Saturday, February 11, 2012

යොහෝවා වෝස් හැරී පොටර්....

ඕන් ආමි බර කාලෙකට පසුව... තැන තැනැ කැත බල්ලො කැත කරලා අම්බානෙට... එව්වා අහක් කරනවා තියා වැලි ටිකක් උඩින් දාන්ටවත් වෙලාවක් නෑ අප්පා... උඩින් පල්ලෙන් වැලි ටිකක් දාලා ආව ඕන් පෝස්ටුවක් දාන්ට...
යොහෝවා කියද්දි ඉතින් මනුශ්‍යත්වාරෝපනය උනු චරිත කාට කාටත් මතක් වෙනවනේ... ;) ඉතිං කොහොමෙන් කොහොම හරි  අද කියනට යන්නෙ වෙනින් සිද්දියක්....

ඔය කවුරු කවුරුත් ඉස්පැල් බයිඩර් බලල ඇති නොවැ... ඒකෙ ඔයැ කියවෙනවනෙහ් සමාන්තර ලෝක ගැන... ඔය සමාන්තර ලෝක ගැන දැන ගන්න ඉස්පැල් බයින්ඩර් කියවන්ට ඔනි නෑ...ඥානවිමල හාමුදුරුවන්ගෙ පෙනෙන ලොව තුල නොපෙනෙන්අ ලොවක් වගේ පොත් වලත් ඔය සමාන්තර ලොක ගැන සඳහන් වෙනවා... හැක් හැක්... එක ඉතින් බෞද්ද දර්ශනේට අනුව ලියපු එකක් නොවැ... විශ්වීය දැනුම තියෙන්නෙ අහවල් ආගමේනේ.. ;) අන්න ඒ හින්ද අහවල් ආගමේ ඇත්තියෙක් සමාන්තර ලොක ගැන කියලා තියෙන විදියට මං කියන්නම් ඕන්... :D  බෙටී* කියලා ගෑනු කෙනෙක්.. එයා කියලා තියෙන විදියට ඔය සමාන්තර ලොක තියෙන්නෙ අපේ ලොකේත් එක්කමයි.... ඒත් ඒවා එකිනෙකට සාපේක්ෂව මාර වේගෙකින් බ්‍රමනය වෙන නිසාලු.... එයා කියන්නෙ හයියෙන් කැරැකැවෙන පෑන් එකකින් එහා මෙහා පැත්ත පේනව වගේ ඒ ලොකත් විනිවිද යනවයි කියලා... හැක් හැක්...  අයිස්ටයිනුත් කියලා තියේනෙ හයියෙන් යනට යනට ඒක ශක්තියක් වගේ වෙනවය  කියලා... ඔව් ඒ කියන්නෙ හයියෙන් ගියාම දෙයියො වගේ වෙනවා... ඒකෙත් පොඩි ගතියත් කියෙනවා නේ... අන්න ඒක හින්ද්ද දන්නෙ නෑ ටී ඇම් ජයරත්න මාමා පාර හදන තැන කුඹුරු කොටන තැන ගිනියම් අවුවේ දෙවියො වැඩ ඉන්නේ කියලා කියන්නේ..
ඔන්න ඔකයි සමාන්තර ලොක කතාව.. 

ඉතිං ඔය සමාන්තර ලොකෙන් ලොකෙට ඉන්න කස්ටිය එකෙනෙකට වෙනස් වෙනවලු...  දැන් අපේ ලොකේ ඈයො ත්‍රිමානත්වය ප්‍රමුක විච්ච ඈයො... දැන් ත්‍රිමාන කියන්නෙ මොකද්ද කියලා බලමුකො... අර ප්ලෙමින් ගෙ දකුණු අතයි වම් අතයි දෙක හැදිලා තියෙන්නෙ ත්‍රිමාන විදියට කියලා චුටි කාලෙ විජ්ජාවට ඉගන ගත්තා... මෙහෙමනේ.. මොකක් හරි අතේ මාපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි මැදැගිල්ලයි එකිනෙකට ලම්බක වෙන විදියට  දික් කොරාම පේනවනේ... ඕන් මං කියනවා ඒ ඇගිලි තුනටම ලම්බක වෙන විදියට සුළැඟිල්ලත්  දික් කොරන්ට කියලා... කාට හරි ඇහැකිද? අන්න එකයො උපරිම තල තුක් විතරයි එකිනෙකට ලම්බකව අපිට බලන්ට පුලුවන් වෙන්නේ... අන්න ඔකයි ත්‍රිමානත්වය ප්‍රමුක වෙලැයි කියලා කියන එකෙ තේරුම... දැන් අපි අනික් සමාන්තර ලොක ගැන හිතුවොත් සුපර් මාරියො ලා ඇත්තටම හිටියනම් ඒ ද්වීමානතවය ප්‍රමුක විච්ච ලොකයක්... හැක් හැක්... අපිට අර කාණු බටේකට රිංග ගත හැකිනම් ඔන් ඒ සමාන්තර ලොකෙටත් යත හැකි...



