Saturday, December 22, 2012

සිදු වූ ලෝක විනාශය පිළිබද වියත් ඇඟිල්ලාගේ අදහස..

ම්ම්ම්හු... ඕන් ආවා...

‍*

මේ ටික දොහේ වැඩි පුරම කතා බහ වුනු ටොපික් කෑල්ල ගැන මං කතා නොකර හිටියොත් හරි නෑනේ.. මේක සරලයි කෙටී සුගමයි.. :D බහුතරයක් දෙනා 21 වෙනිදාට කලියෙන් එක එක බයිලා ගැහුවා.. එනවයම කියපු උදවිය 21 වෙනිදා චාටර් වුනා! එන්නෑම කියපු උදවිය 20 වෙනිද ටිකක් බය වුනා.. අපිනම් හිට්යේ මඣ්ඣිම මතයේ!

කොටින්ම කියනවනම් මං කියන්නෙ එකෙන්ම ලොක විනාසයක් වුනා! ඒත් ඒක අපි හිතන විදියේ එකක් නෙවෙයි කියලා.. ඔයිට කලියෙන් වියත් ඇඟිලි තුමා ඒ වෙන්න පුලුවන් ආකාර ගැන අදහස් දැක්කුවා නෙව... මේ මේ ඒවගේ ලිපි කිහිපයක්... ඒ අනුව මගේ මතය අනිවා ලොක විනාසයක් වෙලායි කියලා...

ඒ දවස් වල ලොක විනාසයක් උනේ නැත්නම් තමන්ගෙ කනකපාගන්නවයි කියලා හිටපු උන්නැහේලත් අද හැන්ගෙද්දි මං මෙහෙම කියන එක ටිකක් කොයිල් වගේ නෙද..?

ඇත්තටම කියනවනම් ඊයෙ ලොක විනාසෙ උනා... :)



දැන් ටික දොහකට ඉස්සෙල්ලා කට්ටියට අපේ බුදු හාමුදුරුවො දේශනා කරපු සාපේක්ෂ ප්‍රවේග පාඩම මතකද? අර අංගුලි මාලාට දේශනා කරේ!

මේකයි කතන්දරේ එක එකා විස්වාස තියෙන ඈයො ඉන්න හන්ද අපි මෙහෙම කියමුකො.. ඇල්බට් අයිස්ටයින් උන්නැහෙත් මේ විශ්වයේ සිද්ද වෙනෙ විවිද දේවල් අල්ලලා සාපේක්ෂතා වාදය කියලා එකකුත් කියලා තියෙනවා.. කොටින්ම කියනවනම් මං කියන්න යන්නේ ලෝක විනාසයත් සාපේක්ෂව සිද්ද වෙන දෙයක් කියලා!

ඔන්න අපි බස් එකේ යනවා... එහා පැත්තෙන් තවත් බස් එකක් එනවා! දෙකම එකම වේගෙන් එකම පැත්තට එනවනම් අපිට අපේ ජනේලෙන් ඔලුව දාලා එහා බස් එකේ පොකැට් එකක් උනත් පික්පොකැට් ගහාතැකි...! ඒත් හදිස්සියෙම ඒ බස් එක නැවැත්තුවොත්? අන්න එතකොට බෙල්ල කඩාගන්න වෙන්නෙ පික්පොකැට් ගහන්න ගිහින්! ඔන්න ඔකටයි සාපේක්ෂ චලිතය කියන්නේ...

ඔන්න සුනාමි ආවා... ඉතිං අපි ඒක ආවයි කියලා කියන්නෙ නාපු තැනට සාපේක්ෂව.. කවුරු හරි මැරුනොත්? ඒත් එහෙම්මමයි.. ජීවත් වෙලා ඉන්න අයට සාපේක්ෂව මැරුනා කියලා කියනවා.. ඔන ඔකයි කතන්දරේ...

අන්න ඒ පදනමේ ඉදන් තමයි මං ලොක විනාසය උනාමයි කියලා මං ටක්කෙටම කියන්නේ! ලෝක වෙනසය බල පෑවේ ඔබටවත් මටවත් විතරක් නෙවෙයි! වටේ ඉන්න මිනිස්සු බල්ලො සත්තු ගහ කොල ඉදන් වැලි ඇටේට වෙනකන් ලොක විනාසෙ උනා නෙව..! ඉතින් අපි කාට සාපේක්ෂවද විනාසෙ පෙන්නන්නේ.. ඔන්න පිටසක් වල ජීවීන්ගෙන් ඇහැව්වොත් කියයි පෘතුවිය විනාස විච්ච විදිය!

