Sunday, March 27, 2011

2050



තාමත් මම ඉස්සර හිටපු ඇඟිල්ලමයි. ලෝකෙ ගොඩාක් දියුණුවෙලා. ඉස්සර අපි ගෙදරි එලියට බැස්සෙ ඇඳුමක් ඇඳගෙන නේ. ඔව් ඉතින්.. අදත් ඒක නම් එහෙමයි. ඒත් ඇදුම විතරක් නෙවේ, තවත් දේකුත් අද අපේ අතේ තියෙනව. ඒ තමා ඔක්සිජන් බෝලලේ. හොඳටම ඔක්සිජන් හිඟ වෙලා. දකින දකින මනුස්සයෙක් ගෙ අතේම ඔක්සිජන් බෝතලයක් තියෙනව. හික් ය. හරියට කිමිදෙන්න යනව වගේ.
නෑ නෑ ගෙවල් වල ඉද්දි ඒ බෝතලේ ඕනි නෑ. ඒ කාලේ ගෙදර උයන්න ගැස් සිලින්ඩර් ගෙනාවා වගේ ඔක්සිජන් සිලින්ඩර් ගෙවල් වල දි පවිච්චි කරන්න පුලුවන්. 
දැන් කස්ටිය අහයි මිනිස්සු ඔක්සිජන් බෝතල් අරන් යද්දි සත්තුන්ට එහෙම බැරි නිසා උන් මැරෙයි කියල. ඔව් ඉතින්, සියළු සත්වයෝ සුවපත් වේවා කිය කිය දැන් ජීවත් වෙන්න බෑ. ඔක්සිජන් මදිනම් මැරිලා පලයලයන් කියලා තමා දැන් ජීවිතේ ගෙනියන්නේ! පවු පිං බලන්න තිබ්බේ ඉතිං මෙහෙම වෙන්න කලින් නේ.

වට පිට බලද්දි ඉස්සර කෝටි ගනන් වලට විකුණුනු කාර් තැන තැන. යමින් ගමන ගේකට ඔලුව දැම්ම. හික් ය. ගෙවල් කිවුවට ඉතින් ගෙවල්ම නෙවේ. ඒව කුළුණු. ඒකත් නරකම නැ. ඉතින් ඒ ගෙවල් වල මිදුලක් කියලත් නෑ. ගේට්ටුව කියල තියෙන්නෙ දොර. :D එක ගෙදරක ඇන්ටි කෙනෙක් මෝටර් සයිකලෙකට නැගං පොල්ගානවා. කිට්ටු වෙලා බැලුවහම දැක්කේ, හැඩල් එකේ තමා හිරමනේ හයි කරලා තියෙන්නේ. තෙල් ටැන්කිය සිංක් එක වගේ හදාගෙන!

තව ටිකක් දුර යද්දි .........මලකෙලියයි. බෙන්ස් එකක් ඇතුලෙ කඩල කඩේකුත් දාල. පස්සෙ මගෙ රබර් ඇහැ දාල හොයල බලද්දි තමා තේරුනෙ කනිජ තෙල් නිදි 2040දි ඉවර වෙලා කියල. අපරාදෙ ඒ දවස් වල කෝටිගනන් වලට වාහන ගෙන්නුවෙ. :D

මගේ ඉතින් ඉස්සර ඉදලම පුලුද්දක් තිබ්බ කොහෙ හරි ගමනක් යනකොට කඩචොහොරුවක් කන්න.මට තිබ්බා බස් එකට සල්ලි නොදී හරි බස් එකට නගින්න කලින් කඩල කාරයන්ගෙන් කඩල ගොට්ටක් ගන්න පුරුද්දක්. ;) ඉතින් මම අර කලින් කියපු බෙන්ස් එක අස්සට ඔලුව දාල කඩල ගොට්ටක් ගත්ත. ගත්ග්තෙ නැ, ගන්න ගියා. හුටා. උට කෑශ් වලින් ගන්න බැරිලු. පස්සෙ සාක්කුවට අතදාල ක්‍රෙඩිට් කාඩ් එක දුන්න. ම්ම්ම්හු.. ඌ මට හිනා වෙනව. මමත් උට බැන බැන අවා එන්න. පස්සෙ තමා දැනගත්තෙ දැන් ප'ස් නෑ. සල්ලි ගෙවීම් හේම කරන්නෙ මේ අපෙ අතේ ඇඟිලිසලකුනෙන් කියල. බලහල්ලකෝ ඇඟිල්ලට ගිය කලක්.

ඒක නෙවේනෙ පුදුම වෙන්න ඔනි කාරනෙ.
වෙලාව දවල් දොළහට විතර ඇති. ඒත් පාරෙ හැමතැනම ලයිට් දලා. අනේ මන්ද මොනා වෙලාද කියල. සූර්යග්‍රහනයක් ද කොහෙද...!! ඒ සුර්යයයි චන්ද්‍රයයි පෘතුවියයි එකම සරල රේකාවක පිහිටලනම් නේවේ. පෘතුවියෙ එකතු උනු කුණු දාන්න තැනක් නැතුව අභ්‍යවකාශෙට ගිහින් දාල. ඒ දාපුව පෘතුවිය වටේ කක්ෂගත වෙලා තමා මේ විදියෙ අපිට එන ඉර එලිය පොළොවට වැටෙන්නෙ නැත්තෙ. ලොල් (නැත) ය.

ඒක එක විච්චූරන ගොඩායි. අඹුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලුනෙ.. ඉතිරිව පස්සෙ හොදේ... ;)


Friday, March 25, 2011

නිරුවත් වානරය෴


පොස්ටුව ලියන්න කලියෙන් මම කලින් කරපු පජාති වැඩේට සමාව දුන්නු, දෙන්න කියල ඉල්ලසිටි, ඒවගේම මට බැනපු යනාදි එකීමෙකී නොකී ශැමට මාගෙ ප්‍රණාමය පුදකරා ඕන්... හික් ය.
_____________________________________

අදපෝස්ට් එකේමාතෘකාව ටිකක් විත්‍ර වෙනස්.. ලොල්ය.. දැන් කස්ටිය මට බනින්න ගනීද දන්නෙත් නෑ කුනුහබ්බ කියනව කියල. අනේ නෑ! මේක ඇවිල්ල පොතක්..! මේ පොතයි මමයි සම්බන්ද හිච්චි පුරාවෘතයකුත් තියෙනව. පොතේ අන්තර් ගතය සම්බන්දව කියන්න කලියෙන් මම ඒ පුරාවෘත්තෙ කියල ඉන්නම් කෝ...

ඔව්. ඒ මම 8 පන්තියෙදි. ඒදවස් වල අපිලට ලයිබ්‍රි කියල පීරියඩ් 1ක් තිබ්බ. කොහොමත් සතියෙට තියෙන පීරියඩ් 40ටම එක පීරියඩ් 1ක් උනාට අපි ඉතින් 20ක් විත්‍රම ගතකරන්නෙ ලයිබ්‍රියෙ... හික් ය. ලයිබ්‍රියෙ කිවුවට ඒකෙම නෙවේ. එතෙන්ට යමින් ගමන්.. ලොල්ය. ඉතින් කොහොම හරි එක දවසක් පිරියඩ් කීපයක් හිස් තිබ්බ. ඉතින් කස්ටිය ටික වලක් බහින්න හිතාගෙන පිට්ටනියට බැස්ස. මලකෙලියයි. තට්ටෙට ඉරැලිය වැටිල දිලිහෙනව දැක්ක ගමන් අපිට මීටර් උනා බඩු බනිස් කියල. වයිට...!!! දැන් මොටෝ කරන්නෙ.. ඌ කතාකරා.. දුවන්නත් බෑ.. මූනු ටික නෝට් උනු නිසා අපි සෙට් එක ගියා ඉතින් උ ලගට... මෑන්ස් අපෙන් අහනව කොහෙද යන්නෙ.. මමත් ඉතින් ගත්කටටම කිවුව ලයිබ්‍රි කියල...! කොහොමත් ඊලඟට තිබ්බ ප්පිරියඩ් එක ලයිබ්‍රි නිසා මම එහෙම කියල දැම්ම. ඉතින් මෑන්ස් අපිට ගහන්නෙ නැතිව එලෙවුව.. ලයිබ්‍රියට.. හික් ය. ඉතින් අපිත් නිකමට වගේ ලයිබ්‍රියටවාර්තාකරාට මොකෝ ඒකෙ හිටපු ඇස්කොට් කාරය අපිව පරන කබඩ් 1ක් අස් කරන්න අල්ල ගත්ත. ඉතින් ඒක අස් කරද්දි තමා මට මුලින්ම මේ පොත හම්බ උනේ.. :D ඉතින් ඒදා අර කබඩ් එක අස් කරාට හිලවු වෙන්න මම අර පොත සර්ට කියල මාර්ක් නොකර ගත්ත.. :D :D පෝතේ නමයි පිටකවරේයි දැක්කම ඉතින් ඔය පොතමට සර් නොදුන්නත් මම ගන්නව.. :D

