Saturday, September 8, 2012

ලෝබ කමයි අරපිරි මැස්මයි අතර ලොකු වෙනසක් තියෙනවා....

දැන් ඉතින් ප්‍රොපිශනල් පුරවැසියෙක් උනාම අපිත් පොඩි ඈයන්ට ආදර්ශයක් වෙන්ට එපෑය...! ඒක හන්දා අද ආදර්ශමත් කතන්දරයක් ඔන්න... :) අදම උනු සිද්දිය උණු උණුවේ ගෙනාවේ...

ලෝබකම කිව්වාම අපිට මතක් වෙන්නෙ ඇත්තටම ඈක්කා සිතුවිල්ලක්... පොඩි කාලෙ ඉදන්ම ගුණ යහපත් ළමයි විදියට හැදුනු අපිටනම් ලෝබ කම කිව්වාම මතක් වෙන්නෙ මට්ටකුණ්ඩලී කතාව, සුච සාමණේර කතාවෙ බත්ත භත්තික සිටණෝ කතාව එහෙම තමයි මතක් වෙන්නේ... එහෙන් ගියාම දස අකුසල ක්‍රියා වලිනුත් එකක් තමයි ලෝබ කම කියන්නේ! ඒ විතරක්යෑ ලෝබ දෝස මෝහ කියන ප්‍රදාන පාප චෛතසිකයන්ගෙන් එකකුත් නෙව තස්නාව හෙවත් ලෝබ කම කියන්නේ.. එහෙම ගත්තාම මටත් අදමගේ මාතෘකාවෙ වටිනා කම වැඩි වැඩියෙන් තේරෙනවා...

ලෝබයේ ප්‍රතිවිරුද්ද කෑල්ල, අලෝබ! අපේ බුදු හාමුදුරුවො නම් නිර්ලෝබී කම සමාන කරලා තියෙන්නෙ සරත් සෘතුවට! එයා සැහැල්ලු කෙනෙක්.. :) කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රහක්මණෝ කියලා දේශනා කරලා තියෙන්නෙත් බුදු හාමුදුරුවොනේ.. ඒක නිසා එහෙම ගත්තාම ලොබ නැති එක්කෙනා බ්‍රහක්මන හෙවත් උසස් තැනැත්තෙක්... පුංචි අපි කවුරුත් කැමති නෙව උඅසත් තැනැත්තෙක් වෙන්න.. ඉතිං අපි අද ඉදන් ප්ලෑන් කරගන්ට ඔනෑ ලෝබකම දුරු කරගන්න... දැන් කට්ටියම සාදුකාරයක් දීල අද පෝටුවට එන්ටර් වෙමු... :D බණ ටික අහවරයි..

ලෝබ කම ගැන කතා කරද්දි අපිට මතක් වෙන්නෙ රත්ති ඇන්ටිගෙ අරපිරිමැස්ම! අර ලෝකෙ මැව්ව දෙයියා මෙයමයි කියලා පඩ ශෝ දාන අපෙ කොන කට් කට් ඈයො නම් කියයි මට්ට කුන්ඩලීගෙ තාත්තා දේව කැමැත්තට එයාට බෙහෙත් අරන්දුන්නෙ නැත්තේ.. ඒක තමයි අරපිරිමැස්ම කියාලා.. ලොල්ය... එව්ව බුදු හාමුදුරුවොත් කියලා තියෙනේ සමහරක් පවු ගෙවලාම ඉවර කරන්න ඔනෑ කියලා.. උන් ඉතින් ලිං මැඩියො රැල වගේ අහස වෘතාකාරයි කියලා තර්ක කර කර හිටපුවාවේ... එව්වා අපිට අදාල නෑ ඕන්... ඇත්තටම ඒ අදින්නපුබ්බකත් රත්ති ඇඩ් එක බලලා තිබ්බද දන්නෙ නෑ..

කොව්වා කොහොම උනත් අපි ලෝබ කම තුරන් කරන්ට කලියෙන් බලන්ට ඕනෑ ලෝබ කමෙයි අරපිරිමැස්මෙයි වෙනස මොකද්ද කියාලා...

