Friday, February 18, 2011

ජය ජය ශ්‍රී ලංකා


ඔහ්... ලෝක කුසලානෙ... හැම තැනම හැම දාම මෙක අපිට අමුතු වචනය්ක් නෙවේ නෙ. මේ දවස් වල ඉතින් ලිය වෙන තරමක් බ්ලොගි ලිය වෙන්නෙ මෙ මාතෘකාව ගැනනෙ. (ලෝක කුසලානෙ ගැන ලිය වුනු මම දැකපු හොදම ලිපිය රත්ගමය ලියපු එක.) හිකිzz ඕන් මම කිවුව මම නම් ක්‍රිකට් වලට පොඩ්ඩක්වත් කැමතිනැ... ඒත් ඉතින් හැමෝම ඒ ගැන කාතාකරද්දි අම විත්‍රක් කතානොකර ඉන්න එක අඩු පාඩුවක් නේ.
ඕන් එහෙනම් ලියන්න පටන් ගත්ත. ඒත් මේක එච්චර ක්‍රිකට් වලට පක්ෂපාතී වෙන එකක් නැ. මොකද මේක ලියන්නෙ ටිකක් තරහින්. ඔයාල මූණුපොතෙ ඉන්නවනම් දන්නව අතිනෙ මේ දවස් වල තත්වෙ. ශ්‍රී ලන්කාව අංක එක ලියල ක්‍රිකට් බෝලෙකුත් එක්ක තියෙන රූපවලට අමූනනව. ඊට පස්සෙ ඉතින් කට්ටිය එකට කමෙන්ට් කරන කොට අපේ නොටිෆිකේශන් පිරෙනව. මේ ලගදි දවසක මාවත් ඔය වගෙ ප්න්තූරෙකට ටැග් කරල තිබ්බ. මල වදේ බැ කොයි වෙලෙත් නොටිෆිකේශන් එන නිසා මමත් කමෙන්ට් 1ක් දම්ම. ඒත් එකනම් එච්චරම ක්‍රිකට් වලට පක්ෂපාතී නැ. මොකද ඒක මගේ ඉස්සර ඉදලම තිබුනු ආක්ලපයක්. ඉතින් මම ඒ දාපු කමෙන්ටෙක දැකල කීපදෙනෙක්ම මට බැනල තිබුන මම දේශද්‍රෝහියෙක් ය කියල. හ්ම්ම්ම්,

ඇත්ත.. ක්‍රිකට් කියන්නෙ හොඳ සෙල්ලමක් තමා.. ඒත් අද අපේ රටේති ක්‍රිකට් කියන්නෙ මොකද්ද?? සමහරක් ක්‍රිකට් ක්‍රීඩකයො අයිස්ක්‍රීම් විකුනනව. තවත් සමහරු සෝසේජස් හදනව! මේකද ක්‍රිකට් කියන්නෙ. අද ක්‍රිකට් කියන්නෙ තනිකරම වෙලදාමක්.. යන්තන් මේ වගේ තරගයක් කිට්ටු වෙන කොට ගායක ගායිකාවො මොකක් හරි කුනුහරුපයක් කියල තමන් හම්බකර ගනවව. මෙකද ක්‍රිකට් කියන්නෙ??? ඒ මදිවට උන්ගෙ පශ්චාත් භාගෙ ලෙවකන ඈයො අපිට දේශද්‍රෝහින් කියල කියනව. මේකයි අද රටේ තතවෙ.

ඒ අයවගේම මමත් කැමතී අපෙ රට ලොකෙන්ම අංක එක වෙනවට. ඒට් ඔය ක්‍රිකට් වලින් නෙවෙ. මොකද ඒක අද වෙලදාමක් විතරයි. ඇයි අපිට බැරි මෙ රට ද‍රමද්වීපයක් කරගන්න...?? මුලු ලොකෙන්ම මෘදුකාංග මන්කොල්ලය අඩුවෙන්ම සිදුවන රට! කරන තරමක හොර කොපි ගගහ සොෆ්ට්වෙයර් විකුනනව. එහෙම කරකර එනව අපිට දේශද්‍රෝහීන් කියන්න.!!! මහලොකු ධර්මද්වීපය... දවසකට 10000ක් ගබ්සා වෙනව. ඒව දේශද්‍රෝහී කම් නෙවේ. අපි මේවගේ සුද්දන්ගෙ පශ්චාත් භාගෙ ලෙවකන ක්‍රීඩා විවේචනය කරාම තමා දේශද්‍රොහියෙක් වෙන්නෙ. හ්ම්ම්ම්ම් කමක් නැ..
ඔළුවෙන් හිටගෙන ඉන්න අයට කොහොමත් කෙලින් හිටගෙන ඉන්න අයව පේන්නෙ ඔළුවෙන් හිටගෙන වගේනෙ...
තමන්ගේ දෙශද්‍රෝහීකම වහ ගන්න අනිත් මිනිස්සුන්ට දොස්කියන සමාජයක් ඉන්නකන් නම් කවදාවත් කියන්න බැ අපේ රට අංක එකට එයි කියල...!!!!!