දැන් ඉතින් අපි කස්ටිය පන්තියට වාර්තා කරයි කියමුකෝ.. ඒට වඩා සීන් එක එතන.. මවු භාශාව තියෙන්නෙ. කට්ටිය ටික පන්තියට යනවා.. ආයි හැරිල එනව. මිස් නම් පන්තියට ඇවිත් නෑ. ඒත් කට්ටිය හැරි හැරි යනව. :D මමත් වෙනදට කරන්නෙ ඔය ටිකමයි. බට් අද පොතක් තියෙනවනෙ කියවන්න. මම ඉතින් අපේ සෙට් එක ගියාට මොකො කියල මිසුත් නැති එකෙ පන්තියෙ කියවන්න ගත්ත පොත්..!! ටිකක් කියවගෙන යනකොට තමා තේරුනෙ ඒ පොතේ මම බලාපොරොත්තු උනු විදියෙ කුනුහබ්බ මුකුත් නෑ කියල..!! ඒක අවිල්ල හිතුව තරම් නරක ඒව නැති උනාට මාර පට්ට පොතක්.. කියවන්න කියවන්න ආසයි. මේකෙතියෙන්නෙ නිරුවත් වානරය ගැන. ඒකියන්නෙ අපි..!! අපි ඇරෙන්න අනික් වානරයො ඔක්කොමල ඉපදෙනකොටම වස්ත්‍රයක් දරනව. ඒතම එයාලගෙ ලොම්...! ඒත් අපි ලොම් අතින් නිර්වස්ත්‍රයි.!! ඒකයි මෙ පොතට පදනම වෙලාතියෙන්නෙ. හික් ය. කොහොම උනත් මාර ෆට්ට පොතක් නිසා මමත් මේලෝකෙ සිහියක් නැතිව කියවගෙන යන්න ගත්ත..

මිසුත් පන්තියට ඇවිත්.. දැන් මිස්ට මල පැනල..!! මට ඇහෙනව ලාවට වගේ බනිනව.. ජීවිතේට පන්තියෙ ඉන්නෙත් නෑ, හිටියටත් මේලොකෙ සිහියක නෙවේ ඉන්නෙ කියල. ඉතින් පිටිපස්සෙ හිටපු එක පුටුවට ගහනවත් එක්ක තමා උගෙත් අම්ම ව සිහිකර කර නැකිට්ටෙ. දැන්නම් මිස්ට හොදටෝම මල පැනල.. මට කතාකරනවා...

මිස්: තමුසෙ එනව මෙහාට ඔය පොතත් අරගෙන...
මමත් ගියා...
ආයෙ මිස්: කෝදෙනව බලන්න ඔය පොත මෙහාට..
මමත් ඉතින් හිතෙන් බැන බැන පොත දුන්න...
මෙන්න ආයෙත් මේගෑණි බනින්න ගත්ත... පුන්චි කාලෙ ඉදලම කුනුහරුප පොත් කියවනව.. යනව මේ පොතත් අරගෙන ඔෆීස් 1ට... කියල..

ඉතින් මාත් ඕන්න පොතත් අරන් ඔෆීස් 1ට ගියයි කියමුකෝ... ඉතින් මේ ගෑනි මාව විනය භාර සර් ගාවට යොමු කරා. සර් මගෙ අතින් පොත ඉල්ල ගත්ත.. සර් පොත කියවන්නෙත් නෑතුව පිට කවරෙ බලල ලාවට හිනාවක් දැම්ම.. :D ඊට පස්සෙ සර් කරේ මට ගහනව/ බනිනව වෙනුවට අර පොත මිස් අතට දීල ගෙදර ගිහින් කියවන්න කියපු එක.. :D අපේ ඒවෙලාවෙ අරකිගෙ මූන.. හික් ය. පස්සෙ මිස් ගියාම සර් ඔය පොතෙ විශේශයෙන් කියවන්න ඔනි තැන් ගැම මට කියල දීල මාව යැවුව. :D :D

මම වගේම අර මිසුත් නිරුවත් වානරයට කොච්චර ආස උනාද කිවුවොත් මට ඒ පොත අද වෙනක්න් ගනල්ල දුන්නෙත් නෑ.. :D

කොහොම හරි පෙරේද හවස ක්ලාස් නිවාඩු දීල තිබ්බ නිසා නිකමට සරසවි බුක් ශෝප් එක පැත්තෙ ගියා. ඒත් ඒ ගියේ මේ පොතම හොයාගෙන නෙවේ. "මගේ සටන" කියල පොතක් හොයාගෙන. හික් ය. බට් ඒ පොතනම් මට හම්බ උනේ නෑ. ඒත් මේ පොත අහම්බෙන් වගේ හම්බ උනා. :D ඉතින් දැන් ටිකකට කලින් මුලුපොතම කියවල ඉවර උනා. හික් ය. ආයෙ කියවන්න ඔනී. මේ පොතේ මුල් පොත The Naked Ape තමා. ලියල තියෙන්නෙ ඩෙස්මන්ඩ් මොරිස් කියල සත්ව විද්‍යාඥයෙක්. ඒකෙ ඉංග්‍රීසි PDF එක මෙතනින් බාගන්න පුලුවන්. සිංහලෙන් පීඩීඇෆ් 1ක්නම් දැනට නෑ මයෙ හිතේ. පොතේ වත්මන් මිලනම් රුපියල් 450ක් විත්‍ර වෙනව. ඒකනිසා මම හිතුව ඒකෙ පීඩීඇෆ් 1ක් හද්දන්න. තාම ඒ පරිවර්තකගෙන් එහෙම අවසර නම් අරන් නෑ. ඇරත් මේ පොතේ වචන 46000ක් විත්‍ර තියෙනව. ඒකනිසා වැඩේ හිතන තරම් නම් ලේසි වෙන 1ක් නෑ. ඒ හිත ඇත්නම් පත කුඩාද කියල උත්සහ කරනව.. කෝකටත් කලියෙන් කතෘ අවසරය ගන්න එපෑ.. :D

Monday, March 21, 2011

මාලූ වෙතරෙයි කට හින්ද නහින්නෙ...???

හ්ම්ම්ම්.. පෝස්ට් එක පටන් ගන්න ඔනි විදියක් නම් තේරෙන්නෙ නැ... අද කියන්න තියෙන්නෙ කතාවකුත් නේවේ. සින්දුවකුත් නේවේ. කවිත් නෙවේ... 1ක්වත් නෙවේ.. සමාව අයදීමක් කිවුවොත් හරිද මන්ද..!

මට මතකයි මම හිච්චි කාලෙ මට කතාකරන්න බැ.. කොහොම හරි කතාකරන්න පුලුවන් උනේ කතරගම ට ගොහින් සීනුවක් පූජකරමලු. ඉතින් ඒත් මටනම් ඔය බාර හාර ගැනනම් ඒ හැටි විශ්වාසයක් නැ.. කොහොම හරි මට කතාකරන්න හැකිනෙ දැන්. ඒත් මට හිතෙන විදියට ඒක ඔනිවට වඩා වැඩී... ඒකයි අද මෙ කරදර ඔක්කොම...

ඔව්.. ඒ එදා.. එදා තමා කරුමක් කාර දවස.. පෝය දවසෙ සුපර් මුන් හින්ද වෙන්ඩෑ...පෙරේද මටම කෙල උනා.. හ්ම්ම්ම්.... හැමොම ඉතින් දන්නවනේ සයිබර් අකාසෙම හොල්ලන් ඉන්න අර කුප්පය.. රත්ගමය..!!! ඉතින් මගේ කට මට හිතෙන්නෙ උටත් වඩා කුප්පයි... නැත්නම් මට කලින් උව නෙව බ්ලොග් අවකාශෙන් ආයින් කරන්න ඔනි... කොහොමින් කොහොම හරි මගේ කට නිසා මාව එකිනුත් ආයින් කරල දාල... :'( මගේ පෙස් බුකියෙ යාලුවො 25%ට වඩා ඇති උනේ අපේ බ්ලොග් අවකාශෙ ගෲප් 1ක නිසා.... ඒත් මම එහෙම කරපු ඒ ගෘප් 1ටම බලුවැඩක් කරාලු. මට දැන් ඔනි එහෙම දෙයක් උනානම් සමාව ගන්න... ඔහ්.. සමාව දෙන්නත් බැයි කියන්නෙ... කොහොම හරි ගන්න එපැයි.. ඉතින් ඒකයි මෙහෙමවත් පොස්ට් එකක් ලියන්න හිතුවෙ.. මම දන්නො මට කොච්චර බැන්නත් එයැයිල මේක කියවනව කීල.. හික් ය.


