගන්න පටන් ගත්තෙ 5 වසරෙදි. මිස් කෙනෙක්ගෙ හෑන් බෑගෙකට තඩි අකුරෙන් පුක කියල කොලේක ලියල දැම්ම. වැඩේනම් මාට්ටු. ඒත් ඒකාලෙ අපේ පන්තියෙ හිටපු සර් අර මිස් ට පේන්න මට බැනල ආයෙ මට මුකුත් කිවුවෙ නෑ. මොකද ඒ සර්ත් ජීවිතේ විදපු කෙනෙක්. :D

ඕකයි කතාව. :D ඉතින් මම අන්තිම ටම කියන්නෙත් කක්ක කියන්නෙත්, පුක කියන්නෙත්, චූ, හුජ්ජ.. ආදී වචන කුනුහරුපනම් නෙවේ කියල ඕන්..

Saturday, April 16, 2011

අවුරුද්දත් ඉවරාායි....


හික් ය. ඕන් අවුරුද්දත් ඉවරයි. අනේ මන්ද ඔයාලට කොහොම දැනෙනවද කියන්න.. මටනම් මේ සැරේ අවුරුද්ද කිසි ගතියක් නෑ. මේ සැරේ අලුත් ඇදුම් නැති කැවිලි පෙවිලි නැත් අලුත් (ලු) අවුරුද්දෙ අපි පරීක්ෂන නලේකට තමා කිරි ඉතිරුවෙ. ලොල්ය. කොහොම කියල කළෙකට කිරි උතුරවන්නද! පොල් ගෙඩියක ගනන් ඇහුවම. ඊට අන්තයි කලුකඩ මුදලාලිලා. ඕන් මට ඇහුන රේඩියෝ එකේ කියනව වැඩි පුර ටිකට් වලට සල්ලි ගත්තු බස් මාමල ව අල්ලන්න පොලිසියෙන් විශේශ කණ්ඩායමක් පත් කරල කියල. ලොල්ය. හැමදාම කන්ඩායම් පත්කරනවනෙ.

ගතියක් නැති උනත් අවුරුද්දක්නේ. ඉතින් අද ගියා හිච්චක් හන්දිය පැත්තෙ ඔලුව දාන්න. අපරාදෙ කියන්න බෑ මේ අපේ පැත්තෙ ඉන්නෙ හොද දාර්මිශ්ඨ බාර් මාමල. ඒයාල අවුරුදු ඉවර වෙලාත් කඩයක් අරින්නෙ නෑ. :D හ්ම්ම්ම්... අලුත් අවුරුද්දෙ ඔක්කොම සෙට් එකේ උන් ගම් බිම් බලා ගොහින්. ලොල්ය. කස්ටිය නෑ කියල ඉතින් අපිට චාරිත්‍ර අමතක
කරන්න පුලුවනෑ. මම තනියම චාරිත්‍ර ටික කරනවා කියල හිතන් ඇරල තිබ්බ එක බාර් කෑල්ලකට ගොඩ උනා. හත්තිලවුවයි. ගල් භාගෙ රුපියල් 500ක් ලු. අනේ හැබෑට පොලිස් මාමල විශේශ කණ්ඩායම් මේවට යොදවන්නෙ නැද්ද!!! ඊලඟට ඇහුව ස්ට්‍රෝන් එකක් කීයද කියල. ඒක ඊට අන්තයි ටින් එක රුපියල් 200යි ලු. මොනා කරන්නද බියර් ටින් එකක් අරන් ආව. ලොල්ය. නිකන් බොන්න පුලුවනෑ. කට සුද්ද කරගන්න ටූත්පික් කීපයක් වත් ගන්න එපැයි. ඕන් ගියා කඩේකකට. ඉල්ලුව. ම්ම්හු. ගත් කටටම ඌ නෑ කියල කිවුව. ඊලඟ කඩේබලා... නෑ ඒ කඩේ වහල. කඩවල් කීපයකටම ගියා සමහරක් ඒවල නෑ. සමහරක් ඒවල දෙන්නෙ නෑ. දෙන ඒවත් වහල. මොකො කරන්නෙ... ඉතින් දුකින් ගෙදරට ආව. එන ගමන් බිම වැටිල තියෙන පිල්ටර් කෑලි ටිකක් ඇහිද ගන්න අමත කරේ නෑ. සමහරක් පිල්ටර් දැක්කම ඒක බීපු එකාගෙ බොක්ක ඉතුරු වෙලාතියෙද කියලත් පුදුමයි. පිල්ටරේනුත් භාගයක් බීල. හැබැයි ඉතින් ඒකෙත් දොසක් කියන්න බෑ. අපි සල්ලි දීල ගන්නෙ ප්ල්ටරේටත් එක්කනෙ. අද පොල් ගෙඩියක් ගනන් ඇහුවම ඉතින් පිල්ටරේත් බොන එක පුදුම වෙන්න දෙයක් න. ඉතින් කොහොම හරි මම ගෙදර එන පාර දිගේ බීල විසික් කරපු ප්ල්ටර් 10කට වඩා එකතුකරගත්ත. :D

මල් එතීමේ කලාව අපි ඉස්කෝලෙ ප්‍රායෝගිකකුසලතා විශයෙදි ඉගනගෙන තියෙන නිසා ඕන් මම අර
අහිදගෙන ආපු පිල්ටර් කෑලි වල ඉතුරු වෙලා තිබ්බ දුන් කොළ වලින් එතුව මලක්. :D මෙන්තෝල්, ගෝල්ඩ්ලීෆ්, කැප්ටන්, පෝල් මෝල් එක එක ජාතියෙ සුවදවල්.. :D හරියට කවලම් පලාව වගේ. ඉතින් මුලින්ම ඒක පත්තු කරා. ටිකක් බීල බැලුව. රහේ නරකකුත් නෑ. වැටුනු අලු ටික එකතු කරල බියර් එකට දැම්ම. :D ගල් නැති දවස් වලට ඉස්සර අපි බියර් බිවුවෙ එහෙමයි. ඉතින් පානයේ රහ බලන්නෙ නැතුව එක හුස්මට බීල දැම්ම. පස්සෙ ඉතුරු උනු කවලම් පලා එකත් බීල දැම්ම. හිච්චක් ඇල වෙලා ඉදල නැකිට්ට ගමන් තමා මේ පෝස්ට් එක ලිවුවෙ. හප්පේ තාමත් කී බෝඩ් එක පේන්නෙ බොද වෙලා ව්අගේ..
:D

Thursday, April 14, 2011

කාලෙකින් පන්සලකට ගියේ......


හික් ය. දැන්තමා ඕන් ගෙදෙට්ට ගොඩ වැදුනෙ... පුන්න කාලෙ නොවැ.. හික් ය. සියලු වැඩ අත් අරින්න කියල කිවුවට ඉතින් කොහොමෙයි බ්ලොග් ලිවිල්ල නවත්තන්නෙ..? ලොල්ය.

