Sunday, May 1, 2011

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය෴

ලොල්ය... ඔව් අප්පා.. දැන්නම් සිරාවටම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලොල් වෙමින් තමා තියෙන්නෙ.. මම මේ අද මැයි දිනේ දවසෙ අපේ ලංකාවට අපහාස කරන්න යනව කියල හේම හිතන්නෙ නෑ ඕන්.. මම ඒ හැටි දේශපාලන විද්‍යාවනම් ඉගනගෙන නෑ. ඒත් සාපෙ කාලෙ ඉතිහාසයට ලාවට වගේ ඔය සමාජ වාදය ධන වාදය ගැන හේමනම් කියල දුන්න මතකයි. ඉතින් සමාජවාදී රාජ්‍යක් නම් තියෙන්නෙ ඒ රටේ සමානාත්ම තාවය වගේ සන්කල්ප ඉස්මතු වෙලා පේන්න ඔනි. ඒත් මට තියෙන ගැටලුව අපේ රටේ ඒක තියෙනවද කියල. මම කොහොමත් පෞද්ගලිකව සමානාත්ම තාවය නම් පිලිගන්න ආස නැ තමා... ඒත් රටේ තියෙන්නෙ ඒකනම් ඒක ඒ විදියට තියෙන්න ඔනි නේ. හික් ය. මම ආවෙ මේ දේශපාලනයක් ගැන කතා කරන්න නෙවේ... සාමාජවාදය ධනවාදය ඔවුව මෙවුව කියවන්න ගියොත් මට මගේ කතාව කියන්න වෙන්නෙ නෑ. අද මම මේ කියන්න ආවෙ රටේ තියෙන ඉස්කෝල ප්‍රශ්නෙ ගැන. ඒ කියන්නෙ එක ඉස්කෝලයක් හොඳ වෙන්නත් අනික් එක ඊට වඩා නරක් වෙන්නත් හේතුව. මම නම් මේ බෙදීමට හරීම විරුද්දයි. මොකද මමත් ඉගන ගන්නෙ ඔය නරකයි කියන ඉස්කෝලෙක නිසා.

සාපෙනුත් ඉතින් මම ලාවට ගොඩ ගිය නිසා ගෙදර කස්ටිය දැන් දගලන්නෙ මාව වෙන ඉස්කෝලෙකට දාන්න. ඇල් පෙරේද දිහා ඉන්ටෙවු ඇවිල්ල තිබ්බ හොදයි කියල කියන ඉස්කෝලෙකින්. හික් ය. මගේනම් පොඩිම මනාපයක් වත් නෑ මාව හැදු අම්මව දාල තවත් කුඩම්මෙක් ගාවට යන්න. ඒත් ඉතින් ගෙදර කස්ටියගෙ බල කිරීම මත නොගිහින් බෑ නොවැ. ගියා ඉන්ටවිවු. හික්ය. ගියා.. මම පේල් ඉන්ටවිවු එකෙන්. :D :D :D ඒක මම හිතල ක්‍රපු වැඩක්. හිච්චි උප්පර ව්ඇට්ටියක් දැම්ම ඉන්ටවිවු එකෙන් පේල් වෙන්න. ඇයි ඩි එක යි රිසාල්ට් ශීට් එකයි මම දාල ගියා.. අපෙ අම්මටත් තිබ්බ කලොබොලේට ඒක බලන්න් අමතක උනා මම ගත්තද කියල. මම ඒක ශේප් එකෙ දාල ආව. අපේ.. ගෙදර එනකොට අම්මගෙ මූන් බලන්න එපැයි. හික් ය. මම ඉතින් තනියම හිනා වෙවී ආව. :D :D :D :D :D :D
දැන් පෙරේද. අපේ ඉස්කොලෙට මොන ඉන්ටවිවු දෑ.. ඒත් ඉතින් නීතියක් කියල දේකුත් තියෙනව නොවැ. තමන්ගෙ ඉස්කොලෙ කරත් ඒකට ඉන්ටවිවු එකක් තියන්න ඔනි ලු. මාත් ඉතින් පෙරේද ගියා අපේ හැදු අම්මව බලන්න. නමින් සුසමයවර්දන විද්‍යාලෙ.. :D ඒත් එතකොට තමා තේරුනෙ කලින් දවසෙ කරපු උප්පර වැට්ටියෙ බර පතල කම. :'(
අපේ ඉස්කෝල බයෝ කරන්න ඉතුරු වෙලා උන්නෙ මම විත්‍රයි. ඔක්කොම පාහර බල්ලො වෙන ඉස්කොලවලට යනවලු. අපිත් එක්ක එකට ඉගන ගත්තු එකට පිස්සු කෙලපු අයට මෙහෙම බනින්න උනු එක ගැන බොහොම කනගාටුයි. ඒත් එය ක්‍රන වැඩ වලට නොබැන බෑ. අපි ඉස්කෝලෙන් ඉගනගෙන මොකක් හරි රිසාල්ට් එකක් ගත්තෙ තම්නට කියල හිතන්න තරම් ආත්මාර්තකාමී වෙන්න පුලුවන්ද..?? මොකක් හරි ඒ ලැබුනු ප්‍රති පලේ තමන් ඉගන ගත්තු ඉස්කෝලෙටත් ආයිතියි. ඒ වෙනුවෙන් කරන්න ඔනි යුතුකමක් තියෙනව. ඒ තම උපෙ ගොඩ දමා ගැනීමෙ ගෞරවයත් තන්ගෙ ම ඉස්කෝලෙට දෙන එක.
හරි අපි හිතමු තමන්ගෙම ඉස්කෝලෙ ඉගනීම අතින් ඒ ච්චර හොද ඉස්කෝලයක් නෙවේ කියල. එහෙමෙයි කියල අපිත් ඒ ඉස්කෝලෙ දාල ගියොත්...??? කවදාවත් ඒ ඉස්කෝලෙ හොද ඉගනුම් මට්ටමකට ඒවිද..??

