Tuesday, October 11, 2011

යෙහෝවා ගේ පියාගේ නම ඉරක් වුනේ කොහොමද?

හැක් හැක්... ඕන් ආයෙත් ආවා... අපි ඉතින් අශ්ඨ ලෝක මෙව්වා එකෙන් කපා වෙන්නෙ නැති හින්ද හොදා... ඕන් අද හා හා පුරා කියලා පුන්පොහෝ දා බ්ලොගර් කෑල්ලට ඇඟිල්ල ගැහුවේ වැදගත් මෙව්වා එකක් ලියන්ට හිතාගෙන. මේ බ්ලොග් කෑල්ල වුනත් විවිධ ආගම් වල ඈයෝ කියවනව වෙන්ටෑ..

මං ඇබිත්තයා කලේ ඉදන් බාල්දි පෙරලන්ට හලි රුසියා. අපි බෞද්දයෝ උනාට මොකො එහෙම අන්තවාදි නොවී පල්ලියත් එක්ක වුනත් සබදකම් තිබ්බා... ඕන් මං කිරිසප්පයා කාලේ පල්ලියේ ෆාදර් උන්නැහේ ත් එක්ක මට කතාකරන්ට අවස්තාව ලැබුනා. අපේ පියත් එතන හිටියා. මං ඒවෙලාව අවස්තාවක් කොරගත්තා මගේ මෙව්වා එක පෙරලන්ට. :D මං ඉතින් ෆාදර් අන්කල්ගෙන් ඇහපු පළෑවෙනි ප්‍රශ්නෙ වුනේ, දෙවියන් වහන්සේ අපිව මැවුවනම් දෙවියන් වහන්සේ ව මැව්වෙ කවුදෑ* කියන එක... හැක් හැක්.. ඒ ප්‍රශ්නෙ පළවෙනි එක වගේම අන්තිම එකත් උනේ පියා මගේ අත කුනිත්තපු නිසා... ;) ඉතින් ඒ පෑදිලි වුන්නහෙත් ඔය වගේ ප්‍රශනවලට උත්තර දෙන්ට කට හදාගෙන ඉන්ටෑ. දෙවියන්වහන්සේ ව කාටවත් මවන්ටවත් නසන්ටවත් බෑ..  පුතාට මේවා තේරෙන්නෙ නෑ කියල මයේ ඔලුව අතගාල කතාව වෙන අහකට හැරෙව්වා... සමහරක් විට අපේ පිආයාට හිතෙන්ටෑ මං එහෙම අහපු ප්‍රශ්නෙන් ෆාදර්ට මල පනී කියලා.. හැක් හැක්... ඒ දවස් වල කිරිසප්පයා නිසා ඒ කියපු කාතාව හැබෑටම මට තේරුනෙත් නෑ. පස්සෙ ඔය 10 පංතියට එද්දි ශක්ති සංස්තිථි නියම ඉගන ගන්නවත් එක්ක ඔය දෙවියන් වහන්සේගේයි ශක්තියයි අතරේ සම්බන්දයක් මට හිතුනා. ඒගැන දවසක්දා මං කිව්වා නොවැ.

කොවුවා උනත් තාමත් ඒ ඒ ආගම් වල ඈයො කියන්නේ දෙවියන් වහන්සේව කවුරුත් මැව්වෙ නෑ කියලා... හ්ම්ම්ම්... කොටින්ම කියනවනම් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් නෑ කියලා... හෑ බොලේ මටනම් හිතා ගන්ට බෑ කොහොමද තමන්ගේ ආගමික නායකයට මෙහෙම අවජාතක බවක් අමුණන්නෙ කියලා.. හැක් හැක්.. පානදුරා වාදේ එක  තැනකදි මොහොට්ටි වත්තේ ගුනානන්ද හාමුදුරුවො පෙන්නලා දෙන විදියට යෙහෝවා කියන උන්නැහේට දෙවියන් යන පදය දාල තියෙන්නෙ කුප්ප කමට.  ඔයාවගේම කුප්ප කමට කල්කාටා පැත්තේ යෙහෝවාට ඊශ්වර කියලත් කියනවලු. එහෙම ගුනානන්ද හාමුදුරුවො කියද්දි මට මතක් වෙන්නෙ රොබට් නොක්ස්කාරයා කියපු කතාවක්. ඩයල් එක කියනවා දෙවියෝ, විව්‍යලෝකය කියන වචන ක්‍රිස්තියානින්ගෙන් ණයට ගත්තු වගේම යකා, අපාය කියන වචනනම් සිංහලයන්ගෙම එව්වය* කියලා.. එවුන්ගෙන් නයට ගත්තුවද නැත්නම් උන් අපෙන් උස්සපුවද කියලන ටික් හිතන්ට වෙයි වගේ.. ;)


