දිගුකාලයක් තිස්සේ ඒකාකරී ලිපි පෙළකට පසුව අද දේසවනට නොවැටෙන තරම් වූ ගීතයක් ඔබ වෙත් ගෙන ඒමට සිතුවෙමි.
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ...
මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ...
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ......
රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ....
මොන රජ දරුවද පැලකට වැඩියේ....
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ......
මේ ගිතයට කැමැති අයට මෙතනින් බාගත කර ගන්න පුලුවන්.
ගයනය: ටී. ඇම්. ජයරත්න මහතා
No comments:
Post a Comment
ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]
@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.