Friday, June 24, 2011

365 දොහේ ලිපි෴

හැක් හැක්.. අපෙ අප්පේ... බ්ලොගියෙ තැන තැන ත කොළත් වැවිලා.. කොහෙද ඉතින් මේ ඌ පේ අස්සෙ බ්ලොගියක් රන් කොරනව කියන්නෙත් සුළු පටු දෙයක් යෑ. ඒත් ඉතින් බැඳ ගත්තනම් ඉතින් බෙරේ ගහන්නත් එපැයි කියල ඔන්න ඔන්හේ ගහනවා... හදිස්සියෙම ඊයේ ගිය අවුරුද්දෙ පොකැට් කැලැන්ඩරේ අරන් බලද්දි තමා දැක්කෙ අද දවසේ විසේ සත්වෙ. අද කිවුවෙ 24 හොදේ. හැක් හැක්.. අදට මේ මයේ සිංහල බ්ලොග් ජීවිතයට අවුරුද්දයි. කොහොමද වැඩේ.. හැක් හැක්. ඒත් මේ බ්ලොග් එක පටන් ගත්තෙනම් ඕන් 2010 ජුනි 26 වෙනිද. ඇත්තටම කියනවනම් ඉතින් මේ බ්ලොග් කෑල්ල පටන් ගත්තෙ වැරැදිල. හැක් හැක්... කලින් පටන් ගත්තෙ pavithra94.blogspot.com කියන යූ ආර් ඇල් එකෙන් තමයි මං බ්ලොග් අවකාසෙට ඔලුව දැම්මෙ. කොවුව උනත් ඒ හැටි මාර්ගෝපදේශයකින් නෙවේ බ්ලොග් එක පටන් ගත්තෙ. ඊට කලින්ය්ත් එක එක ඊ මේල් හදාගෙන බ්ලොග් පටන් අරන් ඇති 10ට වඩා.. කොවුව උනත් ඉදල ඉදල පටන් ගත්තු බ්ලොගිය.


ඒ පටන් අරගෙනත් ලියන්න පොස්ය් එකක් නෑ. පේස් බුකියෙ ඇවිදිනකොට කවුදො මන්ද ශෙයර් කරපු බ්ලොග්  එකට ගියා. ඒකෙ තිබුනා පට්ටා පොස්ට් එකක්. “ෆෙන්ග් ෂුයි” – තත්වය බරපතළ වීමට පෙර…. කියල පොස්ට් එකක්. ඔය ලිපි වල අයිතියක් ගැන ඉතින් මං දන්නෙ නෑ. ඔන්න ඔහේ ඒක කෙලින්ම ගෙන්නල්ල මයෙ බ්ලොග් එකේ නිවු පොස්ට් එකක් විදියට දැම්ම. මාතෘකාව විත්‍රක් වෙනස් කොරා "මිත්‍ය දෘශ්ටිය" කියල. හැක් හැක්.. පබ්ලිශ් කොරල පැයක් යන්න උනේ නෑ.. කමෙන්ට් 8ට වැඩිය වැටිල... අඩො ඔය දමිත් අයියගෙ පොස්ට් එක නේද??? ඔහොම කිය කිය. හැක් හැක්... දැන් ඉතින් මොනා කරන්නද.. කොටින්ම කියනවනම් ඒ දවස් වල මං පොස්ට් එක මකල දාන්නවත් දන්නෙ නෑ. හැක් හැක්. ඉතින් මකන්න දන්නෙත් නැති නිසා තමයි අලුත් බ්ලොගියක් පටන් ගත්තෙ.. :D :D :D

ඒතමයි මේ.... හැක් හැක්... කොක වෙතත් මං මේ බ්ලොගිය ජුනි 26 වෙනිද පටන් ගත්තට මං මේකෙ උපන් දිනේ සමරන්නෙ අද.  :D :D :D මොකද අර වගේ කලින් බ්ලොගියක් පටන් නොගත්තනම් අර වගේ කොපි කරේ නැත්නම් බ්ලොගින් ගැන ඒ හැටි උනන් දුවක් ඇතිවෙන්නෙ නෑනෙ. අනික මට එදා ඒ කමෙන්ට් වලින් තේරුම් ගියේ බ්ලොග් ලියන ඈයො ඈයො අතර තියෙන අන්තර් සම්බන්දයත් අලුතෙන් පටන් ගත්තු බ්ලොග් එකක් උනත් කියවන්න කස්ටිය ඉන්නව කියන එකත් තමා... හැක් හැක්....


ඉතින් ඕන් මේ බ්ලොගිය පටන් අරගෙනත් ලියන්න දෙයක් නෑ. කොහොම හරි ඔන් දන්න කියන කුණු හරුප කවි කතන්දර දාල ආයේත් පොස්ට් කීපයක් දැම්ම ඒ දවස ඇතුලතම. ඔහොඅම ඔහොම කිසිම අරමුණක් නැතුව පටන් අරගෙන අරමුණක් නැතිවම ක්ලාස් වල ටියුට් වල පිටිපස්සෙ තුබුනු වැඩකට ඇති කවියි, මේස වල, කක්කුස්සි වල ලියල තිබුනු කවියි, ඔය හැම මගුලම දාල මේ බ්ලොග් එක පටන් ගත්තෙ. හැක් හැක්. ඊලඟට ඉතින් SBU එකටත් ඇප්ලයි කොරා. මෙන්න බොලේ උන් දවස් කීපයකින් ඊමේල් එක් එවනවා මයෙ බ්ලොගියෙ අසැබි දෑ තියෙනව ඒව ඉවත් කොරන්න කියල. හැක් හැක්. ඉතින් ආයෙමත් හොයලා හොයලා ඩිලිට් කොරන තැන කොහොම හරි ඕන් ඩිලිට් කොරල අයෙ SBU එකට ඉල්ලුව. පස්සෙ ඔන් ඒකත් ඇතුලත් කොර ගත්ත...


