Tuesday, January 3, 2012

මොක බොරු කිව්වත් මීටරේට බොරු කියන්න බෑ...

ඕන් දැන් හැම තුමෙකෙම තුමියක්ම කියන්වා ඇති අපොයි ඇඟිල්ලා අලුත් අවුරුද්දෙත් ඈක්කා පොස්ට් එකක් වත් ගෙන්නලාද මංද කියලා.. හැබටම ඈක්ක කතාවක් නම් තමා ඒත් මං මේක ඉගන ගත්තේ අවුරුදු පාලොහේදි හින්දා මට 18+ කියල නම් දනට බෑ හරිය.. අනික් එක එක පැත්තකින් පිරිමින්ට අතිශයින් පෞද්ගලිකයි ජාතියේ එකක් උනාට එහෙම වාරනය කොරන්ටත් බෑනේ.. මොකො මං මේක ඉගන ගත්තේදෙනොදාහක් කෙල්ලොත් උන්නු පංතියකනෙහ්.. හැක් හැක්.. ඇහැ.. අලුත් අවුරුද්ද කිවාම මතක් උනේ.. ඕන් සුබ අලුත් අවුරුද්දකුත් කිව්වා එහෙනම්.. :D අපි වැඩේ පටාන් ගමු...

අර අපි කවුරුත් දන්න ඇම්ඩා.. අන්න මිනිහට උනු කතාවක්.. ඉතින් ඇම්ඩා ගැන ලිය උනු ගොඩාරියක් ඈක්ක කතා අස්සෙ මේ තියෙන්නෙ තනුක විච්චි හිච්චි කතාවක්... 



ඕන් මිනිහට හිතුනලු දවසක්දා එයැයිගේ අම්මිය ඩූ ටයි තාත්තියා ඩූ ටයි කිණ්ඩියක් දන්ට.. ඉතින් ඇම්ඩා මොකො කරේ කියලා දන්නවද.. එයා බොරුවට ඇස් දෙක පේන්නෙ නෑ කියල අම්මිය ඩූ ටයි තාත්තියා ඩූ ටයි කිවාලු... ඉතින් දැන් එයැයිලාගෙ ගෙදර ගිනි විජ්ජුම්බරයයි ලු.. ඇම්ඩා ගිහින් බිත්ති වලයි පුටු වලයි මේස වලයි හැප්පෙනවාලු.. තුවාලත් වෙනවලු.. ඉතින් කිණ්ඩිය නැගලා යද්දි කිණ්ඩි දැමීමේ රහ දන්ට ඇම්ඩා දිගටම කිණ්ඩිය දාගෙන ගියාලු.. ඔහොම ගිය හින්දා ඕන් අම්මිය ඩූ යි තාත්තියා ඩූ යි එක්කාසු වෙලා අස්ති රෝග ඩොට්ටර් අන්කල් කෙනෙක් ගාවට ඇම්ඩව කුදලගෙන ගියාලු... දැන් ඇම්ඩා ඩොට්ටර් අන්කල්ටත් කින්ඩිය දානවා හොදේ...  ඉතිං ඩොට්ටර් අන්කලුත් දන්න කියන හැම අස්ති පරික්ශාවම කොරලා අහක්කලත් වැඩේ හරියන්නෙ නැතිලු.. කොම හරි ඩොට්ටර් අන්කල්ට මේක කිණ්ඩියක් කියලා හිතිලා පොඩි උප්පර වැට්ටියක් දැම්මලු...
මොකද්ද.. අන්කල් ගාව තිබ්බ අර 18+ මැගසින් කෑල්ලක් අරන් ඇම්ඩට බලන්ට දුන්නාලු.. ඉතින් මු ඒක දිහා බලාගෙන අනේ පේන්නෙ නෑ කියලා කියනවලු... ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට ඇම්ඩා කිණ්ඩිය මාට්ටු වෙන්නෙ මල්ලියටත් එක විදියකට ඉන්ට බැරි හින්දා වෙන්ටෑ.. හැක් හැක්.. කොක බොරු කිව්වත් මීටරේ බොරු කියන්නෙ නෑ කියලා කිව්වට මොකො මල්ලියා තොටිල්ලෙ දාන උපක්‍රමත් ඇඟිල්ලා නම් දන්නවා...