ඕන් අද මම මාස 6කට විත්‍ර පස්සෙ පන්සලකට ගියා.... අඩුගානෙ ගිය සින්හල අලුත් අවුරුද්දටවත් මම පන්සලක් පැත්තෙ ගියේ නෑ. හික් ය. ඒ සැරේනන්ම් ඉතින් නොගියෙ සාදාරන හෙතුන් මත. හික් ය. කොහොමෙයි අතපය බැන්ඩේජ් කොරන් පන්සල් යන්නෙ.? ඒ සීන් එකත් ඕන් මම කෙටියෙන් කියල දානම්කො.. ;)

ඉතින් ගිය සැරේ අවුරුද්දට අපි සැට් එකක් අවුරුදු උත්සවයක් ඔගනයිස් කොරා.. හික් ය. කලින් දවසේ ඒ කියන්නෙ පරන අවුරුදු දවසේ අපි අවුරුදු බූමිය පිලියල කරන්න ගියයයි කියමුකෝ. ඕන් මට භාර උනේ උන්චිල්ලාවක් බඳින්න. ඔක්කොම වැඩ ටික පටන් ගන්න කලියෙන් ඉතින් අපි ඇඟපත ටිකක් රත් කොර ගත්ත කියලත් කියන්න ඔනි. හික් ය. තෙල් නැතුව කොහොමද වාහනයක් වත් දුවන්නෙ.. :P ඉතින් මට පොඩ්ඩක් විත්‍ර සැටිස්.. ඉතින් මමත් මෑන්ස් වගේ ගහට නැගල ලණු ටික බැදල නිරුප්ද්‍රිතව ගහෙන් බැස්ස. හික් ය. ඉතින් මම ම බැදපු උන්චිල්ලාඅව චෙක් කොරන්න දුන්නෙත් මටම තමා.. ලොල්ය. ඉතින් ඕන් එකයි දෙකායි කියල මැජික් කූරක් කටේ ගහන් මම පැද්දෙන්න ගත්ත... කොහොමහරි එක සැරයක් දෙසරයක් පැද්දුනා... ඒත් එක්කම එක ලනුවක් ලිහුනා... මගුලයි... වම් පැත්තම බිම ඇතිල්ලි ඇතිල්ලි මම උන්චිල්ලාව පැද්ද.. ඉතින් අන්තිමේ ගෙදර ගියේ ත්‍රීවීල් එකකින්... ඕන් ඔහොමයි ගිය සැරේ අවුරුදු සැමරුවෙ... මොනා උනත් ඒ සැරේ නම් පට්ටටම සැමරුව අවුරුද්ද.. හික් ය. ඒත් මේ සැරේනම් ඒ හැටි සරුවක් නෑ. අවුරුදු උත්සවත් නෑ. කස්ටියත් එක්ක සෙට් විල්ලකුත් නෑ. :/

ඕන් එදා පන්සල් නොගියේ අතපය කඩාගෙන උන්නු නිසා. ලොල්ය. පස්සෙ ගිය අවුරුද්දටම එක සැරයක් මම ගියා මතකයි පන්සල් අපේ වයසෙ අපිත් එක්ක හිටපු එක්කෙක්ට පෙන හැල්ලෙ පිලිකාවක් හැදිල. උට බෝදි පූජාවක් කරන්න. ඒත් ඉතින් මන්ස් නම් නොඑන ගමන් ගියා... ඒත් ඉතින් ඌ හිනද තමා මම ගිය අවුරුද්දටම පන්සලක් පැත්තෙ ගියේ.. ඒ පින් උට ඇති.. ;)

ඕන් එදා පන්සල් ගියාට පස්සෙ අද ගියා... කොටින්ම කියනවනම් මම සපෙට කලින් දවසෙවත් ගියේ නෑ පන්සලකට. එහෙමයි හැදෙන ලමයි. කොහෙද අපෙ අම්මට ඔවුව තේරෙනම එකක් යෑ..?? ඉතින් කොහොමින් හරි අද පන්සල් ගොහින් එනකන් අම්ම බන බැන ආවෙ බුදුන් වදිනකන් කොකා වගේ බෙල්ල ඒ මේ අත හරව හරව හිටිය කියල. ඇයි දෙයියනේ අපි අවට ලෝකෙ ගැන අවදානෙන් ඉන්න එපැයි.. ;)

අද පෝස්ට් එකට කියන්න තියේන්නෙ යට කියපු කිසිම දෙයක් නෙවේ.. මම පන්සලේදි දැකපු බෝඩ් කෑලි ගැනයි එනකන් දැක්ක විච්චූරන ගැනයි. ඔයාලටනම් ඒ වා කොහොම පේනවද දන්නෙත් නෑ. සමහරක් විට ඔයාල ඒ වා අනුමත කරනවත් ඇති. ඒත් මේ මගේ අදහස.

"පන්සලේ බුදු මැදුර ගාව බෝඩ් කෑලි 10කට වඩා...
බුදු පිලිමය මත මල් තැබීමෙන් වලකින්න.
පොල් තෙල් පහන් තැන තැන පත්තු කිරීමෙන් වලකින්න.
හදුන් කූරු බදුන් වල හැරෙන්න තැන තැන ඒවා ගැසීමෙන් වලකින්න..."
අරකින් වලකින්න මේකින් වලකින්න.. හෙන නීති ගොඩායි............. අනේ මන්ද පන්සලකට ගිය කලක්.. පන්සලක් පිරිසිදුව පවිත්‍රව තියා ගන්න ඉතින් මේවා ඔනි. ඒත්...?? මෙහෙම බෝඩ් ගගහ ඒවා මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න ඔනි ද??? පන්සලේ වරදක් නෑ. මොකද මිනිස්සු ඒවා නොකරන නිසා නොවැ ගහල තියෙන්නෙ. කොටින්ම කියනවනම් පන්සලට ඇතුලු වෙන තැන හිස් වැසුම් හා පා වහන් ගලවා ඇතුලු වෙන්න කියලත් ලියල තියෙනව. ඉතින් අපේ මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නෙ..?? මිනිස්සු ඒවා නිරා යාසයෙන්ම පිලිපදිනවනම් ඔය ගහන බෝඩ් කෑල්ල වෙනුවට බනපදයක් එල්ලන්න පුලුවන් වෙනව නේද??

දැන් මම එන හිතුනු දේවල් කීපයක් කියන්නම්.. මේ දේනම් ගොඩ දෙනෙක් කරනවා... රතිඤ්ඤා පත්තු කරන එක... ඇත්තටම ඒකින් ලැබෙන ආශ්වාදය මොකද්ද කියන්න නම් මම දන්නෙ නෑ.. මට හිතෙන්නෙ ඒකත් නිකම්ම නිකන් ගොන් ආතල් එකක් කියල විත්‍රයි. පාන් වහල්ලක් කන්න නැතුව මිනිස්සු මැරිල යනව. තව කීදෙනෙක් ඇද්ද කිරි බතක් උයා ගන්න බත් ටිකක්, කිරි ටිකක් නැතුව?? අපි මෙහේ ගොන් ආතල් වලට රතිඤ්ඤා පත්තු කරනව. මෙතනදි රතිඤ්ඤා කිවුවෙ ගිනි කෙලි ජාති ඔක්කෝන්ටම... මේවා ඉතින් මෙහෙම බ්ලොග් පෝස්ට් ලිය ලිය මතක් කරන්න ඔනි නෑ. එක අතකින් බැලුවොත් මම මේ කරන්නෙත් අර පන්සලේ බෝඩ් ගහල තියෙනව වගේ වැඩක්..

කමක් න ඉතින් දැන් රතිඤ්ඤා ගෙනත්තියෙනවනම් මොකො වික්කරන්නෑ..?? ඔන්න ඔහේ පත්තු කරන්න.. :P ඒත් ඊලග පාර අවුරුද්දට පොඩ්ඩක් මම මේ ලියපු පෝස්ට් එක ගැනත් සිහි කරවන්න... :D

එහෙනම් ඔයාල ඔක්කෝන්ටම සුබම සුබ මෙව්ව එකක් වේවා කියලත් ප්‍රර්තන කරනවා.. හරිය..?? මටත් එසේම වේවා...