අපි ගමුකො වතුර බෝතලයක්.. ඒකෙ පාරිමාවෙන් හරි අඩක් වතුර පිරිලා තියෙනවා.. හරිය!
දැන් කෙනෙක් කියයි මං කිව්වා වගේ මේ බොතලේ බාගයක් වතුර පිරිලා තියෙනවයි කියලා...
ඒත් තවත් කෙනෙක් කියයි මේ වතුරබෝතලේ බාගයක් හිස් කියලා...
අඩවන් කරපු දොරක් වගේ තමයි..! දොර භාගෙට වසා ඇත.. දොර බාගෙට ඇර ඇත... අපිට ඔයදෙකෙන් මේකයි හරි කියලා තර්ක කරන්න නම් අමාරුයි... මෙව්වාට කියන්නෙ ද්වීඵල ස්‍රිත කියලා.. :D
ඉතින් මයෙ ප්‍රස්නෙනම් ලෝබ කම සහ අරපිරිමැස්ම අතර තියෙන්නෙ ඔය වගෙ සම්බන්දයක්ද කියන එක...

මං හිතන් හිටියෙ ඒ විදියට තමයි ඒකාලේ.. මතකයි නෙ මං බස් එකේ රජවෙන්න කියලා හිතන් නැතත් හොරෙන් ගිය විදිය.. ලොල්.... එහෙම ගත්තොත් රත්ති ඇන්ටි කියනෙ එකේ පොඩි පරහක් තියෙනවා!

ඒත් අද මට මෙහෙම හිතෙනවා... අපිට ද්වීඵල ශ්‍රිතයක් ඒකඵල ස්‍රිතයක් කරගත්තෑකි අක්ෂදෙකට ලඝු අගයන් අරගෙන! මම අද ක්ලාස් ඇරිලා එන ගමන් හිත හිතා ආවෙ එක ගැන! චේතනාහන් භික්කවේ කම්මන් වදාමී කියල බුදු බණෙ සදහන් වෙන්නෙ කට කහනවට නෙවෙයිනේ... අපි අරපිරිමැස්මේ චේතනාවේන් දෙයක් කරනවනම් ඒක අකුසල ක්‍රියාවක් වෙන්නෙ නෑ.. ඒත් ලෝබ කියන චේතනාවෙන් අදාල දේ කරොත් ඒක අකුසල කර්මයක් වෙනවා... මේ දේ මොන්ටි සෝරි ලමේක්ට උනත් තෙරුන්ගත්තෑකි උනාට මට නම් තෙරුනේ අද ඕන්.. :D

ඇත්තටම අද පෝස්ටුවෙ වස්තු බීජයනම් ඒක නෙවෙයි..!

ක්ලාස් එකේදි මයෙ සෙරෙප්පුව කැඩුනා! :D  කොහොමෙන් හරි මේ ඔක්කොම බලා ඉන්නෙ වරදින තුරු අපිට කියාලා සැට් එකම මට හිනා උනේ... ක්ලාස් ඇරිල සෙරප්පුව අතේ තියන් මං සෙරෙප්පු කඩේට ගොහින් අලුත් සෙරෙප්පු කූට්ටමක් ගන්නවා බලන්ට!  අපි ඉතින් වෙඩි වැස්සට සැලෙන්නෑ.. පිටි පස්සට හැරෙන්නෑ...අඩිපස්සට තියන්නෑ නොවැ... අඩිය පස්සට තියන්නෙ කොහොමද සෙරෙප්පුව කැඩුනානේ.. :D පරිකල්පිත චින්තනය කියලා මෙව්වා එකක් මිනිස්සු විච්ච අපිට තියෙද්දි අහවල් එකකටද අපි කඩේකට ගොහින් සල්ලි පුදන්නේ..? අනික අපි නව නිපැයුම් කරන්න දස්සයිනේ..විනාඩි කීපයක් මනස වෙහෙසෝලා විනාඩියෙන් සෙරෙප්පුව යතාතත්වයට පත් කරගත්තා! මගේ වැඩමල්ල කොයිවෙලෙත් ලඟතිබ්බට මෙදා පාර ඒකෙ තිබ්බ එව්ව ප්‍රොයොජනවත් උනේ නෑ.. ඊයන් කොළ කෑල්ලක්.. කතුරක්.. පේපර් සර්වියට් කෑල්ලක් වගේ දේවල් වලින් මොනවද ඉතින් කරන්න පුලුවන් මේවගේ වෙලාවට.. ;) එහා පැත්තෙ එකාගේන් ෆයිල් කට්ටක් ඉල්ලාගත්තා... ඒකින් මං සියල්ලට විසදුමක් සොයා ගත්තා...