ඉතින් කතාව නම් ඉවරයි.. එහෙමෙයි කියලා අලුත් අවුරුද්දෙ ලියන පොස්ටුව මෙහෙම අහක් කර හැකියෑ... දැන් වල් කතාවෙන් අහක් වෙලා බර කතාව්ටා බහිමු.. අපේ ප්‍රසිද්ද  ප්‍රස්තුතයනෙ ඉතින් පී ඇම් සී එක... හැක් හැක්.. කිණ්ඩියට වගේ ගූගලේ ඇවිද්දි එළැ කිරි එකේ තිබ්බ පොස්ටුවක්.. පොස්ටුව නම් පට්ටා... අර සමහරක් කියනවා වගේ කැහිල්ල තියෙන මනුස්සෙක් ලියලා තියෙන්නෙ.. කොව්වා උනත් ඒකට වැටිලා තියෙබුනු කොමෙන්ටුවක් මට මේ කතාව අහවර වෙන්ද්දි මතක් වෙනවා...

"ඈ ? එතකොට පුද්ගලික වෛද්‍ය විද්යාල විතරයි නරක? ඇයි වෛද්‍ය වරු සාමන්‍ය මිනිස්සු නෙවෙයිද? නිකන් පලයන් බන්. මුන් හිතන් ඉන්නෙ වෛද්‍ය වෘත්තිය මහ අලි බක්කක් කියලා. දියුනු රටකට ගිහින් බලපන්, ඒක තවත් එක වෘතිතියක් විතරයි."

ඔන්න ඔහොමයි වැටිලනම් තිබුනේ.. ඇත්තටම මම නම් හිතාගෙන ඉන්න වෙද කම අලිබක්කක් නම් තමයි... :) ඒක අලි බක්කක් වෙන්ට ප්‍රදානම හේතුව ඩොකෙක් උනාම තමන්ගේ මල්ලිව පාලනය කොරගන්ට දැන ගන්ටෝනේ... :D හොදයි නැද්ද මං අහන්නේ...

ප. ව.
 මේක වලන්ගුවෙන්නෙ ඩොට්ටර් අන්කල්ලට විතරයි. ඩොට්ටර් ඇන්ටිලාටත් වලන්ගු වෙන එව්වා තියේ.. පොස්ටුවට ගැලපෙන්නෙ මේක නොවැ...

16 comments:

  1. ඇස් පේන්නේ නැති එකට මොකෑ ඇම්ඩාගේ දෙමව්පියෝ ඇම්ඩාව අස්ති ඩොට්ටරෙක් ගාවට එක්කන් ගියේ?.:D

    ReplyDelete
  2. යකෝ මේ පෑත්තේ ආවේ කාලෙකින් බන්,ටික කාලයක්ල් ජන් ජාලෙන් කෑපිලා ඉන්න වුනා,ඒ ටික දොහට උඹ වල් වෙලා තියන තරමක්.

    තව කාරනාවක් උඹ අර පස්සේ ඩොක්ටර් අන්කලා ගෑන කියපු කතාවට මම නම් සම්පුර්න එකගයි,යකෝ A/L පේල් එකෙක් ප්‍රයිවට් කෑම්පස් එකකට ගොහින් ඩොක්ටර් අන්කල් වෙලා ඇවිත් අපි බෙයියන් දුන්න්නොත් නම් දෙයියන්ගෙම පිහිටයි..!!!

    ReplyDelete
  3. @නිකමා - යකෝ මුට සිංහල බෑ.... අස්ති නෙමේ අක්ෂි...
    @සුලා - සිංහල පංතියකට පලයං...

    මචං මේකයි දියුනු රටවලට ලෙඩ හැදෙන්නෙ නැද්ද බං.ලංකාවෙත් ලෙ හැදෙනව එහෙත් ලෙඩ හැදෙනව.. එහෙයි මෙහෙයි දෙකේම ඩොකා කියන්නෙ සාමාන්‍ය වෘතියක් තමයි... ඔය මොකෙද්ද දාපු කමෙන්ට් එක වැරදියි...

    ReplyDelete
  4. කිවුවත් වගේ මොකටද ඇම්ඩව අස්ති රෝග ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිච්චේ?

    ReplyDelete
  5. ෂිහ් විතරක් මේ පින්තූරෙ...

    ReplyDelete
  6. මේ පින්තූරෙටනම් චුට්ටක් විරෝධය පාන්න වෙනවා...(අපි පෑවට උඹ අහන එකක්යැ)...ප්‍රයිවට් කැම්පස් කේස් එකට මෙච්චර විරුද්ධ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නේ මේ විරුද්ධත්වය ඉංජිනේරු උපාධියට එන්නෙත් නෑනේ ඒ ඇයි...???