මේකයි සිද්දිය... මම එදා කිවුව ඉතින් විහිලුවට ඉරුව(රත්ගමය) මැරිල කියල.. මම හිතුවෙ මාත් එක්ක භෞතිකව ඉන්න අනික් උන්වගේ මාව මුන් සෙට් එකත් විශ්වාස කරන 1ක් නැ කියල. ඉතින් හත්දෙයියනෙ.. මුන් මාව අපෙ අම්ම තාත්තවත් විශ්වාස කරන්නෙ නැතිවිදියට විශ්වාස කරනෙ.. ඔක්කොම හිතුවෙ ඇත්තටම රත්ගමය මැරිල කියල.. අදාල දවස් දෙකටම රත්ගම කාරය බ්ලොග්, ඇෆ් බී එක පැත්තකටවත් ආපු නැතිනිසා වෙන්ඩෑ.. ඔවිතින් ඌට කලණි කැම්පස් එකෙ ඇපැන්ඩිසයිස් ද මොනාද ටෙස්ට් 1ක් තියෙනවලුනෙ.. මම කිවුව උට නියපොතු කන්න එපා කියල හැව්වෙ නැනෙ.. දැන් ලැගහන්කො ඉස්පිරිතාලෙ. එවා මෙතන්ට වැඩක් නැ. නැත්නම් මුන් කියයි මම ආයි පාරක් උන්ලව බයිට් 1ට ගත්ත කියල. නොදෝකින් මගෙ කට.. !!!

කෝව කොහොම උනත් ඔන්න මම දැන් සමාව ඉල්ලන්න යන්නෙ... හික් ය. ලොල් නැතය.

පස්වාන් දහසකට බුදුවන්න රත්ගම අයියේ... අහො.. අනික් උනුත්.. ඒකියන්නෙ මම යවපු අසත්‍ය ප්‍රකාශයෙන් කම්පිත උනු හැමෝම අයියන්ඩිලා.. ගනු ඈයොත් හිටියද මන්ද..! කොහොම උනත් දෙයියෝ බුදුවන්න..!! මට සමාව දෙන්න කෝ.. ඉතින් ම්ම හිච්චි එකානෙ.. :D නොතේරෙන කමට එහෙම දෙයක් කෙරුවෙ..

ඔහ්.. මාත් එක්ක තරහ වෙලා මාව බ්ලොක් කරපු උදිත්, සුදු පූස, සී ටී කුමාර... ඇතුලු හැමෝන්ටම.. අනේ මාව අන්බ්ලොක් කරන්නකොව්... අහ්.. අනුශ්ක අයියටත්(බනිය) බොහෝම ස්තූති අන්බ්ලොක් කරාට.. ඌන මීට මාස 6ට විත්‍ර උඩදි බ්ලොක් කරල තිබ්බෙ. ඒත් මම එයාට කියපු කඩුප්පුලි කතාවක් නිසා. හික් ය.

තව එකක්...,

අභීත අයිය.. මට සයිබර් පෙස්ටිවල් 1ටත් එන්න එපා කිවුව.. :/ මම ගොඩාක් ආසවෙන් හිටියෙ එන්න.. ඒත් මම මේ ගත්ත ගොන් ආතල්1ක නිසා දැන් එන්න එපයි ලුනෙ. හ්ම්ම්ම්... ඉතින් මොටෝ කරන්නෙ.. මම නාවට කමක් නැ.. තව දවස් කීපයයිනෙ තියෙන්නෙ.. සති 2ක් විත්‍ර ඇති. :D ඔයාල එන්න.. තාම පොම් 1කවත් පුරෝපු නැති ඇයෝත් ඇති නොවැ. හික් ය. ඒයට දැන ගැනීම පිනිස මම බැනර් එක තියනව බ්ලොගියෙ. ආවුලක් වෙන 1ක් නැනෙ. එතකොට මට නොලෑබෙන අවස්තාව වෙන කෙනෙක් ට හරි ලැබෙන්ඩෑ...

හ්ම්ම්ම්.. පොස්ට් එකනම් ඉවරයි.. මේව ඉතින් රට්ටු හිනස්සන වැඩ..!! එහෙමෙයි කියල හිතෙ තහකරන් ඉන්නවට වඩා මෙහෙම පොස්ට් 1ක් දැම්මෙ එකයි. හික් ය.

ලොල් නැත ය.

Saturday, March 19, 2011

ඇයි මටම මෙහෙම වෙන්නෙ...???


අද පෝය... පේරේද ඡන්දෙ.. ඊයෙ අපේ බිග් මැච් ලාස්ට් ඩේ.. :D ඉතින් ඕන්න මාත් ගියා ඔයික බලන්න. ඒත් ගියේ කෙලින්ම නෙවේ.. මගදි යලුවෙක්ගෙ ගෙදරටත් ගොඩවෙලයි ගියේ. හික් ය. ගෙදරකට යනකොට හිස් අතින් යන්න පුලුවනැ.. අහල තිබුනු බාර් එකකටත් ගොඩවෙලයි ගියේ. :D අද පෝය නිසා ඔක්කොම වහලනෙ. එක නිසා ඊයෙහරියට සෙනග. ඉතින් මමත් වැඩිවෙලා එතන කාලෙ ගතකරන්න කැමති නැතිනිසා සුටුස් ගාල ගන්න ගිය දේ අරගෙන එතනින් පිටත් උනේ ගත්තදේ බැග් එකේ ඔබාගනිමින්... හික් ය.

මලමගුලයි.. කවුදකාලකන්නියෙක් ඇගේ හැප්පුනා. සොරි කියන්න හිතාගෙන උගේ මුන බැලුවෙ. මලකෙලියයි. අරූ... අපේ එහා ගෙදර අන්කල් කාරයා. දැන් මොටො කරන්නෙ..? අදුරන්නෙ නැතිගානට ශේප් එකෙ එතනින් මාරු උනා. ඒත් මට හොදට විශ්වාසයි අරූ මාව අදුර ගත්ත. මක්ක කරන්නද ඉතින්.. මොකො මම ඇස් වහන්ඩැ..?

ඉතින් කොහොමෙන් කොහොම හරි යට කී යාලුවගෙ ගෙදෙට්ට ගොඩ උනා කියමුකො.. කට්ටිය සවුදිය පුරන්න කලියෙන් ඇදුන් හේම මාරු කරගත්ත. හික් ය. ඇගේ හැලුනොත් අවුල් නොවැ. ඉතින් හිතේ දුකවල් ගොඩායි... ඔන්න ඔහේ කෙලිය බෝතලේටම.. ඔක්කොන්ටම නෙවේ.. 7නෙක් බෙදාගෙන.. හික් ය. වටදෙක තුනක් යනව. එකා දෙකා බිම පතබැවෙන්නෙ නිකන් ගෙම්බ (බො) පොලේ ගහුව වගේ. එකෙක් කබරය පෙරාගෙන බිම නිදි. තව එකෙක් ඌ සයන්ස් පේපරේ ලියපු විදිය කියවනව. මේ වෙනකොට 3දෙනයි කෙලින් ඉන්නෙ. සතුටෙන් යුතුව කියන්නෙ මමත් ඒ අතර හිටිය. දෙන්නෙක්ට නම් පොඩ්ඩක්වත් කෙලින් ඉන්න බැ. දෙහි හොයන්න මම ගියා. එතකොට එකෙක් කිව්ව වතුර කෝප්පෙකුත් ගෙනෙක් කියල. දැන් දෙහි හා වතුර හොයාගෙන මම යනව කුස්සියට. මගුලයි. පඩිපෙලක් කුස්සියට යන්න. එක දෙක වෙලා පේන්නෙ. දෙන් මොටෝ කරන්නෙ. ආපහු හැරුන. දැන් මට පඩිපෙල බහින්න බැ කියන්න ලැජ්ජයි. වැදිල නැ කියන කාඩ් එකත් තියා ගන්න එපැයි. වට පිට බැලුව. පෙර සූදනමක් වශයෙන් දෙහි ලැස්තිකරල තිබුනෙ. දැන් දෙහි තියෙනව. බැලුව වතුර. ම්හු! හික් ය. එතකොට තමා දැක්කෙ.. උන්ලගෙ ගෙදර ඒසී කරපු කාමරයක් තියෙනව. :D ඒකේ වතුර එකතුකරන බාල්දියක් තියෙන්ව. කෝප්ප ඉතින් හැමතැනම තියෙනවනෙ.. :P අරකින් වතුර කොප්පෙකට දාගත්ත.. අරන් ගියා. කිසි හෙනයක් නැ මම ඇරෙන්න ඔය කට්ටිය බිව්වෙ.