දැන් එව්වා නෙවෙයි ඕනි. අපි මේ යන්නේ යෙහෝවාගේ ජාතකේ හොයාගෙනනෙහ්... ඒකට ප්‍රවේශය ගන්ට කලියෙන් ක්‍රිස්තුපූරව ගන්වල උන්නු දෙවිවරු ගැන ටික් බලා ඉදිමු. දැන් ග්‍රීක දෙවි වරු ගත්තොත් ඒ හැම කෙනෙක්ම ග්‍රීක පිරිමි විදියට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ.. එතකොට මිසර දෙවිවරු ගත්තත් එහෙම්මමයි. ඒ දෙවි වරුන්ගේ ගාවතිබුනෙ මිසර පිරිමි ඈයන්ගේ ඇඟේ තිබුනු කළුපාට. හැක් හැක්... ඔයවගේ තමයි ඉතින්... අස්පයන්ට දෙයියෙක් උන්නොත් එයා අස්ප හැඩේ ගන්නවා...  අහ්.. ටින් ටින් බල ල තියෙනම් ඔය වගේ සිද්දියක් තියෙනවා. අර යෙටී ඉන්න කතාවෙදි ඉස්නෝවි ටින් ටින්ගෙන් පනිවිඩයක් පංසලට අරන් දුවද්දි බිම වැටිලා තියෙන මස් කට්ටක් දකින්නෙහ්.. එතකොට දෙවි වරු දෙන්නෙක් එනව. නැහ්. දෙවියො එකයි යස්සයො එකයි. අන්න ඒ දෙන්නම බල්ලො දෙන්නෙක්ගේ හැඩේ ගත්තු දෙන්නෙක් නේද? :D දැන් ඇබිත්තක් බයිබලේ බල ඉදිමු. ඒකේ අර උප්පත්ති එක කියල තියෙන පිටුවෙ 27 කියල දාල මෙහෙම කියල තියෙනවා,
27 දෙවියන් වහන්සේ
තම ස්වරූපය අනුව
මිනිසා මැවූ සේක;...
ඔය කියන විදියට ඕකේ විලෝමයනම් යෙහෝවා ත් මනුශ්‍යරූපයක් ගත්තුකෙනෙක් වෙන්ට ඔනි.  හැක් හැක්... අහ් මයික්‍රොසොව්ට් මාමලා ඔපීස් පැකේජ් එකත් එක්ක එවපු  ක්ලිපීව මතකද? ඔවු ඔවු.. අර මෙලෝ වැඩක් කොරගන්ට දෙන්නෙ නැතුව මැද්දට පනින ෆයිල් කට්ට තමයි. අහ් ඇයි කාස්ට් අවේ (cast away) ෆිල්ම් එක බල තියෙනවනම් ඒකේ උන්න්ට් ටොම් අන්කල්, අර වොලි බෝලේ 'විල්සන්' කරේ... එච්චර ඕනි නෑ අනේ... ඔයාට ගෙදර ඇති කරන හුරතලේට ඇති කරන තිරිසන්සතෙක් ඇතුලෙන් මනු සතෙක් දකින්ට පුලුවන්නම් ඒකත් එක උදාහරනයක්. ඔය හැමතැනදිම උනේ මනුශත්වාරෝපණයක්.

ඉතින් මට අන්තිමට මෙච්චරයි යෙහොවාගෙ ජාතකේ ගැන කියන්ට තියෙන්නේ.  මයික්‍රෝසොෆ්ට් එකේ මාමලා  එයාලගේ විදියට 'ක්ලිපී' ව මැවුවා වගේ ඔය බයිබලේ ලියපු අය ඒ අයගේ විදියට දෙවියන්ව මැවුවා මිසක් දුවට බෑ නොවැ අම්මව වදන්ට.... ;)