Monday, April 11, 2011

ආදරේ රොදොයි ප්‍රමිලා෴


හික් ය. ඕන් අද කතාව කියන්න යන්නෙ ඈනුම් යන මාතෘකාවක් ගැන.. ලොල් ය. අනුමක් එහෙම ආවොත් කටට අතතියල අරින්න කියල අමුතුවෙන් කියන්න ඔනි න නෙ.. :P නෑ නෑ..
මේ කියන්න යන්නෙ ඉතිහාස කතාවක් උනාට කෙළ හල හල අහන් ඉන්න පුලුවන් 1ක්.. ;) මේක වෙන්නෙ අපේ ලංකාවෙ සෙන්කඩ ගල රාජදානි කාලෙ. :D හරියටම කිවුවොත් ශ්‍රි වීර පරාක්‍රම නරෙන්ද්‍ර සිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ..


ඉතින් ඕන් අපේ රජතුමාටත් ගොඩක් අයන්ට වගේ අන්තඃපුරයක් හිටියලු. ඒකෙ ඉතින් ලස්සන ලස්සන බිසෝවරු හිටියලු.. ආශයි නේ.. ;) ලොල්ය.. ඒ අන්තඃපුර බිසෝවරුන් අතරින් ලස්සනම ඒ වගේම හිච්චිම කුමාරි තමයි ප්‍රමිල කියන්නෙ. ඒ කාලෙ ඉතින් අපේ රජතුමාට ලස්සන කෑල්ලක් පේන්න බෑනෙ. :P ගේනව අන්තඃපුරේට. හික් ය. ඉතින් කොහොමින් හරි මේ ප්‍රමිලා ඒ අන්තඃපුරේට ව්එලා උන්නෙ ඒහැටි ක්ඇමැත්තකින් නම් නෙවේ. මොකද රජ්ජුරුවන්ට අවුරුදු 80ටත් කිට්ටු උනාට ප්‍රමිලට තාම 16වත් නැති තරම් ලු. දැන් තේරෙනවනෙ ඉතින් තත්වෙ. අන්න ඒක නිසා ප්‍රමිල බිසව අන්තඃපුරේට වෙලා ගොඩාක් දුකින් තමා උන්නෙ.

ඕන් එක දවසක් අපේ ප්‍රමිල බිසව ටිකක් එලියට පෙහෙලියට බැහැල ඉන්න වෙලාවක තමා ඔතනින් දස්කොන් කියන රජ්ජුරුවන්ගෙ ඇමති තුමා ගියේ. මිනිහටත් හැබැයි ඒ හැටි වයසක් නෑ. ඉතින් මෑන්ස් ඔතනින් ඇබලය වගේ එ මේ අත යන්න ගත්තලු. දැන් ප්‍රමිලටත් වැඩේ මීටර්.. හික් ය. ඉතින් දවස් කීපයක් ම මේ වගේ දස්කොන් අපේ ප්‍රමිල බිසවට ලයින් දැම්මලු. කොහොමත් හැම දාම රජ්ජුරුවන්ට ප්‍රමිලව බලන්න වෙන්නෙ නෑනෙ. අන්තඃපුරේ බිසවු 100ක් උන්නොත් ප්‍රමිලව බලන්න එන්න වෙන්නෙ අඩුගානෙ දවස් 100ක්වත් ගොහින් නොවැ. ඒ බව ඉතින් ප්‍රමිලයි, දස්කොනුයි දෙන්නම් දන්නවනෙ. :D ඉතින් කොහොමින් හරි දැන් කීපදවක් ප්‍රමිල බිසවට දස්කොන් ඇමතිය ලායින් පාර දාගෙන යනව.
දැන් ඉතින් දස්කොන්ගෙත් අලේ මෝරනව.. :D ප්‍රමිලගෙත් එහෙමයි. ;) ඕන් දස් කොන් ඉවසලා ඉවසලා බැරිම තැන ප්‍රමිල බිසවට ඇහෙන්න කවියක් කියනවලු....

රන්මාලය පැලිදි ගත සුවි පුල්ලා
ඉන් ආලය වඩයි මගෙ හිත නුබ පල්ලා
පන්දහසකට දැද තිබුනත් උඩ එල්ලා
රන්භාජනය නොවිදිත විදිනා ගුල්ලා...

ඉතින් ඕන් මේක ඇහුනු අපේ ප්‍රමිල බිසවත් නිකන් උන්නෙ නෑ. කිවුව රිප්ලයි කවියක්. :D

යන්නෝ මෙමග රෑ දහවල තොරවෙද් ද
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙද් ද
බොන්නෝ මෙදිය බොර කරලා බොද් ද
දන්නෝ උපා මිනිදොර ඇර නාරිද් ද


ටිවුබ්ලයිට් අයන්ට දැන ගන්නත් එක්ක ඕන් මම අරුතත් පැහැදිලි කොරඤ්ඤංකො... හික් ය. මේකෙ පළවෙනි පදෙන් කියන්නෙ ඒ ප්‍රමිලට ලයින් දානෙ දස්කොන් විත්‍රක්ම නෙවේ කියල නොවැ. ඊට පස්සෙ කෑල්ලෙ තේරුම ප්‍රමිල බිසවත් දස්කොන්ට කැමතී.. ඒත් ඉතින් ඒව පස්සෙන් ගිහින් කියන එවුව නෙවේ.. කියල. :P ඊලග පදේ දි කියන්නෙ නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවන්ට අහුනොවෙන්න වෙඩේ අනා නොගෙන කරන්න ඔනි කියලනෙ.. ඕන් දැන් තමා අන්තිම පදේට ආවෙ.. ඒ පදේටනම් තේරුම් ගොඩායි.. එකක් දෙක කියන්නම්.. සමහරු කියනව මෙතනදි කියන්නෙ අපේ බිසවගෙ කාමබරේ දොර ගැන කියල. එහෙම කිය්න කස්ටිය හිතුවද දන්නෙ නෑ මේ දොර මැනික් අල්ලල තිබ්බ කියල.. :P ඒත් මට තියෙන්නෙ ඔයිට වඩා වෙනස් අදහසක්.. ඕන් කුනුහබ්බ කියනව කියල හිතන්න එපා... මම මේ කියන්නෙ මට හිතුනු දේ.. මේ කවි පදේ මිණි දොර කියල අදහස් කරල ඇත්තෙ මණිමේකලාව කියන ඇදුම වෙන්ඩෑ.. එක විදියකට ඉතින් එකත් දොරක් නොවැ. ඊට වඩා මේ පදේ මට හිතෙන විදියට පැහැදිලි කොරොත් මේ බ්ලොග් එකට සමහරු කක්ක කියල බනී... ඒක නිසා විස්තර නොකර ඉන්නම්.. :D

ඊතින් කෝකකොහොම වෙතත් දැන් දෙන්න සැට්.. :D ඉතින් මේ දෙන්න දැන් ප්‍රේමයෙන් වෙලි වෙලී හරියට ගැරඬි දෙන්නෙක් වගේ ඉන්නව. :D රජ්ජුරුවන්ට 1කදවසයි. දස්කොන්ට දවස් 99 යි. ප්‍රමිලට 100යි. :D බලාහල්ලකො ඒකෙත් හැටි.

ඉතින් දැන් මේ දෙන්නගෙ (දස්කොන් + ප්‍රමිලා) අලේ මෝරනවා.. ඉතින් ඔහොම ඉන්නකොට ප්‍රමිල ආයෙ අපේ දස් කොන්ට කවියක් ලියනව මෙහෙම....

