Friday, January 7, 2011

අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස II

මම මීට පෙර ඉදිරිපත් කර "අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස I" ලිපිය යටතේ මිනිස් වර්ගයා පිළිබද කෙටි හ්දින්වීමක් කළෙමි. එම මාතෘකාවෙ දැවැනි කොටස මෙසේ දිග හැරෙන්නේ එකී මිනිසා තුල වූ සදාචාරය පිලිබද කෙටි වියරනයක් කිරීමටයි.

දාචරය (moraltiy) යන්න සම්පූර්ණ විග්‍රහයක් කිරීමට නොහැකි තරම් පුලුල් තේමාවකි. එය විග්‍රහ කිරීම මෙන්ම අවබෝද කර ගැනීමත් දුශ්කර කාර්යකි. මෙවන් සදාචරය පිලිබද කෙටි අවබෝදයක් ලබාගැනීමට සරළ උදහරනයක් ලෙස පෙරපාසල් දරුවන් ගත්හැකිය.


ඔව්න් පන්තිකාමරය තුල ඉගන ගන්නා විට කැම නොගනිති. එ එය වැරැද්දක් බව සිය ගුරුවරයා උගන්වා ඇති නිසාය. මේ නීතිය ඉවත් කොට පන්තිය තුල කැම ගැනීමට ගුරුවරයා ඉඩදුන හොත් ඔව්න් වඩාත් සතුටු වෙනු ඇත. නමුත් මෙසෙම ඒ ගුරුවරයා ළමයෙක් තවත් අයෙකු පුටුවෙන් තල්ලු කිරීම අනුමත් කල හොත්...?

මේ අවස්
තාවේදේ ළමයා මදක් චංචල බාවයට පත්වෙයි. "නැහැ.. ටිචර් එහෙම කියන එක හරි නැ...." යනුවෙන් ඔව්න් පවසනු ඇත. ඒ කුඩා දරුවන් තුල ස්වාභාවයෙන්ම පවතින හොඳ නරක තෝරා ගැනීමෙ හැකියාවයි. මෙහි තවත් පැත්තක් ඇත. ළමයෙකු තවකෙනෙකුට පහර දෙයි. මෙහිදී ඔහු එය වරදක් බවට නොසිතයි. වැඩිහිටිකෙනෙකු එය වරදක් බව පෙන්වන තුරු ඔහු එම වරදේ දිගින් දිගටම යෙදෙයි. මෙම න්‍යාය සොරකම්, මිනීමැරුම් ආදියටත් සත්‍යකි. නමුත් වරදෙහි යෙහෙන පුද්ගල්යාගෙන් පුද්ගලයාට යටකී පෙන්වාදීමේ විදිය වෙනස් කල යුතුය. ඊට හෙතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට සදාචාරය තෙරුම් ගැනීමෙ ස්වාභාවය වෙනස් වන නිසාය.

මිනිසාට කරුනාව හා දයාව
පහල වෙයි. මට කෙනෙකු හිරි-හැර කල විට මට රිදෙනවානම් මා ඔහුට හිරි-හැර කලවිට ඔහුටත් රිදෙන බව අපිට දැනෙයි. මෙය අප මහා බුදුරජානන් වහන්සේ දෙශනා කර ඇති "අත්තානං උපමන්කත්වා..." න්‍යායට බොහොදුරට සමානය. මෙම න්‍යාය අනිකුත් සත්වයින් නිතර බාවිත කරද මිනිසා තුල ඇති ස්වාභිමානය නිසා මෙය නිතර බාවිත නොකරයි.

අපිට වඩා පරිනාමිකව පහල සතුන් කෙරෙන් දයාව, අනුකම්පාව ප්‍රතීයමාන වන නමුත් මානවයාගෙ දයානුකම්පාව වෙළෙද ව්‍යාපාර තරගය හමුවේ බිද වටී ඇත. අප හම දෙයක්ම කරන්නෙ තවත් ලාභයක් අපේක්ශාවෙනි. අද කෙනෙකුට සන්ග්‍රහ කරන්නෙ හෙට තවත් ලාභයක් අපෙක්ශාවෙනි. කන්ගාටුදායක් කරුන නම් එකී පිලිකුල් සහගත් ලභාපෙක්ෂිත න්‍යායම මිනිසාගෙ දියුනුවට හෙතුවී ඇති බවයි.



~මතු සම්බන්දයි~

4 comments:

  1. ඇත්ත කතාවක් මල්ලියා

    ReplyDelete
  2. හ්ම්ම් එත මචන් මට අවශ්‍යවෙන්නෙ පොස්ට් එකෙ දැනුම නේ. මෙ පොස්ට් එක කියවන කෙනෙක් මොනව හරිදෙයක් මේකින් ගන්න එක තමා වටින්නෙ! කමක්නැ... බොහෝම ස්තූතියි දැක්වූ ප්‍රතිචාරයට!

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...