ප.ව.
*සමහරක් විට දෙවියන් වහන්සේව මැව්වෙ කවුද කියල ඇහල බාල්දි පෙරලන එකින් ඒ ආගමට අපහාසයක් වෙන්ට ඉඩතියේ... එහෙම අපාහාසෙකට නෙවෙයි මං තුමා එහෙම කිව්වෙ. අනික ඒ කාලෙ දාවිත් ද සිල්වා පෑදිලි උන්නැහේට අපේ ගුනාන්ද හාමුදුරුවන්ට "මෙහෙ ඉදන් පින්දුනාම මැරුනු මිනිහ ඉන්න එහාට පිං යන්නෙ කොහොමද?" කියලා අහල කිණ්ඩි දාන්ට ඇහැකිනම් මං මෙහෙම කිණ්ඩියක් දැම්මාම මොකො ඉතින්. අහ් පස්සෙ අපේ  හාමුදුරුවො දෙහිගෙඩියක් අරන් කපලා ඒ කොටස් වලදන කොට අර පෑදිලි උන්නැහේගේ කටට කෙළ වුනපු විදියෙන් පෑදිලි කිණ්ඩියට උත්තර දුන්නලු. :) මේවගේ තර්ක විත්‍රක් ගොඩාක් පංචමහා වාච සැට් එකේ තියෙනවා. :) අපේ ගාමින්ද මලයණ්ඩිගේ බ්ලොග් එකෙන් එව්ව කියෝත හැකි. මාත් කියෙව්වෙ එතනින්.. :)

*රොබට් නොක්ස් කාරයා කිව්වාම හිත ප්‍රකම්පිත කොරගන්ට එපයි කියල දවසද්දා මං කිව්වෙ ඩයල් එක අපේ සිංහලයන්ට දාපු කිණ්ඩි නිසා. දේව, යක්ශ සීන් එක ත් එහෙමයි. අහ් ඔය කොටහ තියෙන්නෙ එදා හෙල දිවේ නීතියත් භාශාවත්, උගත්කමත් කියන 27 වෙනි පරිච්ඡේදෙ. මං ගාවතියෙන පොත 1972කේ ප්‍රින්ට් කරපු එක්. ඒකට අනුව නම් 305 පිටුව. හැක් හැක්.. ඔය සමහරක් චන්දෙ ගන්ට උජ වඩ වඩ කියන "ගොවියා මඩ සොදාගත් කළ රජකමටද සුදුසුයි" කියල තියෙන පාටෙත් රොබට් නොක්ස්ගෙම එක් නොවැ. විළි ලැජ්ජ නැතුව අපේ මහතැනුත් ඕය පාඨේ හැම තැනම කිය කිය ඇවිදිනවා හරි හැටි තේරුමක් නොදැන. ඇයි යකො මේකින් කියන්නෙ ලංකාවෙ රජකම ගන්ට දේශාපාලනය ගැන කිසිම දැනුමක් නැති ගොවියෙක්ට උනත් පුලුවන් කියන එක මුන්ට තේරෙන්නෙ නැත්තේ...?

ප.ප.ව.

අයෙම සැරයක් කියනව පොස්ටුව ලිව්වෙ ක්‍රිස්තියානින්ට අපහාසයක් කොරන්ට නෙවේ කියලා. මං මේක ලිව්වෙ එක් මනුශත්වාරෝපනය ගැන කියන්ට බලාපොරොත්තුවෙන්. අනික ඔය මිත්‍ය දෘශ්ටියෙ ඇලි ඇලී ඉන්න ඈයන්ට සම්මා දෘශ්ටියක් තියෙන විත්තියත් පෙන්නලා දෙන්ට.. :) නැත්නම් මෙහෙම ගියොත් ක්ලිපී කියයි මයික්‍රොසොෆ්ට් එක එයා මැවුවා කියලා.. නැද්ද?

34 comments:

  1. අඩෝ... හොද පොස්ට් 1ක්.
    (මේකේ Comment කරද්දි කුණුහරුප සෙට් 1ක් රෙඩි පිට තියාගන්න එපැයි ඔයි. හික්..... :D )

    ReplyDelete
  2. වර්ථමානයේ ප්‍රංශයේ 30%කට වැඩි පිරිසක් ඉන්නවාලු දෙවියන් හෝ බයිබලය විශ්වාස නොකරන , ඒකට මූලිකම හේතුව මැවුම් වාදය කියලයි කියන්නේ

    මැවුම් වාදයක් ගැවිලාවත් නැති දර්ශනයක අනුගාමිකයින්ය කියාගන්න "සිංහල බෞද්ධයින්" පූජා වට්ටි අරන් දේවාල ගානේ යනවා , පෙලක් උන් භාවනා කරල නාථ දෙය්යො මීට් වෙනවා

    ReplyDelete
  3. උඹ ප්‍රබුද්ද ඩයල් එකක් වෙලා නේ...

