Sunday, February 13, 2011

බත් සහ කිරි රස දෙකම නොදන්නෝ.... මිනිසත් බව ලැබ කුමට උපන්නෝ...??



හිකිzzz.. අද පොස්ට් එක සින්දුවක්... පියසෙනහසට කවි ලිය උනාමදී කියල කිවුවට අපිට අම්මෙක් තාත්තෙක් වගෙ ඉන්න ගවය ගැන සින්දුවක් තමා මේක. ඔන්න බල්ලන්කෝ..

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ
කෝච්චියෙ හිරගෙයි නැග එන්නේ.
පිහියේ මුවහත ගෙල සිපගන්නෙනේ
උදයම මේ කය නිසසල වන්නේ

ඇගේ කිරෙන් බෝදිය දෝන්නේ
උගෙන් මැඩූ බැත දනට පුදන්නේ...//
උන්ගෙම හම බෙර හමට බදින්නේ
උන්බැදි ගැල් නැග පංසල් යන්නේ

බානෙන් බැඳ රජ රට පෙදෙසින්නේ...

කිරි රස දන්නෝ මවු හදුනන්නෝ
බත් රස දන්නෝ කෙත් හදුනන්නෝ...//
බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ.....

ලේකිරි අයිතිය වහුපැටියන්නේ
දම්සක් වල ගල වැදී බිදෙන්නේ
ඒ කිරි උදුරා... බිවු මිනිසුන්නේ
හිත්වල ඇයි කල ගුන නොරැදෙන්නේ
.....///



අද වැල් වලට ජීවයක් එක්කෙරේ සුනිල් එදිරි සිංහ මහත්මා
කැමති අය ඉන්නවනම් මෙ සිංදුව මෙතනින් බාගන්න පුලුවන්...

5 comments:

  1. කිරි රස දන්නෝ මවු හදුනන්නෝ
    බත් රස දන්නෝ කෙත් හදුනන්නෝ,,
    බත් සහ කිරි රස දෙකම නොදන්නෝ
    මිනිසත් බව ලැබ කුමට උපන්නෝ.....

    හ්ම්...

    ReplyDelete
  2. කාලෝචිත ලිපියක්.. ඔබට ජය!!

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  4. මොකො මෙ කස්ටිය හ්ම්ම්ම් ගන්නෙ??? මම කිවුවෙ වරදක් දැ???
    @නදී අයිය.. ඔව් අයියෙ අද මහලොකු දෙශාබිමානී කියල ලෙබල්ගහ ගත්තු බයිස්කෝම් සින්දු එක්ක මෙවගෙ එව ඇහෙන්නෙ කලාතුරකින්.. :D

    ReplyDelete
  5. මේක ලිවුවේ ප්‍රේමකීර්ති....... මේක පිටිපස්සේ පුදුම ලස්සන කතාවක් තියෙනවා ඒ උතුම් මනුස්සය ගැන...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...