Wednesday, June 15, 2011

ලේබල් සත්‍යය෴


ලොල්ය... විද්‍යාව කියන්නෙ මොකෑ කියල ඇහුවොත්... ඔයාල දෙන උත්තරේ මොක්ද්ද....??? මන්ද මම ඉගනගෙන තියෙන විදියටනම් විද්‍යාව කියන්නෙ නිවැරැදි දැනීම. ඒත් නැත්නම් සත්‍යය කියල ගමුකෝ. අද අපි උපෙදිත් සාපෙදිත් ඉගන ගන්නෙ ඔය සත්‍යමද කියල මට හිච්චි සැකයක් තියෙනව. හ්ම්ම්ම්.. මට 10 වසරෙ ඉදන් තිබුනු ගැටලුවකින් මම අද ස්ටාර්ට් එක ගන්නම්....


ශක්ති සංස්තිථි නියමය. ඕය නියමය අපි ඉගන ගත්තෙ 10වසරෙද විද්‍යාව පාඩමට. ඕක කියන කොට මම ඉස්කෝලෙ සර්ගෙන් ප්‍රශ්නකරාට ඒ හැටි වැදගත් උත්තරයක් නම් ලැබුනෙ නෑ. මෑන්ස් කොහොමත් මාත් එක්ක මල.. මම බාල්දි පෙරලනව කියල. ලොල්ය.. ඒක ඉතින් මයෙ පුරුද්දනෙ... :D :D :D මට ආපු ප්‍රශ්නෙ තමා අපි විද්‍යාවට ශක්තිය මැවිය හෝ නැසිය නොහැක කියල ඉගෙන ගද්දි බුද්දහගමට සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කියල උගන්නනව. ඇයි හත්තිලවුවෙ... බුද්දහගමට එක සත්‍යක්; විද්‍යාවට තවත් සත්‍යක්.. තියෙන්න පුලුවන්ද..??

ගොඩදෙනෙක් මේක හිතන්නෙ නෑ. හෙම නොහිතන කොට ශක්ති සංස්තිථියකවත් සංස්කාරදර්මයකින්වත් ඒ අයට මොන ප්‍රශ්නයක්ද...?? ඕකයි තත්වේ.... එහෙම හිතන කොට මට මතක් වෙන්නෙ දැනට මාසෙකට විත්‍ර උඩදි මහාචාර්යය නලීන් ද සිල්වා සර් විදුසරට දාල තිබ්බ ලිපියක්. ඒකෙ තිබුනු කරුනු ටිකක් මම කෙටියෙන් කියන්නම්...
අපි ගොඩ දෙනෙක් දන්නවනෙ ඩොලීව. අපේ පුංචි බැටලු පැටියා. බටහිර විද්‍යාවට අනුව ගත්තොත් ඩොලියි ඩොලිගේ අම්මයි දෙන්නම සර්ව සමයි. එත් අපිට ඒක පිළිගන්න පුල්වන්ද..?? ඒදෙන්නෙගෙ නාමය, ඒහෙමත්නැත්නම් මනසවල් දෙක එකට සර්වසමද..?? මේ ප්‍රශ්නෙ එන්නෙ අපිට විත්‍රයි. මොකද ඒ ක්‍රිස්තියානි විද්‍යාඥයො කීපදෙනෙක් ඇරෙන්න අනික් කස්ටිය හිතන්නෙ සත්තුන්ට නාමයක්(මනසක්) නෑයි කියල. ඒ එයාලගෙමාඅගමික ඉගැන්වීම. ඉතින් එයාලට ඩොලිලගෙ මනස ගැන ප්‍රශ්නයක් නෑ. මනසක් නෑයි කියල විශ්වාස කරන අයට මොන මනස් ගැන ප්‍රශ්නද..? හික්ය.. ඒ ඉතින් මිත්‍යා දෘශ්ටියනෙ.. අපිත් ඒක එහෙමයි කියල අමතකරල දැම්මොත් අපි උන්ට අන්තයිනෙ.. :D :D ඒක නිසා අපිට බෑ ඒක නිකම්ම අමතක කරල දාන්න...

