Sunday, January 15, 2012

'සුළා ඇණ' ගැහුවොත් ගැහුවමයි....

හුග දවසකින් බ්ලොග් කෑල්ල පැත්තේ ආවේ.. ඒටත් හුග දවසකින් කඩුප්පුලි කතාවක් කිව්වෙත් නෑ... වල් කතා නම් අනේ මංදා... ඕන් අද අසිකිත කතාවකින් ටිකක් අහක් වෙලා හර බර ආදර්ශවත් කතාවක් කියනටයි ගන්නේ හරිය?

ඕන් එකමත් එක රටක හිටියා සුළැඟිල්ල කියලා හැඩි දැඩි තරුණයෙක්. ඉතින් මූ පුන්චියට ව්‍යාපරයක් පටන් ගනට තමා ඕන් ලෑස්තිය. මෙක සුවං රැකියාවක්... අහ් මේ අර සතෙන් සතේ එක්කාහු කරන රස්සාව නෙවේ හරිය? මේක ඇවිල්ලා ඇණ ව්‍යාපාරයක්.. ඉතිං හිච්චියට පටාන් ගත්තට මොකො ඇඩ් කෑල්ලක් එහෙම දාලා පබ්ලිශ් කොර ගන්ටෙපෑ... පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියලා ඕන් මේ ඇඟිල්ලා එයැයිගේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් හිතලා හිතලා හදා ගන්නව ඕන් පෝස්ටරයක්... :D

ඉතිං ඕන් පාප්ප හටිය ලිපේ තියලා බුකියෙනුත් මේ ඇණ ව්‍යාපාරයට සප් එකක් ගන්ටෝනේ කියලා හිතාන මේ පින්තූරේ අප්ලෝඩ් කොරනවා ඕන් බුකියට... අපෙ අපොච්චියේ... මෙන්න බොලේ වැටෙන කොමෙන්ට්...
අහවලා අඩෝ.. කවුරු උනත් ආගමික නායකයෙක් නේද... උබලා සයන්ස් කරන උන්.. උබලට අපිට වඩා මොලයක් තියෙනවා නේද? 
ඔහොම ඔහොම කොමෙන්ට්... ඉතිං මේ හාදයත් කල්පනා කරලා ඒ කියන කතාව ඇත්ත කියලා තේරුම් ගත්තලු.. :D අපි අපේ ආගමට අපහාසා කොරනවට කැමති නෑවගේ ඒ ඈයොත් ඒ ආගමට අපහාස කරනවට අකමැතී නොවැ... ඉතින් මේ ඇඟිල්ලගෙ හිච්චි මොළෙන් ඒක ගැන හිතලා ඔය පෝස්ටර් ටික විසික්කයි කියමුකෝ...

