Thursday, April 7, 2011

ස්වර-සන්ධි ගලප මින්......


ලොල් ය. ඕන් අද යන්නෙ කලියෙන් 2050 අවුරුද්දෙදි යි 2100 අවුරුද්දෙදි යි මට ලැබුනු අත්දැකීම් අනුව ලියපු 2050, 47 වෙනි ඔලිම්පිල් උළෙල ලිපි වල ස්වර- සන්ධි ගලපන්න. මම හිතුවෙ නෑ මෙහෙම පෝස්ට් එකක් ලියන්න ඔනි වෙයි කියල. ඒත් 2050 ලිපියෙ වැටිල තියෙන මෝඩ කමෙන්ටුයි 47 ඔලිම්පික් ලිපියට කොමෙන්ට් නොවැටීමයි දිහා දැක්කම මේක මට ලියන්න වෙනව. මොකද ඒ ලිපි කස්ටියට වැඩිය තේරෙන්නෙ නැති පාටයි. ඕන් එහෙනම් අද තේරුම් ගන්න කෝ... එක අතකින් අද ලිපිය බැලුවම හිතෙයි මගේම ලිපිවලට මගෙන්ම විචාරයක් කියල. හික් ය. ඔව් ඉතින් මෙවුව රට්ටු හිනස්සන වැඩ. ඒත් ඉතින් එක එක ප්‍රශ්නතියාගෙන අනාගතෙට යන්නෙ කොහොමදෑ..?
ඔව් ඒ තමයි 2050 අවුරුද්ද... :D ඉතින් ඒ අවුරුද්ද ගැන මගේ වාර්තාව දැකල සමහරක් අයට ඇති උනු ගැටලුවක් තමා මිනිස්සු ඔක්සිජන් බෝතල් අරන් යද්දි අනික් සත්තු මොනාද ගෙනිජ්ජෙ. ඉතින් උන් මැරෙයිනෙ කියල. ලොල්ය. ඒ ප්‍රශ්නෙටනම් මම ඒ ලිපියෙන්ම පිලිතුරු දුන්න. හික් ය. ඒත් ඒ හැටි තේරිලා නෑ මයෙ හිතේ. ඕන් එහෙනම්, ප්‍රශ්න තියන් අනාගතේට යන එක හරි නෑනෙ. අද ප්‍රශ්නෙ විසද ගමුකෝ.. :D :D
සමහර විට ඔයාල දන්නවත් ඇති මිනිස්සු පරිනාමය වෙන්නෙ අනික් සතුන්ට වඩා ගොඩාක් හෙමින් කියල. මොකද පරිනාමය වීමෙදි නව ඩාවින් වාදයට අනුව යම් අහිතකර පරිසර තත්වයකට මුහුන දෙන්න බැරි ජීවීන් මැරිල යනවා. ඒත් යම් ජාන විකෘති තානිසා ඒවට මුන දෙන්න පුලුවන් ජීවීන් මැරෙන්නෙ නැතුව ඉතුරු වෙනවා. ඉතින් ඒ අය ආයෙ පැටවු ගහල අර අහිතකර පරිසර තත්වවලට ඔරොත්තු දෙන ජීවීන් බිහි කරනව. :D ඉතින් ඒ අලුත් පරම්පරාව පරිනාමය වෙලා. ලොල්ය.. ඩාවින් ඕකට කිවුවෙ උචිතෝන්නතිය කියල. :D ඉතින් ඒත් මිනිස්සු සත්තු තරම් පරිනාමය නොවෙන්නෙ අපි උචිතයො උන්නතිය වෙන්න දෙන්නෙ නැති නිසා. අපි කරන්නෙ උචිත උනත් අනුචිත උනත් පරිසරය අපිට ඔනි විදියට උචිත කර ගන්න එක. එතකොට පරිසරය ව්එනස් වෙනව මිසක් අපේ වෙනස් වීමක් නෑ. ලොල්ය.. අන්න ඒකයි මෙතන උනේ. සතුන් උචිතෝන්නතිය උදාහරනෙකුත් මම කියන්නම්... ලොල්ය.. අද නිවුස් අහද්දි මට දැන ගන්න ලැබුන දැන් ඩෙන්ගු මදුරුවො අපිරිසිදු ජලයෙත් බෝවෙනව කියල. එතනදි වෙලා තියෙන්නෙත් මේ සිද්දාන්තෙම තමා. අපි ඩෙන්ගු මර්දනය කරන්න කියල පිරිසිදු වතුර රැදෙන තැන් විනාස කරා. ඒකින් ගොඩාක් ඩෙන්ගු මදුරුවො නැති වෙලා ගියා. ඒත් ඒ අතර ජාන විකෘති තානිසා අපිරිසිදු ජලයෙත් බෝවෙන්න පුලුවන් ඩෙන්ගු මදුරුවො හිටිය. උන් බේරුනා. දැන් උන් ගුනනය වෙනව. හික් ය. :D ඔන්න ඕකයි තත්වෙ. ඒත් ඉතින් මේ පරිනාම සිද්දිය මේ වගෙ ලිපියක කල්ලකින් කතාකරල ඉවර කරන්න පුලුවන් දෙයක් නෙවේ. මට හැකි විදියට ඕන් මම කෙටියෙන් විස්තර කරා. :D

