Saturday, February 12, 2011

පෙම් හසුනක් ලියමු


හේයි.. මෙ මොකො.. ??? ඔව් අද ටිකක් වෙන්ස් ආරෙක් ලිපියක් ලියන්න යන්නෙ. කවුරුත් දන්නවනෙ වැලැන්ටයින් එක ලඟ එනව කියල. ඕන් මම අද කියන්නෙ යන්නෙ අරයව ස්ප්‍රයිස් කරන්න පුලුවන් විදියෙ මෙවුව එකක්. මමත් මේ ක්‍රමෙ එක සැරයක්ද කොහෙද අත්හදා බලල තියෙනව. ඒත් ලිවුම ෆට්ටට ආවට පොස්මන් ගෙනියන්න බෑ කියපුනිසා වැඩෙ අත ඇරල දැම්ම. ඕන් බලන්නකො මොකද්ද මේ මෙවුව එක කියල...

කාටවත් පෙන්නෙ නැති විදියෙ පෙම් හසුනක් ලිවුවොත් එක අමරණීය වෙයි නෙද? හැමදාම ටෙක්ස් කරාට මෙවගේ දෙයක් ඇත්තටම විශේශයි නෙ. හරිම සරලයි කරන්න තියෙන දේ. අපි සමාන්‍යයෙන් ලියන කාබන් වෙනුවට සල්ෆුරික් අම්ලය ගන්න තියෙන්නෙ. සල්ෆියුරික් අම්ලය කියල කියන්නෙ ඔය වාහන බටරි ඇතුලෙ තියෙන්නෙ. බැටරි අම්ල පුරවන තැනකින් ඉල්ල ගන්න පුලුවන්. ඉතින් කොහොමෙන් කොහොම හරි අම්ලෙ ගත්තයි කියමුකෝ. ඉතින් ඔයට කැමති දෙ ලියන්න තියෙන්නෙ අම්ලයෙන්. ඒකට උපක්‍රමයක් ඔයාටම සැලැසුම් කර ගන්න පුලුවන්. කෝකටත් මම ඉඟියක් දෙන්නම් කෝ.. තීන්ත පුරවන අලුත් පෑනක් වගේ තියෙනවනම් වැඩේ ගොඩ. එහෙමත් නැත්තන් ඉවර විච්ච තුඩහීනි මාකර් එකක් අරගෙන ඉතුරුවෙලාතියෙන තීන්තත් විරන්ජනය කරගන්නකෝ. විරන්ජනය කරගන්න ඉතින් බ්ලීචින් පවුඩර් ගන්න! ඉතින් එ වගෙ එකකට අර තනුක අම්ලය පුරවන්නකෝ. එට පස්සෙ ඉතින් ලියන්න තියෙන්නෙ පෙම් හසුන. මම ඉහින් අමුතුවෙන් කියන්න ඔනෙ නැනෙ එක ලියන්නෙ කොහොමද කියල. :P ඊට පස්සෙ වැඩෙ ගොඩ.! දෙන්න තියෙන්නෙ අරයට.

එය අරගෙන බලනව ලිවුම. අඩේ මුකුත් පෙන්නෙ නැ. ඉතින් කොහොමද පෙන්නෙ.. ස්ල්ෆියුරික් අවර්නයිනෙ. එය ලියුම කියවන්න ඔනෙ නම් කරන්න ඔනෙ ලියුම පුච්චන එක. :O පුච්චනව කිවුවට පුච්චන්නෙම නැ. ලාවට ගින්දරට අල්ලන ඔනෙ. එතකොට ඉතින් ලස්සන මුතුකැට අකුරුටික ලකුපාටට කොලේ උඩින් දිලිසෙනව.
හරිම සරල දෙයක් තමා එතනදි වෙන්නෙ. ඔය සල්ෆියුරික් කියන අම්ලය ජලයට මාර කෑදරයි. වතුර නැත්තන් හදල හරි ගනව. ඉතින් ඔයලා සමහර විට දන්නවත් ඇතිනෙ මෙ කඩදාසි වල තියෙන්නෙ C,H,O කියල. ඉතින් සල්ෆුරික් තියෙන කැතකමට අර තියෙන H හා O අරගෙන H2O(ජලය) හදාගනව. මේ ප්‍රතික්‍රියාව වෙන්න නම් ටිකක් උනුසුමක් තියෙන්න ඔනෙ. :D එකනෙ පුච්චන්න කිවුවෙ. ඉතින් එහෙම H,O ගත්තම ඉතුරු වෙන්නෙ C විතරයි. එක තමා කලුපාට වෙන්නෙ. ඔන්න ඔහොමයි පෙම්හසුන ලියන්නෙ. හැබැයි දෙපාර්ශවයම සැලකිලිමත්විය යුතු කාරන කීපයක් තියෙනව. ලියන කෙන මතක අතුව මේ අම්ලය තනුක කරල ගන්න ඔනෙ. නැත්තන් රත්කරන්න කලියෙන් කලුපාට වෙනව. කියවන කෙනත් වැඩි ආදරෙට කියල වඩිය රත්කරන්න හොද නැ. එහෙම උනොත් ඉතිරිවෙන්නෙ පෙම්හසුනක් නෙවෙ.. ස්ටෙන්සිල් 1ක්.. :D :D :D