ඒත් එහෙමය කියලා මේ ඇඟිල්ලාගේ ක්‍රියේටිවු මෙව්වා එක නැති වෙන එකක් ය...
ඕන් ඊලඟ පින්තූරෙටත් මුල් ගල් තිබ්බාලු. මෙහෙමයි... කුරුසෙ පැත්තක... ජේසු තුමන් ඇණ ලිහාගෙන ලේ පෙරාගෙන දුවනවා.. නැවුනු ඇණ කිහිපයක් බිම තියෙනවා... යටින් ලියලා තියෙනවා "සුළා ඇණ ගැහුවනම් ඔහොම වෙන්නෙ නෑනේ"  කියලා....ඉතිං කලින් සැරෙත් පෝස්ටර් අලවන්ට පාප්ප හදාගෙන අන්තිමේ පෝස්ටරුයි  පාප්පයි අහක දැම්ම හිනද මේ සැරේ ට්‍රයල් එකට වගේ ඒ ක්‍රියේටිවු පිංතුරෙත් බුකියට අප්ලෝඩ් කොරනවලු හරිය.. නොදෝකින්...
අහවලා අනේ බොලවු... තෝ ඉකමනට මේ පින්තූරේත් අයින් කරපන් මේ දැම්ම.. මේක කවුරු හරි රිපෝට් කරොත් උබව බුකියෙනුත් දොට්ට දායි... තොගේ ඇණෙට ඔය කුරුසෙ ඇණ ගහන සීන් එක ඇරෙන්ට වෙන එකක් ගනින්කෝ...
 අනේ අපොයි.. ඒ පින්තූරෙත් අන්තිමේ අහක් කොරා... ඒත් අපි මොන්ටිසෝරියේ ඉදන් ඉගන ගත්තු නොපසුබට උත්සාහය කියන මෙව්වා එක මේ ඇඟිල්ලගේ හොද හැටි පිහිටලා තියෙනවානේ.. නැද්ද මං කියන්නේ... අහවලා කිව්වෙත් කුරුසේ ඇණ ගහපු සීන් එකක් ඇර වෙනින් එකක් හදන්ටනේ... ඕන් ඇඟිල්ලගේ ඊලග ක්‍රියේටිවු මෙව්වා එක මේ විදියට සකස් කොරා...
ජේසු තුමා ඇන ගහන්ට එකන් එනවලු... එතන ඉන්න අනික් මිනිස්සු මිටිත් අතේ තියාගෙන ඇණ හොයනවලු.. ඉතිං ඔය අතරේ ජේසු තුමන් හිතනවලු
"අනේ.. සුළා ඇණයක් හම්බුනොත් සොරිම තමයි" කියලා... කොහොමද මගේ ක්‍රියේටිවු මෙව්වා එක අහ්? කිව්වත් වගේ මේකෙ ජේසු කුරුසෙට ඇණ ගහලා නෑනේ... ඕන් එතකොට මෙහෙම කොමෙන්ට් එකක් වැටෙනවා...
අහවලා @#$%^&#+_)(*&^

ප.ව.
ඉතිං ඊටපස්සෙ...... මෙච්චර හදියක් වෙලා තියෙද්දිත් ඇඟිල්ලා නෙවේ කදුළු සැලුවේ.... පෝස්ටර් ඇදිල්ල නවත්තලා දැම්මට මොකො මේ ඇඟිල්ලා ඕන් ජීවිතේට හොද ආදර්ශයක් ගත්තා... ඒ මොකද්ද දනන්වද?

අපි ඒකා කාරීව හිතන තාක් කල් අපේ ක්‍රියේටිවු මෙව්වා එකෙන් ප්‍රයෝජනයක් ගත නොහැක... 

*නම් ගම් සියල්ල මනඃකල්පිතයි- 
ප.ප.ව.
ඕන් මයේ හර බර කතාව අහවලයි.. අනේ ඉතින් අර අහවලා වගේ දැන් කියනට එපා මං ආගම් වලට අපහාස කොරනවය කියලා.. මං මේ දැම්මේ අපි ඇඟිල්ල ගත්තු ආදර්ශය කියනට හරිය...?


_____________________________________________
අද (01.17) අප්ඩේට් එක...

ආගමකට අපහාස කොරනට හිතාගෙන ලියපු පොස්ටුවක් නොවුනට ප්‍රතිචාරවලින් පේන්නෙ මේකෙන් මං නොදැනුවත්වම අපහාසයක් වෙලා කියලානේ.. අන්න ඒකට මට දහස් වාරයක් සමාව දෙන්ට කියලා අයෙම කිව්වා ඕන්....