තව මේ පෝස්ට් එකේම කස්ටියට ගැටලු ඇති උනු තැනක් තමා අර බෙන්ස් කාර් එකක කඩල විකුනපු කතාව. එහෙමත් නැත්නම් අර වාහන නිකන් පාරෙ විසික්කරල දාල තිබ්බ කතාව. ඒකට නම් ගොඩාක්
විවේචන එල්ල උනා.. ලොල්ය. ඉතින් මම එහෙම කිවුවෙ 2040 කනිජ තෙල් නිදි ඔක්කොම ඉවර උනු නිසා. ඒතකොට ඒ අය කිවුව ඒ තෙල් වලින් වැඩ නොකරන එන්ජින් ආයින් කරල හයිඩ්‍රොලික් එන්ජිමක් හයි කරල දුවන්න පුලුවන් කියල. හික් ය. ඔවු දුවන්න නම් ඉතින් පුලුවන්. ඒත් වතුරෙන් වාහනයක් දුවනව කියන්නෙ ලේසි පහසු වැඩක් නෙවේ. මොකද වදුර විද්‍යුත් විඡ්චේදනය කරල ඒකින් ගන්න හයිඩ්‍රිජන් වායුවෙන් තමා වාහනෙ එන්ජිම වැඩ කරන්නෙ. ඉතින් ඒ හයිඩ්‍රිජන් වායුව ආවට ගියාට දහනයකරන්න පුලුවන් එකක් නෙවේ. මොකද ඒ වායුව පුපුරන සුලු එකක්. බැරිවෙලාවත් වාහනේ එක්සිඩන්ට් උනොත් ඒ හයිඩ්‍රිජන් පුපුරල අවට මිනිස්සුත් මැරෙන්න ඉඩ තියෙනව. ඒකනිසා ඒ හයිඩ්‍රිජන් වලට හරියනවිදියට වාහනයක් හදනව කියන්නෙ එන්ජිමට විත්‍රක් සීම විච්ච දෙයක් නෙවේ. මුලු වාහනේ ම ඒකට ඔරොත්තු දෙන්න හදන්න ඔනි. අනික අමතක කරන්න එපා මම ඒ ලිපිය ලිවුවෙ 2050 දි. ඒ දවස් වල මිනිස්සුන්ට ඔය එන්ජින් රීප්ලේස් කර කර ඉන්න වෙලාවක් නෑ.. හරිය...? බොහෝම කාර්යය බහුලයි. අනික ඉතින් අද මොරෙක්ස් මයිනර් කාර් වලට වෙලා තියෙන වින්නැහිය දැක්කම ඉතින් 2050 බෙන්ස් කාර් වලට වෙන වින්නැහිය පුදුම වෙන්න දෙයක් නෙවේ නෙ. හික් ය. ඇරත් මම ඒ ලිවුවෙ කියවන අයොන්ගෙ හිතට වදින්න. මම ඕක කාර් ඔක්කොගෙම එන්ජින් රීප්ලේස් කරල කියල ලිවුවනම්, කවුරුත් ඒ හැටි ඔය ගැන හිතනවද..? එහෙනම් කනිජ තෙල් හිඟ වීම පිලිබදවත් හිතනවද? රීප්ලේස් කරන එක හරි ලේසිනේ කියල හිතල ඔහේ ඉන්න එකනෙ කරන්නෙ.. :P

ඕන් දැන් මට හිතෙන විදියට 2050 ලිපියෙ ඔක්කොම ගැටලු ඉවරයි.. :D තව මොකක් හරි තියෙනවනම් කමෙන්ටුවක් ආදාරේන් අහන්නකෝ. :D

