Saturday, April 23, 2011

Positive ray | ධන කිරණ

*හුදෙක් ප්‍රතිචාර තකා නොව, විද්‍යාව සිංහලෙන් භාවිතාකරන්නන් තකා පමණි.
_____________________________________

මේ පෝස්ට් එක ඒ හැටි දිග වෙන එකක් නෑ. මේ අත්දැකීම ඔයාලටත් තියෙද දන්නෙ නෑ. මටනම් මේ අඩුපාඩුව හොදට දැනිල තියෙනව.

ඒ තමා අපි ඉගන ගන්න විද්‍යාව කියනනෙ මහ බොරුවක් නේ. අපි ඉතින් ඒක බොරු බවත් දැන දැන ඉගන ගන්නෙ ඒ අපේ පවක් නිසා වෙන්ඩෑ. කොහොමින් හරි ඒ විශය ගොඩක් දුරට පදනම් වෙලා තියෙන්නෙ බට හිර ආරයට. ඒ වගේම ගොඩක් වචන තියෙන්නෙත් පර භාශාවෙන්. ඉතින් අපි සිංහල මාද්‍යයෙන් ඉගන ගන්න කස්ටිය හැටියට ඒක අපිට වෙන අසාදාරනයක්. අපි දන්න සින්හල වචනයක් ගැන නෙට් එකේ හෙවුවොත් ගොඩක් දුරට ඒක නිශ්ඵල කර්යයක්. ඒක තමා මට ඇති උනු ගැටලුව. ඒකට විසදුමක් විදියට අද හිච්චි ඇඟිල්ල ප්‍රජා සත්කාරයක් පටන් ගන්න හිතුව. කලින් ලියපු ලිපි වලට මට නොසෑහෙන්න බැනල තිබ්බනෙ. අද ඉදන් එහෙම වැරදි මගේ අතින් නොවෙන්න මම වග බලා ගන්නම්. :D

මෙ ප්‍රජාසත්කාරෙන් වෙන්නෙ ඉන්ග්‍රීසියෙන් තියෙන විද්‍යා පරීකශන විඩියෝ, චායාරූප වගේ දේවල් එකතු කරල ඒවා සිංහලෙන් රීනේම් කරල මම ජන්ජාලෙට දන්නව. තවත් දෙයක් මෙතනදි වෙනව. ඒ තමා සමහරක් ඉන්ග්‍රීසි වචන ගහල හෙවුවත් හම්බ වෙන්නෙ නැති විඩියෝ, චායරුප ත් මම හොයල අදාල ඉන්ග්‍රීසි නමින් හා සින්හල නමින් ජන්ජාලෙට දනව. ඒකෙ පල වෙනි පියවර තමා අද මම තියන්නෙ...

Positive ray එහෙමත් නැත්නම් ධන කිරන මේ ගැන මම යූටිබ් එක පීරුවා. ඒත් එක විඩියෝ එකක්වත් හම්බ උනේ නෑ. අහම්බෙන් අයියකෙනෙක් කිවුවට Canal ray ඒ කියන්නෙ නළ කිරණ කියල සච් කරාම එකම එක විඩීයෝ එක හම්බ උනා ධන කිරන ගැන තියෙන. ඒත් ඒකත් කොටස් කීපයක් කරල තිබ්බෙ. මට හම්බ උනේ අදාල විඩියෝ එකේ කොටස් දෙකයි. මම අද ඒ ක තනි කොටසක් විදියට ඕන් ජන්ජාලෙට මුදා හරිය. :D පහල තියෙනෙ ඒ විඩියෝ එක හා චායා රූප කීපයක්. දැන් ජන්ජාලෙ positive ray tube කියල හෙවුවත් ධන කිරණ කියල හෙවුවත් මේ විඩියෝ එක ඒවි. :D ඒක මේදේවල් ගැන වැඩි දුර උනන්දුවක් දක්වන ගොඩ දෙනෙක්ට ප්‍රයෝජනවත් වේවි. :D

ධන කිරණ පරීක්ෂණය සිදුරුකර කැතෝඩය සහිත නළය





6 comments:

  1. මම වීඩියෝ එක බැලුවා.තවම පෝස්ට් එක ගැන වැටහීම නිවැරදිව ඇති වුනේ නැහැ.පස්සෙ ආයිත් බලනවා.

    ReplyDelete
  2. හිකිය. එහෙම ආයෙ ආයෙ කියෙවුවයි කියල මේ පෝස්ට් එක වැඩක් වෙන්නෙ නෑ. මේකේ අවශ්‍යතාවය දැනෙන්නෙ ඔය කිරණ ගැන ඉගන ගන්න වෙලාවට. :D ඒක නිසා පෝස්ට් එක ගැන නිවැරැදි වැටහීමක් ඇති නොවෙන එක පුදුමයක් නෙවෙ.. සුළැඟිල්ල දාලයන්නෙ නැතුව ඉදපු එකට බෝම ස්තූති. :D

    ReplyDelete
  3. අවංකවම මල්ලි මට නම් විද්‍යාව එච්චර බැහැ.. එනිසා මටනම් මෙක තෙරෙන්නේ නෑ.. කොහොම උනත් මේ ගැන ඉගෙන ගන්න අයට හොද ලිපියක් වේවි කියලා හිතනවා..

    ReplyDelete
  4. ලොල්ය.. ඔවු අයියෙ.. මම මේක දැම්මෙ මේවගේ දෙයක් හොයන කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්න.. :D

    ReplyDelete
  5. මඤ්ඤං වගේ. මම ආස නැතිම විශයක් විද්‍යාව කියන්නෙ...
    අනේ මන්ද.. පව් නිසා ඔන්න කිව්ව..

    "නියම පෝස්ට් එක"
    ඒක නෙමේ මොකක්ද ධන කිරණ කියන්නෙ ?

    ReplyDelete
  6. අඤ්ඤකොරොස් .........
    පාසල් කාලයේ විද්‍යාව මට අප්‍රසන්න විෂයකි .........

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...