15 comments:

  1. අඩෝ තවත් cricket වලට අකමැති එකෙක් සෙට් වෙච්ච එක ලොකු දෙයක් :D

    ReplyDelete
  2. @හසිය.. හෙ හෙ තැන්කූ මචන්.. මටත් ඒ වගේම සතුටුයි...

    ReplyDelete
  3. FB හරහා ක්‍රිකට් එපා කියන්නෙත් මං අඳුරන යාලුවෙක්. උඹට දේශද්‍රෝහිය කියල බැනල තිබ්බෙත් මගෙ යලුවෙක්. අනේ මන්ද බං. මමත් ඔය ක්‍රිකට් වලට පොඩ්ඩක් වත් කැමති නෑ. ගහන්න කැමතියි. මැච් බලන්න කැමති නෑ.

    ReplyDelete
  4. හක් හික්... ඔවොව් උබෙ වෑඅම මගෙත් යාලුවෙක්...තමා වූ.
    ඒ වුනාට මම මෙතනදි චෝදනාකරේ එයාට විතරක්ම නෙවෙ මල්ලි..
    හෙ හෙ කෙසේ වෙතත් උබල වගේ අයසිටීමත් ලොකු වාසනාවක්... තැන්කූ ප්‍රතිචාරයට.

    ReplyDelete
  5. උබ කාගෙන් අහලද බොල මගේ පිංතූරෙ දැම්මෙ.. කෝම උනත් මම මේක කියවන්නෙ නෑ.... උබ මට ගැහුව මඩ මට ඇති...

    ReplyDelete
  6. මමත් ඉස්සර ක්‍රිකට් ගැහුව, ඉස්කෝලේ ටීම් එකටත් සෙල්ලන් කළා. දැනුත් මැච් බලනවා, හැබය් ඉස්සර වගෙ ග්‍රවුන්ඩ් එකට ගිහින් නෙමෙය් හුඟක් වෙලාවට, රුවාහිනියෙන් තමය්. හුඟක් අයට අමතක එකක් තමය් 1996 යේ වර්ල්ඩ් කප් {ක්‍රිකට්} ගහන්න කලින් ලාෆීර් කියල පොරක් බිලියර්ඩ් වර්ල්ඩ් කප් එක ලංකාවට ගෙනාව. ඒකත් හැබය් සුද්දන්ගෙම සෙල්ලමක් නං තමා.

    ReplyDelete
  7. සිරා කතාව මල්ලී.

    ReplyDelete
  8. @vidu ඔයා නොකියවෙවුවට කමක් නෑ මලෙ... කොහොමහරි පුහුල් හොරා කරෙන් දැනේ කියල හැමෝම දැන ගත්තනෙ.. :P : P ඔයාගෙ පොටො එක මම හොරකන් කරෙ ඔක නිසා තමයි මට දේශද්‍රෝහිය කියල කිවුවෙ ඔය පොටො එකෙ අයිති කාරය.

    ReplyDelete
  9. @Observer හ්ම්ම්ම් හැමෝටම අම්තකයි ඒකලෙ දේවල්. මොනව කරන්නද ඒ මිනිස්සුන්ගෙ හැටිලුනෙ. අදකාලෙ ක්‍රිකට් පිටිවල වෙන කෝඅලම් දැක්කම ඉස්සර එ ක්‍රීඩාව උත්තරීතර විදියට කරපු අයටත් ලැජ්ජාවක්.. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට...
    @නදීශාන්-- තැන්කූ අයියෙ ප්‍රති චාරයට...

    ReplyDelete
  10. බැනපන්...තෝ කොච්චර බැන්නත් අපි බලනව ඩෝ...විකුනන එවුන් විකුනයි.සින්දු ගහන එවුන් ගහයි.....අපි බලන්නේ මැච් එක.....
    තෝපේ ගෙදර ටීවී කුඩු කරනවා ඉකේයියා හරිය

    ReplyDelete
  11. @රත්ත --- අඩේ මෙ මොකද්ද බන් උනෙ... මමට පේන විදියට දැන් ක්‍රිකට් කියන්නෙත් උන්මාදනීය රෝගයක් වගෙ.. හෙ හෙ මම උබට බලන්න එප කිවුවෙ නැනෙ. උබ බලපන.

    ReplyDelete
  12. නියමයි පොස්ට් 1ක එල එල....
    ඔන්න මමත් එකගයි

    ReplyDelete
  13. @සංජය බොහෝම සතුටුයි මචන්..

    ReplyDelete
  14. මේ මම අර software හොර copy ගන දාපු එකට නම් විරුද්ධය.,(හොර copy ගන්නෙ නැතුව orginal එව ගන්න bill gates අපි ට සල්ලි දෙනවය්) හැබැඉ අනිත් ඒව නම් හොඩා......:D:D:D:D:D

    හැබැඉ එල එල!!!!!!!!!!!!!!,,,,,.

    ReplyDelete
  15. ලොල්ය.. ඉතින් මචෝ ඒකටනෙ පොස් තියෙන්නෙ... :D ඕපන් සෝස් සොෆ්ට් වෙයර් යූස් කොරානම් කිසි හෙනයක් නැතුව ඔරිජිනල්ම ගන්න පුලුවන්නෙ...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...