දැන් මම ආයෙ යන්නෙ 47 ඔලිම්පික් එකට. ඔන්න ඔය ලිපියටනම් එක විවේජනයක් වත් ආවෙ නේ.
මොකොකියනවනම් කාටවත් තේරිල නෑ මයෙ හිතේ. හික් ය. ඕන් තේරුනේ නැති කස්ටිය අහ ගන්නකෝ.. :P
අද ලෝකෙන්ම වේගවත්ම මිනිසා ගැන හිතමු. උසියන් බෝල්ට්... එයා මීටර් 100 තප්පර 9.69 කින් දිවුවා. :D ඒකියන්නෙ මීටර් 10ක් තුවන්න තප්පරයක් වත් ගිහින් නෑ. ඉතින් කාට හරි ඒ වේගෙත් ඉක්මවා යන්න කායික ශක්තියෙන්නම් පුලුවන් වෙයි කියල මම හිතන්නෙ නෑ. ඒත් මානසික ශක්තිය!!! :D අන්න ඒකින් තමා 2100දි මිනිස්සු වැඩ පෙන්නනෙ.. ඒ හින්ද තමා හොද හැඩි දැඩි තරුනයන් වෙනුවට සෘෂි වරු තරග කරන්නෙ.. ඉතින් එහෙම කෙනෙක් දුවද්දි ශරීරයේ තියෙන ඇඩ්‍රිනලීන් වගේ හෝමෝන වල උත්තේජනයක් තිබ්බට ව්ඇඩක් නෑ. අවශ්‍ය මානසික උත්තේජ වල තත්වය. ඉතින් මානසික උතේජ තත්වය චූ සාම්පලයකින් පරීක්ෂාකරන්න බනේද??? අන්න ඒකයි MRI තාක්ෂනය යොදාගන්නෙ තහනම් උත්ත්ජේජ පරික්ෂා කරන්නෙ. :D
එතකොට ස්ටාටර් අන්කල් තුවක්කුවක් වෙනුවට ටෝච් එකක් යූස් කරේ.. හික් ය. සමහරක් හිතනව ඇති මේ එයා තුවක්කුවෙන් වෙඩි තියන්නෙ තරග කරුවන් දිරි ගන්නවන්න කියල. ලොල් ය. හරියට සමහරු ක්‍රිකට් තරග තියෙද්දි රතිඤ්ඤා පත්තු කරා වගේ. හික් ය. ඒත් මෙතනදි වෙඩිල්ලක් තියල ලොකු ශබ්දයක් දෙන්නෙ තරග ආරම්භක සංඥාව විදියට. ඒතනිදි වැදගත් වෙන්නෙ ශබ්දයේ ප්‍රවේගය. ඒත් මේ සෘෂිවරු දුවන්න ගත්තම ශබ්දයේ ප්‍රවේගය අභිබවා යන නිසා මේ සංඥාවට ශබ්දය ගැල පෙන්නෙ නෑ. අන්න ඒකයි ටෝච් එකක් වගේ උපකරනයක් භාවිතා කරල තියෙන්නෙ. මොකද එතනදි ආලෝකය සංඥාවක් විදියට ගන්න පුලුවන්නෙ. දැන්නම් මම හිතනව ගොඩාක් දුරට තිබුනු ගැටලු විසදිලා කියල. තවත් නොවිසදුනු ගැටලු තියෙනවනම් දන්නවන්න.. හැකි විදියට ඒක නිරාකරනය කරල දෙන්නම් කෝ.... :D :D :D

16 comments:

  1. මේ කොල්ලො I hate චිජ්ජාව කියලා තෝ දන්නැද්ද ? :D

    ReplyDelete
  2. ලියල තව කියාදෙන්නත් ගියාම එපාවෙනවා

    ReplyDelete
  3. හෑ බන් බියො ඒ මොකෝ... විජ්ජාව මරා පට්ට නොවැ... :P
    ලොල්ය.. ඔව් බන් ගීතික අයියෙ.. දෙයක් තේරුම් ගන්න බැරි කමනෙ..

    ReplyDelete
  4. ලොලේ ලොල්. උඹ ඔන්න ඔහොම අනාගතේ ගැන ලි[පි ලියල ආතර් ක්ලාක් මාම වගේ පොතක් ගහන්න. අනිවා සම්මානයක් හම්බ වෙයි. ඕනෙනම් යද්දෙ බැඳන් යන්න මම හොඳ O බෝතලේකුත් දෙන්නම් :පී

    මොනව වුනත් එල ලිපිය. ඒත් ඉතිං මේක අරකට ගලපල ලියන්න තිබ්බෙ. එතකොට එකෙන්ම ගොඩනෙ.

    ReplyDelete
  5. අනේ මේ ඇට්ටර මලයට හැමදාම මම කියනව... කෝ හාන්නෙ නෑ නොවැ.. ලොල්ය.. අපි කවුරුත් වගේ වෙන්න ඔනි නෑ. හරිය...?? ඇඟිල්ල ඇඟිල්ලමයි, ඇට්ටරය ඇට්ටරය මයි.. හරිය...???

    ReplyDelete
  6. හික්.. සිරා ලිපියක් මචෝ.. :D සුපිරි තර්ක ටිකක් තියෙන්නේ :D

    ReplyDelete
  7. බෝම ස්තූති කනිශ්ක අයියේ.. :D :D

    ReplyDelete
  8. ඇත්තමයි මේ ලිපිය සංරක්ශණය කරලා තියා ගන්න මල්ලියේ...