    ReplyDelete
  4. මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා
    කවුද යොහොවාගේ තාත්තව මැව්වේ. මාත් ඕක ඇහුවම මට ලැබුන උත්තරේ තමා ඒවා දේව රහස් කියන එක.

    ReplyDelete
  5. ඔව්වට උත්තර නෑ බොල... දේව කෝපයට ලක් නොවී හිටු හික් හික්

    ReplyDelete
  6. ජේසුස් ටත් තාත්තෙක් නැතිව ඉපදෙන්න පුළුවන් උන එකේ මොකද යෙහෝවට බැරි?
    අනික තාත්ත අම්ම නොදන්න උන් අද මේ ලෝකෙ කොච්චර කියල ඉන්නවද? එහෙව් එකේ මෙව්ව මොනාද මලේ!

    ReplyDelete
  7. අර මඩ සෝදා ගත් කේස් එකනං මල්ලි වෙනම සීන් එකක්..නෝක්ස් ලංකාවට එන කාලේ වෙනකොට උඩරට හිටිය හුග දෙනෙක් රාජ්‍යත්වයට නෑකම් කියුව කියලා කතාවක් තියෙනවා..ඒක සිද්ධ වෙලා තියෙන්නේ ඉතිං නීත්‍යානුකූලම ක්‍රමේටනං නෙවෙයි..ඒ කිව්වේ අද කාලේ වගේ... ඉස්සර සිරිතක් තිබිලා තියෙනවනෙ ප්‍රභූවරයෙක් තමන්ගේ පලාතට ආවම ඒ ගමේ ප්‍රධානියාගේ නිවසේ නවත්තගෙන සාත්තු සප්පායම් කරන ගමන් රාත්තිරි කාලේ සේවය සඳහා ගෙදර හිටිය මායියා හරි වැඩිවිය පත් වෙච්ච දෝණියැන්දා කෙනෙක් හරි පිළිගන්නන්ට..ඉතිං හැම තැනම ප්‍රභූ පැටවු කියලා කියනවා.. ඔය ප්‍රභූවරුන්ගේ ගෙවල්වල ඈයොත් වැඩි හරියක් රජතුමාට ඒ සේවයම කරපු අය නෙව..ඉතිං එහෙම බැළුවම ඔය කුඹුරක කොට කොට ඉන්න හාදයෙක්ව නාවලා ගත්තත් නෑදෑකං හොයා බැළුවම කොහෙන් හරි රජකමට උරුමයක් තිබුනා කියනවා..

    ReplyDelete
  8. හික් හික් . . . නාථ දෙයියංව කොන්සල්ට් කොලා නං . . . ටක්කෙටම අහගන්න තිබුනා

    ReplyDelete
  9. මේවට උත්තර හොයන්න බෑ මලේ....

    ReplyDelete
  10. සම්මා දෘශ්ටියක් වන්න පුලුවන්ද මැටි පිළිමයකට වැදලා

    ReplyDelete
  11. අනික් එව්ව නම් දන්නෙ නෑ මලේ... මඩ සොදාගත් කළ ගොවියා රජකමටද සුදුසුයි කියල තියෙන්නෙ ගොවියව අන්දන්න බන්... ඒ කාලෙත් මොකක් හරි ඡන්ද ක්‍රමයක් තියෙන්න ඇති... අඩුම තරමෙ ගමරාළ තෝරන්නවත්.. ;)

    ගුණානන්ද හාමුදුරුවන්ගෙන් නිවන තියෙන්නෙ කොහෙද කියල ඇහුවහම උඹලගෙ ස්වර්ගෙට ටිකක් උඩින් කියල කිව්ව කතාවකුත් තියෙනව නේද?...

