Thursday, December 29, 2011

මේ වෑයම රජවෙන්න නෙවේ, ජීවත් වෙන්ට..

වල් කතා කැත කතා අස්සෙ බර කතාවකුත් ලිව්වා එහෙනම්.. ;) දැන් ඔය කෝකටවත් අදාල නැති මෙව්ව කතාවක් කියන්ටෝනේ කියලා හිතුවා. බස් එකේ ඊලඟ හෝල්ට් එකට යනකොට කොන්ද සල්ලි ඉල්ලන් ලඟට ආවෙ නැත්නම් රුපියල් 7 ඩ්‍රයිවර් ට දීල යනව සහපත් සමාජෙක මං මේ වගේ පෝස්ට් කෑල්ලක් ලියන එකනම් අබ්ලික් වැඩක්... ඔන්න ඔහේ අලුත් අවුරුද්ද ලබන්ට කලින් ලියලා දානවා..

ඒත් ඉතින් අපි තුමන්ලා තාම ගෙවල් වල හැදෙන උදවිය. මොකො රස්සාවක් කරන එකක්ය. අම්මලා තාත්තලා ඉතින් ඉස්සරනම් අතපුරෝලා පොකැට් මනී දුන්නට ඔය මොකක් හරි කරපු කඩුප්පුලි වැඩක් දෙකක් ගෙදරට මාට්ටු වෙනකොට ඒ දෙන පොකැට් මනී බලන් ඉදිද්දි කප්පාදු වෙන විදිය ගොඩ දෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති.. හැක් හැක්.. මං තුමංටත් ඒම තමා ඕන්.. දැන් රුපියල් 20ක් වැඩියෙන් දෙන්නෙ නෑ තව රුපියල් 2ක් ඒකට දාල  ඈක්ක වැඩක් කොරාවිය කියලා.. :D ඒමෙයි කියලා ඈක්ක වැඩ නොකර ඉදිය හැකියෑ.. අපිත් ජීවත් වෙන්ටෝනිනෙහ්.. නැද්ද මං අහන්නේ..

ඒකට විකල්ප රස්සාවක් විදියට තමයි මං මේ සුළු පරිමානයෙන් ස්වයං රැකියාවක් විදියට තමා මේ ව්‍යාපාරය පටාන් ගත්තෙ.. :D  මොකද්ද ඉතින් සල්ලි නොදි හොරෙන් යෑම.. හොරකමනම් ඇත්තටම පිළිකුල් සහගත වැඩක් තමා.. ඒත් ඉතින් සතෙන් සතේ එක්හවු කොරලා තමා මාත් ඉතින් ජීවත් වෙන්නේ.. මොකො රුපියල් කීපයක් මිස් උනා කියලා ඒ බස් මාමට ජීවත් වෙන්ට බැරි වෙන්න බැරි වෙන එකක් යෑ.. :D අනික එකම බං එකෙන් නෙවෙයිනෙ කරන්නේ.. එතකොට මගේ ජීවන වියදම ඔක්කොම බස් මාමලා අතරේ බෙදිලා යනවා...

මේ විදියට මං මගේ ස්වයං රැකියාව හිච්චියට කොරන් යද්දි එකකාඑත්තකින් රසවත් අනික් පැත්තෙන් දුක් මුසු සිද්දි ගනනාවක් තියේ... එව්වායෙන් කීපයක් කියන්ට තමා දැන් මේ හදන්නේ... රසවත් උනත් දුක් මුසු උනත් එව්වා මයේ ස්වීට් මේමරීස් නොවැ.. ;)

