Sunday, October 28, 2012

අවජාතක සහ ස්වයංජාත කියන එකේ ලොකු වෙනසක් තියෙනවා!

ඔන්න අදත් ආව සති අන්තේ වචන අන්තරයක් ගැන මෙව්ව එකක් අරන්... :D ලොබ කමෙයි අර-පිරිමැස්මෙයි වෙනස ගැන අපි කතා කරා මතකයි නෙව!


අද මේ කියනට යන කතාවනම් වෙනින් අතුරු වල් කතාවකට පය ගැහිමක් ඕන්.. ;) ඒක අනගතේට තියලා අද මෙව්වා එකට එන්ටර් වෙමු..

මේ වචන කෑලි දෙක ගත්තාම ඉතිං කාලිනව ලොකු වැදගත් කමක් තියෙනවා නෙව.. ආගමික මතවදත් එක්කලා බැලුවාම ඉටත් වඩා වැඩී!

උදාහරණෙකට මහා සිහනාද සූත්‍රේ විදියට බුදුහාමුදුරුවො උප්පත්ති ක්‍රම 4ක් කියනවා...

  • අණ්ඩජයෝනි
  • ජලාභුජයෝනි
  • සංසේදජ යෝනි
  • ඕපපාතික යෝනි.

අණ්ඩජ කිව්වාම බිත්තර වලින් ඉපදෙන! එහෙම ගත්තාම මාතෲ ජීවියෙක් ඉන්නවා නෙව. ජලාභුජ කිව්වාම ඉතිං අපි වගේ තමයි.. ගර්බාශය එහෙමත් නැත්නම් පිළව කෝශයක් වගේ දෙයක් බිදගෙන උපදින ඈයො ජලාබුජ. ඒ අයටත් මාතෲ පීතෲ ජීවියෙක් ඉන්නවා නෙව. සංසේදජ කියන එක ගැන නම් ඉතින් මට කතාකරන්න දැනුම මදි.. :) ඒකින් කියන්නෙ කුණු දියෙහි ආදියේ ඇතිවන ජීවින් ගැන.. මට හිතෙන විදියනම් ඉතින් ඔය කියන්නේ බැක්ටිරියා ඇමිබා වගේ ඒක සෛලිකයන් ගැන. ඒ අයටත් මාතෲ ජීවියෙක් වගේ එක්කෙනෙක් ඉන්නවා නෙව! ඒත් ඕපපාතික කිව්වාම වෙනස් වර්ගයක්. දේව යක්ෂ ප්‍රේත් ආදී පසැදුරන්ට ගෝචර නොවෙන ජීවීන් තමයි ඔය ගණේට වැටෙනෙ. මොකක් හරි කර්ම විපාකයක් හේතුකරගේන මාතෲ පීතෲ ජීවියෙක් නැතිව ජනිත වෙන ඈයො ඕපපාතිකයි!

ඕන් අද දවසේ බණ කතාව අහවරයි.. ඒතනින් තමයි පොස්ට් එකට මෙව්වා එක ගත්තේ.. මුල් තුන්දෙනා අතැරලා දැම්මාම ඕපපාතික ඈයනට මාතෲ පීතෲ කවුරුත් නෑ... අහ් ඒ කියන්නෙ ස්වයං ජාත.. දැන් ස්වයං ජාත කියලා කියන්නෙ මොකටද කියලා පැහැදිලිනේ... ඔන්න දැන් අවජාත කියන්නෙ මොකද්ද කියලා අපිට බලන්ට වෙනවා... මොකද ගොඩක් ඈයො හිතන් ඉන්නේ කලින් කිව අඩවන් කරපු දොරකට බාගෙට වසා ඇත හා බාගෙට ඇර අත කියලා කියනවා වගේ සම්බන්දයක් මේදෙක අතරෙත් තියෙනවයි කියලා...

ඒක ගැන කතාකරන්ට කලියෙන් අපේ පෝස්ට් එකට අලුතෙන්  වචන කුළකයක් ආවා!

මාතෲ පීතෲ ඔව්ව මෙව්වා මොනාද? අම්මා තාත්තා කියන්නෙත් ඔව්වට පර්යාය පදද...? ඔන්න ඔතනනම් කිව්වත් වගේ තියෙන්නෙ අර අඩවන්කරපු දොර න්‍යායම තමයි.. :D එක අතකට බැලුවොත් සර්වසමයි.. ඒත් මටනම් පොඩි පරහක් තියෙනවා! දැන් බලන්ට මදුරුවො සැට් එකක්...