රාත්‍රිය අපේයි දස් කොන්
තවත් නෑ සිතේ අස් කොන්
පෙම්සිනා තෙපුල් ඇස් කොන්
ආදරේ රහයි දස් කොන්....

ඉතින් ඔහොම කියද්දි ඒ පාර දස් කොන් රිප්ලයි එකක් යවනව මෙහෙම...

ආදරේ දෙපුල් පිරිලා
වද මලින් ගෙතූ මල් මාලා
තිස් පැයේ පෙනේ මැවිලා
ආදරේ රොදුයි ප්‍රමිලා...

මේකත් ඉතින් තේරුම් කරන්න ඔනි නනෙ.. මෙවුව තේරුම් කරද්දි බ්ලොග් එකත් එක්ක කක්ක වෙනව.. :/

ඉතින් ඔහොම කාලය ගෙවිලා යනව. දැන් ප්‍රමිලට අර දවස් 100 න් එක දවසක් හරි රජ්ජුරුවොත් එක්ක ගතකරන්න වෙන එකට මාර අප්සට්.. ඔහොම අප්සට් ගහල ඉන්න කොට ප්‍රමිලට උන සන්නියක් හැදුන. ඉතින් දැන් රජ්ජුරුවොත් කලබල වෙලා... ටිහින් දැන් මේ උන සන්නිය දුරු කරන්න බලියක් නටවන්න යන්නෙ. බලිය කියන්නෙ මොකද්ද කියල දනන්වනෙ.. :D ආතුරයගේ හැඩරුවට සමාන පිලිමයක හදල කරන පූජාවක් වගේ සීන් එකක්. ඉතින් දැන් රජ්ජුරුවො මූර්ති ශිල්පියෙක්ව ගෙනල්ල ප්‍රමිලව අබන්න කිවුවලු.

දැන් ඕන් අඹල ඉවරයි. රජ්ජුරුවන්ට් යමක් පෙන්නන කලින් ඇමති ඒකෙ අඩුපාඩු බලන එකනෙ සිරිත. ඉතින් ඕන් රජ්ජුරුවන්ගෙ ඇමති ගොල්ලො ප්‍රමිලගෙ පිලිමෙ දිහා බල ලා අර මූර්ති කාරයටත් ප්‍රශ්න්සා කොරල යන්න යනව ලු. දැන් ඕන් දස් කොන් පරික්ෂාකරන අවස්තාව. දස් කොන් මේ පිලිමෙ බලල "ඔක්කොම හොදයි පොඩි අවුලක් තියෙනව... "
කියාගෙන කලුපාට තීන්ත තවරපු පින්සලකින් ප්‍රමිලගෙ පිලිරුවේ කලවෙ උපන් ලපයක් ඇන්දලු. හික් ය... ඉතින් දැන් රජ්ජුරුවො බලන අවස්තාව...
ඉතින් රජ්ජුරුවො ඒක බලල ගොඩාක් කලබල උනා ලු... එක පාරට අර මූර්ති ශිල්පියව අල්ලගෙන නරේන්ද්‍ර සිංහ රජ්ජුරුවො මෙහෙම අහනව... "තෝ කොහොමද අර උපන් ලපේ දැක්කෙ...???" ඊට පස්සෙ මුර්තිකාරයටත් පුල් හොලමන්. ඇයි දෙයියනෙ ඌ ඇදපු එකක් යෑ.. ඉතින් ඌ රජතුමාට මෙහෙම කියනව.. "දෙයි බුදුවෙන්න.. බලු ගැත්තට අනුකම්පා කර මැනවි. ඔය උපන් ලපේ තිබ්බෙ මම නෙවේ අර දස්කොන් අමති තුමා...."

ඉතින් දැන් දෙන්නගෙ ලවු එක අතේ මාට්ටු......... අන්තිමේදි දස්කොන්ට උනෙ වදමල් දාගෙන දන්ගෙඩියට බෙල්ල තියන්න....................

Thursday, April 7, 2011

ස්වර-සන්ධි ගලප මින්......


ලොල් ය. ඕන් අද යන්නෙ කලියෙන් 2050 අවුරුද්දෙදි යි 2100 අවුරුද්දෙදි යි මට ලැබුනු අත්දැකීම් අනුව ලියපු 2050, 47 වෙනි ඔලිම්පිල් උළෙල ලිපි වල ස්වර- සන්ධි ගලපන්න. මම හිතුවෙ නෑ මෙහෙම පෝස්ට් එකක් ලියන්න ඔනි වෙයි කියල. ඒත් 2050 ලිපියෙ වැටිල තියෙන මෝඩ කමෙන්ටුයි 47 ඔලිම්පික් ලිපියට කොමෙන්ට් නොවැටීමයි දිහා දැක්කම මේක මට ලියන්න වෙනව. මොකද ඒ ලිපි කස්ටියට වැඩිය තේරෙන්නෙ නැති පාටයි. ඕන් එහෙනම් අද තේරුම් ගන්න කෝ... එක අතකින් අද ලිපිය බැලුවම හිතෙයි මගේම ලිපිවලට මගෙන්ම විචාරයක් කියල. හික් ය. ඔව් ඉතින් මෙවුව රට්ටු හිනස්සන වැඩ. ඒත් ඉතින් එක එක ප්‍රශ්නතියාගෙන අනාගතෙට යන්නෙ කොහොමදෑ..?
ඔව් ඒ තමයි 2050 අවුරුද්ද... :D ඉතින් ඒ අවුරුද්ද ගැන මගේ වාර්තාව දැකල සමහරක් අයට ඇති උනු ගැටලුවක් තමා මිනිස්සු ඔක්සිජන් බෝතල් අරන් යද්දි අනික් සත්තු මොනාද ගෙනිජ්ජෙ. ඉතින් උන් මැරෙයිනෙ කියල. ලොල්ය. ඒ ප්‍රශ්නෙටනම් මම ඒ ලිපියෙන්ම පිලිතුරු දුන්න. හික් ය. ඒත් ඒ හැටි තේරිලා නෑ මයෙ හිතේ. ඕන් එහෙනම්, ප්‍රශ්න තියන් අනාගතේට යන එක හරි නෑනෙ. අද ප්‍රශ්නෙ විසද ගමුකෝ.. :D :D
සමහර විට ඔයාල දන්නවත් ඇති මිනිස්සු පරිනාමය වෙන්නෙ අනික් සතුන්ට වඩා ගොඩාක් හෙමින් කියල. මොකද පරිනාමය වීමෙදි නව ඩාවින් වාදයට අනුව යම් අහිතකර පරිසර තත්වයකට මුහුන දෙන්න බැරි ජීවීන් මැරිල යනවා. ඒත් යම් ජාන විකෘති තානිසා ඒවට මුන දෙන්න පුලුවන් ජීවීන් මැරෙන්නෙ නැතුව ඉතුරු වෙනවා. ඉතින් ඒ අය ආයෙ පැටවු ගහල අර අහිතකර පරිසර තත්වවලට ඔරොත්තු දෙන ජීවීන් බිහි කරනව. :D ඉතින් ඒ අලුත් පරම්පරාව පරිනාමය වෙලා. ලොල්ය.. ඩාවින් ඕකට කිවුවෙ උචිතෝන්නතිය කියල. :D ඉතින් ඒත් මිනිස්සු සත්තු තරම් පරිනාමය නොවෙන්නෙ අපි උචිතයො උන්නතිය වෙන්න දෙන්නෙ නැති නිසා. අපි කරන්නෙ උචිත උනත් අනුචිත උනත් පරිසරය අපිට ඔනි විදියට උචිත කර ගන්න එක. එතකොට පරිසරය ව්එනස් වෙනව මිසක් අපේ වෙනස් වීමක් නෑ. ලොල්ය.. අන්න ඒකයි මෙතන උනේ. සතුන් උචිතෝන්නතිය උදාහරනෙකුත් මම කියන්නම්... ලොල්ය.. අද නිවුස් අහද්දි මට දැන ගන්න ලැබුන දැන් ඩෙන්ගු මදුරුවො අපිරිසිදු ජලයෙත් බෝවෙනව කියල. එතනදි වෙලා තියෙන්නෙත් මේ සිද්දාන්තෙම තමා. අපි ඩෙන්ගු මර්දනය කරන්න කියල පිරිසිදු වතුර රැදෙන තැන් විනාස කරා. ඒකින් ගොඩාක් ඩෙන්ගු මදුරුවො නැති වෙලා ගියා. ඒත් ඒ අතර ජාන විකෘති තානිසා අපිරිසිදු ජලයෙත් බෝවෙන්න පුලුවන් ඩෙන්ගු මදුරුවො හිටිය. උන් බේරුනා. දැන් උන් ගුනනය වෙනව. හික් ය. :D ඔන්න ඕකයි තත්වෙ. ඒත් ඉතින් මේ පරිනාම සිද්දිය මේ වගෙ ලිපියක කල්ලකින් කතාකරල ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවේ. මට හැකි විදියට ඕන් මම කෙටියෙන් විස්තර කරා. :D

