Wednesday, April 20, 2011

කොරන්න හොදනම් කිවුවම මොකෝ...??

අදත් ඕන් ලියන්න යන්නෙ කලියෙන් ලිවුව වගේ වැඩක් නැති පෝස්ට් එකක් ද මන්ද.. ගොඩක් දුරට මේක ලියන්න හිතුනෙ කතන්දරයගෙ බ්ලොග් එකේ පුක යනු කුනු හරුපයක්ද? කියන පෝස්ට් එක දැක්කම. ඒ විත්‍රක්ම නෙවේ.. දැන් මේ ඇෆ් බී එකෙ කස්ටිය මට නමකුත් හදලා ගෲප් හි කක්ක කරන්න කියල. ඒක නිසා ගොඩාක් හිත රිදිල ඕන් ඉන්නෙ.. අසූචි, නැත්නම් මල පහ ඔය ඔක්කෝන්ටම වඩා අපිට සමීප වදන තමයි කක්ක කියන්නෙ.. පුක කියන එක අපි කුනුහරුපයක් කියමුකෝ.. ඒත් මේ කක්ක කියන ව්අචනෙ කොහොමද කුනුහරුපයක් වෙන්නෙ.. අනේ ඒකනම් මට තේරෙන්නෙ නෑ. මම දන්න තරමින් අසූචි, මල පහ කියනවට වඩා ලස්සන ඒවලට කක්ක කියන එක. :D

ලොල්ය.. ඉතින් මට මුලින් ම ඔය කක්ක කියන වචනෙ ජන්ජාලෙ ඇතුලෙ කියවුනේ අහම්බෙන් වගේ. එහෙම කිය උනාම ඒක අහන් හිටපු කෙනා ඊයා.. කියල කිවුව.. ඇයි හත් දෙයියනේ.. කක්ක වල මෝනාද ඊයා...?? අපිට කරන්න හොදනම්. අනික ඊය කියන කක්ක අපේ ඇඟ ඇතුලෙන් එනව කියල ඒ අයට මත
වෙලා වෙන්ඩෑ... ඒ කෝක වෙතත් ඉතින් කක්ක වලට කක්ක නොකිය වෙන අහවල් එකක් කියන්නෑ..?? කක්ක කියන්නෙ කුනුහරුපය, එහෙමත් නැත්නම් ඒක සභ්‍යත්වයට පට හැනි වචනයක් කියල කියන අය ගැනනම් මට දුකත් හිතෙනව. මොකද ඒ අය ජීවිතේ නොවිදපු කස්ටිය. අහවල් එකකකට බොරුකියන්නද..? ඕන් මමනම් හිච්චිකාලෙ ඉදන්ම හොදට ජීවිතේ වින්ද.. දැනටත් එහෙමයි. ඉස්සර මම හිච්චි කාලෙ ඇඳ උඩ කක්ක දන්න හරි ආසයි ලු. ඒවා අතින් අල්ලල අඟිලි පුරුක් අස්සෙන් එලියට ක්‍රීම් එක වගේ වැක්කෙරෙනකන් මිරිකන්න ඊත් වඩා ආසයි ලු. ඊ ඉස්සර. දැනටත් පාරෙ යමින් ගමන් බිමතියෙන කක්ක බෙට්ටක් නිරීක්ෂනය මම අමතක කරන්නෙ නෑ. නිරික්ෂනය කරල විත්‍රක් යෑ.. ඒක දාපු සතාගෙ අදාල ආහර වේල ගැන අනාවැකියක් කියන්නෙත් මම දස්සයි. :D ඒ ඉතින් මගේ හිච්චිකාලෙ විනෝදාන්ශ්යෙන් වෙන්ඩෑ.. :P හප්පෙ කතාව දුර ගියා ව්ඇඩිද මන්ද.. ඉතින් මම කියන්න උන්නෙ ඒක ගැන නෙවේ. අර කක්ක කියන වචනෙට ඊයකියන කස්ටිය ගැනනෙ...