ප. ව.- අද පෝස්ට් එක ගොඩාක් කෙටී.. :D :D මේ මාතෘකාවෙ හැටියට මේ කරුනු නොගැනිය හැකි තරම් හිච්චී.. :D :D මම මේ ගැන වැඩිය කතා කරන්න ගියොත් වෙන්නෙ අල්ලෙන් හෙලුව වහන් අනුන්ගෙ හෙලුවට හූ කියනව වගේ වැඩක්. ඒකයි කෙටියෙන් කිවුවෙ. මොකද මම තාමත් බටහිර විද්‍යාව ඉගන ගනිමින් පවු ගෙවනව. අනික මට මේ වගේ මාතෘකාවක කතාකරන්න ඒ හැටි සුදුසු කමක් නෑ. මේ මාතෘකාව ගැන නලින් ද සිල්වා සර් ලියල තියෙන ලිපියෙ පිඩි ඇෆ් එක මෙතනින් බලන්න. සර්ගෙ නිල වෙබ් අඩවිය කාලය.org එකට මෙතනින් යන්න. ඕන් මම ගියෝ...

19 comments:

  1. උඹේ ඇඟිල්ල හිච්චි වුනාට මොල ගෙඩියනම් හිච්චි නෑ වගේ. ලොල්ය

    ReplyDelete
  2. අපෝ...නලින්ද සිල්වා ලියන ඒවා කියවනවද බන්..
    පොඩ්ඩක් බලපන්..කියන එකට එකක් ගැලපෙන්නේ නෑ..එයාගෙම තර්කයකින් එයාගෙම මතය බිදින්න පුලුවන්..ඒක නිසා බටහිරට බනින එක නවත්තලා අපේ රට හදන්න බලපන්...

    ReplyDelete
  3. @ රත්ගමයා - //එයාගෙම තර්කයකින් එයාගෙම මතය බිදින්න පුලුවන්.//

    කොරල පෙන්නපංකො කොලුවෝ අපටත් බලන්න එක්ක. මේ මහාචාරියාගේ බොරු හෙළි කොරන උඹට පිංසිද්ද වෙන්න ඕන!

    ReplyDelete
  4. lලොල්ය.. රත්ගම අයියෙ.. මම නලින් සර්ගෙ ලිපි කියවන විත්‍රක් නෙවේ.. මම ඒවා පිලිත් ගන්නවා... :D :D :D

    ReplyDelete
  5. හිච්චි මලේ - බුදු දහමේ සියලු සංස්කාරයෝ නැසෙනසුලුයි කියන එක ඇත්ත.. ඒ වගේම තවත් සංස්කාරයෝ උපදිනවා... මට පුදුම ඇයි ඔයාට මේක නොහිතුනේ කියලා.. මම මේකට ඔයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා..

    මටත් නලින් ද සිල්වා දිරවන්නෙ නෑ.. වෙන මුකුත් නිසා නෙමෙයි අපෙ AL පේපර් එක කෑව පොර...

    ReplyDelete
  6. මමනම් මේවා ගැන දන්නෑ.. මම කලිනුත් කිව්වා මතකයි මට විද්‍යාව බින්දුවයි කියලා.. එනිසා මම මේ ලිපිය ගැන නම් මුකුත් කියන්නේ නෑ..

    ReplyDelete
  7. හැම දෙයක්ම විද්‍යාවෙන් හිතන්න යන්න එපා. ඒක ප්‍රායෝගික නෑ

    ReplyDelete
  8. ලොල්ය.. බොහොම ස්තූතුති පරති චාර වලට...

    ඔවු මාරියො අයියෙ... අලුත් සංස්කාරයෝ උපදිනව.. එතකොට ශක්තිය.. සස්තිතිකනම් ඒක කොහොඅම්ද උපදින්නෙ...???