68 comments:

  1. 'සුළා ඇණ' ගත්තොත් ගත්තමයි....:P

    ReplyDelete
  2. ක්‍රියේටිවු කමෙං ප්‍රයෝජන ගන්න කාගෙන් වත් අවසර ගන්න ඕන නෑ. නමුත් තමංගෙ මහලොකු ක්‍රියේටිව් කමේ ප්‍රතිඵල වලිං අනුන්ට හානියක්/පීඩාවක්/අපහාසයක් වෙන්නෙ නැත්තං. තමුංගෙ ආගං ගුරුවරු එහෙම යමක් උගන්නල ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. අනීවාර්‍යයෙන්ම මචෝ... කාටවත් අපහාසයක් කොරන්ට හිතාගෙන නෙවෙයි ඕන් කිව්වේ.. අපිට ඇහැකිනම් ඕනිම කඩ්ඩුප්පුලි කතාවකින් උනත් තමන්ට ආදර්ශයක් ගන්ට ඒකයිනෙහ් ඔනි වෙන්නෙ.. :) ඔයාට ජය..

      Delete
  3. හැඩි දැඩි???
    තොගේ කටු බොඩියටද බං ඔය අපබ්බංසයක් දාලා කීවෙ??

    දාපිය රීප්ලයිය බුකියෙ, තව මාසෙකට මම ගියා!

    ජය වේවා,

    ප.ලී. - අර උබ ඊ-බේ එකේ හොයපු 'බඩු' පිහිදාන මෙව්වා එක මදුරු|නෙට් ඉසාරයා හොයාගෙන. අක්කට අරං දියං මයේ ගානෙ ;)

    ReplyDelete
  4. ම්ම්ම්ම් සෑහෙන්න හිතන්න ඕනේ පෝස්ටුවක්....හැබැයි ඇණ ගැන නෙමේ මෙහෙම කරන එකෙන් අපහාසයක් වෙනවා නේද කියලා කාට වුනත් අනේ මන්දන්නේ නෑහැ හැඩි දැඩි මොලෙන් හිතහංකෝ

    ReplyDelete
    Replies
    1. හේ හේ එහෙම හිතුවා... ඒත් මේ කතාව ලිව්වෙ ඒ කතාවෙන් ආදර්ශයක් ගනට මිසක් කියනවිදියෙ අපාහසයක් කොරන්ට නෙවෙයිනෙහ්... :)

      Delete
  5. okata ube ammawa dammanam oita wada hodai

    ReplyDelete
    Replies
    1. ඔවුමයි බං... අම්මව ගනට තිබ්බා ඇඩ් එකට කුරුසෙක ඇන ගහපු කතාවක අම්මත් හිටියනම්...

      Delete
  6. මට නම් මේ කතාව හරියටම තේරුණේ නෑ...

    ReplyDelete
    Replies
    1. අඩේ මෙතන එව්වා මෙව්වා තේරුන් කොරනට ගියොත් ඇනෝ කියයි තාත්තවත් මේකට ගන්ට කියලා.. ලොල්...

      Delete
  7. Replies
    1. හැක් හැක්... අමපා ඉත්ං ඔය කතාවම තමයි :) හැබෑ ඉතිං මේ පිංතූරෙ ඇෆ් බී එකට ඇත්තටම දැම්මාම අහවලා ඔයවිදියටම බැන්නා.. :D

      Delete
  8. අඩේ පස්ට බං.. තව මේ වගේ එව්ව දාහංකො...

    ReplyDelete
  9. හප්පා.... මට ගැහුවෙ සුළා ඇණ තමා බං... ඒකනොවැ ගැලවෙන්න බැරිවුනේ... :'(

    ReplyDelete
  10. ජේසු ස්වාමි දරුවන්ට කල අපහාසයට, සාතන් පැමිණ නුඹ අපායට ඇදගෙන යෑම නිසැකය.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ මාව අපාගත වෙයිදෑ මාමේ.. අහ්? එතකොට අපහාස කොරාම අපායට ඇඳන් යනට සාතන් උන්නට මං දුන්නු වටිනා කියන ආදර්ශයට දිව්‍යලොකෙට ඇදන් යනට කවුරුවත් නැද්දෑ...?