කොයින් පටාන් ගන්නද කියලා හිතා ගන්ට බෑ... අහ් මේ මුල්ම දවස් වල.. මං ද්විතීක අද්‍යාපනය හදාරන කාලේ.. ඒ දවස් වල 154ට බොරැල්ලෙන් නැගාම උක්කුන්බයිගොඩ තමා අපේ ගමනාන්තය වෙන්නේ.. ඒහෙම් බැස්සාම කිරිබත්ගොඩ ඉස්කීම් එකේ දුම් අල්ලන්න සාම්බ්‍රානි එහෙම ගන්නෙ ඔය 154දි ඉතුරු කර ගත්තු සල්ලි.   එක එක දවස් වලට එක ප්‍රයෝග දානවා. අපි කොමත් 1.25ට ඉස්කොලෙ ඇරියට 2ට විත්‍ර තමයි බස් එකට නගින්නේ.. කෝමත් අර මහ පත නිල්පාට බැඩ්ජ් එකක් තියෙන ඉස්කොලෙ 1.30ට ඇරලා බොරැල්ල පහුකරනකොට 2ට විතර අති. ඉතින් අපි නගින්නෙ නිල්පාට බැඩ්වලින් සමන්විත බස් එකට. කෝමත් අපිට කලින් ඒ උන්දල ටිකට් අරන් ඉන්න හින්ද කොන්දටත් එච්චරම නෝට් නෑ  අපි බොරැල්ලෙන් නැග්ගය කියලා.. ඒක හින්දා ඉතින් අපේ ඉස්කොලෙන් නගින ඈයොන්ටත් ෆ්‍රී ටිකට් ඔනි තැනකට යත හැකි.
ඒත් ඉතින් අවාසනාවක මහත සමහරක් වෙලාවට කොන්දා මාමට නිල් පාට බැඩ්ජ් එකෙයි මෙරූන් පාට බැඩ්ජ් එකෙයි පාට නෝට් උනාම අපේ ෆ්‍රී  ටිකට් කැන්සල් වෙන ගැටළුව මං අවබෝද කරගත්තා.. ඉතින් ඔය ඔස්සෙ ඔය ගැටලුව නැති කොරන්ට විසදුමක් කම්පනා කරද්දි තමයි අපූරු දසුනක් මගේ ඇහැ ගැටුනේ.. ආන් අර නිල්පාට බැඩ්ජ් එක ගහගත්තු ළමයෙක් මහ පත පොතක් කියවනවා දිග ඇරගෙන.. :D ඇත්තටම උන්දැලාගෙ ඉස්කොල කෑල්ල ඉන්ගිරිසි ආරෙට හැදුන එකක් හින්දා ඒබව පෙන්නටද දන්නෙ නෑ ඒ වගේ පොතක් කියවන්නේ... කොව්වා කොහොම වෙතත් ඌ බැඩ්ජ් එක පෙන්නනෙ නැතිව ඉස්කොලෙ මොකද්ද කියලා පොතෙන් පෙන්නුවා.. ඉතින් මටත් දීප්තිමත් අදහසක් පිබුදුනා...
පහුව දා.... ඕන් මාත් බස් එකට නැගලා අහක්කල ඉඩතියෙන තැනක් බලල පටස්ගාල ඉදගත්තා.. ඉදගෙන නිකා හිටියෙ නෑ.. බෑග් එකට අතදාලා පට්ටා විසාල කඩ්ඩෙන් ලියපු පොතක් අතට ගත්තා. කවුරු හරි තට්ටු කරල පොතෙ නම මොකද්ද කියලා ඇහුවනම් තමා මට කෙළ වෙන්නේ. ඒක වෙනම කතාවක්... කොහොමින් හරි පොතේ එක පිටුවක තියෙන අකුරු ගාන නම් මං ගැන්නා... ඔන ඔහොම පොත පෙන්නලා මං බැඩ්ජ් එකේ පාට මාරු කරලා මයෙ බඩවියත රැකගත්තේ.. :D