කීපදෙනෙක්ගෙ තත්වය බරපතල නිසා මට බාර උනා එකෙක්ව නිරුපද්‍රිතව මැචෙකට එක්කන් යන්න කියල. මම අරූවත් අරන් ගියා මැච් එකට. ඌ එතන ගෙම්බ ගැහුව වගේ නිදි. ඌව පැත්තකින් තියල මම ගියා පපරෙ ගහන තැනට. ඊට පස්සෙ හිච්චි ඩාන්ස් පාරක් දාල අරූව බලුව. එතකොට නම් තත්වෙ හොද අතට හැරිල තිබුනෙ. සුටුස් ගාල අප්පචිව ඇමතුව. (අප්පච්චි යනු අපේ සෙට් එකෙ 1ක් ) ඉතින් උන් මැචෙකට එන්නෙ නැතුව ගොහින් පූල් ගහන්න. මල මගුලයි. ගෙදර ඉදන් මම එතෙන්ට යන්න දැනගත්තට මම දන්නෙ නැ ග්‍රවුන්ඩ් එක ලග ඉදන් එතෙන්ට යන්න. කොහොම හරි එතන හිටපු සුපින් වත් කීප දෙනෙක් අපිව ත්‍රිවීල් එකකට පටවල යැව්ව. ඉතින් අපි ඒ ඇෆෙක්ස් කියන තැඅනට සම්ප්‍රාප්ත උනයි කියමුකෝ. ඊලගට මට බාර උනේ තව එකෙක්ව ගෙදරින් ඇරලවන්න. එතකොටනම් මට ප්‍රකෘතිසිහිය ගොඩාක් දුර ඇවිත් තිබුනෙ. මම ඉතින් අරුව ගෙදරට දාල අදුරන කඩෙකට ගියා ඇදුම් මාරුකරගන්න. :D හික් ය. මල කෙලියයි. ටී එක ඇදන් තියෙන්නෙ කනපිට. ඒක තේරුනේත් නැ. කොහොම හරි ගෙදර ගියා.

මෙන්න යනකොට යාලුව ඉන්නව..! රීප්ප කැල්ලක් තියාගෙන. හික් ය. එච්චරයි මතක. අද උදේ තමා නැකිට්ටෙ. දැන්නම් ඇඟ හොදටම රිදෙනව. :/ ඒත් ඊයෙ නම් පොඩ්ඩක්වත් දැනුන්නැ. හික් ය.


ඔන්න ඔක තමා වුනේ හික් ය. කරදරමයි ජීවිතයට හැමදාම..... ://// දැන්බයේ ඉන්නෙ සිහින බක්මහ උළෙලට යවන 1ක් නැ කියල. කොහොම හරි එනව. ඔයාලත් අනිව එනවනේ.. කොහොමද නැවිත්..??

Wednesday, March 16, 2011

මැදැයි කොලා | සුළැඟිල්ල හා සාපය෴


හික් ය. ඔන්න ද ලියන්න යන්නෙ ඔයාලටනම් කිසිම වැඩකට නැති පොස්ට් එකක්. ඒත් ඉතින් හිච්චක් විත්‍ර සතුටුයි. කොහෙන්දෝ මන්ද ඇඟිල්ලට විසිස්ට සාමාර්ථ කීපයක්ම ලැබිල තියෙන්නෙ. මොනා උනත් අදුරන ඇයෝ ගොඩාරියකටම දිලිහි දිලිහි "ඒ" කැලි 9ක්ම තියෙනව. ඒ අයට වගේම 2010 සාපෙ වැදුනු හැමෝන්ටම හොද ලකුණක් ලැබිල ඇතැයි කීල හිතන.

කොහොමින් හරි අද රිසාල්ට් අවුට් උනා කියල ආරන්චිය ආවෙ ඊයෙ රාත්තිරියෙ. ඒත් ඉතින් නැට්ට පිටින් අලි මැරෙද්දි ඕව මොනාද කියල මම හිත හදාගෙන හිටියෙ ඒක බොරුවක් කියල වෙන්ඩැ.. කොහොම හරි මේ සැන්තැසිය උනේ අද!(16)

මගේ රිසාල්ට අවිත්. මගේ විත්‍රක් නෙවේ.. ඔක්කොගෙම අවිත්. හික් ය. මාත් එක්ක එකට හිටපු අපේ සෙට් එකේ ඇයො ඔක්කොම පාස්.. මම *....! එක පාරට මවුස් 1ක් යනව.. අනික් පැත්තෙන් රවුටරේයනව.. ගෙදර එකම කාල ගෝට්ටියයි..

එතකොට,
අම්ම..: අර උබත් එක්ක එකට පන්ති තහනම් කර ළමයා.. ඒ ළමයට ඒ 7ක් තියෙනව.. $#@!✩ℂ$#@!✩ℂ

තාත්ත: සස්පේන් කරපු එකට කමක් නැකියල් මුට සමාව දුන්න.! විබාගෙහරියට කර ගනී කියල.. තව කම්පියුටරේ ඔබනව.. (රවුටරේ පොල් ගසමින්...) දැන් පලකො ඉන්ටර්නෙට්...

ඒත් එක්කම මම එපා කියගෙන නැකිට්ට.. හ්ම්ම් ඔව් එක හිනයක්... ඒත් දවස ඇරබුනේම මහ කාල කන්නි විදියට.. ඕක තමා පලවෙනි අසුබ නිමිත්ත...

හැන්දැවෙ...(තැතකොට රිසාල්ට් අවුට් වෙලා.. ඒක බලල ඇත්තටම)

බයෝ කල්ස් ඒකේදි.
මම වමත් කාරය නිසා හැමදාම කොන් වෙලා කොන් වෙලා ගිහින් නවතින්නෙ කෙල්ලන්ගෙ පෝලිමට ආසන්නයෙන්. අනේ එහෙම කොන්වෙන්නෙ වල් කමකට නෙවෙ ඉතින්. මම අනික් පැත්තෙන් ඉදගත්තොත් අනික් ඇයන්ට කරදරයි නොවැ. කොම හරි ක්ලාස් පටන් අරන් තිබුනෙ නැ. බලන බලන හැම කෙනාගෙම මූනු අමුතුයි. කොල්ලෙක් කෙල්ලෙක් කියල නැ. මගේ පෝලොමේම හිටපු ඕක්කොටම නම් කලියෙන් කිව්ව වගෙ ඔකෝන්ටම ඒ කැලි තියෙනව. කොවුව උනත් මමත් පේල් නැ නොවැ. ටිකක් යද්දි "ස්ස්..." කියල සද්දයක් එනව කෙල්ලන්ගෙ පැත්තෙන්... යකෝ මුන් කොල්ලන්ට අන්තයිනෙ. රිසාල්ට් එක අප්සට් ගහල තිබුනු නිසා මගෙත් මූන ටිකක් විත්‍ර අප්සට් වෙලා තිබුනෙ. ඒත් ඉතින් කෙල්ලෙක් කතාකරම කොහොමද මූන බෙරි කරන් ඉන්නෙ..?? ඉතින් සුටුස් ගාල මූන ෆික්ස් කොරන් ඒපැත්ත බලුව. ඒකි අහනව "රිසාල්ට් කොහොමද.. නයින් ඒස් නේ...??" කියල.. යකෝ ජීවිතෙට දැකල නැති කෙල්ලෙක් රිසාල්ට් අහද්දි මොනාදමන්ද....

කියන්න කට අරිනකොටම මෙකි කිව්වෙ නැතැ... "ඔයාට නෙවේ අනේ.. ඔයාගෙ අනික් පැත්තෙ එක්කෙනාගෙන් ඇහුවෙ." කියල. තු තු නොදකින්.. නොදෝ...මකින්.. බයිට් කරනවයි කියල එහෙම කරන එක හොද නැනෙ. මමත් ඉතින් නිකන් හිටියෙන් නැ.. "ආ එයාගෙද..?? එයාට නයින් ඒස්...ය." කියල ඉස්සර හැරුන. ඒත් ඉතින් නෝන්ඩිය වහ ගන්නෙ කොහොමද..?? ඔක්කොම හිනාවෙනව. :/ ඒක තමා දෙවනි අසුබ නිමිත්ත

ඉතින් ඔය බයිටත් කාගෙන... කොහොම හරි ක්ලාස් එක පටන් ගත්තයි කියමුකෝ.. ඒත් මොනාද ඉගැන්නුවෙ කියන එකනම් මට හරියට මතක් නැ.. හරියට නෙවෙ වැරැදියටවත් මට මතක නැ. මොකද මම ඒ වෙනකොට හීනයක් දැක දැක හිටියෙ. කී බෝඩ් එකේ කීස් සී සී කඩ...!! අනේ මන්ද... ඒතකොට මාටිය..( පේපර් බෙදන අන්කල් කාරය) එනව පේපර් ටික බෙදාගෙන බෙදාගෙන...!! සමහරු සතුටින් ඒක ලියාගෙන ලියාගෙන යනව.. මම උඩ බලාගෙන බලාගෙන ඉන්නව.. ඒත් එක්කම සර් එහා කෙලවරෙ ඉදන් අපි ලියනව බලගෙන බලාගෙන එනව. ඉතින් මාත් පටාන් ගත්ත ලියාගෙන ලියාගෙන යන්න.. එච්චර අමාරු ප්‍රශ්න නෙවේතිබුනෙ..

Q1.) හරිත ලවයේ හා මයිට්‍රකොන්ඩ්‍රියාවේ වෙනස් කම් විස්තර කරන්න..

