Wednesday, February 2, 2011

ඔන්න අද මම කියන්න යන්නෙ ටිකක් කනට නොහුරු සිංදුවක්. ඒත් මගේ ගොඩක් යාළුවොනම් කියන්නෙ මෙක මගේ ජාතික ගීය කියල. :D කතාවෙ යම්කිසි සත්‍යතාවයක් තියෙනව. මොකද මම ආසම සිංදුව මෙක තමා. මම හරිනම් මේක මීට ඉස්සර දාන්න ඔනෙ. එත් මෙ දැන්තමා mp3 එක හම්බ උනේ. ඉතින් හම්බිච්ච ගමන්ම තමා මෙ පොස්ට් එක ලියන්නෙ.. :) කතා ඇති. ඇන් අහමු සිංදුව.....!!!


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද....

ගායනය- චන්ද්‍රලේඛා මහත්මිය.
සිංදුව මෙතනින් බාගන්න පුලුවන්....

4 comments:

  1. පට්ටා සින්දුව....තේරුමත් එල...... ජය වේවා!!!

    ReplyDelete
  2. තැන්කූ මචන් දිරිගැන්වීමට! මෙ වනසිවු පවුන් වගේ මිනිස්සු ඉන්න සමාජෙක උබවගේ එකෙක්ව හමු වීම සතුටක්!!!

    ReplyDelete
  3. නියම සින්දුවක් මල්ලී. මේ කාලෙට හොදට ගැලපෙනවා. ඔබට ජය!

    ReplyDelete
  4. තැන්කූ තැන්කූ අයියෙ ප්‍රතිචාරයට!!!!

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...