Friday, May 25, 2012

එපමණයි෴

ඔබ්සර්වර් මාමා නැති උනා... එදා අවුරුදු උත්සවෙ දවසෙ එකටම හිදන් මාත් ලොකු උන් කරපු එක්කලා උන්නා... දැන් ඉතින් මගෙ පොස්ටු වලට කමෙන්ට් එකක් දන්න එකෙක් අඩු උනා....

ඒත් අද මට මගෙ පොස්ටු 1000ට අදහස් දෙන්න එකෙක් නැති වෙලා.. :/ ඊයෙ උගෙ අවසන් කටයුතු... පත්තර කිපයකමයි ටි වි චැනල් කිපයකමයි ගිහින් තිබ්බ මෙක ගැන..



මං කවදාවත් හිතුවෙ නෑ උගෙ නම මුලින්ම මේවගේ හෙතුවක් හන්ද පත්තරෙ මුලින්ම යයි කියලා... හරිනම් මුලින්ම අපෙ රුතාගෙ නම පත්තරෙට යන්න ඔනි අලුත් දෙයක් හොයා ගත්තා කියලා..

රුතා, උබ ඉස්සර අපිත් එක්ක කියපු අලුත් තියරි අපිට තෙරුම් ගන්න බැරි උනා. සමහරක් දාට උබට පිස්සු කියලා අපි හිනා උනා... අවුලක් නෑ උබ දැන් අපිව දාල ගිහින් උබ කියන දෙයක් තේරුම් ගන්න පුලුවන් මනස දිවුණු එවුන් ඉන්න තැනක ඉපදියන් මචන්.. එතකොට එතන උන් කවදාවත් අපි වගෙ උබට කිණ්ඩියට හිනා වෙන එකක් නෑ..

අපි එක්සිබිශන් දවස් වල ගත්තු ආතල් මතක් කර කර හැමදාම හිනා වෙවි හිටියා... උබ උස්සපු බිම බොතල් රෙකොඩ් එක අපි කාටවත් කඩන්න බැරි උනා... පස්සෙ එදා අපි පූල් එකට පැනල ගත්තු ආතල් එක.. එදා රෑ අපි පූල් එකේ ෆිල්ටරේ ගාව තාප්පෙ දිගෙ යනොකොට මගේ අර වෙවුලන අවුල තියෙන හන්ද උබ මාව අල්ලන් ගියෙ.. ෆිලටරෙට වැටෙන්න නම් එපා කියලා.. පැය ගානක් පුල් එකෙ බැහැන් ඉදලා අපි ජොක්කු පිටින් පිට්ටනියෙ දුවපු විදිය..

ඇයි අපි ඒ දවස් ටිකෙ සෙට් වෙලා දුන්නු ගේම්.. බීම. ලැප් ටොප්, සීඩී, කැමරා.. අඩො මට එවල ලාබේ උබේ  අතට දෙන්න බැරි උනා බං.. දැන් මට එවයෙ මගෙ කොටසත් එපා.. එ ඔක්කොම උබ වෙනුවෙන් මං මොකක් හරි පින් කමක් කරන්නම්..

එක්සිබිශන් පටන් ගන්න කලින් අපි ගහපු නයිටවල්.. අපි දෙන්න සෙට් වෙලා මුලුපන්තියම යන්න් හරි අටෝ ගත්තා.. පස්සෙ ලබන අවුරුද්දෙ Scientia එක කරන්නත් අපි ප්ලෑන් කරන් හිටියේ.. දැන් මං කොහොමද බං ඒකෙ වැඩ කරන්නේ...

ඇයි එකසිබිශන් ඉවර වෙලා පස්සෙ දවස් ටිකේ... අපි දෙන්න සෙක්ශන් එකෙම තිබ්බ ඉස්පිකර් ටිකට ගේම දුන්නේ... අන්තිමේ අපිට ගෙදර ගෙනියන්න බැරිගානට බෑග් පිරිලා  නේද බං.. මගේ කොන්දෙ අමාරුවකුත් හැදුනා ඒ බෑග් එකක් ගෙදර ගෙනියන්න ගිහින්..

හැමොම ඉස්කොලෙන් එලියට පනිද්දි උබට මතකද දවසක් අපි දෙන්න තාපෙන් ඉස්කොලෙ ඇතුලට පැන්නා.. මගේ කොන්ඩෙ වැඩි කියලා. අන්තිමෙ අපි මාට්ටු වෙලා ඔෆිස් එකටට් ගියා.. උබ 6 ඉදන් ඉස්කොලෙ ඉදල එදා තමා වැරැද්දක් කරලා ඔෆිස් එකට ගිය පලවෙනි දවස.. ඒත් ඒ මං හන්දා..