:D මම ගොඩාක් අස දෙයක් තමා අනික් කස්ටියට අප්‍රසන්න විදියට හැසිරෙන එක. අපේ සාපේ කාලෙ
ඉතිහාසය සර්නම් ඒකට කිවුවෙ පී පී කියල මානසික ලෙඩක් කියල. හික් ය. එවුව නම් මම ඒ හැටි දන්නෙ නෑ. ඉතින් අර මමම් කක්ක කියල කියන කොට කස්ටිය ඊය කියනවනම් මම ඒ වචනෙ තවතවත් කියනව. ඒක කාටවත් වලක් වන්න බෑ. ඒ කක්කා කතාව.. දැන් අපි කතන්දරය කියල තිබ්බ පුක ගැන කතා කරමු.

මමත් හැබැයි ඉස්සර ඉදන්ම ඒකට කිවුවෙ කක්කා පැත්ත කියලා.. පස්සෙ ඉස්කෝලෙ දි තමා පුක කියන වචනෙ ඉගන ගත්තෙ. ඒ මොන්ටි සෝරි කාලෙ. ඒත් මම ඒක යොදාගන්න පටන් ගත්තෙ 5 වසරෙදි. මිස් කෙනෙක්ගෙ හෑන් බෑගෙකට තඩි අකුරෙන් පුක කියල කොලේක ලියල දැම්ම. වැඩේනම් මාට්ටු. ඒත් ඒකාලෙ අපේ පන්තියෙ හිටපු සර් අර මිස් ට පේන්න මට බැනල ආයෙ මට මුකුත් කිවුවෙ නෑ. මොකද ඒ සර්ත් ජීවිතේ විදපු කෙනෙක්. :D

ඕකයි කතාව. :D ඉතින් මම අන්තිම ටම කියන්නෙත් කක්ක කියන්නෙත්, පුක කියන්නෙත්, චූ, හුජ්ජ.. ආදී වචන කුනුහරුපනම් නෙවේ කියල ඕන්..

23 comments:

  1. ලස්සන ෆොටෝ එක.
    ටිකක් වෙලා යන්න ඇති ඕක ගන්න, නේද?

    ReplyDelete
  2. ඔය කක්ක වක්‍ර ක්‍රමයකින් අපේ සමහරුන්ගේ කෑම වේලටත් එනවනේ.මං කිව්වේ ඔය පෝක් කන අයගේ.ඇයි සූකරයන්ගේ රජ බොජුනක් කියනවනේ ඔය කක්ක.

    ReplyDelete
  3. අනික ඔය කක්ක ඇවිල්ල හොඳ බේතක් ... ඕනෑම තුවාලයකට ගාල බලන්න් අත්දුටුවයි.
    ඉන්දියාව වගෙ රටවල ඔය කක්ක සහ චූ බෙහෙත පිළිබඳව පොත් පවා ලියල තියෙනව.

    ReplyDelete
  4. ලොල්ය.. හැමෝන්ටම ප්‍රතිචාරවල ස්තූතියි. :D මට සතුටුයි මෙහෙම හරි ජීවිතේ විදපු අය ඉන්න එක.

    ඔව් කතන්දරයො.. ටයිල් කැටේකට කක්ක දාල පොටෝ එක ගත්තෙ.. :D ගොඩාක්ම අමාරු උනේ නියම පදමට ගන්න.. :P
    ලොල්ය.යානේ අපිනම් සූකර් මස් කන්නෙ නෑ. ඒනැතත් වෙන ආහර හරහා අපිට කොච්චර කක්ක කැවෙනව ඇද්ද.. මැසි කක්ක.. කූබි කක්ක, බලු කක්ක එහෙමත්.. :D
    හික්ය.. ඔව් ඔව්.. ඒකනම් ඇත්ත තමා කුමාරයො... ඒත් මගේ හිච්චි කාලෙ තිබ්බ පුරුද්ද නිසා මගේ අතේ රෑශ් එකක් එහෙමත් ආව. :/

