Sunday, December 8, 2013

දෙකෙලැවරවල් මැදින් තව කෙලැවරවල් තියෙනවද?

ඒලෙවල් ලියනකන් උන්නේ ඉවර කරලා බ්ලොග් ලියනවා... අරවා කරනවා මේවා කරනවා කියලා. අන්තිමේ ඒලෙවලුත් ඉවරයි. ක්ලාස් ගිහිල්ලත් ඉවරයි. ඒත් ලියපු බ්ලොග් පොස්ට් එකකුත් නෑ කරපු අරකකුත් නෑ කරපු මේකකුත් නෑ! ගෙදෙට්ටම නාකි උනා කියලත් හිතෙනවා...

කොහොමින් හරි තටමලා තටමලා කාලෙ කන්න ක්‍රමයක් නැතිම තැන තමයි මේ දිහාවට අවිත් මේ පෝස්ටුව ලියන්නේ.. ලිව්වට මොකද මේක වෙනදා ලියන හැමොම ආසකරන කැටගරිවලට අයිති පොස්ට් එකක් නෙවෙයි.. කොටින්ම කියනවනම් බෝරින් ටොපික් එකක් ගැන ලියන්නේ.. ඒත් මේ දවස් ටිකේම හිතේ කැකෑරි කැකෑරි තිබුණු ටොපික් එකක් තමයි මේක...



මට මේක මතක්වුණේ නිවාඩු කාලේ ඇවටාර් ටිවි සෝ එක බලද්දි... ඇත්තටම එක කාර්ටූන් එකක් උනාට මොකො මොළේ නිවුරෝනයක් නිවුරෝනයක් ගානෙම හිතන්න වටින කාරණා එහෙමත් තියෙනවා. යින්-යැන්ග් සංකල්පය ගැන එහෙම :D  

යින් යැන්ග් කිව්වාම ඉතින් ඔනම කෙනෙක්ට කියන්න පුළුවන් කළු - සූදු කියලා... ඒත් ඒකේ ගැබුරට ගියොත් අපිට පේනවා කළුපාට තීරුව ඇතුළේ සුදු පාට තිතකුයි සුදු පාට තීරුව ඇතුළේ කළු පාට තිතකුයි තියෙනවා. හැමතිස්සෙම වගේ අපි කළුපාටින් කියන්නේ නරක, ඈක්කා, චීය, දුක, කළුවර බ්ලා බ්ලා බ්ලා වගේ එව්වනේ.. එතකොට සුදු පාටින් කියන්නේ හොඳ, ආලොකය අනම් මනම්...
යින් යැන්ග් එකේදි කියවෙන්නෙ ඇත්තටම ඈක්කා, චීයා ඔය අතරින් හොද කියන එකත් සුදුපාට මැද්දෙන් කළුපාටත් ටිකක් හරි මුසු වෙලා තියෙනවයි කියලා වගේ සංකල්පයක්...
එතනින් එහාට ගියාම තවත් කියන්න පුලුවන් ඒ යින් යැන්ග් රවුම හැදෙන්න කළු සහ සුදු දෙකම ඔනෑ! ඒකත් කලින් කිව්ව උපමේය වලට ආදේශ කරගන්ට...

ඔය මං කිව්වෙ සම්පූර්ණ වචයෙන් මගේ හිතේ ඇඳුණු කරුණු ටික! කොටින්ම කියනවනම් යින් යෑන්ග් කියන චයිනිස් වචන දෙකේ තේරුන් වත් මං දන්නෑ. ඒක නිසා ඔය රවුම හදපු උදවිය ඕකට දුන්නු තේරුම මං කිව්වාට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්.. ඒක නිසා ඒ කිව්ව ටිකෙ වැරැද්දැක් තිබ්බොත් දන්න කෙනෙක්ට නිවැරැදි කරන්න බාරයි!

