Thursday, May 8, 2014

දකුණ තියෙන්නෙ ලංකාවේ නෙවේ ලංකාවෙ අතන...

ඔන්න මිත්‍ර වරුනි පොරොන්දු විච්ච විදියටම මං ආවා.. වෙසක් ළඟ ළඟ එන හන්දා ඒකටත් ලෑස්ති වෙන්ට තියේ.

පහු ගිය ටිකේ මං දැක්ක ඔය බුකි පැත්තෙ ඉද්දි ඉහත නමට සමාන නමක් තියෙන පේජ් කෑල්ලක්. ඒත් එක ගැන නෙවෙ පොස්ට් එක ලියන්නෙ. ඒත් එක නිසා තමයි මට අද කියනවා වගේ කාරණා ටිකක් හිතුණේ.

විනෝදෙටත් එක්ක අදාළ පේජ් එක පොඩ්ඩක් බලමුකො..

ඉස්සර රේඩියො එකට ලිවුන් දැම්මා. (ඉස්සරම ටෙලි ග්‍රෑම් වගේ එව්වා පාවිච්චි කරාද දන්නෑ.) පස්සෙ පෝන් එක පොදු පරිහරන්යට ආවායින් පස්සෙ ලිවුන් පොස්කාඩ් ටික ටික පැත්තකට යන කොට රේඩියො ටිවි වල වැඩසටහන් වලට පොන් කෝල් දෙන සිස්ටම් එකක් ආවා.. දැන් දැන් ෆේස් බුක් එකෙන් එව්වාට අදහස් දක්වන අතරේ ලියුං පොස්ට් කාඩ් වලට විච්ච දෙයක් නෑ...
ටිවි රේඩියො උදාහරණෙට ගත්තෙ මේ දවස්වල පේස්බුක් එකෙත් හොඳ ජනප්‍රිය මාතෘකාවක් හන්දා.
කොහොම හරි පේස් බුක් කියන එක දැන් මිනිසුන්ගේ මේවා එකක් නේ.. ඒ අතරින් පේජ් ගෲප් එහෙම ගත්තාම යුදමය වටිනාකමක් හිටං තියෙනවා..

දැන් මං කලින් කිව්ව පේජ් එකේ නම ගැන කියනවනම් මට මතක "දකුණ තියෙන්නෙ ලංකාවෙ නෙවෙයි ලංකාවෙ පුකේ" කියලායි... ඒත් ලංකාවෙ හරියටම පුක හරියෙ තියෙන්නෙ හම්බන්තොට වගේ. ඔව් මාගම්පුර අර කැට ඇරිලා වගේ තියෙන්නෙ ගුද මාර්ගෙ වගේ හරිය. එතකොට ගාල්ල හරිය තියෙන්නෙ ඉස්සරහට වෙන්න... මුත්‍ර මාර්ගය හරිය විවෘත වෙන්නෙ ඒ හරියෙන්.

අදාළ පේජ් එකේ අන්තර්ගතය බැලුවාමත් ඒ නමට හොඳට ගැල පෙනවා. ඇතුළෙ තියෙන එව්වා හරියට මොනාද කියලා දාන්න මං අද ඒ පේජ් එක හෙව්වා මට ඒක හොයාගන්න නම් බැරුව ගියා.. කොහොම හරි ඕකේ තිබ්බා ඔය කවුද අපේ මහින්ද මමා වගේ ශ්‍රේෂඨ පාලකයෝ එහෙන් බිහි උනාය කියලා.. බලන්න ඒ කතාව කොච්චර හරිද කියලා. ඒ වගේ නායකයො බිහි වෙන්නෙ එහෙන් තමයි.. මොකද කියනවනම් අපේ ලංකාව හාන්සි වෙලා නෙවේනෙ ඉන්නේ හිටගෙන.. ඉතින් ඔක්කොම සාරය බහින්නෙ පල්ලෙහාට. එකනේ අර ලංකාවෙ යට හරිය හොඳ පෘෂ්ටිමත්ව වැඩිලා තියෙන්නේ.

ඒ පේජ් කෑල්ල ගැන කිව්වා හොදටම වැඩී. එහෙනම් ප්‍රස්තාවනාව දැන් අපි ඇත්ත කතාව දිහාට හැරෙමුකෝ.