තව මේ පෝස්ට් එකේම කස්ටියට ගැටලු ඇති උනු තැනක් තමා අර බෙන්ස් කාර් එකක කඩල විකුනපු කතාව. එහෙමත් නැත්නම් අර වාහන නිකන් පාරෙ විසික්කරල දාල තිබ්බ කතාව. ඒකට නම් ගොඩාක්
විවේචන එල්ල උනා.. ලොල්ය. ඉතින් මම එහෙම කිවුවෙ 2040 කනිජ තෙල් නිදි ඔක්කොම ඉවර උනු නිසා. ඒතකොට ඒ අය කිවුව ඒ තෙල් වලින් වැඩ නොකරන එන්ජින් ආයින් කරල හයිඩ්‍රොලික් එන්ජිමක් හයි කරල දුවන්න පුලුවන් කියල. හික් ය. ඔවු දුවන්න නම් ඉතින් පුලුවන්. ඒත් වතුරෙන් වාහනයක් දුවනව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවේ. මොකද වදුර විද්‍යුත් විඡ්චේදනය කරල ඒකින් ගන්න හයිඩ්‍රිජන් වායුවෙන් තමා වාහනෙ එන්ජිම වැඩ කරන්නෙ. ඉතින් ඒ හයිඩ්‍රිජන් වායුව ආවට ගියාට දහනයකරන්න පුලුවන් එකක් නෙවේ. මොකද ඒ වායුව පුපුරන සුලු එකක්. බැරිවෙලාවත් වාහනේ එක්සිඩන්ට් උනොත් ඒ හයිඩ්‍රිජන් පුපුරල අවට මිනිස්සුත් මැරෙන්න ඉඩ තියෙනව. ඒකනිසා ඒ හයිඩ්‍රිජන් වලට හරියනවිදියට වාහනයක් හදනව කියන්නෙ එන්ජිමට විත්‍රක් සීම විච්ච දෙයක් නෙවේ. මුලු වාහනේ ම ඒකට ඔරොත්තු දෙන්න හදන්න ඔනි. අනික අමතක කරන්න එපා මම ඒ ලිපිය ලිවුවෙ 2050 දි. ඒ දවස් වල මිනිස්සුන්ට ඔය එන්ජින් රීප්ලේස් කර කර ඉන්න වෙලාවක් නෑ.. හරිය...? බොහෝම කාර්යය බහුලයි. අනික ඉතින් අද මොරෙක්ස් මයිනර් කාර් වලට වෙලා තියෙන වින්නැහිය දැක්කම ඉතින් 2050 බෙන්ස් කාර් වලට වෙන වින්නැහිය පුදුම වෙන්න දෙයක් නෙවේ නෙ. හික් ය. ඇරත් මම ඒ ලිවුවෙ කියවන අයොන්ගෙ හිතට වදින්න. මම ඕක කාර් ඔක්කොගෙම එන්ජින් රීප්ලේස් කරල කියල ලිවුවනම්, කවුරුත් ඒ හැටි ඔය ගැන හිතනවද..? එහෙනම් කනිජ තෙල් හිඟ වීම පිලිබදවත් හිතනවද? රීප්ලේස් කරන එක හරි ලේසිනේ කියල හිතල ඔහේ ඉන්න එකනෙ කරන්නෙ.. :P

ඕන් දැන් මට හිතෙන විදියට 2050 ලිපියෙ ඔක්කොම ගැටලු ඉවරයි.. :D තව මොකක් හරි තියෙනවනම් කමෙන්ටුවක් ආදාරේන් අහන්නකෝ. :D

දැන් මම ආයෙ යන්නෙ 47 ඔලිම්පික් එකට. ඔන්න ඔය ලිපියටනම් එක විවේජනයක් වත් ආවෙ නේ.
මොකොකියනවනම් කාටවත් තේරිල නෑ මයෙ හිතේ. හික් ය. ඕන් තේරුනේ නැති කස්ටිය අහ ගන්නකෝ.. :P
අද ලෝකෙන්ම වේගවත්ම මිනිසා ගැන හිතමු. උසියන් බෝල්ට්... එයා මීටර් 100 තප්පර 9.69 කින් දිවුවා. :D ඒකියන්නෙ මීටර් 10ක් තුවන්න තප්පරයක් වත් ගිහින් නෑ. ඉතින් කාට හරි ඒ වේගෙත් ඉක්මවා යන්න කායික ශක්තියෙන්නම් පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ. ඒත් මානසික ශක්තිය!!! :D අන්න ඒකින් තමා 2100දි මිනිස්සු වැඩ පෙන්නනෙ.. ඒ හින්ද තමා හොද හැඩි දැඩි තරුනයන් වෙනුවට සෘෂි වරු තරග කරන්නෙ.. ඉතින් එහෙම කෙනෙක් දුවද්දි ශරීරයේ තියෙන ඇඩ්‍රිනලීන් වගේ හෝමෝන වල උත්තේජනයක් තිබ්බට ව්ඇඩක් නෑ. අවශ්‍ය මානසික උත්තේජ වල තත්වය. ඉතින් මානසික උතේජ තත්වය චූ සාම්පලයකින් පරීක්ෂාකරන්න බනේද??? අන්න ඒකයි MRI තාක්ෂනය යොදාගන්නෙ තහනම් උත්ත්ජේජ පරික්ෂා කරන්නෙ. :D
එතකොට ස්ටාටර් අන්කල් තුවක්කුවක් වෙනුවට ටෝච් එකක් යූස් කරේ.. හික් ය. සමහරක් හිතනව ඇති මේ එයා තුවක්කුවෙන් වෙඩි තියන්නෙ තරග කරුවන් දිරි ගන්නවන්න කියල. ලොල් ය. හරියට සමහරු ක්‍රිකට් තරග තියෙද්දි රතිඤ්ඤා පත්තු කරා වගේ. හික් ය. ඒත් මෙතනදි වෙඩිල්ලක් තියල ලොකු ශබ්දයක් දෙන්නෙ තරග ආරම්භක සංඥාව විදියට. ඒතනිදි වැදගත් වෙන්නෙ ශබ්දයේ ප්‍රවේගය. ඒත් මේ සෘෂිවරු දුවන්න ගත්තම ශබ්දයේ ප්‍රවේගය අභිබවා යන නිසා මේ සංඥාවට ශබ්දය ගැල පෙන්නෙ නෑ. අන්න ඒකයි ටෝච් එකක් වගේ උපකරනයක් භාවිතා කරල තියෙන්නෙ. මොකද එතනදි ආලෝකය සංඥාවක් විදියට ගන්න පුලුවන්නෙ. දැන්නම් මම හිතනව ගොඩාක් දුරට තිබුනු ගැටලු විසදිලා කියල. තවත් නොවිසදුනු ගැටලු තියෙනවනම් දන්නවන්න.. හැකි විදියට ඒක නිරාකරනය කරල දෙන්නම් කෝ.... :D :D :D

