Thursday, August 30, 2012

මිශන් ඉන්පොසිබල් වෝස් ශ්‍රේක් | ඇඟිල්ලාගේ විචාරය | පවුලේ සැමට නැරබිය හැක!


හපෙ අප්පේ... ජිවිතකාලෙටම ලැබුනු අවාසනාවන්ත නිවාඩු කාලෙ ඕන් ඉවර විගෙන යනවා... ඕන් යන්තන් යන්තන් වෙලාව ගැට ගහන් ආව මගේ හකුර රැක ගන්න... තියෙන්නෙත් මෙක විතරයිනෙහ් සන්තකේටම...
වෙලාවක් හම්බෙන වෙලාවට පොටුවක් ලියන්න පටන්ගත්තට භාගෙට ලියනකොට වෙලාව අහවර වෙනවා නෙව.. පොස්ට් භාග කෑලි අම්බානෙට... කොමත් දෙසැරයක් ලියලා දැම්මාම බොලෑ ඔලුව ඔල්මොරොන්දන් වෙනවා නෙවැ.. ඒක හන්ද බහුතරයක්ගෙ ඉල්ලීම පිට (තුන්දෙනයි ඈ) පොස්ටුවක් උනු උනුවෙන් ලියන්න පටන් ගත්තා...

කතාවට කට්ටිය කොහොම කැමැති වෙයිද දන්නෙ නෑ මේ සැරේ... මට අද හැන්දෑවෙ හිතුනු දෙයක් ඕන් කියන්නේ...

මිශන් ඉන්පොසි බල්.. අද හැන්දෑවෙ තමයි පිල්ම් එක බලලා ඉවර කොරේ.. පට්ටා ෆිල්ම් එක.. බොලා දැන් කිණ්ඩියට ගන්නෙපා ඉතිං දැනුයි ඕක බලලා තියෙන්නෙ කියලා... වෙලාවක් ලැබුනු වෙලේ බලලා දැම්මා... ගොඩ දෙනෙක් කාරිය බලලා ඇතිනේ...

පිල්ම් එක පැය දෙකක් පුරාවට විහිදුනාට මට හිතට ඇල්ලුව හොදම කෑල්ල තමයි අර හිරෙන් පැනාලා යන කෑල්ල.

කතාව සැකවින:
ඊතන් එහෙමත් නැත්නම් කතානායකයා (මට හිතුනුවිදිය ඈ) හිරේ.. කතාව පටන්ගන්නෙ එහෙමයි.. බෙන්ජි කියන්නෙ එයාගෙ කල්ලියෙ යාලුවෙක්.. බෙන්ජි හිරගෙයි කොම්පියුටර් පද්දතියට මෙව්වා වෙලා ඊතර්ව බේරගන්නයි යන්නේ.. ඒත් ඊතර් එලියට යන්නෙ නැතිව ඇතුලට යනවා... බෙන්ජිට තියා මුලින්ම බලන අපිටත් හිතාගන්න බැරි උනා. බොග්ඩෑන් කියලා වෙනින් හිර කාරයෙක්ව බේර ගන්ට තමයි එයැයි ඇතුලට යන්නේ.. නිකන් ඇදුනුම් කමක් විතරයි. අඩු ගානෙ ඒ කල්ලියටවත් සම්බන්ද කෙනෙක් නෙවේ... එයාවත් අරන්ම තමයි හිරෙන් පනින්නේ....

දැන් කියමු බලන්න ඒ ෆිල්ම් එකේ කොතනකටවත් වැඩක් නොවුනු සුළු චරිතයක් රගපාන බොග්ඩෑන් ව බේර ගන්න ඇයි ඊතන් කට්ට කාන් ගියේ...? හිරෙ ඉන්න කාලෙ අල හිටොලා අල තැම්බුවද දන්නෙ නෑ... එව්ව අපිට අදාල නෑනේ. ;) කොහොම හරි ඒ ෆිල්ම් එකෙ ආයෙ පුන්චි තැනකට විතරක් පෙනි ඉන්න සුළු ජරිතයක් එච්චරටම හයි ලයිට් කරලා පෙන්නුවෙ ඇයි කියන පොඩි ප්‍රස්නයක්... කඩ්ඩ නම් එච්චරම බෑ ඕන්.. තේරුනු විදියට ෆිල්ම් එක අතුලෙ කොහෙදිවත් ඒ වැඩේට හේතුව කාගෙවත් කටින් කියවුනේ නෑ මන් හිතන්නේ...