    ReplyDelete
  5. අඳෝමැයි. :(
    වැදගත් ලිපියක් ලියපන්කො. අසභ්‍ය ලිපි ලියන්නෙ. :(
    (මෙයට Reply යෙදීමෙන් වලකින්න, මම ආයෙත් මේ පෝස්ට් එකට එන්නෙ නෑ)

    ReplyDelete
  6. ලොල්ය.. ඒමොකෝ ඇට්ටර මලයො... උබ ඉතින් ආයෙත් කියනවනෙ මම අසභ්‍යලිපි ලියනව කියල්.. ග්‍ර්ර්ර්ර්
    :D අනේදකියන්නෙ කලාර මචෝ.. ඒක මුන්ට නොතේරෙන කමනෙ..

    ReplyDelete
  7. එක පාරට මම බැලුවා මොකද්ද මේ කියලා.. හිමින් කියවලා බලද්දිනේ කතාව තෙරුනේ... සහතික ඇත්ත මලයෝ ලියල තියෙන එක..

    ReplyDelete
  8. හික්ය.. බොහොම සන්තෝසයි අයියෙ මේක තේරුම් ගන්න පුලුවන් ගොඩට ඇතුලු වීම් ගැන. :D ඒත් තාමත් මේක තේරෙන්නෙ නැති උන් ඉන්නවා.. කොහොමත් තවත් ලිපියක් දාන්න වෙයි..

    ReplyDelete
  9. ශික්, මේ මල්ලි ඔයා දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න කියවන්නේ කවුද කියලා, අපී බ්ලොග් කියවන්නේ කැෆේ ඇතුලට රින්ගලා නෙමෙයි, ඔය වගේ රූපයක් ගෑනු ලමයෙක් බල බල ඉන්නවා කියලා තමයි මම දිහා බලන් හිටපු මගේ යාලුවෝ ටික කිව්වේ, අදින් පසු මෙම බ්ලොගය කියවීම නතර කරනවා සොරි

    ReplyDelete
  10. අඩෝ මීට පස්සෙ මාත් මේ බ්ලොග් එක කියවන්නෙ නැ.......................

    ReplyDelete
  11. ලොල්ය.. අනේ ඇනෝ සොරි කියන්න දෙයක් නෑ.. මේ පොස්ට් එකේ වරදක් මම දකින්නෙ නෑ... මම කුනුහරුප රූපයක් නෙවේ දාලතියෙන්නෙ.. අනික ආයෙ මට සොරි කියන්න දේකුත් නෑ. මොකද බ්ලොගිය කියවන නොකියවන එක ඔයාගෙ කැමත්ත. ඒත් මට තරමක් දුකයි ඔයා ඔය හිතන පහත් විදිය ගැන.

    සචින් ඔයාට කියන්න තියෙන්නෙත් ඒටිකම තමා..

    ReplyDelete
  12. මේ පෝස්ට් එක නම් මහා ජරාවක්.හිනාවක් එක්ක අප්පිරියාවක් දැනුනා.දැන් බලහන් කතන්දර "පුක" ගැන ලියපු පෝස්ට් එකේ අමුතුම ගතියක් එක්ක වැදගත් කමක් තියෙනවා.ඒකට උඹ, මීට හොදයි අර සයිබර් අවුරුදු උත්සවයට ගිහිල්ල පිට්ටනිය මැද හැමෝටම පේන්න රුන්නනම්.නොදකින් මල පෙරේතයා, ඒත් මම උඹේ බ්ලොග් එක දිගටම බලනවා.මොකද උබ හිටපු ගමන් අමුතු යකෙක් වැහිල වගේ වටිනා පෝස්ට් ලියනවා.මේ පෝස්ට් එක හරි නෑ මල්ලියේ උබේ ඇඟේ ගූ ගෑවුනා විතරක් නෙවෙයි...තව .....