Monday, April 4, 2011

47 වෙනි ඔලිම්පික් උළෙල෴

හික් ය. අද මේ ලියන්න යන්නෙ කලියෙන් 2050 අවුරුද්දෙදි මම ලියපු පෝස්ට් එකේ ඉතුරු කෑල්ල!. හික් ය. ඒ කියන්නෙ 2100 අවුරුද්ද ගැන. බලහල්ලකෝ අවුරුදු 50 කුත් ගොහින්. ලොල්ය. ඈ හැබෑට? මේ ඇඟිල්ලට වයස යන්නෙ නෑද්දෑ?. හෙ හෙ... ඒ පන්ඩිත කතා බොට වැඩක් නෑනෙ. :P
අවුරුද්ද ගැන කිවුවට ඉතින් මේක කෙටියෙන් එක පෝස්ට් එකකින් කියල ඉවර කරන්න පුලුවන් අවුරුද්දක් යෑ?. ඒක නිසා මගේ අවදානය යොමු උනු තැනක් ගැන අද ලියන්නම්. ඕන් අදනම් ඉතුරුව පස්සෙ හොදේකියල ලියන්නෙ නෑ. හම්බෝ.. ඒවුවනම් හරිම භයන්කාරයි. තර්ජනත් කරනව ලියපන් ඉක්මනය කියල. ඕන් හේනම් කතාව පටාාාාාාාාාාන් ගන්නයි යන්නෙ. :D



2100 කිවුවම ඉතින්... ඔව් බන් බෝල ඉලක්කමක් තමා. ඒකියන්නෙ අඟට
බිංදු දෙකයි. වෙනත් විදියකට කිවුවොත් 4 බෙදෙනවා. ඒකියන්නෙ ඉතින් ඔලින්පික් නේ. ඇඅ වලලු 5ක් තියෙන්නෙ. :D ඉතින් මෙ ඇඟිල්ලට ඕයික බලන්න යන්න චාන්ස් එකක් ඇවිත්. මොකද ඉතින් හැමෝම ඉස්සර පොඩි එකා කිවුවට දැන් මෙහෙ ජේශ්ඨම පුර වැසිය. :D ඉතින් ඕන්න මටත් ආරාදනයක් ලැබිල තිබ්බ ඔලිම්පික් එක බලන්න යන්න. ඉතින් මුලින්ම තරගෙ ඇහැට කනට පේන ස්එල්ලමනෙ ඉතින් දුවනව කියන්නෙ. :D ඉතින් ඕන් මම දුවන තරගෙ බලන්න තමා යන්නෙ. :D

ඒත්......

පිට්ටනියෙ කිසි හැල හොලමනක් නෑ නොවැ. හරියට නිකන් භාවන අසපුවක් වගේ. අනේ මන්ද... ඉතින් මටත් දැන් පුල් හොල්මන්. මම ව්අට පිට බලල බැරිම තැන එතන හිටපු මුරකාර මාම කෙනෙක්ගෙන් ඇහුව කෝ තරග කරුවො කියල. (මාම කිවුවට ඉතින් මට වඩා අවුරුදු 70ක් විත්‍ර බාල එක්කෙනෙක්.. :D ) ඉතින් මෑන්ස් මට පෙන්නනව නව ගුන වැලක් ගැන ගැන සක්මන් භාවනව කරමින් ඉන්න ඉන්න සෘශිවරු සෙට් එකක්. හොලමන් වෙලා හිටපු මම ඒටත් වඩා හොල්මන් වෙලා. මම හිතන්නෙ කස්ටිය දුවන්න කලියෙන් තහනම් උත්තේජක පරික්ෂා කරන කුටියගාව තමා හිටියෙ. එක එක්කෙනා ඇතුලට ගන්නව. ඉතින් මාත් ඒ කාබරේට මගේ රබර් ඇහැ යොමු කරා. එතන වෙන සීන් දැක්කම මම හොලමන් ඝනය(තුන්වෙනි බලේ) වෙලා. ඇයි දෙයියනෙ ඉස්සර අපි තහනම් උත්තේජක පරික්ෂාකරේ බෝතලේකට චූ ටිකක් දාල ඒකෙ ඇඩ්‍රිනලීන් වගේ හෝමෝන සාන්ද්‍රනය පරික්ෂාකරන එකනෙ. ඒත් මෙතන එහෙම චූ සාම්පල් පරික්ෂාකරන්නෙ නෑ. MRI මැශිමක් වගේ එකක් ඇතුලට ඔලුව දාන්න කියල තමා පරික්ෂනේ කරන්නෙ. ඒකදැක්කම මට හිතුනෙ සෘවරු චූ දාන්නෙ ඔලුවෙන්දෑ කියලත් මට හිතුනා. ඉතින් කොහොමින් හරි මම තවත් හොලමන් වෙන නිසා මම තරග බිමට ආව.

දැන්නම් පරික්ෂන ඉවරයි මයෙ හිතේ. දැන් තියෙන්නෙ දුවන්න. ඒපාර මට කලින්ට වඩා හොලමන්. දුවන්න ඔන්න මෙන්න. මෙ කස්ටිය තාමත් භාවනා යෝගී ඉරි අවුවෙන් ඉන්නව. අනේ මන්ද මුන් කොහොම දුවයිද කියල. ඉතින් දැන් කස්ටිය ස්තාන ගත වෙලා ඉන්නෙ. ඔන්න දැන් අර ස්ටාටර් කියන මෑන්සුත් එනව. ඒත් එයාගෙ අතේ පිස්තෝලයක් නම් නෑ සංඥාව දෙන්න. ඒවෙනුවට තියෙන්නෙ ටෝච් එකක්. හික් ය. අනේ මන්ද මෙවුව කොහෙන් කෙලවෙයිද කියල. :D හරි...

එකායි, දෙකායි, තුනායි... ටෝච් එක පත්තු කරා... හෑ.. කො මුන් ටික. එහා පැත්තෙ රිබන් පටිය කැඩෙනව විත්‍රයි දැක්කෙ. තරගෙ පැවැත්විලත් ඉවරයි. පස්සෙ තමා දැනගත්තෙ දිනල තියෙන්නෙ ඉන්දියාවෙ එවර්ස කන්දෙ ඉන්න සෘශිවරයෙක් දිනල පලවෙනිය කියල.

ඔන්න ඔහොමයි එදා ඔලිම්පික් එකෙ දුවන තරගෙ තිබ්බෙ. හික් ය. බලාහල්ලකො ඒකෙත් හැටි.

