Saturday, February 5, 2011

පෙන්ගුයින් ගේ වික්‍රමය.

පෙන්ගුයින්??? ඈ?? මෙ මොකද්ද කියල දැන් හැමෝම බලනව ඇති. ඔව් අනේ මෙ පෙන්ගුයින් කිව්වෙ ලින්ක්ස් වල්ට. :D අද මම කියන්න යන්නෙ ලින්ක්ස් වල ඉතිහාසය ගැන. මෙතනට එන ගොඩ දෙනෙක් දන්නව ඇතිනෙ ලිනක්ස් ලියන්නෙ මොකද්ද කියල! කෙටියෙන්ම කිවුවොත් FOSS වල ප්‍රදානම මෙහෙයුම් පද්දතිය!!! ඔන්න හෙනම් බල්න්නකෝ ලිනක්ස් වල ඉතිහාසය.

මේ හැම මෙහෙයුම් පද්ද්තියක්ම ආරම්භ වෙන්නෙ Unix වලින්. ඒත් මෙ යුනික්ස් වානිජමය අරමුනු මුල් කරගෙන නිපදවල තිබ්බ නිසා එච්චරම මිනිස්සු අතරට ගියේ නැ. මේ ගැටළුව වටහා ගත්තු රිචඩ් ස්ටෝල්මන් (RMS) මහතාට ඔනේ උනා යුනික්ස් වගේ නොමිලේ දෙන ඔපරේටින් සිස්ටම් එකක් හදන්න. ඒ යටතේ එයා 1983 දි GNU ව්‍යාපෘතිය සැලසුම් කරා. යුනික්ස් වගේ කිව්වට එයා අදහස් කරෙ GNU කියන්නෙ Unix නෙවෙයි කියල. ඒක එයා GNU කියන නමේම අන්තර්ගත කරා. ඒ කියන්නෙ GNU is Not Unix. මෙහෙම නැවත නැවත GNU කියන්නෙ unix නෙවේ කියන එක කියවෙනව. ඒ අතරම ස්ලෝල්මන් 1984 දි GCC compiler එක හැදුව. ඒ විතරක් නෙවෙ. මෙයා 1985 දි Free Software Foundation එකත් ආරම්භ කරා. ඒ අනුව එයා තමයි නිදහස් මෘදුකාංග වල මුල් පුරුක. කොහොමින් කොහොමින් හරි ස්ටෝල්මන් මෙහෙයුම් පද්දතියකුත් හදල තිබුන. ඒත් ඒ පද්දතියෙ හ'ඩ් කියන ක'නල් එකේ පොඩි අවුලක් තිබ්බ. ඒක නිසා ස්ටෝල්මන් හිතපු විදියට ව්‍යාපෘතිය සාර්තක උනේ නැ.

මේ අතර තමයි Andrew S Tanenbaum, MINIX(1987) කියල මෙහෙයුම් පද්දතියක් හදුන්වා දුන්නෙ. ඒ මෙහෙයුම් පද්දතියේ සොස් කොඩ්ස් තියෙන Operating Systems Design and Implementation කියන පොතකුත් minix එක්ක ලැබුන. ඒත් එකේ සෝස් කෝඩ් එක විවෘත උනාට අපිට ඔනේ විදියට වෙනස් කිරීමේ අයිතියක් තිබුනෙ නැ. ඒ අඩුපඩුව ගැන තෙරුම් ගත්ත linus torvalds කියල අවුරුදු 20ක විතර කොල්ලෙක් Linux ව්‍යාපෘතිය ආරම්භ කරා. ඒ යටතෙ එයා නිර්මානය කරපු Linux වලට පුලුවන් උනා GCC වල තිබිච්ච හ'ඩ් ක'නල් එකෙ අඩුපාඩුව මකල දාන්න. ඒ විදියට1991 සැත්තැම්බර් මාසෙ Linux 0.01 එලි දැක් උනා.