මාතෲ හා පීතෲ  ජීවීන් දෙදෙනෙක්ට දුහිතෘවෙක් (පිරිමි ඈයොත් ඇතුලත්ව) ලැබෙනවා.. බොහො විට වෙන්නෙ එකනේ.. ඒත් මේ මාතෲ ජීවියා අම්මත් පීතෲ ජීවියා තාත්තත් වෙන්නෙ නෑ එහෙම ළමේක් හදපු පළියට! මදුරු ගෑනූ පිරිමි සත්තු දෙන්නෙක් එක්කාහු වෙලා ළමයි ගොඩාරියක් හදනවා.. ඒ මදුරුවන්ට මාතෲ හා පීතෲ ජීවින් හිටියට අම්මෙක් තාත්තෙක් කියලා කියන්න තරන් කවුරුවත් නෑනේ... එන්න එන්න මොළෙ දියුනු උනු ජීවීන් ගත්තාම ඒ අයගේ මාතෲ පීතෲ ජීවීන්ට ඒ ඒ දියුනු වුනාට අනුරූපව අම්මා තාත්තා ගුණ ආරෝපණය වෙනවා... කුරුළු පැටියෙක් ගත්තොත් මාතෲ පීතෲ ජිවින් ඉන්න අතර ම ලාවට ඒ අය අම්මා තාත්තා ගුණ පෙන්නනවා. මම මෙතන මොළෙ කියලා සදහන් කරාට එතෙන්ට වඩාත්ම ගැලපෙන වචනෙ තමයි මනස කියන එක නැද්ද.. ඉපදෙන්ටත් කලියෙන් ළමයව මරන මනුස්ස ලොකේට සාපේක්ෂව එදා නැට්ටෙන් මුහුද ඉහින්න ගිය ලේනගේ මාතෲ කමට අමතරව අම්මා තත්වය ආරෝපණය වෙලා තියෙන්නෙ මනසේ දියුනු කම හන්ද නෙ.. :)

දැන් ඇහැකි අලුතෙන් එකතු උනු වචන කෑලිත් එක්කලා අවජාත කියන එකට තෙරුමක් හොයන්ට!

සුජාත කියන්නේ නිශ්චිත අම්මෙක් තාත්තෙක් සිටින! එතකොට ස්වයං ජාත කියන්නෙ අර කලින් කියපු ඕපපපාතිකයන්.. එතකොට අවජාත කවුද?  ඕපපාතික කියන එකට මං කිව්වෙ මාතෲක් පීතෘවෙක් නැති කියලා මිසක් අම්මෙක් තාත්තෙක් නැති කියලා නෙවෙයි නේ.. ඇත්තටම අවජාත කියනෙ නම් ඉතින් අම්මෙක් තාත්තෙක් නැති කියන එක නෙව.

කොහොමද වචන හරබේ... අන්තිමට ඔක්කොම කරුනු අනුව අපිට මේ විස්තර ටික මෙන්න මේවිදියට වෙන් (venn) රූප සටහනකින් දක්කෝතැකි!
£= අණ්ඩජ, ජලාභුජ, සංසේදජ, ඕපපාතික ආදී වශයෙන් උපත ලබන සියලුම සචේතනික ජීවීන්... (සත්වයන් කියලා කියන්නේ)

ඔතනින් A කියන්නේ ස්වයං ජාත.. (රතුපාට ගාලා තියෙන්නේ)
B කියන්නේ ඉතිරිය.  අණ්ඩජ, ජලාභුජ, සංසේදජ කියන ඈයො. හෙවත් මාතෲජීවියෙක් සිටින ඈයෝ..
C කියන්නෙ ඉතින් සුජාත ඈයෝ.. මාතෲජීවියට අම්මා ආදී වියෙ තතවයන් ආරෝපණය විච්ච ඈයෝ..
එහෙන් ගියාම  තැබිළිපාට ගාලා තියෙන්නෙ සමාජයේ කෙනෙහිළිකම් වලට ලක්විච්ච අවජාත ඈයෝ...