අන්න බයො වලටත් ලකුණු දිලලු බං.. අපෙ ලකුණු දන්නෙ නෑ.. ඒත් අර විභාගෙ ලකුණු දෙද්දි ඔක්කොමලා මූඩ් අප්සට් ගහලා එක්සිබිශන් එකට බැනිද්දි උබයි මායි හිනා වෙවි තවත් දවස් දෙකක් එක්සිබිශ්න් තියන්න තිබ්බා කිය කිය හිටියෙ බං.. එතකොට තමා උබ මට කියලා දුන්නෙ දහස් ගානක් අඬන්න තරන් හෙතුවක් තියෙද්දි උනත් අපි හිනා වෙවි ඉන්න තියෙනවන්ම් එක්කෙන් අපේ දුක සම්පුර්නයෙන් නැති කර ගන්න පුලුවන් කියලා. ඒත් මට උබේ මරනේ දවසෙ හිනා වෙලා උබ කියපු විදියට ඉන්න බැරි උනා බං. සමවෙයන්..

උබට තමයි අපි රිජිෆෝම් කපන්න දුන්නේ.. උබ නිකන් මැශින් එකෙක්න් කැපුවා වගේ ඒවා කපනවා... ඇයි කටයමක් චිත්‍රයක් ඇදගන්න ඔනි උනාමත් උබටම තමයි දෙන්නේ.. ඒත් අපිට උබේ මල ගෙදර තොරනේ කැටයම කාපා ගන්න උබ නැතුව මාර කට්ටක් බං කෑවේ.. සමහරක් විට උබ කොහාට හරි වෙලා අපිට ඒ දවස් වල වගේ හරියට වැඩක් කරගන්න බෑ කියලා බැන බැන ඉන්නැති නේද බං..

ඊයෙ මලගෙදර ආපු කට්ටියට අලියා බීම දෙද්දිත් අපි සෙට් එක අම්බානෙට අඩුවෙ එදා උස්සපු බිම බොතල් 106 මතක් වෙලා බං..අහ් අර තොරන අලවන්න ගත්තෙත් උබම ගල් කරපු සිලිකොන් එකක්.. උබ හොද වෙලාවට මට කියලා තිබ්බෙ ඒක ඩීප්‍රිශර් එකට දානවයි කියලා..



හ්ම්ම්ම්.. උබ හරිනම් ඊයෙ අපේ ගෙදර ඇවිත් පාඩම් කරන්න ඔනි...ගිය සිකුරාද රෑ අපේ ගෙදර ඉදලා සෙනසුරාද ක්ලාස් එකෙත් මාත් එක්ක එකට ඉදලා ඇයි බං උබ තනියෙන් ගියේ.. :/එදා රෑ අපි පාඩන් කරනව කියලා අම්මට කියල ගෙදර ගිය වෙලෙ ඉදන් රෑ වෙනකන් අපි කරපු දෙවලුයි ඉස්සරහට කරන්න තියෙන දෙවලුයි ප්ලෑන් කරේ.. තව අපි සර් ලට පෙරලන්න හොද බාල්දි හැදුවා මතකද? උබ මට එදා ජය ගඟේ වතුර උඩට ගෙනිච්ච විදියත් කියලා දුන්න. ඒක මට තෙරුනේ නෑ බං. ඒක තාම කවුරුවත් හොයාගෙනවත් නැති එකක් ලු. ඇයි එදා රෑ මං මදුරුවො මරද්දි උබ මට කියලා දුන්නෙ 'මදුරුවට සාපේක්ෂව උබේ තරම හිතපන්. පස්සෙ ඒ පරිමානෙට උබට වඩා ලොකු එකෙක් ගහැවොත් මොකද වෙන්නෙ කියලා හිතල මදුරුවො මරන්න එපා'කිව්වේ..

තව උබට ඔය හම්බෙන බොන්නෙපා  අරව මේව හැම හැන්ඩ් බිල් එකක් ම මට ගෙනත් දෙනවා. උබ මං වගේ නෙවෙ බං. බියර් එකක්වත් බිව්වෙ නෑ.. මං දානවා උබ හොද තැනකට යනවා කියලා අනිවාරයයෙන්ම. මට මතක් වෙන හැමදේම කියන්න මට වචන එන්නෙ නෑ බං දැන්.. මං නවතින්නම්... අහ් තව මං උබේ කැමත්තත් ඉශ්ඨ කරන්නම්. මං බයො ටෙක්නොජජි පැත්තෙන් උබ හිතන් හිටිය වගෙ ඉස්සරහට ගියොත් හරක් මස් කන උන්ට විතරක් බොවෙන ලෙඩක් හදන්න විසබිජයක් හදන්නම් මචන්.. ඒ නැත්ත මං පොලිටිකල් පැත්තෙන් ගිහින් උබ කැමති විදියට ලංකාව හම්බයො නැති කරන්නම් බං.. උබ ඔතෙන්ට වෙලා මට පොඩ්ඩක් ඒ වැඩ ටිකට උදව් කරහන්කො..