ඉතින් එදා ඉදන් මේ විවෘත කෙත සහිත මෙහෙයුම් පද්දතිය දියුනු වෙවී අද වෙනක්න් දුර ගමනක් ඇවිත් තියෙනව.
මෙතනදි නම් සදහන් නොව්නු දහස් ගනනක් මිනිස්සු මේ ලින්ක්ස් අදතියෙන තත්වෙට ගේන්න ගොඩාක් මහන්සි වෙලාතියෙනව. ඒ හැමටත් අද ලිනක්ස් එක්ක ඉන්න හැමෝන්ටමත් මම මගේ හද පිරි ස්තූතිය පුදකරන්නව. එහෙනම් තවත් මේ වගේ ඉතිහාස කතවක් අරගෙන එන්නම් කෝ....


පදගැන්නුම හා ඡායාරූප සන්ස්කරනය පවිත්‍ර වීරප්පෙර්න්ම

Wednesday, February 2, 2011

ඔන්න අද මම කියන්න යන්නෙ ටිකක් කනට නොහුරු සිංදුවක්. ඒත් මගේ ගොඩක් යාළුවොනම් කියන්නෙ මෙක මගේ ජාතික ගීය කියල. :D කතාවෙ යම්කිසි සත්‍යතාවයක් තියෙනව. මොකද මම ආසම සිංදුව මෙක තමා. මම හරිනම් මේක මීට ඉස්සර දාන්න ඔනෙ. එත් මෙ දැන්තමා mp3 එක හම්බ උනේ. ඉතින් හම්බිච්ච ගමන්ම තමා මෙ පොස්ට් එක ලියන්නෙ.. :) කතා ඇති. ඇන් අහමු සිංදුව.....!!!


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....

ගායනය- චන්ද්‍රලේඛා මහත්මිය.
සිංදුව මෙතනින් බාගන්න පුලුවන්....

Monday, January 31, 2011

අපේ හීන සාක්ෂාත් කරන SAKSHAT

2009 අවුරුද්ද ඉතින් e අවුරුද්දනෙ... ඒ යටතෙ මහාචාර්ය සමරනායක මහතාගෙ සන්කල්පනවට අනුව e - ශ්‍රී ලංකා කියල අලුත් වැඩක් පටන් ගත්තනෙ. ඉතින් එකින් ප්ලෑන් කලෝ ලංකාවෙ ළමයිට පෙළ පොත් දෙන එක නවත්තලා OLPC කියල ලැප්ටොප් එකක් දෙන්න. ඒත් ඉතින් ඔය ඕඑල්පීසී එක 200$ ක් විතර වෙන නිසා සමරනායක මහත්තය හිතපු විදියට වැඩේ උනේ නැ. :/ ඔන්න මම අද කියන්න යන්නෙ ඒකට අලුත් විසදුමක් ගැන. මේ විසදුම දෙන්නෙ අපේ අසල්වැසි ඉන්දියවෙන්. එක තමා SAKSHAT කියන්නෙ.

මෙක ඇවිල්ල ටැබ්ලට් පීසී එකක්. බිට් 16න් තමා දුවන්නෙ. ඒ වගේම මේක් open pc එකක්. තව විදියකින් කිව්වොත් අපිට ඔනෙ නම් මෙක අවශ්‍යවිදියට වෙනස් කර ගන්නත් පුලුවන් :D ඒ විතරක්ද...? මේකෙ ඔක්කොම තියෙන්නෙ open source මෘදුකාංග. os එකට තියෙන්නෙ ලිනක්ස් ක'නලෙම තියෙන ඇන්ඩ්‍රොයිඩ් කියල os එක්. ඒ වගේම මේකෙන් අපෙ පාසල් ළමයින්ට ඔනෙ කරන හැම දේම වගේ කරන්න පුලුවන්. ව‍්රඩ් ප්‍රොසෙසින්, අන්තර්ජලපහසුකම වගෙම විඩියො ඩන්වාද සදකා කැමරාවකුත් මෙකට සම්බන්ද කරල තියෙනෙවනෙ.

මේක මෙච්චර අඩුවට දෙන්නෙ කොහොමද කියන එකනම් ඔයාලට මාර ගැටළුවක් වෙන්න ඇති. හරිම සරලයි. මෙකෙ දුවන්නෙ ඔක්කොම නිදහස් කේත මදිලියේ මෘදුකාන්ග. ඒ වගෙම මෙකට බැටරියක් නැ සූර්ය කොශ සහ සෘජු විදුලියෙන් තමා මෙක වැඩ කරන්නෙ. තව මෙකට දෘඩ තැටියකුත් නැහැ. ඒ වෙනුවට ජන්ගම දුරකතනයක වගෙ මෙමරි කාඩ් එකක් තම්ම භවිත් කරන්නෙ.

