Thursday, June 30, 2011

කාලෙකට පස්සෙ ජොකෙක් ඇන්දෙමි. | හැදු අම්මගෙන් කුඩ අම්මාට෴

අපෙ අප්පේ සයිබර් මෙවුව එකට පය තිබ්බේ ඔන් දවස් දෙකට පස්සෙ...  හ්ම්ම්ම්... ඕන් මේක වල් කැටගරියේ පොස්ට් එකක්නම් නෙවේ.... ජොකා කියල ටොපියෙ තිබ්බට. හැක් හැක්....  කාලෙකින් ජිකෙක් ඇන්ද කිවුවෙ ඉතින් දැන්  ඇඟිල්ලා පෙරලා ඉස්කොලේ යන්ට පටන් අරන් නිසා. සාපේ ඉවර උනත් හරි ජොකෙක් කියල ඇන්ද එකක් යෑ. මොකො මේ සයිබරේ ඇවිද්ද කියල බහිනවද මං අහන්නෙ....? ;) හැක් හැක්...

මට පරන ඉස්කොලෙන් දොට්ට යන්න වෙන විත්තිය කලියෙන් කිවුව නොවැ. ඉතින් ඕන් දීර්ග නිවාඩුවකට කොමා එක තියලා ඇඟිල්ලා ගිය සදුද ඉදන් ඉස්කොලෙට වාර්තා කොරා ඔන්...

ඇත්තටම හරිම දුකකින් තමා සුසමෙන් අයින් උනේ(සුසමෙ කියන්නෙ සුසමයවර්දන විද්‍යාලය එකේ කෙටි මෙවුව එක). හේතුව එක නම් බයො කරන්ට ළමයි නැති වීම. මං ඉතින් ඔය විත්තිය කලියෙනුත් කිවුව නොවැ. හේතුව දෙක තමා ඉතින් ගෙදර ඈයන්ගෙ කරච්චලේ. දැන් ඉතින් එවුව මෙවුව වලින් නම් වැඩක් නෑ නොවැ. දැන් කොහොමින් කොහොම හරි අලුත් මෙවුව එකට ගියානේ...... ඒක නෙවේ වැඩේ....

හරියටම අඟහරුවාදා... සදුද ඉස්කොලෙට ගත්තට නිල වසයෙන් බදවා ගත්තෙ අඟහරුවාදා.. හැක් හැක්.. ඉතින් ඕන් ගියා පංතියට. කවුරුත් නම් හිටන් හිටියේ නෑ. ඔක්කොමල ඉදගෙන පොත් දිග ඇරගෙන එක්කො කියවනවා. එක්කො ලියනව. අම්මප මං පංතියෙ ටීචර් කෙනෙක් ඉන්න වෙලාවෙදිවත් ඔහොම ළමයි ඉන්නව දැකල නෑ. සොරි.. එහෙ ටීචර්ල නෙවේ ඉන්නෙ. මැඩම් ලා..!!! ඉතින් පිටිපස්සෙ හරියෙ පොලිමක් ලඟට ගිහින් ඉදගන්නත් හදල, අළුතින් ආවම පොල්ලෙන් ගැහුව වගේ අහන්නෙ කොරන්නේ නැතුව ඉදගන්ට එක හොද නෑ නොවැ. ඒක නිසා මං එකෙක්ගෙන,
"අඩෝ... මෙතන කවුරුත් ඉන්නවද....??"
කියල ඇහුව. අනේ දෙවියනේ.. හීනෙකින්වත් නොහිතපු දෙයක්... ඌ මං දිහා අඬන්න වගේ බලන් ඉන්නව.... මං ඉතින් මුකුත් කියන්ට ගියේ නෑ.. ශේප් එකේ වෙන හිස් පොලිමකින් බෑග් එක තිල ගියා. අඩෝ කිවුවම මෙහෙම වෙනවනම් අංගම්මන සුමන ජාතික ගීය කිවුවනම් මූට මොනවා වෙයිද කියල මට හිතා ගන්ට අමාරුයි. ඉතින් කොහොමින් කොහොම හරි ඕන් ගාථ කියන්න කියල පොලින් ගස්සනවා... මාත් ඉතින් ගොහිල්ල අදුරන ඩයල් එකක් හිටපු තැනකින් හිට ගත්තා. ඕන් විනාඩි 5ක් විත්‍ර ගාථ කියල විනාඩි 10ක් විත්‍ර නිවුවස් කියල පොඩි විකාරයක් නටුවා. ඊලඟට ඔක්කොන්ටම බිම ඉද ගන්ට කිවුව සිස්ස නායක අයියල ඇවිත්. ඔක්කොමල ඉද ගත්ත. ටික වෙලාවකින් කියපි අත උස්සන්න කියල. මල හුට්ටපරයයි. ඕන් අතත් ඉස්සුවා. මං ඒත් හිතුව මේක ඒ ඉස්කොලේ පොදු නීතිය වෙන්ඩෑ කියල. ඒත් බැලින්නම් අනික් ඔක්කොමලව යවල. මං උන්නු පොලිම විත්‍රයි එහෙම කොරල තියෙන්නෙ. එදා දවසෙ තව අලුතින් කස්ටිය ආව කියල කවුරු හරි කියලද මංද උන් කිවුව අලුතින් ආපු ළමයි ඉන්නවනම් නැකිටින්න කියල. ඕන් ඉතින් මාත් නැකිට්ට. ඊට පාසෙ උන් මයෙන් අහනව මොකද්ද කරපු වරද කියල? ඊඟට තමා මටත් මීටර් උනේ... මං ගිහින් හිටගෙන තියෙන්නෙ එක එක සීන් වලට මාට්ටු විච්ච උන් ඉන්න පොලිමක කියල. හැක් හැක්..