එහෙම ඉස්කෝලෙකින් අයින් වෙන කස්ටියගෙ පත්තෙන් හිතුවොත් ඒ අයගෙත් යම් සාදරනයක් තියෙනව. මොකද ජාතික පාසල්, නවෝද්‍යා පසල් කියල ඔවුව මෙවුව නම් ක්‍රගෙන තියෙන්නෙ අපි නෙවේනෙ. එක ඉස්කෝලයක් "හොදයි" නම් ඒ ඉස්කෝලෙටමයි සියලුම පහසුකම්... ඒ වගේ වෙලාවකදි කෙනෙක්ට තමන්ගෙ ඉස්කොලෙ දාල ය්නන්න හිතෙන එකත් සාදාරනයි. මොනා උනත් අපිට බෑ දැන් මේ ඇති වෙලා තියෙන ආකල්ප වෙනස් ක්‍රන්න. වෙන්න ඔනි තමන් හැදෙන එකනෙ. ඒත් කොහෙද තමන් හැදෙන්නෙ. අපේ ඉස්කෝලෙත් මම විත්‍රක් බයො කරන හින්ද කරන්න දෙන්න බෑලු. දැන් මටත් වෙන කුඩම්මෙක් ගාවට ගාටන්න වෙනව. මේකට කවුද වග කියන්න ඔනි....??? රජයද..?? රටද..?? මම නම් හිතන්නෙ මේකට වග කියන්න ඔනි වෙන කවුරුත් නෙවේ තමන්ගෙ ඉස්කොලෙට වඩා අනික් එක හොදයි කියල හිතන.. අපේ ම උන්... තනගෙ ඉස්කෝලෙට නැති ගෞරවයක් තමන්ගෙ අම්මට තාත්තට ලැබෙයි කියල හිතන්න බෑනෙ..