කොහොමින් හරි 154 යද්දි මාටුවෙලානම් නෑ එකම සැරයක්වත් ටිකට් නැතිව. :D අහ් එකම සැරයක් සී ටී බී එකක මාට්ටු වෙන්ට ගිහින් බේරුනා... මං සූටිම කාලෙ ඉදන් බස් ටිකට් එක්හවු කරන පුරුද්දක් තිබ්බා.. අම්මල තාත්තලා එක්ක යනකොට ඒ අය ගන්න ටිකට් එක ටග්ගාල ඉල්ලගෙන මං මයෙ පර්ස් එකේ ඔබා ගන්නවා.. දැනටත් යාලුවෙක් මට ටිකට් එකක් ගත්තොත් ඒක ඉල්ල ගන්න සිරිතක් මං ලග තාම තියේ
එදා ටික්කංගෙන් දඩ නොකා බේරුනේ අන්න ඒ ටිකට් කලෙක්සන් එක පිහිටෙන්...  එදා කෝම හරි ඕලවලට දව්ස් 30ක්වත් නැද්ද කොහෙද.. කොළඹ යට වෙලා කියලා ටර්ම් ටැස්ට් කැන්සල් කරලා.. අපියි අපේ සහෝදර පාසලේ සැට් එකකුයි එක්හවු වෙලා දැන් නැවත් ගෙවල් බලා එනවා... ගෑණු ළමයි පිරිමි ළමයි ගොඩාරියයි... අපි කස්ටියක් පාපුවරුවේ එල්ලිලා යද්දි කස්ටියක් මාලු බානව බස් එක ඇතුලේ.. කෝම හරි උන්ගෙන් සමහරක් ඒ මාළුන්ටත් එක්කලා ටිකට් අරන් තවත් සමහරකට ඒ මාළු ටිකට් අරන්.. ;) අපිනම් ඉතින් අහින්සක ඈයො විච්චි පුඩ්බෝඩ් වාහන නොදැකපු ගොඩයෝ රැල වගේ වාහන බල බලා ආවා.. කොන්දා කෑ ගහනවා ඇතුලට එන්ට ඇතුලට එන්න කියලා... අපි ඌවත් බයිට් කොර කොර ආවට මොකො වැඩි දුරක් යන්ට කලින් ටික්කො මාමිලා බස් එක නැවැත්තුවා අපි පුඩ් බෝර්ඩ් එකේ 4ක් විතර. එකෙක්ගේ සාකුවෙ පරන ටිකට් එකක් තිබිලා එක හොදටම තෙමිලා.. එදා ගංවතුර නොවැ.. ඔන්න ඔහේ ඌ එක පෙන්නලා මාරු උනා.. කොන්දටත් හිනා... අපි අනික් තුන්දෙනත් හොදටම තෙමිලා හිටියේ.. ප'ස් එකත් හොදටම තෙමිල මායේ... මම ඉතින් දාගෙන අර ටිකට් කලෙක්ශන් එක ඇතුලෙ ටිකට් එක හොයනවා.. ;) ඒ ටික්කා මාමටත් එපා වෙලා යන්න යන්න කිව්වා.. :D ඉතිරි දෙන්නත් මාව පෙන්නලා මාරු උනා.. :D එදත් එහෙම දඩ නොකා බේරුනා...



