Tuesday, February 22, 2011

ලෝක විනාශය අතලඟයි......

ඕන් සුළැඟිල්ල සුපුරුදු විදියට ඊයෙ රාත්තිරියෙත් සුරුට්ටුවක් පත්තු කරගෙන දුන්ගුලියක් යවමින් පරිගනක යන්තරේ ඉස්සරහින් ඉදගත්තයි කියමුකෝ. එයෙත් වෙනද වගේම 11හේ කනිසම වදිනකොට බ්ලොග් කියවිල්ලත් පටන් ගත්ත. ඒත් හවස් වරුවෙ සැලකිය යුතු ප්‍රමානයක් කියවල තිබුනු නිසා රාත්තිරියෙ කියවන්න ඉතුරුවෙලා තිබුනෙ 1යි 2යි. ඒක නිසා කම්මැලි කම යන්නත් එක්ක කියෙව්ව පරන බ්ලොග් පොස්ට් කීපයක්... ඒ අතරින් හිතගියේ කනියගෙ සටහනේ තුබුනු 1ට. ඒකෙ තිබුනෙ අපේ ඇඟේ හරිතප්‍රද තිබුනනම් ශෝක් කියල. ඉතින් මට නින්දට ගොහිනුත් මතක් උනේ ඒ ගැන. අපේ ජීවවිද්‍යාවෙ නව ප්‍රවනතා ගැන. හ්ම්ම්ම්ම්ම්, මට නම් හිතෙන්නෙ අපි මේ යන්නෙ එච්චර හොදකට නෙවේ කියලයි. කතා අති... මේකයි විස්තරෙ............,,,,,,

___________________________________________

ඔයාල දන්නව ඇතිනෙ ජාන ඉන්ජිනේරු විද්‍යාව ගැන්. සරලව කෙටියෙන්ම කිවුවොත් මෙකෙදි වෙන්නෙ ක්‍රොස් කරනව වගේ වැඩක්. හික්. අරකෙ තියෙන DNA මේකෙ තියෙන DNA එක්ක කවලම් කරනව. යද්දි සරල උනාට වැඩේ එච්චරම ලෙසිත් නැ. ඒවගේම ඒච්චරම හිතකාමීත් නෑ. හරිම භයානකයි. මට නම් හිතෙන්නෙ කවුරු උනත් අපේ අච්චුව හදපු එකා තමාගෙම වල කපාගෙන කියලයි. මොකද මෙ අපිට විශාල කපල ධාරිතාවක් දීම නිසා අපි මුලු සොබාදහමම අභිබවා යමිනුයි තියෙන්නෙ. අමහ ලොකු ජයග්‍රහනයක් කියල හිතුවට විශාල පරාජයක් ...

උලින්නම මම දන්න විදියට මේ තාක්ෂනය යොදාගෙන පිස්සු වැඒ තමයි දුන්කොළ ගහට කාලා මැදිරියගෙ තියෙන ජෛවසන්දීප්ත (bioluminescence) ජාන බද්ද කරපු එක. ඒහෙම බද්ද කරපු ගහ තැලුවම කලාමදිරිය වගේ එලිය එනව. මොකෝ මේ වැඩෙන් සුරුට්ටුව ටෝච් 1ක් වගේ ගන්නද? කිසිම වැඩකට නැතිදෙයක්. ඔන්න ඔය වගේ මෝඩ පරීක්ෂන අදටත් සිද්ද වෙනව.

අව 1ක් කියන්න ඔනෙ. Escherichia coil ගැන. පව් අහින්සකය. හැම පරීක්ෂනයටම වගේ ගන්නෙ ඌව. හයක් හතරක් තෙරෙන්නෙ නැති අහින්සක බැක්ටීරියාවක්. එයාගෙ ඇඟ ඇතුලෙ තියෙන චක්‍රීය DNA දාමයට මතරම තවත් ප්ලාස්මීඩයක් තියෙනවනෙ. ඉතින් අපෙ විද්‍යාඥ අයියල ටික එක කපල එක එක DNA කැලි හයි කරනව. එක ඒතරම්ම නරකත් නැ. මානව ඉන්සියුලින් හදන්නෙත් එහෙමලුනෙ. එකින් අර බැක්ටිරීයවට ඉලග ආත්මය සුන්දර කර ගන්න මග පෑදෙවි කියල හිත හදාගන්න පුලුවන්. ඒත් මේ වගෙ පන්දිත වැඩ අර අයියල ඕනෙ නැති තැන්වලට ගන්න එකනෙ වරද.

උදාහරනයක් කියුවොත්... සමහර විට ඔයල දනව ඇති පසෙ ඉන්න නයිට්‍රිජන් ප්‍රයෝජ්‍යකරන බැක්ටිරියා. ඒ අය නයිරිජනේස් කියන එන්සයිමෙන් පසේ තියෙන නයිට්‍රිජන් වායුව ශාක වල්ට අවශෝශනය කර ගන්න පුලුවන් විදියට හදල දෙනව. ඉතින් කලින් කියපු බක පන්ඩිත අයියල මොකද කරන්නෙ... ඒ බැක්ටිරියා වන්ගේ ඒ එන්සයිමය හදන්න මුල් වෙන DNA අනු ශාක වලට හයි කරන. සැමට සමාන්ත්ම තාවයලු.. ආච්චිගෙ තට්ටෙ. අපෙ සොබාදහම ගස්වලට එක විදියකුයි බැක්ටිරියාවන්ට තව විදියකුයි අච්චු හැදුවෙ ඔනෙ නිසානෙ. මුන් කොකටද පන්ඩිත වඩ කරන්නෙ. අහෙම කරාම වෙන්නෙ වායුගෝලීය නයිට්‍රිජන් සීඝ්‍රයෙන් නැතිවෙන එක. ඒතකොට වායුගෝලීය තුල්‍යතාව බිදෙනව. ඒ විත්‍රක්ද අධික ලෙස නයිට්‍රිජන් ලැබීම නිසා ගස් ඔනෙ වට වැඩිය ලොකු වෙනව. එතකොට පැලෑටි මට්ටමෙ තියෙන ශාක වද වෙනව.එක තෙරුම් ගන්න බැරි හරක් ටික කාරල වැඩක්. අනේ මුන්ට විද්‍යාඥ පට්ටම දුන්නට වැඩිය හොදයි හරක් බලාගන්න දුන්නනම්..

