Wednesday, October 31, 2012

එතකොට අර හාදයා...? | ඇඟිල්ලා සහ පොඩි එකා ඉන් මියුසියම්...

වෙනසකටත් එක්කලා කතන්දර පොඩ්ඩක් කියනටෙයි යන්නේ.. ක්‍රියෙටිවු මෙව්ව එක ගැන ලියපු කතන්දරේ මතකයි නේ.. :D අද ලියන්නෙ එහෙම එකක් නෙවෙයි.. අර 2050, 2100 ගැන කිව්ව වගේම මෙදා පරා ඇඟිල්ලාට අනාගතේ දවසකට යනට ලැබිලා... :D


ඔන්න ඇඟිල්ලා, මිනිහාගේ පොඩි එකාවත් එක්කගෙන යනවලු මියුසියම් එක පෙන්නන්න.

ඉතිං ඇඟිල්ලත් ඔතන තියෙන විවිද බඩු මුට්ටු ආදිය පෙන්න පෙන්න විග්‍රහ කරනවලු...

පුතේ අර තියෙන්නෙ ස්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ නෝනා ඇඳපු හැට්ටේ.. එහෙන් ගියාම පුතේ මේ තියෙන්නෙ අවුරුදෙ ගොඩක් පැරැනි කඩුවක්... ඒ දවස් වල අපි පොඩි කාලේ මේක කවුද කට්ටිය උස්සලාත් තිබිලා මේ ලඟදි තමයි හම්බුනේ.. 

ඔන්න ඔහොම ජයටම වැඩේ නැගලා යද්දි අර කඩුවත් අතේ තියන් ඉන්න අහ්වල් රජතුමාගේ පින්තුරෙයක් එල්ලලා තියෙනවා බිත්තියේ...


ඇඟිල්ලත් ඉතිං උගුර පාදලා මේ රජතුමා ගැන විතර කරල දෙන්වලු ඕන්..

පුතේ මේ ඉන්නේ අපේ කාලෙ හිටපු පට්ටාම රජතුමා.. එතුම තමයි තුන්සිංහලයම එක්සේසත් කරේ. එතුමාගේ කාලෙ ගැන නම් කියලා නිම කරන්න බෑ පුතේ.. 
බර විස්තරයක් කරගෙන ගියාලු ඕං..

දැන් පුතාට තේරෙනවා නේද මේ අපේ අහවල් රජතුමා අපිට කොච්චර නම් වැදගත්ද කියලා..?

කතාව ඇඟිල්ලා ඉවර කරාට මොකද ඇඟිල්ලගෙ පොඩි එකත් ඉතිං මාර ඥානවන්තයා.. ඌ අනික් පැත්තට අහාපි,

එතකොට අර එයාගේ පිට උඩ නැගලා ඉන්න හාදයා කවුද තාත්තේ...


ප.ව. ඔන්න බලන්නකො අද කාලෙ හැදෙන ළමයි...

ප.ප.ව. වැඩ රාජකාරි බහුල හින්ද පුංචියට කතා කෑල්ලක් දැම්මා.. ඇහැ මේ අහවලා නෙවෙයි එහෙමනම් ඉතින් රිබන් පටිය තියෙන්ට එපැයි!


10 comments:

  1. ආ..එතකොට මේ "අර" රජතුමා! එල එල ඈ!!

    ReplyDelete
  2. රිබන් එක කිව්වෙ රතු පාට එකද්?මියුසියමට හොරු පැන්නම ඒකත් උස්සල කියල පත්තරෙ තිබ්බ.එහෙනම් මේ අහවල් ‍රජාගෙ මෙව්වෙක ෞස්සන්න තමා හොරු පැනල තියෙන්නෙ.ඕප්ස්.මට හිතුනා.
    ඇගිල්ලගෙ පොඩියෙකත් පියා වගෙම නැතෑ.හික්ස්.පට්ට කතාව.:)

    ReplyDelete
  3. ආ මේ එතුමා නෙවෙයි එතුමගේ පුතා !!

    ReplyDelete
  4. //අහ්වල් රජතුමාගේ පින්තුරෙයක් එල්ලලා තියෙනවා බිත්තියේ...// නියමයි නියමයි

    ReplyDelete
  5. එලකිරි පොස්ට් එකක් ජය,....

    ReplyDelete
  6. මොනා උනත් සිරා කතාව..

    ReplyDelete
  7. සිරාවට කව්ද බං පිටේ නැගල ඉන්න එකා ?

    ReplyDelete
  8. නැපෝලියන් ගැනත් මෙහෙම කතාවක් අහලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. නැපොලින් මොකො අහවලා මොකො.. මේ එකෙ සිංහල අනුනාදය.. :P

      Delete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...