ඒ කතාව ඔහොම්මම පැත්තකින් තියලා අපි යමු ස්‍රේක් දිහාට. ස්‍රේක් කියන්නෙත් පට්ටා ෆිල්ම් එකක්... ඒකනම් ඉතිං අපි සිරසෙ කාර්ටූන් වලින් හඬ කැවිම් සහිතව බැලුවනේ.. :) ඒක ගැන මුකුත් විස්තරයක් ඔනෑ නෑ... කට්ටියටම මතකද ස්‍රේක් අර මයාකාරිගේ මායා බඩු ස්ටොක් එක කඩලා බෙහෙත් කුප්පියක් ඉස්සුවා...? ආන් ඒ ඉස්සුවෙ එක බෙහෙත් කුප්පියයි! අර රූපේ වෙනස් වෙන බෙහෙත.. ඒ සැරෙ මායා කරී මොකද කරේ.. එයාගෙ ඩේටාබේස් එක බලලා පට් ගාල අඩු බෙහෙත හොයලා ඒකට අදාල උපක්‍රමයක් යෙදුවා... ඒදා ශේකුත් ඊතන් වගේ පොඩ්ඩක් මොළෙ කල්පනා කරලා බෙහෙත් කුප්පි කීපයක් ඉස්සුවානම් සුරන්ගනා කතාවක් උනත් එක බලපු පුන්චි ළමයට ආදර්ශයක් වෙන්න තිබ්බා.. ;) මොනවා උනත් මට නම් සිරසෙ ශ්‍රෙක් බලද්දි එකපාරටම හිතට ආවේ, මූ මහ මොඩයෙක් ය කියලා..

දැන් තේරෙනවනේ ඊතර් බොග්ඩෑන්ව බේර ගත්තෙ ඇයි කියලා... එයා එහෙම කරා කියලා පැහැදිලි වෙනසක් කතාවෙ ඉස්මතු කරලා නැති උනාට එවෙලෙ ඊතන් විතරක් පැනලා ගියානම් කතාවෙ ලොකු වෙනසක් වෙන්න ඉඩ තිබ්බා...

කතාවනම් ඔච්චරයි ඈ... දැන් පුංචි ළමයින්ට මිශන් ඉන්පොසිබල් කියන චිත්‍ර පටයෙන් ගතහැකි ආදරශටකත් සැකවින් ගත්තොත්...
අපි හැම වෙලේම හොරකමක්/ අපරාදයක් (හෝ හොදවැඩක්) කරනවනම් අපි හැම තිස්සෙම ඒකට අකුල් හෙළන පාර්ශවය නොමග ඇරිමට උපාය ශීලි වෙන්න ඔනෑ... 

පසුවදන:

ළමා මනස විකෘති කොරා කියන්නෙපා ඈ නරක ආදර්ශ දීලා... ;) අද ටිකක් වෙනස් විදියකට  පොස්ට් එක දැම්මෙ පුංචි හේතු ඉපයකටත් එක්කලා... (ඊයෙ ලියන්න පටන් ගත්තේ..)
එක තමයි හුදී පාඨක ජනයාගේ ඉල්ලිම... මුන් ඇෆ් බී එකට මැසේජ් දාලා දැන් හිච්චි ඇඟිල්ල ඉදිමුනොත් තොපි වගකියපන් ඈ.. :P
දෙවෙනි එක තමයි ප්‍රදානම කාරනේ... පියෙහි විප්පයෝගෝ දුඛ්කෝ කියලා බුදු හාමුදුරුත් කියලා තිබ්බට සියළු දේ නැසෙන සුළු නිසා ඒ දුකත් කෙටි කාලීන වෙන්න ඔනෑ.. සාමාන්‍ය මිතුරෙක් නැති උනාම  කෙටිකාලින දුකක් උනාට එහෙම දීර්ඝ කාලින දුක් ඇතිකෙරෙන යාලුවොත් අපිට ඉන්නවනේ... මැරුන එකා මැරුනා කියලා ඉන්න තිබ්බා කරන කියන කිසිම වැඩකදි ඌව මතක් වෙනැත්නම්.. මම කොහොමත් එහෙම විනොදෙන් ඉන්න ඩයල් එක.. ඒත් කිසිම වෙලාවක මට මගේ යලුවා නැති උනු එක අමතක කරන්න බෑ.. මෙ කතාව පොස්ට් එකට අදාල වෙන්නෙ නම්,
ඌ තමයි මාව ෆිල්ම් බැලිලට පුරුදු කරේ.. ඌ බලපු විල්ම් එකක් ඌ කටින් කියනවා ඊ ෆිල්ම් එක අපි ඇත්තටම බලනවට වඩා පට්ට විදියට... අපි දෙන්නගෙ පුරුද්දක් උනේ බලපු ෆිල්ම් අපේ මනස් වලට සාපේක්ෂව විචාරයක් කරපු එක... දැන් මට තනියෙන් තමයි ඒ විචාරය කරන්න වෙන්නේ.. ඒ තනි කම යන්නත් කියලා තමයි මගෙ පිස්සු විකාර අදහස් ටික "මචං" කියලා කැටගරියක් හදලා අද ඉදං දන්නේ...එහෙට ඉන්ටර් නෙට් තියෙද දන්නෙ නෑ කාරිය.. කොහොම හරි ඌ කියෙව්වොත් ගොඩ.. අනික් යාලුවන්ට නම් මට එන අදහස් කිව්වාම මට හිනා වෙනවා.. උබලත් හිනාවෙයි.. :D අවුලක් නෑ.. මනුස්සෙක්ව හිනස්සන්න එකත් අමාරු කාරියක්නේ... ඒකටත් පින තියෙන්ටෝනේ...