ඒත් මෙච්චර වෙනකන් අපි කතා කරේ කෙළවරවල් දෙකක් ගැන නේ.. අපි සමාන්‍යයෙන් කතා කොරද්දි එහෙම නිතරම කෙළවරවල් දෙකක් ගැන තමයි කතා කරන්නේ.. උදාහරණෙකට කිව්වොත් සැප- දුක, කළු- සුදු, එළිය- අඳුර.... ඕම ඕම නානාප්‍රකාරෙ මතෘකා ගැන කෙළවරවල් දෙකක් තියලා අපි කතා කරනවා... අපි කිව්වෙ මම ඇතුළුව හැමොම වගේ දන්නවා ඔය දෙක අතර මැද තවත් සංක්‍රාණ්ති තියෙන විත්තිය!
හරියට වැස්ස වෙලාවට අඳුරුයි. ඒත් රෑට ඊට වඩා අඳුරුයි. රෑට වහිනවනම් අමාවකනම් ඊටත් වඩා අඳුරුයි... ඔහොම ඔහොම අඳුරේ ප්‍රබේද තියෙනවා.. ඒළියෙත් එහෙම්මමයි... ඔය වගේ තමයි මේ ලෝකෙ තියෙන ගොඩක් වා මායිම් ලකුණු කරන්න බැ මහේක්ෂිය වියට බැලලා. ඒකට කමක් නෑ ඉතින් අපිට දැනට ඒ මකේක්ෂිය අන්වීක්ෂීය කතන්දර වැඩක් නෑ!

දැන් පොඩ්ඩක් තර්ක ශාත්‍රය පැත්තට හැරුනොත් අපිට හම්බෙනවා තර්ක ක්‍රම කිහිපයක්... ද්වීකෝටික තර්ක ක්‍රමය, ත්‍රිකෝටික තර්ක ක්‍රමය, චතුර්කොටික තර්ක ක්‍රමය. (ත්‍රිකොටික කියලා එකක් නම් ඇත්තටම තියෙද දන්නෑ.. මං හැදුවේ ) ද්විකොටික තර්ක තමයි ගොඩක් වෙලාවට පවිච්චි වෙන්නෙ අපි අතරෙ.. ඔව් නම් ඔව් නැත්තන් නෑ, සිං නම් සිං දොං නම් දොං ඔය වගේ.. ඒක සරළව පැහැදිළි කරන්න පුළුවන්... චතුර්කොටික් තර්ක ක්‍රමය නම් එහෙම සරළව විස්තර කරන්න අමාරුයි.. කාලෙකට කලින් ඔය එක එක පොස්ට් දාද්දි මං අඩවන් කරපු දුරක් ගැන එහෙම කතා කලා මතකද?
මෙහෙමයි. අඩවන් කරපු දොරක් තියෙනවා.. දැන් දොර ඇරලාද.. නෑ. ඒත් දොර වහලත් නෑ.. ගොඩක් කට්ටිය පාවිච්චි කරාට උඩ කියපු ද්වීකෝටික තර්ක කරමයෙන් මෙව්වට උත්තර දෙන්න බෑ! ඒවගෙ වෙලාවකට යන්න වෙනවා චතුර්කෝටික තර්ක ක්‍රමයට!
දොර ඇරලා ඇත.
දොර වසා ඇත.
දොර ඇරලා සහ වහලා ඇත.
දොර ඇරලවත් වහලවත් නැත. 
මුල් කාලෙ මාත් නිතරම හිතුවෙ අන්තිමට කියලා තියෙන කරුණු දෙකම එකයි කියලා. ඒකයි මං අර උඩින් ත්‍රීකොටික කියලා එකක් මංම හදාගත්තා කියලා කිව්වේ... ඒත් තවට් ටිකක් පතුලට හිතුවොත් ඔප්ශන්ස් 4ක්ම තියෙනවා කියලා පේනවා. පෙනුනට මොකො ඒක තේරුම් ගන්න සහ තේරුම් කරන්න හෙනම අමාරුයි... අපිට එහෙම උනාට ඒදවස් වල මුවා පස්සෙ ගිය දේවානම් පිය තිස්ස රජ්ජුරුවොනම් ඒක සුටුස් ගාලා තේරුම් අරන් තියෙනවා... මිහිදු හාමුදුරුවන්ගේ අඹ ප්‍රස්නය නෑදෑ ප්‍රශ්ණය ඔය ඔක්කොම කොන් තුනද 4ද කෙසේ වෙතත් ද්වීකොටිකයෙන් එහාට ගිය එව්වා...