Sunday, April 3, 2011

ලොල් ය෴



හික් ය. අද මගේ බ්ලොගර් නොටිෆිකේශන් පිරිල තියෙන්නෙ දුක් ගී වලින්මයි. ඒ ඊයෙ ලංකාව පැරදුන නිසා. ඒක ගැන මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ. මොකද ඇත්තකතාකරනකොට අපි දේශද්‍රෝහියො වෙන නිසා. අනිත් එක මඩ ගොඩකට වැටෙන එක මඩ බිංදුවක් ගැන කතාකරන එකත් නිශ්ඵල වඩක් නිසා. හෙ හෙ.. ලොල්ය. හොදටම වැඩී කිරිකට් ගැන කතාව දුර ගියා. දැන් බහිමු අපි කතාවට.
_____________________________________


ළැඟිල්ල කිවුවම ඉතින් හැමෝම බනින එක එකාට ලණු දිදී ගොන් ඇඩ් දෙන හාදයවන මතක් වෙන්නෙ. හික්ය. ඒ අයටනම් ඉතින් ලොල්ය කිවුවම මතක් කරන්නෙ මාව නෙවේ, මගෙ පරම්මරාව. හික් ය. ඉතින් කමක් නෑ ඉතින්.. මම තරහ නෑ. මොනොහෙක් උනාම බැනුම් අහන්නත් ඔනිනෙ. :P
ඉතින් කොහොමින් හර අද උගේ 50 වෙනි පෝස්ට් එකලු. :D තටම තටම මාස 10ක් විත්‍ර ලියල ලියල
කොහොමින් හරි පනස් වෙනි එකට පය ගැහුවයි කියමුකෝ. ලොල්ය. ඒ බොලොක් කෙරුවාව තුල මට ලැබුනු නම්බුනාම වගේම ඉතින් තාඩන පීඩන වගේ දේවලුත් ආව. එවුවත් තියෙන්න එපැයි ජීවත් වෙන්න. ඉතින් අද පෝස්ට් එකෙත් ගොඩදෙනෙක් බලාපොරොත්තු වෙන විදියෙ විද්‍යාත්මක කරුනක් ගැන නම් සදගන් කරන්න වෙන්නෙ නෑ. මගේ මස බාල්දියක් තමා හෝදන්න තියෙන්නෙ. :P එවුවත් කරන්න එපැයි.
ඕන් ඉතින් ගිය අවුරුද්දෙ දවසක හරියටම කිවුවොත් 2010. 06. 27 වෙනිද තමා දවස. ඉතින් මටනම් බ්ලොග් කෙරුවාවට එන්නෙයි කියල කියපු එහෙමටම කෙනෙක් නෑ. ඒත් ඔය දවසට කලියෙන් ඉදන් මම මේ බ්ලොගින් ගැන හෙම දැනන් උන්න. ඒත් ඒවෙනකම් බ්ලොගියක් පටන් නොගත්තෙ කඩ්ඩ බැරි නිසා. අනික ඒ වෙනකොට මට සිංහල කොටන්න ඒ හැටි බෑ. විජේසේකර යතුරු පුවරුවෙ න් තමා මම මුලින්ම සිංහල කෙටුවෙ. ඒත් ඉතින් එහෙම අකුරෙන් අකුර අමුන අමුන සිංහල ටයිප් කරත හැකියෑ..?? කොහොමඉන් හරි එදා 27 වෙනිද මම දන්න අයියකෙනෙක් නමින්නම් හසිත අයිය, මට සිංහල කොටන්න ලේසි යුනිකෝඩ් කන්වටර් කියල ජාතියක් තියෙනව කියල ඒකින් ලේසියෙන්ම කොටන්න පුලුවන් කියල කිවුව. ඉතින් මම ඒදාම වහාම ක්‍රියාත්මක වන පරිදී බ්ලොගියෙ වැඩ පටන් ගත්ත.

ඉතින් ඒ කන්වටර් එකෙනුත් ටයිප් කිරිල්ල මට ඒ හැටි ඇල්ලුවෙ නෑ. ඒ දවස් වල ලියපු මගේ බ්ලොග් පෝස්ට් වල අකුරු අඩුපාඩු 50%ත් වඩා වැඩී. තාමත් ඉතින් 0% දක්වාම අඩුවෙලා නෑ ;).

ඉතින් එදා ඉදන් මම ලියපු මගේ බ්ලොගිය අදවෙනකොට හොඳතැනකට ඇවිත් තියෙන එකටනම් සතුටුයි. ලොල් ය. ඒවගේම අනේ මටනම් ඉතින් ඔය බ්ලොග් එක නවත්තන්න කියල මරනීය තර්ජන හේම ඇවිත් නම් නෑ. ඒකටනම් ගොඩාක් සතුටුයි. හික් ය. ඒත් ඉතින් මේක නිසා අහපු බැනුම් නම් එමටයි. ලඟදි උන සිද්දියත් කස්ටියට මතක ඇති නේ.. :D :D :D :D අහ්.. තර්ජන නෑ කිවුවට නැත්තෙත් නෑ. අර කලින් ලියපු 2050 පෝස්ට් එක.. අන්න ඒකෙ ඉතුරු ටික ලියන්නත් තියෙද්දිනෙ මම මෙ වෙන එවුව ලියන්නෙ. ඉතින් පහුගිය දැවස් කීපයදිනම් අන්න ඒකෙ ඉතුරු ටික ලියන්න කියල පේස් බුකියට බැනලත් මැසේජ් ඇවිතුත් තියෙනව. :D :D ලොල්ය. ඔවුවතමා ඉතින් අපිට එන තර්ජන. හික් ය. අපි ඉතින් අහිංසකයොනේ... :D :D
හෝවු.. තව ජුන්ඩෙන් කියන්න අමතක වෙනව..! අද කවද්ද?? 3වෙනිදනෙ ඉතින්.. අරහෙ කස්ටිය සයිබර් සැනකෙලියට ගොහින් පන් ගන්නව වෙන්ඩෑ. ලොල් ය. මට ඉතින් හිච්චි සීන් එකක් ගොහින් එන්න එපයි කිවුවනෙ. ලොල්ය කමක් නෑ ඉතින්. මම නැතත් ඒයැයි ල පන් එක ගනීනෙ.. :D :D

ඕන් අනිව ඊලඟ ලිපියට දානව අරකෙ ඉතුරු ටික හරිය..?? ඉතින් අද පෝස්ට් එක ඉවරයි.. :D ඊට වඩා දෙයක් නම් ඉතින් කියන්න නෑ. :D අන්තිමට ඉතින් මගේ බ්ලොගිය පලෝකරල, කමෙන්ට් දමමින් මාත් එක්ක උන්නු හෑමෝන්ටම ස්තූති. නම් වශයෙන් නොකීවොත් තරහව් එයිද මන්ද.. :D කීපදෙනෙක්ගෙ නම් කියන්නම් ඕන්.. :D මුලින්ම ඉතින් හසිත අයිය්ය.., ඊටපස්සෙ මාව සක්‍රීය බ්ලොග් කෙරුවාවට ඇදල දැම්ම කුප්පය... ඌතමයි කලින් තිබ්බ නමත් වෙනස් කරන්න කිවුවෙ. :P, තව නිතර ඇවිත් මේකෙ මාව දිරි ගන්නවන, අර ඇට්ටර මලය, නිමේශ අක්ක, මාර්ලන් අයිය, ඔබ්සර්වර් මාමා, දිනේශ් අයිය, මතකෙට එන්නෙ නනෙ. තව කවුද? ලොල්යනේ.. අනේමතකෙට එන්නෙ නෑ ඕන්.. ඒහෙමෙයි කියල තරහවෙන්න එපා. :D ;)

