අලුත් පරණ කතන්දරේ වැඩක් නෑ. හැබට ආදරයේ පාට මොකද්ද? එහෙම ඇහුවම කිසි ගතියක් නෑ මයෙ හිතේ. මොකො ආදරය කියන්නෙ මේ පංච ඉන්ද්‍රීන්ට ගෝචර වෙන එකක් යෑ පාට කියන්න. එහෙම නෙවෙයි. දැන් අපේ රටේ ජාතික වෘක්ෂය මොකද්ද? නා ගස.. හැක් හැක්... එතකොට ලංකාවෙ ජාතික පාට මොකෑ... ඕන් ඒකනම් ඇඟිල්ලගෙන් අහනට එපා.. ඉතින් කොහොමින් හරි දැන් පේනවනෙහ් එක එක එව්ව වලට ඔය සංකේත තියෙන විත්තිය.
ආදරේ ගැන කතාකොරොත් ඉතින් ඒකටත් තියෙනවා නොවැ විවිදා කාරයේ සංකේතයොදාගන්නවා... ඔව් හාර්ට් එක.. හි හි හි...
අහ් මේ.. අර දම්පාට හැන්දෑවක් ගැන කවුදෝ කියනව අහල තියෙද? ආන් මාතෘකාවට ආව. අහල නැති කෙනෙක් නැතුවෑති. ඉතින් කවුරු හරි දැකල තියෙද මං අහන්නෙ දම්පාට හැන්දෑවක්? අනිව ඔය කියන්නෙ අහස දම්පාට වෙලා තිබුන කියන එකනෙහ්... හැක් හැක්... හැබෑ ඔය කලුපාට වැඩි උනාමත් නිකන් දම්පාට පේනවා ඒක වෙනම කතාවක්. ඔය අස්සෙ දම්පාටින් ළා හඳත් බහින්ට පටන් අරගෙන... ඒක එක්කො වෙනින් ලෝකෙක උප ග්‍රහයෙක් වෙන්ටෑ. හැක් හැක්.. එහෙම නෙවේ ඉතින්... මනඃකල්පිත උනත් ඒ දම්පාටම ගත්තු එක කොච්චර පට්ටද නේද? :D දැන් අර සමහරක් කිව්වා වගේ රතුපාටින් ලා සඳ බැස යනවා කිව්වනම් ඉදල හමාරයි... ජපන් කොඩිය පරාදයි... දැන් මේ උදාහරණ කෑලිටිකෙන් මෙව්වා එක් ගත්තනෙහ්... මේ සිංදු කෑල්ල අහල තියෙද?
දම් පැහැ පුංචි වීදුරු වළල්ලක්ඔවු අජන්තා වීරසිංහ ලියල චණ්ද්‍රානි ගුණවර්දන කියන්නෙහ්... :) හැක් හැක්... සිංදුවෙ ඇම් පී ත්‍රී කෑල්ලක් තිය ඔතනින් එහාට පද වැලවත් දන්නෙ නෑ ඕන් මං.. ඇහැකි කෙනෙක් දාල ගියානම්... ඉතින් කොකින් කොක වෙහත් මේ සිංදුවෙ තේරුම බලමු.
ඔබට මතක නැති
මට අමතක නැති
මං ලඟ තාම තියේ....
දම් පාට ගැන අයේ ඔනි නේ... පුංචි... හුරුබුහුටි... :D :D වීදුරු කියන්නෙ ඉක්මනින් කැඩෙන සුළු.. ඒවගේම හොදට පරිස්සම් කරන්ට ඔනි දෙයක්... ඉහික්.. එතකොට වළල්ල? හැක්.. මට හිතෙන විදියට නම් ඔය කියල තියෙන්නෙ ආදරේ කියන්නෙ චක්‍රීය මෙව්වා එකක් කියලා... පට්ටා බූට් සිංදුවක් නේද? බූට් උනත් මොකො අපිට ඔනි කෑල්ල තියේනෙහ්...
දම්පාට...!
ප.ව.
ඔය රතූ පාට, කොළ පාට, දම්පාට බියුටි පුල් මලක් ගැන කියල තිබ්බට මොකො ඔය මලට දම්පාටක් ගාවගෙන තියෙන්නෙ ආදරේ ගැන කියන්නමද දන්නෙ නම් නෑ... කොවුවා වුනත් ඒ මල ආදරේ පුරකාස කිරීමට නරකමත් නෑ... ඇයි බොලැ.. මේ
ආදරේ අලුත්ම පාට නිල් පාට කියලා කියලා තියෙනවා බන් අර චොකොලැට් ඇඩ් එකක
ReplyDelete~~~~ලොග් වෙන්න අමතක වූ ඉසාරයා
ආදරේ අළුත්ම පාට දම්පාට.. ඒකත් නරකම නෑ...
ReplyDeleteචොක්ලට කවරෙට කියාපු පාට...
ReplyDeleteඅලේ... ඒ පාර තෝ පාට ගැන විස්තර කරන්ට තියාගත්තද ? මී හරක...
ReplyDeleteමොනා වුනත් පෝස්ට් එක එල.. හැබැයි මේලෝකෙ දෙයක් තේරුනේ නෑ ! :(
dam pata maha gay colour eka ne - kevinjay
ReplyDeleteකොහොමද බොල ආදරේට පාටක් දෙන්නෙ, අනේ මන්දා ...
ReplyDeleteඒක සාපේක්ෂද මන්දා .......
නිල් තමා මල්ලි පාට. . . .
ReplyDeleteමට හිතෙන්නේ කහ පාට...:D
ReplyDeleteඅනේ අම්මපා මූටත් හිතෙන දේවල්.
ReplyDeleteඑතකොට නිල් පාටට මොකද වෙන්නේ?
ReplyDeleteආදරේ අලුත්ම පාට තියෙන්නෙ ආදරේ කොරන අයගෙ මූණෙ තමා..;) පෙම් පාට. හිඉස්ස්ස්ස්....
ReplyDeleteහා හා දම් පාටත් නරකම නෑ...;)