ඕන් මමත් අතදිග අරල ලියන්න් ගත්ත. මොනාද??

A1.) හරිත ලව තුල හරිතලව ඇතිනමුත් මයිට්‍රකොන්ද්‍රියා තුල ඒවා දක්නට නොහැක......

සර් ලග!! අනික් ලමයි 3වෙනි ප්‍රශ්නෙත් ලියල. මම තාම මෙතන.
නැකිටින්න කිව්ව. 1ක් ගැහුව. පන්තියටම ඇහෙන්න කියවන්න කිවුව. මම කියෙව්ව.. හුටා.. ලිව්වෙ මොකද්ද..? හරිතලව තුල කොහෙන්ද තවත් හරිතලවයක්..?? පන්තියම හිනාවෙනව. කලින් බයිට් කරපු කෙල්ලත් ඔය බඩ අල්ලන් හිනාවෙන්නෙ. ඒදාතමා මම පන්තියක විශයකරුනක් වැරදිම නිස ගුටිකාපු, බැනුම් අහපු පලවෙනි දවස. සර්ල බයිට් කරල... කෙහෙල් ලෙලි, මැරිච්ච මකුලුවො කොලවල ඔතල සර්ලට යවල ගුටිකාලනම් ඇති. ඒත් මෙහෙම සීන් 1ට මම ගුටි කාලම නැ. කොහොම හරි අසුබ නිමිත් ගොන්නක් එක්ක ක්ලාස් ඇරිල ගෙදරට සම්ප්‍රාප්ත උනා. :/ කෝකටත් කියල ආයි බැලුව. හ්ම්ම්ම් කතාව නම් ඇත්ත. යන්තමින් වගේ පාස්.. හික් ය. කරපු පිස්සු හැටියට මෙයින් ගියා මැදෑ කියල දැන් නම් හිත හදන් ඉන්නෙ. :D


ඒත් පොඩි දුකකට කිතියෙන්නෙ යාලුවෝ ගැන. මේච්චර කාලයක් එකට කතාකරපු ගොඩාක් ඇයො මට වඩා ගොඩාක් හොදට පාස් වෙලා. ඒ අය දැන් වැඩිය කතකරන්නෙ නම් නැ.. ඉතින් කොහොමද එයාලට යාලුවො කියන්නෙ..??

"ඇතිදා ලඟ හුන් මිතුරන් විලසින්... මතු සසරෙදි හමු වෙන්න එපා..." කියල ඉන්න තමා තියෙන්නෙ.. :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

අනික සිකීම් මහින්ද හාමුදුරුවො ජාතික තොටිල්ලෙන් කියල තියෙනවනේ,

කරදර දසක් හමුවී
ඉන්ටැකිනම් සිනහ වෙවී
ඔහු මෙලෝවට පහල දෙවී
රජෙකැයි සලකණු මැනවී

කියල.. මම හිනාවෙවී ඉන්නව.. ලොල්ය.. :D :D :D :D හිනා යන්නෙ නැත්නම් ඩොපමයින් හරි බීල හිනා වෙනව. :D :D :D :D :D :D :D :D :D

Tuesday, March 15, 2011

විහඟුන් ඉගිලී ගියා වේ.....


මඟබලමින් සිටියෙමි සය වසරක්ම
නැහැ තව ආවේ විහඟුන් සිත සිපගන්න
අහසක් නැතුව තරුවට බෑ පිපිලා ඉන්න
අරුනෝදය අරන් ඉක්මනටම මාවෙත එන්න


පුර-පස අදයි, අයි හඳ අහසට නොඑන්නේ
කදුළු කතරයි, ඈ එනතුරු මසිත ඉකිබිදින්නේ
කළු ගල් වගේ, ඇයි ඇගෙ හද උනු නොවෙන්නේ
සිත්රුක මගෙයි, කවදද විහඟුන් කැදැලි තනන්නේ


පිවිතුරු විහඟ ගී තව නෑ ඇහෙන්නේ
පිපුනු තරුව දැන් කඳුළැලි සලන්නේ
ඈ එනතුරු මගෙ සිත මඟ බලන්නේ
පාළුව දැනී මම රහසේ ඉකි බිදින්නේ



සැ යූ:- මේක මගේ බ්ලොගියට දාපු පලවෙනි මගේම කාව්‍යමය නිර්මානය. වැරැදි අඩු පාඩු නම් එමට ඇති. :D තාම සුළැඟිල්ල නොවැ. හික් ය.

Wednesday, March 9, 2011

මඳහස නන්වන තේ දළුනෙලන ලදේ෴


මාතෘකාව දක්කමනම් හිතෙන්න්නෙ මම අද සිංදුවක් අරන් ඈවිත් කියල. ඒත් ඉතින් එහෙමට ම නෙවෙ. කාන්තා දිනෙත් පහු උනානෙ. ඕන් අද ලිපියත් එයලා ග්න කියන්නෙ. හික් ය. ඉතින් කාන්තාදිනේ දවසෙ හැම මාධ්‍යකම වගේ කාන්තාවන්ගෙ ගුන වර්නනා කරන ගීත වෑඩසටහන් ගියානෙ. ඉතින් ගොඩාක් සම්බාවනීය ගීතත් ඒ අතර තිබුන. ඒත් ඉතින් ඔනෙම හොඳදේක නරකක් තියෙනව කියල අර ගිය සිංදු අතරින් මෙළෝ වැඩකට නැති සිංදුත් ගියා.

පිරිමියෙක් විදියට මම නම් ලැජ්ජාවෙන් කියන්නෙ. අපේ රටට වැඩිම ආදායම් ලබාදෙන රස්ස 3නම කරන්නෙ ගෑනු ඈයො. පලවෙනි එක ඇඟලුම් කර්මාන්තය. 90%ක් ම කරන්නෙ කාන්තාවෝ. අනික ගෘගසේවිකා. 100%ක් කරන්නෙ කාන්තාවෝ. තුන්වෙනි වෑඩිම ආදයමක් ගෙන දෙන ආදායම් මාර්ගය ගෙනත් දෙන්නෙ ඉතින් තේ කර්මාන්තයෙන්. ඉතින් ඒකෙත් 80%ක් විත්‍රම කාන්තාවොතමා කරන්නෙ. ඉතින් මම මේකියන්න යන්නෙ අන්න ඒ කරමාන්තය කරන කාන්තාවෝ ගෑන.

ඒ අයගෙ තියෙන නූගත් කම කොච්චරද කියනව නම් ඒයාල විදින්නෙ දුකක් කියලවත් එයාලට තේරෙන්නෙ නැ. ඉතින් මම අර කිවුවෙ. මෙලෝරහක් නැති සින්දුත් ගියා කියල කාන්තා දිනෙ දවසෙ. ඒ සින්දුවෙන් කියන්නෙ මේ තේදලු නෙලන අන්ත දුප්පත් කාන්තාව සුරදූතියක් කියල.

මේ සින්දුවෙ මුලින්ම කියන්නෙ "මදහස නන්වන රූබර මුහුන නුඹෙ..." කියල. මොකද්ද මේ සින්දුවෙ කියල තියෙන විහිළුව. ඉවසන්න බැරි අවුරස්නෙට මුහුන පිච්චිල. තනිකමට ඉන්නෙ බුලත් විටක් විත්‍රයි. ඒවිත්‍රක් නෙවෙ.. උපන් දවසක ඉදන් දත් මැදලවත් නැති ඈය කොහොමද මදහස පාන්නෙ....?? මම එ උත්තරීතර කාන්තාවට අපහස කරනව නෙවෙ. ඒත් මම කියන්නෙ ඇත්ත.

ඊලගට මේ සින්දුවෙ කියනව "රතැඟිලි දිගුකොට තේදලු නෙලන ලදේ..." ඒකතාවනම් හැබෑය, ඒත් රතැඟිලි..? මම රතැඟිලි කියන උපමාව දකල තියෙනෙ සීගිරි අප්සරාව ගැන ලියල තියෙන කැටපත් පවුරෙ තියෙන සමහරක් කවි වල විත්‍රයි. ඉතින් මේ සින්දුවෙ කියන්නෙ අර අර කාන්තාව සිගිරි අප්සරාවක් කියලද..?? අවුරුදු ගනන් තිස්සෙ කහල කුස්ට හෑදුනු ඇඟිලි වලට මේසින්දුවෙ රතැඟිලි කියල කියනව. මම කියන්නෙ නැ මේ සින්දුව "කුනු අතදිගුකොට තේදලු නෙලන ලදේ" කියල කියන්න කියල. ඒවගේම මම කියන්නෙ නැ ඒ උත්තරීතර කාන්තාවට අපහාස කරන්න කියල. ඒත් මෙහෙම සුර සැපවිදින කෙනෙක් නෙවෙ ඇය. ඇයි ඇයගෙ ඇත්තව තත්වෙ කියල සින්දුවක් කතන්දරක් ලියන්නෙ නැත්තෙ..??