      Delete
  11. මං මේ කතාව වෙන තැනක කියවලා තියෙනවා. මේක ඔයාගෙම කතාවක් නෙවෙයි නේද මල්ලි....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ඔවු අක්කෙ මේ කතාව මමත් කලින් අහල තියෙනවා.. මං කොරේ ඒ කතාව සර්වාගමික උමතුවෙන් පෙලෙන අපේ උන්දැලාගේ උමතුව ටිකක් වැඩි වෙන ගානට කතන්දරේ ලියපු එක... :D

      Delete
  12. අපි ඉතින් ඒකාකාරීව හිතන්නේ නැතිව ඉමු.

    ReplyDelete
    Replies
    1. ඬන්න වටිනවා අක්කේ ඔයැයිගේ කතාව.. මෙච්චර පෝස්ට් එකේ ගන්න දේවල් තිබුනා.. හැමොම දැක්කෙ කාට්වත් උනු අපහාසයක් ගැන විතරයි... ඔයාට විතරයි ඒ මං දුන්නු ආදර්ශය තේරුනේ.. ජය වේවා.. :)

      Delete
  13. @All
    අවවාදයයි:- සර්වාගමික උමතුව මාරාන්තිකයි....!

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. ජේසුට ගැහුවෙ ගාමිණී ඇණ බං, නිකන් බිස්නස් වැඩිකරගන්න බොරුව දාන්න එපා..

    ReplyDelete
  16. අඩෝ සුලා උඹ පරණ කතාව අමුතුම ක්රඉමේකට රි මික්ස් කරලා ජේසු තුමාට ක්රි්යේටිව් ඇනයක් ගහන්නද යන්නේ.
    අපායට යන්න කලින් අර පරණ කතාවේ ඉන්න උන් ඇවිත් උබේ ඇන කොම්පනියටත් ගේමක් දෙයි බලන් හිටපන් .

    ReplyDelete
    Replies
    1. :)පරණ කතාවක්ද කියලත් අහනවා... හද්දම පරණ කතාවක්නේ.. මං ඉතිං ඒක කන්වට් කොරලා ලිව්වා... :D

      Delete
  17. "නර ජේසු කියන එකාට සුළා ඇණයක් තමා ගැහුවෙ.. ඒකනෙ ඌ ඒකටම හිරවෙලා මැරුණෙ"
    සාතන් සහෝ ඔයා ඌ කියුවේ ජෙසුටද?

    මල්ලි ඔයා කිසිම නරක හිතකින් මේක ලියුවා නොවෙන්න පුළුවන්, එත ඔයාලගේ ආගමේ බුදුහාමුදුරුවන් ගාව ගැනු ළමයි ඉදගෙන ගත්ත පින්තුරවලට ඔයාලා එක හෙලාම වගේ විරුද්ද වෙනවා වගේ තමයි මටත් මේක.. කාව ඔයාගේ ඔය දැන්වීම් වලට ගත්තත් ඇයි මගේ දෙවියන්ට ඔහොම විහිලු කරන්නේ?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. සොරි වර්ණ.. ඒත් උඩ කමෙන්ට් කරල තියෙන සාතන් මමතුමා නෙමෙයි..

      Delete
    3. හ්ම්ම්.. අක්කගෙ බුකියෙ සදාල තිබ්බ මෙව්වා එකත් දැක්ක... ඒත් එක්කෙ මං විහුලුවක් නෙවෙයි මං මේ මෙකරා තියෙන්නෙ.. මම අකමැති ආගමක් හො වෙන මොකක් හරි තියේනම් මං හින්ට් පාස් කර කර කිණ්ඩියට ගන්නෙ නෑ.. මං ඒක අකමැති වෙන හේතුව කියලා දානවා මිසක්...

      මේක ඇත්තටම ජන කතාවක්... මිනිස්සු ඒකාකාරීව හිතන එකට ගහපු මඩ පාරක් මිසක් ඒ ආගමික නායකයට ගහපු මඩ පාරක් නෙවේ. ඕන් මං ජීසස් ට අපහාස වෙලා තියෙන විදියේ ක'මෙන්ට් ටිකනම් අයින් කොරා...