හැමදාම ඉතින් බොරුවෙන් රජ කරන්න බෑකිව්වට මොකො මගේ මේ වෑයම රජ කොරන්ට නෙවේනෙහ්.. ඒත් ඕන් දවසක් අතේම මාට්ටු. නුගේගොඩ ඉදන් 138 කොටුවට නිකා ආවට එතන ඉදන් 138 කඩවත එන එක ලේසි වැඩක් නෙවේනෙහ්... මොකද බස් එක පටන් ගන්නෙ එතනින්නෙහ්.. ඒක නිසා අපි මගකට ටිකට් ගැනීමේ ප්‍රයෝගයක් අනුගමනය කරනවා.. මේ මතක ඕන් මමත් කඩවත කොටුව බස් එකේ අසුන් අරන් හිටියේ.. කඩෝතට යන්ට. එදානම් අතේ යහමින් සල්ලි ගැවසුනු දවසක්...  ඒක නිසා හොරෙන් යන්ටත් හිත දෙන්නෙ නෑ.. ඒත් විනෝදාන්ශයක් විදියට කරන් ආපු ක්‍රියාපටිපාටය අසන්තතික වෙනව නොවැ. ඔන්න ඔහේ කිරිබත්ගොඩට ටිකට් ගත්ත. කිරිබත්ගොඩට 22යි(ටිකට් එක හොදේ) කඩෝතට 27යි. අනේ රුපියල් 5ක වෙනස.. අර කරන් ආපු වැඩේ අත අරින්න බැරි කමට කරා මිසක් රු5ට ලොබ කමට නෙවේ කොරේ.. වෙන දවසකනම් අතේ සල්ලි නැති කමට කියලා කියත හැකි. කොව්ව කොහොම උනත් ඕන් කිරිබත්ගොඩ පාස් උනා. මෙන්න හෝල්ට් එකක් යන්න උනේ නෑ කොන්ද මං ලඟට ඇවිත් බෙරිහන් දුන්නා.. මල්ලි මොනාද මල්ලි කිරිබත්ගොඩට නේද ටිකට් ගත්තේ.. කොහෙන්ද බහින්නෙ..? අරකද මේකද කියලා.. විලිලැජ්ජාවෙ සංතොසෙ බෑ... අඩුගානෙ රු20කටවත් කෑගැහුවනම් හිතට දුකක් නෑ. රුපියල් 5ක් හොරෙන් ගියා කිව්වාම ඉතින් බල්ලො බත්කන්නෙත් නෑනේ.. දැන් මටත් කරකියා ගන්න දෙයක් නෑ.. රුපියල් 5ක් දෙන එක අවුලක් නෑ.. ඒත් නෝන්ඩිය. අනික බස් එක මැද්දෙ මං ඉදන් උන්නේ.. ඉස්සරහ දොරෙන් බැස්සත් පිටිපස්සෙ එකෙන් බැස්සත් ඔකොම බලාගෙන... දැන් මොනව කරන්නද.. උට කොන්දොස්තර කටක් තිබ්බත් ම්අයෙ කටත් එක්ක හැපෙත හැකියෑ... මමත් අනික් පැත්තට කිව්වා...
"අයියෙ බොරුවට කෑගහන්න එපා අයියේ.. රුපියල් 5ට නිකන් යන්නෙ නෑ... ඔයාට තවත් රුපියල් 5ක් ඔනිනම් ලඟට ඇවිත් හෙමින් ඉල්ලන්න තිබ්බා.. එහෙම උනානම් මං හිගන්නෙක්ට දුන්න කියලා හිතාගෙන දෙනවනෙහ්... ඔය වගේ කැතවැඩ කරන්න එපා.. ආමෙන්න ගන්නකො මේකින්..." ආදි වශයෙන් කෑ ගහල සාක්කුවට අත දාල සල්ලි කොල මිටිය ඇදලා අරන් ඒක ආසෙන් රු 10 කොලයක් අරන් දුන්නා... ඌට කට උත්තරත් නෑ.. ඌ හෙමින් සීරුවේ ඉස්සරහට ඇදුනෙ මට ලැජ්ජ නැති උනාට උට ලැජ්ජ තියෙන බව පසක් කරමින්.. ඒ අස්සෙ මයෙ එහාපැත්තෙ හිටපු ඇන්ටි මේ සිද්දිය දිහා ඇහැ ගහන් ඉදලා තියෙන්නෙ.. හොද වෙලාවට ඒ ඇන්ටි මං ටිකට් ගත්තායින් පස්සෙ මං ලඟින් ඉදගෙන තියෙන්නේ.. :D කොම හරි ඒ ඇන්ටි මට කියනවා.. "බලන්න පුතා ඕකුන්ගේ හැටි ඔහොම්මම තමා.. ඕකුන්ට ලබන ආත්මෙදිත් මේ වගේ බස් වල දුක් විදින්නම තමා වෙන්නෙ මේ කරන වැඩවලට.. හොදයි ඔහොම කතා කරපු එක. නැත්නම් වෙන ළෑමයි ලැජ්ජාවට සල්ලි දෙනවනෙ කීය ඉල්ලුවත්..." අරකද මේකද කියලා මා එක්ක බනින්නවා.. මට එතකොටනම් ටිකක් දුකත් හිතුනා මොකො ඇත්තටම වරද මගේ නොවැ.. ඒත් ඉතින් ඌ ටිකට් දුන්නෙත් නෑ.. අනික රු5 ඉල්ලන එක මං ලගට හෙමින් ඇවිත් ඉල්ලුවනම් දෙනවනෙහ්.. බස් එක මැද්දෙ කෑගහන්න වටිනවයෑ...