කියවන ඔබ ලියන මම ඇතුලුව අපි හැමොම මොකක් හරි බෙදුම් වාදියො. හෝව්.. කැති මන්නා ගන්නෙපා සේපෙ හිතලා බලන්න. අපි හැම තිස්සෙම බලනවා මොන විදියකින් හරි බෙදෙන්න.. හැබැයි ඒකත් හෙන ආතල් සහ ගත වැඩක්...

මම දැක්ක උදාහරණ ටිකක් කියන්නම්,
දැන් ඔන්න අලියෙක් ගහක් පෙරළලා කඩලා දානවා. මනුස්සේක් ගහක් කපනවා..
ම්ම් කුරුල්ලෙක් ගහක කූඩුවක් හදනවා. මනුස්සෙක් කොහෙ හරි ගෙයක් හදනවා..
අලියෙක් පෙරළන ගහයි කුරුල්ලෙක් හදන කූඩුවයි ස්වාභාවිකයි. මනුස්සෙක් කපන ගහයි හදන ගේයි කෘතීමයි. මනුෂයා කියන්නෙත් මනසෙන් උසස් සතෙක් නම් ඌ කරන වැඩ කෘතිම වෙලා අනික් එව්වා ස්වාභාවික වෙන්නයි හේතුව මොකද්ද. මිනිස්සු ගාව තියෙන බෙදුන්වාදය නැත්තන් වෙන මොකද්ද.
මං කියන්න ගියෙ එහෙමයි කියලා අපි ගස්කපන එක හොදයි කියලා නෙවෙ... එතන තියෙන බෙදුන්වාදේ නැත්තන් එක්කො අපිත් තාම ගෙවල් නැතුව කූඩු හදනවා. :D

දැන් ගොඩක් ප්‍රසිද්ද සීං එකක් ගැන බලමු.
ජාතිවාදේ. මිනිස්සු තමන්ගේ ජාතිය හොඳම එකයි කියලා කියලා බෙදෙනවා.. තමන්ට හොදම එක නෙවෙයිනම් තමන් තව දුරටත් ඒ ජාතිකයෙක් විදියට ඉන්නෑනේ.
ඔය අතරෙ ජාතිවාදෙ එපයි කියලා කට්ටියක් කෑගහනවා. හොදට බැලුවොත් ඒගොල්ලොත් බෙදිලා.

මේක නිකනක් පොකුරු බෝම්බයක් වගේ.. නැත්තන් ඡේදන කුලක, තුල්‍ය කුලක, කුලක මේලය ඔය වගේ සිය දහස් ගනන් කුලක ජාතිවලට බෙදිලා බෙදිලා දයනවා මේ බෙදුන් වාදයක්..

ජාති වාදී ආගම්වාදී, (ගොඩක් වෙලාවට මේ දෙකම එකකට එකක් උපකුලක) සර්වාගමික,  රාජපක්ෂ වාදී, රාජපක්ෂවිරෝදී, යූඇම්පී, වාමාන්ශික, එතකොට හේතුවාදි, නලීන් වාදී දකුණු වාදි කොළබ වාදි, ග්‍රාමීය, නාගරික, උගත් නූගත්.... ඔහොම ඔහොම ඇදිලා යනකොට...



නන්දාමාලනීට උමාරා එක්ක හැරෙන්න පුලුවන් බැරි, නර්ස්ලාට සූතිකා පුහුනුව දෙන්ඩ ඔනෑ එපා ඔය වගේ බෙදුම් ටිකකුත් තියෙනවා...

ප.ව.
දැන් මං පොඩ්ඩක් මඩෙන් එලියට ආපු නෙළුම වගේ එලියෙ ඉදන් පොස්ට් එක ලිව්වාට ඔය අතරින් පතර මඩ ගෑවුන තැන් එහෙමත් ඇති.. කොහොම කරත් අපේ අභිමතය මත අර උඩ කියපු ලයිස්තුවෙන් කැමති කැමති බෙදීම් ටිකක් කැමති ප්‍රමාණෙන් අරගෙන හොඳ සංකලනයක් කරලා පට්ට වාදියෙක් වෙන්න පුළුවන්.

