Tuesday, July 12, 2011

මේ ගැන සිතා ඔබේ අදහස් හෙළ සිප් හවුලට යවනු මැන෴

:D අද දන්ට යන්න මෙව්ව එක  මයේ එකක් නෙවේ... ඊයේ (11) අපේ පාසල් කෑල්ලෙ තිබුනු මෙව්වා එකක දුන්නු හෑන්බිල් කෑල්ලකින් උපුටා ගත්තු ප්‍රශ්න සැට් එක් තමයි දෙන්නේ... උත්තරේ හැකිනම් කොමෙන්ටුවක් ආදරෙන් දාන්ට.. නැතන්ම් හෙළ හවුලට මේල් කොරන්ට..

___________________________________________

  1. මීටර් 10ක අරයෙන් යුත් රවුමක් අඳිනින්නේ කෙසේද?
  2. ජේතවන ගාගැබේ පතුලේ අරය මීටර් 30කි. එය මැන්නේ කෙසේද?
  3. ඇළුමිනියම් මුට්ටි තුල ඉවුමෙන් රුධිරයේ තෙල් ඇතිවන බව අසා තිබේ ද?
  4. මැටි මුට්ටිවලින් ආහාර පිස කමෙන් ඇතිවන රෝග කිමැ?
  5. පැරැන්නෝ වගා පාළු කළ සතුන් වැලකුයේ කෙසේද?, ඒ විදි නිසා දිවියට හානි ඇති වුනි ද?
  6. බටහිර ගොවිතැන් දැනුමෙන් ලත් වස යෙදුමෙන් ලත් වාසිය ඉන් සිදුව ඇති අවාසියට හිලවු කළ හැකිද?
  7. බටහිරයන් අපිට දුන් සිසිල් බීම ආදිය බීමෙන් වන හානි බෙලිමල් බිවු විට ඇති වේ ද? 
  8. සකුව මුසු සිංහළයෙන් ගෙතූ ගී පහසුවෙන් මතකයේ රැදේද?
  9. ගුත්තිලය, සීගිරි ගී ලියැවී ඇත්තේ හෙළ බසින්වබ දන්නේ ද?
  10. *සුනිල් සාන්ත ආනන්ද සමරකෝන් ආදීන් ගැයූ ගීත නොමුසු හෙළ බසින් ගෙතුවා සේම 70 දසකයේ ගී ලෙස හැඳින්වෙන ක්ලැර්න්ස්, මිල්ටන් මල්ලවාරච්චි ආදීන් ගේ ගීත ද නොමුසු හෙළ බසින් පබඳ ඇතිබව දනෙහි ද? එනම් ගී පබැඳුමට හිත් ඇත්තො හෙළ බස පසක් කළ යුතු නොවෙද?
  11. උදේ 6 සිටැ හවස 6 දක්වා හිරු එළිය හොඳහැටි ලැබෙන හෙළ දිවයිනෙ විදිලි එළි මැද සුද්දන් ගේ රටේ මෙන් ක්‍රිකට් ගසනඅතර වාරේ විදිලිය පිරිමසන්නැයි අයැදුම විහිළුවක් නොවේද?
  12. නැවැත වන වගාවට දෙසයේ ගස් නොගැලැපේද? පයිනස් යුකැලිප්ටස් ආදී ගස් යොදා වන වගා කළේ ඇයි?
  13. වඩා පරිසර හිතකාමී වීදුරුද? ප්ලාස්ටික්ද?
  14. පරිසර හිතකාමී බව මනින්නේ එම ද්‍රව්‍ය දිරාපත් වන නොවන බව සැලැකීමෙන් පමනක් ද? නො එසේනම් සැලකිය යුතු කරුනු කිමැ?
  15. විසල් ගඟක් හරහා වේලි බැඳ එතැනම පැරැණි වැවි මොනවාද?
  16. විසල් ගඟක් හරහා වේලි බැඳ එතැනම නවීන වැවි මොනවාද?
  17. ගං පතුලක ලවණ වැඩියෙන් රැඳි තැන්පත් වූ විට දිස විය වන බව දැන සිටියේ ද?
  18. *මල් පුදා ලැබිය හැකි පින කුමක් ද?
  19. *මී මැස්සන් ට සමනලුන් ට පැනි උරන්න ඇති මල් නෙලා සියළු සතුන් ට මෙත වැඩිය හැකිද?
  20. නීති ගරුක වීමෙන් සිතට සතුටක් දනේද? අසතුටක් දැනේද?
  21. හෙළ සිප් නංවා සෙත ලැබිය හැකිද?
____________________________________________