ඔය වගේම තමා අර කනිය කියන විදියට මිනිස්සුන්ට ප්‍රභසන්ස්ලේශනය කරන්න දුන්න නම් වෙන්නෙත්.. ඒක මීට වඩිය භයානකයි. මොකද මිනිස්සු ත් මෙහෙම ආහර නිපදවද්දි ශාකමය ආහර භාවිත කරන්න අය අඩුවෙනව. ඒ වගෙම ප්‍රභාස්න්ස්ලේශක ඵලයක් වන ඔක්සිජන් වැඩිවෙනව. ඒකියන්නෙ ඒතනදි වෙන්නෙත් වායුගෝලිය තුලිත තාව බිදිල යන එක. ජීවින්ට ඔක්සිජන් අත්‍යවශ්‍ය සාධකයක් තමා.. ඒහ් ඕනවට වැඩිය ලබීමෙන් මරනය ඇතිවෙනව.

ඉතින් මම දකින විදියට නම්.. අපෙ මෙහෙම ගියොත් ලොකේ විනාශ වෙන්නෙ මහා පිපිරීමකින්වත් මහා ජල ගැලීමකින් වත් නෙවෙ. සමහර කල්ල කන්නි මෝඩ උගතුන් කරන සොයාගැනීම් නිසා...

15 comments:

  1. ඇත්තට අපිත් මොකක් හරි හොයාගත්තම නියමයි නියමයි කියලා කෑ ගහනවා , නරක පැත්තක් ගැන මතක් වෙන්නේම නෑනේ,

    නියම ලිපියක් :)

    ReplyDelete
  2. හික් හික්.. ඒකතම බන්.. ඒත් හොද සොයා ගනීමුත් තියෙනව. කාල කන්නි සොයා ගැනීමුත් තියෙනව. කොහොම උනත් ස්තූති ප්‍රතිචාරයට...

    ReplyDelete
  3. උඹ හීනෙන් බය වෙලා ;)

    ReplyDelete
  4. @පූසා... ඔව් අනෙ මම බය උනා තමයි.... :පී

    ReplyDelete
  5. හොද ලිපියක් මල්ලී

    ReplyDelete
  6. @නදීශාන් බොහෝම ස්තූති ප්‍රතිචාරයට......

    ReplyDelete
  7. වැදගත් ලිපියක්. කම්මැලි නැතුව කියෙව්ව. මේකෙ තියෙන දේවල් ඇත්ත කියලත් හිතෙනව. ඒත් සොබාදහමෙ වෙනසක් අවශ්‍ය නැත්නම් මිනිසා බිහිවුනේ අහවල් දේකටද කියලත් හිතෙනව

    ReplyDelete
  8. හොඩක් දෙනා නොදකින පැත්තක්, හරිතප්‍රද තියෙන, ප්‍රභාසංස්ලේශනය කරන මනුස්සයෙක් කිව්ව්ම ඉතිං මතක් වෙන්නෙ, අඩේ කඩෙං කන්න ඕනෙ නෑ නෙ, සල්ලි සේරම ඉතුරුයි කියල නේන්නං.

    ReplyDelete
  9. @astro ඔයාගෙ ඔය පුන්චි මොළේට ඔහොම හිතෙන එක පුදුමයක් නෙවෙ. සොභාදහම වෙනස් වෙන්න ඔනෙ තමා.. ඒත් එ වෙන්න ඔනෙ විදියට...!!!

    @නවන්මාවත..ඔහොම හිතෙන්නෙ අපි දෙයක් දිහා දකින කොට.. ඒත් ඒ දේ දකිනවට වඩා නිරීක්ෂනය කොරොත් ගොඩක් දේවල් පෙනෙයි.

    ReplyDelete
  10. මේ...ඇගිල්ලෝ......උඹ දැන් දැන් දාන එව්වා හෙන බර වැඩි නේ බන්.. රා මුට්ටියක් බීලා වැනෙන්න වෙන ප්‍රශ්නයක් තමා හැබෑට....

    ReplyDelete
  11. @රත්ත.. ඒහෙමතම සහෝ.. පුන්චි පැලේ ලොකු වෙනා කියල අපිත් ලොකු වෙන්න ඔනෙනෙ.. :පී
    තැන්කූ ප්‍රතිචාරයට... :D

    ReplyDelete
  12. නියම පෝස්ට් එක මචං ආසාවෙන් බැලුවා . අද කමෙන්ට් එකක් දාන්න පට්ට කම්මැලියි ඒත් මේක බලල අහක බලාගෙන යන්ට බෑ නෙව ..

    එල ...

    ReplyDelete
  13. lassanata liya thibe newotn sahodaraya !!!!
    ela ban ohoma yamu !!! al the best

    ReplyDelete
  14. @හිස් අහස.... තැන්කූ මචන් ප්‍රති චාරයට....

    ReplyDelete
  15. @සචින්.. හෙ හෙ තැන්කූ වේව ප්‍රතිචාරයට...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...