කොහොමෙන් හරි ඕන් අර කාන්තා දිනෙ වෙනුවෙන් කෑ ගහන ඇන්ටිලටයො කියන්නෙ. මේ අයට පේන්නෙ නෑද්ද දන්නෙ නෑ මෙහෙමත් දුක්විදින කාන්තා පන්තියක් ඉන්නව කියල. බොරුවට පුරුශාදිපත්තිය ගැන කෑ නොගහ ඊලග 101 වෑනි කාන්තා දිනේදිවත් අර වගෙ පීඩිත පන්තිය ගැන අවදානයක් දැක්වුවොත් හොදයි ඕන්...


Tuesday, March 8, 2011

කාන්තාවන්ට සමාජයේ සම තැන දීම කොතෙක් දුරට උචිතද...???


අද කාන්තාදිනේ..... ඉතින් හෑම නාලිකාවෙම කියන්නෙ කාන්තා අයිතිය ගෑන. ඉතින් සුළෑඟිල්ලටත් හිතිල ඒ ගෑන ලියන්න.

ඉතින් පෝස්ට් එකට මුල පුරන්න කලින් මම පරන බ්‍රහ්ක්මන ශ්ලෝකයක් කියන්නම් කෝ... අපේ කාන්තාව ගෑන ලිය උනු.....

දර්ශණන් චිත්ත වෛකලනන්
ස්පර්ශන් ධන නාසිකන්
සයනේ මරනන් තූර්‍යන්
ස්ත්‍රී පරමත්ත රාක්ෂණී
___

දර්ශනයෙන් පවා සිත වියරු කරන
ස්පර්ශයෙන් ධනය නෑතිකරවන
සයනයේ ගතකිරීම මරනය බදු
ස්ත්‍රිය
සැබෑම රාක්ෂණියයි
මේක ශ්ලෝකයක් හොදේ ඕන්...
මම නෙවේකියන්නෙ
___________________________________________

අද ගොඩාක් ඈන්ටිල මාද්‍යවලින් කතාකරනව සමානාත්ම තාවය ගෑන කතාකරනව. හිකිස් ය. ඒ ත් ඉතින් කොහොමද අපි කාන්තාවට සම තෑන දෙන්නෙ...??? ඔයාලම හිතල බලන්න කෝ...

පුංචි පවුලක් තියෙනව. ඒකෙ ගෘහ මූලිකය එහෙමත් නෑත්තන් ප්‍රදාන පිරිමිය... එයා ඒ පවුල ජීවත් කරන්නෙ පොල් කඩල... ඒගෙදර අම්මට තියෙන්නෙ ලමයි බලාගෙන ඉන්න. හරි මේගෙදෙට්ටත් සමානාත්ම තාවය ආවොත්.......?? මොනා වෙයිද...?
අම්ම පොල් ගඩනව... තාත්ත ළමයි බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්නව... ඒකටද අද මේ කාන්තාදිනේ කියන්නෙ...???

අපි මේ ගෑනු අයගෙයි පිරිමි අයගෙයි ජීව විද්‍යාපදනම බලමු... සාමාන්‍යයෙන් කාන්තාවන්ගෙ ශ්‍රෝණි මේකාලාස්තිය පළල්.. ඒ මොකටද..? කලේ උකුලෙ තියන්න යන්නද..? නෑනෙ.. එහෙම පුලුලුකුලක් දීල තියෙන්නෙ දරු ගෑබක් දරාගන්න... ඒත් පිරිමි අයගෙ එහෙම පළල් ශ්‍රෝණියක් නැ. ඒත් උරහිස් ශක්තිමත් ලෙස වෑඩිල තියෙනව. ඒ හෙම දෙවල් ස්වාභාවදර්මය දීලතියෙන්නෙ ගෙදෙට්ට වෙලා ළමයි බලගන්න නෙවෙ.

දෑන් ඔය අයට තේරෙනවනෙ...? අපේ මේ කාන්තාසමීති හදාගෙන කැ ගහන ඈන්ටිල කියන සමතෑන කාන්තාවට දෙන්න බෑ කියල.

ඉතින් ඕන් අද දවසනම් ගෙවිල යන්න තව පෑයකීපයයි තියෙන්නෙ. අපි ඉතින් ලබන අවුරුද්දෙ මාර්තු 08 වෙනිදටවත් ඔය "කාන්තවන්ට සමතෑන!"කියන ගොන් පාඨය ආයින් කරල ඒක "කාන්තාවන්ට නිසි තෑන!"කියල සන්ශෝදනය කර ගමු.....

Monday, March 7, 2011

දුඹුරු කෙස් ඇති නිල් ඈස් ඈති ජ'මානුවා...

අද සුළැඟිල්ල කියන්න යන්නෙ ගොඩ දෙනෙක්ට නොපෙන්නෙන පැත්තක් ගැන. ඒවගේම මේ කතාව හුගකාලෙක ඉදල හිතේ තදකරන් හිටපු දෙයක් කියන්න. ඔන්න හේනම් මම අද කියනව. ඕනම කෙනෙක් හිට්ලර් කිවුවම කියන්නෙ බොහෝම නපුරු පවුකාරයෙක් කියල. එයා නපුරුයි කියන එක නම මම විත්‍රක් නෙවෙ හිට්ලරුත් පිලි අරන්තියෙනව. හික් ය. ඒත් එයා පවුකාරෙක් වෙන්නෙ කොහොමද?? ඒ ගැන තමා මම අද කියන්න යන්නෙ...

________________________________________


ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) අනුසෝත ගාමී ලෝකයක් තුල පටිසෝතගාමී ප්‍රතිපත්ත දරපු උසස්
මිනිසෙක් කියල කිවුවොත් ඒක අතිශයෝක්තියක් වෙන 1ක් නෑ. හෑමෝම දකින ඒ මුළු ලොකයක් භීතියෙන් සසල කර නාසි මිනිමරුවාව මම දකින්නෙ ඔයවිදියට. මුලින්ම අපි එයාගෙ පුර්වකාලීන ජිවිතෙ දිහා බලමු.

එයා 1889 බක් මාසේ 20 වෙනිද තමා උපත ලබන්නෙ. එයා
හැදුනෙ වැඩුනෙ කුඩතාත්තයි අයාගෙ අම්මයි ලග. ඉතින් මෙයා පුන්චිකාලෙ ඉදලම සිහින මැවුවෙ චිත්‍ර ශිල්පියෙක් වෙන්න. ඔය පැත්තකින් දිස් වෙන්නෙ එයා ඇදපු චිත්‍රයක්.
ඉතින් එයා තමන්ගෙ හැකියාවන් තවත් දියුනුකරගන්න ඕන් ගියා ඉස්කෝලෙකට. ඒක ඉතින් චිත්‍ර පාසලක්. අදවගේම තමා. පිනා පගාව ගන්නව ළමයිව ඉස්කෝලෙට දාගන්න. හික් ය. ඉතින් පුන්චි හිට්ලරුත් ඒ පාසලට ඇතුල් වීමෙ කඩයිම් විභාගෙට ලිවුව. ලිවුව කිවුවට ලිවුවෙ නෑ, ඇන්ද. ඒත් අර ඉස්කෝලෙ හිටපු යුදෙවු ජාතික ප්‍රිනා අපේ පුන්චි හිට්ලර් ගේ ලස්සන චිත්‍ර ගනනකටවත් ගන්නෙ නැතුව ඒ විභාගෙ ලියපු අනික් යුදෙව්ජාතික ළමයිව ඉස්කෝලෙට බදව ගත්ත. අන්න එදා ඉදන් තමා මේ කතාව පටන් ගන්නෙ. එදා ගෙදර ආපු හිට්ලර බබා හිතුවෙ මේ එයාලගෙ රටෙ එකියන්නෙ ජර්මනියෙ ඉදන් මහජාතියට අබියෝග කරන සුළු ජාතිය ගැන. පෘතක්ජන මිනිස්සු හැටියට එ වෛරය සාදාරනයි නෙ. ඉතින් අපි කොහොමද කියන්නෙ පස්සෙ කලෙක හිට්ලර් යුදෙව්වන්ව මරපු එක වරදක් කියල.

දැන් අපි බලමු නාසි වාදය දිහා....