* දාපු ප්‍රශ්න ගැන හිච්චක් කියන්ට ඔනි...
10 වෙනි ප්‍රශ්නෙ කියන දේනම් ඇත්තටම මට තේරෙන්නෙත් නෑ... දන්න කෙනෙක් ඒකත් කියල දුන්නනම් එලැය...
ම්ම් 18යි 19යි ප්‍රශ්න ගැන කියනවනම්, ඒකෙදි කියන්නෙ මල් පිදිම නිසා ඒ හැටි පිනක් අත් වෙන්නෙ නෑ කියල වෙන්ටෑ... ඉහික්.. හැම දේකටම දෙපැත්තක් තියෙනවනේ.. මං නම් වැඩිය ආගමික වතාවත් වල යෙදෙන කෙනෙක් නම් නෙවේ ඔන්... ඒත් අපේ ගෙදර අයනම් ඔය වතාවත් කොරනව... ;) ඉතින් මං නම් දකින්නෙ නෑ මල් පූජා කිරීමෙ වරදක් තියේ කියලා... අපි කඩන්නෙ මී මැස්සන්ට සමනලුන්ට පැනි බොන්ට තියෙන මල් තමා. ඒතනපි තියෙන තියෙන මලක් ගානේ කඩල දාන්නෙ නෑනේ. අපි යම්තාක් මල් ප්‍රමානයක් විත්‍රයි කඩන්නේ...  එක අතකින් ආමිසයට වඩා වැදගත් වෙන්නෙ ප්‍රතිපත්ති ය. ඒකත් ඇත්ත. ඒක එහෙමයි කියල ආමිස පුජාවෙන් පිනක් සිද්ද වෙන්නෙ නෑ කියන්ට බෑනෙ. ඒකින් සාපේක්ෂව අඩු උනත් පිනක් සිද්ද වෙනවා... විවිද අයට විවිද විදියට හිටහ්න්ට පුලුවන්... ඊයෙ මෙව්ව එකේදි ඔය ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරපු ඊලියන් ද සිල්ව මහත්තයත් කිව්වෙ, කිසිම දෙයක් කවුරුත් කිව්ව පළියට පිළිගන්ට එපා කියලනේ.. ඉහික්.. තමන්ට මල් පුජා කිරිම නිශ්ඵල දෙයක් විදියට හිතෙනවනම් ඒක නොකරට පවක් වෙන්නෙ නෑ... :D :D :D

ප. ව.
ඔහ් හෙළ හවුලට මේල් කොරන්ට කිවුවට බොලේ එයිලගේ ඉරොනු පහිනය දුන්නේ නෑ නොවැ...
helasipp@gmail.com ඉහික්.. ඉරොනු පහිත කියන්නෙ හෙළුවෙන් ඊමේල් එකට හරිය...???

    16 comments:

    1. 2) පරිධිය = 2*pi*r (පරිධිය මැනගත් පසු ගේමක් නෑත)

      ReplyDelete
    2. 13) වීදුරු (ගොඩ කාලයකට පස්සෙ දිරනව කියල මතකයි)

      ReplyDelete
    3. ඔන්න ඉතිං දන්න ඈයො උත්තර දෙන එකයි ඇත්තෙ ......
      අපි නෑ ඕවට .........

