Thursday, February 10, 2011

මට උනු ඇබැද්දිය


:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
හිනා වෙනව... ඇත්තටම මෙ දවස් වල ටිකක් මට හිනායනව වැඩී තමා. මගෙ මූනු පොතේ ඉන්න යලුවො එහෙම නම් දන්නවත් අති.ඇත්තටම හිනාව කියන්නෙ මේ ලොකෙ තියෙන හොදම තැග්ගනෙ. හැබැයි වෙලාවකට එක කරදරයකුත් වෙනව. මට උනා වගේ. ඔව්. මේ සිද්දිය උනේ බයෝ ක්ලාස් එකෙදි. ඇත්තටම මට ටිකක් වැඩිපුර හිනා යනව. මුලින්ම සර් පන්තියට එනකොටම මට මහ හයියෙන් හිනා ගියා. ඔහොම හරි පංතිය පටන් අරන් පය 2ක් විතර යනකොට මට 5 පාරකට වැඩිය හිනා ගියා. ඒක නිසා මාව සර්ට හොදට නොට් වෙල තිබුනෙ. බැක්ටීරියාඅන්ගෙ ව්‍යුහය ගැන කිය දෙනව. ඒ අතරම සර් බැක්ටීරියවන් දෙන්නෙක් ඒ අයගෙ sex pilli වල්න් සමයුග්මනය(conjugation) වෙන විදියෙ රූපයක් ඇන්ද... කිරි අප්පට කපුටො කොටපි.... මුලු පන්තියම දෙදරන විදියෙ හිනාවක් මට ගියා. ඒක ඇහිච්ච අනිත් ළමයිනුත් හිනා උනා.අප්පේ ඒ වෙලාවෙ අපේ සර් ගෙ මූන .... මම දිහා කන්න වගේ බලගෙන ඉදල... ටිකවෙලාවකින් මට අම්බානෙට බන්න... වස නෝන්ඩිය. එට පස්සෙ සර්ගෙ පාඩම උනේ සමයුග්මනය නෙවෙ. හිනාව. අද සටහන සර් කියපු කතාවෙ සාරන්ශයක්.

ඇත්තටම මිනිස්සුන්ට හිනාව ඒකියන්නෙ සතුට, වගේ එව එන්නෙ කොහොමද? ඔව් ඒ මොළෙන්. ගොඩක් අය දන්නවනෙ මොලේ අතුලෙ ස්නායු තියෙනව කියල. එව දෙකක් එකිනෙක සම්බන්ද වෙන්නෙ උපාගමය කියන තැනින්. ඒත් එක් එක් ස්නායු සෛල එකිනෙකටසම්බන්ද වෙලා නැ. එක් ස්නායුවකින් අනික් ස්නායුවකට ආවෙගයක් යන්නෙ උපාගමය හරහා රසායනිකයක් විදියට. ඉතින් මේ සතුට කියන ආවේගයට අදාල රසායනිකය තමයි Dopamine (C8H11NO2) කියන්නෙ. අසතුටත් මෙ වගේ මයි ලු. එතනදි ආවෙග ගමන් කරන්නෙ GABA, Seratonin වගේ හෝමොන. එතකොට අද නිතරම අහන්න ලැබෙන වචනයක් තමයිනෙ විශාදය කියන්නෙ. මේ විශාදය හැදෙන්නෙ ගැබා වගේ හොමොන වැඩි උනාම. ඒවා අසාමන්‍යවිදියට අඩු උනාම මේනියව හැදෙනවලු.මේනියාව කියන්නෙ අසාම්න්‍ය අහෙතුක සතුට.( සර්මට බනිද්දි ඔය ලෙඩෙතියෙනවද කියත් හැව්ව.) ඒතකොට විශාදය කියන්නේ ඒකෙ අනිත් පැත්ත. විශාදයනම් හැදිල බෙහෙත් ගත්තෙ නැත්තන් නවතින්නෙ සියදිවිනසාගෙන තමා. මේනියව එච්චර භයානක නැ. උපරිම පිස්සන් කොටුවට යන්න පුලුවන්. :D
ඒ හැම රෝගයක්ම හැදෙන්න හෙතුවනම් නිශ්චිත නැ. මානසික ආතතිය වැඩි උනාම මොළෙ නියුරෝන වල ක්‍රියාකාරිත්වය විශම වෙලා මේ හොමොන නිපදවීමෙ සාන්ද්‍රනය වෙනස් කවෙනව. එතොට තමා මෙ ලෙඩ හැදෙන්නෙ. ඒත් මෙ ලෙඩවලට බෙහෙත්නම් තියෙනව අති වෙන්න. ඒත් තියෙන අවුල එව අපිට පාමසියෙන් ගන්න බැහැ. මොකද අපේ මිනිස්සු මේ බෙහෙත් පත්ද්‍රව්‍ය විදියට භවිතාකරනවනෙ. මේ ලගදි අර අනුරාදපුරේ පත්තෙ ඉස්කොලෙකින් අල්ලලා තියෙන්නෙත් dopamine drug 1ක්. එක ගත්තම හිනා යනවලු අම්බානෙට.