    ReplyDelete
  13. කලින් කමෙන්ටුව සැරට ලිව්වට අමනාප වෙන්න එපා.ඔයාගේ බ්ලොග් එකේ විද්‍යාව සම්බන්ධ ලිපි කොච්චර හොදද,මම ඒව නිතරම බලනවා.අපි ලියන පෝස්ට් බ්ලොගයේ ඉදිරි පැවැත්මට බලපානවා.වටිනා පෝසට් 100 ක් අතරට එක නොවැදගත් නොවටිනා පෝස්ට් 1ක් වැටුනොත් අර වටින පෝස්ට් 100 ම වටිනාකම නැතිව යනවා.

    ReplyDelete
  14. ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ.

    ලොල්ය.. ඇත්ත අයියෙ.. මම හොද ලිපි ලියන්න ඇති. :/ ඔයාම බලන්න විජ්ජා මුද්දෙ මම වැදගත් ලිපි ලියල තියෙනව. ඒත් ඒ කිසිම එකකට හොද ප්‍රතිචාරයක් ලැබිලත් නෑ. ඒව ලියපු දවස් වල හිට්ස් වැඩිත් නෑ. කවුරුත් නොකියවන කොට මම මහන්සියෙන් ලියන වැදගත් ලිපියක වැඩේ මොකද්ද.. :/ ඔක්කොම එපා වෙලා තියෙන්නෙ.
    ප්‍රතිචාරයට බෝම ස්තූතියි.

    ReplyDelete
  15. http://www.youtube.com/watch?v=BIOKyepyiKg මේක පර0ගි සි0දුවක් බලාප0 කැත දේ උනත් පෙන්නන ලස්සන...මේ කෙන් කියන්නෙ සැප දුක ගැනලු...අනේ මම නම් දන්නෙ, මේකෙ එකම එක වචනයයි..ඒ පුන්යෙතා...කියන එක ඒ ඉති0 අර අත පාවිච්චි කිරීම...

    ReplyDelete
  16. ලොල්ය.. අනේද කියන්නෙ බන්.. කපුවගෙ බෙට්ට සුවදයි ලුනෙ...

    ReplyDelete
  17. අනේ මන්දා මොනවා ලියන්නද කියලා මමත් අර ටැබූ කතාවක් ලියලා ඇති වෙන්න අහගෙන නොවැ ඉන්නෙ. හැබැයි ඉතින් මට පොඩි පුස්නයක් නම් ආවා මේ හැමදෙයක් ම මිනිස්සු වන අපි අතරෙ තියෙන දේවල්....ලිව්වම මොකද වෙන්නෙ???

    ReplyDelete
  18. කොරන කොරන හැමදේම කියන්න හිතෙනවනම් කිවුවට කමක් නෑ. හැමදේම නොකියා හිටියත් කමකුත් නෑ. අහල ඇතිනෙ හිස් වචන කියල ජාතියක්. ඒවා කිවුවත් කමක් නෑ. නොකිවුවත් කමක් නෑ. අහන අය සිහි බුද්ධියෙන් අහාවි

    ReplyDelete
  19. මේ බ්ලොග් එක කියවන්නේ නැත්නම් නිකා හිටපිය....
    මෝක බැලුවේ නැතත් අපි කියවනවෝ. කරන්ඩ හොදයි රෑප දැක්කම හොද නෑ. තැන්ක් යු වෝල් පේපර් එකට කියාපු බාන්ඩේ.

    ReplyDelete
  20. උඹත් සමග මම එකඟය. කතා දෙකක් නැත.උඹට ලියන්න ඕනි දේවල් පොෂ් යැයි කියා ගන්නා මන්ද මානසික උලමන් හා උලමාවියන් නිසා නොලියා සිටීමෙන් වලකින්න.. බ්ලොගය නම් පට්ටය..උඹ උපරිමයෙන් ලියතැයි හැගේ !! එළ ය

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...