ප. ව.
මේකට මාතෘකාව විදියට මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල දැමෙ සමාජ වාදිරටක තත්වය මේකද කියන ප්‍රශ්නෙ අහන්න.. අනික් එක ඉස්කෝලවල විනය ගැන කතා නොකරෙ මමත් හොද විනය ගරුක ශිෂ්‍යයෙක් නොවන නිසා.. තව එකක් ඉස්කෝලවලින් අයින් වෙන අයට මම බැන්නට මටත් අපේ ඉස්කොලෙන් අයින් වෙන්න වෙනව. මොකද මම ක්‍රන විශය මේ කරන්න අපේ ඉස්කෝලෙ බැරි නිසා.. ඒත් තවත් කීපදෙනෙක් හරි කරන්න ඉදිරිපත් උනානම්.... තව අවුරුද්දක්වත් අපේ ඉස්කෝලෙ ජීව විද්‍යාව තියෙන්න තිබුන. මක්ක කොරන්නද එක අතකින් අපේම උන්ගෙ පව...

16 comments:

  1. අඳෝමැයි කිව්වලු. උඹ කිව්ව කතාව හරි බං.

    ReplyDelete
  2. මචං උබේ කතාවනං සහතික ඇත්ත... ඔය ජනප්‍රිය පාසල් වලට වෙන ඉස්කෝල වලින් උසස් පෙලට යන හොද මීටර් ටික නැති උනොත් ඒවත් සාමාන්‍ය ඉස්කෝලම තමයි... අඩු ගානෙ ලමයිවත් දැනගන්න ඕනෙ තමංගෙ ඉස්කෝලෙ වෙනුවෙන් බොක්ක පතුලෙන්ම යමක් කරන්න... කවුරුත් ට්‍රයි එකක් නොදී වෙන ඉස්කෝල වලට ගිහිල්ල කලින් ඉස්කෝලෙ රිසල්ට් නෑ කියන එක වැරදියිනෙ.... එහෙම නවතින්න කොන්ද පන තියන දෙතුන් දෙනෙක් හිටියොත් ඒක ඉස්කෝලෙ වාසනාව....

    ReplyDelete
  3. අනේමන්දා උබලට බැනලාත් බෑ රටට බැනලත් බෑ,
    ගග යන අතට පාරුව පැදපන්, ගොඩයන්න පුලුවන් වෙයි.
    අපි කැපුනා,
    එල-වේවා!

    ReplyDelete
  4. අඳෝමැයි. ඇත්තට මොකෝ මේකට කරන්නෙ ?

    ReplyDelete
  5. ඒ කතාවනම් සම්පූර්ණ ඇත්ත මල්ලී.. මමත් ගියේ පොඩි ස්කොලෙකට.. මට සා.පෙට A 5 B 4 තිබුනා.. ඒත් මම වෙන ස්කොලෙකට ගියේ නෑ.. A 1 තිබුන අයත් වෙන ඒවට ගියා.. මම ඉතින් ඔය හොදට A/L කලේ.. කැම්පස් ගියේ නැති උනත් විභාගේ හොදට පාස්නේ... ඉස්කෝලේ හොද උනා කියලා විභාග පාස් වෙන්නේ නෑ.. අපි මහන්සි වෙන්න ඕන..

    දැන් ඉස්කෝලෙ බයෝ දෙන්නේ නැත්නම් මලයා මොකද කරන්නේ??

    ReplyDelete
  6. කතාවනම් හරි සහෝදරයා. ඔහොම නවතින්නේ සිරා බොක්කක් තියන එකෙක් සහ මුකුත් කරගන්න කියාගන්න බැරි එකෙක්. ඔය වැරදිච්ච තැන හොයාගෙන හදාගන්න පුළුවන් නම් කොච්චර එකක්ද? ඇත්තම කීවොත් අපේ අධ්‍යාපන ක්‍රමයම ඇඹරිලා, ඇනිලා, පැටලිලා, මෙව්වා වෙලානේ තියෙන්නේ. ඒ නිසා මටත් අකමැත්තෙන් හරි කියන්න තියෙන්නේ M.K කිව ටිකම තමයි. උඹට ඔලුව උස්සගන්න ඕනේ නම් ගඟ යන අතට පැදපන් මචං.... ජය වේවා !!! ඉතුරු වැඩ ටිකත් කුඩම්මෙක්ගේ පිහිටෙන් හරි සාර්ථක වේවා !!!