ඔන්න ඔකයි තත්වෙ. මොනා උනත් මගෙ හිනාවත් අඩුකර ගන්න ඔනෙ. ඒත් මගෙ හිනාව නිසා මම නොදන්න ගොඩක් දේවල් මම වගේම පන්තියම ඉගන ගත්ත. :D :D :D :D :D

12 comments:

  1. යකෝ....තේරෙන දෙයක් දාපිය....දැන් ඔය ඕකුන් හිනා උනේ නැතොත් මගේ බ්ලොග් එක බන්කොලොත් වෙනවා

    ReplyDelete
  2. හෙ හෙ සර් කිවුවෙ එහෙමයි...
    :D :D :D :D :D :D
    යකෝ ලෙඩක්වෙන්නෙ අහේතුක සතුට... :D :D :D :D

    ReplyDelete
  3. "dopamine drug 1ක්. එක ගත්තම හිනා යනවලු අම්බානෙට"

    අහ් ඒකයි මේ

    ReplyDelete
  4. හරි හරි ඉතින්. වැල්වටාරම් ඕනෙ නෑ නෙ. ඔය මොකක්ද එක ඔයත් ගන්නව කිව්වනම් ඉවර නෙ.

    ReplyDelete
  5. අඩෝ මටත් හිනා වෙන්න ඕනෙ බන්

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D::D

    ReplyDelete
  6. @චනක අනිව බන් අම්බානෙට හිනායනව ලු.. :D :D :D :D :D :D :D :D
    @සුදු මහත්තය... අනෙ මම ඔක ගැන ඇහුවෙ ක්ලාස් එකෙදි බන්... මම ගන්න ඩොපිමයින් 1ක් නෑ...
    @හසිය.. ඉතින් ඩොපිමයින් තියෙන්නෙ... බන් හිනාවෙන්න.. :D :D :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
  7. මම ඔයාගෙ බ්ලොග් එකෙන් දැකපු වැදගත් ම ලිපිය. තව පුලුවන්නම් මේ වගේ මානසික රෝග ගැන, මිනිස් සිතේ ඇති වන දේවල් ගැන ලිපි ලියන්න

    ReplyDelete
  8. ඇස්ටර්.. ඔව් බන් මෙ දවස්වල මම psychology ගැන හොයන්නව.. අනිව තව මේ ගැන හොයල නිර්වද්‍යතොරතුරු පොස්ට් 1ට දානව. බොහෝම ස්තූති උනන්දු කරාට...

    ReplyDelete
  9. මල්ලී මේක බෝවෙන රෝගයක්ද?

    ReplyDelete
  10. @නදීශාන් නෑ නෑ අයියෙ.. බෝවෙන ලෙඩවලට ව්‍යාදිජනකයෙක් ඉන්න එපැයි.. :D මේකමොලෙ සෛලවල ඇතිවෙන වෙනස්වීමක් හේතුකරගෙන ඇතිවෙන ලෙඩක් නිසා බෝවෙන්නෙ නෑ.. :D :D

    ReplyDelete
  11. හපොයි... මූට නං මටත් වඩා පිස්සු.. හැබැයි මම වගේ එකෙක් හරි ඉන්න එක ගැන සන්තෝසයි.. :D

    ReplyDelete
  12. හෙ හෙ මචන් මගේ බ්ලොගියත් කියවල බලල ප්‍රතිචාරයක් දක්වපු එකට බොහෝම ස්තූතියි. ඒ වගේම මටත් සතුටුයි එක එක වල් පල් නොලියන උබ වගේ එකෙකුත් හම්වීම ගැන..

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...