ප.ප.ව.
දකුණ ගැන ගොඩක් ගොඩක් දේවල් වර්ණනා කළ හන්දා අනික් පැතිවල කට්ටිය තරහා ගන්නෙපා.. මං ඉතින් එහෙම කිව්වෙ අපේ ඥාති හිතාදින් ගොඩක් ඒ පැත්තෙ ඉන්න නිසා..නැතුව මගේ ගම අමතක වෙලා නෙවේ. අපි ඉන්නෙ ලංකාවෙ අක්මාව හරියෙනේ. :D මං කිව්වනේ මාත් අර ඉහත ලයිස්තුවෙන් කෑලි කෑලි අරන් හදාගත්තු පට්ට වාදියෙක්..
------------------------------------------------

ප්‍රේක්ෂක ප්‍රතිචාර හා පසුව මතක් වුන කරුණු අනුව ඉහත බෙදුම් ලයිස්තුවට එක් කර යුතු වෙනත් බෙදුම්,

ඕපන් සෝස් වාදී-කෝකත් එකයි වාදී, බොලිවුඩ් වාදි, හොලිඋඩ් වාදී,
PMC ඔනෑ කියන කට්ටිය එපා කියන කට්ටිය, කැසිනෝ හරි ශෝක්,
එතකොට ගනිකා වෘතිය නීති ගත කරන්ට ඔනෑ/එපා
බ්ලා බ්ලා..  (2014.05.10)





14 comments:

  1. රතු පුකක් වගේ පෙනුනට ඒක වැඩකට නැති කළු පුකක්..

    ReplyDelete
    Replies
    1. ඇයි මස්කට් හොයන්නෙ.. දොදොල් හරි නැද්ද?

      Delete
  2. අනේ ඉතිං මාම පුකෙන් බිහිවුනා කියන්න එපා එ්ක හරිනෑනේ. අදාල ස්තානය තියෙන්නෙත් එ් ආසන්නව නිසා හරි තැනින් ආව කියමු. බලන්න යාපනේ දෙමළු විතරයි කටින් බිහිවෙලා තියෙන්නෙ. බලන්න ඒකෙත් හැටි.

    කවුරුත් බෙදුම්වාදියො තමයි. වැටවල් ගහගෙන බෙදාගන්නෙ ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. :3
      නජච්චා වසලො හොති
      නජච්චා හොති බ්‍රාහ්මණො...

      සාදු කාරයක් දෙන්න.

      Delete
  3. බෙදුම් නැත්නම් ඉතින් ලල් එකක් නෑ වගේ හිතෙනවනේ බං.. ඉතින් එහෙම තමා..

    ReplyDelete
    Replies
    1. එක තමයි බං කියලා තියෙන්නෙ.. ඒකෙ රහ දැනෙන්න බෙදිලාම බලන්ට ඔනෑ

      Delete
  4. ඇයි කාලෙකට කලිං උඹ පුක බිම උලාගෙන සපෝට් කරපු බෙදිල්ලත් ඒවගේ නේද ?? කැම්පස් නං අරක තමයි . . . . ඒකෙත් ලොකු අරුං තමයි

    ReplyDelete
    Replies
    1. මනුස්සෙක් හැදෙන්න හදන කොට අත දියන්... :3

      Delete
  5. අඩේ මේ . . . ඔය පේජ් එකේ තියනවද බං ඔය පලාතෙ පියෙක් කිරිසප්පයො දෙන්නෙක් ගගට විසිකලා කියල . . . සුවිමිං උගන්නන්න ???

    ReplyDelete
  6. ඕපන් සෝස් වන්දනා මාන කරන අය, ක්‍රැක් හොඳයි කියන අය :D
    ඩාක් ලෝඩ් හොඳයි කියන අය, ඩාක් ලෝඩ් නරකයි කියන අය :D
    පියෝ බ්ලඩ්, හාෆ් බ්ලඩ්, මඩ් බ්ලඩ්, මග්ල්ස් :D
    කැසිනෝ ඕනෙ කියන අය, කැසිනෝ එපා කියන අය :3
    උඹේ බ්ලොග් එකේ කමෙන්ට් දාන අය, කමෙන්ට් නොදාන අය !

    ReplyDelete
    Replies
    1. මග ඇරුනු කරුනු ඇතුලත් කරාට ඉස්තුති ඉස්තුති

      Delete
  7. හැක් එල එල අද තමයි අවේ මේ පැත්තෙ ...

    ReplyDelete
    Replies
    1. උබට කියන්න මාත් එහෙම්මම තමයි..!

      Delete
  8. අනේ මංද යකෝ ආපු ගමංම මංඥං වුණා...
    බෙදුං වාදය නේ...
    ඒ කියන්නෙ මොකද්ද....???????????
    ලංකාවෙ නං ඕම පුස්න නෑ නේ...

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...