      Delete
    4. me post ekama apahasayak malli. oyaata eka ehema wenne naththam mata kiyanna therenne naha. eth me hamadema e dewiyo balaagena innawaa kiyalaa amathaka karanna epaa

      Delete
  18. අනේ යකෝ තෝ තොගේ තාත්තව ගනින් .තොගේ ඇන ක්‍රියේටිව් එකට.- @ සාතන් , යෙහෝවා . අනිකා මේ බ්ලොග් එකේ මේවා ලියපු එකා තොපි ඔක්කොටම හෙනම ගහපිය. ( ක්‍රිෂාන් ප්‍රනාන්දු )

    පවු කාර හැත්ත තුහ්...................

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  19. අයිසේ තමුන් කාලෙන් කාලෙට පොඩ්ඩක් කැපී පේන්න එක එක ගොං වැඩ කරනවා කියලා අපි දන්නවා, ඒත් මෙහෙම තමුන්ගේ ක්‍රියේටිව් වැඩ පෙන්නන්න කිය කිය ආගමික නායකයෙක්ව විහිලුවට ගන්න තරම් බලු ගතියට වැටෙන්න එපා,පුලුවන් නම් පෙන්නනවකෝ තමුසෙගේ ක්‍රියේටිව් වැඩක් බුදු හාමුදුරුවන්ටත් මොකක් හරි කරලා,එතකොට අපිට බලා ගන්න පුලුවන් තමුන් එක ආගමකට මඩ ගහන්න නෙමේ මේ ක්‍රියේටිව් වැඩ කරන්නේ කියලා,,පුලුවන් නම් ඊළග ක්‍රියේටිව් වැඩේ කරනවා බුදු හාමුදුරුවන්ටත්,,මම එතකොට තමුන් ගැන පැහැදීමක් ඇති කර ගන්නම්,තමුන් නියම වැඩ කරුවෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. මුන්ගේ ආගම අපි විහිඉලුවට ගත්තනම් තමයි මුන් එන්නේ කඩු කිනිසි අරන්..

      Delete
    2. ඔව් ඇත්තටම... මිනිස්සු කියන්නෙ ප්‍රවේණිකව උසස් සතෙක් හින්දා ඔය මානසික සංකූල තාත් වැඩී.. :) සිග්මන් ප්ලොයිඩ් එයාගෙ 2 වෙනි වෙලුවෙදිද කොහෙද කියලා තියෙනවනෙ හැම මිනිහෙක්ම කැපී පෙනෙන්ට උත්සහ කොරනවය කියලා... ඒක විවිද අයගෙ විද මට්ටම් වලින් තියෙනවා... මගේ ටිකක් ඒ ගතිය වැඩි ඇති...

      අනික් එක ඉතිං මං කොරේ තියෙන ජනකතාවක් ටිකක් වෙනස් කොරලා ලියපු එක විතරයි... ඒ ජනකතාවෙන් කියවෙන්නෙත් ඒකා කාරීවෙඅ හිතන මිනිස්සුන්ට මඩක් ගහනවා මිසක් ඔය ජීසස්ට මඩ ගැහීමක් නෙවේ...

      Delete
  20. අනුමත නොකරමි.

    ReplyDelete
    Replies
    1. මේක මම වෙන කොහේ හරි කලින් අහලා තියනවා මචන්

      Delete
  21. 1. මලය ඒකාකාරීව හිතන එක නවත්තනව කියන්නෙ ආගමක් දහමක් විහිලුවට අරන් ඒකෙන් ආදර්ශ ගන්නව කියන එක නම් මම ඒ ආදර්ශයට තදින්ම විරුද්ධයි.