එහෙම කියනකොට තවකෙනෙක්ට කියන්න පුලුවන් මෙක නිකන් චයිනිස් ෆොන් එකක් වගෙ බාල බඩුවක් කියල. නැහැ. මෙකෙ තක්ෂනය ගැන කතාකරොත් මව්පුවරුව හදලතියෙන්නෙ VIT එකෙ සිසුවෙක්. එතකොට පරිපත පුවරු හදවෙ kanpur IIT තාක්ෂන ආයතනය. ඉතුරු හැම එකක් ම වගෙ හදන්නෙ AMD වගේ උසස් තාක්ෂනික ආයතන.

කොහොමින් කොහොම හරි මෙකෙ ඉල්ලුම ඉහල ගියොත් දැනට 35$ ට තියෙන පීසී එක 10$ ට විතර දෙන්න පුලුවන්ලු. ඉතින් ඒ වගේ ගන්නනකට කොම්පියුටරයක් අරන් අපේ රටේ පෙළපොත් ඩිජිටලීකරනය කොලොත් අවුරුදු 10ට විතර පොත් වල්ට යන වියදමක් නැතිකර ගන්න පුලුවන්. ඒ කියන්නෙ මෙක පොත් දෙනවට වඩා ලබදායකයි කියන එකනෙ. එහෙම උනොත් ඉතින් ඊ- ශ්‍රී ලංකා කියන සන්කල්පනාව ඇත්තටම හැබැවෙවි. ඒ වගෙම linux වගෙ open source software වලටත් හොඳ කාලයක් ලබාවි.

Sunday, January 30, 2011

ගෑහැනු කඳළු වලට පිරිමි පසුබහිනවා

හැමෝම ගෑනු නුවන හැදිමිටේ කියල කිවුවට අද කඩවත නිවටන්ගේ තිනෙත කියන්න යන්නෙ ඊට වැඩිය වෙනස් කතාවක්. ඔන්න අපි කවුරුත් දන්න කතාවනෙ ගෑනු අය අඬාගත්ත ගමන් කියන එක. එකනෙ ඔය ඒ අයට හදවත් රෝගත් අඩු. ඉතින් මේ ගැහැනු අයගෙ කඳුලුවලට අමුතුම බලයක් තියෙනව කියල මහාචාර්ය නොබෙල් සොයාගෙන තියෙනව. ඒ කුයන්නෙ කාන්තාවන්ගෙ "හැගීම් බර කඳුලු" වලට පිරිමින් ගේ හිත් වෙනස් කරන්න පුලුවන්ලු. ඇත්තටම කිවුවොත් එයා කියන්නෙ ගැහැනු අයගෙ හගීම් බර කඳුළු හේතුකොටගෙන පිරිමි අයගෙ ලිංගික ආසවන් අඩුවෙනව කියල. නොම් ගෙ වචන වලින්ම කිවුවොත්,

"හැගීම්බර කදුළු කියන්නෙ අස්‍රූ ග්‍රන්තිවලින් ශ්‍රාවයවෙන හුදු ජල බිංදු විතරක්ම නෙවේ. හැගීම්වලට අදාලව ගලන කදුළු හරිම ප්‍රබලයි. ලූනු කපද්දි, ඇහැට වැලිකැටයක් ගියාමත් කඳුළු එනව. හැබැයි ඒ කදුළුයි හැගීම්බර කදුලුයි අතර ලොකු වෙනසක් තියෙනව."