උබට මං කිව්ව වගෙ මනස දියුනු තැනක ඉපදෙන්න චුට්ටක් හරි පිං මදි උනත් මගෙම පුතෙක් වෙලා ඉපදියන් බං.. ඒ ඇරෙන්න උබ ආයි මේ ජරා මනුස්ස ලොකෙ පැත්තෙවත් එන්නෙපා බං. උබට සුබ රාත්‍රියක් මචන්..

ප.ව.
මට අන්තිමේ උබේ මරනෙට කර ගහ ගන්නත් බැරු උනා බං.. මට උබව උස්සන් යන්න ජිල්තු තිබ්බෙ නෑ... ඒකට අවුලක් ගන්නෙපා බං.. :'(

18 comments:

  1. ජිල්තු කියන්නෙ මොකද්ද බං??
    මක්කැයි කේස් එක??

    ReplyDelete
    Replies
    1. ජිංතු කියන එකටම තමයි. පණ නෑ කියලා කිව්වෙ..

      Delete
  2. ඔයාගෙ යාලුවට සුභ රැයක්.....:‘(

    ReplyDelete
  3. මොකක් වෙලාද යාලුව නැති උනේ ?

    ReplyDelete
  4. යාළුවෙක් වෙනුවෙන් මේ මාසෙ දාන 4 වෙනි කමෙන්ට් එක... අනේ මන්දා... අරුමේ කිම වද වෙන හිරු සදිසි මිනිස්සු... නොදුටු මිතුර, උඹට නිවන් සුව...!

    ReplyDelete
  5. මේ වයසෙදි එකට ඉන්න එකෙක් දාල යනව කියන්නෙ ඕනෙ නෑ බං... මටත් තියෙනව ඔය අද්දැකීම...

    ඌට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්ම් මං කියෙව්ව පොඩ්ඩො එකතාවත්.. එදා මං උබේ දුකත් කින්ඩියට අරන් එපා කියල කියද්දි 'සුනාමි' කියන වචනෙ කියද්දි හිනෙකින්වත් හිතුවෙ නෑ බං මටත් ඒ දුක විදින්න වෙයි කියලා... :/

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ජීවිතේ එකම එක පාරක් දැක්ක ආයෙමත් දකින්න නොලැබෙන යාලුවේ නුඹට සුබ ‍රැයක්....කුරිරු මිනිස්සු නැති ලොවක ඉපදෙන්න නුඹට වාසනාව ලැබේවා!ආවොත් යන්නට වෙනවාමයි.ඒත් මේ තරම් ඉක්මණට :( හිතාගන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්ම් ඔව් අනූ... ඔයාට මතක ඇතිනෙ අපි දෙන්න එදා නිලන්තයගෙ ක්ලාස් එකට පරක්කු වෙලා එනවත්... :'( ඌයි මායි ප්ලෑන් කරන් හිටියෙ ක්ලාස් එකෙ අර කැමරා ටික කුඩු කරලා දන්න.. ශිට්.. :(

      Delete
  8. මලයා ...
    යාලුවට නිවන් සුව පතනවා ....
    ඒ වුනාට යාලුවගෙ පොටෝ එක උඹට හුඟක් ම සමානයි වගේ ...

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්ම්.. ඔව් ඌ මගේ සහොදරෙක් තමයි අයියෙ එක විදියකට... ඔය පින්තුරෙත් මගේ කරට අත දාන් ඉන්න එකක්.. :/

      Delete
  9. මලයට නිවන් සුව අත්වේවා !!

    ReplyDelete
  10. යාළුවට නිවන් සුව ප්‍රාර්ථ්නා කරනවා මල්ලියෝ.. මේ වගේ දැක්ක තුන් වෙනි එක මේ මාසෙට.. :(

    ReplyDelete
  11. මේක කියෙව්වම ඇත්තටම දුක හිතුනා
    ඔබේ මිතුරාට නිවන් සුව පතනවා.

    ReplyDelete
  12. මේ අර ජා-ඇල වෙච්චි සිද්ධිය නේද ? ? ? නිවන්සුව පතනවා මේ සහෝදරයට :( :( :(

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව්... පත්තර ගානනකයි ටෙලිවිශන් එකෙයි ගිය නිසා අයෙ එ විස්තර දැම්මෙ නෑ.. දැන් මාස තුකන් වෙන්න එනවා..

      Delete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...