    ReplyDelete
  12. මන් බුදු දහම ගැන දන්නේ නැති නිසා උබලාගෙනුත් ප්‍රශ්නයක් අහන්නද?.ඔය බර ගානක් කුසල් අරගෙන අරගෙන බුදු වෙන සිස්ටම් එක හැදුවේ කව්ද?.පව් කරන එක අකුසල් ලබාගෙන අර අමනුෂ්යො වෙන සිස්ටම් එක හැදුවේ කව්ද?.ඕවාටත් කාරණා ටිකක් හොයලා ලිපියක් ලියාපල්ලා..මේවට කලින් උත්තර තියෙ නම් එව්වට මට සොරි වෙන්න ඕන නොදැන හිටියට..අම්මපා හැබැයි ඔය බයිබලේ තියෙන කාරණා වලට වඩා වැඩියෙන් අතින් දේවල් දාල තියෙන කතාව නම් ඔන්න ඇත්ත.ඕක කොරලා තියෙන්නෙ රෝමයේ ඈයෝනේ.ඕකුන් හරි හැටි බයීබලෙ තේරුම් නොගෙන උන්ගෙ මිත්්යා දෙවි වරුන්වත් ක‍තෝලික ආගමට ගාගෙන නොවේ ඔය කතෝලික ආගම හදලා තියෙන්නේ.කෝකටත් උබලට ඕක ඇත්ත හොයා ගන්න නම්.විව්ර්ත මනසකින් බයිබලයක් හොයන් කියෝලා බලපල්ලා

    ReplyDelete
    Replies
    1. පාට කරපු වීදුරැවක් තියෙන කන්නාඩියකින් බැලුවොත් පෙනෙන දේ......... ඒ වගේ තමයි බුදු වෙන සිස්ටමි එක හදපු කෙනා හොයන එකත්. ඒක හින්ද ඔක පොඩිඩක් පැත්තකින් තියල මධ්‍යස්ථව කල්පනා කරල බැලුවොත් මොලේ තියන කෙනෙක්ට නමි තේරැමි ගන්න පුළුවන්. (ඔයා බුද්ධ ධර්මය දන්නෙ නැත්නමි ඇත්තටම දැන ගන්නත් ආසාවක් තියේ නමි බුදුන් වහන්සේ දේශනා කල සූත්ර ධර්මයන් කියවල බලන්න)

      Delete
    2. @jayakodi arachchilage don nuwan lankapriya:

      Same to bro!!!

      Delete
    3. tin tin eke inne dewi waru neme. ekek conscience anika guilty conscience. anika bible eka terum ganna puluwan yatahath pahath murdu guna athi ayata witharai. eeka oluwa udummawagattu udagu minisunta terumganna ba

      Delete
  13. එල කිරි පෝස්ට් එක

    ReplyDelete
  14. @නිකමා
    බර ගානක් කුසල් අරගෙන අරගෙන බුදූවෙන සිස්ටම් එකක් නැ.බෞද්ධ ආගම සහ බෞද්ධ දර්ශනය කියලා 2ක් තියෙනවා.බෞද්ධ දර්ශනය කියලා දෙන්න හදපු සිස්ටම් 1ක් තමයි බුද්ධාගම.බෞද්ධ වත්පිළිවෙත්, සාහිත්‍ය සහ බෞද්ධ සංස්කෘතිය අයත් වෙන්නේ බුද්ධාගම ට.ඔය පව් පිං අයිතිත් බුද්ධාගමටම තමයි.එකේ ඈත්තක් නැ කියන්නත් බැ.උබලාත් පව්-පිං පිළිගන්නවනේ.බුද්ධාගම හැදුවේ බෞද්ධ දර්ශනය අවබොධකර ගන්ඩ බැරි උන්ට.අවාසනාවකට අපි බෞද්ධ දර්ශනය පැත්තක තියලා බුද්ධාගම බදාගෙන. බුදූවෙන සිස්ටම් 1 දැනගන්න උබට බෞද්ධ දර්ශනය හදාරන්නම වෙනවා.

    ReplyDelete
  15. ඔය බර ගානක් කුසල් අරගෙන අරගෙන බුදු වෙන සිස්ටම් එක හැදුවේ කව්ද?.පව් කරන එක අකුසල් ලබාගෙන අර අමනුෂ්යො වෙන සිස්ටම් එක හැදුවේ කව්ද?

    --------
    එකම system එක ස්වභාව දර්මය, තරාදියක් තියෙන බර දෙයක් අයින් කරපුහම තරාදිය සැහැල්ලු වෙනවා කියන්න system එකක් ඕනි නෑ, ඒ වගේම හිතේ තියෙන කුණු කන්දල් ඉවත් උනාම හිත සැහැල්ලුවෙනවා, එක තම ලෝක ස්වභාවය

    ReplyDelete
  16. බුද්දාගමේ උනාට මම "අසල් වැසියාට " නං ප්‍රේම කරා

    ReplyDelete
  17. ඔන්න පෝස්ට් ! ඇත්තටම මේ පෝස්ට් 1 ක හොදයි ආගම ධර්මය පැත්තකින් තියපන් මං මේ කීවේ උඹ ලියපු විදිහ හොදයි කියලා මට හිතෙන විදිහට දැන් තමයි උඹේ නියම ට්‍රැක් එකට ඇවිත් තියෙන්නෙ පිස්සු මරගාත කියවගන්න බැරි විදිහට ලියනවට වඩා වඩා පැහැදිලිව මේ වගේ ලිපි පල කිරීම හොදයි , අඩු ගානෙ අපි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා.