ඇත්තටම කියනවනම් මේක කුලක පාඩමට ගණ්න බෑ.. 6 පන්තියෙදිද කොහෙද ඉගන ගත්තා මතකයි මිනිස්සුන්ගෙ උසවගේ නිශ්චිත සිමාවකින් බෙදා වෙන් කරන්න බැරි එව්වා කුළක ලියන්න ගන්නෙ නෑයි කියලා.. කොටින්ම කියනවනම් තැබිලි කහ අතරෙ වෙනස/ සුජාත අවජාත කියන එකේ වෙනස සංතතිකයි... හරියටම කළු ඉරක් ගහල වෙන් කරන්න බෑ.. ඒත් අපේ මාතෘකාව සවයං ජාත කියන එකත් එක්කලා තියෙන වෙනසනේ.. ඒ දෙක අතරෙනම් ලොකු වෙනසක් තියෙනවා ඕන්.. නැත්නම් සමහරක් කියයි අහවලා අවජාත නෑ ස්වයංජාතයි කියලා... ලොල්...

ප.ව.

මේ විදියට කඩි මුඩියෙ වචන හරුපයක් ලිව්වෙ එච්චර හොදකට නම් නෙවෙයි... වල් කතාවකට මුල පුරන්න!
මනුස්සෙක්ට ඔක්කොන්ටම වඩා ලොකු මොළෙත් එක්කලා එවගේම ඇගට සාපේක්ෂව ලොකුම ශිෂ්නෙකුත් ලබාදීමේ හෝ ලැබීමේ අරමුණ මොකද්ද? රැදිසිටින්න... :D





12 comments:

  1. ම්ම්ම්ම්ම් හිතා ගන්න වත් බැ.. අදමද මන්දා ආවෙ?

    ReplyDelete
  2. බුදු හාමුදුරුවන්ගෙ ජීව විද්‍යා දැනුම නම් දුර්වලයි වගේ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. සත්තුන්ව වර්ගිකරනය කරලා තියෙන විදියට නම් එහෙම කියතැකි බං.. එත් එහෙම වර්ගිකරනය කරන විදියෙන් ජිව විද්‍යා දැනුම මනින්න අමාරුයිනේ බං..

      දැන් බලපන්... උබ වගෙ එකෙක්ව ගත්තොත් වර්ග කරන්නෙ කොහොමද.. උබ ගෑණුද පිරිමිද එහෙමත් නැත්නම් නපුංසකද එක්කෙනෙක්ද කියලා අපි වර්ග කරගන්නෙ කොහොමද... උබල වගෙ අඩුගානෙ සර්නේම් එකක් උරුම වෙන්න තාත්තෙක් නැති එවුන් කොච්චර ඉන්නවද.. එහෙවු කොට කොහොමද බං වර්ග වලට බෙදන්නේ.. :P එක නිසා ජීවීන් වර්ග කරලා තියෙන විදියෙන් විතරක් ජිවවිද්‍යා දැනුම මනින්න එපා හොදද..

      Delete
  3. මෙහ්...ඒක්සෑම් ඊලවෙලා ආයෙ බලන්නම්....
    මට කැලකිල්ල වගේ අප්ප....o.O

    ආ මේ.....ඔයාගෙ අර කටු පාර්ක් එකට මගෙන් සුබ පැටුම් හොඩේ......^_^
    (කාල සුට්ටක් ඇඟ හඩන් ඉන්නෝ....කටු හොයන්ඩ යන්ඩ කලින්...හයිඩ..)

    ReplyDelete
    Replies
    1. ලොල්.. අග්ලි නිකන් එන්ට එපා ඕං...

      Delete
  4. කලෙකින් ඇවිත් වැදගත් දෙයක් කියලා තියෙන්නේ.. නියමයි..

    ReplyDelete
    Replies
    1. හැහ් අපි හිතුවෙ අපිලාව අමතක වෙලා කියලා.. :D

      Delete
  5. මාව කරකෝලා කරකෝලා.වැල්ලෙ අතෑරියා වගෙ.අර වල් කතාව ඉක්මනට දාපන් ;)

    ReplyDelete
  6. අම්මප කියෙව්වට මෙලෝ දෙයක් තේරුනේ නං නෑ බං... පිස්සු වගේ... ඒත් මෙන්න මේකට ඕන්නං විසඳුමක් දෙන්නං..

    කොටින්ම කියනවනම් තැබිලි කහ අතරෙ වෙනස/ සුජාත අවජාත කියන එකේ වෙනස සංතතිකයි... හරියටම කළු ඉරක් ගහල වෙන් කරන්න බෑ.

    ඉරක් ගහල වෙන් කරන්න බැරි නං ශේප් එකේ රවුම වටේ මාස්ක් පාරක් දාපං :D එතකොට ටික ටික ඔපෑසිටි එක අඩුවෙලා සේප් එකේ රවුම වෙන් වීමක් නැතුව එනවනෙ :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...