Friday, April 1, 2011

අද්ට හරියන්න අවුරුද්දෙම විහිළු සපයන මට අවුරුද්දටම හරියන්න අද දවසෙන් විහිළුවක්෴

අද ඉතින් බක් මහේ පළවෙනිද නොවැ. අද පෝන් එකට ආපු මැසේජ් කෝල් වලට සේම් ටු යූ කියලම එපා වෙලා තියෙන්නෙ. ඉතින් ඔවුව ගැන නොහිතම මම අද ඉස්කෝලෙට ගියා නිල ඇදුම් දෙන්නව කියපු නිසා. පරන යාළුවො ඔක්කොමල ඉතින් අද සෙට් වෙනවනෙ. ඇඟපත ටිකක් රත් කරගන්නෙ නැතුව කොහොමද..? කට්ටිය අද ඔන්න සෙට් වෙලා. එකෙක් දෙන්නෙක් එනකන් කස්ටිය බොරැල්ලෙ වයි. ඇම්. බී. ඒ. එක ඉස්සරහ චැටක් දාගෙන ඉන්නව. ටික වෙලාවක් යන කොට පෝන් එක රින් වෙනව මගේ. වැදගත් නොම්මරයක්. ඉතින් මම හිතුවෙ කලින් ආව වගේ සේම් ටු යූ කියන්න ඔනි කෝල් එකක් කියල. නෑ...

එහා පැත්තෙන්: ආයුබෝවන්... අපි ශ්‍රි ලංකා මොබිටෙල් ආයතනයෙන්...
සර්...??
ඔහොම කියල කතාව පටන් ගත්ත...

"සර් අපි ගියමාසෙ දිනුම් ඇදපු ස්මාර්ට් බොනෙන්සා තරගයෙන් සර්ට ලැප්ටොප් එක් ඇදිල තියෙනව. කරුණා කරල සර් ගෙ හැදුනුම් පත් අංකෙ දෙන්න පුලුවන්ද? " කියල ඇහුව. අනේ ඉතින් මමට කට උත්තර නැති උනා. මොකද මේ සිම් එක අරන් තියෙන්නෙ අපෙ අම්මිය ඩු ගෙ නමට නිසා. ඒත් මොබිටෙල් එකෙන් හදපු බාර්කෝඩ් අයි ඩි එක මම ගාව තිබ්බ. ඉතින් මම හිච්චක් ඉන්න කියල ඒකත් අරන් අංකෙ කිවුව.
ඊට පස්සෙ ඉතින්,
එහා පැත්තෙන්: බොහෝම ස්තූති සර්. සර්ගෙ අනන්‍ය තාවය ඔප්පුකරල අපේ මොබිටෙල් ප්‍රදාන කාර්යාලෙකින් සර්ට හිමි ත්‍යාගය දිනා ගන්න පුලුවන්. ඔබට සුබ දවසක්!! කියල කෝල් එක විසන්දි උනා.

ඉතින් මාත් ඕන් පුල් හොල්මන්... උනු හින්ද අහක දාන්නත් බෑ. කිරි හිනද බොන්නත් බෑ. මාර සීන් එක. ඉතින් කස්ටියට ඔය සීන් එක කිවුව. :D කියල තව කීපදෙනෙක් එන්නත් තියෙන නිසා මම උන්ට සොරි අද සෙට් වෙන්න වෙන්නෙ නැ, පරක්කුවෙනව කියල ඕන් යනව මොබිටෙල් එකට. හික් ය. දැන් බස් එකේදි ඉතින් ලැප් එක ගැනම තමා හිතන්නෙ. :D.

ඉතින් මම බස් එකේ යමින් ගමන් ලැප් එකට උබුන්ටු දැම්ම. ඩුවෙල් බූට් වෙන්න හන්තානෙත් දැම්ම. ලැප් එකත් එක්ක ඔරිජිනල් ජනේලෙකුත් හම්බෙන හින්ද ඔන්න ඔහේ ඒකත් දැම්ම. වැඩි වෙන එකක් යෑ කියල.
ඉතින් ඔන්න බහින තැනත් ඇවිල්ල. එතකොට තමා ඇහැරුනෙ.

ඉතින් ඕන් තියෙනව කොළ පාටට නිල් පාටට දිලිහි දිලිහි මොබිටෙල් එක. සික්ක කාරයටත් හිනාව දාගෙන එහෙම මාත් ගියා ඇතුලට. ඉතින් ඒ තරගෙ තෑගි හේම ප්‍රදර්ශනේට තියල තියෙනව. ලොලේ ලොල්ය. දැන් එතන් ඉන්නව මේකප් තට්ටු පුරෝගත්තු නාකි මනමාලියෙක්. නොදෝකින්. හිතන් ඇති ඒකි ලස්සනයි කියල. කොහොම හරි එකි ඉස්සරහින් ගොහින් ඉදගත්ත. ඉදගෙන විස්තරේ කියවුව.

ඒ ගනි මට කියනව සර් පොඩ්ඩක් අර කෝල් එක ආපු නොම්මරේ මට දෙන්න පුලුවන්ද කියල. හික් ය. ඉතින් මාත් දුන්න. එකි හිච්චි හිනාවක් දාල කියනව.
සර් අද මේ වගේ කෝල් අවිත් මෙහෙට ආපු තුන්වෙනිය ඔයා කියල. එතකොට තමා මට තේරුනෙ ලොල් නැතය කියල. දැන් එතන ඉන්න උන් ඔක්කොම හිනාවෙනව කටවල් වහගෙන. ඉතින් මමත් බිම බලාගෙන බල්ල වගෙ එලියට ආව.
ඉතින් ආයෙ ගෙදර එන්න කියල බස් එකට නම් නැග්ගෙ පුල් ම අප්සට් එකේ. මට ලැප් එක නැති උනාට අවුලක් නෑ. අද සෙට් වෙන්න නොලැබුනු එකටනම් පුල්ම අප්සට්. බස් එකට නැගල තමා පස් එක බැලුවෙ. සල්ලිත් ඉවරයි. කොහොම හරි එකතු කරල ටිකට් එක ගත්ත. ඊලඟ බස් එකේනම් නිකන් ආවෙ. ඉස්කෝලෙ ඇතුලෙදිම කලෙක්ශන් එක දාපු නිසා එතන්ටත් සල්ලි දැම්ම. පස්සෙ එනකොට මම සේට් වෙන්නෙ නැති නිසා අයෙ සල්ලි ඉල්ල ගන්නත් බැරි උනා. කොහෙද ලැප් එකේ සිහියෙන්නෙ හිටියෙ.

ඉතින් දැන් ටිකකට කලියෙන් ගෙදර ආවෙ. අද ලියන්නත් හිටියෙ මේ මෙහෙම පෝස්ට් එකකුත් නෙවේ. කට්ටියටම හොද ටොපියක් දෙන පෝස්ට් එකක්. දැන් ඒක මතකත් නෑ. අන්තිමේ කෙහෙල් ලැප්ටොප් එකක් නිසා මට බොන්නත් නෑ. ලැප්ටොප් එකත් නෑ. මොනා උනත් මම උට බනින්නෙ නෑ. මම උට ගරු කරනව. මොකද හමොවම අන්දන මව ඌ ලෙසටම ඇන්දුව.
Related Posts Plugin for WordPress, Blogger...