Monday, June 6, 2011

විලි රුදාව අපිට එපා | උත්ගෝශිකාවෝ කියත්...

මේ ඇඟිල්ලට කිරිස්තු වර්ශ 2050, 2100 හේම වැද පුදාගන්න ලැබුන බව ඔලැයිල දන්නව ඇතිනේ.. :D :D අද ඔන් කියන්න යන්නෙ කිස්තු පුර්ව බර ගනන් වල කතාවක්...

බර ගනන් කියන්නෙ බරම බරගනන් හරිය..? ඒදවස්වල සර්ව බලදාරී දෙවියන්වහන්සෙත් ඔන් පේන්න තමා උන්නේ... 

ඔන්නදවසක්  කොටුවෙ පිකටින් එකක්... අවුරුද්දනම් මතක නෑ..බර ගනන් නොවැ. හැබැයි මාර්තු 8ද කොහිද.. :D  පොලිස් මාමලත් කදුලු ගෑස්, වගේ අවි අමෝරාගෙන ඉන්නව.  අදවගේම තමා නීතිය එදත්. ගෑනු ඈයන්ව අත්තඩංගුවට ගන්න පොලිස් ඇන්ටිලම ඉන්න ඔනි. ඉතින් හැබැයි අවි අමෝරාගෙන උන්නු පොලිසියේ ඈයො ගාව නෑ එක කාන්තා නියොජනයක්වත්. ඔක්කොමල පිකටින් එකේ... 

ඩොක්ටර් ඇන්ටිල, ප්‍රොක්ටර් ඇන්ටිලා, පොලිස් ඇන්ටිල, ටීචර් ඇන්ටිල... ඔහොම ඔහොම නානාප්‍රකාරේ ඇන්ටිල හෙන සැට් එකක් පිකටින් එකේ... මාත් ඉතින්  රබර් ඇහැ දාල බැලුව මොනාද ඔය බෝඩ් කෑලි වල ලියන් ඉන්නෙ කියල... නොදකින්, හිරිඔතප් බිදෙනවා අප්පා ඒව කියෙවුවම. 

විලි රුදාව අපිට එපා!!!
ඔන්න ඔහොම එක එක කුනුහබ්බ තියෙනව.  කුනුහබ්බ කිවුවට ඉතින් කුනුහබ්බමත් නෙවේ.. මං කිවුවනෙ ඔවුව සාමාන්‍ය දේවල් කියල. ඒත් ඔයි කාලෙ මං ඩෙස්මන්ඩ් මොරිස්ගෙ නිරුවත් වානරය කියෝල තියල අහලවත් තිබුනයෑ. කොහෙ අහන්නද එයැයි ඉපදෙන්නෙත් 1928 නොවැ... :D :D ඒක නිසා මාත් හිතන් උන්නෙ "විලි" කිවුවම කුනුහරුපයක් කියල. :D :D කොක වෙතත් එතන උන්නු පොලිස් මාම කෙනෙක් මට කියල දුන්න විලි රුදාව මොක්ද්ද කියල. ඒ කියන්නෙ ඔය බබ්බු හම්බෙන කොට එන රිදිල්ලලුනේ. රිදිල්ල කිවුවට ඒක එසේමෙසේ රිදිල්ලක් නෙවේලු. ලොකේ තියෙන දරුනුම වේදනා අඩුවෙන පිලිවලට පෙළැගැස්සුවම උඩින්ම එන්නෙ ඔය රුදාවලුනේ... අනේ ඔවුව මං නම් දන්නෙ නෑ... අර පොලිස් අන්කල් කෙනෙක් තමා මට කියල දුන්නෙ.

ඉතින් මාත් රබර් ඇහැ දාල නතර උනේ නෑ. පොඩ්ඩක් රබර් කනත් දාල බැලුව මොකෑ කියන්නෙ කියල. මල හත්තිලවුවයි. ඒතන ඊටවඩා කුනුහබ්බ.

"සමානාත්ම තාවය කියන්නෙ මේකද?? ළමයි හදන්න අපි වගේම පිරිමිත් වග කියන්න ඔනි. හරියට අපි තනියම හදාගන්නව වගේ. කොහොම උනත් විලි රුදාව අපිට එපා. ඒක අයින් කරන්න බැරිනම් පිරිමින්ටත් ඒ රුදාව දැනෙන්න ඔනි....."
ඔහොම පටන් ගත්තු එක කොයින් කෙලවර උනාද මන්ද... දෙයියගෙ උයනෙ පලතුරු කාපු කතායි, නයෙක් කියපු හින්ද කෑව කතායි ඔහොම ඔහොම සුරන්ගනා කතා හෙන ලොට් එකක් කිවුව...