    ReplyDelete
  18. කරුණූ මොනා උනත් , වෙනදට වඩා පැහැදිලි වෙනසක් තියේ ලිවිල්ලේ....

    ආගම් ගැන මතවාද ගැටළු ප්‍රශ්ණ ගොඩක් දෙනාගේ හිත ගැඹුරින් රිදවන දෙයක් දරුවෝ...

    ReplyDelete
  19. මන් හිතන විදිහට මේ වගේ ප්‍රස්න මතුවෙන්නේ ඒ වගේ කාරනා දිහා බලන ආකාරය නිසා....(පොදුවේ මේ වගේ ගැටලු ඕනම ආගමක ඇති වෙන්න පුලුවන්..මොකද හැම ආගමක්ම ගොඩ නැගෙන්නේ පාරභොතික සිද්දි මත..)අපට පාරභොතික දේ අපි දන්නා දේ ඇසුරින් විග්‍රහ කිරීමේදී ගැටලු මතු වෙනවා...උදාහරනයක් ලෙස යෙහොවාගේ උපත ගැන...අපේ චින්තනය අනුව පලයකට හේතුවක් තිබිය යුතුයි..නමුත් මේ වගේ දේවල් විග්‍රහ කරන්න එවැනි සOකල්ප හරියන්නේ නැහැ..එවැනිම අපහසු තාවකට සයන්ටිස්ට්ලා මුහුන දෙනවා විශ්වයේ උපත පැහැදිලි කිරිමේදී..එවිට සියලු භොතික නියම අසමත් වෙනවා මෙය පැහැදිලි කරන්න...ඒ නිසා මන් හිතන්නේ හොදම දේ අපට නොතේරෙන දේවල් කොතෙක් තියෙනවද යන්න තේරුම් ගෙන ජීවත් වීමයි....

    ReplyDelete
  20. @ඔක්කෝලාටම-- ඉස්තුතියි ගොඩක්... :)මේකෙ කරුණුවලට අමතර මෙව්ව එක්කාහු කොරාට.. :)

    @නිකමා-- හැක් හැක්.. සත්තු රැලක නායකයා වෙන්නෙ කවුද? ශක්තිවන්තයෙක් නේද? හැක් හැක්.. ඔව් එහෙම දුරවලයෙක් නායකයයො වුනාම ඒ රැල විනාස වෙනවා.. ඒකියන්නෙ උචිතයන් උන්නතිය වෙනවා.. :) පිං කිරීමෙන් ලබා ගන්න උචිත බවින් තමයි බුදු වෙන්නේ.. ඒ සිස්ටම් එකට තමයි සොභාවදර්මය කියන්නෙහ්...

    ප.ව. හුරේ මාර අන්කල් මයේ බ්ලොග් කෑල්ලට ඇවිත්... :D :D :D

    ReplyDelete
  21. @kc
    එතකොට උබ කියන ඔය බෞද්ධ සන්ස්කෘතිය සිස්ටම් එක හැදුනේ කොහොමද?.හැම එකාම බලන්නේ තමන් ඉපදුනු දා සිටන් පිළිගන්න ආගම හරි කියන්න තමා බොල.අතර මගදි වෙන එකක් සෙට් වුනාම ඒකත් පන දීගෙන රැකගන්න හදන උන් නැද්ද?.කොහොම උනත් මිනිස්සුන්ට හොයාගන්න බැරි වුන තේරුම් ගන්න බැරි වුන දේවල් මේ ලොකේ ඕන තරන් තියෙනවා.මේ පෝස්ට් එකෙන් කියවෙන්නෙත් එහෙම එකක් තමා.තමන් අදහන ආගම හරි කියලා අනිත් උන්ගෙ ආගමේ විශ්වාස කරන්න බැරි තැනක් අල්ලන් උඩ දාගෙන මෙහෙම කෑගහන එක හරි නෑ.අනික ක්‍රිස්තියානි ආගම කියන්නේ ලෝකේ විශාලතම දෙවන ආගම.ඒක එක එක විදියට අදහන උන් ඉන්නවා.