එහෙම තමා ඕන් මේකෙ ආරම්භය සිද්ද වෙන්නෙ. ඒදවස් වල වැඩිපුරම වැටුනු කමෙන්ට් එක තමා "අකුරු අඩුපාඩුනම් එමටයි. දෙසරයක් කියොල පබ්ලිශ් කොරන්න"  හැක් හැක්. දැනටත් ඔය කමෙන්ට් එක නොවැටෙනවාම නෙවේනෙ. :D :D :D :D

කොහොමින් කොහොමින් හරි බ්ලොගිය මේ තත්වෙට ඇවිල්ල තියෙනවනෙ. අඩු ගානෙ සුළැඟිල්ල කිවුවම ආ අර "පුකේ ඇඟිල්ලද?" කියල අහන තත්වෙට හරි ඇවිත් තියෙනවනෙ. (සැ යු: පුක යනු කුණුහරුපයක් නොවේ)
දැන් නම් ඇති. මේ අවුරුද්ද ඇතුලත් බ්ලොග් එක සම්බන්දයෙන් උනු සිද්දිනම් පොස්ට් දටවත් ලියල ඉවර කොරන්න බෑ. රත්ගමය මැරුනා. ලොල්ය කෑල්ලත් ඉවර උනා.... ඔහොම ඔහොම අම්බානෙට ඇති. ඔවුව කතා ටික ඉතින් දන්නො දනිතිනෙ.. හැක් හැක්... වැඩත් තියෙනව නොවැ. අපි ගියාවෙ.... ;)

ප.ව...
පොස්ට් එකේ මෙවුව මෙවුව ගතියක් තියෙනම් සම වෙන්න. අද ලියන්න උන්නෙ වල් කැටගරියට පොස්ට් කල්ල. පොස්ට් එක ලියන්න කොමා ඔන් කොරනවත් එක්කම තරමකට සුබ තරමකට අසුබ ආරංචියක් ආව. ගෙදර අයටනම් නිකන් මං සක්විති රජ උනා වගේ. හැක් හැක්.. එක ගැනත් ඉස්සරට ලියන්නම් කො... සුබාරන්චියට ලෑස්තිවෙන්න තියේ.... ට ටා හොදේ...... ;)

ප. ප. ව.
ස්තූති කතාව මතක උනානෙ... :D සිංහල කොටන්න කියල දුන්නු හසිත ජයසූරිය අයියටත් ( ඌ දැන් බ්ලොග් ලියන්නෙ නෑ), හෙදට හිය් වෙන පොස්ට් ලියන්න කියා දුන්නු රත්ගමයා මහතාත් ඇතුලු එකී මෙකී නොකී හැමෝන්ටම බොම ස්තූතියි..

16 comments:

  1. අව්රුද්දෙ උපන්දිනයට මම කොලුවගෙන් සුබ පැතුම්...

    ReplyDelete
  2. සුලැගිල්ලට...දිගු ගමනක් යන්න...සුභ පැතුම්.
    ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  3. බොම ස්තුති.. හොදේ... ;)

    ReplyDelete
  4. මල්ලියා සුබ පැතුම් අවුරුද්දට....

    ReplyDelete
  5. එලස් එලස් ඇගිල්ලා..200 පන්නමු :)))

    ReplyDelete
  6. අවුරුද්දේ උප දිනයට ඔන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  7. හි හි.. බොම ස්තූතියි.....

    ReplyDelete
  8. හැපිම හැපි මෙව්ව එකක් වේවා ‍හිච්චි ඇගිලි මලේ...

    ReplyDelete
  9. 365 කැරකැවිල්ලට මගෙනුත් බොක්ක පතු‍ලෙන්ම සුභ පැතුම්....

    ReplyDelete
  10. පුකේ ඇඟිල්ලට (සැ යු: පුක යනු කුණුහරුපයක් නොවේ)
    සුබ පැතුම් අවුරුද්දට....

    ReplyDelete
  11. හැක් හැක්...බොම ටැන්කු.. බොම ස්තූති... ;)

    ReplyDelete
  12. තව 365 ඇගිල්ල පුකේම ගහගෙන ඉන්න ලැබේවා... :D :D මගෙනුත් සුබපැතුම්..

    ReplyDelete
  13. හැපී බර්ත් ඩේ එකක් වේවා... ඔන්න මං විශ් කරේ හරි දවසේ... 26 වෙනිදා...

    ReplyDelete
  14. හැක් හැක්... බොම ස්තුති හැමොන්ටම...

    ReplyDelete
  15. ඔන්න පරක්කු වෙලා හරි මගෙනුත් සුබ පැතුම් .......

    ReplyDelete
  16. අහ් අය්ය එල එල නියමම අරම්බයක් .. මන් පරක්කු වෙලා හොද්දේ කොමෙන්ට් කලෙ හෑක් හෑක්

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...