ඔන්න ඔය වෙලාවෙ තමා දෙයියන් වහන්සෙගෙ පාණ්ඩකම්බල ශෛලාසනය උනු වෙන්නෙ නිකන් හොට් ප්ලේට් එක වගේ.. ඔන්න ඊලගට මහ පොලෝ කපා කොරගෙන එනව දෙයිය. මං හිතන්නෙ ඒ කපා විල්ලට කොටුවෙ කොච්චි දෙකකුත් පරක්කුවෙලා.
ඉතින් දැන් අර ඇන්ටි කලින් රෙකොඩ් එකම දෙයියන්වහන්සෙට කියන්ව....  හ්ම්ම්ම්... කොහොම හරි පයකීප්යක සාකච්චාවකින් පස්සෙ දෙවියන් වහන්සෙ ඔන්න අවසන්තීරනය දෙනව.
"ගෑනුන්ගෙ විලි රුදාව අයින් කොරන්නත් බෑ. එහෙම කොරොත් ගහන තුල්‍යතාවය නැතිවෙනවා. ඒක නිසා අද සිට ක්‍රියාත්මක වෙන පරිදී පිරිමි අයටත් විලිරුදාව උරුමයි"
හ්ම්ම්ම්... මලකෙලියයි. ඒත් මක්ක කොරන්නද... දේව කැමැත්ත නොවැ.  ඉතින් එතනින් පිකටින් එක ඉවරයි...
___________________________________________________ 
ඔන්න දන් කාලයක් ගත වෙලා...  දවස්ක් එක පවුලක කුනුදුල් දරු උපත සිද්ද වෙන්න යන්නේ... අප්පට සිරි. තාත්ත දැන් අම්බානෙට බයවෙලා. ඇයි ඉතින්.. දේවකැමැත්තනේ. කොහොම හරි දැන් බබා හම්බෙන්න තියෙන් එදින රාත්‍රි 8. දැන් ඉතින් ඒ පවුලෙ අනික් නෑදෑයො ගෙදර ඇවිත් ඔන් ලෑස්ති වෙලා ඉන්නේ.. බබා හම්බෙන්න.. :D :D ඉතින් ඔන් කස්ටියම ඉස්පිරිතාලෙට ගියයි කියමුකෝ.. දැන් 8ට කිට්ටුයි. අම්මට වඩා තාත්ත බයවෙලා.  කොච්චර බයවෙලාද කිවුවොත් බඩේ අමාරුවකුත් ඇතිවෙලා. මං හිතන්නෙ හිස්ටීරියාව වෙන්ඩෑ. කොහොම හරි ඉතින් තාත්තටත් නොන්ඩියනෙ ඔය ඉස්පිරිතාලෙ ටොයිලට් එකට යන්න. එහෙම ගියොත් අම්ම පස්සෙ කාලෙක තාත්තව ජින්ඩියට ගන්න නිසා දුරදක්නා නුවන ඇති තාත්ත පොඩි වැඩවගයක් තියෙනව කියල ගෙදරට ගියාලු/ දැන් ඔන් 7.55යි. තව විනාඩි 5යි හරිය..??
ඉතින් දැන් ඒ තාත්ත හොදටම බයවෙලා. ඔන්න කණුවකුත් බදාගෙන විලි රුදාවට සැරසිලා ඉන්නෙ.. :D :D

7.59යි.. දැන් ඔන්න ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන දත කට පූට්ටු වෙයි කියල පැන්සල් කෑල්ලකුත් ගහගෙන ලෝකෙතියෙන දරුනුම රිදිල්ල විදින්න සැරැසිලා ඉන්නවා... ඔව්.. තව තප්පර 10...,9...,8,...,7...,6...,5...,4...,3...,2...,1.......................

ඒත් එක්කම එහා ගෙදරින් මරලාතෝනියක් ඇහෙනවා.................... :D :D :D

ප. ව. 
දරුවන් අපේක්ෂිත අම්මලා, තාත්තලා වත් අනික් අයවත් බයවෙන්න එපා... මේ වගේ නීතියක් නිසා පවුල් කඩාකප්පල් වෙන නිසා ජන හිතැති දෙවියන් වහන්සේ විසින් ඔය නීතිය ටිපෙස් කොරල මකල දාල තියෙන්නෙ. කබල වෙන්න එපා හරිය...?? ;)

ප. ප. ව.
මේම පොස්ට් එක හුදෙක් විනොදයක් ලැබීම සදහා පමණක් බව ත් කිසිදු ආගමක් විවේචනය කිරීමට හො මාතෲත්වය හා පීතෲත්වයට අගෞරව කිරීමට හො නොවනබවත් සැලැකුව මනාය.