    2. "අපි අපේ ආගමට අපහාසා කොරනවට කැමති නෑවගේ ඒ ඈයොත් ඒ ආගමට අපහාස කරනවට අකමැතී නොවැ... " කියලා ඔය හිච්චි මොළෙන් තේරුම් ගත්ත නම්, ආයෙ ආයෙත් ඒ වරදම කරන්නෙ ඒ හිච්චි මොළේ තියෙන ස්ථානය හින්ද වෙච්ච ප්‍රශ්නයක් නිසාය කියල මම නම් හිතන්නෙ නෑ.මොකද මලය මෝඩයෙක් නෙමෙයි නෙ.

    3.මලය හිතනවද මලයො ආගමික නායකයෙක්ට අපහාස වෙන විදියෙ දෙයක් අලුත් විදියකට කලාම ඒක ක්‍රියේටිව් කියල..... අනේ නෑ මලයො... ඒම වෙන්නෙ නෑ. ඔයාගෙ ඔය ක්‍රියේටිව් මොළය මේ විදියෙ ආගමික නායකයින්ට අපහාස වෙන දේවල් මත්තෙම යොදවල ඔයාට ඕන කරන්නෙ ඔයා අර ඔයා කියන විදියෙ"ඔයා ඒකා කාරීව හිතන කෙනෙක් නෙමේ" කියල ඔප්පු කරන්න නම්, ඒකට වෙච්චර වැල් වටාරම් ආයෙ දාන්න ඕනෙ නෑ. ලොකූවට ඒක දාන්න.. අපි පිළිගන්නම්.

    සහෝදර කමට එදත් මම මලයට ඔය ටික කිවුව... කෝ මේක මේව කනකටවත් ගන්න එකක්යැ?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... අයියා සමහරක් විට මේ කතාව කලින් අහලත් ඇති.. සමහරක් විට නැතුවත් ඇති... මේ ජන කතාවෙන් කියවෙන්නෙ ඔය ඒකා කාරීව හිතන එකේ ආදීනව... ඉතින් මං කොරේ හැමෝම ඒකා කාරීව අද මං කතාවක් කියන්න යන්නේ... මෙන්න කතාව. මේකින් මෙහෙම ආදරශයක් තමයි ගන්න පුලුවන් කියලා කියනව වෙනුවට මං මගේ සාහිත්‍යයෙන් කතාව කිව්වා.. ඊට එහා මඩක් වත් අපහාසයක්වත් කිණ්ඩියයක් වත් දැම්මෙ නෑ... :)

      Delete
  22. මල්ලි මේ වැඩේනම් ගැලපෙන්නේ නැහැ.

    ReplyDelete
  23. මේක මම කලින් කියවල තියනව... මොනව වුනත් සුපිරි පොස්ට් ඒකක්....

    ReplyDelete
  24. වැඩක් නෑ මල්ලි ඔයා ඔයාට ඕනි විදියට කතාව කන්වර්ට් කරගෙන;;එච්චරයි..වෙන කිසිම දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. හේ හේ අනිවාර්‍යයෙන්ම... මට ඔනි විදියට මගේ සාහිත්‍යයට මං කතාව වෙනස් කොර ගත්තා...

      Delete
  25. මලයො... උඹ භය නැතුව මේ වගේ කතා තව ඕනෙ තරං දාපං... ක්‍රිස්තියානි කාරයන්ට බුදු දහමට අපහාස කරන්ට ඇහැකි නං අපි කලහම මොකෝ වෙන්නෙ.. නේද බං...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ........ බුදු පින්තූර දාගන ජංගි මහන මුන්, බුදු හිමිගෙ හැඩේට ඉටිපන්දන් හදලා පුච්චන මුං, බුදු පිළිම ඉස්සරහ හෙළුවැල්ලෙන් ෆොටෝ ගහන මුං එනව අපිට බණ කියන්ට... තුක් නොදකින්
      ඇණ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා....