දැන්නම් එහෙම මිස්ටේක් වෙන්නෙ නෑ. දැන් ඉතින් ගිහිල්ල දවස් 3ක් විත්‍ර පරනයි නොවැ. කූඩැල්ලව කොට්ටෙ උඩ තියන්ට බෑ කියනව වගේ ඕන් ඊයෙ කෙමිස්ට්‍රී පීරියඩ් එක හිච්චි කටක් ගැහුවා.... කොවුව උනත් දැන්නම් මට මෝල් (ඩබල් ඇල් නෙවේ)වගේ....

ප.ව.
දෙ දොහකින් මේ පැත්තෙ එන්ට බැරි උනු නිසා තමයි ඉතින් ටිබ්ලයිට් එක වගේ පෙරේදා උනු සීන් දැන් කිය්යන්නෙ.. හැක් හැක්... තව ඉතින්බ් කියන්න නම් දේවල් ඔනි තරම්  තියෙනවා... මොනා උනත් දැන් ඒක මයෙ ඉස්කොලෙනෙ. (ඒත් තාම  ඒවිදියට අන්ච්චානුගව හැඟෙන්නෙ නෑ..) ඒක නිසා එවුව ටිකක් තනුක කොරල පස්සෙ කියන්නම් ඔන්.....

18 comments:

  1. A/L :D සිරා කාලයක් තමයි :D

    ReplyDelete
  2. බොජොම සන්තොසයි බොහොම සන්තොසයි.. සාදරයෙන් පලිගන්නව ඔන් මයෙ මෙවුව එකට.. හරිය.. හැක් හැක්... ඒලෙවල් සිරාම කාලේ බව හැබැයි... ඒ ඉස්කොල ඒලෙවල් ජීවිතේ සිරාවෙයිද කියන එක තමා පුරශ්නෙ... හැක් හැක්....

    ReplyDelete
  3. උසස්පෙළ කරන කාලේ තමයි ෆන් ම කාලේ. ඒ වගේ ෆන් එකකුත් අරගෙන හොදට විභාගෙත් ගොඩ දාහන් මලේ. එතකොට ගොඩක් ෆන් !!!!

    ReplyDelete
  4. අප්පේ පින්කි අලුත් ඉස්කෝලෙකට ගියාද?ගිය තැනක හොඳින් ඉඳන් වැඩ කරගෙන හොඳ තැනකට යන්න ඔන්න මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  5. "අඩෝ" කිව්වත් අඩන මූණු තියෙන එවුන් ලග මේ බ්ලොග් එකේ ලියන දේවල් නම් කියන්න යන්න එපා.. උන ඉස්කෝලෙනුත් අස්වෙලා යාවි.. :)

    ReplyDelete
  6. මොනව කළත් වැඩක් නෑ පුතෝ විභාගේ ගොඩ නැත්තං!

    ReplyDelete
  7. හැක් හැක්.. බොම ස්තුතුයි හැමොන්ටම... ;)
    අනිව දිනේශ් අයිය.. මං වැඩිය බ්ලොගිය ගැන කියන්නෙ නෑ... පස්සෙ මං අලුතින් ගිහින් පරන උන්වත් දොට්ට දැම්ම කියයි.

    ReplyDelete
  8. හැක් හැක් ගානවා වැඩිද මන්දා හැක් හැක්

    ReplyDelete
  9. අපි නම් හිටින ඉස්කෝලෙම තමා :)

    ReplyDelete
  10. පිස්සු නටන්නේ නැතුව හොදට ඉගෙන ගනින් කොලුවෝ

    ReplyDelete
  11. හැක් හැක්.... හිටපු එකේ ඉන්නව කොලුවො කොරන සබ තිබ්බනනම්...

    ReplyDelete
  12. කොල්ලො මොනා කලත් කමක් නැහැ විභාගේ ගොඩ දාපන් ....

    ReplyDelete
  13. වල ගහනවා වගේම හොදට ඉගෙන ගනින් මලයෝ. තව අවුරුදු 2කින් නැත්නම් 3කින්...මේ ගෙන්දගම් පොලොවට එන්න ඕන බව සිහියේ තියාගෙන.

    ReplyDelete
  14. හැක් හැක්... ගෙනදගම් බැරිනම් බබල්ගම් පොලවට හරි ගොඩ වෙන්ට කලියෙන් මේ අවුරුදු දෙකේ පන් එක ගන්ට එපෑය...

    ReplyDelete
  15. අඩෝ කිව්වත් අඩන කොල්ලෙ ඉන්න ඉස්කෝලෙ මොකක්ද බන්?... මොන පිස්සුව නැටුවත් උ/පෙ ගොඩදාගනින්...

    ReplyDelete
  16. උබ ඕක ෂුවර් එකට කියන්න ඇත්තේ අලුතෙන් ආපු එකෙකුට! නැතුව එහෙම වෙන්න බැ.

    ReplyDelete
  17. හැක් හැක්.. ඔව් හැබැයි ඌ අලුත් එකෙක් තමයි බං.. එත් ඉතින් පරන උන්ගෙයි කියල ඒ හැටි වෙනසකුත් නෑ...

    ReplyDelete
  18. විභාගේ අභා‍ගේ ‍නෙමේ විභාගය උ‍දෙසා වැඩ කරපන් විවාහය ‍වෙනුවෙන් ‍නොව හිකිස්

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...