Saturday, April 16, 2011

අවුරුද්දත් ඉවරාායි....


හික් ය. ඕන් අවුරුද්දත් ඉවරයි. අනේ මන්ද ඔයාලට කොහොම දැනෙනවද කියන්න.. මටනම් මේ සැරේ අවුරුද්ද කිසි ගතියක් නෑ. මේ සැරේ අලුත් ඇදුම් නැති කැවිලි පෙවිලි නැත් අලුත් (ලු) අවුරුද්දෙ අපි පරීක්ෂන නලේකට තමා කිරි ඉතිරුවෙ. ලොල්ය. කොහොම කියල කළෙකට කිරි උතුරවන්නද! පොල් ගෙඩියක ගනන් ඇහුවම. ඊට අන්තයි කලුකඩ මුදලාලිලා. ඕන් මට ඇහුන රේඩියෝ එකේ කියනව වැඩි පුර ටිකට් වලට සල්ලි ගත්තු බස් මාමල ව අල්ලන්න පොලිසියෙන් විශේශ කණ්ඩායමක් පත් කරල කියල. ලොල්ය. හැමදාම කන්ඩායම් පත්කරනවනෙ.

ගතියක් නැති උනත් අවුරුද්දක්නේ. ඉතින් අද ගියා හිච්චක් හන්දිය පැත්තෙ ඔලුව දාන්න. අපරාදෙ කියන්න බෑ මේ අපේ පැත්තෙ ඉන්නෙ හොද දාර්මිශ්ඨ බාර් මාමල. ඒයාල අවුරුදු ඉවර වෙලාත් කඩයක් අරින්නෙ නෑ. :D හ්ම්ම්ම්... අලුත් අවුරුද්දෙ ඔක්කොම සෙට් එකේ උන් ගම් බිම් බලා ගොහින්. ලොල්ය. කස්ටිය නෑ කියල ඉතින් අපිට චාරිත්‍ර අමතක
කරන්න පුලුවනෑ. මම තනියම චාරිත්‍ර ටික කරනවා කියල හිතන් ඇරල තිබ්බ එක බාර් කෑල්ලකට ගොඩ උනා. හත්තිලවුවයි. ගල් භාගෙ රුපියල් 500ක් ලු. අනේ හැබෑට පොලිස් මාමල විශේශ කණ්ඩායම් මේවට යොදවන්නෙ නැද්ද!!! ඊලඟට ඇහුව ස්ට්‍රෝන් එකක් කීයද කියල. ඒක ඊට අන්තයි ටින් එක රුපියල් 200යි ලු. මොනා කරන්නද බියර් ටින් එකක් අරන් ආව. ලොල්ය. නිකන් බොන්න පුලුවනෑ. කට සුද්ද කරගන්න ටූත්පික් කීපයක් වත් ගන්න එපැයි. ඕන් ගියා කඩේකකට. ඉල්ලුව. ම්ම්හු. ගත් කටටම ඌ නෑ කියල කිවුව. ඊලඟ කඩේබලා... නෑ ඒ කඩේ වහල. කඩවල් කීපයකටම ගියා සමහරක් ඒවල නෑ. සමහරක් ඒවල දෙන්නෙ නෑ. දෙන ඒවත් වහල. මොකො කරන්නෙ... ඉතින් දුකින් ගෙදරට ආව. එන ගමන් බිම වැටිල තියෙන පිල්ටර් කෑලි ටිකක් ඇහිද ගන්න අමත කරේ නෑ. සමහරක් පිල්ටර් දැක්කම ඒක බීපු එකාගෙ බොක්ක ඉතුරු වෙලාතියෙද කියලත් පුදුමයි. පිල්ටරේනුත් භාගයක් බීල. හැබැයි ඉතින් ඒකෙත් දොසක් කියන්න බෑ. අපි සල්ලි දීල ගන්නෙ ප්ල්ටරේටත් එක්කනෙ. අද පොල් ගෙඩියක් ගනන් ඇහුවම ඉතින් පිල්ටරේත් බොන එක පුදුම වෙන්න දෙයක් න. ඉතින් කොහොම හරි මම ගෙදර එන පාර දිගේ බීල විසික් කරපු ප්ල්ටර් 10කට වඩා එකතුකරගත්ත. :D