ලොකේ ප්‍රසිද්දම වාද 2ක් තියෙනව. ඒ තමා සමාජවාදයයි ධනවාදයයි. ඔය දෙකට පරිබාහිරව තමා නාසි වාදය කියන එක බිහිවෙන්නෙ. මේක බිහිවෙන්නෙ පළමුවන ලෝක යුද්දයෙන් ජර්මනිය පරාජ උනායින් පස්සෙ. පාන් වහල්ලක් වත් කන්න නැතුව ඒ කාලෙ ජර්මානුවන් මැරෙද්දි ජාමානු රජය ඩොලර් මිලියන 33ක වන්දියක් ගෙවමින් හිටියෙ. ඕනම කොන්දක් පනතියෙන මනුශ්‍යයෙක්ට ඒ තත්වය යටතෙ බදුගන්න රටවල් එක්ක ඇතිවන තරහ සාධාරනයිනෙ. ඉතින් මේ තත්වෙ යටතෙ හිට්ලර් ජාමානුවන්ට නාසිවාදය හදුන්වා දෙනව. ඒක මූලික සිද්දාන්ත 2ක් යටතෙ මම විග්‍රහ කරන්නම් කො..,,
  1. සමානත්ම තාවය පිලිගන්නෙ නැ.
  2. සාමය පිලිගන්නෙත් නැ.
මම දැන් මේ කරුනු ටික එකිනෙක් පැහැදිලි කරනම් කෝ... හිතන්න.. සමානාත්මතාවය, සමාජවාදයේ මුදුන් මුල. සමානාත්ම තාවය යටතෙ ඕනම පුද්ගලයෙක්ට සමතැන දෙන්න ඔනි. බලන්න ඒකට ඔයාලත් කැමතිද කියල.?? ඔයා යම්කිසි තරගෙකට යනව. ඒකෙ පළවෙනිය ඔයා. ඉතින් ඔයාට දෙන තෑග්ගම අර තරගෙන් අන්තිමය උනු කෙනාටත් දුන්නොත් ඔයාගෙ ඒ ජයග්‍රහනයෙන් වැඩක් තියෙනවද..?? හරි අපි තව උදාහරනයක් ගමු. වෛද්‍යවරයෙක් ඉන්නව. මහන්සියෙන් ඉගනගෙන ලැබෙන පඩියම ඒ ඉස්පිරිතාලෙම වැඩකරන සී ඇම් සී මිනිහටත් දෙනවනම්.... වෛද්‍යය වෘතිය කියන්නෙ පඩියකින් මිලකර නොහැකි දෙයක්. ඒත් යටකී විදියෙ දෙයක් වෙනවනම් කිසිම වෛද්‍යවරයෙක් මහන්සියෙන් වැඩක් කරනවද...??? කවුරුත් තරගෙකට ඉදිරිපත් වෙනවද..?? ඔයාලම හිතල බලන්නකෝ.. එතකොට නාසි වාදයේ ඇති වරද මොකද්ද?

දැන් අනික් කරුන බලමු. ඒකෙදි කියන්නෙ සාමය නිවටුන්ගේ ක්‍රියාවක් කියල. හරි අපේ දුටු ගැමුනු රජතුමා ගැන හිතල බලමු. මම මේ හිට්ලර් වයි දුටුගැමුනු රජතුමාවයි සම කරන්න යන්නෙ නැ. හරි ය..? එතුම එලාර එක්ක සටන් කරල ලන්කාව එක්සේසත් කරා. ඒ සාමෙන්ද..?? එතකොට සාවන් පැරකුම්බා රජතුමා. ඉන්දියාවට ගිහිල්ල එහෙන් වහල්ලු මෙහාට ගෙනාව. ඒ සාමෙන්ද..?? නෑ නෙ. සාමය හොදය. ඒත් ටිකයි. සාමය්අ නිසා වීරයො උනු අය ඉන්නෙ කීයෙන් කී දෙනෙක්ද..?? මහත්මා ගාන්දි ල, මදර් තෙරේස ල, මාටින් ලූතර් කින් ල, ඔච්චරයි නෙ. අපේ නිවුටන් උනත් කියල තියෙනවනෙ සැම කිරියාවකටම පරතික් කිරියාවක් තියෙ කියල. ඉතින් තව මොන කතාද..?? නාසි වාදය සනාතයි. ඉතින් බලාගෙන ගියාම අපි හිට්ලර් ට බනින්නෙ නාසි වාදියෙක් විදියටනෙ.

එයා මේ ඔක්කොම කරුනු කැටිකරල ඒයාගේ ජීවිතකතාව හිර ගෙදර ඉදිද්දි ලිවුව. ඒ තාමා මයින් කම්ෆ් කියන්නෙ. එහෙමත් නැත්නම් මගේසටන. කොහොම හරි මම දකින විදියට එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයෙ බිහි වෙලා තියෙන සත්‍යම ප්‍රතිපත්ති ප්‍රකාශය. ඒ වගේම වැඩිම විවේචන එල්ල උනු ප්‍රතිපත්තිප්‍රකාශය මෙක තමා. කොහොමත් ඇත්ත තිත්තයි ලුනෙ. ඇරත් අපේ ඈයො දන්නෙ ඉතින් දන්නෙ කවුරු හරි බැන්නම් එයත් එක්ක බනින්න. මොකටද බන්ඉන්නෙ, කාටද බන්නිනෙ කියල දන්නෙත් නැ. අරූ බනිනවනෙ.. ඉතින් මූත් බනිනව.

එයා යුදෙව්වොමරපු එක වැරදී, ඒක ප්‍රජාත්‍රන්ත්‍රවාදයට පටහැනී. ඉතින් කවුද ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිලිගන්නෙ. ඒකත් ධනවාදයේම එක පැතිකඩක් නේ. ඔයා ප්‍රජාත්‍රන්ත්‍වාදය නිසා තමයි අර මොහොමඩ් කාරයෝ බිහි උනේ. මහ ලොකු කතාකිරීමේ නිදහස. පුහ්...

අනික එයා කරේ කලයුතු නියම දෙ. ඒආ ජර්මානුවෙක් විදියට කරයුතු හොඳම දේ කරා. අපි මහ ලොකුවට එයාව විවේචනය කරනව "අපෝ මිනී මරුව" කියල. එහෙම කරන්න කලියෙන් හිතල බලන්න දෙයක් තියෙනව. අපි මොනාද සිංහලයෙක් විදියට මේ රටට කරල තියෙන්නෙ.... ?? කියල. ඒ මදිවට එහෙම සිංහල ජාතිය වෙනුවෙන් කතාකරන අයට "එපා ජාතිවාදය හොඳනෑ..." කියලත් කියනව. ඔන්න ඕකයි සමාජ තත්වෙ..



Sunday, March 6, 2011

ලෝකෙ දුන්නු දෙයිය මෙන්න....


හැමෝටම මේක නම් ලොකූ ප්‍රශ්නයක් තමා. මේ ජීවයේ සංබවය ගැන ඇහුවම කෙනෙක් කියයි මැවුම් වාදය ගැන. ඒතකොට තවත් කෙනෙක් මේකට අග්ගඤ්ඤ සූත්‍රය ගැන ඉදිරිපත් කරයි. මේ පිලිබදව හදාරන අන්‍යාගමික විද්‍යාඥෙක් අකමැත්තෙන් උනත් විශ්වයේ සන්බවය විග්‍රහ රන්නෙ අපෙ බුදු හාමුදුරුවො අවුරුදු 2500කටත් උඩදි දේශනා කරපු අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන්. ඒත් ඉතින් අවාසනවක මහත. අර අය බුදුදහම ප්‍රචලිත වෙනවට අකමැත්තට ඒ අග්ගඤ්ඤ කියන නම වෙනුවට Big Bang Theory කියල නම දාගෙන ඕන්. හිකිස් ඒකටනම් කමක් නතය. ස්ම්මාදිට්ටියනෙ. හැබැයි මම මේ විශ්වයේ ආරම්බය දකින්නෙ නම් මීට වෙනස් විදියකට.ඒ කියන්නෙ මේ මහා පිපුරුම් වාදයෙයි මැවුම් වාදයෙයි සංකලනයක්... එහෙමත් නත්තන් දෙමුහුමක්.

___________________________________________________

අපි මුලින්ම බලමු අර මහා පිපිරුම් වාදය. ඒකෙදි කියන්නෙ එක කාලෙකට මුලුවිශ්වයේම ශක්තිය එක ම පුංජනයකට ඇකිලෙනව; තවත් වසර බිලියන් ගනනකට පස්සෙ ඒ ඇකුලුනු මොලු ශක්තියම ආයි විසර්ජනය වෙනව කියල. අග්ගඤ්ඤ සූත්‍රෙ මේක දක්වලා තියෙන්නෙ සංවර්තන- විවර්තන කියල. ඉතින් මේ ශක්තිය කියන්නෙ මොකද්ද??? ශක්තිසන්ස්තිථි නියමය. ඒ කියන්නෙ "ශක්තිය මැවිය හෝ නැසිය නොහැක. සිදුකල හැක්කෙ ශක්ති පරිවර්තනයක් පමණි" කියන එක.