ඔනු කපද්දි කදුලු එන්නෙ ඇහැරැක ගන්න. ඒත් ගැහැනු අය හැගීම් බරව හෙලන කදුලු.... ඔව් ඒවලිනුත් එක අතකට ආරක්ෂක කාර්යයක් තමා කරන්නෙ. ඒත් වෙනස් විදියකට. මම ඉස්සෙල කිව්වනෙ මේ කඳුලුවලට පුලුවන් පිරිමි අයගෙ ලිංගික උත්තේජ පලනය කරන්න කියල. ඒ කියන්නෙ මෙ කඳුලුවලට පිරිමි අයගෙ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩු කරන රසායනික සංඥා නිකුත්කරන්න පුලුවන්. ඉතින් මේ ටෙස්ටෙරෝන් පිරිම අයගෙ ලිංගික කටයුතු වලට විතරක් නෙවේනෙ ඔනෙ වෙන්නෙ. පිරිමි අයගෙ පෞර්ශයටත් ආවේගශීලි බවටත් මේ හෝමෝනයම බලපනව. ඉතින් කාන්තාවො අඬන කොට පිරිමින්ගේ ආවේග ශීලිබව අඩුවෙන එක හොඳ උනාට පෞර්ශය අඩුවෙන එකනම් හොද නැ නේද??? :P

එව මෙවා කොහොම උනත් නොම් ගෙ මෙ සොයාගැනීම කාන්තාවන්ටනම් වසි කියන එක තමා මගෙ මතය. මොකද මෙ හැගීම් බර කඳුළුවල තියෙන අමුතු හැකියාවෙන් පුලුවන් ලිංගික අපරාද වලක්වගන්න. :D
(එක ගෑනු අයට ලියපු ලිපියක් කියල හිතල කොමෙන්ට් 1ක් නොදානම් ඉන්න එප. මොකද පිරිමි අපිටත් මෙක වැදගත්. කරන්න තියෙන්නෙ කවුරුකරි අඬන්න ලෑස්ති වෙනකොටම ඇස් වහ ගන්න එකනේ.. හෙ හෙ ලොල්ය. :PPP)

පද ගන්වුම- පවිත්‍ර වීරප්පෙරුම.
මූලාශ්‍ර- ජංජාලය හා විදුසර පුවත්පත.

Thursday, January 27, 2011

නොදුටු සත්තු - ඇම්පිබියාවන්

0 comment! හුහ්! මෙච්චර අමාරුවෙන් බර වචන ටිකක් ගැට ගහල පොස්ට් 4ක්ම ලිව්ව. කෝ.... කමෙන්ට්??? නැ. මම හිතන්නෙ මෙ කමෙන්ට් ඌනතාවයට ප්‍රදාන හේතුව මීට කලින් ලියපු ලිපි ලියල තියෙන භාශාව. ඒව හැම එකක්ම වගේ ලියල තිබ්බෙ ලිඛිත භාශවෙන් නොවැ. මම හිතන්නෙ ඒක තමා කමෙන්ට් නැති වෙන්න ඇත්තෙ. ඒක නිසා මම හිතුවෙ මේ ලිපියෙ ඉදන් ඉදිරියට ලියන ලිපි සාමන්‍ය අපි කතාකරන භාශවෙන් ලියන්න. :D

ඉතින් අද මාතෘකාව තමා නොදුටු සත්තු. මුලින්ම කියන්න ඔනෙ මේ ලිපිය ලියන්න බැකප් එක ගත්තෙ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉදිරිපත් කරල තියෙන කොඩෙටා වංශය(Phylum Chordate) කියන පොතෙන්. දැන් ඉතින් ලිපිය පටන් ගමුකෝ..

අපි හිතනවට වඩිය මේ ලෝකෙ මාර ලොකුයි. ඉතින් මේ ලොකෙ ඇතුලෙ අපි තමා ඉතින් මෑන්zzල! ;) මොකද අපිටනෙ ඉතින් පිළිමල් හැකියාව තියෙන මාපට ඇගිල්ලකුයි, සාපේක්ෂව විශාලතම මොළේකුයි තියෙන්නෙ. ඒත් ඉතින් අපි නොදන්න කොච්චර සත්තු මේ ලෝකෙ ඉන්නවද...? හොයාගෙන නැති සත්තු ආයින් කරන්නකෝ.. එත් අපි ඉතුරු සත්තු ටිකවත් දන්නවද? අද කඩවත නිවටන්ගේ තිනෙත යොමු වෙන්නෙ ඒ වගේ සත්තු කීප දෙනෙක් දිහාට.