      ReplyDelete
    4. මෙන්න මං හිතන විදිහට උත්තර, මම හිච්චි එකා නිසා මෙව්ව නිකං ජෝකි වගේ තියෙයි. ගණන් ගන්ට එපා.
      1. පිට්ටනියක් මැදට යනව. ඒකෙ මීටර් 20ක විශ්කම්භයක් කියල මෙව්ව එකක් තියෙන ඉරි කෑල්ලක් ගහනව. ඊට පස්සෙ ඉතිං ඕකෙ මොකෙන් හරි (පැන්සලෙන් පුළුවන්නම් ඇඳහල්ල) රවුමක් වෙන්න අඳිනව.
      2. පතුලේ අරය මීටර් 30ක් කියලනෙ තියෙන්නෙ, එහෙනම් ඉතිං ශුවර් එකට ඕක මනින්න ඇත්තෙ මීටර් ලකුණු කරපු මීටර් කෝදුවකින් හරි, මීටර් ලකුණු කරපු ටේප් එකකින් හරි.
      3. මොකේ ඉව්වත් පොල් කිරි වල තෙල් තියෙනවනෙ.
      4. කොලොස්ටරෝල් හැදෙන්න පුළුවන්, දියවැඩියාව හැදෙන්න පුළුවන් (මොකේ පිස්සත් කෑම අනුවනෙ ලෙඩේ, ලොලේ ලොල්ය)
      5.ගිනි ගොඩවල් ගැහුව. කට බලියන් ෆුල් සද්දෙන් කෑගහල එලෙව්ව. මන්තර පාවිච්චි කොලා, ඒ විදි නිසා වගා පාළු කරන්ට එන සත්තුන්ගේ දිවියට බාධා ඇතිවුනා. කන්න නැතුව, (එතනින් ගිහින් වෙන හේනකට පනින එක වෙනම කතාවක්)
      6. හිලව් කොල නොහැකියි.
      7. සිහිල් බීමෙන් වන හානි කිමැ ? ලංකාව වගේ සමකාසන්න රටක ඉඳගෙන සුද්දො බොනව වගේ උණු බීම බොන්ටද කියන්නෙ ? (මම නම් තේ එක බොන්නෙත් ෆුල් ඇල් කොරල ලොල්ය)
      8. ඉස්සෙල්ල කියපියව් සකුව කියන්නෙ මොකක්ද කියල ?
      9. නැතුව ඉතිං වෙන අහවල් බසින් ලියන්ටද ?
      10. පසක් කොල යුතු වේ. මම දන්නෙ එච්චරයි. ආ මං හිතන්නෙ ඔය නොමුසු හෙල බස නැතුව ගහන දැන් සින්දු ආව ඇහුව අනිත් අතට බැහැල යන්නෙ නොමුසු හෙල බස නැති නිසා වෙන්ටැ, බලනකොට මේකෙ තියෙන කතාව හැබෑ නේන්නම්.

      ReplyDelete
    5. 11. තනිකර විහිළුවකි,. ඒකනෙ මම අපේ ගෙදර විදුලිය පිරිමසින්න කිසි උදව්වක් දෙන්නෙ නැත්තෙ. ලොලේ ලොල්ය
      12. හැබෑටම ඇයි ඒ ? බොලාම ඕකට විජ්ජාව සම්බන්ධ කොරල මෙව්ව එකක් දුන්නනම්
      13. මං නං හිතන්නෙ පලස්ටික්
      14. මම නම් හිතන්නෙ නැතුව ඇති. පුච්චන එකත් බලපානවලුනෙ. වීදුරු පිච්චුවට මම දන්න විදිහට ඒ හැටි අවුලක් නෑ. අවුලක් ඇත්තෙම නැති ගණන්. ඒ වුනාට පලස්ටික් පිච්චුවහම අනං මනං වෙනවනෙ.
      15. සොරබොර වැව
      16. ඉස්සරහට හදනව නම් අනිවා නම වැටෙන්නෙ මහින්ද රාජපක්ෂ වැව කියල.
      17. ආයෙ ලංකාවෙ ගංගා වල දිය විස වෙන්ට ඕව ඕනැයෑ ? අහල පහල ගෙවල් වලින් දාන කුණු දිය විස වෙනව නම් වෙන්ට වැඩිත් එක්ක,.
      18. මං හිතන්නෙ මල් පුදා සිහි කොරන්නෙ මේ මල පරවෙලා යනව වගේ ශරීරයත් දිරල විනාස වෙලා යනව වගේනෙ. ඒකෙන් අනිත්‍යතාවය මෙනෙහි වෙනවනෙ. ඉතිං ඒකෙන් මොකක් හරි පිනක් ඇති.
      19. අන්තගාමී වෙන්ට එපා
      20. නීතිය අන්ධයි. ඒක නිසා මට දැනෙන්නෙ අසතුටක්
      21. අද කාලෙ ඉතිං සෙත ලබන්ට නම් පර සුද්දගෙ සිප් නෙ නංවන්ට ඕනෙ. රටත් බල්ලට, ශිල්පෙත් බල්ලට, අන්තිමට අපිත් බල්ලට.

      ReplyDelete
    6. හපෝයි එකකටවත් උත්තර නැත

      ReplyDelete
    7. මම උසස්පෙල පාස් මචන්....