ඒත් හැරී පොටර්... ඒ අය මොන ලොකෙද? ද්වීමාන ලොකේ ප්‍රමුක කර ගත්තු ඈයොද ත්‍රිමාන ලොකෙ ප්‍රමුක කර ගත්තු ඈයොද... ඔව් ෆිල්ම් එක ගැන කතා කරොත් ඩැනියල් ලා  එමා ලා එක්කලා බැලුවාම ඒ අයත් අපේම ත්‍රිමානත්වය  ප්‍රමුක උනු ලොකෙම තමා... ඒත් එතකොට සුපර් මාරියො එකේ කාණුවෙන් ගියා වගේ අර හැරීපොටර් එකේ 9¾ ප්ලැට්පෝම් එකෙන් යන්නෙ කොහාටද? හැක් හැක්... ඒකෙ ගැටලුවක් නෑ.. අපි මේ කතා කරන්නෙ හැරි පොටර් ල ගැනනේ... එතකොට ඒ අය සිවු මාන පංචමාන වගේ ලොකවලට අයත් ඈයො වෙන්ට ඔනි... ඕන්  දැන් ආවා පොයින්ට් එකට...

බයිබලේ උප්පත්තිය 1 කතාවෙ මෙන්න මෙහෙම තියේ....
27 දෙවියන් වහන්සේ
තම ස්වරූපය අනුව
මිනිසා මැවූ සේක;...
මේ කෑල්ල ගැන නම් අපි කලිනුත් කතා කොරා.. අවුලක් නෑ අයෙම කතා කරමු ඉතිං... මිනිස්සුන්ගෙන් දෙවියන්ට උනු මනුශ්‍යතවාරෝපණය හරි බයිබලේ කියනවිදියට උනු දෙවියන්ගෙන මිනිස්සුන්ට දේවත්වාරෝපණය හරි කොක වෙතත් දැන් අපිට පැහැදිලි යොහොවාගෙ හැඩ හුරු කම් මිනිසාට සමානයි කියලා... අයෙම මට මතක් වෙන්නෙ අපි චූටිකාලේ විද්‍යාවට කන ගැන ඉගන ගත්තා... ඔය අභ්‍යන්තර කන කියන කොටහේ තියේනෙ අර්ධ චක්‍රාකාර නාල තුනක්... ඒව්ව තියෙන්නෙත් අර ප්ලෙමින් උන්දැගේ අතේ ඇඟිලි වගේ කියලා තමා මං නම් මතක තියා ගත්තෙ ඕන්... ඒ කියන්නෙ එකිනෙකට ලම්බකව... යොහොවා මොකො අපි මොකො... අර කියලා තියෙන්නෙ අපුරුවට ඒයත් අපිවගේමය කියලා.... ඔන්න ඉතින් ඔක ඔහොමයි කියමුකො.... දැන් අපිට ප්‍රශන් කරත හැකි....
යොහොවගේ කනේ අර්ධ චක්‍රාකාර නාල එකිනෙකට ලම්බකව තුනක් විතරක් තිබ්බේ ඒයාට අනික් මාන පේන්නෙ නැති හින්ද නෙවේද? හැක් හැක්... ඉතිං අපේ ත්‍රිමාන ලොකයටත් වඩා දියුනු චතුර් මාන පංචමාන වගේ ලොක වල ඈයො න්ට ඇඟිලි තුන එකිනෙකට ලබ්කව දික් කරලා එව්වා අස්සට තමතමන්ට සාපේකශව තවත් ලම්බක අදින්ට හැකියාව තියෙද්දි ඇයි සර්වබලදාරි යොහොවට ඒක කොර ගනට බැරි උනේ.... ඉතින් අප්පේ අරෙන්ම ඇඟිඋලි ගහන්ට පුලුවන් ඈයො ඉන්න මේ විස්වයේ පාලනය යොහොවා බාරගෙන ඉන්න එක සුදුස්සාට සුදුසු තැන නොලැඊමේ කේද වාචකය  ගැන කියන අනුවේදනීය කතා පුවතක් නේහ් බොලෑ.... :( :( :(

ප.ව.
ඕන් ඒ පොස්ටුවත් අහවරයි... අහිංසක විදියට විහිළුවක් කරලා නිකා හිටියාම එනවා මෙතන අභූත චොදනා කරනට... ඕන් ඉතිං මතක් වෙන මතක් වෙන සැරේට අයෙම දානව මෙව්වා... හිටුකො.... මෙන්න මේවටයි විචාරය කරනවා කියලා කියන්නෙ හරිය...? අහ් අර * ක් දාල තියෙන්නෙ බෙටී (betty) ඒයා බෙටී බුක් කියලා පොතක් ලියලත් තියේලු.... මං නම් ඔය විස්තර හොයාගත්තෙ   පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් පොතෙන් හරිය... අර වගේ හර බර පොත් කියවන්න මට කඩ්ඩ බෑ.. :D

ප.ප.ව..
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. හරී පොටර් විතරක්ය.. අපේ හෙලයන්ගෙ මුල් පුරුක දසිස් නැත්නම් රාවනා රජ්ජුරුවන්ටත් ඒ කාලෙ පංචමාන ලොක වල ඈයොත් එක්ක කලෙක්සන් තිබිලා තියෙනවනේ... :)