    ReplyDelete
  9. මලේ මටත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳල තිබුන ඔය වගේ ප්‍රශ්නයක් . . . .
    "ඉස්සෙල්ල ආවෙ කිකිලිද ???? බිත්තරේද ????"

    ReplyDelete
  10. මම මේ කියන දේ ඔබේ ප්‍රශ්නයට කෙතෙක් දුරට අදාල ද දන්නේ නෑ

    බුදුරජාණන් වහණ්සේ කළ මෙහෙම දේශනයක් ගැන මම අහල තියෙනවා.විෂ පොවපු ඊතලයක් වැදිල අසාධ්‍ය ව ඉන්න කෙනෙකුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මිස, ඊතලය අවේ කොහෙන්ද, විද්දේ කවුද, ආදිය හොයන එක නෙවෙයි කියලා.(ඉන් අදහස් කළේ සසරින් එතෙර වෙන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රමාණවත් - පිලිතුරු නැති ප්‍රශ්න වලට උත්තර හොයමින් කාලය නාස්තිකරන්න එපා කියන එකයි)

    ReplyDelete
  11. මචන් පවිය මම හිතන්නේ අපි මේක ගැන එදා කතා කරා නේද චැට් එකේ?

    ReplyDelete
  12. මචෝ මතකනෙ E=MC^2 එහෙම?...ඒ වගේ තමයි බටහිර විද්‍යාවෙ හුඟක් තැන් ඒකෙම වෙනත් තැනකට පරස්පරයි...ඒකට අවුලක් නෑ..බටහිර විද්‍යාව ආකෘති විද්‍යාවක්..අකෘතියෙ පැවැත්ම තියෙන්න ඕනි අපේ වැඩේ කෙරෙනකන් විතරයි...:P :P

    නිවුටන් එකක් කිව්වා..අයින්ස්ටයින් නැ ඒක ඒ වගේ නෙවෙයි ඊට වඩා පෝඩ්ඩක් වෙනස් කිව්වා...ක්වන්ටම් යාන්ත්‍රනයෙන් කියනවා නෑ ඒක ඊටත් වඩා ලාවට වෙනස් කියලා..බටහිර විද්‍යා පරිපුරන දැනුම් පද්දති වෙන්න තව අවුරුදු දහස් ගානක් යයි..එතකන් අපි ඒක බුද්දාගමත් එක්ක සසදන්නෙ නැතුව ඉන්න එක වඩා හොදයි.. :P :P

    තව එකක් එක එක්කෙනාට කඩෙ යන්නෙ නැතන්ම් නලීන් ද සිල්වා එල ඩයල එක :P :P

    ReplyDelete
  13. :D...
    @ජයශ්‍රී... මේ පොස්ට් එක හරියට වටහාගෙන නෑ වගේ.... ප්‍රශ්නෙකට උත්තරයක් තියෙද නැද්ද කියල හෙව්වෙ නැත්නම් කවදාවත් ඒකට උත්තරයක් හම්බවෙන්නෙ නෑනේද??? එහෙම උනොත් විශාලතම මොලේ තියෙන අපේ ප්‍රරිකල්පිත චින්තන ශක්තිය නිකම්ම මොට වෙලා යනව නේද???

    ඔව් දිලිය එදා අපි තරහත් උනේ ;)

    මදුශාන් කියන්නෙ මං නලීන් සර්ට කඩේ යනො කියලද???