දන් අපි බලමුකෝ බයිබලේ මැවුම් වාදය ගැන. උප්පති කතාව පටන් ගන්නෙම... "දෙවියන් වහන්ශේ ලෝකය මැවූ සේක." කියා ඒතකොට අර කලින් කියපු Big Bang theory එකට අනුව බයිබලේ බොරුවක් වෙනවනෙ. එහෙමයි කියල අපිට එක අහක දාන්න බෑ. මම දැකල තියෙනව එක සුරුවමක ලියල තියෙනව "දෙවියන් වහන්සේ ව මවිය හෝ නැසිය නොහැක" කියල. මේක දැකපු ගමන් ශක්ති සංස්තිති නියමය මතක් වෙනව නේද? ඔව්.. මම තවත් අහල තියෙනව සමහර කිතුනුවො කියනව "දෙවියන් වහන්සේ යනු ශක්තියයි." කියල. තවත් තනකදි මට අහන්න ලැබුන "දෙවියන් වහන්සේ ලොකය හැමතැනම සිටින සේක." කියල කියනව. ඉතින් මේ ඔක්කොම කරුනු ගැලපුවම මට් හිතෙන්නෙ බයිබලය කියන්නෙ එකතරා හුදු ධර්ම ග්‍රන්ත්යක් විතරක් නෙවෙ. ඒක හොද සාහිත්‍ය කෘතිය. ඒත් නත්තන් එක හොඳ විද්‍යාප්‍රබන්දයක්. ඒකෙ මේ දෙවියන් වහන්ශේ කියල උපමා කරල තියෙන්නෙ ශක්තියට වෙන්න ඔනි. අමුතුවෙන් කියන්න ඔනි නෑනෙ මේ බයිබලෙ ලියවුනු කාලය. ඒ කාලෙ ගොඩාක් මිනිස්සු ගෞරවය කරෙ ආලෝකය, විදුලිය(අකුනු), වගේ දේවල් වලට. ඉතින් මේ හමදේම ශක්තිය. අපේ සිංහලයොත් මහින්දාගනයෙන් පස්ස් වෙනකන්ම ඒ ශක්තීන් දේවත්වයෙන් ඇදහුවනෙ. ඉතින් මේ ශක්තියාකාර මෙ මුලු විශ්වයේ හැමතනම තියෙනව. ඉතින් එතකොට දෙවියන් වහන්දේත් හැමතැනම ඉන්නව වගේ තමයි මෙ කතුවරා දක්කෙ. ඒ වගෙම මෙ බයිබලය ලියපු කතුවරය ත් දෙවියන් වහන්සේ කියන ලස්සන උපමාව අරගෙන පොතක් ලියන්න අති.

ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නෙ
"ලොකෙය මවනලද්දේ දෙවත්වය ආරෝපනය කරගත් ක්තියයි."
කියල තමා.............

තවත් මවුම් වාදය ගන ඉස්සරහට ලියන්න නම්.. අනෙ මගෙ අතින් ක්‍රිස්තියනියන්ගේ අත්පොත්, බයිබලේට අපහාසයක් උනානම් සමවෙන්න ඔනි ඕන්.. මම කිවුවෙ මට හිතුනු දේ.

Friday, March 4, 2011

සයවසරක පෙම්ගීතය දැන් බොඳවෙලා........

දෙවැනි ලෝක යුද්ද සමයයි. බ්‍රිතාන්‍යයින් ලන්කාව යටවිජිතයක්ව තබාගෙන ඇත. ඒ කතාව දිග හැරෙන්නෙ ඒ සමයෙහිදීය. තරුනියක හා පෙමින් බැදුනු එක් තරුන සෙබලෙකි. නමින් ඔහු ඥාන්පාලය. පෙම්වතිය දයාවතීය. ඔහු යටකී යුද්දය හමුවෙ ජ'මනියට විරුද්දව සටන් කිරීමට ප්‍රන්ශයට ගොස් ඇත. නමත් ඔවුනොවුන්ගෙ ප්‍රේමය කිසිද වියැකුනේ නෑත. ඒම සෙබලා දිනකට පෙම්හසුන් 2ක්වත් අවම වශයෙන් ඔහුගේ දයාවතීට එවීය.

කාලය කෙමෙන් ගතවිය. ලොකයුද්දයෙ අවසාන සමයයි. මේවනවිට දයාවතී සතුව පෙම්හසුන් 10000ත් ඉක්මවා ඇත. අමුත් එකවරම පෙම්හසුන් එවීම නතර විනි. ගත උනේ සතියකි. ජ'මනිය පැරැදිනි. මිත්‍රපාක්ෂිකයන් ජග්‍රහී ලිලාවෙන් ඔවුනොවුන්ගේ ගම්බිම් කරා යන්නට විය. ඒ අතර ඥානපාලද විය. ඔහුද ගෙදර ආවෙ දහසක් පැතුම් පොදි බැදගෙනය. ලියුම් 10000ක් ලිවීමට තරම් මෙ ප්‍රේමය කොතරම් පිවිතුරුද...? එම ලිවුම් ලිවීමෙ තරම කොතෙක්ද යත් ඒම සමයේ වැඩිම පෙම්හසුන් ලිවූ තැනැත්තා ලෙස ඥානපාලද ගිනෙස් පොතට ඇතුලත්ව සිටියහ. ඔබට මෙන්ම මටද එසේ සිතිනි. නමුත් සිදුව ඇත්තෙ ඔබවත් මම වත් නොහිතන තරම් දෙයකි. සූ දහසක් පැතුම් පොදි බැදගෙන සිය මවුරටට ආ ඥානපාලට ඇසීමට ලැබුනෙ නෙතග කදුලක් රදවන සුලු සිදුවීමකි. අහෝ දුකකි. ඉරකි. තිතකි.

පෙම්වතිය පෙම්වතාගෙ ලිවුමක් නොලැබුනු දින කීපයතුල ඇතිවූ දුක ඉවසාගත නොහැකිව මෙලොව හැරදමා ගොස්ද??? නැත. ඇය ඥානපාලව හැරදමා ලිවුම්කාරය සමග පැන ගොස් ඇත....

*යොදා ඇති නම් ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න....

Tuesday, March 1, 2011

කෝ දෙයිය...????


අද නම් ඕන් මම ටිකක් දුකින් පොස්ට් එක ලියන්නෙ...! යුද්දෙට අනුවර්තිත යුදසෙබලෙක් ටත් ඉතින් තමන්ගෙ හතුර මැරුනම මාර අප්සට් ලු. ඒ වගෙ ඇබැද්දියක් තමා මටත් වෙලා තියෙන්නෙ. මොකො කීල දන්නවද දන්නෙ නෑ. හිකිzz.. අපිලට මේ ලගදි හම්බ උනු අලුත් යළුවට මාර ඇබැද්දියක් නොවැ වෙලා තීනෙ. අදත් මම හැමදාම වගෙ රස්ත ගහන දවසනෙ. හිකිzz. ගෙදර එනකොට 2ට විතර ඇති. ආපු ගමන් යන්තරේ ඔන් කරගෙන බැලුවෙ අලුත් නිවුස් මොනවැයි කියල. හිකිz ඒවගෙම අලුත් මිතුරගෙ බ්ලොග් අඩවියට යන්නත් මම අමතක කරේ නෑ. මල කෙලියයි. අපේ යාලුවට හෙන ගැහිල....!

Mohomad, don't mess with Sinhala

ඔන්න ඔහොම පොස්ට් 1ක් එක්ක බ්ලොග් එක නිල්කැටේට දිලිහි දිලිහි තියෙනව. මොකදෑ වෙලාතියෙන්නෙ. කොකටත් කියල බැලුව පොස්ට් එක දිග ඇරල. මල හුට්ටප් පරයි. යකෝ මූ යටකී වාක්‍යම පොස්ට් එකට දාල. පව් අප්ප. පස්සෙ මම තව ටිකක් එයැයිගෙ බ්ලොග් එක දිහා බැලද්දි තමා මීටර් උනෙ. ඔක්කොම පොස්ට් මකල. අපරාදෙ යාලුගෙ මහන්සිය. යාලු මාසයක් තිතිස්සෙ ලියපු පොස්ට් ඔක්කොම හිතක් පපුවක් නැතුව ඩිලිට් කරල නොවැ. අත්තානන් උපමන් කත්වා කියල මම දන්නවනෙ මහන්සියෙන් ලියපු පොස්ට් 1ක් මකන්න උනාම හිතට දැනෙන දුක. ඒත් ඉතින් අපි කියල මක්ක කරනද..?? සර්වබලදාරී දෙවියන්ගෙ කැමැත්ත නොවැ. පවු නේද අපේ යාලූ....????


ඉතින් එයානම් අපිට කියුවෙ බෞද්දයන්ව ආරක්ෂාකරන්න දෙවිකෙනෙක් නෑ කියල. හත්තිලවුවයි.. අනෙ අප්පෙ අපෙ මිත්‍රයට දෙවිකෙන්ක් ඉදලත් උනු හදිය... මට තීන පුරශ්නෙ තමා අපෙ මිත්‍රයට මෙච්චර හදියක් වෙනකන් දෙවියන් වහන්සේ කොහො නොවැ ගිහින් හිටියෙ. මම හිතන්නෙ ශුද්ද වූ කුරානෙ තියෙන්නෙ තමන්ගෙ ආගමත් විකෘති කරන ඈයන්ට ඔහොම කරන්න කියල වෙන්ඩෑ....
Related Posts Plugin for WordPress, Blogger...