ඇත්තටම අපි තාමත් පාවිච්චි කරණ නීතිය හැම දෙයක්ම වගේ ද්විකොටික තර්කය පදනම් විච්චා.. මේ 21 සියවස.. කියන්න ඔනෑ උනේ   අපිත් එකමත් එක කාලෙක් ඔයිට වඩා දිවුණු තර්ක ක්‍රම පාවිච්චි කාලා තියෙනවයි කියලා.. :3

ප.ව.
කොහොමින් හරි අන්තිමට පුරුදු විදියට මං වන්සේකබල්ගාන තැනට ආව... අඹ ප්‍රශ්ණය නෑදෑ ප්‍රශ්ණය එව්වා අමුතුවෙන් කියන්න ඔනෑනේ හැමදාම කාලීන බණට හාමුදුරුවො කියන්නෙ ඕකනේ.. :D

අවසාන වශයෙන් යිං යැං වන්දනා කරුවන්ගෙන් මං ප්‍රශ්ණයක් අහන්නම්...

කළුසුදු හැර වෙනත් පාටවල් තිබේද? :)

9 comments:

  1. ඔය ත්‍රිකෝටික සංකල්පය ගැන නලීන් ද සිල්වා මහත්තයාගෙ “අපේ ප්‍රවාද“ වල තියෙනවා. මට නං තේරුම්ගන්න අවශ්‍ය වෙලා නෑ. කොහොම වුනත් අන්ත දෙකට අතරමැදි අවස්ථා ඕනෑතරම් තියෙනවා. ඒ වගේම හැම කළු වලාකුලකම රිදී රේඛාවකුත්, හැම සුදු ඇඳුමකම පොඩි මඩ පාරකුත් නැතුවාම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කාලයක් මහාචාර්ය නාලින් වාදියෙක් තමයි... එයාගෙ පොත් දෙකතුනකුත් තියෙනවා. ඒත් අපේ ප්‍රවාද නම් කියවන්නෑ. ඒවා යේ ආක්‍යානය එයාට විතරයි තෙරුම් ගන්න පුලුවන්.. :3

      Delete
  2. මේක දැක්ක ගමන් මට මතක් වුණේ "කුන්ෆු පැන්ඩා 2" ෆිල්ම් එක! මේ කතාවට නං මම එකඟ යි. ඕන ම හොඳ කෙනෙක් ඇතුළේ නරක පුද්ගලයෙකුත් නරක පුද්ගලයෙක් ඇතුළේ හොඳ කෙනෙකුත් ඉන්න පුළුවන්. ජෙකීල් සහ හයිඩ් කතාවෙන් ඉස්මතු කරන්න හදන්නෙත් ඒ දේම නොවෙයි ද?

    අන්තිමට ප්‍රශ්නේ බැලුවොත් කළු සුදු හැර වෙනත් පාටවල් තිබේ ද? නැතු ව :) ඇයි අළු පාට!

    ReplyDelete
  3. කළු සුදු අතර rgb වර්ණාවලියේ වර්ණ 255ක් තියේ.

    ReplyDelete
  4. ඇත්තටම කළු සුදු ඇරෙන්න වෙන පාටක් නැද්ද කියල හිතෙනවනම් තමයි.. ඒවා දන්නේ ඉතින් ඒ ගොල්ලම තමයි..

    ReplyDelete
  5. අනේ මට තේරෙන්නෙ නැ බං මෙව්වා

    ReplyDelete
  6. හ්ම්ම්ම් මටත් තෙරුන් නැ වගෙ බං

    ReplyDelete
  7. කලු කලු වන්නේ සුදුට සාපේකෂව නම්ද සුදු සුදු වන්නේ කලුට සාපේක්ෂව නම් ද එසේ නම් සුදු කියා නිරපේක්ෂ පාටක් තිබිය හැකිද?සුදු කියා නිරපේක්ෂ පාටක් තිබිය හැකිද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...