Monday, October 17, 2011

ආදරේ අලුත්ම පාට මොන පාටද?

හූග දාසකින් මේපැත්තෙ ආවද මංදා.. වැඩ රාජකාරී බහුල සමයක මෙහෙම හරි පොස්ට් කෑලක් ලියාගන්ට කාලයක් ලැබුනු එකනම් පට්ටා... :D ‍දැන් ඉතින් බහිමුකො මෙව්වා එකට...හ්ම්ම්.. ආදරණීය මෙව්වා එකක්....!

අලුත් පරණ කතන්දරේ වැඩක් නෑ. හැබට ආදරයේ පාට මොකද්ද? එහෙම ඇහුවම කිසි ගතියක් නෑ මයෙ හිතේ. මොකො ආදරය කියන්නෙ මේ පංච ඉන්ද්‍රීන්ට ගෝචර වෙන එකක් යෑ පාට කියන්න. එහෙම නෙවෙයි. දැන් අපේ රටේ ජාතික වෘක්ෂය මොකද්ද? නා ගස.. හැක් හැක්... එතකොට ලංකාවෙ ජාතික පාට මොකෑ... ඕන් ඒකනම් ඇඟිල්ලගෙන් අහනට එපා.. ඉතින් කොහොමින් හරි දැන් පේනවනෙහ් එක එක එව්ව වලට ඔය සංකේත තියෙන විත්තිය.

ආදරේ ගැන කතාකොරොත් ඉතින් ඒකටත් තියෙනවා නොවැ විවිදා කාරයේ සංකේතයොදාගන්නවා... ඔව් හාර්ට් එක.. හි හි හි... අපිටනම් ඉතින් මොන හාර්ට් ද? ඩී එකක් කාර්ඩ් එක් තිබුනොත් හොදටම ඇති. එව්වයෙන් වැඩක් නෑ නොවැ. හැබෑට ආදාරය සංකේතවත් කරන පාට මොකද්ද කියලා ඇහුවොතින් දෙන උත්තරේ මොක්ද්ද? ම්ම්ම් කෙනෙක්ට හිතෙන්ත් පුලුවන් රතුරෝස මලකින් ආදරේ සංකේතවත් කිරීමේ කලාවක් තියෙන නිසා ඒ පාට රතු පාටය කියලා.. හැක් හැක්.. අනික හාර්ට් එක අතුලෙ දුවන්නෙත් රතු ලේ නොවැ... ඒත් පොඩි අවුලකට තියෙන්නෙ ඉතින් ජපන්නු තමන්ගෙ රටේ කොඩිය මැද්දෙ රතු පාට තිතක් තියාගෙන උන්නෙ නම් ආදරේ සංකේතවත් කරන්ට නොවෙන විත්තිය. මටනම් හිතෙන්නෙ ඔය රතු පාට හොද ආදරේ පුරකාශ කරන වැඩේට වඩා ඒ වගේ ශෝකය ප්‍රකාශ කරන තැන් වලට කිය්ලයි... තාම හිච්චි මොළේ හින්ද එහෙම හිතෙනවද මන්දන්නෙත් නෑ.... ;)