මෙන්න මෙහෙමයි අපි අරපිරිමස්මෙන් වැඩ කරන්නේ.... ක්ල්සා යවලා ඉස්කොලෙ යවලා ලස්ස ගනන් අම්මලා අපිට වියදන් කරද්දි අපි කොහොමද හිත හදාගෙන සෙරෙප්පු කූට්ටමකට සල්ලි වියදන් කරන්නේ... :) මේක මගේ ලොබකමද අරපිරිමැස්මද ඈ...? 
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා...
නංගියෙ නොහොඹිනා කම් හුරුවෙන්නෙපා....
 කියලා උපදෙස් දෙන්න තරන් ඕන් මං සමාජයේ කෙළපැමිනිලා නෑ ඕන්... ඒත් ඉතින් ප්‍රොපිශනල් බ්ලොග් කරුවෙක් විදියට මං අවසාන වශයෙන් කියන්න කැමතී... ම්ම්හු..
මාව ආදර්ශයට අරන් හරි අරපිරිමැස්මට පුරුදු වෙන්ට... ගොහින් එන්නාම්... :D




20 comments:

  1. මං මේකට වැඩිය ලැයික් තොගේ මදුරු මර්ධනේට.. ඔයිට වැඩිය හොද විසදුමක් තියේ.. පංති නොගිහිං හිටපං... :D

    ReplyDelete
    Replies
    1. මං උබට කිව්වනෙ ඉතිං.. :D

      Delete
  2. මම බැලුවා!! ඈ!! මෙව්වාට මම මුකුත් කියන් නෑ

    ReplyDelete
    Replies
    1. හැක්.. උබ කියයන්නෙ මෙව්වට නෙවෙයිනෙ ඉතිං.. ;) ලොල්ය

      Delete
  3. physics නිලන්ත ජයසූරියද සාදර අනුග්‍රහය :D

    ReplyDelete
    Replies
    1. ලොල්.. නෑ ඉතිං මේ... ඔය ක්ලාස් එකේ උනු සිද්දිය නිසා මෑන්ස්ගෙන් අනුග්‍රහයක් ගත්තා... ලොල් නිලා!

      Delete
  4. ඒකත් නරක නෑ ....ඒක නෙමෙයි මේ මගෙ පලමු විසිට් එක වෙලාව තියන වෙලාවට ආයෙත් එන්නම්

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. එලැ එලැ.. වෙලාවක් ගැටගහගත්තු වෙලාවක ඇවිත් යන්නම්කො.. :) ජය

      Delete
  5. සෙරෙප්පුවෙ සීන් එක නම් මාත් කරල තිබේ.


    ජය !

    ReplyDelete
    Replies
    1. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේලුනේ...

      Delete
  6. අන්න එල කොල්ලෙක් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හරක් හොරෙක් එහෙම නෙවෙයි ඈ.. ඔබටත් එසේම වේවා.. තෙරුවන් සරණයි!

      Delete
  7. අන්න හරි අර පිරිමැස්ම තමා වටින්නේ.

    ReplyDelete
  8. සෙරප්පු කැඩෙන එකනං මහ චොර සීන් එකක්..
    මටත් අත්දැකීංනං එමටයි..

    ReplyDelete
    Replies
    1. කැඩුනත් කමක් නෑ බං.. එක්කො සෙරෙප්පු කඩයක් ලග කැඩෙන්නොනේ.. එක්කො අදුරන කවුරුත් නැති තැනක කැඩෙන්නොනේ.. මේක මේ ක්ලාස් එකේ.. දෙනොදාහක් ඉස්සරහ නෙව!

      Delete
  9. ෆිසික්ස් පොත උඩ නේද යකෝ අර ගොම පාගන සෙරෙප්පු කට්ට තියලා තියෙන්නෙ,පව් නැද්ද....?

    ReplyDelete
    Replies
    1. පොතක් නෙවෙයි අප්පා පේපරේ.. ඔක ලියනවා වගේය මයේ සෙරෙප්පුව! පේපරේ පාරෙ යද්දි පේනවය!

      Delete
  10. හා හා හොඳට පිරිමහන්න එහෙනං......... හික් හික්

    ReplyDelete
  11. අඩේ.. නිලන්තයගෙ ක්ලාස් එකේදිද සෙරෙප්පුව කැඩුනෙ ඈ !

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...