ප.ව.
ඇහැ... කියන්ට අමතක උනා.. විනාසෙ වෙන්නෙ නෑමයි කියලා කට්ටිය වැඩි පුරම වගෙ කිව්වෙ 21 වෙනිදයින් පස්සෙ ඈ.. ;)
දැන් අල්ලපු ඔට්ටු වලින් මං දිනුම්..! දෙනවා කියපු එව්වා මට දිය!

ප.ප.ව
* උඩින්ම දාලා තියෙනවා දැක්කද දන්නෙත් නෑ..අද ඉදන් ඔහොම තරුවක් පටන් ගද්දි දානවනම් ඒකේ තේරුම හප්පා හුග කාලෙකින් මේ පැත්තේ ආවා කියන එක! :D

ගිහින් එන්නාම්

20 comments:

  1. තේරුන්නැ! ඔය රෙද්ද ලෝකෙ ආරම්භෙ ඉදන්ම තිබ්බ දෙයක්නෙ! සෝ ඔට්ටු කැංසල් !

    ReplyDelete
    Replies
    1. පල දැන්! ඔට්ටු කැන්සල් කරන්න ඔට්ටු නෑ! :(

      Delete
  2. මලයාගෙ ලිපි වලට කිසිම කමෙන්ට් එකක් නොදෑමීම මගෙ මෙව්ව එකක්

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද ඒ මෙව්වා එක? හොම්බ කට සමතලා කරගන්ට තමයි ඕන්!

      Delete
    2. එහෙම මෙව්වා ලොක්කන්ට තියෙනවා.. මමත් ලොක්කෙක් ඉතිං මටත් මෙව්වා තියෙනවා.

      Delete
  3. ඉතින් බොල දෙසැම්බර් 20 හා 22 අතර වෙනස
    පැහැදිලි කොරහන් ඔක්කොටම කලියෙන්..
    බිල්ඩින් , කඳු , ගංගා , වැව් , පොකුණු
    ඔක්කොම පෙර සේමයි නෙව ...
    උබ පැරදියි ...

    ReplyDelete
    Replies
    1. මේක ඉතින් මං වගේ උගතෙකුට ඇරෙන්න තේරුම් ගන්න ටිකක් අමාරුයි!

      මැරිච්ච එකෙක් තමන් මැරුනා කියලා හිතන්නෙ අනික් ඔක්කොම වටෙ ජිවත් වෙද්දි... අපි ඔක්කොමලා මැරුනොත් අපි මැරුනා කියලා යන්තන් ගරි වටහා ගත්තෑකි ජීවත් වෙන සත්තු සර්පයි දිහා බලලා! එතොට උනුත් මැරිලා නම් මැරුනා කියලලා දැන ගත්තෑකි පොලව දිහාවත් වලලා... අත පත ගාන්න බෑනේ! ඒත් උබ ඔය කියන බිල්ඩින් කදු ගංඟා අනම් මනම් ඔක්කොම මැරිලා.. එතකොට මොකක් දිහා බලලාඑයි මං උබට තේරුන් කරන්නෙ ලොක විනාසෙ ගැන.. සරලයි සුගමයි...

      Delete
  4. මටනම් මේක 1992 දී ලංකාවේ හිතිය එකතාරා දක්ෂ මහත්මයෙක් මේ ගැන ලියලා තියෙනවා දැකල 20වෙනිදා හවසම දැම්ම ඒ කතාව.

    මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලා ගන්න

    අදමයි ආවේ. ඔන්න සාමාජිකත්වයත් ගත්තා.

    ReplyDelete
  5. අනෙ මංද.මතක තිබ්බ සාපේක්ස චලිතෙත් අමතක උණාද මංදා.එල ඈ.සිංහල ටයිපින් ඉම්පෲව් වෙලා තීනව.හොදා හොදා :)

    ReplyDelete
  6. දැන්නම් මේ ට්‍රොපික එපාම වෙලා තියන්නේ

    ReplyDelete
  7. ලෝක විනාසේ වෙන්නම ඕන මුංට ලියන්න මතක් වෙන්න..

    ReplyDelete
  8. ඒ තාම ඉන්නවනෙ හලේ...:/

    ReplyDelete
    Replies
    1. අප්පේ...මං හිතුවා මෙයා විනාස වෙලා කියලා!

      Delete
  9. අපරාදේ ලෝක විනාසේ ... දැන් ඉතින් ලියන්න දේකුත් නැහැ....

    අදතමයි මේ පැත්තේ අවේ මලයෝ.. අපහු එන්නම්. ඔන්න ගැන්සියට මාත් එකතු උනා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. කවුද බොලේ ඇලිස්... හා හා සාදරේන් පලි ගන්නවා!

      Delete
  10. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...