    සුභම සුභ නව වසරකට ආසිරි පැතුවා ඕං ජය වේවා මේ අවුරුද්දේ ඈක්කා පෝස්ට් අඩුවෙන් ලියන්න හිතේවා.....

    ReplyDelete
  7. හැක් හැක්.. රූපේ හැදුවෙ මං.. හැබෑට එක ඈක්කාද?
    අනනික් එක අස්ති මොකො අක්ෂි මොකො... සිංහල බැරිකම නෙවෙ උබලට රසවිදින මෙව්වා එකක් නැති කම.. :P

    හැක් හැක්.. ඉන්දිනේරු මෙව්ව එකට එන්නෙ නැත්තෙනම් ඉන්ජිනේරුවෙක්ගෙ අත වැරදුනොත් වෙන්නෙ එක්කො එයාගෙ රස්සව ගහල යයි නැත්න්නම් එයාගෙ අම්ම තාත්තලට කිබුහුන් යයි.. ඔච්චරයිනෙහ්.. එත් ඩොකෙක්ට අත වැරදුනොත් ඊට වඩා දෙයක් වෙන්ට ඉඩ තියෙනවා.. අන්න එකයි.. :)

    ReplyDelete
  8. කතාව කොහොම වෙතත් ..
    බොට සුබ නව වසරක් ම වේවා කියල පතනව ඕං.

    ReplyDelete
  9. කතාව කොහොම වෙතත් ..
    බොට සුබ නව වසරක් ම වේවා කියල පතනව ඕං.

    ReplyDelete
  10. කථාවටම ගැලපෙන පිංතූරේ....

    ReplyDelete
  11. ඇස් පේන්නෙ නැති එවුන්ව එක්ක යන්නෙ අස්ථි ඩොට්ටර් ගාවටද බූරුවො ?
    එහෙව් අයව එක්ක යන්නෙ ස්නායු රෝග විසේසඥ්ඥයො ගාවට.. මූ මහ ලොකුවට බ්ලොග් ලිව්වට ඒකවත් දන්නෙ නෑ...

    මොක උනත් පෝස්ට් එක නං මට තේරුනේ නෑ.. :(

    ReplyDelete
  12. //ඉන්ජිනේරුවෙක්ගෙ අත වැරදුනොත් වෙන්නෙ එක්කො එයාගෙ රස්සව ගහල යයි නැත්න්නම් එයාගෙ අම්ම තාත්තලට කිබුහුන් යයි.. //

    මෙන්න වරද්දලා... ඉන්ජිනේරුවෙක්ට වැරදුනොත් දාස් ගානක් මැරෙන්නත් ඉඩ තියෙනවා.හැබැයි එක පාර ගේම වැටෙන්නෙ නැති නිසා වැඩිය ගනන් ගන්නෙ නෑ.

    ReplyDelete
  13. එවෙලාවල් වලාට එහෙම හිතෙන්නේ නෑ බොල

    ReplyDelete
  14. 4to ekanam eeeeeek

    ReplyDelete
  15. දොස්තරකම අලිබක්කක් තමයි නැත්තං වෙන මොකාටද පුලුවං ගෑනියෙක්ගෙ ජංගිය ගලෝල අහවල් එකට ඇඟිල්ල ගහල ඒ කරපුවාට ඒ ගෑනිගෙ මිනිහගෙං සල්ලිත් ගන්න

    ප.ලි.
    දොස්තර කෙනෙක්ට අත වැරදුනොත් මල්ලියෙ . . . එකයි දෙන්නයි . . . . කෝමද උඹ උදේ හවා දකින සහස්පුරේ හදපු ඉංජිනේරුවට අත වැරදුනානං ??????

    ප.ප.ලි.
    කක්කුස්සි සුද්දකරන සක්කිලි රස්සාවෙ ඉඳල උඹ ඔය අලි බක්කක් කියන දොස්තර රස්සාව වෙනකං තියන හැම රස්සාවක්ම එකසේ වැදගත් මල්ලි . . . . ඒ හැම රස්සාවක්ම කොතනකිං හරි ගැස්සුනොත් ඒ ඒ රස්සාවට ආවේනික නරක ප්‍රතිඵල තියනව . . . .

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...