    ReplyDelete
  7. සිරා කතාව...සහතික ඇත්ත

    ReplyDelete
  8. ඕකට හේතුව අර රටින් කන්න බලා ඉන්න එකම තමයි බාන්..රටේ මහ එකාගෙ ඉදල පොඩි එකා දක්වාම ඕක තියනව.අතරින් පතර උබ වගේ එකෙක් ඉන්නව කියල අහන්න ලැබෙන එකත් සතුටක්..හොදට ඉගන ගනින්!!

    ReplyDelete
  9. ලේකුපිත් වෙන නිසා ම මුකුත් නොකිය ඉඤ්ඤං.. ඒත් ඇම් කේ අයිය කියපුදේටනම් දෙයක් කියන්න ඔනි. ලොල්ය. හැම දේකදිම ගඟයන දිහාට ගොහින් හරියන්නෙත් නෑනේද...??

    ReplyDelete
  10. Well, what you are telling is totally true and I respect them. I will respect you more if you have the same idea even 10 years later.
    according to our system it is not possible to have all the facilities to all the schools. So the best option that we have is to give an opportunity to the students who are really good to enter the schools with facilities. But some day it will be the responsibility of those students to provide the facilities to his mother school but that is not what is happening.

    Anjana

    ReplyDelete
  11. ඔකනම් ඔහොමතම්යි බන් මොනවා කරන්නද.හෑබෑයි A/L කියන්නේ ත්නිකරම කෑපවීම මත ගොඩ දාගන්න ඔන දෙයක්.හෑබෑයි හරියට කරනා නම් මහා ලොකු අමාරුවක් නෑ.මම බයෝ ගෑන නම් කියන්න වෑඩිය දන්නෑ.මොකද මම මෑත කරපු නිසා.ඒත් කෑම්පස් යන එකාට ඉගන ගන්න පාසල එච්චර වෑදගත් වෙන් නෑ බන්,මොකක් වුනත් මම මල්ලිට සුබ පතනවා... සුබ අනාගතයකට.ඔක තමයි දුප්පත් අපිට ගොඩ යන්න තියන එකම තුරුම්බුව කොහොම හරි ගොඩ දාගනින්.උඹට ජය මලේ...

    ReplyDelete
  12. උපෙ කරන්න පාසල එතරම් වැදගත් නැතිවුනත් ඊට පස්සේ තමයි ඉස්කෝලෙ නම වටින්නේ. රස්සාවකට යනකොට එහෙම ආදි සිසුන් හුගක් උදව් කරනවා

    ReplyDelete
  13. අඩේ එතකොට උඹ සුසමෙද . . . .???? එලම එල නෙව . . . එතකොට උඹ කියන විදියට සුසමෙ තව දුරටත් බයෝ පංති නෑ . . . ??? මලේ ඒකනං හෙනම පවක්. දැං එතකොට උඹ මොනාද කරන්නෙ A/L වලට ???? බැරිද උඹට තනියෙං ඉඳගෙනවත් බයෝ කරන්න උඹේ ඉස්කෝලෙංම ?????
    මමත් ඉස්කෝල තුනක් මාරුවෙච්චි එකෙක් තමා . . . ඒත් තාම මම "මගෙ ඉස්කෝලෙ" කියල සලකන්නෙ මම නමය වසරට එනකං ඉගෙනගත්ත මගෙ ගමේ ඉස්කෝලෙ.

    ReplyDelete
  14. ලොල්ය.. බෑ බන්.. තනියෙන් කරන්න දෙන්න බෑ කියල කිවුව... :/ අඩෙ උබත් අපෙ සුසමෙ කොල්ලෙක්ද...???

    ReplyDelete
  15. නෑ මම සුසමෙ නෙමේ . . . . ඒත් මට හිටපු තරමක් යාලුවො හිටියෙ සුසමෙ . . . ඒ 97, 98, 99 කාලෙ . . . . මං හිතන්නෙ උඹ ඒ දවස් වල එකේ දෙකේපංති වල විතර හිටි හිච්චි එකෙක් වෙන්න ඕනෙ . . . . .

    ReplyDelete
  16. ලොල්ය.. නෑ බන්.. මම 2000දි සුසමෙට ගියේ.. :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...