ඔන්න මමනම් 10 වසරෙ හිටිය. ඉතින් අපිට විද්‍යාවට තිබිච්ච පලවෙනි පාඩමට තමා උභය ජීවීන් ගැන තිබ්බෙ. ඒත් හැම තැනම වගේ අපිට කියල තිබුනෙ උභය ජීවියෙක් කියල ඉතුරුවෙලා ඉන්නෙ ගෙම්බා විතරයි කියල. ඒත් තත්වෙ වෙනස්. බලන් ගියාම අපි නොදන්න ගොඩාක් උභය ජීවීන් ඉන්නව.

සලමන්දරා

ඇත්තටම සල මන්දරා කියන්නෙ හෙකනැලයෙක් වගේ සතෙක්. ඒත් හෙක නලයට වඩා ටිකක් වෙනස්. මොකද මූට ජලක් ලෝම තියෙනව. අන්තිමම සලමන්දරා ලංකාවේ ඉදල තියෙන්නෙ 1998 වසරෙ. දැන් උන් ලන්කාවෙ නැ. :/ මොකද කියනව නම් අපේ ගොන් මිනිස්සු හිතන් ඉන්නව උන්ගෙ ඇගේ අමුතු ඖශදීය ගුනයක් තියෙනව කියල. එක ඇත්තටම මිත්‍යාමතයක්. ඒත් එක නොදන්න අපේ කාලකන්නි මිනිස්සු ඒ සත්තුන්ව මරල දනව. ලංකාවෙ විතරක් නෙවෙ, මුලු ලෝකෙම මෙ ගොන් මිත්‍යාමතය තියෙනව. ලංකාවෙ වගේම ලෝකෙන්ම මේ වගේ සලමන්දර ශේෂ ගණනාවක්ම හොයගෙන තියෙනව. කීප දෙනෙක්ගෙ විද්‍යාත්මක නාම කියන්නම්.

Ambystoma tigrinum
Desmognathus fuscus (මෙතන රූපෙ තියෙන්නෙත්මේ සතා තමා)



ගාත්‍ර රහිත ඇම්පිබියාවන්

මෙන්න තවත් උභය ජීවියෙක්. හැබැයි මෙයාට කියන සාමන්‍ය නමක් නම් මේ පොතෙ සදහන් වෙල නැ. මමත් දන්නෙ නැ. අපෙ අම්මනම් කිව්වෙ ගැඩවිලෙක් කියල. ඒත් මෙයා ගැඩවිලාට වැඩිය හාත්පසින්ම වෙනස් සතෙලක්. විද්‍යාත්මක නමනම් Ichthyophis glutinosus. මෙයාගෙ තියෙන විශේශත්වය තමා පාද නැ. ඒත් මෙය රෙප්ටීලිය කෙනෙක් නම් නෙවෙ. මෙයා චූටි කලෙ ගතකරන්නෙ ඉස්ගෙඩි අවදියෙ. ඒකියන්නෙ සුහුබුලෙක් වෙන්න කලින් සම්පූර්න ජලජ ජීවිතයක් ගතකරනව. බිත්තරනෙ දන්නෙ. :D දැනට නම් ඉන්නෙ ඇමසන් වනාන්තරයෙ විතරයිලු. මම බය නැතුව තැන කියන්නෙ අපෙ ගොන් මිනිස්සුන්ට මුන්ව හොයන් ඇමසන් යන්න බැරි නිසා. :D


ඔන්න එහෙනම් අදට ඇතිනෙ. තවත් මේවගෙ අමුතු සත්තුගැන මේ පොතෙ තියෙනව, ඉස්සර්හට ලියන ලිපියකින් උන් ගැනත් ලියන්නම් කෝ..


පද ගැන්නුම:- පවිත්‍ර වීරප්පෙරුම

Monday, January 24, 2011

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ...

දිගුකාලයක් තිස්සේ ඒකාකරී ලිපි පෙළකට පසුව අද දේසවනට නොවැටෙන තරම් වූ ගීතයක් ඔබ වෙත් ගෙන ඒමට සිතුවෙමි.


අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ...
මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ...

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ......

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ....
මොන රජ දරුවද පැලකට වැඩියේ....

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ......





මේ ගිතයට කැමැති අයට මෙතනින් බාගත කර ගන්න පුලුවන්.