19 comments:

  1. :D :D
    ඔය කතාවේ පොඩ්ඩක් වෙනස් වර්ෂන් එකක් කලින් අහලා තියෙන්නේ.

    ReplyDelete
  2. මං අහල තියෙන්නෙ ලියුං කාරය ලියුං මිටිය හපාගෙන දොරකඩ වැටිල හිටිය කියල

    ReplyDelete
  3. නියමයි හොඳේ.. කලින් අහලා තිබ්බේ නැති එකක්.. ආතල්!!!!

    ReplyDelete
  4. හැක් හැක්.. ඔව් ඉතින්... එක පවුලක් කියල නෑ. මේ වගේ සිද්දි පවුල් ගොඩක වෙන්ඩෑ.. මොකො දෙයියන්වහනෙසෙත් ආවට ගියාට පනවපු නීති ටිපෙස් කොරන්වෑ... මං කිවුවෙ මට අහන්න දකින්න ලැබුනු මෙවුව එකනේ...

    ReplyDelete
  5. ඉකේ එහා ගෙදර එකාට ආතල් ඇති නේද?

    සිට් උබ නෙමේනෙ එහා ගෙදර එකා!

    ReplyDelete
  6. සුලගිල්ලත් කියන්නේ පුදුම කතා නේ. පට්ට කතාව. මේකා හෙනම වල් ඇගිල්ලක් නේ.

    ReplyDelete
  7. මචන් ඔකේ වර්ශන් කීපයක්ම තියන්වා නේද,මමත් ඕඉකෙම ටිකාක් වෙනස් එකක් අහලා තියන්වා මොකක් වුනත් නියමේට ලියලා තියන්වා එලම තමයි,කොහොමත් මම හිතන්නේ ඉස්සරහට ඔය පිකට් සෙල්ලම් හරියන එකක් නෑ......කෙලින්ම ගොක් කොල තමයි

    ReplyDelete
  8. හැක් හැක් උබ මොකටද ඕවා පොලීසියෙන් අහන්න ගියේ....

    ReplyDelete
  9. හැක් හැක්..
    @ඇම් කෑ.. හෙ හෙ මචන් වැරදිලාවත් නෑ.. මං ඒ කාලෙ පොඩි එකා... :D :D
    @මදුරන්ග.. හෆොයි.. ඔය හිච්චි ඇඟිල්ලට අහන්න දකින්න උනු සිද්දියක්... කොමෙයි වල් වෙන්නෙ..?? ;)
    @අසංක.. ඔව් ඔව් මචො... ඉස්සර වගේ ශෛලාසනේ උනුවෙවි දැන් තියෙන්නෙ නෑ.. ;)
    @කුඩ්ඩ.. ඒකාලෙ මං පොඩි එක බොල... නොදන්න කමට අහන්න ගියේ... :D :D :D

    ReplyDelete
  10. ඕවා අහන්න ගිහිලා පුදුමයි පොලිසියෙන් ගුටි කෑවේ නැ...

    ReplyDelete
  11. හෙ හෙ.. ඒකාලෙ පොලිස් මාමල හලි හොදයි අප්ප. ඇරත් මං පොඩි එකානෙ.. ;)

    ReplyDelete
  12. අනේ බොල පු... ඇගිල්ලෝ... තෝ දැන් හෙන ලොකු ඒවා නේ දාන්නේ

    ReplyDelete
  13. හැක් හැක්.. අනේ උබ හලි පොඩි එකානෙ.. :P

    ReplyDelete
  14. එකත් මරු පිකටින් එක ... හෙක්..හෙක්

    ReplyDelete
  15. ඔන්න ඉතින් දේව නීතිය ක්‍රියාත්මක කරල ශක්‍රයත් දිව්‍ය ලොකෙට ගියාලු.ඒත් ශක්‍ර දෙයියටත් එක තත්ත්පරයක් වත් සනීපෙන් ඉන්න බැරිවුනාලු.ඇයි එයා දිව්‍යාංගනාවෝ රාශියකගේම ස්වාමි පුරුෂයානේ.

    ReplyDelete
  16. දෙයියා ඕක ටිපෙස් කරේ එයත් පුරුෂ පක්ෂෙ නිසා ඔව්

    ReplyDelete
  17. මම අහලා තියෙන්නෙ මහත්තයගෙ ඩ්‍රයිවර් කෑගහගෙන වැටුන කියලයි. තෝ වයසට නෙවෙයි වැඩ සූ......!!!!

    ReplyDelete
  18. :ar! නියම වැඪේ

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...