Sunday, January 2, 2011

අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස I

ලැබුවා වූ මෙම නව වසරෙ විස්තරාත්මකව ලියන පලමුවන ලිපිය මෙතකින් අරබමි.

ඇතැමෙක් උන්මද්දකයෙකු ලෙස මිනීමරයි. තවකෙකු මුලුමහත් ලෝකයටම කරුනාව වපුරයි. මෙම අන්ත දෙක අතර වෙනස කුමක්ද? මෙම ප්‍රශ්නයට විද්‍යාත්මක පිලිතුරක් ආරෝපනය කිරීමට පසුගිය දා TIME සඟරාව සිය ප්‍රදාන අතිරේකය වෙන්කරතිබිනි. එනම් 2007 දෙසැම්බර් 03 දින පිට උනු Time සඟරාවේ මාතෘකාව වූයේ "What Makes Us Good/ Evil" යන්නයි. අද කඩවත නිව්ටන්ගේ තුන්වන ඇස යොමුවන්නේ එම මාතෘකාව දෙසටයි.

නමුත් මෙම මාතෘමාව වනාහි අතිශයින් පුලුල් එකකි. එමනිසා මෙය කොටස් කීපයක් වශයෙන් පාඨක ඔබ වෙත ඉදිරිපත් කිරීමට මම සිතීමි. ඒ අනුව අදමෙසේ ඩිග හැරෙන ලිපිය අවදාරනය කරන්නෙ මිනිසත් භාවය පිලිබදවයි.

මේ මිහි තලය මත අපූර්වතම චරිතයකි. හෙ මෙ මිහිකත් නිර්නයන්ට අභියෝග කරමින් මිහිතලය තුල සිහ සුන හොබවයි. සැබැවින්ම ඒ අරුම පුදුම චරිතය මිනිසා බව ආඩම්බරයෙන් කිව යුතුය.

සදාචාරය, කරුණාව මෙන්ම පළිගැනීම, වෛර්ය එකම ජාන තුල ඇත. මින් වාඩා ඉස්මතුවන ලක්ෂනය අදාල පුද්ගලයා තුලින් ප‍්රතීයමාන වේ. එනම් එම ජාන තුල අදුරත් ආලෝකයත් අයන අන්ත දෙකම පිහිටයි. මිනිසා සමග ගත්කල අනිකුත් සත්ව විශේෂ සමග එකට පරිනාමයෙන් පහල වුවද සිය වර්ගයා කෙරෙහි මෙතරම වෛරකරන්නේ වත් සමූල ඝාතනය කරන්නේවත් නැත. එය මිනිසා අන් සතුන්ගෙන් වෙන් කරන තවත් නිර්නයක් බව කන්ගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.

ගතවන සැම නිමේශයක් තුලම හොඳ මෙන්ම නරක ගතිගුනද ජනිත වෙන්නේ මිනිසා තුල පමනි. මිනිසා තවකෙකු රැකබලා ගනී. අනෙකා වෙනුවෙන් හඩා වැලපෙයි. මේ අතරම දස්ගනන් සිය වර්ගයාටම මිනීවලවල් කපීමටද හෙ පසුබට නොවේ.

මෙ ලෝකය තුල සිදුවන සියලුම ක්‍රූර ක්‍රියා හා දරුනතම අපරාද සිදුවන්නෙ ඒ සුවිශේෂී චලන දැක්විය හැකි මහපට ඇඟිල්ලක් සතු මිනිස් හස්තයෙනි. ලැජ්ජාවෙන් හා කණගාටුවෙන් සිහිපත් කරයුතු කාරය නම් මිනිසා හැර මෙතරම් ලේපිපාසිත සත්ව කොට්ඨාශක් මෙ මුළු මිහිතලය මත නොමැති බවයි. :'(


(අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස II කොටස තව නොබෝදිනකදී ඉදිරිපත් කරනු ඇත.)


5 comments:

  1. විස්මිත මොළය පොත කියවපන් කොලුවා !!
    මම වගේම අධිමානසික විද්‍යාව ගැන ඔහේත් සෑහෙන්න උනන්දුයි වගේ.. :D ඔහේ දන්නවද හිට්ලර්ගේ වම් මොළය කොච්චර කලාකාමී අදහස් වලින් පිරිලා තිබ්බද කියලා ?? :D

    ReplyDelete
  2. ඔව් අයියෙ... නමුත් හිට්ලර්ගෙ මොළේ ඇමිග්ඩලා කලාපයෙනෙ අවුල!
    ඉන්නකෝ හිට්ලර් ගැන වගේම පෝල්පොට්ල වගෙ කට්ටිය ගැනත් මම ඉස්සරහට ලියනව!

    ReplyDelete
  3. නියමට පරිවර්තනය කරලා තියනවා හොද ඉන්ගිරිසි අවබොදයක් තියනවා එල

    ReplyDelete
  4. හරිම වදගත් නියුටන් කොල්ලො ඉතුරුටිකත් දාමුකො එහෙනම් ඉක්මනට?

    ReplyDelete
  5. @අශේන්- අනේ මම පරිවර්තනය නම් කරෙ නැ.. :( මම ඔය ලිපියට තැනින් තැනින් කරුනු ගත්ත විතරයි.. මොකද ඕව පරිවරිවර්තනය කරන්න තරම් මට ඉන්ගිරීසි අව බෝදයක් නැ.. :ඪ්

    @සචින්- අනිවා දැන් දෙවෙනි 1ත් ලියල ඉවරයි. තියෙන්නෙ පබ්ලිශ්කරන්න :P මෙ පොස්ට් 1ක තව ටිකදවසක් තියෙන්න ඇරලම අනික පබ්ලිශ් කරනව.. :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...