      Delete
  26. අපි ඕනෙ තරම් හරයක් නැති දේ ලියනවා වෙන්න පුළුවන්.මම වගේම මේ ඉහත කමෙන්ට් දැමූ බොහෝ අයත් එය පිළිගනීවි.ඒ වගේම අපි ලියන කොට එයින් තව කෙනෙක් හෝ දෙන්නෙක් අපහසුතාවයට පත් වීමක් වුණත්,එය නොසලකා හැරෙන්නත් පුළුවනී.මල්ලි කරපු වැඩෙන් සමස්ත ලෝක ජන ප්‍රජාවෙන් සියයට 60% කට අධික පිරිසක් නියෝජනය කරන කතෝලික ආගමේ සිංහල කියවිය හැකි (මෙය කියවන අය) අය අපහසුතාවයට පත් වෙලා...
    ඒ නිසා මෙය නොගැළපෙන හා සදාචාරයට විරුද්ධ දෙයක් ලෙස මම බුදු දහම අදහන්නෙකු ලෙස ඔබට පවසනවා....

    ටිකක් හිතන්න....(ඔබ කතෝලිකයෙක් නොවේ නම් )බුදු හාමුදුරුවො කියා තියෙනවා..
    තමා උපමාවේ පිහිටන්න කියලා...
    ස්තූතියි...

    ReplyDelete
  27. නිරංජි අක්කා සහ පවනි සමඟ එකගහ්යි!!! මමත් විසිතුරු වගේම.. මෙයනම් අනුමත නොකරමි!!!!!

    ReplyDelete
  28. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  29. මම මේ කසුන් මලය එවල තිබුන එෆ් බී මැසේජ් එක බලල ආවෙ.. උඩ සාතන් කියල කමෙන්ට් කරල තියෙන එක දාල තියෙන්නෙ සාතන්ගෙ අඩවිය ලියන මමතුමා නම් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒ වෙන කෙනෙක් වෙනැහි. ඒකින් ඔයාට හානියක් වෙන නිසා ඒ නමින් දාපු විකාර කමෙන්ට් අහක් කොරා... :)

      Delete
  30. @All

    නිරංජි අක්ක ඇතුලු ඔක්කොන්ටම
    අයෙත් කියනනම් අපහාසයක් කොරන්ට නෙවෙයි පොසුව දැම්මෙ.. මොකද මට එහෙම අපහාසයක් කොරන්න ඔනි නම් මං ඒකට හේතුවත් එක්ක තර්කෙකු එක්කලා පොස්ටුවක් දානව මිසක් මෙහෙම මොන්ටි සෝරී කතා කිය කිය ඉන්නේ නෑ... කොහොම වෙතත් මේකින් ඇත්තටම අපහාසයක් වෙලා තියෙනවා.. මොකද නැතන්ම් මේ තර්ම්ම විවේචන එන්නෙ නෑ නොවැ.. ඒත් ඉතින් පොස්ටුවට පක්ෂපාතී අයත් ඉන්න හින්දා මට මේක අහක් කොරන්ට බෑ.
    අර ඔර්නය දාල තියෙන ලිංකුවෙ තියෙන්නෙ මේ මං ලියපු පොස්ටුවෙ නිදාන කතාව. ඒකට මේකට වැටිලා වගේ කිසිම නරක ප්‍රතිජාරයක් නෑ.. ඒකට හේතුව විදියට මං දැක්කේ ඒ පෝටුව පටන් ගනිද්දි ආගමකට අපහාසයක් කොරන්ට නෙවේ..ය කියල ලියලා තිබුනු නිසා වෙන්ටෑ.. ඉතින් මං එහෙම අවසරයක් අරං නෑනේ.. ඒක හින්ද ඕන් මං කියන්නම් මේ කතාවෙන් ක්‍රිතියානි ආගමට කිසිම අපහාසයක් කොරනට බලා පොරොත්තුවෙන් නෙවෙයි ලිව්වෙ කියලා... :)

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. සුලා ඇගිල්ලක් ගැහුවොත් ගැහුවාමයි

    ReplyDelete
    Replies
    1. ගුඩ් කිව්වට ඈක්කා කතා කියනවා මෙයා...