ප.ව.. මෙව්ව ඉතින් වීර ක්‍රියා නොවෙන විත්තිය මම දන්නවා.. ඒත් ඉතින් මයෙ ස්වීට් මෙමරීස් නොවැ මෙව්වා.. ඒකයි දැම්මේ.. ඒත් මං අර මුලින්ම කිව්වා වගේ කොන්දලාගට ආවෙ නැත්නම් ඩ්‍රයිවර්ට සල්ලි දීලා යන මිනිස්සුන්ට ගරුකරනවා ඉතින්.. :) මේ වගේ බස් එක ඇතුලෙ උනු තවත් පට්ටා සිද්දි ගොඩාරියක් තියේ... දැන් තියෙන තත්වෙ අනුව පාටකයන් අතරෙ එව්ව බෙදා ගන්න සුදුසු නෑ.. පස්සෙ වෙලාවක  දාමුකෝ... :D
අහ්.. පළපුරුද්ද නැති අය මේවා අත්හදා බැලීමෙන් වලකින්න.. මොකද මේ වගේ වැඩ කරන්නත් හොද පුහුනු වීමක් අත්‍යාවශ්‍යයි...

ප. ප. ව.
මට ලැජ්ජ නැති උනාට කොන්දොස්තර මහත්වරුන්ට ලැජ්ජා ඇති බව අවසාන වසයෙන් දැනුම් දෙමි... :D

18 comments:

  1. මේක ටිකක් පරණ කථාවක් , නගරේ ඉඳන් අපේ ගෙවල් ගාවට ගාස්තුව රු 6යි , ඊට කලින් බස් හෝල්ට් එක රු 5 , ගාස්තුව වෙනස් වගේම ඔය 5 හෝල්ට් එකේ ඉඳන් අපේ හෝල්ට් එකට ටිකක් දුරයි අපේ ගේ ගාවටම බැලුවොත් කිලෝ මීටර භාගයක් විතර .දවසක් ෆුට් සයිකලෙන් පෝය දවසක ටවුමට ගිය ගමන නතර වුනේ බයිසකලෙ පැච් එකක්තු ගිහින් හදාගන්න වින්කලයකුත් නැතුව අතරමං වෙලා . යාලුවෙකුගෙ ගෙදරට බයිසිකලය දාල ආවා බස් එක නගින්න , හැබැයි අතේ තියෙන්නෙ රුපියල් 5යි (යාලුව ගෙදර හිටියෙත් නැ කීයක්වත් ඉල්ලගන්න ) ඇවිත් ලංගම බස් එකක අර කලින් හෝල්ට් එකට කියල සල්ලි දුන්නා . හැබැයි නෝ ටිකට් . මාත් ඉතින් හිටියා දෙන්නං ගේම කියල(මොකද ලංගම එකා ටිකට් දෙන්නෙ නැ කියන්නේ මඟදි ටික්කො පනින්නේ නැ , අනික පෝයට මොන ටික්කොද ) . නියමිත හෝල්ට් එකට ආවාම කොන්ද අහනව මල්ලි බහිනව නේද කියල . මම කිව්වා "නැ අය්යේ මම ඊලඟ එකෙන්ම බැහැගන්නම් කියල " , ඌ මොකුත් කිව්වෙ නැ . ටිකට් එකක් නොදුන්න නිසා බස් එකේ කාටවත්ම ඌට කියන්න දේකුත් නැ

    ReplyDelete
  2. සෙල්ලමටවත් හොරකම් කරන එක එච්චර හොඳ දෙයක් නෙමේ නේද ?\

    ReplyDelete
  3. කොන්දොස්තර අයියල මල්ලිල මට්ටු කරන්න හොදම විදිය උන්ට වැඩිය හයියෙන් අපි කෑගහනඑක. උපක්‍රමේ හරි.