අහ් තව ජෙනරේටරයක් වගේ අපිට ෆිල්ම් සපයන බයිස්කෝප් සයිට් එකටයි මට උඩින් යන්න හරි ලියාපිඅ කියලා දිරි ගන්නපු කට්ටියටයි කොයොන ඔක්කොලාටමයි හද පිරි බක්කිය!

13 comments:

  1. දිගටම නවත්තන්නැතුව ලියහං.. මගෙත් මෙව්ව පිරි බක්කිය ඈ....
    මාත් ඔය ෆිල්ම් සීරිස් එකේ 4 විත්‍රයි බලල තියෙන්නෙ අනික්වත් බලන්ටෝන... මං ආසම ෆිල්ම් වලිං හොදම 10 තීන එකක් ඕක...

    ප.ලි - අර කියපු 3 දෙනා අතරෙ මාත් ඉන්නව වෙන්ටෝන... උඹ උඩයනව වැඩියි වගේ නං මං කිව්ව විදියට කකුල් දෙකේ ගලක් ගැට ගහගනිං.... ඈ....

    ReplyDelete
  2. මම බැලුවා... පට්ට ඈ ෆිල්ම් එක..
    කොහොමද අර ඇහැට දාන ගැජමැටික් එක..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. හිරෙං බේරගන්න එකා අන්තිම හරියෙදි උදව් වෙනවා නේද සුල්තාන් කාරයගේ මන්දිරේට රිංගන්න..
    විචාරෙනං පට්ට...
    අදමද කොයිද මේ පැත්තේ ආවේ..

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒ උදවු උනාට ඉතිං ඒක එතරම් වැදගත් සිද්හ්ඩියක් නෙවේනේ.. ඒකට හිරෙන් බේර ගන්නම ඔනෑ.. මොකො වෙන යාලුවෙක්ව ඒකට යොදාගන්න තිබා නෙව!.. :) ස්තුති මේපැත්තෙ ආවාට.. :D

      Delete
  4. කොහොමින් හරි උඹ ඉදල හිටල හරි ආයෙ ලියපු එකපට්ට..."යකෝ මම A/L කියල විභාගෙකුත් ලියනවා"ය කිව්වෙ, අන්නේක අහවර උනාමවත් දාකො දිගටම
    ප.ලි- යාලුව නැති දුක දැනෙනව තමයි බන්...මටත් 5 වසර වෙනකම්හිටපු එකෙක් නැතිවෙලා පට්ට අවුලෙන් හිටියෙ...එහෙව් එකේ A/L කාලෙත් හිටපු එකා ණැති වුනාම කුමන කතාද?

    ReplyDelete
  5. අනේ ඇත්තට ඊලග අවුරුද්දේ අර මොකක්ද විබාගේ ලියන ළමයෙක් ෆිල්ම් බලලා හරියනවද?

    ReplyDelete
    Replies
    1. ඈ.. ඊලඟ අවුරුද්හ්ඩෙ විභාගෙට දැන් ෆිල්ම් බැලුවෙ නැත්නම් කවද බලන්ටද අනේ

      Delete
  6. මට නම් මතක නැහැ. ඒත් මොකක් හරි එකකට ඌවත් ගාව ගන්නවා වගේ මතකයි. කඩ්ඩ බැරි නම් ලොක්කෝ සිංහල සබ් දාගෙන බලන්න තිබ්බානේ... සරලයිනේ :)

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඒකත් උදවු කරගත්තා ඉතිං.. ඒත් ඕක කියො කියො කතාවත් බලන්ට අමාරුයි නෙව.. නරකද ලගදිම හඬ කවන වැඩ සටහනකුත් පටන් ගත්තනම්.. :D

      Delete
    2. මම පහුගිය දවසක ආයි පාරක් ෆිල්ම් එක බැලුවා. හිර ගෙදරින් පන්නන බුවාගේ පිහිටෙන් තමා හන්ට් ඉන්දියාවේ ඉන්න සල්ලිකාරයෙක්ට චන්ද්‍රිකාවක් තියෙනවා කියන නිව්ස් එක හොයාගන්නේ

      Delete
  7. එළ එළ...උඹ අර කිව්වෙ A/L කියල විභාගෙකුත් ලියනව කියල ඒක ලිව්වමනම් දිගටම ලියාපන් :)

    ReplyDelete
  8. අඩේ.. සෑහෙන කාලෙකට පස්සෙ කියෙව්වෙ ඈ... ඒත් මේක නිකං තේරුනා මදි මදි ව්අගේ... මිසං ඉම්පොසිබල් බලලත් නෑ !

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...