    ReplyDelete
  9. බෝම ස්තූති අයියෙ.. :D අනිව දැන් දැන් මටත් මේවල වටිනා කම තේරෙනවා.. :D

    ReplyDelete
  10. උබේ ලිපි නම් හොදයි, හැබැයි ඔය ලොල්ය ලබ්බ අයින් කරලා ලියහන්, ලියන්නේ උබ උනාට කියවන්නේ අපි, ඔය මගුලත් එක්ක කියවද්දී එපා වෙනවා

    ReplyDelete
  11. හික් ය. අනේ අනෝ.. එක මගේ පුරුද්ද.. :/ මම මේ එවචනෙ කියන්නෙ ආතල් එකකට නෙවේ.. වාග්තුල්‍යතාවය උදෙසා.. :/ ලොල්ය.. බලමු.. ඒක නොකිය ඉන්න මම හකිතාක් උත්සහ කොරඤ්ඤං... ප්‍රතිචාරයට ස්තූතියි. :D

    ReplyDelete
  12. අනේ මේ කෙ මට තේරෙන්නෙ නැති ඒවනෙ තියෙන්නෙ
    මොකද කිව්වොත් මම තාම 9 වය වසරෙනෙ
    මට ඔය ලොකුලොකු අදහස් තේරෙන්නෑ අප්පා...

    -ලිව්වෙ~pasan nissanka~(පොඩි එකා)

    ReplyDelete
  13. ලොල්ය.. පුංචි පැලේ තමා මලේ ගහ වෙන්නෙ... නොතේරෙන්න හරි කියවන්න.. :D එතකොට තමයි තේරෙන්නෙ.. හික් ය. අඩේ හැමෝම මට පොඩි එකා කියද්දි මම හිතුවෙ මමයි පොඩි එකා කියල.. බලන්ගියාම මට වඩා පොඩි උන් ඉන්නව නොවැ.. :D

    ReplyDelete
  14. සුලැගිලි මලේ.... ඔයා බෙන්ස් කාර් වල කඩල විකුනන කතාව කිවුවෙ ඔයාගෙ කතාව ලස්සන කරන්න කියල කිවුවම මම ඊට පස්සෙ මුකුත් කිව්වෙ නෑ... ඒත් මෙතනදී..... ඔයා දන්නව ඇති දැනටමත් Hybrid ඒ කිවුවෙ දෙමුහුම් වාහන ලංකාවට එනව කියල.. ඒ වාහන එතරම් ලාබදායි නොවුනත් ( මට හිතෙන විදියට ) එයින් එකක් පෙට්‍රල් ලීටරයකින් කි.මි. 35 විතර යන්වා... දැනටමත් කට්ටිය ඉස්සරහට එන බොරතෙල් ප්‍රශ්නය ගැන හිතනවා... බෙන්ස් වගේ නමක් තියෙන සමාගම් නම නැති කරගන්න කැමති නෑ.. අනිවාර්යයෙන්ම ඒ ගොල්ලා බෙන්ස් කඩල කඩ තත්වෙට පත් වෙන්න නම් දෙන්නෙ නෑ..

    වතුරෙන් Hydrogen ගන්න එකට නම් මමත් වැඩි මනාපයක් නෑ.. අනතුරු දායක නිසා. පිරිසිදු Hydrogen දැල්ල අවර්ණයි කියල ඔයා දන්නවා ඇතිනේ.. අනික ජලය විද්‍යුත් විච්ඡේදනය කරන්නත් තාම සාර්ථක ක්‍රමයක් නෑ.. දැනට නිපදවල තියන ජලයෙන් දුවන වාහන වල වැඩි කාර්යයක් කරන්නෙ Hydrogen බන්ධන කඩන්න කියලා ඔයා දන්නව ඇතිනේ...

    ReplyDelete
  15. මොනව උනත් ඔයා වගේ විද්‍යාව ගැන උන්නදු එක්කෙනෙක් අදුරගත්ත එකටනම් මම කැමතියි. ලොල්...

    ReplyDelete
  16. ලොල්ය.. මමත් ඒ හැටි වාද කර ගන්න කැමති නෑ. හික් ය. ඒත් අද මයිනර්, වොක්ස්වැගන් එහෙම කාර් වලට වෙලාතියෙන ඉරනම ගැන හිතද්දි බෙන්ස් කාර් එකකට 2050 වෙන ඉරනම අමුතුවෙන් කියන්න ඔනි නෑනෙ.. :D කතාව ලස්සන කර ගන්න දැම්මෙ කඩල විකුනන කතාව.. :P

    හික් ය. කොවුව කොහොම වුනත් මටත් සන්තෝසයි ලිපිවලට විවේචනයක් එල්ල කරන්න කෙනෙක් ඉන්න ගැන.. :D ලොල් නැතය. ;)

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...