    ReplyDelete
  4. අනේ අනේ... අපිත් ඔහොම තමා.හැබැයි ලං.ග.ම.ට නොදී ඉන්නෙ නෑ..

    ReplyDelete
  5. මට නම් ඉබ්බ ගිය කාලයක් මතක නෑ... :)

    ReplyDelete
  6. හැක් හැක්... අපරාදෙ මෙච්චර බැගාපත් උනේ.. බලන් ගියාම ඔක්කොම ඔලුනේ.. ඈක්කා.. :P

    ReplyDelete
  7. අපේ ගෙදතර එහා හෝල්ට් එකෙන් තමයි සෙක්ෂන් එක කැඩෙන්නේ. අපි උදේට එතනට යනවා. හවසට හරිගාන දීලා ගේ ලඟම හෝල්ට් එකට එනවා!

    ReplyDelete
  8. අන්න අදහන්ට වටින මිනිස්සු.. ;)

    ReplyDelete
  9. මල්ලි . . උඹ ඔය කියල තියෙන්නෙ ඉබ්බට යෑම ගැන නෙ . . . ඕකෙ තව ඇඩ්වාන්ස් ස්ටේජ් එකක් තියනව . . ."කැස්බෑව යෑම" කියල . . ඒ කියන්නෙ ඉබ්බට ගිහිල්ල කොන්දොස්තර මහත්තයගෙං ඉතුරු සල්ලිත් ඉල්ලං බහින එකට.
    මගෙ මිත්‍රයෙක් ඉන්නව කොළඹ ප්‍රයිවෙට් බැංකුවක සිරා පෝස්ට් එකක ඉන්න බුවෙක් . . . බුවා තාම යන්නෙ කැස්බෑවට . . .

    ප.ලි.
    // මේ වගේ බස් එක ඇතුලෙ උනු තවත් පට්ටා සිද්දි ගොඩාරියක් තියේ...//
    ජැක් ගහල චා වෙච්ච දාන්න එපා මල්ලි . . . වස නෝන්ඩියි

    ReplyDelete
    Replies
    1. හික් හික්.. මමත් ඔය කියන කැස්බෑවට දෙතුන් වතාවකුත්. පිළියන්දල තියෙන කැස්බෑවට ඉහේ කෙස්ගාණටත් ගිහින් ඇත්තෙමු..

      Delete
  10. ඕකෙ කියන්න තරම් වරදක් නෑ. ඉස්කෝලෙ යන කාලේ කවුරුත් ඉබ්බගේ අත්දැකීම ලබල තියෙනව‍නෙ...හැබැයි කැතයි හොදේ..!

    ReplyDelete
  11. :D ඉබ්බා කැස්බෑවා ප්‍රාදේසීය වචන සැට් එක අහුලා ගතා ඕන් ඔර්නයගෙන්...නොදැම්මට කැස්බෑව ගිහිනුත් තියේ.. හැබැයි හැමතිස්සෙම නෙවේ... අර දැන් 10 ටිකට් එක 9 කාලෙ නම් හොරෙන් යන වෙලේ ටිකට් ඉල්ලුවොත් කෑ ගහනව මගේ ඉතුරු රුපිඅයල දෙන්ට මං 10ක් ය දුන්නෙ කියලා.. :D

    ReplyDelete
  12. හප්පෝ මේ වගේ හොරෙක්...අපිටත් හොරකං උගන්නනවා !!!!!

    ReplyDelete
  13. හප්පෝ මේ වගේ හොරෙක්...අපිටත් හොරකං උගන්නනවා !!!!!

    ReplyDelete
  14. Replies
    1. අඅනිවාර්යයෙන්ම.. කඩොත කොල්ලෙක්.. :D

      Delete
  15. හික්ස්‍ය.මමනම් දෙක වස්‍රෙ ඉදන් හොරට ගියේ.ආයිත් කල්ල බලන්න ආසයි :) දැන් කරුමෙට 138 ඉන්න මාමලා අදුරනව ගිහින්ම බස් වල.උන්ට නයා පාට් දාන්න බෑ.:p

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...