    @dfd
    එතකොට ලෝක ස්වභාවය ගත්තාම ආගමක් ඕන නෑනේ බන්?

    ReplyDelete
  22. @නිකමා
    තු.. නොදකින්.යකෝ තො සිංහලද?දෙයක් කියවන්න කලින් කබ ටික කඩන් ඉදහන්."අපේ ආගම හරිය,තොපේ ආගම වැරදිය" කියාලා මං කිව්වද බං.හැම ආගමකටම ගරු කරන්න කියලයි බුද්ධ දේශනාවෙ තියෙන්නේ.
    සංස්කෘතිය නිර්මාණය කරන්නේ මිනිස්සුනේ බං.බොලාට මෙව්වා කියන්නත් බයයි."අ..මනුස්සකමට කියාලා දෙන්න හැදුවාම අ.. මෙයා එනවා මේතන මට පාට් දාන්ඩ ඉහි.. ඉහි.."
    මං මොන අගමටවත් ගැරහුවෙ නැ.බොලා දෙවියන් නෙමේ යක්ෂයා ඇදහුවත් මට ලපංද ?????????

    ReplyDelete
  23. නිකමා-
    බෞද්ධ සංස්කෘතිය ඇති වුනේ බුදු රදුන් බුදු දහම දේශනා කරන්න ඇරඹූවායින් පසුව. එතන ඇති සිස්ටම් එකක් නෑ. KCගේ කමෙන්‍ටුවේ ඒ ගැන තියෙනවා. බෞද්ධ වත් පිළිවෙත්, සම්ප්‍රදායන්, පොත් පත් මේ හැම දෙයක්ම බෞද්ධ සංස්කෘතියට අයිතියි.

    ඔය ලෝකෙ මැව්වෙ කවුද? ආදී කරුණු ඇවිල්ලා හොයන්න ගියොත් කොහෙන්වත් කෙළවර වෙන්නෙ නැති දේවල්! ඒකනෙ මැවුම් වාදය, පරිණාම වාදය එහෙම කියන්නෙ. ඔය ඔක්කොම වාද විතරයි. කිසි දෙයක් 100% ඔප්පු වෙලා නෑ!

    ReplyDelete
  24. හෝව් හෝව් කස්ටිය.... අනේ මං මේ පෝස්ටුව ලිව්වේ මනුශත්වාරෝපණය ගැන කියන්ට... හපොයි හපොයි.. මේ මොකෑ මේ වෙනෙ.. මං කිව්වා නොවැ මෙවා එක ලියන්නෙ කිස්තියානි ආගමට නිගරු කොරන්ට හිතාගෙන නෙවෙයිය කියලා.... හැබෑ ඉතින් බඩ්ඩක් කියන්ට තියෙනව නිකම අයියියේ.... කිස්තියානි ආගමේ බවුන්ඩේසොම තමයි මැවීම් වාදය කියන්නෙහ්... :) කොවුව උනත් දැන් එව්වයෙන් වැඩක් නෑ. අහ් මුලම කියල තියෙන්නෙ අර බයිබලේ වෙන කොරපු කතාවක්...ඔය රෙපර මාදු ඈයොද කොහිද නේද ඒක වෙනස් කොරල තියෙන්නෙහ්? මං ගාව තියෙන බයිබලෙ නම් දුන්නෙ අර යට කියපු පෑදිලි උන්නැහේ...දාපේ පියා කිව්වෙ එයාල බැප්ටිස් කියලා... :)

    ReplyDelete
  25. බොල ඇගිල්ලො...
    මෙහෙම එකක් නැතුව අල්ලහ් අවජාතකයෙක් වුනේ කොහොමද කියල පෝස්ට් එකක් දැම්ම නම් බැහැගෙන දෙන්ට තිබ්බ... :)
    මට බයිබලේ බොරු ගැන කියන්ට දැනීමක් නෑ බං...
    දාපංකො අල්ලහ් ගැන...