      ReplyDelete
    8. යකෝ මම ඒ ලෙවල් ෆේල් වෙන්න ඉන්න එකෙක්...:පී ය

      ReplyDelete
    9. ඉහික්... හැමොන්ගෙම මෙව්ව වලට බොම ස්තූති...

      @සුපර් මාරියො- දෙකයි පයි ආර් ක්‍රමේ වඩා නිර්වද්‍යයි. ඒත් පෑන් පංසල් කොල අරන් කොල කෑලිවල ලියල සුළුකරල, ඒත් නැත්නම් කැල් අරගෙන ගන් හදනවට වඩා පප්‍රායොගික ක්‍රමයක් හිතෙන්නෙ නැද්ද?
      @ගාමින්ද-
      12 වෙනි ප්‍රශ්නෙට ඔයා දීපු උත්තරේට ප්‍රති මෙව්ව එකක්, එක ම විද්‍යාත්මක හේතුව තමයි අපි පරිනාමය වෙලා තියෙන්නෙ වදුරන් ගෙන් කියන එක. ඉහික්...

      ReplyDelete
    10. හැබෑට. මම නම් හිතන්නෙ නෑ අපි වඳුරගෙන් පරිණාමය වෙලා කියල.

      ReplyDelete
    11. ඉහික්.. එහෙම වදුරන්ගෙන් පරිනාමය නොව්නම්, වදුරො වගේ අනික් උන් කරන එකම කොරයි දෑ... සුද්ද ඔය පයින් ගස් හිටවන්නේ උනේ රට ඉර එළිය වැටෙන්නෙ හැඩේට නිසා.. ඒහෙම ඉටිගෙඩියක් නොදන්න අපේ උන් තියෙන වදුරු ගතිය පෙන්න පෙන්න හිටවනව පයින් ගස්...

      ReplyDelete
    12. බොලාගෙ කතාව හැබෑව. ඕන් අපේ වත්තෙනම් ඔය පයින් කියන ගස් නෑ.

      ReplyDelete
    13. අඩේ පවියො. උඹ කිව්ව කතාව ඇත්තනෙ. මම දැනුයි නිකං පයින් ගහ මොකක්ද කියල විකිපීඩියාවෙ හෙව්වෙ. හෙන හිච්චි කොල අඩු ගහක්නෙ. හැබෑට සමකාසන්න ලංකාවෙ මක්කටැයි ඔව්ව වවන්නෙ ?

      ReplyDelete
    14. නියම ප්‍රශ්න ටික මලයො.
      උත්තර තියා කට උත්තරත් නෑ.

      ReplyDelete
    15. 1.) මීටර් 10 ලන්නක් ගත්තා එල ලියාක් හිටවල ඒ කොන ලීයෙ ගැට ගැහුවා.. අනිත් කොනත් මොකක් හරි මෙවුවා එකක් හයි කරාල්ල කව කට්ටෙන් අදිනව වගේ ඇඳගෙන ගියා රවුමට

      2.)මේකත් එහෙම තමයි වටේ දුර ලන්නකින් මැනගෙන ලන්නෙ දිග මැනලා

      ඔතන තියෙන සමහර ප්‍රස්නවලය උත්තරනම් දන්නෙ නෑ අනිත් ඒව එක එක්කෙනා හිතන විදියට වෙනස් වෙනවා...සමහර ප්‍රස්න වලනම් හිතන්න දෙයක් තියෙනවා.. සමහර දේවල් ප්‍රස්න වලනම් ඇති ලබ්බක් නෑ..

      අනිත් එක ඔය හෙල හවුල ගැන මට හිතෙන දේ තමයි බාසාවක් කියන්නෙ අදහස් ප්‍රකාශ කිරීමේ මාර්ගයක්නෙ.. ඒ අදහස් අනිත් අයට තේරෙන්න ඕනෙ... හෙල භාෂාව කිය කිය අලුතින් වචන හද හද දන්නෙ නැති වචන වලට අනිත් එවුන් දන්න බාසාවකින් වචනයක් දාගෙන කතා කරනවට කෑ ගහනවා... ලාංකිකයෙක් විදියට තමන්ගෙ අනන්‍යතාවයට තමන්ගෙ බාසාව ඔප කිරීම හොදයි ඒත් දන්නෙ නැති එකෙක් කොහොම බාසාව පරිහරණය කලාම මොකද අනිත් කෙනාට තමන් දනවන්න හදපු අදහස තේරෙනවනම්... ?

      ReplyDelete

    ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

    @Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

    Related Posts Plugin for WordPress, Blogger...