ගයනය: ටී. ඇම්. ජයරත්න මහතා

Thursday, January 20, 2011

අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස III

මම මීට පෙර ඉදිරිපත් කල පළමු හා දෙවන ලිපි මේවන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. මිනිසා යනු කව‍්උරුන්දැයි මා අමුතුවෙන් ඔබට මතක් කලයුතුව නැතත් අ පිළිබදව පුළුල් අවබෝදයක් ඒකී ලිපිවලින් ලබාගත හැකිය. කෙසේ වෙතත් අද එම අවිහිංසාව හා ම්ලේච්ඡත්වය අතර විද්‍යාත්මක වෙනස ලිපි පෙලෙහි අවසාන කොටස මෙසේ අරබමි. අද මෙම ලිපියට මාතෘකා විශය වී ඇත්තේ මිනිසා දයානුකම්පාව අතින් උස්-පහත් වීමට ඇති ජීව විද්‍යාත්මක බලපැමයි.

දිග මැනීමට කෝදුව භවිත කර හැක. බර මැනීමට තරාදිය භවිත කර හැක. නමුත් දයානුකම්පාව මැනීමට.....? ඒසදක වෛද්‍යවිද්‍යාවේදී භවිතා කරන්නෙ MRI තාක්ශනයයි. මෙහිදී මිනිසාගෙ මොළයෙ ස්කැන් ඡාය රූපයක් මඟින් අදාල පුද්ගලයගෙ දයානුකම්පාව මැන ගත හැක. මෙවැනි එක් පරීක්ෂණයක් සඳහා පෙම් වතුන් යුවලක් ගත හකිය. ඔවුන්ව එකිනෙකාට දුරස්ව තබා පෙම්වතාට සිව්ම් වේදනාවක් ඇතිකල විට එම වේදනාවට අනුරූපව පෙම්වතියගෙත් මොළය උත්තෙජනය වන බව මෙම පරීක්ෂණය මගින් සොයාගෙන ඇත. මෙය "ඔබෙ වේදනාව මටත් දැනෙනවා" සංකල්පයට සමාන එකකි.

දැන් මතුවන ගැටළුවනම් කෙනෙකු හිට්ලර්, බින් ලාඩන්, පොල් පොට් වැන්නෙකු වෙද්දී තවකෙකු මහත්මා ගාන්ධි, තෙරෙසා මව්තුමිය, මටින් ලූතර් කින් වැන්නන් වෙන්නෙ කෙසෙද යන්නයි. ඔව්...මෙයටද එකී MRI තාක්ෂණය යොදා ගත හැක. එහිදී හෙලිව ඇත්තෙ විවිධ ප්‍රචන්ඩ ක්‍රියා වල නිරත වෙද්දී මස්තිශ්කයෙ 'ඇමිග්ඩලාව' නම් ප්‍රදෙශය වෙනස් හැසිරීමක් දක්වන බවයි. තවද මෙවැනි ම්ලෙච්ඡ ක්‍රියාවල යෙදෙන විට මොළයේ ලලාට ඛන්ඩිකාවේ වෙනස්වීම් ද සිදුවේ. තවද මේම ප්‍රදේශ වලට ආපදා සිදු වූවන් ගෙ මෙවැනි ගතිලක්ෂණ මරු වූ බවටද වාර්තා වී ඇත.

පරිනාමයේදී සැම විටම සිදුවන්නෙ අදට වඩා වැඩි ජාන ප්‍රමාණයක් ඊලග පරම්පරාවට එකතු කිරීමයි. ඒ කෙසේවෙතත් මානව පරිණාමය තුළ සදාචාරයට ඉතා ඉහල ස්තනයක් හිමිවිය යුතුය.

අවසාන වශයෙන් මේ ලිපි පෙල අවසන් කිරීමට මම Edumund Burke ගේ කියමනක් යොදාගනිමි.


නපුරේ විජයග්‍රහනය පිනිස
හොඳ මිනිසුන්
කළයුතු හොඳම දේ
කිසිවක් නොකර සිටීමයි.

...

The only thing necessary
for the triumph of evil is for
good men
to do
nothing.

...




සටහන:- පවිත්‍ර වීරප්පෙරුම
මූලාශ්‍රය:- Time සගරාව (2007.12.03)
Related Posts Plugin for WordPress, Blogger...