    ReplyDelete
  26. @kc
    සොරි මචන් මාත් සින්හල තමා උබලා කස්ටියකට තනියෙන් මුහුන දෙන්න ඕන නිස පොඩ්ඩක් අවුල් ගියා..ඔව් ඔව් උබලාගෙ ආගම අපෙ ආගම කියලා එකක් නෑ.මොන ආගම වුනත් අපි අන්තිමට මැරෙන මිනිස්සු නොවැ.උබට ලපන් නැත්තන් මටත් ලපන් නෑ ඕන් :D

    @wisithuru
    මගේ මේකෙ පළවෙනි කොමෙන්ටුවෙන්ම කිව්වා මන් දැනන් නොසිටියා නම් සොරි වෙන්ඩ ඕනෑ කියලා..ඔව් උබ හරි මේවා හොයන්න මිනිස්සුන්ට පුළුවන්නම් අද සුළැගිල්ලා මෙහෙම එකක් ලියන එකක් නෑ

    @ඇගිලි සහො
    මන් අයියෙක් නම් නෙවෙ බොල මට තාම 19යි.:ඩි .ක්‍රිස්තියානි ආගම කියන්නේ කතෝලික ආගම නෙවේ බොල.ඕව තේරුම් කරන්න නම් මටත් පෝස්ට් එකක් ලියන්න වෙනවා.අනික ක්‍රිස්තියානි ආගමේ මැවීම් වාදයක් නෑ.ඒක හදාගත්තෙ උබලාම තමා.උබ ඔය කියන කන් මන් දැනන් හිටියෙ මෑවීම් වාදය තිබ්බේ කතෝලිකයන්ට

    දැන් බළාපියව් ලිව්වේ එකෙක් උබලාගෙ කොම්න්ටුවලට උත්තර දුන්නේ එකෙක්..

    ReplyDelete
  27. එහෙනම් නිකමා මට හද්දම අයියෙක්... හැක්.. ලිව්වෙ එකෙක් උනාටා උත්තර දෙන්නෙ තව එකෙක් නම් තමා.. හැක් හැක්.. ඒකට නොවැ කොමෙන්ට් කියන්නෙහ්... කොව්වා උනත් ඕන් අයෙම සැරය එහෙම උත්තර දිපු ඔකොන්ටම ඉස්තූතියි....

    ReplyDelete
  28. ඔය බයිබල් මංගල්ලෙන් වැඩක් නැහැ. .
    අපි බත්ටික හරි පිලිවලකට කන්නේ දෙමව්පියන් එය නිවැරදි ලෙස කියා දුන්නිසා එමනිසාවෙන් බුද්ධාගම යන වචනය ඉවත් කර බුද්ධ දර්ශනය අරහාඋපුටාගත් කරුනු බොහොමයක් විකෘර්ති කරලයි ලියලා තියෙන්නෙ අනිත් මුසල් මානුවනුත් එසේය නැතිම් බම්බුවක් ලියයි රේද්ද පොත් ගණන්.. එක ආත්මයක ඉපදිලා...:D

    ReplyDelete
  29. යෙහෝවා කියන්නේ ඇත්තම දෙවිටයි.මං එයා ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තා.මං මේක පබ්ලිෂ් කරන්නේ කාවවත් විවේචනය කරන්න නෙමෙයි.හැබැයි හැමෝම ඇත්ත දැනගන්නවාට ආස නිසයි.ඒ නිසා මේ වෙබ් සයිට් එකේ තියෙන ආර්ටිකල්ස් කියවලා බලන්න. www.jw.org/si (මේ සයිට් එක භාෂා 600කින් නියෙනවා.)

    ReplyDelete
  30. UN eken lagadima aagam okkoma winasa karanna yanawa.
    eeka liyala tiyenne bible eke. aagam okkoma winaasa wenawa balan iddima. mulu lokema.

    ReplyDelete

ප්‍රතිචාර වශයෙන් ඒන විවේචන විශේශයෙන් අගේ කරනවා. ඒහෙමෙයි කියල විවේචනම කරන්න එපා ඉතින්. ඔයාලට හිතෙන දේ දාල යන්නකෝ. [අහ් සිංහල කොටන්න නම් ඉතින් හිච්චි ඇඟිලාගේ සිංහල ටයිප් කොරන මෙවුව එක භාවිත කොරන්නත් දැන් පුලුවන් නොවැ]

@Anonymous මං ගොඩාක් කැමති විවේචන වලට. හැබැයි ඊටත් වඩා කැමති නාමිකව එන විවේචන වලට. තමන්ට මුල් නමක් හරි ආරුඬ නම්ක් හරි නැතත් තාත්ත කෙනෙක් ඉන්නවනම් අනිව එයාගෙ සර් නේම් එක හරි තියෙන්න එපැයි. :D :D :D අඩු ගානෙ ඒක හරි දාන්න.

Related Posts Plugin for WordPress, Blogger...