    ReplyDelete
  14. නැ නැ හකරො..වැරදුනා සුලැඟිල්ලො.....:P :P
    මම කිව්වෙ නලීන් ද සිල්වා එක එක්කෙනාට කඩේ යන්නෙ නැත්නම් එල ඩයල් එක කියලා....
    මිනිහා එක එක්කෙනාට කඩේ යන එක මිනිහාගෙම සංකල්ප වලට විරුද්දයි :P :P

    ReplyDelete
  15. හැක් හැක්.. ඒකනම් ඇත්ත තමා... :D අඩේ යනවනම් බැරියා.. යන එක ප්‍රදර්ශනය කොරනො.. ඒකින් එයාගෙ මෙවුව එක නැති වෙනව. කොවුව උනත් එයා ගෙ මෙවුව එකට මං ගරුකොරනවා.. :D :D

    ReplyDelete
  16. මම කියවපු හොදම පොත තමා විද්‍යා කතන්දර.අපේ ප්‍රවාද පොත් 3 ම ගත්තත් ටිකයි කියෙව්වේ. සමහර අය කෑ ගහනවා ඌ නිසා A/L වලට කෙල උනා කියලා. තමන්ගේ වැරැද්ද හදුනා ගන්නේ නැතුව එයාට නලින් සර් ට බණිනවා. නිවැරදි බටහිර දැනුමක් නැතුව කොහොමද එයා කියන දේවල් අවබෝධ කරගන්නේ :P ඒක තේරුම් ගන්නේ නැතුව ටිකක් උඩින් පල්ලෙන් කියවලා පලු යනකම් බණිනවා. කොහොම හරි නලින් සර්ගේ අදසස් වලට මම ගරු කරනවා. 90% විතර මම එකග වෙනවා.

    ReplyDelete
  17. තව එකක් ශක්ති සංතතික නියමය කියන්නේ වෙන සංකල්පයක්.බුදු දහම ගොඩ නැගිලා තියෙන්නේ වෙනම දැනුම පද්ධතියක් මත.බුදු දහම ලගට බටහිර විද්‍යාවට ලං වෙන්න තව ගොඩක් කල් යයි.සත්‍ය කියන එකත් මිනිස් මනසට සාපේක්ෂ එකක්.

    ReplyDelete
  18. එලැ මචො... හැබැයි මං නම් හිතන්නෙ බටහිර විද්‍යාවට කවදාවත් නියම සත්‍යට කිට්ටුවෙන්න බෑ. හැමදාම ඒකෙදි උනේ අනුන්ගෙ දැනුම තමන්ගෙ විදියට නමක් ගහගත්තුවෙක විත්‍රයි.. :D

    ReplyDelete
  19. සන්ස්කාර දර්මයක් කියන්නේ හේතු ප්‍රත්යන්ගෙන් හට ගත්ත දෙයක් නේ , ඉතින් ඉතින් හට ගැනීමට හේතුව නැති උනාම හේතුව නිසා හට ගත්ත සන්ස්කාර දර්මයත් නැති වෙනවා , හැබැයි සමස්ත ක්‍රියා වලිය එතනින් නවතින්නෙ නෑ , ඒ නැති වීම හේතුවෙන් තවත් සන්ස්කාර දර්මයක් උපදිනවා , ඔතන චක්‍රීය සිද්දියක් තියෙන්නේ ,,

    ශක්ති සන්ස්තිති මූල දර්මයෙත් කියන්නේ ශක්තිය පරිනාමය කරන්න විතරයි පුලුවන් කියලනේ ,,

    බටහිර විද්යාවේ විනාශ කිරීම කියන්නේ , බුදු දහමෙ කියන නැසෙන සුලුයි කියන සන්කල්පයට නෙමෙයි ,,

    බටහිර විද්යාවෙ විනාශ උන දේකට ආයි කිසිම ආකාරයේ පැවැත්මක් නෑ කියලයි ගැනෙන්නෙ එතන තියෙන්නෙ රේකීය අදහසක් ,,
    ඒත් බුදු දහමෙ නැසෙනව කියනෙ පරිවර්තනයකට , මේ තියන දේ නැසිල එයින් තවත් දෙයක් උපදිනවා , එතන තියෙන්නෙ චක්‍රීය චින්තනයක් ,,

    ඉතින් සාදාරනව හිතුවොත් ඔය සන්කල්ප දෙක ගැලපෙනවා කියලයි මට නම් හිතෙන්නේ ,,.

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...