      Delete
  33. අහුවෙන අහුවෙන එකාට බේගල් ඇදබාපු ජේසුට අපහාස කලාට පව් නැත....

    ReplyDelete
  34. ගාමිණි ඇණ කතාව කොපි කරලනේ දාලා තියෙන්නේ .. ඊයා පොඩි එකා

    ගාමිණි .....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... අනුකරනය නෙවේ... කරේ නව්‍යකරනයක්.. :)

      Delete
    2. රී මික්ස් කරත් කොපිය කොපියමයි මල්ලි.. :P

      ගාමිණි ..

      Delete
  35. මේ කතාවේ කිසි අවුලක් මෙතන නැහැ.වෙන ආගමික නායකයෙක් මේකට ආදේශ කලත් කමක් නැහැ.අන්තර්ජාලය කියන්නේ මේක තමයි.හැබැයි සාමාන්‍ය සමාජයේ මේක කීම ශරීරයට අගුනයි.එත් ඉතින් අන්තර්ජාලය යථාර්තයක් කරගෙන ඉන්න අයටනම් මේක හිතට අවුල් අවුල් වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ සමාන්‍ය සමාජෙදි කිව්වත් අවුලක් නෑ.. සාමාන්‍ය මිනිස්සු ඉන්නවනම්.. මේ කතාව ලියන මුල් උනු නිදාන කතාව මට කිව්වෙත් සර් කෙනෙක්.. ඒ සාර් ක්‍රිස්තියානි... ඒ සර් මේ කතාව කිව්වෙ අපි හැමොම ගනන් හද්දි එක රාමුවකට කොටුවෙලා වෙනස් විදියකට හිතන්නෙ නෑ කියලා...

      කොව්ව උනත් කලු කන්නාඩි දාගෙන ලොකෙ දිහා බලද්දි ලොකෙම පේන්නෙ කලුවරට ලුනේ...

      Delete
  36. උණ පුරුකේ දැම්මත් බලු වලිගේ දිග හරින්න බැහැ නොවැ.

    ReplyDelete
  37. බෞද්ධයෝ බුදු දහමමින්ම හදපු ඔයිට හපන් කුණුහරපතියෙනව...ආගම් භේදයක් නැතුව හැම ආගමකම ඒවගේ ඒව තියෙනව.

    මේක එක්තරා ආගමක කෙරෙන අපහාසයක් විදියට නොව,මේ කතාවෙන් දෙන ආදර්ශය පමණක් ගන්න....

    “හංසයෙක්“ වෙන්න
    (දේශපාලන නෙමෙයි හොඳේ....:)...)

    මරු පොස්ට් එක.....බඩ පැලෙන්න හිනා ගියා....

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිතන අය මේ ලොකේ ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි.. :)

      Delete
  38. කිසිසේත්ම අනුමත කල නොහැකියි.. ආගමක්‌ දහමක්‌ නැති කෙනෙක්‌ වගේ post දාන්න එපා

    ReplyDelete
    Replies
    1. පම්පොරි එපා

      Delete
  39. මේක ලියපු එකා එක තාත්තෙක්ගේ පුතෙක් වෙන්න බැහැ.ඒක පට්ට ෂුවර්

    ReplyDelete
    Replies
    1. ජේසුටත් තාත්තෙක් නෑ..

      Delete
  40. අනේ යකෝ.. මේකේ ඇත්ත කතාව ගාමිණි ඇණ සිද්දිය.. ඕකට උඹේ නම දාගෙන ප්‍රසිද්දිය දාගන්නද හදන්නේ...??? උඹේ ඔය කියන මහා ලොකු ක්‍රියේටිව් එකක් තියෙනවනං තමන්ගේම විහිළුවක් හදපන්.. වෙන උන් හදපු විහිළු වලට තමන්ගෙ නම දාගෙන ප්‍රසිද්ද වෙන්න හදන්නෙ නැතුව.....

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...