අහ් මේ.. අර දම්පාට හැන්දෑවක් ගැන කවුදෝ කියනව අහල තියෙද? ආන් මාතෘකාවට ආව. අහල නැති කෙනෙක් නැතුවෑති. ඉතින් කවුරු හරි දැකල තියෙද මං අහන්නෙ දම්පාට හැන්දෑවක්? අනිව ඔය කියන්නෙ අහස දම්පාට වෙලා තිබුන කියන එකනෙහ්... හැක් හැක්... හැබෑ ඔය කලුපාට වැඩි උනාමත් නිකන් දම්පාට පේනවා ඒක වෙනම කතාවක්. ඔය අස්සෙ දම්පාටින් ළා හඳත් බහින්ට පටන් අරගෙන... ඒක එක්කො වෙනින් ලෝකෙක උප ග්‍රහයෙක් වෙන්ටෑ. හැක් හැක්.. එහෙම නෙවේ ඉතින්... මනඃකල්පිත උනත් ඒ දම්පාටම ගත්තු එක කොච්චර පට්ටද නේද? :D දැන් අර සමහරක් කිව්වා වගේ රතුපාටින් ලා සඳ බැස යනවා කිව්වනම් ඉදල හමාරයි... ජපන් කොඩිය පරාදයි... දැන් මේ උදාහරණ කෑලිටිකෙන් මෙව්වා එක් ගත්තනෙහ්... මේ සිංදු කෑල්ල අහල තියෙද?
දම් පැහැ පුංචි වීදුරු වළල්ලක්
ඔබට මතක නැති
මට අමතක නැති
මං ලඟ තාම තියේ....
ඔවු අජන්තා වීරසිංහ ලියල චණ්ද්‍රානි ගුණවර්දන කියන්නෙහ්... :) හැක් හැක්... සිංදුවෙ ඇම් පී ත්‍රී කෑල්ලක් තිය ඔතනින් එහාට පද වැලවත් දන්නෙ නෑ  ඕන් මං.. ඇහැකි කෙනෙක් දාල ගියානම්... ඉතින් කොකින් කොක වෙහත් මේ සිංදුවෙ තේරුම බලමු.

දම් පාට ගැන අයේ ඔනි නේ... පුංචි... හුරුබුහුටි... :D :D වීදුරු කියන්නෙ ඉක්මනින් කැඩෙන සුළු.. ඒවගේම හොදට පරිස්සම් කරන්ට ඔනි දෙයක්...  ඉහික්.. එතකොට වළල්ල? හැක්.. මට හිතෙන විදියට නම් ඔය කියල තියෙන්නෙ ආදරේ කියන්නෙ චක්‍රීය මෙව්වා එකක් කියලා... පට්ටා බූට් සිංදුවක් නේද? බූට් උනත් මොකො අපිට ඔනි කෑල්ල තියේනෙහ්...
දම්පාට...!

ප.ව.
ඔය රතූ පාට, කොළ පාට, දම්පාට බියුටි පුල් මලක් ගැන කියල තිබ්බට මොකො ඔය මලට දම්පාටක් ගාවගෙන තියෙන්නෙ ආදරේ ගැන කියන්නමද දන්නෙ නම් නෑ... කොවුවා වුනත් ඒ මල ආදරේ පුරකාස කිරීමට නරකමත් නෑ... ඇයි බොලැ.. මේ හිච්චි ඇඟිල්ලගේ බ්ලොග් කල්ලෙ ජාතික පාටත් දම්පාටම තමා....

11 comments:

  1. ආදරේ අලුත්ම පාට නිල් පාට කියලා කියලා තියෙනවා බන් අර චොකොලැට් ඇඩ් එකක

    ~~~~ලොග් වෙන්න අමතක වූ ඉසාරයා

    ReplyDelete
  2. ආදරේ අළුත්ම පාට දම්පාට.. ඒකත් නරකම නෑ...

    ReplyDelete
  3. චොක්ලට කවරෙට කියාපු පාට...

    ReplyDelete
  4. අලේ... ඒ පාර තෝ පාට ගැන විස්තර කරන්ට තියාගත්තද ? මී හරක...

    මොනා වුනත් පෝස්ට් එක එල.. හැබැයි මේලෝකෙ දෙයක් තේරුනේ නෑ ! :(

    ReplyDelete
  5. dam pata maha gay colour eka ne - kevinjay

    ReplyDelete
  6. කොහොමද බොල ආදරේට පාටක් දෙන්නෙ, අනේ මන්දා ...

    ඒක සාපේක්ෂද මන්දා .......

    ReplyDelete
  7. නිල් තමා මල්ලි පාට. . . .

    ReplyDelete
  8. මට හිතෙන්නේ කහ පාට...:D

    ReplyDelete
  9. අනේ අම්මපා මූටත් හිතෙන දේවල්.

    ReplyDelete
  10. එතකොට නිල් පාටට මොකද වෙන්නේ?

    ReplyDelete
  11. ආදරේ අලුත්ම පාට තියෙන්නෙ ආදරේ කොරන අයගෙ මූණෙ තමා..;) පෙම් පාට. හිඉස්ස්ස්ස්....

    හා හා දම් පාටත් නරකම නෑ...;)

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...