අදට හෙනම් කතව ඉවරයි. කිසිදෙකට බයනැතිව ලියුම දෙන්න. කටවත් මට්ටු උනාට අවුලක් නැනෙ. ;) එහෙනම් ඔයලට හැපි වැලන්ටයින් 1ක් වේව. :D :D :D :D :D

12 comments:

  1. යකෝ මෙච්චර ගේමක් දීල ලියුමක් ලිව්වයි කියමුකො.....ඒත් දෙන්න කෙනෙක් නෑනෙ බන් :D :D

    ReplyDelete
  2. yakoo H2SO4 ekka sellan karala anthime kellage moonatath ekkama kela wei balagena :P thanauka karanna kiyala wathurata H2SO4 dammoth nam baduma thama :P

    ReplyDelete
  3. @හසිය-හික් හික්.. එකත් ඇත්ත තමා බන්... :ඪ්
    @ඇනෝ- ඉතින් මචෝ මම මෙතනදි කිවුවෙ.. සල්ෆියුරික් තමන්ටම තනුක කරගන්න කියල නෙවේනෙ. කොහොමත් බැරටි ඇසිඩ් කියන්නෙ 30% තනුක සල්ෆියුරික් අම්ලෙනෙ බන්.. හික් ඊටත් මම කිවුවෙ ලියුම ලියල කියවන්න කියල මිසක් ඉබගන්න නෙවේනෙ.. :

    ReplyDelete
  4. හික්ස්.. දෙන්න කෙනෙක් සෙට් වුන දවසක, කථාවට දුෂ්ඨයෙක් එන්ටර් වුන දවසක අනිවා මේක කරනවා.. :D

    ReplyDelete
  5. හෙ හෙ මචන්. මේ ක්‍රමෙට ඉතින් අරයෙක් ඉන්න ඔනෙ නැ බන්.. මෙකින් මැජික් පෙන්නන පුලවන්න් :D

    ReplyDelete
  6. අඩේ මලයා පට්ටනේ.. ඒත් ඉතින් ඔච්චර කට්ටක් කන එකනේ එපා වෙන්නේ D.. මාර මොලේ තමයි...

    ReplyDelete
  7. @Shan--හික් අයියෙ.. කට්ට තමයි ෆන් එක අලේ... :D :D :D
    තැන්කූ ප්‍රතිචාරයට. :D

    ReplyDelete
  8. ඔච්චර බැට්‍රි ඇසිඩ් හොයන්න ඕන නෑ.දෙහි වලින් ලිව්වමත් හරි.

    ReplyDelete
  9. @මනෝද්‍ය අනෙ දෙහිවලින් ලියල කොහොමද බන්... :පී. දෙහි වලින් ලිවුවත් නොපෙනෙන්න තමා ලියවෙන්නෙ. ඒත් ඒක බලන්න වතුරට දාන්න ඔනෙ. ඒතකොට අකුරු පැහැදිලි මදි. මේක පෙම් හසුනක් මිසක් රහස් ඔත්තු සේවයක් නෙවේනෙ.. කොහොම උනත් ප්‍රතිචාරය අගේ කරනව...

    ReplyDelete
  10. na machan dehe walen leyala, iron ekakin maddamawath hodata penawa,

    ReplyDelete
  11. ලොල්ය.. ඔව්.. ඒකත් ඇත්ත.. ඒත් දෙහි වගේ දෙයක් තීන්ත පෑනකට පුරවන එක ගැටලු සහගතයි. :D අනික අයන් අයන්කෙන් මැද්දතනෙන්නෙ අපහැදිලි වර්ණයක්.. මට හරියට මේකයි වර්නෙ කියල පැහැදිලි කරන්න අමාරුයි. උපමාවකින් කිවුවොත් කලු පසුබිමක අලු පාටින් තියෙන අකුරක් වගේ.. ඒත් මේ ක්‍රමේදි බෝහෝම පැහිදිලි.. ලා පාට තැනක දැලි ගෑ උනාම ඒ පේනීම මම අමුතුවෙන් විස්තර කරන්න ඔනි නනෙ.. :D ප්‍රතිචාරයට ස්තූතුයි.. :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...