මල් එතීමේ කලාව අපි ඉස්කෝලෙ ප්‍රායෝගිකකුසලතා විශයෙදි ඉගනගෙන තියෙන නිසා ඕන් මම අර
අහිදගෙන ආපු පිල්ටර් කෑලි වල ඉතුරු වෙලා තිබ්බ දුන් කොළ වලින් එතුව මලක්. :D මෙන්තෝල්, ගෝල්ඩ්ලීෆ්, කැප්ටන්, පෝල් මෝල් එක එක ජාතියෙ සුවදවල්.. :D හරියට කවලම් පලාව වගේ. ඉතින් මුලින්ම ඒක පත්තු කරා. ටිකක් බීල බැලුව. රහේ නරකකුත් නෑ. වැටුනු අලු ටික එකතු කරල බියර් එකට දැම්ම. :D ගල් නැති දවස් වලට ඉස්සර අපි බියර් බිවුවෙ එහෙමයි. ඉතින් පානයේ රහ බලන්නෙ නැතුව එක හුස්මට බීල දැම්ම. පස්සෙ ඉතුරු උනු කවලම් පලා එකත් බීල දැම්ම. හිච්චක් ඇල වෙලා ඉදල නැකිට්ට ගමන් තමා මේ පෝස්ට් එක ලිවුවෙ. හප්පේ තාමත් කී බෝඩ් එක පේන්නෙ බොද වෙලා ව්අගේ..
:D

12 comments:

  1. අර කවලම් එක හොදට තිබුනද?
    හොද වෙලාවට ඉස්කෝලේ ප්‍රායෝගික දැනුම උගන්නන්නේ..:)

    ReplyDelete
  2. මචන් උඹ මේක ලිව්වෙ අප්‍රේල් පලවෙනිදා නේද.................?
    ලොලේ ලොල්

    ReplyDelete
  3. ලොල්ය.. අනිව දිනේශ් අය්යෙ.. පට්ටටම තිබ්බ.. :D තාමත් වෙරි වගේ...
    අනේ බන් සින්හලයො.. මම අප්‍රේල් පලවෙනිද මීට වඩා සිරා එඅකක් ලිවුවනෙ.. ඇයි උබ දැක්කෙ නැද්ද??

    ReplyDelete
  4. බාර් කාරයොන්ට පිස්සු බන්...මම ඉතින් තරයේම ඔය බාර් වහන එකට විරුද්දව කතා කොරනවා නොවෑ.උබේ ඔය අලුත් සොයා ගෑනීමට පෙටන් එකක් හෙම ගනින්..හිකිස්ස්ස්ස්

    ReplyDelete
  5. ලොල්ය.. අනිව බන්.. වැහුවත් කමක් නෑ.. ඇරල තියෙන එකකෙ හරිවිදියට විකුනනවනම්.. අපි කියන්නෙ නෑ තියෙන ගානනට වඩා අඩුකරන්න කියල. ඒත් තියෙන ගානට වඩා වැඩිකරන එක හොද නනේද!! මේ හාල් පාරුවන්ට් හෙනම ගහපන්.. :D

    ReplyDelete
  6. අපොයි පොඩි එකෝ ඕක නවත්තනවා... !!!!!!!!!!!!

    ReplyDelete
  7. මටද පොඩි එකා කිවුවෙ.. ලොල්ය.. ඔට්ටුනෑ හරිය...???

    ReplyDelete
  8. අනේ උඹ වගේ පින්කියෙක්/ පැනඩෝල් එකක් බොන්නෙ නෑ අතුරු ආබාධ එනව කියල. ඒ වුනාට. උඹ වගේ ගොනෙක්. :(

    ReplyDelete
  9. ලොල්ය.. මේ වා බොට තේරෙන්නෙ නෑ ඇට්ටරයො..

    ReplyDelete
  10. කොහොම හරි රු 500ක් හොයාගෙන බොන්න එපැයි.500 ද වටින්නේ "ආතල්" එක ද?ගනන් වැඩියි කියල නොබී කොහොමද?හිගා කාල හරි කමක්නෑ බොන එක බොන්න.ඒක නම් කීයටවත් අතපහු කරන්න එපා.හැමෝම ඔය විදියට ගනන් වැඩියි කියල හැමෝම නොබී හිටියොත් හැ.. ජ....න වගේ අයට මොකද වෙන්නේ?

    (මත්පැන් බොන අවාසනාවන්තයින්ට මේ වසරේ වත් මොළය පෑදේවා!)

    ReplyDelete
  11. ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

    ReplyDelete
  12. ලොල්ය.. අනේ යන්න මෙයා.. විහිලුකරනව.. ජයශ්‍රී :P
    ඔයාටහ් එසේම වේවා කියල පුරාර්තන කොරනවා කතන්දරයො.. :D

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...