23 comments:

  1. නියමයි..... මම මීට කලිනුත් මේ පැත්තෙ ආවා වගේ මතකයි හැබැයි comment කොලාද කියලනම් මතක නෑ, ඔක්කොම කියවලා ඉවර වෙනකල් ඔලුව මඤ්ඤං වෙකවා... පොඩ්ඩක් හිතපං මචෝ සිංහල ඉස්පෙලිංස් ගැන නැත්තං ඊටත් එහා ඔලුව මඤ්ඤං වෙකවා.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ මචන්... තක හනියක් ලියපු නිසා අකුරුනම් අප්සොට් ගොහින් මයෙ හිතේ.. හරය ඔලුවට ගත්තානම් මඥ්ඥං උනත් මොකෑ.. ;)

      Delete
  2. හනේ මටනම් මෙලෝ දෙයක් තේරුණේ නෑ සුලෝ....:(

    ReplyDelete
    Replies
    1. හපොයි... කොටින්ම කියනවනම් මේක මේ අහවල් ආගම විචාරය කරපු පොස්ටුවක්...

      Delete
    2. සෝ...කොම්ප්ලිකේට් ඇන්ඩ් කොන්ෆියුස් හලේ..........:(

      Delete
  3. මේක මොනා කියෝනවද මන්ද...මෙලෝ හසරක් තෙරුන් නෑ

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ඔය ඇස් ඉස්සරහ දාගෙන තියෙන සත්‍ය හරස් කරන කන්නාඩි කෑල්ල ගලොලා පියැවි ඇසින් කියවලා බලන්න... :)

      Delete
  4. ම්ම්ම් මේ කතාවේ ගන්න දෙයක් නැත්තෙමත් නෑ දැනට ඉතින් ලෝක මතය පරිණාමවාදයනේ ඉතිං ඔය දෙයියෝ මැව්වයි කියන කේස් එක පිළිගන්න බෑ හැබැයි ඉතින් විවිධ ආගම් එක එක විදියට ලෝකය මැවුනු හැටි ගැන කියලා තියෙනවනේ ඒ ඔක්කොම සංසන්දනය කලාම අනිවාර්යෙන්ම පැහැදිලි වෙනවා මේ මැවූ දෙයක් නොව විශ්වයේ යම් කිසි ස්ථානයකින් සංක්‍රමණය වූවක් බව.... ඉතින් ඒ ආවේ ඇස්ටොරයිඩයක්ය කියලා හිතලා ඉම්මු

    බුදු දහමෙ කියලා තියෙනවනේ විවිධ තල ගැන ඉතින් ඒවා සංසන්දනය කලාම සමාන්තර ලොවක් නැතැයි කියන්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ඒ ඇස්ටොරයිඩයයි ආභස්සක භ්‍රක්ම ලොකෙන් ඇවිත් රස පොලවට ඇඟිල්ල ගහපු අයයි ගැන මොකො හිතෙන්නෙ?

      Delete
    2. ඇඟිල්ල විතරක්නම් මදැයි පෙරලිලා කෑවාලුනේ.....ඉතින් බන් ඔය මොකක් හරි බැක්ටීරියාවක් ඇවිත් ගැඩවිල්ලු වගේ පස් කකා හිටියා කියලා හිතහන්කෝ

      Delete
  5. මේක කියවපුවාම සුළඟිල්ල කපලා දාන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඈ.. ඒ තරම්ම රුහිතට හිතනට දෙයක් මං කියලැයි...?

      Delete
  6. මම ආගම් ගැන කතා කරන්නෙ නෑ බං

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... අපිත් ඉදලා හිටල විහිලුවක් කරා ඇරෙන්ට මෙ වගේ කතා කරේ නෑ බං.. දැන් කස්ටිය කිව්වෙ මං ආගම් කිණ්ඩියට ගත්තා කියලානෙ... ඔන් කිණ්ඩියක් නැත්ව ලිව්වා...

      Delete
  7. Replies
    1. තව ටිකක් ලොකු වෙන්නකො.... :P

      Delete
  8. ජුන්ඩක් ජුන්ඩක් තේරුණා....මට තේරුණ විදිහ හරිනම් මමත් ඔබතුමාගෙ කතවට 100%ක් එකඟයි....

    ReplyDelete
  9. සිරා කතාව නියමෙටම කියලා තියෙනවා

    ReplyDelete
  10. :O අඩෝ... උඹට ඔය මොලේ හම්බ වුනේ කොහෙන්ද බං :O

    උඹ අහවල් ආගමේ අයත් එක්ක වාදයක් තිබ්බොත් උන්ට පිස්සං කොටුවෙත් ලගින්න වෙයි :P

    ReplyDelete
    Replies
    1. හෙ හෙ අනිවාරයයෙන්ම තියමු මල්ලි වාදයක්... ඔකුන් හැදි ගෑවිලාම යනට..!

      Delete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...